හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    11.gif
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    [FONT=&quot]පළමුවෙන්ම මෙවැනි ගී විචාර සංවාදයක් ආරම්භ කරන ලද[/FONT][FONT=&quot] *[/FONT][FONT=&quot]ධනුෂ්ක*[/FONT][FONT=&quot] සොයුරාට හදපිරි ප්‍රණාමය පුදකරමි... ඉන් අනතුරුව එහි දෙවැනි අදියර[/FONT][FONT=&quot] හදවිල කළඹන ගී ජල රේඛා[/FONT][FONT=&quot] ආරම්භ කරන ලද [/FONT][FONT=&quot]දත්කිඹුලා[/FONT][FONT=&quot] සොයුරාණන්ටත් ස්තූතිවන්ත වෙමි....[/FONT]

    [FONT=&quot]මෙහි[/FONT]
    [FONT=&quot]විචාරයන් මුල් හුයට වඩා වෙනස් ආරකින් සිදු කිරීමටයි මා අදහස් කරනු[/FONT][FONT=&quot]ලබන්නේ... හුදෙක් ගී වල ඇති සුන්දරත්වය පමණක් නොව...[/FONT][FONT=&quot] පිළිගත් පද රචකයන් විසින් සිය ගී පදරචනයේ දී කරනු ලබන විවිධ වූ වැරදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩුපාඩු පෙන්වා දීමත් (මා දන්නා තරමින්) මෙහිදී මා විසින් සිදු කිරීමට [/FONT][FONT=&quot]අපේක්ෂා කරමි... මෙහිදී මුලින් විචාර කරනු ලැබූ ක්‍රමයටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඊට එහා ගිය[/FONT][FONT=&quot] දඩබ්බරවූ ක්‍රමයකටත් විචාර කිරීමට මට ඔබ සැමගෙන් අවසර උවමනාය....[/FONT]

    [FONT=&quot]පද[/FONT]
    [FONT=&quot]රචකයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගායකයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංගීතඥයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගීතයන් පිළිබදව මා විසින් පසුගිය හුයෙහි[/FONT][FONT=&quot] විචාරය [/FONT][FONT=&quot]90[/FONT][FONT=&quot]කට ආසන්න ප්‍රමාණයෙකින් වැණුවෙමි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුණ ගැයුවෙමි. එසේ නම් එහි [/FONT][FONT=&quot]ප්‍රතිලෝමයද සිදු කල යුතුයැයි මා අපේක්ෂා කරමි... එබැවින් ගීත කලාවේ වැරදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩුපාඩු පෙන්වා දීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගී පද රචනයේදී පද රචකයින් විසින්ට සිදුවූ වැරදීම් පෙන්වා[/FONT][FONT=&quot]දීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කලින් හුය මෙන් සාම්ප්‍රදායික විචාර හා අපේ හදවතට දැනෙන දේ ලිවීමටත්[/FONT][FONT=&quot] මා අපේක්ෂා කරමි... ඒ සදහා පැහැදිලවම මෙම හුයෙහි හිමිකරු[/FONT][FONT=&quot] දත් කිඹුලාගේ[/FONT][FONT=&quot] අවසරය කලින් හුයෙහි [/FONT][FONT=&quot]*[/FONT][FONT=&quot]ධනුෂ්ක* [/FONT][FONT=&quot]ගෙන් ඉල්ලූ පරිදි නිහතමානීව ඉල්ලමි...[/FONT]

    [FONT=&quot]ආරම්භයක්[/FONT][FONT=&quot]ලෙසට විවිධ සිත් ඇත්තෝ ගීත දකින අයුරු පිළිබද පුංචි උදාහරණයක් දී [/FONT][FONT=&quot]යන්නම්..... මෙම කතාව බන්ධුල නානායක්කාරවසම් නම් මාගේ ප්‍රියතම හා හිතවත් [/FONT][FONT=&quot]ගීපද රචකයා කිහිප විටක ප්‍රකාශකරන ලද්දක්....

