අපේ රටේ පොඩි එකාගේ ඉඳලා ගත්තම ක්‍රිකට් එක්ක තියෙන්නේ පුදුම බැඳිමක්. අවුරුදු එකහමාරේ දෙකේ පොඩි එකා පවා ප්ලාස්ටික් කොට බැට් එකයි ප්ලාස්ටික් බෝලෙයි අරං සෙල්ලම් කරන එක අපේ රටේ ගෙවල් වල සුලභ දර්ශනයක්. අවුරුදු එකහමාරේ දෙකේ පොඩි එකාට පවා දැනෙන ක්‍රිකට් වලට අපේ රටේ උං උපන් හපන්නු වෙන එක පුදුමයක් නෙමෙයි.
ඔය කොට ප්ලාස්ටික් බැට් එකෙං පටන් ගන්න අපේ පොඩි උංගේ ක්‍රිකට් ලෝකයට ටැනිස් බෝලෙටයි,ලී බැට් එකයි හොඳ හයියක් වෙනවා. ලී කෑල්ලක් බැට් එකක් විදියට කපාගෙන අත හම යනකං ඒකෙන් ටැනිස් බෝලෙකට තඩි බානවා. ඔය අතරේ තමා ගෙදරට කොහොම හරි කුනු කුනු ගාලා බැට් එකක් කඩේකින් ගන්නේ. ඒත් අපේ උන්ට තියෙන දාංගලේ හැටියටයි ගහන පොල් අඩි පාරවල් වල හැටියටයි බැට් එකක් උපරිම මාසයයි. මාසෙන් එක්කෝ මිට අතේ තියෙන්න බැට් එක කැඩිලා යනවා. ඒ නැත්තම් බැට් එක දෙකට පැලිලා බාගයක් වෙන් වෙනවා. බැට් එක පැලිලා බාගයක් වෙන් උනොත් එක ලක් එක. එක කෑල්ල තමා පිල් බෙදිලා ක්‍රිකට් ගහනකොට බයි රන් කරන්න නැත්තම් දෙපැත්ත බැට් කරනකොට දුවන්න එහෙම පාවිච්චි කරන්නේ. බැට් එකක් හදා ගන්න ඕන උනාම අවට පරිසරයේ බැට් එකේ හැඩයට ගොඩාක්ම සමාන දේ තමා පොල් පිත්ත. පොල් පිත්ත මන්න පිහියක් අරගෙන කොටල කොටලා බැට් එකක හැඩේකට කපාගන්නේ අපේ පොඩ්ඩෝමයි. පොල් කීරි වලට අත් තුවාල වෙන වෙලාවල් අනන්තයි. ඒත් උන් ඒවා තඹ සතේකට මායිම් කරන්නේ නෑ.
අපේ පොඩ්ඩොන්ට ටැනිස් බෝලයක් කියන්නේ මසුරන් වටිනවා. කොහොම හරි රුපියල දෙක ගෙදරින් එකතු කරලා මදි පාඩුවට අම්මට හරි තාත්තාට හරි ඇවටිලි කරලා ටැනිස් බෝලයක් අරගන්නවා. ඊට පස්සේ බෝලේ තියෙන බූල් ටික පුච්චලා හොඳ ටැනිස් කට්ටක් විදියට හද ගන්න තාක්ෂනේ අපේ පොඩ්ඩෝ ගාව තිබුනා. ඔය ටැනිස් බෝලේ පැලුනම බැට් එක පැලුනට වඩා දුකක් පොඩි උන්ගේ හිත් වලට ඇති වෙන්නේ. ආයේ ඉතිං කීය කීය හරි එකතු කරලා ටැනිස් කට්ටක් ගන්න එපැයි. ටැනිස් බෝල වලට වඩා ගනන් අඩු ඊගාව ඔප්ෂන් එක තමා රබර් බෝලේ. බප්ම් වෙනකොට බොග් ගාල සද්දයක් එන රබර් බෝලේ දෑත බදලා ගහන්න ඕන. ඒ ගැගුවත් වැඩිය අදින්නේ නෑ. ඒත් ටැනිස් බෝලයක් නැතිකම නිසාම පොඩ්ඩෝ රබර් බෝලෙන් සෙල්ලම් කරන්න පෙලඹවෙනවා. රබර් බෝලෙ ගන්නත් සල්ලි නැති උනාම තමා ප්ලාස්ටික් බෝලේ ඕන වෙන්නේ. ගල්ටික් ප්ලාස්ටික් බෝලේ නිකං ප්ලාස්ටික් බෝලෙට වඩා රුපියලක් දෙකක් ගනන් වැඩියි. ප්ලාස්ටික් බෝල ගන්න ගියාම බෝල තෝරන එක වෙනම දක්ෂතාවයක්. බෝල තෝරන්න අපේ පොඩි උන් උපන් හපන්.
