හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මේ කියන විදියට ගමේ හිටපු පෙම්වතුන් දෙදෙනෙක් ගේ වෙන්වීම පෙම්වතාගේ ඇසින් දකින විදිය ටම මේ කියන්නේ.
    මෙය පටන් ගන්නේ කවුරුවත් නෑ කවුරුවත් නෑ කියල. ඒ කියන්නේ අද ඔහු තනි වෙලා, ඔහුත් එක්ක යන්න,
    ඔහු යාළුවෙලා හිටපු ගෑනු ළමය වෙන කෙනෙක් එක්ක යාලු වෙලා දින දවස තම අද, ඉතින් අද ඔහු තනි වෙලා.
    මේ සින්දුවේ කියවෙන පරිදි ඔහු තොටියෙක්, ඔහුගේ ජිවිත කතාව අනුව ඉස්සර මිනිස්සු ඔහුගේ ඔරුවෙන් තමා ගඟ හරහා ගියේ නමුත් අද පාලමක් හැදිලා.
    මේ කියන්නේ තාම මිට පෙර යාළුවෙලා ඉදපු ගෑනු ළමය අලුතින් දාපු පාලම වගේ අලුත් සම්බන්දයක් හදාගෙන ගමෙන් වෙන් වෙලා යනවා.
    ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ කියන්නේ අලුත් සම්බන්දෙ දෙපැත්තේ අය එකතුවෙලා සතුටු වෙනවා කියන එක.කිරල කැලාවේ කුරු කොබ්බෙඉයො කියන්නේ ගමේ අය එකතු වෙලා මගුල් ගෙදර සතුටු වෙන එක.
    අද ඔහු තනි වෙලා, ඔහුගේ පාරුවෙන් යන්න කවුරුත් අද නෑ, ඔහුත් එක්ක අද කවුරුත් නෑ .හැදුනු අලුත් පාලම දිගේ ටමගේ පෙම්වති ටමව දල අලුත් මනමාලයෙක් එක්ක යනවා. පාලම් මොලේ හඩ කියන්නේ අය ගෙදරින් යන වෙලාවට පත්තු වෙන රතිජ්හ්ජහ වලට.ඔහුත් එක්ක ඉදරියට යන්න කවුරුවත් නෑ, මොකද ඔහු දුප්පතෙක් නිසා. යන්න හිටපු කෙනත් අද ගම දල යනවා

    මේක අමරසිරි පිරිස් මහතාගේ ලස්සන සින්දුවක්.ඕනනම් මේක අහන්නකො .....

    ගොඩක් කලෙක ඉදන් මේ thread බලල විචාරයක් දාන්න හිටියේ අද තමා එකට chance එක ලැබුනේ,
    ඇත්තම කියනවනම් මට මේ සින්දුවේ අරුත කියා දුන්නේ මට Chemistry කරපු සර්, එක නිසා මේකේ ගෞරව සම්පුර්ණයෙන් හිමි වෙන්න ඕන එතුමාට.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    úlag¾ r;akdhl ziZ kj;d ouhs

    sa1q.gif
    sa2bk.jpg

    mrïmrd .Kkdjla ri ú|s m%ùK .dhl úlag¾ r;akdhlf.a ziZ m%ix.h ,nk uioS kj;d oukakg ;SrKh lr ;sfnkjd'

    úlag¾ r;akdhl ñka ál l,lg fmr lshd ;snqfka fjk;a .dhlhska fuka jhig .sh miq;a neß neß .df;a isxÿ lshkakg ;uka hkafka ke;s njh'

    1973 werUqK fuu m%ix.h fï jk;=re f,dj
    mqrd o¾Yk jdr 1500 la muK mj;ajd ;sfnkjd'

    fï wkqj ,nk cq,s 18 fk¨ï fmdl=fkaoS ckm;s m%Odk;ajfhka tla ziZ m%ix.hla mj;ajk w;r wurfoajhka m%Odk lrf.k 19 uyr.uoS;a 20 jkod iqks,a wdßhr;akhka m%Odk lrf.k f;jeks yd wjidk ziZ m%ix.h ¨ïìKsfhaoS;a mj;ajkakg kshñ;h'

    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    úlag¾ r;akdhl ziZ kj;d ouhs

    sa1q.gif
    sa2bk.jpg

    mrïmrd .Kkdjla ri ú|s m%ùK .dhl úlag¾ r;akdhlf.a ziZ m%ix.h ,nk uioS kj;d oukakg ;SrKh lr ;sfnkjd'

