prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එහෙනම පටන් ගමු,UBUNTU හදන්නේ Canonical සමාගමෙන් තමයි,
    එක අවුරුද්දකට ඕඑස් එක අප්ඩේට් කරලා දෙපාරකට එලියට දානවා..අවුරුද්දේ හතරවෙනි මසේටයි..දහවෙනි මාසේටයි ...
    මේකෙන් දහවෙනි මාසේ රිලීස් කරන ඕඑස් එක ටෙස්ට් කරන්න දාන්නේ,,එක අවුට් කරලා බලනවා use කරද්දී එන error මොනවද,අලුතින් develop කරන්න ඕනේ ඒවා මොනවද කියල බලනවා..බලල ඒවා මේවා අඩුපාඩු හදල හතරවෙනි මාසේ දානවා UBUNTU LTS වර්ෂන් එක,
    අපි දන්න ඕනේ LTS එකක් මොකද එක කම්ප්ලිට් ඕඑස් එකක්..error එහෙම අඩුයි..
    මේ අවුරුද්දට LTS එකක් ආවා එක තමයි ""Ubuntu Desktop 12.04 LTS "" මේකේ ගොඩක් වෙනස් කම් කරලා නියමෙට හදල තියනවා.. අන්තිමට අපු LTS එක මේක ඊළගට එන්න තියෙන්නේ 13.04 LTS වර්ෂන් එක..හරි අපි මේක දාන්න පටන්ගමු 12.4 LTS එක.

    ඔයාගේ කොම් එකේ මේක දාන්න නම් අඩුම තරමේ මේ Requirements
    තියෙන්න ඕනේ..
    *2 GHz PROCESSOR
    *512 RAM ( It is highly recommended that you have 2GB or more memory though so that the system will perform much better.)
    *5GB HARD DRIVE SPACE


    *මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මෙන්න ලින්ක් එක ට යන්න මෙතනට ගියාම තියනවා 32 බිට් 64 බිට් කැමති එකක් ඩවුන් කරගන්න http://www.ubuntu.com/download/desktop file එක නම් ටිකක් විතර ලොකුයි IDM එකෙන් අදින්න ඉක්මනට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.(ඉස්සරනම් ෆ්‍රී ගෙදරටම එවුවා දැන් නම් දෙන්නේ නෑ මම හිතන්නේ අපේ කට්ටිය ගමකට CD ගෙන්නුවනේ දැන් වැඩේ නවත්තලද කොහෙද.)

    *හරි දැන් ISO file එක Burne කරගන්න DVD එකකට.



    *එකත් හරි දැන් තියෙන්න ඔයාගේ මැෂින් එකේ boot order එක හදන්න cd එකෙන් බූට් වෙන්න. දැන් මැෂින් එක cd එකෙන් බූට් කරන්න..

    දැන් එහෙනම් Step By Step වැඩේ කරගෙන යමු එහෙනම්..


    මුලින්ම බූට් වෙනකොට මෙහෙම එනවා එක ඉස්සරහට යන්න දෙන්න..

    12jun2012144937.jpg


    ඊළගට එනවා Language එක සිලෙක්ට් කරන්න,,එක සිලෙක්ට් කරලා දකුණු පැත්තේ තියනවනේ install ubuntu කියල එක ක්ලික් කරන්න.එතන try ubuntu දුන්නොත් cd එකකින් ubuntu වල වැඩ කරන්න පුළුවන් ඕඑස් එක install වෙන්නේ නෑ.


    12jun2012145308.jpg


    මෙතන මේ settings මේ විදිහටම තියන්න.වෙනස් කරන්න එපා.

    12jun2012145408.jpg


    මෙතන උඩ ඔප්ෂන් එකෙන් මුළු හාඩ් එකම ෆොර්මැට් වෙලා defult patition creat වෙලා ඕඑස් එක install වෙන්න පටන් ගන්නවා.. පහල ඔප්ෂන් එකෙන් හාඩ් එක patition අපිට‍ creat කරලා ඕඑස් එක install කරන්න පුළුවන් කොහොම කරත් data ලොස් තමයි...(මම දන්න විදිහට)
    අපි උඩ ඔප්ෂන් එකෙන් යමු..


    12jun2012145438.jpg


    මේ step එකේ පෙන්නනවා කොම් එකේ තියන හාඩ් ඩිස්ක් ටික.පලවෙනි එක තමයි sda කියන්නේ. ඔතන තව ඩිස්ක් එකක් තිබුනොත් sdb කියල පෙන්නනවා කැමති හාඩ් එක සිලෙක්ට් කරලා install now කියන එක දෙන්න.

