හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔෆිස් එකේ සිටින ගමන් මේ ත්‍රෙඩ් එකට ඒමට සිත් නොදේ...... :no: මේ ත්‍රෙඩ් එක නිවී සැනසිල්ලේ කියවිය යුතු එකකි..... :yes: එබැවින්, මේක නොදැකපු එකෙක් හට දැක ගැනීම සදහා බම්පයක් දමා යමි.... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]ශ්‍රමය සදාකාලිකව ම පෙලනු ලබන ශෝකාන්තය..............................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ළදු ඕවිටි කලල් මතින්...................[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]ළදු ඕවිටි කලල් මතින් සුසුම් ගගක් ගලනවා[/FONT]
    [FONT=&quot]බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා...[/FONT]
    [FONT=&quot]අළුත් පාර හැදෙනවා..........[/FONT]

    [FONT=&quot]හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා[/FONT]
    [FONT=&quot]පොළව දැවී අපේ පයට සිහිල සදනවා[/FONT]
    [FONT=&quot]දූවිළි මද පවන් හමා ගිමන් නිවනවා[/FONT]
    [FONT=&quot]දෑතේ කර ගැට දෙතෙලට පවන් සළනවා[/FONT]

    [FONT=&quot]අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා[/FONT]
    [FONT=&quot]රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා[/FONT]
    [FONT=&quot]මැති උතුමන් නමින් පාරෙ අගුළු ඇරෙනවා[/FONT]
    [FONT=&quot]පාර අයිනෙ අපි හැමදා........[/FONT]
    [FONT=&quot]බලා ඉන්නවා...........!!!!!!!!!!!!!!![/FONT]

    [FONT=&quot]1977 දි ලංකාව තුළ බලහත්කාරයෙන් ස්ථාපිත කරන ලද ගැහැණියක් මිනිසෙකු බවට සහ මිනිසෙකු ගැහැණියක් බවට පමනක් පත් කල නොහැකි ඊනියා “ධර්මිෂ්ඨ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා එතෙක් ශ්‍රම මූලිකව, ශ්‍රමයේ අගය මත පදනම් ව තිබූ සකළ විධ මානුෂ සාරාර්ථයෝ බිදවැටුණාහ. ඒ වෙනුවට තක්කඩි දේශපාලකයන් පිරිසක ගේ බඩවැඩිල්ලක් බවට රටේ සියලු ම සාධනීය, සංවර්ධන ප්‍රවේශයන් හරවනු ලැබිණි. එමතු ද නොව බල්ලන් මරා හෝ සොයාගන්නා සල්ලි වලින් අධිපරිභෝගීව ජීවත්වීමේ මානසිකත්වයද, මානවීය සාධු ධර්මතාවයන් ප්‍රතික්ෂේප කරන, මුදල, බලය සහ අවිනය යන තෙරුවණ වන්දනා මාන කරන, ලාංකීය පොළවේ මුල් ඇද නැති, අභ්‍යවකාශගත ව හිදින පරපුරක්, සාහිත්‍ය - ඉතිහාස ඈ “නොකෑ” හැකි විෂයන් පාසල් අධ්‍යයන නිර්දිෂ්ට තුලින් ඉවත් කිරීම මගින් නිර්මාණය කෙරිනි. මේ සියලු ම ඛේදවාචකයන් හි එකතුවකින් අංශුමාත්‍රයක් පමන වන ශ්‍රමය කසළ ගොඩට තල්ලු වී, මූක මණ්ඩුක දෙස්පලුවන් රැසක් ශ්‍රමයේ කරපිටින් වැජඹීම සන්දර්භ කොට ගනිමින් ලියවුනකි, කුමාරදාස සපුතන්ත්‍රී විසින් රචිත මේ ගීතය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]1979 දී කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අනුහසින්, ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග වහ වහා සංවර්ධනය වන්නට විය. මේ මාර්ග සමග ගමට නව ආදායම් මාර්ග පිලිබද ව නව බලාපොරොත්තු නැංවෙන්නට විය. අඩු ආදායම් නිසා හාමතෙන් සිටි සමහර ගම් දනව් වලට මෙය බලාපොරොත්තුවේ අසනි වර්ෂාවක් විය. ළදු, ඕවිටි, මඩ ගොහොරු මතින් සුසුම් ගංගාවන් වල කිමිදුනු මේ මිනිසුන් මේ නව සංවර්ධනයේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සිටියේ, ඒ සංවර්ධනය ඔවුන් ගේ කුසගිනි නිවනු ඇත යන මහා බලාපො‍රොත්තුවෙනි. අළුතින් තැනෙන පාරක් පසුපස පවතින මේ බලාපොරොත්තුව, රචකයා සිය ප්‍රථම ස්ථායී කොටසින් ම ග්‍රහණය කරගෙන ඇති ආකාරය බලන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ළදු ඕවිටි කලල් මතින් සුසුම් ගගක් ගලනවා[/FONT]
    [FONT=&quot]බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා...[/FONT]
    [FONT=&quot]අළුත් පාර හැදෙනවා..........[/FONT]

    [FONT=&quot]මේ හැදෙනා අළුත් පාරේ ශ්‍රමිකයන් වන්නේ ගමේ ජනතාවය. නමුත්, ශ්‍රමය සැඩි ලෙස සූරා කනු ලැබූ කොන්ත්‍රාත්කරුවන් විසින් මේ ගැමියන් ගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවූයේ අඩු මුදලකි. අවුවේ කර වෙමින්, ධූලි සුළග ආශ්වාස කරමින් මේ මිනිසුන් වැගුරූ ශ්‍රමයේ අරුමය, මා කිසිදු හෙල ගීතයක නොදුටු අරුම රූපකයක් ගෙන එමින් සපුතන්ත්‍රී චිත්‍රණය කරයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා[/FONT]
    [FONT=&quot]පොළව දැවී අපේ පයට සිහිල සදනවා[/FONT]
    [FONT=&quot]දූවිළි මද පවන් හමා ගිමන් නිවනවා[/FONT]
    [FONT=&quot]දෑතේ කර ගැට දෙතෙලට පවන් සළනවා[/FONT]

    [FONT=&quot]හිරු පෑයූ විට දැනෙන දාහය, මේ ගැමියා දකින්නේ සෙවනක් ලෙසටය. දැවෙන පොලොවෙන් ලැබෙන තාපය ඔහු දකින්නේ සිහිලසක් ලෙසටය. රත් වූ ධූලි පිරි සුළග, ඔහුට විඩා නංවන්නක් නොව, විඩා නිවන්නකි.ඒ මේ සංවර්ධනයේ යහඵල ඔහු බලාපොරොත්තව හිදින බැවිනි. හිරු ගෙන් සහ යවටක් සේ රත් වූ පොලොවෙන් දැවෙන තාපය, සිහිලක් ම ලෙස ඉවසන්නට මේ මිනිසුන් පුරුදු වූයේ, තම දරුවන්ටවත් යහපත් අනාගතයක් උදාවනු දකිනු රිසියෙනි. නමුත් සිදු වූයේ කුමක්ද? සියල්ල කැරකී ගියේ අනෙක් පසට බව අවසන් පදයෙන් ඔහු දනවයි. රිදුම් දෙන දෑතේ කරගැට වලට අප පවන් සලන්නේ දෙතොලින් පිඹිමිනි. නමුත්, අදෝමැයි, ඔහු ගේ දෑතේ කරගැට, ඔහු ගේ දෙතොලට පවන් සළයි!!!!! සිදු වූ දේ පිළිබද ව මේ උපමාව, අතිශය සියුම් එකකි. එහි සියුම් බව නිසාම දෝ, එය ගෝචර වූයේ ද ශ්‍රාවකයන් අතලොස්සකට ම පමණි.[/FONT]

    [FONT=&quot]අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා[/FONT]
    [FONT=&quot]රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා[/FONT]
    [FONT=&quot]මැති උතුමන් නමින් පාරෙ අගුළු ඇරෙනවා[/FONT]
    [FONT=&quot]පාර අයිනෙ අපි හැමදා........[/FONT]
    [FONT=&quot]බලා ඉන්නවා...........!!!!!!!!!!!!!!![/FONT]