    úlag¾ r;akdhl ñka ál l,lg fmr lshd ;snqfka fjk;a .dhlhska fuka jhig .sh miq;a neß neß .df;a isxÿ lshkakg ;uka hkafka ke;s njh'

    1973 werUqK fuu m%ix.h fï jk;=re f,dj mqrd o¾Yk jdr 1500 la muK mj;ajd ;sfnkjd'

    fï wkqj ,nk cq,s 18 fk¨ï fmdl=fkaoS ckm;s m%Odk;ajfhka tla ziZ m%ix.hla mj;ajk w;r wurfoajhka m%Odk lrf.k 19 uyr.uoS;a 20 jkod iqks,a wdßhr;akhka m%Odk lrf.k f;jeks yd wjidk ziZ m%ix.h ¨ïìKsfhaoS;a mj;ajkakg kshñ;h'
    meke fonts penne natte mata witarada :shocked::shocked:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    භෞතික විද්‍යා පාඩමක්...!

    කෙටි නිහඩියාවකින් අනතුරුව අවසරයි නැවතත් ඔබ හැමගෙන්ම.... ගණිතය සහ භෞතික විද්‍යාව උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන මෙම විචාරය ඔබට සංකීර්ණභාවයක් ගෙන එන්නේනම් සමාවන්න....

    කසුන්කල්හාර යනු නූතන සංගීතකලාවේ මට සාපේක්ෂව ගීත ගායනාකල හැකි එකම ගායකයා වෙයි.. අනිත් අය මට ගායකයන් නොවේ.. මෙය මට සාපේක්ෂවයි.... මෙහිදී මා කියනා දේ වැටහීමටනම් ඔබට සාපේක්ෂ යන වචනය වැටහිය යුතුමය....

    අයින්ස්ටයින් විසින් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරන ලදී.. එහෙත් ඔහු එම න්‍යායය ඉදිරිපත් කිරීමටත් ප්‍රථම ගීපද රචකයන් මෙම සාපේක්ෂතාවාදය ගැන කරුණු විවිධාකාරලෙස පවසා ඇත...

    හිතන්න අපේ ලෝකය එකතැන... ඉර අප වටේ කැරකෙන ලෙස නොවෙද ඔබට දැනෙන්නේ.. සැබෑවට සිදුවන්නේ අපත් සමග ලෝකය කැරකීම උවද, අප දකින්නේ එළෙස නොවේ...?

    අපි බසයක ගමන් කරනනේ නම් ගෙවල්, යාන වාහට පස්සට ගමන් කරනා ලෙස ඔබ දැක ඇතුවාට සැක නැත.. සැබෑවකටම සිදුවන්නේ අප ඉදිරියට යාම පමණකි...

    එසේනම් ලෝකයේ සැබෑවටම සිදුවන දෙයෙහි අනෙක් පැත්ත සාපේක්ෂතාවාදයෙන් සිදුවේ...
    ඔබට සාපේක්ෂව ඉර කැරකේ , නමුත් සැබෑවට එහි අනෙක් පැත්ත සිදුවේ..
    ඔබට සාපේක්ෂව නිවාස පසුකෙරේ , නමුත් සැබෑවට ඔබ වාහනයේ ඉදිරියට යාම සිදුවේ..

    සාපේක්ෂතා වාදයේ සරල අර්ථය යනු ඔබව බින්දුවක්(0) කිරීමය... එවිට ඔබ සිදු කරනු ලබන දේ අනෙක් වස්තුවට එකතු කිරීම හෝ අඩු කිරීම කරනු ලබයි... (මෙය භෞතික විද්‍යා තියරියකි, ගී විචාරයකදී පහදන්න හරි අමාරුයි...)

    දැන් මෙතෙක් මා පැවසුවේ හුදෙක් න්‍යායාත්මක කරුණු උපයෝගී කරගෙනය... ඔබ කරකවා අතහැරි බවක් දැනෙනවානම් සමා වන්න... එසේනම් මා පහදන්නම් ඔබට මෙය ගී පද කිහිපයකින්ම... සාපේක්ෂතාවාදය ඇති සිංහල ගී අතර මා සිතට මුලින්ම නැගෙන ගීතයක් වෙත්....

    මුළු මුහුදම හඩයි - මා වෙරලේ නිසසළයි
    ඔබ මුහුදයි, මම වෙරළයි මට සිතේ......

