ලොව ලොකුම මස්‌පිඬු ඇති
නූගත් යෝධයෝ
ඔවුන් හැම දෙනෙක්‌ම පාහේ අඩි 6 කට වඩා උස මිනිස්‌සුය. එපමණක් නොව ලොව විශාලතම මස්‌පිඩු සහිත මනුෂ්‍ය ගෝත්‍රය මේ මිනිසුන් බව කියනු ලැබේ. දුරදිග කල්පනා කිරීමට තරම් බුද්ධියක් නැති නිසා කියන පරක්‌කුවෙන් මිනී මැරීමට හෝ මිනිහකු පාගා තදකර අතපය හෝ ඉළඇට බිඳ දමා මැරීමට ඔවුන් සූදානම් ය. අප මේ කියන්නට යන්නේ සිරියාවේ සිටින ෂාබිහා නමැති ගෝත්‍රය ගැනය. ෂාබිහා යනු අරාබි භාෂාවෙන් දාමරිකයාට කියන නමය. මේ ගෝත්‍රයට මුලදී නමක් නොතිබුණත්, ෂාබිහා යන නම ලැබුණේ ඒ ගෝත්‍රයේ හැම දෙනාම දාමරිකයන් වන බැවිනි. ඔවුහු මේ දිනවල වැඩ කරන්නේ සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් වෙනුවෙනි. අසාද්ට විරුද්ධව එන ඕනෑම කෙනෙකු තලා මරා දැමීම ඔවුන්ගේ සිරිතය. ඔවුහු වැඩිපුර ආයුධ පාවිච්චි නොකරති. ශක්‌තිමත් බාහුව ඔවුන්ගේ ආයුධයයි.
ෂාබිහාවරුන්ගේ ලෝකය මෑතක් වනතුරුම තිබුණේ අඳුරු ගැබක් තුළය. ඔවුන් සිටින බව මිනිසුන් දැන සිටි නමුදු ඔවුන් එළියට ආවේවත් සාමාන්‍ය මිනිසුන් සමඟ ගනුදෙනු කළේවත් නැත. එහෙත් සිරියාවේ අද පවත්නා ප්‍රචණ්‌ඩ තත්ත්වය තුළ ඔවුන්ට විශාල තැනක් තිබේ. මීට දෙසතියකට පෙර ෂාබිහාවරු කණ්‌ඩායමක් අසාද් ට විරුද්ධව සටන් පාඨ කී සාමාන්‍ය මිනිසුන් 108 දෙනකු හවුලා නමැති නගරයේදී එක රොත්තට මරා දැමීය. ඉන් පසු ඒ නගරයේ ගෙයක් ගෙයක් ගානේ ගිය ඔවුහු තවත් මිනිසුන් සොයා මැරූහ. එසේ මළ අය අතර ළමයි 49 දෙනෙක් ද වූහ. ෆැක්‌ටරියකින් සේවකයන් ගෙන යන බස් රියක් මගදී නැවැත්වූ ඔවුහු බැලූ බැල්මට අසාද්ට අපක්‍ෂපාත යෑයි සැක කෙරෙන පුද්ගලයන් 12 දෙනෙක් එළියට ඇද එක පහර බැගින් දී මැරූහ. අසාද් බලයේ හිටියොත් තමන්ටත් ජීවත් වන්නට ලැබෙන බවට ෂාබිහාවරුන්ට අදහසක් කවා තිබේ. මේ නිසා ඔවුහු අසාද්ගේ පාලනය රැක දීමට දිවි හිමියෙන් කැපව සිටිති.