    [FONT=&quot]අවසන දී තුට්ටු දෙකට විකිනුණ ශ්‍රමය, සංවර්ධනයේ සියළු ම ප්‍රතිලාභ ලබා දුන්නේ කොන්ත්‍රාත් කරුවනට සහ ඒ සංවර්ධනය මුවාවෙන් බඩ වඩා ගැනීමේ ව්‍යාපාරයක නිරත වූ දෙස්පලුවන් ම බව, සපුතන්ත්‍රී මේ කියන්නේ අතිශය සියුම් සැතක් ශ්‍රාවකයා ගේ හද තුළට කිදිමිනි. අපේ ශ්‍රමයද, අපේ දහඩිය ද, ගල් සහ තාර වී මග සැදුවද, එහි ප්‍රතිලාභය ලබන්නෝ, තම නමින් පාරේ නම දමා ගත් දෙස්පල්ලන් ම බව ද, මේ රටේ ඡන්දදායකයාට සදා සිදුවන්නේ, “පාර අයිනේ බලා සිටීම” පමණක් ම වන බවද, රචකයා කියන්නේ “ගීතයක මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ සිය ශ්‍රාවකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමය” යන වගකීම මැනවින් ඉටුකර ලමිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගීතයට යොදා ඇති රෝහණ ගේ සංගීතය, මේ ගීතය ශ්‍රවනය කරන ශ්‍රාවක සිත් තුළ දැඩි අනුකම්පාවක් ජනනය කරන ස්වර මාලාවක්ය ඇසෙන්නේ. එය මේ ගීතයේ අරුත තවත් තීව්‍ර කරන්නක් බවය, මගේ හැගීම.[/FONT]
     
    Apr 25, 2012
    30
    2
    0
    "පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
    හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
    නුරාගික පැතුම් පිපාසිත සිතුම්
    මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්"

    හොඳින් කියවල බලන්න මේ කියන ඔක්කොම දෙවල් වෙලා තියෙන්නේ "මන මන්දිරයේ" නේද???

    "නියාළුව හදින් පියා නෙතු පියන්
    යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
    මුදා නිදි දැහැන් එබී ලෙන් දොරින්
    අරාජිත පරාදීසය සොයා එමි සිතින්"

    මේ පද පේලියෙත් ඔක්කොම වැඩ කරන්නේ හිතින්...

    "අරා සිරියහන් නිදා වැතිරෙමින්
    සරා සලෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
    සුරා මල් පැණින් පොඟා යුග ලවන්
    පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්"

    එහෙම දැක්මකින් මේ ගීතය දෙස බැලුවහම මට හිතෙන්නෙ,
    තනිකමින් පිරුනු තරුණයෙක් ස්වයං වින්දනයක යෙදෙනවද නේද කියලා ;-)

    "පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්"
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෝමාන්තික ඔපෙරාව - The Romantic Opera ගැන ලියැවුනු කොටස නම් ඉතාම වටිනව කිඹුලයියා..
    !!

    ow ow penawa :lol:

    රෝමාන්තික ඔපෙරාව=XB :lol::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ow ow penawa :lol:

    රෝමාන්තික ඔපෙරාව=XB :lol::rofl:
    තරියට ඔපෙරා සහ රොක් දිරවන්නේ නැති පාටයි!!!:baffled:
    නමුත් පිටස්තරයයි -රෝමාන්තික ඔපෙරාවයි අහල බලපං. අහසට පොළව ව‍ගේ...නමුත් රසය කොහොමද කියලා!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියට ඔපෙරා සහ රොක් දිරවන්නේ නැති පාටයි!!!:baffled:
    නමුත් පිටස්තරයයි -රෝමාන්තික ඔපෙරාවයි අහල බලපං. අහසට පොළව ව‍ගේ...නමුත් රසය කොහොමද කියලා!!!

    sirawata rock dirawanne na :yes: habai umba kiyapu kasun ge sinduwe (nube datha diyan mata) gathiyak thibe :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sirawata rock dirawanne na :yes: habai umba kiyapu kasun ge sinduwe (nube datha diyan mata) gathiyak thibe :yes:
    නුමෙ දෑත දියන් මට රොක් නෙවෙයි බං. ඒක ෆෝක් සහ ගොස්පල් මික්ස් එකක්. කොටින් ම පර්යේෂණ මට්ටමේ ක්‍රියේෂන් එකක්.
    පිටස්තරයා වැටෙන්නේ ගොතික් රොක් ගනයට. අර පරල වෙලා කෑගහන මට්ටමේ රොක් වලට නෙවෙයි.
    හාඩ් රොක් නම් මට ද දිරවන්නේ නැත.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නුමෙ දෑත දියන් මට රොක් නෙවෙයි බං. ඒක ෆෝක් සහ ගොස්පල් මික්ස් එකක්. කොටින් ම පර්යේෂණ මට්ටමේ ක්‍රියේෂන් එකක්.
    පිටස්තරයා වැටෙන්නේ ගොතික් රොක් ගනයට. අර පරල වෙලා කෑගහන මට්ටමේ රොක් වලට නෙවෙයි.
    හාඩ් රොක් නම් මට ද දිරවන්නේ නැත.

