හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

user52

Member
Jan 25, 2012
135
36
0
[FONT=&quot]“[/FONT][FONT=&quot]ආවාට තිබුණත් නිසසල සඳ මත[/FONT]
[FONT=&quot]එය හරි පි‍්‍රයංකරයි[/FONT]

යකෝ මෙලෙස අමු අමුවේ කතාවක් කියන්නටනම් සුන්දර ආරම්භයක් දුන්නේ අහවල් එහෙකටද..? මීට හොදයි කතාවක් කීවානම්.. හරම උනා මම මෙහමයි.. දන්නෙ නැද්ද දැන් මෙහෙමයි.. මේව ගීතද...? මේවා ඕපා දූපය... අඩුමගානේ කෙල්ලෙක් කීවානම් ඉවසාගත හැක... ඉහත මා විචාරයකල සුන්දර පද දිහා නැවත ඔබේ අවධානය යොමු කරන්න.. දැන් නැවතත් අපියමු ඉතිරි පද දිහාවට...
සහොදරයා, මේ වතාවේදීනම් ඔබ ඔනෑවට වඩා දඩබ්බර වුවා දෝයි හැගේ. එලකිරියෙන් සමුගත යුතු නැත. නමුත් ගීතයකට මෙලෙස තදින් ඍනාත්මක විචාරයක් ගෙන එන්නට කලින් තවත් වරක් සිතිය යුතු නොවේද? මේ ගීත රචකයා සම්පූර්නයෙන්ම තෙවැනි පාර්ෂවයක් වන්නට බැරිද? "ඔබට පිදූ පෙම" යන්නෙහි අතීත කාලයක් නොහැගේද? පෙම්වතිය මනාලිය නමුදු පෙම්වතා මනාලයාම නොවන අරුතක් මේ ගීතයේ ගම්‍ය නොවන්නේද?..........
අනෙක් කාරනය නම්.. ඔබ මතුකිරීමට වෙරදරන කාරනය සත්‍ය වුවත් එහි ඇති වැරැද්ද කුමක්ද? ඉතා අගනා මට්ටමේ ගීතයකට සෑම පරාසයකම සැම බුද්ධි මට්ටමකම අසන්නා ආමන්ත්‍රනය කිරීමට හැකි විය යුතුය. ගමේ තේ කඩේ දවස පුරාම දාම් අදින හෝ පඩියට වී දවසම පත්තරය දිහා බලාගෙන ඉන්න සෝමපාල හෝ සිරිපාල ගේ සිට ආචාර්ය මහාචාර්ය වරු දක්වා පරාසයකට ආමන්ත්‍රනය කිරීමේදී ඔබ කියනාවු සරල බව ගීතයකට මහා අපරාධයක් නොවේ.
මා පවා ඇතැම් තැනක මහා අගනා පදරචන ලෙස හොවා අදහස් දැක්වූ ඇතැම් ගීත මහා සාර්ථක පද නොවීමට පුලුවන ගීතයක් යනු පදරචකයාගේ හැකියාව පෙන්වා අසන්නාට කැමති විදිහකට හිතාගනිල්ලා යැයි කියන කෘතියක් නොවේ. එය බහුජන හිතසුව පිනිසම විය යුතුය. අප මහානර්ග ගීත යැයි කියන "සදකඩ පහනක කැටයම් ඔපලා" හා "දම්පාටින් ලා සද බැසයනවා" ගීත වලින් පවා සීමිත පිරිසකට පමනක් ආමන්ත්‍රනය කරද්දී නිමල් ජූලිගේ නම් පදරචකයා සරල භාශා භාවිතයෙන් මේ දරනා වෑයම අගය කල යුතුය.

[FONT=&quot]දැන්[/FONT][FONT=&quot]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT=&quot]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT=&quot]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT=&quot] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT=&quot] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT=&quot]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT=&quot] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT=&quot] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]
 

thomian

Well-known member
  • May 20, 2011
    12,098
    16,860
    113
    සුනිල් එදිරිසිංහ යනු සුභාවිත සිංහල ගීත කලාවේ නොමැකෙන ලෙස ඉහළින් සටහන් වී ඇති නාමයකි. :yes:
    :):):)
    11.gif
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    590
    113
    අනේ මන්දා...!!!
    JHHA සහෝදරයා විසින් විචාරය කරනු ලැබූ මෙම ගීතය පිළිබදව යම් අදහසක් තබමි.. ඔහු විසින් පැවසූ කරුණු ඉතා සාර්ථකවන අතර මා ඉතා රසවිදින පද පේලි 3ක් පිළිබදව මෙසේ අදහසක් ඉදිරිපත් කරමි...