ෂාබිහාවරුන්ගේ ප්‍රචණ්‌ඩ ක්‍රියා ආරම්භ වුණේ මෙවර සිරියාවේ හටගත් ආණ්‌ඩු විරෝධී කැරැලිවලදී පමණක් නොවේ. ඊට පෙරත් රටේ විවිධ තැන්වල ඇති වූ නොසන්සුන්තා වලදී පාරට බසින ෂාබිහාවරු මිනිසුන් අල්ලා පොළොවේ ගසමින් කලබල නිමාවට පත් කළහ. ඉරාක ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පවුල ෂියා මුස්‌ලිම් පවුලකි. ෂාබිහාවරුන් ද ෂියා මුස්‌ලිම්වරු වෙති.
ෂාබිහා දාමරිකයන් සැරසී සිටින්නේ සාමාන්‍ය මිනිසුන් ලෙස ය. ඔවුන්ගේ ඇඟ පුරා අසාද්ගේ රූප පච්ච කොටා ඇත. ඔවුන් පාරට බැස සාමාන්‍ය මිනිසුන් අතර සිටින විට සුවිශාල යෝධයන් ලෙස කැපී පෙනුන ද, සාමාන්‍ය ඇඳුම් ඇඳ සිටීම නිසා පෙනී යන්නේ අසාද්ට හිතවත් සිවිල් ප්‍රජාවක් ලෙසය. සිරියානුවන් කියන්නේ ෂාබිහාවරුන් එරට යුද හමුදාවට වඩා භයානක බවයි.
අද සිටින සිරියානු ජනාධිපති බෂාර් මෙන් ම ඔහුගේ පියා වූ හෙෆ්ස් අල් අසාද් ද නිල නොවන ත්‍රස්‌තවාදී ක්‍රියා සඳහා ෂාබිහාවරුන් යොදා ගත්හ. රටේ සිටින සුන්නි මුසිලිම්වරුන් ගණන ෂියා මුස්‌ලිම්වරුන්ට වඩා අඩුය. මේ නිසා කොයි වෙලේ හෝ ෂියා බහුතරය සුන්නින් සංහාරය කරනු ඇතැයි සුන්නි ගෝත්‍රයට අයත් ෂාබිහාවරුන්ගේ මොළයට කවා තිබේ.
ෂාබිහාවරු සිරියාවේ මුළු ජනගහණයෙන් 12% නියෝජනය කරති. ඔවුහු ඉතිහාසයේ සිටම ෂියා මුස්‌ලිම්වරුන් අතින් අපහරණයට පත්වූහ. සිරියාවේ ලතාකියා නමැති සමුද්‍රාසන්න නගරයේ පැල්පත්වල ඉතා දුගී ජීවිත ගත කරන්නට ඔවුන්ට සිදුවී තිබේ. ක්‍රිස්‌තු වර්ෂ 900 වන තුරුත් ෂියාවරුන් අදහන ඉස්‌ලාම් ධර්ම කොට්‌ඨාසය ඇදහූ ෂාබිහාවරුන් ඉන් පසු එම කොට්‌ඨාසයෙන් ඉවත් වී සුන්නි ආගමට ගියහ. ෂියා ආගමට අනුව යාච්ඥා කිරීමත් උපවාසයත් වන්දනාවේ යැමත් නිෂ්ඵලය. මෙසේ ආගම දෙකඩ වීම නිසා ෂියාවරු සුන්නිවරුන් සමඟ බරපතළ ලෙස විරසක වූහ. මේ විරසකයට බලපෑ ලොකුම හේතුව වූයේ ෂාබිහාවරුන් තමන් අදහන සුන්නි ආගම හරහා ක්‍රිස්‌තියානි ආගමේ ඇතැම් මතවාද ඉස්‌ලාම් ආගම තුළ ද ඇතුළත් කිරීමට උත්සාහ ගැනීම බව ෂියා ආගමිකයන්ගේ මතය විය.
පසු කාලයේදී ජනාධිපති හෙෆ්ස් අල් අසාද් බලයට පැමිණීමත් සමඟ ඔහුගේ ආගමික ගෝත්‍රයට සම්බන්ධ ෂාබිහාවරුන් රටේ දේශපාලන ක්‍රමය තුළ බෙහෙවින් බලසම්පන්න වීමට පටන් ගත්හ. රටේ යුද හමුදාවේ වැදගත්ම තනතුරු ඔවුන්ට ලැබුනු අතර ඔත්තු සේවාවල ප්‍රධානත්වය ද ඔවුන්ට හිමි විය.