    :baffled::baffled: ee unta ban eke ridmaya wediy wage..hitu romantic opera eka ahanawa :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    [FONT=&quot]මහා සම්ප්‍රදායේ සංගිත ආකෘතියකින් පෙරා එවන අනුරාගයේ අසීමිත වූ අනන්තය.......................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රෝමාන්තික ඔපෙරාව[/FONT] - The Romantic Opera
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]සද දිය දහරාවේ[/FONT]
    [FONT=&quot]පෙගෙන ළැම බෙයද[/FONT]
    [FONT=&quot]නග්න තලාවේ මතු වෙන්නේ[/FONT]
    [FONT=&quot]ඔබෙ සියුමැලි සිරුරේ[/FONT]
    [FONT=&quot]උමතු ආලිංගනයයි[/FONT]
    [FONT=&quot]සිහිනේ උමතු නිම්නේ[/FONT]
    [FONT=&quot]මා හුදකලාවෙ නොහෙලා[/FONT]
    [FONT=&quot]ආදරේ දෙවගන [/FONT]
    [FONT=&quot]සදහට ම එකට[/FONT]
    [FONT=&quot]එක ආදරයක[/FONT]
    [FONT=&quot]එක මිහිරියාවක[/FONT]
    [FONT=&quot]ගිලි රගන්න එනු මැන[/FONT]
    [FONT=&quot]පියුම් මතින්..........
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]


    ෆට්ට කික්ය !! :shocked: චා මැක්ස් කියල හිතුවේ !! :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::baffled: ee unta ban eke ridmaya wediy wage..hitu romantic opera eka ahanawa :rofl:
    ඒකට හේතුව යක් බෙර -ගැට බෙර වලින් තානය-Tone-උස් එකක් වීම. අනික ඔය බටනලාවෙන් ඔය ගීතයෙදී ගහන්නේ තොවිල්වල එන අබින පදයෙ කොටසක් පොඩ්ඩක් වෙනස් කරලා.......
    අපේ බෙර කොහොම ගැහුවත් අපිව නැටවෙනව බං....ඒ අපි සිංහල නිසා.......:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆට්ට කික්ය !! :shocked: චා මැක්ස් කියල හිතුවේ !! :(
    පුතිපත්තියක් ලෙස චා-මැක්ස් ගීත විචාරයට බදුන් නොකරමි!!!!!!!!!:dull:
    විචාරය කරන්නේ කුමන හෝ දෙයක් ගන්නට ඇති ඒවා පමණි.......!!!!:D
    ඔය වගේ ම පිටස්තරයා අහල බලපං......තව රැඩිකල් ප්‍රේමය...........ඔබට මතකද තවම.............මේ හීනයේ.............
    ඔය ගීත පිළිවෙලින් ගොතික් රොක්,හෙවි මෙටල්, සිම්ෆනි ඔකෙස්ට්‍රල් සහ කැලිප්සෝ සම්ප්‍රදායන් වලට අයිති ඒවා.....
    කසුන් ගේ සංගීත අධ්‍යාත්මය කොයි තරම් පුළුල් ද කියල උඹට තේරෙයි.............
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකට හේතුව යක් බෙර -ගැට බෙර වලින් තානය-Tone-උස් එකක් වීම. අනික ඔය බටනලාවෙන් ඔය ගීතයෙදී ගහන්නේ තොවිල්වල එන අබින පදයෙ කොටසක් පොඩ්ඩක් වෙනස් කරලා.......
    අපේ බෙර කොහොම ගැහුවත් අපිව නැටවෙනව බං....ඒ අපි සිංහල නිසා.......:yes::yes:

    :yes: bonna ona prashnayak :rofl: dan bonne nane ekai prashne :baffled::(