හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
යාලු ඔබව මිනි පෙර දෑක නොමෑත.. ඔබව සාදරයෙන් පිලිගන්නව.. ඉදිරියටත් මෙවෑනි නිදාන කතා හා විචාර බාලාපොරොත්තුවෙනව



ඔබ මෝටර් රථ වලට සිත ඇති පුද්ගලයෙකු නම් මාව හොදින් හදුනනවාට සැක නැත... :rofl:
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මේ හුයට පැමිණෙන සෑම මොහොතකදිම බම්ප් එකක්වත් දමා යන් හිතාදර සහෘදයිනි, තොප සියළු ම දෙනාට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පිරි නමමි.

    මම එතරම් ගීත ගැන නොලියන එකට සමාව දෙනු මැනවි. මේ දිනවල අම්බානක්, කංබානක් සහ දත්බානක් වැඩය...........:dull::dull::dull::dull::dull: එපා වෙනවාය.......!!!!!!:dull::dull::(:angry:

    පුළුවන් සියළු මොහොතේ දීම ඔබේ ප්‍රසාද සංවේගය පිනිස යමක් එක් කරන්නෙමි.......
    නැවතත්, සහෘදයින්, පින්............!!!!!
    වැඩි පින මට.....:cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ මෝටර් රථ වලට සිත ඇති පුද්ගලයෙකු නම් මාව හොදින් හදුනනවාට සැක නැත... :rofl:
    තරියා සමග වාහන බලන්න යන ගමනේ දී ඌ දුස්ශ්‍රාවීතාවය ඉතාම අධික තෛලෝදකයක් උඹට මේ හුය ගැන දී ඇති බව මට සිතේ............!!!!!:cool::cool:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    නිහඩ ආදරයක විරහවක් නොවූ දුක්මුසු වදන් පෙල...

    බොහොම ලෙන්ගතු අහින්සක හිතක් ලග කිසිම දෙයක් නැතුව ලොකෙටම හොරෙන් ආදරෙ එක්ක විතරක් තනිවෙන්නට ඇත්නම්....


    කලබලකාරී ජීවිතයේ ආදරේ කරන කෙනෙකුට නම් මේ ගීතය 100% රස විදින්න / අත් දකින්න පුලුවන් හැකියාව ගැන මට නම් සැකයි. මම වෙලාවකට මගේ අතීතයේ සමහර තැන් වලට සාප කරන හෙතුවක් තියෙනව.මගේ පාසල් ජිවිතය තුල ගෑනුලමයෙකුගෙන් ආදරය ලබන්න මම වාසනාවන්ත උනේ නැහැ. එක ඇත්තටම මට තිබිච්ච නුවමනාව කිව්වොත් වඩාත් නිවැරදී. :baffled::baffled: (නරිය කඩන්න බැරි මිදි තිත්තයි කිව්වලු:P )කිව්වට පිලිගනීද දන්නේ නැහැ ඉස්සර මම ඉස්කෝලේ ඉවර වෙල 2.30 වෙනකොට ගෙදර ආපු එකෙක්.ඉතින් මොන ලව් ද?:rolleyes:


    මම එක්ක ඔගොල්ලො එකග වෙයි ද දන්නේ නැහැ.මට නම් හිතෙන්නේ මෙ ගීතය නව යොවුන් වියේ ඇතිවෙන ප්‍රෙමය හොදින් ආමන්ත්‍රනය කරන ගීතයක්. මතක ඇතිනේ කෙල්ලන්ට හිතින් ලව් කරපු කාලේ. සමහර විට අපේ හිතට පොඩී සැකයක් එනවා මෙකිත් මට ලව් ද දන්නේ නැහැ කියලා.එහෙම උනු දාට ඉතින් ගෙදර ගිහින් මනෝ ලෝක වල ප්‍රෙම චාරිකා... මම වැරදිනම් නිවැරදි කරන්න :sorry: පාසල් ජීවිතේ උසස් පෙල කාලේ නම් මේ ගීතය රස විදින්න කියාපු අවදිය.අන්න එකයි මම කිව්වේ මම මගේ ජීවිතේ අතීතයේ සමහර තැන් වලට සාප කරනවා කියලා. එහෙම කිව්ව කියලා එ අවදිය පහුකරපු අහට මේක රස විදීමේ කිසිම තහනමක් නැහැ.