    මාල බැඳන් සුදුයකඩින් රෝසමල් වනේ
    මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ


    මා මෙම ගීතයේ වඩා සංවේදීවන්නේ ඉහත පද පේලි තුන වෙතය... පිය කෙනෙකුගේ සෙනෙහස මේ ආකාරයම වේ... ලෝකයට ඇය ලොකු එකියක් උවද පියවරුණට තම දරුවන් ඇකයේ හුවා නලවන කාලයමය.. ඇය කෙතරම් උස් මහත් උවද ඔහුට එය නොවැටහෙන්නේ ඒ නිසාවෙනි...

    තාත්ත තමා දූව නරක්කරන්නේ.. මා කිහිප විටකම මගේ මව පවා පවසනු අසා ඇත්තෙමි.. රස්තියාදු කාරයන් විසිල් ගසමින් ඉගිබිගි පාමින් නිවස අවට සැරිසැරූ නමුත් උන් මේ ඉව අල්ලන්නේ මගේ දුවේ උඹට කියා මා සිතුවේ නෑ...

    පුදුම සහගත මේ කාරණය රූපක යොදාගනිමින් ගෙනහැර දැක්වීමයි.. ඉහත මා සදහන් කල කාරණය බිදකුදු නොපවසා රචකයා සින්දු කියන මාලගිරවුන්ගෙන් කිවයුත්ත කිවයුතු මට්ටමටත් එහා ගොසින් අප වෙත චිත්‍රරූපක් මවනා ආකාරය මනරම්ය...

    අවසානයේ උන්ගෙන් එකෙක් හා දියණිය යන්නට ගියේයැ.. ඉන්පසුව පියාණන්ගේ ඉහමොල ගිණිගත්තේ තමා මේ ගැන නොහිතුවේ මන්ද යන්නය.. ඒ වෙනෙකක් නිසා නොව දරුස්නේහය නිසා සිය දුව කෙරෙහි එවන් සැකමුසු බැල්මක් නොහෙලිය හැකි නිසාවෙනි.. පියාණන්ට දියණිය මෙලෙස පැනයා යැයි සීතීම අකුණු පහරක් වැනිය.. හීනෙන්වත් නොහිතනා දෙයක් සිදුවූ බව ඔහු පවසන්නේ එබැවින්යැයි මට සිතේ..

    සිංහල සුභාවිත ගී කලාවේ හැරවුම් ලක්ෂයන් පෙන්වන ලද ගී අතර මෙම ගීතයට හිමිවන්නේ අග්‍රගන්‍ය වූ ස්ථානයකි.. ස්තූතියි සොයුර දැනුම බෙදාගැනීම සම්බන්දයෙන්..


    ඔබේ අදහස ඉතාම නිවැරදියි සහෝ.!:D නැවතත් ස්තුතියි.!:D
    ටයිප් කිරීමට මාගේ ඇති කම්මැලි කමට පොඩි සමාවක් දුන මැනවි.!:baffled::rofl::P
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    වැඩේ එලටම යනවා. මේකට වචනෙකින් හරි සහය දෙන හැමෝටම පින්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩේ එලටම යනවා. මේකට වචනෙකින් හරි සහය දෙන හැමෝටම පින්..

    හැමෝටම පින් බොට ඇරෙන්න !! මොකෝ බොල හූය පැත්තේ වැඩිය එන්නේ නැත්තේ ? :rolleyes::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සනත් නන්දසිරි මහතා ගයන මේ ප්‍රථම වසන්තයයි ගීතය විචාරය කර දෙන මෙන් ඉල්ලා සිටිමි.. :D

     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හැමෝටම පින් බොට ඇරෙන්න !! මොකෝ බොල හූය පැත්තේ වැඩිය එන්නේ නැත්තේ ? :rolleyes::angry:

    අනේ බන් මම මේ දවස් වල පන දාගෙන ගෙවල් හොයනවා..මෙහෙම ගියොත් ගෙදර අය එක්කං ඇවිත් පාරේ තමා ඉන්න වෙන්නේ.වැඩ කරන තැනින් සල්ලි දෙනවා මිසක් තැනක් හොයල දෙන්නේ නෑනේ. ඉතින් මේ දවස් වල ඒ වැඩේට මහන්සි වෙනවා..මේ කරදර ටික ඉවර උන ගමන්ම වෙනද වගේ සෙට් වෙන්නම්..:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අනේ බන් මම මේ දවස් වල පන දාගෙන ගෙවල් හොයනවා..මෙහෙම ගියොත් ගෙදර අය එක්කං ඇවිත් පාරේ තමා ඉන්න වෙන්නේ.වැඩ කරන තැනින් සල්ලි දෙනවා මිසක් තැනක් හොයල දෙන්නේ නෑනේ. ඉතින් මේ දවස් වල ඒ වැඩේට මහන්සි වෙනවා..මේ කරදර ටික ඉවර උන ගමන්ම වෙනද වගේ සෙට් වෙන්නම්..:D:D


