හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
[FONT=&quot]
ආවාට තිබුණත් නිසසල සඳ මත[/FONT]

සිරාවටම මේ කතාව ඇත්තක්ය. මේ ගීය පළමු වතාවේදි අහන විටදී මුල් පද පේළි 4 මාද ආසාවෙන් රසවින්දෙමි. ඔබ කියූ පරිදි ඉන් අනතුරුව දැන් ඉන්නා 2යි පනහේ ගායකයින්ගේ සිංදු කියා ඔවුන් කියාගන්නා රචනාවක් වැනිය. කෙසේ නමුත් කිවයුතු දේ කෙටියෙන්ම, සරළවම කියනවානම් ෂෝට් ඇන්ඩ් ස්වීට් කියා ඇත.

100%ක්ම ඔබ හා එකග වෙමි. මෙවන් ගීත විචාර රැසක් ලීවීමට ශක්තිය ලාබේවා සැසියෝ.... බොක්කෙන්ම සුභ පැතුම්!!!
 
Last edited:
  • Like
Reactions: sasliit

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    [FONT=&quot]උත්ප්‍රාසය, දේශපාලකයන් හට සදාකල්හි මැ, සෑම පොලොවක් මත මැ ගසන කණේ පහර........................[/FONT]

    [FONT=&quot]ඇත්තෙන් ම සකියනි, මාර සැපයි නේද මෙපුර විසුම දැන්.............................!!!!!!!!!!!!!!!!!!![/FONT]

    [FONT=&quot]ඇත්තෙන් ම දේශපාලන සන්දර්භයක් ඇතුලත් මේ ගීතය, බ්‍රෙෂ්ක්ට් කිව්වා සේ ම, දේශපාලනයෙන් සහ මනුෂ්‍යත්වයෙන් වෙන් කරනු නොලද්දක් නිසා ම, සර්ව භෞමිකය. සර්ව කාලීනය. එය සදාකාලිකව මේ රට ද, පාලිත ජනයා ද පෙළන පාලක-ඝාතක ජඩ දේශපාලකයන්ව උපහාසයෙන් හෙළා දකින, ජන මනස ඒ පාහර දේශපාලනයට විදරුද්ධ ව රාශී භූත කරන ද නිර්මාණයක් වේ.[/FONT]

    :angry::angry: කතා කර වැඩක් නැත..... ආසියාවේ ආස්චර්ය අත ලගම බව පෙනේ........!! :baffled: :dull: ඉදින් අපි ගොලුවන් සේ බලා හිදිමු ඒ ආස්චර්ය අපිට කෙසේ වෙතත්, උන් ලබනා, විදිනා, අපූරුව.........!! :( :( :angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]උත්ප්‍රාසය, දේශපාලකයන් හට සදාකල්හි මැ, සෑම පොලොවක් මත මැ ගසන කණේ පහර........................[/FONT]

    [FONT=&quot]කේතුමතියේ ගීතය......................[/FONT]
    වැටත් නියරත් ගොයම් කා නම්...
    කාට පවසමි ඒ අමාරුව...
    :(:(:(
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    [FONT=&quot]උත්ප්‍රාසය, දේශපාලකයන් හට සදාකල්හි මැ, සෑම පොලොවක් මත මැ ගසන කණේ පහර........................[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot]වේ.[/FONT]

    machan kbu mewa machan pathtarawalatath yawapalla machan aththatama godak hodayi:):)
    11.gif
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    590
    113
    අනේ මන්දා...!!!
    [FONT=&quot]උත්ප්‍රාසය, දේශපාලකයන් හට සදාකල්හි මැ, සෑම පොලොවක් මත මැ ගසන කණේ පහර........................[/FONT]

    [FONT=&quot]කේතුමතියේ ගීතය......................[/FONT]

    විශිෂ්ට විචාරය ගැන දතාට ස්තුති කරමින් මෙය පවසමි.!:love::yes::D

    මෙම ගීතය රචනා කිරීමට එවක පැවති දේශපාලන වටපිටාව හේතුභූත වුවත් ("
    [FONT=&quot]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]") ඉන් මෙතරම් කලක් ගතවීත් මේ ගීතය දැනුදු වලංගු වන අයුරු දැක මහැදුරුතුමන් තනියම සිනාසෙනයුරු මට මැවී පෙනේ.!:yes::D:lol:
     
    • Like
    Reactions: WICKILEAKS

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    [FONT=&quot]උත්ප්‍රාසය, දේශපාලකයන් හට සදාකල්හි මැ, සෑම පොලොවක් මත මැ ගසන කණේ පහර........................[/FONT]

    [FONT=&quot]කේතුමතියේ ගීතය......................[/FONT]

    niyamai :D mama portable eka aran langadima enooo..mata hondama selection ekak dala diyankoooo :sorry:
     
    kingdewi

    Well-known member
  • රට කරවන්නට නම් - රට කරවන්නට නම්
    මසුරන් ඇතිව කැටේ
    වටිනා කියනදේ
    විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත්
    අප හැම මකර කටේ.

