ලොව විශාලතම අහස් යන්ත්‍රය

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලොව විශාලතම අහස් යන්ත්‍රය

    කට්ටියම Title එක දැක්ක ගමන් හිතන්න ඇත්තේ මම මේ කියන්න යන්නේ Airbus A380 එක ගැන හරි Antonov An-225 එක ගැන හරි කියල.......:D :D

    ඇත්තටම ලෝකේ මෙතෙක් හදල තියෙන විශාලතම අහස් යන්ත්‍රය ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි කිව්වම ඕගොල්ලෝ පුදුම වෙන්නත් ඇති. දැන් මම කියන්න යන එක දැකල ඊටත් වඩා පුදුම හිතෙයි.....:yes: :yes:

    මේක හදන්න පටන් අරන් තියෙන්නේ 1931 දී :shocked: :shocked::yes: 1936 දී තමයි වැඩ අවසන් කරල තියෙන්නේ. මේක ජර්මන් නිෂ්පාදනයක්. නම Hindenburg. ඒ නම දාල තියෙන්නේ ජර්මනියේ හිටපු ජනාධිපතිවරයෙක් වෙන Paul Von Hindenburg ට ගරු කිරීමක් වශයෙන්....:)

    Paul Von Hindenburg

    34969-004-17FA912B.jpg


    මෙන්න තියෙනවා ලෝකේ මෙතෙක් හදපු විශාලතම අහස් යන්ත්‍රය....


    The Hindenburg

    Hindenburg.jpg


    දිග අඩි 804ක් (මීටර් 245 ක්). පළල අඩි 135ක් (මීටර් 41ක්). පරිමාව ඝන අඩි මිලියන 7ක් (ඝන මීටර් 200,000ක්).



    hindenburg-2.jpg


    ලෝකේ හදල තියෙන විශාලතම ගුවන් යානාත් එක්ක සංසන්දනය කරනකොට මේ අහස් යන්ත්‍රයේ විශාලත්වය හිතා ගන්න පුළුවන්නේ......


    1000px-Giant_Aircraft_Comparison.svg.png


    ලෝකේ විශාලතම නැව Costa Concordia, Titanic නැව, ලොව විශාලතම ගුවන් යානයක් වන Boeing 747සහ Hindenburg හි දල පරිමාණයට ඇඳපු රූපයක්


    graphic0123.jpg



    මේක මුලදී ගිනි නොගන්නා සුලු වායුවක් වන Helium වලින් පිරවීමට සැලසුමි කරල තිබ්බත් එවකට ලෝකේ තිබ්බ එකම Helium නිධිය තිබූ ඇමරිකාව Helium ලබාදීම ප්‍රතික්ශේප කිරීම නිසා අවසානයේදී ඉතා ගිනිගන්නා සුළු වායුවක් වන Hydrogen වලින් පිරවීමට සිදුවුනා. ඊට අමතරව ගමන් කිරීම සඳහා සිලින්ඩර 16 යේ අශ්වබල 1300 ක Mercedes Benz ඩීසල් එන්ජින් 4ක් ද සවිකර තිබුනා. උපරිම වේගය පැ.කි. 135 ක්. මෙහි ඇතුළත ඉතා සුඛෝපහෝගී ලෙස නිමවා තිබූ අතර වරකට 125ක් පමණ (කාර්ය මණ්ඩලයත් සමග) ගමන් කිරීමේ හැකියාවක් තිබුනා. විශෙෂත්වය වුනේ නැවත ඉන්ධන පිරවීමකින් තොරව ඉතා විශාල දුරක් ගමන් කිරීමේ හැකියාවයි.