    12jun2012145608.jpg


    install වෙන අතරේ අර වින්ඩොව්ස් වල වගේ time zone එක keyboard layout, ඊටත් පස්සේ අහනව WHO ARE YOU ? කියල, එතන ubuntu install උනාම ඔයාගේ කොම් එකේ ඉන්න ඕනේ user ගේ name එක password එක දෙන්න දීල continue කරන්න.

    12jun2012150039.jpg


    දැන් මෙහෙම install වෙනවා..


    12jun2012150109.jpg



    12jun2012150811.jpg


    විනාඩි 15 විතර පස්සේ එනවා මැෂින් එක restart කරන්න කියල එතකොට restart බටන් එක ක්ලික් කරලා restart කරන්න.

    12jun2012151011.jpg


    මේක අවට පස්සේ බූට් ඩිස්ක් එක එලියට අරගෙන enter බටන් එක ප්‍රෙස් කරන්න


    12jun2012152513.jpg



    ඔන්න දැන් කොම් එක restart වෙලා මෙන්න මෙහෙම එනවා..
    මෙතෙන්ට ඔයාගේ අර දීපු password එක දීල log වෙන්න..


    12jun2012152713.jpg


    ඔන්න තියනවා ubuntu ඩෙස්ක්ටොප් එක එහෙමත් නැත්නම් gonom ඩෙස්ක්ටොප් එක.

    12jun2012152944.jpg


    gonom කිඋවේ ubuntu වල ඩෙස්ක්ටොප් එකට නිකන්ම ඩෙස්ක්ටොප් කියන්නේ නෑ gonom ඩෙස්ක්ටොප් කියල කියන්නේ මේකේ විශේෂත්වයක් තියනවා මේක ඩෙස්ක්ටොප් එක ඔටෝ රිෆ්‍රෙශ් වෙනවා.

    හරි දැන් ubuntu install වෙලා ඉවරයි.

    ubuntu install වෙලා ඉවරයි කිඋවට තම මම අර
    කලින් ත්‍රෙඩ් එකේ මුලින් කියපු ටික නම් කරන්න තියා හිතන්න වත් බෑ. තව වැඩ ටිකක් තියනවා කරන්න normal machine එක වගේ use කරන්න..ඒ ටික හෙට දාන්නම් දැන් off වෙන time එක.

    තව එකක් ගොඩක් අපේ එළකිරි කොල්ලෝ මේක ගෙඩිය පිටින්ම Machine එකට දාන්නේ නෑ නේ,windows උඩින්නේ දාන්නේ එකත් හෙට දාන්නම් කොහොමද එක කරන්නේ කියල.
    කලින් Ubuntu වලනම් doul booting install කරන්න මර ලේසියි..මේකේ වෙනම tool එකක් දන්න ඕනේ තම මමත් use කරලා නෑ මාත් දාලා බලල එක හෙට දාන්නම්කො.කට්ටියට බලාගන්න.


    කට හරි ලැප් os එකක් ඕනේ නම් මම රෙකමන්ඩ් කරනවා බය නැතුව ubuntu ..

    එහෙන අපි ගියා නැවත හමුවෙනතුරු,,මමත් දන්නෙ නැති මෙතන දාපුවයි වැරදි තියනවනම් පෙන්නලා දෙන්න මචන්ලා
    ..
    :P:P:P:P:P:P:P:P:P:P:P
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මමත් කලින් දාලා තිබ්බේ dual boot තමයි.....:yes:
    ඒත් මම දැනන් හිටියේ නෑ dual boot කරන system එක දැන් වෙනස් කරල කියල.....
    ඊලඟ ත්‍රෙඩ් එකත් ඉක්මනට දාන්න මචන් :)
    +3
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    mamanam thama win XP :D

    256 ram wala wena OS adinna amaruine ne machan.. :sorry:
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    gonom කිඋවේ ubuntu වල ඩෙස්ක්ටොප් එකට නිකන්ම ඩෙස්ක්ටොප් කියන්නේ නෑ gonom ඩෙස්ක්ටොප් කියල කියන්නේ මේකේ විශේෂත්වයක් තියනවා මේක ඩෙස්ක්ටොප් එක ඔටෝ රිෆ්‍රෙශ් වෙනවා.

    gonom නෙවෙයි GNOME නේද ...
    අනික ubuntu ඩෙස්ක්ටොප් ඉන්ටර්ෆේස් එකට කියන්නේ UNITY ලෙසය ,එය GNOME මත හැදු එකකි .
    win8 සමග ඩුවල් බුට්‌ කරපු අය ඉන්නවද ?
     
    • Like
    Reactions: prathapa89