දුගී දුප්පතුන් ලෙස ගත කළ අතීතයේදී ෂාබිහාවරු මාෆියා කණ්‌ඩායමක් වූහ. ඔවුන් ජීවත් වූයේ විවිධ අපරාධ මගින් මුදල් ඉපයීමෙනි. අවසානයේදී ඔවුහු බෙහෙවින් පොහොසත් ගෝත්‍රයක් බවට පත්වූහ. ඩීසල්, කිරි ආහාර සහ ඉලෙක්‌ට්‍රොනික් භාණ්‌ඩ දේශ සීමා හරහා බදු රහිතව ප්‍රවාහනය කර දීමට ඔවුන්ට පුළුවන. ඔවුන් ඒ සඳහා අය කරන්නේ බදු මුදලට වඩා බෙහෙවින් අඩු මුදලක් බැවින් ඔවුන් සමඟ ගනුදෙනු කිරීමට ව්‍යාපාරිකයන් ද කැමැතිය. අසාද්වරුන් මුල් කාලයේදී ෂාබිහාවරුන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ දුන්නද පසුව ඔවුන් පාලනය කරගත නොහැකි තරමට ඉහළ යනු ඇතැයි යන සැකය මත පැත්තකට කර තැබීමට තරම් බුද්ධිමත් වූහ. එහෙත් රට තුළ ක්‍රමයෙන් අසාද් විරෝධී ප්‍රචණ්‌ඩ ක්‍රියා ඉහළ යැමත් සමඟම ෂාබිහාවරුන්ගේ ආධාරය ලබා ගැනීමට ජනාධිපති අසාද්ට සිදුවිය. ෂාබිහාවරුන්ගේ සටන් පාඨය මෙසේය. "අසාද් දුක් නොවන්න, ඔබ වෙනුවෙන් ලේ බීමට අපි සූදානම්"
ෂාබිහාවරුන්ගේ නායකයා ලෙස ක්‍රියා කරන්නේ ජනාධිපති අසාද් ගේ මස්‌සිනා කෙනෙකු වන නුමීර් නමැත්තා ය. ෂාබිහාවරුන්ට සාමාන්‍යයෙන් සලකන්නේ තිරිසනුන්ට සලකන ලෙසය. තිරිසනුන්ට ලැබෙන ආහාර වලට අමතරව ෂාබිහාවරුන්ට දෙනු ලබන්නේ කම්සැප සහ ඇඳුම් පමණි. මෙයින් පමණක් තෘප්තිමත්ව කිසිදු අධ්‍යාපනයක් නොලබා මිනීමරමින් ඔවුන් ජීවත් වෙති. එහෙත් එබඳු ෂාබිහා කණ්‌ඩායම් පාලනය කරන ප්‍රධාන ෂාබිහාවරුන් මහත් ධනස්‌කන්ධයක් උපදවති. කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම, හොරබඩු ප්‍රවාහනය ඇතුළු අතට එන ඕනෑම බිස්‌නස්‌එකක් ඔවුහු භාර ගනිති.
ඇඟපත සහ මස්‌පිඬු පමණක් ඇති මොළය තිබුණත් ඉන් වැඩක් නැති මනුෂ්‍ය වර්ගයක් මුහුණ පා ඇති කාලකන්නි ඉරණම ෂාබිහාවරුන් වෙතින් බලාගත හැකිය. මේ මිනිසුන් දියුණු වුණොත් එය සිරියාවේ දේශපාලන නායකත්වයට පාඩුවකි. එබැවින් ඒ නූගත්කම එසේම පවත්වා ගෙන යා යුතුය.
අනුර සොලමන්ස්

Last edited: