[FONT="]සමාජ සම්මතයන් විසින් බිලිගන්නා යෞවනයක අදෝනාව..!!
අරම්භයේදීම ඔබේ අවධානය නිරංජරා සරෝජනියගේ පහත ගීපද කෙරෙහි යොමු කරවමි...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔබ දැක ගැනීමේ[/FONT]
[FONT="]අරමුණ දිවා රැයේ..........[/FONT]
[FONT="]දෙ ඇසේ කැවේ කැවේ[/FONT]
[FONT="]වැළි ලෑ විලාසේ.......[/FONT]
[FONT="]සිය ප්‍රේමවන්තයා දැක ගැනීමේ ආසාව... රචකයා පෙන්නුම් කරණුයේ ඇස් වලට වැලියාමෙන් පසු ඇති වෙන කෙවන තත්වය[/FONT] [FONT="]යොදා ගනිමිනි... කොතරම් ප්‍රභල යෙදුමක්ද...? ආයෙත් ගීතයේ ඉතිරිපද ගැන සිත යොමන්නට උවමනා නැත.. උදාහරණයෙන් ඇයගේ ආශාව දෝරේ ගලා යන පරිද්දෙන් අපවෙත විද්‍යාමාන කර හමාරය... ගීතයක් වූ විට මෙම මූලික පදනම තිබිය යුතුමය.. එහෙත් ඇය ඒ අයුරින් සුන්දරව සිය පෙම්වතා දැකීමේ ආසාව කියද්දී.. නලීන් පෙරේරා මෙලෙස සිය ආදරවන්තිය ගැන ප්‍රකාශ කරනු ලබයි..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මගෙ හිතේ පිරී තිබෙන හැගුම් කෝටියයි...[/FONT]
[FONT="]මම තවම එයින් ඔබට කීවෙ භාගයයි....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔබම සිතන්න ගීත දෙකෙන් ජනප්‍රිය.. වැඩි පිරිසක් වැළගන්නේ.. ගුවන්විදුලියෙන් අප වැඩිපුරම අසා ඇත්තේ කුමන ගීතයද කියා.. මේ ලාංකීය සංගීත කලාවේ වර්තමාන දිශානතියයි.. ඒ ගැන සංවාදය ඔබටම පවරමි...
[/FONT]
[FONT="]දැන් අපි පියමං කරමු ගීතයට.. මේ ගීතය ගැන කතා කිරීමේදී මා මුළින් පෙන්වූ පරිදි උපමා, රූපක එක්කර ගනිමින් ඉතාමත් සාර්ථක සුන්දර නිර්මාණයක් බිහිවී ඇත.. මේ ගීතයේ විශේෂත්වයක් ඇත.. එනම් ඔහු අපට ඔහුගේ ප්‍රශ්ණය ගෙනහැර දක්වයි.. නමුත් ඒ ඔස්සේ හිතන අයෙකුට සිතිය හැකි මානයන් සියගණනකි.. මා එයින් වැදගත් කරුණි කිහිපයක් ඔබට පෙන්වා දීම මෙම විචාරයේ මූලික අරමුණයි...
[/FONT]
[FONT="]මා මෙම ගීතය හදුන්වන්නේ මෙන්න මේ ආකාරයෙණි..[/FONT]
[FONT="]අහනවනම් මෙන්න ගීත...[/FONT]
[FONT="]කියවනවා නම් මෙන්න පද ගැලපීම්...[/FONT]
[FONT="]විදිනවානම් මෙන්න සංගීතයන්....[/FONT]
[FONT="]අඩුම තරමින් ඔබ මේ ගීතයේ මුල් සංගීත ඛණ්ඩයවත් අසන්න.. කොතරම් මිහිරිද..[/FONT]? [FONT="]කොතරම්[/FONT] [FONT="]තාත්විකද..[/FONT]? [FONT="]කොතරම් උචිතද..[/FONT]? [FONT="]
ගීයක් අවැසි නැත සංගීතය පමණක් උවද ඕනෑතරම්[/FONT] [FONT="]වේලාවක් අසාසිටිය හැක.. පලමුව රසවිදින්න මෙන්න ගීතය...
[/FONT]
මෙතනින් ගිහින් අහල MP3 බලන්න..
[FONT="]සංගීතයේ ඇති සුන්දරත්වයත්, කටහඩේ ඇති ලෙංගතු ස්වභාවයත්, එක පරයා එක නැගෙන පද මාලාවේත් සුන්දරත්වය ඔබ වින්දාට සැක නැත.. සොයා බලමු අපි මේ කතාව..