ඔය ප්ලාස්ටික් බෝලේ හරි ගල්ටික් ප්ලාස්ටික් බෝලේ හරි පැලිච්ච දවසට කිසිම හව් හරනක් අපේ පොඩි උන්ට නෑ. එතකොට තමා ගල් කැටයක් අරගෙන ඒක වටේට කඩදාසි කොළකීපයක් ඔතලා රබර් පටියක් දාලා ඒකෙන් ක්‍රිකට් ගහන්න පටන් ගන්නේ. (ගමේ නම් ඔට්ටපාළු බෝල තියෙනවා. කොළඹ මොන ඔට්ටපාලුද)
ඔය ගහන ක්‍රිකට් මැච් වලින් 80%කම එක පැත්තක විකට් එක වෙන්නේ ගඩොල් ගල් දෙකක්. අනෙක් පැත්තේ විකට් එකට එක ගඩොල් ගලක් තියෙනවා. රන් අවුට් එකකට ගල් පාගාගෙන බෝලය අතට ගැනීම ප්‍රමානවත්. ඔහොම ගිහින් ටික කාලෙකින් අපේ පොඩි උන්ට තාක්ෂනික බුද්ධිය පහල වෙනවා. ගේ වටෙයි අහල පහල ගෙවල් වලයි ඇවිදලා හොයා ගත්ත පරණ කොසු පොලු තුනක් උල් කරලා හිටවලා තමා ඊට පස්සේ විකට් එකට ගන්නේ. කනාවට වගේ තව එකක් තිබුනොත් බෝල් කරන පැත්තේ විකට් එකට එක පොල්ලක් විතරක් හිටෝනවා.
ගේ අහල පහල පොඩි පිට්ටනි කෑල්ලක් නැති නම් මහපාර තමා පොඩි උන්ගේ ක්‍රිකට් ජීවිතේ ආරම්භය. පාරේ ක්‍රිකට් ගහනවා කියන්නේ අමුතුම ගේමක්. අහලපහල ගෙවල්, පාරේ යන වාහන වගේම මිනිස්සුන්වත් බේරගෙන මැච් එක ගහනවා කියන්නේ වර්ල්ඩ් කප් ෆයිනල් එක වගේ පීඩනයක් අපේ පොඩි උන්ගේ කරපිට තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ගෙදරකට ගැහුවොත් අවුට්ම තමා. ඔය ඉඩකඩ ප්‍රශ්නේ නිසාම අපේ පොඩ්ඩෝ හදා ගත්ත නීති රීති මාලාවකට යටත් වෙලා තමා පාරේ වගේම ගෙවල් වලත් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. වතු අවුට්, ගස් කැච් අවුට්, වහලවල් වලට ගැහුවොත් අවුට්, කීප් රන්ස් ඔට්ටු නෑ ඔන්න ඔය වගේ දේවල්.
ඒ වගේම ලාස්ට් මෑන්ට චාන්ස් තියෙනවා,එක්කෙනෙක් අඩු නම් බඩේ කුට්ටි,කීපර් අම්පයාර් දාන්න ඕන ගහන පැත්තේ අය,තනි තනියම ගහනවා නම් ඉරි අල්ලලා ගහන්නේ, ඊට පස්සේ වැඩි ලකුණු පිළිවෙලට බැට් ඔන්න ඔය වගේ නීති මාලාවක් එක්ක තමා අපේ පොඩි අය ක්‍රිකට් ජීවිතය ගෙවන්නේ.
සෙල්ලම් කරන්න කවුරුත් නැති පොඩි එකාගේ තත්වය අන්ත සෝචනීයයි. එහෙම කියලා ක්‍රිකට් අතාරින්න අපේ පොඩි උන් සූදානම් නෑ. ඌට අවශ්‍ය වෙන්නේ බෝලයක්, බැට් එකක්, තාප්පයක් හෝ බිත්තියක් පමනයි. බෝලේ තමා විසින්ම තාප්පයට දමා ගහලා නැවත බම්ප් වෙලා තම වෙත එන බෝලෙට බැට් එකෙන් පහර දෙමින් ක්‍රිකට් සෙල්ලම් කරන්න අපේ පොඩි උන් හරි දක්ෂයි.