    අහ්හ් එහෙමද .. එකනේ බන් උඹත් නෑ කිඹුල් තඩියත් නෑ ... :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රට කරවන්නට නම් - රට කරවන්නට නම්
    මසුරන් ඇතිව කැටේ
    වටිනා කියනදේ
    විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත්
    අප හැම මකර කටේ.

    නමුදු රටක උරුමය නිර්ලජ්ජී ලෙස කා දමණ පාළක පැලැන්තියට දුන් මරු අතුල් පහරක් ලෙස මේ ගීය දකිමි!!

    ගීතයක් ලෙසට මෙහි නිර්මාණාත්මක පාර්ශවය නම් අතිහය දුර්වල බව නොකියා ම බැරිය. හෙළ ගිත වල ඇති විශිස්ටතම ලක්ෂණයක් වන්නේ ව්‍යංගය අති සියුම් සහ බහුල ලෙස භාවිතා කිරීමය. නමුත් මෙම ගීතයේ එය නැත. නමුත් එසේ වන්නට හේතුව මහැදුරු සුනිලුන් ම පවන සංගීත සජ්ජායනයේ ආරාධනා ගීයෙහි පැහැදිලිව ම දක්වා තිබේ.

    "සාදු ජන ගන මනා - සභා ගැබ හොබවනා
    දැහැන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්
    ලී, යකඩ ගොඩවල් ය වැයෙන්නේ - කටුක පද පෙළවල් ය ගැයෙන්නේ..........
    ................
    නැත අපට ප්‍රතිරූප දේශයක් - විදින්නට අති පවර රස භාව
    පෙදෙහි රස හව් විදින ජනයිනේ වනු සමා - ඔබ සවන් පිනවන්ට සමත් ගී දුලබ නම්.......
    කලා මල් යාදාව - බිදින්නට විනම් මට
    බිද හරිමි සැහැසි ලෙස චන්ඩ මැරවරියක් ව
    යලි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්...
    භද්‍ර වූ දේශයක්....
    රාජ්‍යයක්..........."


    එය එසේමය. යහපත් වූ කාලයක්, දේශයක්, රාජ්‍යයක් නැති තැන කුමන කලාවක්ද????????????
    :(:nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සනත් නන්දසිරි මහතා ගයන මේ ප්‍රථම වසන්තයයි ගීතය විචාරය කර දෙන මෙන් ඉල්ලා සිටිමි.. :D


    සනත් ගායනා කල ගී අතුරින් අතිශයින් ම ප්‍රේමනිය ගිතය මෙය යනු මගේ පෞද්ගලික අදහසය. ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම මෙතරම් විචිත්‍ර ලෙස වර්ණනය කරන අන් තැනක් නූතන ගීත ඉතිහාසයේ සෙවීම උගහටය.

    මේ තරුණයා දකින්නේ තම දිවි අරණේ මධු මල් පිපෙන, ඒ නිසා ම බමරුන් රොනට වඩින ආශ්චර්ය, ඇය ගේ පෙම බවය. ඇත්තෙන් ම මේ ආශ්චර්ය, ඔහු සිය ජීවිතයේ දී දකින ප්‍රථම වසන්තයේ මල් ඵලය. ඉදින්, ඒ මල්ඵල වල අසිරිය. ඔහුට මේ ලෙස දැනීම පුදුමයක් ද නොවේ.

    තරු නැගෙන තුරා නිදි බර අඹරේ
    සදු නැගෙන තුරා සිටියදි අදුරේ
    ඔබ දුපුන් සදක් සේ පායා
    පහන් රැයක් වී ආවේ..................


    ඔහු සිට ඇත්තේ ද ප්‍රෙමය පතමිනි. මේ කරුණ රචකයා නොයෙක් වූ උපමාද, අලංකරණ ද සහිතව ඉදිරිපත් කරයි. ඔහු ප්‍රේමය පතා සිට ඇත්තේ තරු නැගෙන තුරා, සදු නැගෙන තුරා අදුරේ සිටින ලෙස ය. ඇය ඔහු ගේ ලෝකයට පැමිණෙන්නේ සුපුන් සදක් සේය. කෙමෙන් මෝරන සදක් නොව, පුන් සදක් ලෙසට වීම ඔහු ගේ අලහාදයේ චමත්කාරය පිණිස හේතු වී ඇත.

    සිත පවස දරා මිරිගුව අතරේ
    දිය පහස පතා සිටියදි කතරේ
    ඔබ සිහිල් දොළක් සේ පාවී
    වසන්තයක් සේ ආවේ..........!!!!


    මරු කතරක, දිය පොදක් නොලැබ, පිපුරුනු දෙතොල් සහිතව පීඩා විදින්නෙකුට, දිය පොදක් වටනේ යම් සේද, මේ පෙම ඔහුට සිසිල් දොලක් මැවුණාක් වැනි, ජීවිතයට බලාපොරොත්තු එක් කරන්නකි. ඒ සිසිල් දොල පහර සමග ඔහු ගේ ජීවිතයට පැමිණෙන්නේ වසන්තයයි. මේ ඔහු ගේ ජීවිතයේ අත්දකින ප්‍රථම වසන්තයයි.

    සනත් ගේ අතිශය භාවාත්මක කටහඩ, මේ ගීතයේ අර්ථ රසය දෙගුණ තෙගුණ කරවන්නකි. මේ වියපත් මිනිසා ඔහු ගේ අති මාධූර්යය වූ නාසික-ඛණ්ඨජ ස්වරය තරුණ හැගීම් ද, යෞවන හැගීම් ද ගායනයට යොදා ගන්නා ආකාරය නම්, අනුපමේය වූ ගායනයකි.

    ඇත්‍තෙන් ම අපේ ප්‍රථම ප්‍රේම අත්දැකීම ද අපට දැණුනේ මේ ලෙසම නොවේද? එහි අලහාදය, අප ප්‍රථම ප්‍රේමයෙන් ජය ගත්තද, එය බිදී ගියද, අප තවම විදිනවා නොවේද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    මෙන්න මේ ගිතය මා දැඩි ලෙස ප්‍රලය කළ ගීතයකි. ගීතයේ සන්දර්භය මෙන් ම මේ ගීතය ආසිරි ප්‍රියන්ත මුහුමුල්ලගේ නම් දක්ෂ,තරුණ නිවේදකයා ගේ පළමු මෙන් ම අවසන් ගායනය කළ ඛේදාන්තය එයට හේතුවයි............
    හදවතේ ගැඹුරු කෙළවරකින් නැගෙන විචාරයක් බලාපො‍රොත්තු වන්න.
     

    kingdewi

    Well-known member
  • ගීතයක් ලෙසට මෙහි නිර්මාණාත්මක පාර්ශවය නම් අතිහය දුර්වල බව නොකියා ම බැරිය. හෙළ ගිත වල ඇති විශිස්ටතම ලක්ෂණයක් වන්නේ ව්‍යංගය අති සියුම් සහ බහුල ලෙස භාවිතා කිරීමය. නමුත් මෙම ගීතයේ එය නැත. නමුත් එසේ වන්නට හේතුව මහැදුරු සුනිලුන් ම පවන සංගීත සජ්ජායනයේ ආරාධනා ගීයෙහි පැහැදිලිව ම දක්වා තිබේ.

    "සාදු ජන ගන මනා - සභා ගැබ හොබවනා
    දැහැන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්
    ලී, යකඩ ගොඩවල් ය වැයෙන්නේ - කටුක පද පෙළවල් ය ගැයෙන්නේ..........
    ................
    නැත අපට ප්‍රතිරූප දේශයක් - විදින්නට අති පවර රස භාව
    පෙදෙහි රස හව් විදින ජනයිනේ වනු සමා - ඔබ සවන් පිනවන්ට සමත් ගී දුලබ නම්.......
    කලා මල් යාදාව - බිදින්නට විනම් මට
    බිද හරිමි සැහැසි ලෙස චන්ඩ මැරවරියක් ව
    යලි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්...
    භද්‍ර වූ දේශයක්....
    රාජ්‍යයක්..........."


    එය එසේමය. යහපත් වූ කාලයක්, දේශයක්, රාජ්‍යයක් නැති තැන කුමන කලාවක්ද????????????
    :(:nerd:

    එසේය කිඹුලාණෙනි!!...
    ඇත්ත ඇත්ත..කියන දේ නයාට පොල්ලෙන් ගැහුව වගේ අතෑරල තියෙනව!!