[/FONT]
[FONT="]මෙය වර්තමානයට වඩා ප්‍රභලව අතීතයේ පැවති සමාජ ගැටළුවකි.. කාන්තාවක් දීගදීමේදී දෑවැද්දක් ලබා දීම වර්ථමානයේ පව දක්නට ලැබුනු නමුදු.. අතීතයේ කාන්තාවකගේ විවාහය තීරණය කල ප්‍රභලම සාධකය වූයේ මේ දෑවැද්දයි... දුප්පත් පවුලකි.. දෑවැද්දක් දීමට තරම් ඔවුන්ට ශක්තියක් නොමැත.. ඉතින් ඒ නිසාවෙන්ම සිය බාල නැගනියගේ වයස ගෙදරටම ගෙවේ...? අයියණ්ඩිය මේ පිළිබදව ලතැවුල්ලකින් සිටිනු පෙනේ.. ගමේ නෙමෙයි මේ රටේවත් ඔය කියන විදියේ දෑවැදි එපා කියන වෙස්සන්තරලා නෑ යන්න ඔහු නෝක්කාඩු ස්වරූපයෙන් කියනු ලබයි.. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති[/FONT]
[FONT="]ගෙදරට බර වුණු බාල නගේ[/FONT]
[FONT="]නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ[/FONT]
[FONT="]රටෙත් කෙනෙක් නැහැ බාල නගේ[/FONT] //
[FONT="]පද ගැන විමසිල්ලෙන් බැලීමෙහිදී... මේ ඔහුගේ නැගෙනියයි.. ඒත් මේ නිකම්ම නිකම් නැගෙණිය නොවේ බාල නැගෙනියයි.. එසේ නම් ලොකු නැගෙණිය කෝ....? මේ ගීතයේ පළමු ප්‍රශ්ණය එයයි..!!![/FONT]
[FONT="]විරහ අපලයක් නැගනියට තිබේ.. ඒ අපලයද එසේ මෙසේ අපලයක් නොවේ විරසකවූ අපලයකි.. ඒ නිසාවෙන් අපලය ඇයට දඩුවම් දෙනවා මිසක ඈ හා හිතවත් වන්නේ නැත. එනිසා ඇයගේ ඉරණම්කරු ඇයට ලබා ගැනීමට අවස්ථාවක් ඇයට නොලැබේ.. ඇය වියපත් වෙමින් පවතී.. ඇයගේ තාරුණ්‍යය ගෙදරටම කුස්සියටම දියවෙමින් පවතී....[/FONT]
[FONT="]විරසක වීලා විරහ අපලයෙන්[/FONT]
[FONT="]නුඹෙ ඉරණම නුඹ ලඟට නොයේ[/FONT]
[FONT="]නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි[/FONT]
[FONT="]ලිප මුල්ලේ යෞවනය ගෙවේ[/FONT]
[FONT="]අයියා කෙනෙකු නංගිලා දීග දෙනතෙක් විවාහ නොවීම අදටත් දක්ණට ලැබෙන චාරිත්රයකි.. මේ පොඩි නැගෙනියත් මෙසේ වියපත් වෙයිනම් මේ කතාව අපට පවසන අයියණ්ඩියගේ ජීවිතය මීටත් වඩා දුක්බරද..? මෙය මා වෙත ඇතිවූ දෙවන ප්‍රශ්ණයයි..!!
[/FONT]
[FONT="]තරුණියක කණකර රනින් බබලවා හැඩ වැඩ බැලීමට මනාපය.. එහෙත් ඇයට ඒ පින නොමැත.. දෑවැද්දක් දෙන්නටවත් වත්කමක් නැති ඇගේ පවුලෙන් ඇයට කෙසේනම් කරබදින රත්තරන් මාල ලබා දෙන්නද..? එසේ තිබුනත් අවිවාහක ඇයට ඉන් කිනම් පලයක්ද..? ඇය දැන් පෝදිනට නවගුණවැල පලදී... පෙනෙනා ලෙසට අයියණ්ඩියට සිය බාල නැගෙණිය කෙරෙහි.. ඇතිවී ඇත්තේ සාතිශය සංවේගයකි.. ඉතින් නැගෙණියගේ හිත රැවටීමට ඔහු නැගෙනියගේ සිත සනසනු වස් මෙසේ කියයි... [/FONT][FONT="]දීගෙක ගියදා නුඹට දැනේවී තනිකඩකම කොච්චරද අගේ....[/FONT]
[FONT="]රන්දම් පැලඳිය යුතු ගෙල වටකර[/FONT]
[FONT="]නවගුණ වැල පෝ දිනට බැඳේ[/FONT]
[FONT="]දීගෙක ගියදා නුඹට දැනේවී[/FONT]
[FONT="]තනිකඩකම කොච්චරද අගේ[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අයියණ්ඩිය විවාහකනම් ඔහුට එවැනි අවවාදයක් ලබා දිය හැක.. එසේ නම් නැගෙනිය සිටියදී ඔහු විවාහ වූයේ ඇයි.. එසේ සිදු වුනිනම් ඇය ගෙදරට බරක් වීමට ඔහුත් වගකිව යුතුද..? [/FONT]
[FONT="]එසේ නොමැතිව ඔහු තනිකඩනම් , සිය නැගෙණිය දුක්වීම වැලැක්වීමට කියන කතාවක්ද..? එසේ නම් නැගෙණිය සනසවන්නේ ඔහු කොතරම් නම් හිත යටින් පසුතැවෙමින්ද..?
[/FONT]
[FONT="]මේ ගීතයේ ස්භාවය මෙයයි.. කනට ඇහෙන පමණින් අසා සිටියහොත් ලස්සනයි සුන්දරයි... ඒත් රසවින්දනය කලේනම් මේ ගීතය අපට ප්‍රශ්ණ රාශියක් ගෙනහැර දක්වනු ලැබේ.. එයද එක් පැත්තකින් බැලූකල පුදුම සුන්දරත්වයකි.. මා දුටු ප්‍රශ්ණවලට අමතරව ඔබටද ප්‍රශ්ණ ඇතිවිය හැක.. එය විය යුතු දෙයකි.. සමහර විට ඔබට මේ ප්‍රශ්ණවලට පිළිතුරුත් ඇත.. නමුත් මේ ගීතයේ මට නම් ප්‍රශ්ණවලට පිළිතුරු සොයා ගත නොහැක.. ඒ රචකයාගේ අඩුපාඩුවක් නොව.. පිළිතුරු දුන්නෙහිනම් මෙම ගීතය අතීතයේ රාමුවකට කොටුවේ.. පිළිතුරු නොදීමෙන් ගීතය සදාතනික වී ඇත.. ඒ නිසාවෙන් තවත් වසර 100කින් පසුව උවද මෙලෙසින්ම මේ ගීතය ඔබේ මුණුපුරකු ඒ කාලයට ගැලපෙන ලෙස සිතමින් රසවිදිනු නොඅනුමානය...[/FONT]