ඔය විදියට ගෙවීගෙන යන අපේ පොඩි උන්ගේ ක්‍රිකට් ජීවිතය වයස වැඩීමත් එක්ක අපේ පාරෙ සැට් එකයි එහා පාරෙ සැට් එකයි,අපේ ස්කීම් එකයි වෙන ස්කීම් එකකුයි, සය සමාජික තරඟ වගේ දේවල් එක්ක වැඩෙන්න පටන් ගන්නවා. ඔය අතරේ කීප දෙනෙක් ඉස්කෝලේ ප්‍රැක්ටිස් යනවා. ඒ අයගෙන් අහගෙන තව අය තම තමන්ගේ පාසල් වල ප්‍රැක්ටිස් යන්න පටන් ගන්නවා. පහලවෙන් පහල, දාහතෙන් පහල, දහනවයෙන් පහල සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. පාසල් ක්‍රිකට් සීසන් එකේ උපරිම ලකුණු ප්‍රමානයක් ලබා ගන්න, උපරිම විකට් ගනනක් කඩා ගන්න තමා දැං ට්‍රයි එක. පාසල් ජිවිතේ උච්චතම අවධිය පාසලේ බිග් මැච් එක. බිග් මැච් එක අවුරුදු දෙකක් සෙල්ලම් කරන්න ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. තුනක් ගහන්න ලැබෙනවා කියන්නේ ඊටත් වඩා ලොකු ගැම්මක්. ඔය අතරේ බිග් මැච් එකේ කැප්ටන් කරන්න, පනහක් හරි සීයක් හරි ගහන්න ලැබෙනවා කියන්නේ ලොකු අවස්ථාවක්.
බිග් මැච් එකෙන් හයිලයිට් වෙන ක්‍රීඩකයන්ට ක්ලබ් වලින් ආරාධනා ලැබෙනවා. සමහරුන්ට රැකියා වරම්ද සමඟින්. කාලයක් ඔහොම ආයතන වලට, ක්ලබ් වලට ක්‍රීඩා කිරීමෙන් උපරිම දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන්ට අන්තර් ජාතික මට්ටමට යන්න අවස්ථාව ලැබෙනවා. කොට ප්ලාස්ටික් බැට් එකෙන් ක්‍රිකට් ගහන්න පටන් ගත්ත දවසේ පොඩි එකාගෙ සිහිනය එයයි. ලංකාවේ ටීම් එකට ගහන්න.
ක්‍රිකට් කියන්නේ ඒ කාලේ සුද්දගේ ක්‍රීඩාව. මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලයි කීවේ. කොහොම හරි සුද්දගේ යටත් විජිතයක් වෙලා තිබුනු අපේ රටට වගේම තවත් ආසියාවේ රටවල් කිහිපයකටත් සුද්දා නිසා ක්‍රිකට් උණ බෝ උනා. මෙහෙම ක්‍රිකට් ගහන්න පටං ගත්ත අපේ ඈයෝ අන්තිමට සුද්දටත් කරේ තියං ගහන සයිස් එකටම ආවා. 1996 අවුරුද්දේ කවුරුත් හිතුවේ නැති විදියට ලෝක කුසලානය අපේ රටට හම්බ උනා. ඒ වගේම 2007 අවුරුද්දේ අනුශූරතාවය ලැබුනා. 2011 වසරෙත් අනුශූරතාවය අපිට ලැබුනා. මම උඩින් කියලා තියෙන දේවල් ගොඩක් ඔයලාගේ ජීවිතයටත් සම්බන්ධ ඇති. ඒ විදියේ ආශාවක්, උත්සහයක් තියෙන අපේ ශ්‍රී ලාංකිකයන් සුද්දාගේ ක්‍රිඩාවෙන් සුද්දා පරද්දන්න තරම් දක්ෂ උන එක අරුමයක් නෙමෙයි.
ගිය දේ ගියා. 2011 අපි හැමෝම බලාපොරොත්තු තියං හිටිය ලෝක කුසලානෙ අපිට අහිමි උනා. ඒත් අපිට තව අවස්ථාවක් මේ අවුරුද්දේ ලැබිලා තියෙනවා. ඒ සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ වෙන විස්සයි විස්ස ලෝක කුසලානය.
විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් අපි එකතුවෙමු.