    ඇත්තටම මේ ගීතයෙන් කියවෙන්නේ කාටවත් කියාගන්න බැරි අවදියක ගොඩ නැගෙන ප්‍රෙමයක නොයිදුල් ආසවන් ගැන. නව යොවුන් විය කියන්නේ අපේ හැගීම් උද්වීපනය වෙන සහ අප වටා ඇති තහන්චි වැඩි කාලයක්. ගෑණු ලමයින්ටනම් මේක තදින්ම බලපානවා. ඉතින් එවන් අවදියක තමුන්ගේ හිතටත් හොරා ගොඩ නැගෙන ප්‍රෙමය බොහොම පරිස්සමට කාටවත් අහුවෙන්න නොදී පරිස්සම් කරන ප්‍රේම වන්තයින්, වන්තියන් කොච්චර නම් ඉන්නවද.මේ කාලේ ප්‍රේමය ටිකක් බොලද උනාට පිවිතුරුයි.
    . පස්සේ කාලෙක එ දෙවල් ටිකක් බොලදයි කියලා හිතුනත් එ බොලදකමේ අත්දැකීම , සුන්දරත්වය පසුකාලීනව කට කොනට හිනාවක් අරගෙන විදින්න තරම් සමහරු ගොඩක් වාසනාවන්තයි..

    කලබල කාරී නොවූ වටපිටාවක ඉදන් පොඩ්ඩක් අතීතයට යන්න මේ සින්දුවත් එක්ක. සුන්දර මතකයන් හබා ඒවී ඔබ පසුපස..;)




    රහසේ හඬනා අප හැගුම්....







    රහසේ හඬනා අප හැගුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ළා සදු පායනා රැයේ..
    දිලි සේ තරු සේ..
    තනි වි තැවෙනා පෙම් සුසුම්...


    හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳි එදා
    මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
    ආදරේ රස මියුරු වේදනා...


    රහසේ හඬනා...


    සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලි
    ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳි
    ආදරයේ රස මියුරු වේදනා...


    බොහෝම සුන්දර තනු නිර්මානයක් හා වදන් පෙලකට හිම්කම් කියන මේ ගීතයේ ගායකයා අපි කවුරුත් හොදි හදුනන කැලරන්ස් විජේවර්දන මහතා... මට නම් ඉතින් මෙයගේ ගීත වලින් තොර කොවක් නැහැ.... එ තරමට මම මෙතුමගේ ගීත රසිකයෙක්





    3250847066_8bd4541663.jpg



     

    kassa144

    Member
    Dec 11, 2008
    120
    10
    0
    මචන්ල පොඩි ප්‍රශ්නයක් තියෙනව
    අඹයාළුවො ටෙලිනට්‍යයේ "කටු අකුලේ" කියන ගීතයේ
    කටු අකුලේ මල් "ඇහැරේ ද " නැත්නම් "මල් ඇහැලේද "???:confused::confused::confused::confused::confused:
    දන්න එකෙක් කියපල්ලකො ලොකු උදව්වක්
    :yes::yes::yes::yes::):):):)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,862
    113
    නිහඩ ආදරයක විරහවක් නොවූ දුක්මුසු වදන් පෙල...

    බොහොම ලෙන්ගතු අහින්සක හිතක් ලග කිසිම දෙයක් නැතුව ලොකෙටම හොරෙන් ආදරෙ එක්ක විතරක් තනිවෙන්නට ඇත්නම්....

    මතක ඇතිනේ කෙල්ලන්ට හිතින් ලව් කරපු කාලේ. සමහර විට අපේ හිතට පොඩී සැකයක් එනවා මෙකිත් මට ලව් ද දන්නේ නැහැ කියලා.එහෙම උනු දාට ඉතින් ගෙදර ගිහින් මනෝ ලෝක වල ප්‍රෙම චාරිකා... මම වැරදිනම් නිවැරදි කරන්න :sorry: පාසල් ජීවිතේ උසස් පෙල කාලේ නම් මේ ගීතය රස විදින්න කියාපු අවදිය.අන්න එකයි මම කිව්වේ මම මගේ ජීවිතේ අතීතයේ සමහර තැන් වලට සාප කරනවා කියලා. එහෙම කිව්ව කියලා එ අවදිය පහුකරපු අහට මේක රස විදීමේ කිසිම තහනමක් නැහැ.




    :cool::love:
    11.gif
    11.gif
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔබ දැක ගැනීමේ
    අරමුණ දිවා රැයේ..........
    දෙ ඇසේ කැවේ කැවේ
    වැළි ලෑ විලාසේ.......

    niyama sinduwa saslito endenawa ban :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කලබල කාරී නොවූ වටපිටාවක ඉදන් පොඩ්ඩක් අතීතයට යන්න මේ සින්දුවත් එක්ක. සුන්දර මතකයන් හබා ඒවී ඔබ පසුපස..

    :baffled::baffled::shocked: try korala balannada ? :P
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    590
    113
    අනේ මන්දා...!!!

    [FONT=&quot]දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති[/FONT]
    [FONT=&quot]ගෙදරට බර වුණු බාල නගේ[/FONT]

    [FONT=&quot]නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ[/FONT]

    [FONT=&quot]රටෙත් කෙනෙක් නැහැ බාල නගේ[/FONT]
    //



    [FONT=&quot]විරසක වීලා විරහ අපලයෙන්[/FONT]
    [FONT=&quot]නුඹෙ ඉරණම නුඹ ලඟට නොයේ[/FONT]

    [FONT=&quot]නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි[/FONT]

    [FONT=&quot]ලිප මුල්ලේ යෞවනය ගෙවේ[/FONT]






    [FONT=&quot]රන්දම් පැලඳිය යුතු ගෙල වටකර[/FONT]

    [FONT=&quot]නවගුණ වැල පෝ දිනට බැඳේ[/FONT]

    [FONT=&quot]දීගෙක ගියදා නුඹට දැනේවී[/FONT]

    [FONT=&quot]තනිකඩකම කොච්චරද අගේ[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    සස්ලිට් සහෝදරයාගේ තවත් සොඳුරු විමසුමක්.! :D:cool::yes:

    ඒ ගැන අගය කරන අතරතුරම මේ ගීතය ගැනම මගේ අදහස් කීපයක් ද පල කිරීම ගැන එතුමා උරණ නොවනු ඇති සිතමි!:P:D:yes:

    මෙහි පලවන කොටස ඉතා ප්‍රබල ලෙස එනමුත් උපායශීලීව ලාංකීය සංස්කෘතිය සමාජ ස්ථරයන් සහ සිරිත් විරිත් හි කිසියම් අයුතු ස්වභාවයක් සංවාදයට ලක් කරණ බව මගේ හැඟීමයි.!:shocked::confused::yes:
    "
    [FONT=&quot]දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
    [/FONT]
    [FONT=&quot] ගෙදරට බර වුණු බාල නගේ[/FONT]"
    විවාහයකදී දායාද වලට දී ඇති යම් පමණක අයුතු ප්‍රමුඛත්වය මින් ගම්‍ය වේ. කිසියම් දුක්ඛිත ස්වරයකින් මේ සහෝදරයා පවසන්නේ දරිද්‍රතාවය නිසා විශාල දෑවැද්දක් සමඟ සහෝදරිය දීග දීමට නොහැකි බවයි. ඔවුන් පොහොසතුන් වුවා නම් එවන් ගැටළුවක් නොමැති බවත් ඉන් ඔහු පවසයි! :yes:
    පද දෙකකින් සමාජයේ දායාද සිරිත දුප්පත් පොහොසත් සමාජ ස්ථර දෙකට දෙආකාරයකින් බලපා ඇති සැටි විශිෂ්ට ලෙස ඉදිරිපත් කර ඇති අයුරු බලන්න.!:confused::rolleyes::D:yes:

    මෙහි අන්තරා කොටස් දෙක විවාහ ජීවිතයේ හොඳ සහ නරක වෙන වෙනම දක්වන කොටස් දෙකකි.!
    "
    [FONT=&quot]විරසක වීලා විරහ අපලයෙන්[/FONT]
    [FONT=&quot]නුඹෙ ඉරණම නුඹ ලඟට නොයේ[/FONT]

    [FONT=&quot]නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි[/FONT]

    [FONT=&quot]ලිප මුල්ලේ යෞවනය ගෙවේ[/FONT]
    "
    මින් ජීවිතයක් සම්පුර්ණ කිරීමට
    විවාහය අවශ්‍ය බවත් යොවුන් කල ලැබිය යුතු යුගදිවියේ සතුට අයට අහිමි වී ඇති බවත් එනිසා ඇගේ ජීවිතයට උදා වීඇති දොම්නස් සහගත ස්වභාවයත් මනා කොට පවසා ඇත.:love::(


    "
    [FONT=&quot]රන්දම් පැලඳිය යුතු ගෙල වටකර[/FONT]
    [FONT=&quot]නවගුණ වැල පෝ දිනට බැඳේ[/FONT]

    [FONT=&quot]දීගෙක ගියදා නුඹට දැනේවී[/FONT]

    [FONT=&quot]තනිකඩකම කොච්චරද අගේ[/FONT]
    "
    මෙයින් සංසාරය කෙටි කර ගැනීම සඳහා විවාහ බන්ධනයේ ඇති බාධාව ඉස්මතු කොට පෙන්වන අයුරු ප්‍රශංසනීය බව නොකියාම බැරිය.!:love::cool:

    ඉදින් ගීතයේ ඉතිරි කොටස් ගැන සස්ලිට් සහෝදරයා පැහැදිලි කර ඇති නිසා මේ ගැන මට දැනුනු මේ අදහස් පමණක් මෙහි කටුගා තබමි.! :D

    ප.ලි.
    මා ගීත විචාරය ගැන අපේ ප්‍රවීණ සහෝදරයන් දන්නා දෙයින් 1% ක් වත් නොදන්නා බැවින් මෙහි අඩු පාඩු ගැන සමාව දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. :sorry::yes:


     
    Last edited:
    • Like
    Reactions: gayankuwait