    අවසාන ගමන මාර්ගය

    hindenburglandingpatter.jpg


    1937 මැයි 6 වන දිනය එළඹුනා. එදින ඇය 36 වන වතාවට අත්ලාන්තික් සයුර තරණය කර ජ‍ර්මනියේ සිට ඇමරිකාවට පැමිණියා. නමුත් අයහපත් කාළගුණය හමුවේ ප්‍රමාද වී පැමිණි යානය ගොඩ බෑමට ඔන්න මෙන්න කියා තිබියදී ගිනි ජාලාවකින් වැසී ගියා :shocked::(:(

    burningwithmast.jpg


    hindenburgdisasterhullb.jpg



    burning-on-ground.jpg


    එම අවාසනාවන්ත අවස්
    ථාවේ සජීවී වීඩියෝ ද‍ර්ශන



    කඩා වැටීමට හේතුව ගෑස් කාන්දුවක් කියල තමයි අන්තිමට හොයාගෙන තියෙන්නේ. ගිනි ගන්න අවස්ථාවේ යානය තුල 97 දෙනෙක් ඉඳලා තියෙනවා. ඉන් 62 දෙනෙක් දිවි බේරාගැනීමට සමත්වී තිබෙනවා.

    Hindenburg යානය කඩා වැටුනු ස්ථානය වර්තමානයේදී

    hindenburg2.jpg


    මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ මේක ගැන විස්තරයක් Discovery Channel එකේ යනව දැක්කට පස්සෙයි (එතකන් මාත් හිතන් හිටියේ Antonov An-225 එක තමයි විශාලතම යානය කියල). ගොඩාක් වෙබ් අඩවිවලට ගිහිල්ල තමයි විස්තර හොයාගත්තේ. හැමෝගෙම දැනුමට අමතර දෙයක් එකතු වෙන්න ඇති කියල හිතනවා.....:) :)
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    • Like
    Reactions: gayankuwait

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ජර්මන් Nazi කාරයෝ මේ තරම් දැනුම ගත්තේ Channeling කියලා Method එකකින්ලු.
    මේ video එක බලන්න. මේකේ ඉන්නේ බෞද්ධ ධර්මය උගන්වන කැනේඩියන් කාරයෙක්.
    මේ video එකේ මේ ගැන විස්තර කරලා ඇති. මේ Channeling ක්‍රමයෙක් කරන්නේ ඉහළ තළ වල ඉන්න
    ජීවින් සමග සන්නිවේදනය කරන එකයි. Nazi මේක සාර්ථකවම කරලා දැනුම අරගෙන තියෙනවා කියලයි කියන්නේ. මේ ඉහළ තල වල ඉන්න ජීවින්ට තමයි දෙවිවරු කියලා කියන්නේ.

    http://www.youtube.com/watch?v=AkNVP0IPiIo
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ජර්මන් Nazi කාරයෝ මේ තරම් දැනුම ගත්තේ Channeling කියලා Method එකකින්ලු.
    මේ video එක බලන්න. මේකේ ඉන්නේ බෞද්ධ ධර්මය උගන්වන කැනේඩියන් කාරයෙක්.
    මේ video එකේ මේ ගැන විස්තර කරලා ඇති. මේ Channeling ක්‍රමයෙක් කරන්නේ ඉහළ තළ වල ඉන්න
    ජීවින් සමග සන්නිවේදනය කරන එකයි. Nazi මේක සාර්ථකවම කරලා දැනුම අරගෙන තියෙනවා කියලයි කියන්නේ. මේ ඉහළ තල වල ඉන්න ජීවින්ට තමයි දෙවිවරු කියලා කියන්නේ.

    http://www.youtube.com/watch?v=AkNVP0IPiIo

    :shocked: :shocked:
    එතකොට මචන් මේ තාක්ෂණය නාසින්ගේ අවසානයත් එක්ක වැලලිලා ගියාද????


    thanks macho...


    කෝරලේමහත්තයා;12856286 said:
    patta machan...rep+

    thanks machanla.... :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං.. ගොඩක් වටින ලිපියක්.. ඉස්සර මුතුහර සගරාවෙ මේ ගැන ලිපියක් පළවෙලා තිබුණා වගේ මතකයි..:yes:
     
    • Like
    Reactions: ncpasan