    දළදා මැදුර
    අධිකව මිළ කල හැකිය
    සිරිමා බෝධියේ
    ලන්සුව පැහැදිලිය
    කළු ගල්වලට
    විකුණාගෙන සීගිරිය
    සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය

    රට කරවන්නට නම් - රට කරවන්නට නම්
    මසුරන් ඇතිව කැටේ
    වටිනා කියනදේ
    විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත්
    අප හැම මකර කටේ.

    හෝරටන් තැන්න
    දී ක්‍රීඩා පිටියකට
    පවරා සිංහරාජය
    ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා
    ජල විදුලියට
    සමනල කන්ද බදු දෙමු
    හෝටලයකට

    රට කරවන්නට නම් - රට කරවන්නට නම්
    මසුරන් ඇතිව කැටේ
    වටිනා කියනදේ
    විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත්
    අප හැම මකර කටේ....

    විශාරද නන්දා මාළණියන්ගේ මධුරස්වරයෙන් ගැයෙන මේ ගීතය ගැන මොකද හිතෙන්නේ..
    අදටත් එදාටත් වැඩියෙන් වළංගු වෙන, උපහාසයෙන් යුතුව නමුත් "පොල්ලෙන් ගැසුවාක්" සේ කෙරෙන විවේචනයක් ලෙසයි මම නම් මේ පැදි පෙළ දකින්නෙ.
    රට කරන්න නම්, හොඳ ආර්ථික ශක්තියක් තිබිය යුතු බව අවිවාදිතයි නේ.ඉදින්, මේ මිළ මුදල් හොයන්නට නම් කවුරුන් විරුද්ධ වූවත් රටේ වටින දේවල් විකුණන්නට ඕන. එහෙම නොවුනොත් අපි ඔක්කොම අමාරුවේ !! මෙන්න මේ උපහාසයයි ගීයේ මුල් පද වලින් කියන්නෙ.
    මාලිනියන් පවසන ලෙසටම දළදා මැදුරත් මිල කල, ඔඩෙල් ගැනද ඔබට මතක ඇතැයි සිතමි. බුදු බණත් රැප් වන යුගයක සීගිරි කුරුටු ගී ගැන කුමණ කතාද? රටේ අනෙකුත් කඳුවැටි පර්වත වලට සිදුවන විනාශය දෙස බැලූකළ සීගිරියටත් එයම නොවේයැයි කාට නම් කිව හැකිද?
    අපේ පැරැන්නන් කියූ පරිදි " වෙහෙර ගිල්ල එකාට අග්ගලයත් කජ්ජක් දැයි " නන්දා මාලණිය ප්‍රශ්ණ කරයි!!
    සිංහරාජය කෙළෙසමින් මාර්ගයක් තනන බැවු අප සවනත වැකී වැඩි කළක් නැත.ජෛව විවිධත්ව සංකීරණයක් වූ අම්බුලුවාව ද කොන්ක්‍රීට්කරනයට ලක්වී හමාරය. රට පුරා කුඩා දියඇලි සමූහයක් ද කුඩා පරිමාණ විදුලි බලාගාර වල බිල්ලට හසුවී නොමැතිද?

    මාලිනිය එදා උපහාසයෙන් විවේචනය කළ ඇතැම් දෑ දැනටම එආකාරයෙන්ම සිදුවී හමාරය.
    මෙම කරුනු වල නරක පැත්තක් මෙන්ම හොඳ පැත්තක් ද නොතිබෙන්නේ නොවේ. නමුදු රටක උරුමය නිර්ලජ්ජී ලෙස කා දමණ පාළක පැලැන්තියට දුන් මරු අතුල් පහරක් ලෙස මේ ගීය දකිමි!!
     