    [/FONT]
    [FONT=&quot]බන්ධුල[/FONT]
    [FONT=&quot]නානායක්කාරවසම් මහතා කොළඹ වැඩසටහනකට ගියාලු... ඉතින් ඒ ගියවෙලේ ටිකක්[/FONT][FONT=&quot] මුහුකුරා ගිය පුද්ගලයෙක් ඇවිත් ඔහු හා පිළිසදරක යෙදුනාළු... මෙන්න [/FONT][FONT=&quot]මෙහෙම....[/FONT]

    [FONT=&quot]මම ඔබතුමාගේ ගීත වලට හරිම කැමතියි[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]මම වැඩියෙන්ම කැමති අර උපාසිකාවක් නිසා හාමුදුරුවො සිවුරු අරින ගීතයට..

    [/FONT]
    [FONT=&quot]මොනව[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]මම එහෙම ගීතයක් ලියල නෑනේ... බන්ධුල නානායක්කාරවසම් වික්ෂිප්ත වෙලා කීවලු...

    [/FONT]
    [FONT=&quot]ඇයි නැත්තෙ[/FONT]
    [FONT=&quot]මහත්තයෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදත් මහත්තයගෙ නම කියලම රේඩියෝවේ ගියේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අර කාන්තාවකට සිත ගිහින් [/FONT][FONT=&quot]සිවුරු අරින්නෙ... ඒ වගේ මාතෘකාවක් ගැන මම ඇහුවාමයි... හරි ලස්සනයි[/FONT][FONT=&quot] මහත්තයෝ....

    [/FONT]
    [FONT=&quot]මම හිතන්නෙ ඔබ තුමාට වැරදිලා... මම එහෙම ගීතයක් ලියල නෑ...[/FONT]


    [FONT=&quot]ඇයි නැත්තෙ[/FONT]
    [FONT=&quot]බෝසත් සිත... ඒ කියන්නෙ බෝසතාණන් වහන්සේගෙ වගේ හිත.. ඒ කියන්නෙ මහණ වු[/FONT][FONT=&quot]කෙනෙක්... ඊළගට කියනව උවැසිය... ඒ කියන්නෙ උපාසිකාවනේ.... එතකොට අර පූජාසනේ[/FONT][FONT=&quot] මල් පරවෙනවලු... උපාසිකාව හාමුදුරුවොන්ට බැතිබර වෙලා ඉන්නවාලු.... ඉතින්[/FONT][FONT=&quot] ඒක ලිව්වෙ ඔබ තුමා නේද...[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මෙතනින් එහාට කතාකර වැඩක් නැත[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]ඇත්තය ඒ ගීය ලීවේ බන්ධුල නානායක්කාරවසම්ය..... මෙන්න ගීතය...[/FONT]


    [FONT=&quot]සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්[/FONT]

    [FONT=&quot]මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්[/FONT]

    [FONT=&quot]නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්[/FONT]

    [FONT=&quot]දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං[/FONT]


    [FONT=&quot]බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී[/FONT]

    [FONT=&quot]සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී[/FONT]

    [FONT=&quot]පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී[/FONT]

    [FONT=&quot]නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී[/FONT]


    [FONT=&quot]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]

    [FONT=&quot]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]

    [FONT=&quot]මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී[/FONT]

    [FONT=&quot]එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී[/FONT]


    [FONT=&quot]දැන්[/FONT]
    [FONT=&quot]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT=&quot]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT=&quot]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT=&quot] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT=&quot] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT=&quot]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT=&quot] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT=&quot] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]

    [FONT=&quot]ආරම්භයේදීම දඩබ්බරවීම එතරම් හොද නැත... ඒ නිසා මේසේ පවසමින් සමුගන්නම්... බලන්න මේ පද පේලි දෙක දිහා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]

    [FONT=&quot]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]

    [FONT=&quot]මගෙන් ඔයා මිදිල ගියානම් ඒක ඔයාට මිහිරිනම් මට ඒ ඇති. ඒකම මට සතුටක්....[/FONT]

    [FONT=&quot]හැබැයි ඔයා එක්ක දුක බෙදාගන්න බැරි එක දුකක්....[/FONT]


    [FONT=&quot]මේක[/FONT]
    [FONT=&quot]මොන අපබ්‍රන්සයක්ද... ඔයා හොදින්නම් මට සතුටුයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔයා නැති එකට දුකයි...[/FONT][FONT=&quot] සතුටුයි කියපු කාන්තාව ඊලග පේලියෙ දුකයිලු... සතුටුනම් දුකක් කොහෙන්ද ආවේ...[/FONT][FONT=&quot] දුකනම් සතුටුයි කීවෙ මොන එහෙකටද..[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගී විචාරයෙහි මූලික රීතීන් වලට අනුව[/FONT][FONT=&quot]මේ ගීතය විප්‍රලම්භ ශංගාරී ගීතයකි.. එනම් වෙන්වීමේ වේදනාව ඔස්සේ ඇතිවන[/FONT][FONT=&quot] හැගීම්... එහෙත් විප්‍රලම්භය ඕනෑවට වඩා දෙන්න ගොස් විකාර රූපි හා අරුත්සුන්[/FONT][FONT=&quot]වී ඇත.... නමුත් මෙය ඉතා ගැබුරින් බැලුවහොත් මිස සාම්ප්‍රදායික ගීපද[/FONT][FONT=&quot]විචාරකයෙකුට හෝ රසිකයෙකුට මෙම අඩුපාඩු හසුකරගත නොහැකි මානයේ තිබෙන්නක් බව [/FONT][FONT=&quot]මගේ මතයයි....[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]([/FONT]
    [FONT=&quot]මගේ[/FONT][FONT=&quot]විචාරය හා එකග වන හා නොවන මත තිබෙන්න පුළුවන්... මේ විචාරකයෙකු ලෙසට මා [/FONT][FONT=&quot]මෙම ගීතය දකිණු අයුරු පමණයි.. සිත් රිදීම් ඇතිකරගන්න එපා...)

    [/FONT]
    [FONT=&quot]ඔන්න ආරම්භයේදීම ඉල්ලීමක් කරනවා.. අදහස් දීල යන්න අපිව දිරිමත් වන්න.... තවත් ගීයකින් හමුවෙමු...[/FONT]

    patta post ekak sahoo..... bt oya anthimata kiyana deta mn ekaga na.. mokada thaman aththatama adare karana kena daala gyama thamanta eeka dukak.. eeka loku dukak.. bt thaman adare karana eee kena sathuten nam eka thamanta sathutak.. aththa adaredi ehemai.. bt ara duka dala gya duka eken yatapath wen na.. e sathuta madi ee duka niwa gannna... eya thawamath e adara wanthaya illanawa.. eyawa hoyanawa.. eyata enna kiyanawa.. ekai adahass wela thiyenne kiyalai mata hithenne.. eka wikaara ruupi na;)
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    සුලගට මුසු වූ ලබැදියක ගැන සිතූ සිතුම්


    මදුරන්ග විජේසෙකර අතින් ලියවුණු මෙ පද වැල් වලට කවුරුත් ඇලුම් කල බව නම් ස්තිරයි. ඇත්තටම බොහෝම හෙමින් ගමනක ඇදෙන ගීතය රසිකයාට ඔහුගේ ලෝකයේ තනිවෙලා චිත්‍ර මවාගන්නට ඇති තරම් වෙලාව දෙනවා.. මේ ගීතය විදේශයකදී නිර්මාණය වූ ගීතයක්. මදුරන්ග විජේසෙකර විදෙස් ගත වෙලා ඉන්නකොට ලියවුනු ගීතයක් තමා පසුකාලීනව අපේ සිත් ආකර්ෂනය කරගන්නේ

    සම්ප්‍රදායික විචාර කලාවේ මනෝමය සීමාවන් අතික්‍රමනය කිරීමක්..... නියමයි.

    ලහිරු හා මදුරංග, හැමදාම කියනව වගේ කවදාක හෝ තමන්ගේ සලකුන ලාංකීය සංගීත කලාව තුල නොමැකෙන්නම් අදින්න පුලුවන් දෙන්නෙක් හැබැයි ඒකට ඔය දෙන්නගේ තාරුන්‍ය්යේ නිදහසම පොඩි බාදාවක් වෙලා වගේ.... තව ටිකක් ජීවිතේ ගැබුර දැනුනදාට තවත් වටිනා නිර්මාව බිහිවේවි.......
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    මෙම යුසර් නේම් එකෙන් 2008 සිට ඉන්න කෙනෙක් වන අතර ඊට කලින් virajvithanage යන මාගේ පළමු යුසර් නේම් එකෙන් එලිරියේ සිටියෙමි. දැන් බොහෝ කලක සිට මෙහි ඉන්න බැවින් මෙහි එන යන විවිධාකාර චරිත දැක ඇත්තෙමි... මාගේ රේප් පවර් එකවත් පෝස්ට් කවුන්ට් එකවත් ඉහල නොගියාට මෙහි වන දේවල් පිළිබඳව අත්දැකීම් ඇත. එනිසාම ම පවසන්නේ මෙපමනය්... මෙම නූල සහ මෙහි පළමු නූල එලකිරියටත් ශ්‍රී ලංකා වාසි සමස්ත ඉන්ටෙර්නෙට් ප්‍රජාවටත් ඉමහත් සේවයක් කල බව පමණක් කිව යුතුව ඇත. එනිසා එම සේවය ඔබතුමන්ලාට හැකි නම් ඉදිරියටත් ගෙන යන මෙන් ඉල්ලා සිටිමි...
    බල්ලෝ නම් කොහෙත් බුරයි...
    කඳු නම් කවදත් කෙලින්මයි.....
    මට වඩා හොඳට එයමැයි.....
    දන්නේ උගත් ඔබලාමයි......
    එනිසා මෙය දිගටම කරගෙන යන්න... නමුත් මෙහි විචාර ඉදිරිපත් කරන ඔබලා මෙන්ම මේවා කියවන අපද බොහෝ වෙලාවට සංවේදී සිත් ඇත්තවුන් වන බැවින් දරාගත නොහැකි හැගීම් ඇතිවීම ස්වාභාවිකයි... එවැනි වෙලාවක මෙහි නො ආවත්....මෙය නම් දිගටම තිබිය යුතුමයි........
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    [FONT=&quot]සංස්කෘතිකය සම්මතයෙන් බැටකන නව යුගයේ ප්‍රේමයේ දුක්ඛාන්තය..........

    [/FONT] [FONT=&quot]රැඩිකල් ප්‍රේමය.................[/FONT]

    කසුන් කසුන්ම තමයි............
    කිබුල කිබුලම තමයි............

    කිබුල කෙසෙවෙතත් කසුන්ට ඔන ආත්ම තෘප්තියට නිර්මාන කරනවාට වැඩිය දෙයක් නම් පොඩ්ඩක් කසුන් වෙනස් වෙන්න වෙනවා. තව ට්කක් අම්මා ගිය පාරට ලග පාරකින් ගිහිල්ල පස්සෙ තමන්ගේ පාරක් කපාගන්න වෙනවා. නැත්තම් කසුන් දැන් යනපාරේ දකින දෙතුන් දෙනා එක්කම හැමදාම ඉන්න වෙනවා..........
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    අවසන් විචාර ලිවීමට කාලය එළඹ ඇතැයි මට සිතී තිබේ.......!!!!
    "මං නැතිදා
    මේ රට ඔබටයි,
    ඔබේ යහළුවන්ටයි, යෙහෙළියන්ටයි........."
    -අබේවර්ධන බාලසූරිය-

    හලන්න එපා සස්.......:no:
    අවසන්......:nerd:
    අවසන්............:dull:
    අවසන්.....................:(

    හා...මචං......මම මේ උඹ වරං දෙනකං මයි හිටියෙ මයෙ දෙයියෝ.........
    නැත්තං ඒකත් මාන්දමික වුනොත් සදා සොත්ථි භවන්තුතේ නේ.........!!!!!


    නගන මෙරද සිසි වත පුන් පෝදාට....
    දැක ඔද්දල්ව බලු රැල උඩු බිරුවාට....
    පුන් සිසි රස් කවදා හෝ අඩුවුනිද....
    ඒ සිසි රසින් ලවනත මල් නොපිපේද....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    නගන මෙරද සිසි වත පුන් පෝදාට....
    දැක ඔද්දල්ව බලු රැල උඩු බිරුවාට....
    පුන් සිසි රස් කවදා හෝ අඩුවුනිද....
    ඒ සිසි රසින් ලවනත මල් නොපිපේද....

    තමන් හට නොසමයන් වන කලට.....සම
    මුවින් නොබැණ ඉවසනු සුදන ගරු....කම
    නොමින් කුමුදු විකසිත වනු දැක....දැකම
    විළින් මෙන් තඹුරු මුකලිත වේය.....සැම


    තමන්ට සමාන නොවන අය සමතැන් ගන්නට සුදානම් වන විට කුමුදු පිපෙනු දැක පරව යන නෙළුම් මල් මෙන් යහපත් මිනිසුන් නිහඬ භාවයම රකී.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com



    මම ගොඩක් වෙලාවට අහන සිංදුවක් තමයි රුචිර පරණවිතානයන්ගේ තෙලි තුඩින් විචිත්‍රවත් වූ "බොරළු ඇනෙන පය රිදවන" පද සංකල්පනාවට දීපිකා ප්‍රියදර්ශනියන් ගේ කොවුල් නදින් හැඩ ගැන්වූ මේ ගීතය.
    සමාජයේ කථා බහට ලක් නොවන තවත් එක් රැකියාවක් කරන මිනිස් පිරිසක් ගැන කියවෙන අපූර්ව ගීතයක්.ඝෝශාකාරි සංගීතයෙන් විරහිත වූ හිත නිවන සංගීතමත් ගීතයක්
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    කිඹුලා සහෝදරයට ස්තූතිවන්ත වෙනව මුලින්ම..
    :):):):)
    මෙ මට කොච්චර අහුවත් එපා වෙන් නෑති සින්දුවක්..
    http://www.youtube.com/watch?v=lpiQWABK_mc
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ..!!


    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වෑහිලිහිණි
    එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ..
    දෑස ගිය ඉගිලී..


    ධනවත් කියල හිතන්න පුලුවන් කොල්ලා..කාර් එකකින් යන්ව අත්තේ..යද්දි වෑස්සක් වහිනව..එයා කාර් එකෙ වීඩුරුව පාත් කරල අහස බලද්දී එයට ඉස්සර වුණ දෙයක් මතක් වෙනවා..
    මතුපිට අදහස ඕක..එක බොහෝම සරළව රචකයා ඉදිරිපත් කරනවා මුලින්ම..
    මේ කියන්නේ සමහර විට එයා එයාගේ අතීතය මතක් කරනව..

    අදුරු ලලා
    සෙන්කඩගල වෑස්සේ..
    දිය දහරා
    පාටයි දේදුන්නේ..
    තෙමී තෙමී
    ආදර මදු වෑස්සේ..
    ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ..


    නුවර කියන්නේ අපූරුම නගරයක්..නුවර වෑස්ස දවසක වෑව රවුමේ යද්දි දෙනෙන හෑගීම වෙන කොහෙදිවත් හිතකට එන්නෙ නෑ..
    එතන පෙම්වතුන් දෙදෙනක් නම් ගමන් කරන්නේ.. එ දවස එ දෙන්නගෙ ජීවිතෙ අමතක නොවන දවසක්..
    මේ කොල්ලට ඒ කාලේ දවසක එයගේ කෙල්ල එක්ක එකට වෑස්සෙ තෙමි තෙමී ගියපු විදිය මතක් වෙනව.. ඒත් එයලා අද වෙන් වෙලා..ඒ සුන්දර හෑගීම එයාලට අද විදින්න බෑ..

    මට හිතෙන්නේ කොල්ල දුප්පත් ඒ කාලේ..අදුරු ලලා වෑස්ස වස්සත් දිය දහරා දේදුන්නෙ පටට ලස්සනයි..කෙල්ල නිසා එයගේ ජීවිතේ ආලොකමත් වෙලා..නමුත් මොකක්ද හේතුවකට දෙන්න වෙන් වෙලා අද..

    රිය ඈතුලේ..
    උණුසුම ඔබට දිදී
    නවයි මා
    රිය සක මඩ වතුරෙන්..
    අදත් එදා සිහිවී
    අපේ සබදකම් නෑ රිය සක දන්නේ...


    එදා ඒ වෑස්ස දවසේ එයා දකිනවා කෙල්ල, සමහරවිට තාත්තා එක්ක කාර් එකකින් යනවා..
    කොල්ලා බොහෝම අසරණයි..එයා පෑත්තකට වෙලා මේක බලන් ඉන්නවා..කාර් එක වේගයෙන් එයාව පහු කරන් යනවා..කෙල්ල සමහරවිට බොහොම අසරණව කොල්ල දිහා බලනව ඈති..සමහරවිට කෙල්ල වෙන ආදරයක් හොයාගනද දන්නෙත් නෑ..ඒ ගමන් කරන කාර් එකේ රෝද වලින් පරේ වතුර පාර කොල්ලගේ අගට විසි වෙනවා..
    කොල්ලා හිතනවා.. කාර් එකේ රෝද එයගෙයි මගෙයි අදරේ දන්නේ නෑ.. දන්නවා නම් මෙහෙම මඩ විසිකරන් නෑ මට.,.

    සමහර විට කෙල්ලගේ සමාජ මට්ටම එයාලගේ අදරේ තෙරුම් ගන්න නෑතුව ඈති..ඒක රචකය අදහස් කරනවා ඈති..

    \කොහොම වුනත් මේ ගීතය ලොකු කථන්දරයක් අපිට කියනවා බොහොම සීමිත වචන ටිකකින්... පට්ටම සින්දුවක් මන් අහපු..
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි,
    ගීතයක් අහද්දී හිතට දැනෙන දේයක් වත් ලියල දාමු.
    නැත්තං ටැග් වලින් ම මේක යයි වගේ......
    පුළුවන් වෙච්ච හැම වතාවක ම ඇවිත් මම ගීයක් විදින හැටි දාන්නම්.......

    අර්බුදයක් වෙලාවෙදි මං පිටිපස්සෙන් හිටි සියළුම සොයුරනි, නුඹලාට පින්.
    ඒක පුදුම හයියක්, හිතට.........
    නුඹලා මයි මා එළකිරියට බැද තබා ගන්නා වර පට.........
    :love:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොල්ලනි,
    ගීතයක් අහද්දී හිතට දැනෙන දේයක් වත් ලියල දාමු.
    නැත්තං ටැග් වලින් ම මේක යයි වගේ......
    පුළුවන් වෙච්ච හැම වතාවක ම ඇවිත් මම ගීයක් විදින හැටි දාන්නම්.......

    අර්බුදයක් වෙලාවෙදි මං පිටිපස්සෙන් හිටි සියළුම සොයුරනි, නුඹලාට පින්.
    ඒක පුදුම හයියක්, හිතට.........
    නුඹලා මයි මා එළකිරියට බැද තබා ගන්නා වර පට.........
    :love:
    මාත් සැහෙන හයියක් වුනා... නැද්ද අයියා...:cool:
     
    • Like
    Reactions: dath kimbula