    • Like
    Reactions: dath kimbula

    Menna muuth ewilla :shocked: parissamin putho wichare dakkoth sudu van thamai :lol:

    elakiri .. mei thread ekata dena dayakathwayata :yes: mata nam wichare baa :no: wicharayak osse geethayak uparima andamin rasa windinawa :yes: siyalu denata pin :D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]මා හිතාදර සොයුරකුගේ ඉල්ලීමකට මා අතුල සමිතා දෙපලගේ [/FONT][FONT=&quot]ආලෙන් වෙලාගන්න[/FONT][FONT=&quot] ගීතය පිළිබද විචාරයකට සූදානම් වූයෙමි.. එහෙත් එම විචාරය කිරීමට ආරම්භකලමුත් මා පටන්ගත් තැන දැන් පැයක් පමණ කාලයක සිට සිරවී සිටින්නෙමි.. ඒ අන් කිසිවක් නිසා නොව ගීත කිහිපයක් එක දිගට මා සිතට ගලා ඒම හා ඒ ගීතයන් නිසා මේ ලෝකයේ අනිත්‍යය මට පසක් කිරීමයි... මේ ගීතයන් සියල්ල ගත් කල [/FONT]
    [FONT=&quot]සදාකාලික නොවූ ලෝකයෙ සදාකාලික ප්‍රේමයක් , සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්... යැයි සුනිල් එදිරිසිංහයන් පැවසූ කාරණාව කොතරම් සත්‍යදැයි මා හට වැටහේ..

    පළමුවෙන්ම ආදරණීය සහෝදරය ඔබ විසින් ඉල්ලූ විචාරය නොකිරීම පිළිබදව කමා කරන්න.. දෙවැන්න මේ පලකරනුයේ මා හදවතට දැනෙන දෙයක් පමණකි.. සත්‍ය කතාන්තරයක් නොවේ. මා විසින් ගොතන ලද්දකි...

    [/FONT]
    [FONT=&quot]දඩබ්බර තරුණයකු ලෙසින් ජීවිතය විවිද මානයන් ඔස්සේ ගමන් කරමින් සංගීත කලාව වෙත පියමන්කල ඔහු වාදක ශිල්පියෙකි.. කීබෝඩය මත දසගැලි දිව යවමින් ඔහු සිය ජීවිතය සංගීතය වෙත කැප කලද සැබෑ ජීවිතයේදී ඔහු කැපකල ආදරය ඒ වන විටත් ඔහුව තනිකර ගොස් හමාරය... කලා කරුවන් යනු සංවේදී ඇත්තන් බව පසක් කරමින් ඔහු සිත තිබූ ආදරය , වේදනාව ඔහු මෙසේ ගීතයකට ගෙන ආවේ හද හඩලා වැලපුනද මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ යැයි පවසමිනි....[/FONT]

    [FONT=&quot]ඔහුට එසේ වෙද්දී.. තවත් ඈත කොනකින් තරුණියක් මතුවිය.. සහජ දක්ෂතාවයකින් හෙබි ඇය දුටු පමණින්ම ඉතා අහිංසක යුවතියක් බව ඕනෑම කෙනෙකු අවිවාදයෙන් පිළිගනු ඇත.. ඉතා ශාන්ත ගති පැවතුම් මෙන්ම, ඉතා මිහිරි කටහඩත් මනම් රූ සම්පත්තියත් එබි ඇයද ඇයගේ අතීතය අමතක කරමින් අනාගතේ දිහා නැවුම්ව බලනාබවත්, හෙට නැවුම් ඉරක් පායන බවත් කියා පෑවේය...
    [/FONT]

    [FONT=&quot]ඉදින් දෙදෙනා එකම ක්ෂේත්‍රෙය් වීමත්, අදහස්, ප්‍රශ්ණ හා ජීවිතය දිහා බැලූ අයුරු එකම වීමත් නිසා ආදරයෙන් වෙලීමට එතරම් අපහසුවක් නොවීය.. දෙදෙනා ආදරයෙන් වෙලිනි... ජනප්‍රිය ක්ෂේත්‍රයක් නිසාවෙන් එය ඔවුන්ගේ ප්‍රසිද්ධියටද මහත් රුකුලක්ම විය... ඒ අතරෙදී ඇය ලංවීමෙන් ඔහුට ඇතිවුනේ නිම්හිම් නැති සතුටකි.. සිය ජීවිත එළියකල මේ කිරිල්ලියට තමා රොන් පොදක් වන බවත්, සිසිලසක් වනබවත් දිවුර දිවුරා මෙසේ පැවසීය....[/FONT]

    [FONT=&quot]ඇයද එසේමැයි... එකම කූඩුවක කල්ගෙවන තෙක්, සිය ප්‍රිය පෙම්වතාණන්ගේ ළගට පැමිණෙනතෙක් ඇයට ඉවසිල්ලක්ද නැත.. ඇය සිය කුරුල්ලාට ඇය තුල තිබෙන නිර්මල වූ ස්නේහයත්, ඇය ඔහු පිළිබද ඇති සැලකිල්ලත් පවසමින් රත්තරනේ ප්‍රවේසමෙන්, මතකනේද අපි දෙන්න යාළුවෙලා ඉන්නේ යැයි මෙසේ පැවසීය...[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ අතරතුරදී විවිද ප්‍රශ්ණ අභියෝග ඔවුන්ගේ ජීවිතවලට පැමිණෙන ලදී.. මේ හමෙකක් අභියසදීම ඔවුන් සිය ප්‍රේමයේ නාමයෙන් එක්ව මුහුණදී ජයගන්නාලදී.. ඔවුන් දෙදෙනා ඔවුන්දෙදෙනාගේ ආදරයේ තරම ප්‍රභලවම හදුනාගන්නා ලදී.. ඒ ඔස්සේ පරමාදර්ශී පෙම්වතුන් වශයෙන් ඔවුන් සියළුම පෙම්වතුන්ට ආදරශයක් යැයි සිතමින් මේ ප්‍රේම සංග්‍රාමයෙන් අපි කෙදිනකහෝ ජයගන්නා බව දිවුරා මෙසේ ප්‍රකාශකරන ලදී....[/FONT]

    [FONT=&quot]අවසානයේදී සිය ප්‍රේම පාරමිතාවන් සම්පූර්ණ කරමින් දෙදෙනා විවාහවූහ... සිය ජීවිතයේ සතුටුම කාලය සිය උත්සාහයෙන් ලගාකරගැනීමත්, දෙදෙනා දෙදෙනාට දැක්වූ ලෙංගතු ස්නේහයේ නාමයෙන් අවසානයේදී ජයගත් බවත්, ඇය ඔහුගේ ආදරය වෙනුවෙන් කරනු ලැබූ කැපකිරීමත්, ඔහු ඇය වෙනුවෙන් කරනු ලැබූ කැප කිරීමත් ඒ ඔස්සේ ගංගාවක් තරම් සිසිලසක් හා සදපානක් තරම් සුන්දර ආලෝකයත් ඔවුන්ගේ ජීවිත වලට ලැබීම මෙසේ දක්වන ලදී...[/FONT]

    [FONT=&quot]එපමණක් නොව දැන් ඔවුන් ප්‍රේමයේ ඵළ නෙලන කාලයයි... අළුත විවාහවූ යුවලක් කෙතරම් නම් ආදරණීයද... කෙතරම් නම් සුන්දරද.. දැන් ඔහු වාදක ශිල්පියෙක් නොවේ.. ගායකයෙකි.. ඇය ගායිකාවකි.. දෙදෙනා වෙන්වෙන්ව සංගීත සංදර්ශණ සදහා යෑම ප්‍රතික්ෂේප කර ඇත.. එමෙන්ම සංගීත සංදර්ශණ වේදිකාවේ ගී ගායනය සදහා එවකට පැවති ඉහලම මිල ගණන් දෙපලගේය.. එසේ ගියද දෙදෙනා බොහෝ විට වේදිකාවේ සිට වුවද නෙතින් නෙත බලමින් ඔවුන් මනෝරම්‍ය පෙම්වතුන් බව රසිකයාට මෙසේ ගෙනහැර පෑවේය...[/FONT]

    [FONT=&quot]මෙසේ කාලය ගෙවී යද්දී.. සිය විවාහ ජීවිතයේ උතුම්වූ පදවිය වන මව් පිය පදවිය ලැබීමේ ඉගි එහෙන් මෙහෙන් එන්නට විය.. මෙය ඔවුන්ට පස්වනක් ප්‍රීතියෙන් ඉපිලී යන්නට තරම් කාරණාවකි... මවක වීම පියෙකු වීම ලොව්තුරා වූ සැපකි.. ඔබේ අත මට ලැබීමෙන් අප දෙදෙනාගේ සිහින අද සැබෑවී ඇති බව දෙදෙනාම ආදරණීය වූ සංතෝශකින් තෙපලේය...[/FONT]

    [FONT=&quot]සැබවින්ම ඔවුන් පැතූ පරිදිම වාසනාවන්ත ලෙස මව් පියන් බවට පත් විය.. සිගිති දියණිය ලැබීමත් සමගම මුහුකුරාගිය වැඩිහිටියන් බවට ඔවුන් පතවිය.. සිය ජීවිතය උව දැන් ඔවුනට සිගිති දියණිය හමුවේ දෙවැණිය.. මගේ ලස්සන මට එපා ඒක මගේ දුවට දෙන්න.. මට කිසිම සැප සම්පතක් එපා එය මගේ දුවට දෙන්න.. ඔවුන් ප්‍රාර්ථනා කලේය...[/FONT]

    [FONT=&quot]කාලය ගෙවී ගියේය.. එතැන් පටන් දීර්ඝ කාලයක් ඔවුන් නිහඩය.. තැනින් තැන එහෙන් මෙහෙන් ඔවුන්ගේ ගීත ඇසුනුමුත් උක්ත ගී මෙන් ප්‍රබල සළකුණු තැබීමේ ගීත දක්ණට නොවීය.. ඒ අතරතුර විවිද කතාන්දරද නොඇසුනා නොවේ... එහෙත් හිටි හැටියේම ඔවුන් මතුවිය.. එදා පරමාදර්ශීවූ, එදා පූජනීය වූ සෙනෙහස දැන් එකිනෙකාට චෝදනාකරනු ලබයි... මම කොච්චර ඔයාව තේරුම් ගන්න හැදුවද...? අනේ ඔයා මට රිද්දනඑකනේ කලේ... දෙදෙනා දෙදෙනාටම දොස් නගාගනී...[/FONT]

    [FONT=&quot]අදහසක් නොපවසා, කතාවක් පවසා සමුගන්නෙමි.. අදහස් ඔබවිසින් ලබාදෙතැයි අපේක්ෂා කරමි... තවත් ගීතයකින් පසුව හමුවෙමු..
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Zeus and mic

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    [FONT=&quot]කාලය ගෙවී ගියේය.. එතැන් පටන් දීර්ඝ කාලයක් ඔවුන් නිහඩය.. තැනින් තැන එහෙන් මෙහෙන් ඔවුන්ගේ ගීත ඇසුනුමුත් උක්ත ගී මෙන් ප්‍රබල සළකුණු තැබීමේ ගීත දක්ණට නොවීය.. ඒ අතරතුර විවිද කතාන්දරද නොඇසුනා නොවේ... එහෙත් හිටි හැටියේම ඔවුන් මතුවිය.. එදා පරමාදර්ශීවූ, එදා පූජනීය වූ සෙනෙහස දැන් එකිනෙකාට චෝදනාකරනු ලබයි... මම කොච්චර ඔයාව තේරුම් ගන්න හැදුවද...? අනේ ඔයා මට රිද්දනඑකනේ කලේ... දෙදෙනා දෙදෙනාටම දොස් නගාගනී...[/FONT]

    [FONT=&quot]අදහසක් නොපවසා, කතාවක් පවසා සමුගන්නෙමි.. අදහස් ඔබවිසින් ලබාදෙතැයි අපේක්ෂා කරමි... තවත් ගීතයකින් පසුව හමුවෙමු..
    [/FONT]
    අවසානයේ ඔහු විද්‍යුත් තැපැලකින් උපන් ප්‍රේමයකින් වෙලිනි.. පෑයූ ඉර පමනක් තනිව අහසේ බබලන්නට වීය.. ඒ ඉර දරුවන් නැමැති සඳ නිරන්තරයෙන් ආලෝකමත් කරන්නීය...

    thomian

    Well-known member
  • May 20, 2011
    12,098
    16,860
    113
    [FONT=&quot]එහෙත් එම විචාරය කිරීමට ආරම්භකලමුත් මා පටන්ගත් තැන දැන් පැයක් පමණ කාලයක සිට සිරවී සිටින්නෙමි.. ඒ අන් කිසිවක් නිසා නොව ගීත කිහිපයක් එක දිගට මා සිතට ගලා ඒම හා ඒ ගීතයන් නිසා මේ ලෝකයේ අනිත්‍යය මට පසක් කිරීමයි...[/FONT]

    වැඩේ පට්ටම ලස්සනයි...
    11.gif
    .කියවන ගමන් සින්දු ටිකත් ඇහුවා..:):).[FONT=&quot]සදාකාලික නොවූ ලෝකයෙ සදාකාලික ප්‍රේමයක් , සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්...තමයි[/FONT]
    2.gif