    සිංහල භාෂාවේ ඇති අති සුන්දර අවස්ථාවක්... නැවත පද දිහා බලන්න.. අප්‍රාණවාචී මුහුද ප්‍රාණ වාචී වී හැඩීමට පටන්ගෙන... ප්‍රාණවාචී පුද්ගලයා අප්‍රාණවාචී වී නිසොල්මන්ව... මෙම සුන්දරත්වය සිංහල භාෂාවෙන්ම පමණයි... දැන් අපි මේ පද දිහා ඉහත දැක්වූ සාපේක්ෂතා වාදයට අනුව බලමු...

    එසේ නම් සාපේක්ෂතාවාදය අනුව මුළු මුහුදම හඩන්නේ නම් සැබෑවට අඩන්නේ මුහුදද...? නැත සැබෑවට හඩන්නේ පුද්ගලයායි... එහෙත් ඔහුගේ වැලපෙන සිතට පෙනෙන්නේ මුළු මුහුදම හඩා වැටෙනා ලෙසකිනි... ඔහු වෙරලේ නිසසළයි.. සැබෑවටම නැත. දුකත් සමග වෙරලේ චංචල ඔහුයි... ඔහු ඔහුගේ දුක, වේදනාව පරිසරයේ දකින වස්තුන් වලින් දකිනු ලැබේ... අයින්ස්ටයින් සංකීර්ණව ඉදිරිපත් කලේද මෙම න්‍යායයම නොවේද...?
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හොදයි මා ඉහතින් දැක්වූ කාරණා බිදක් හෝ ඔබට වැටහුණානම් ඒ හොදටම ඇති... ඉහතින් දැක්වූ න්‍යායට එල්ලකරනු ලබන කණේ පහරක් ලෙස පහත ගීතය ඍජුවම දැක්විය හැක... පද අටකි.. ආමන්ත්‍රණය අයින්ස්ටයිටදෝයි විටෙක මට සිතේ... සරලව එසේ තමන්ට සාපේක්ෂව අනුන් දිහා නොබලන ලෙස කසුන් කල්හාර පවසනු ලැබේ...

    සද කියන්නෙ සද... අයෙ ඒක කිසිම දේකට සමකරන්නෙ කොහොමද....? තරු කියන්නෙ තරු... අයෙ කොහොමද ඒ තරු අරවගේ මේ වගේ කියන්නෙ...? මල් කියන්නෙ මල්.. ඒක කිසි දෙයකට සම කරන්න බෑ.... ඒ වගේ තමා අපිත්... අපිවත් අපි අපිමයි.. ඔයා මම වගේ නෙමෙයි, මම ඔයා වගේ නෙමෙයි... ඔයා සද, තරු, මල් නෙමෙයි ... ඔයා ඔයාමයි.... අපි මොනවටද අපිට සාපේක්ෂවෙන්නේ...

    ඔයා කියන්නෙ ඔයා. ඔයා මම වෙන්නෙ නෑනේ... මම ඔයා වෙන්නෙත් නෑ... ඒ කියන්නෙ අපි අපිට සාපේක්ෂ වෙන්න ඕන නෑ..

    ඔයා මම වෙන්නෙ නැතිනම්, මම ඔයා වෙන්නෙත් නැතිනම් අන්න එතන අපි අපිම වෙනවා... කවදහරි දවසක ඔයා මම වෙන්න තැනුවොතින්, මම ඔයා වෙන්න තැනුවොතින්... ආරම්භවෙයි... මොනවද...? ප්‍රශ්ණ.

    සරළව පැහැදිලි කරනවනම් මෙහෙමයි... අපි අව්‍යාජව ඉමු.. අපිට එක එක දේවල් ඕනෙ නෑ.. මම ඔයා කවුද කියල තේරුම් ගන්නම්, ඔයත් මාව තේරුම් ගන්න.. ඒ හොදටම ඇති.. අපි ඒ තේරුම් ගත්ත දේ වෙනස් නොකර ඉමු.. අපිට අපි තේරුම් ගන්න බැරිඋනදාට ප්‍රශ්ණ ඇතිවෙයි.. එදාට ඔයා බලන්න මේ ඉන්නෙ මමම ද කියලා... මමත් බලන්නම් ඔය ඉන්නෙ ඔයාමද කියලා..

    සඳ සඳ වගේ
    තරු තරු වගේ
    මල් මල් වගේ
    අපි අපි වගේ

    ඔබ මා නොවන තුරු
    මම ඔබ නොවන තුරු
    ඔබ ඔබම දැයි
    මම මමම දැයි

    සඳ සඳ වගේ
    තරු තරු වගේ
    මල් මල් වගේ
    අපි අපි වගේ

    සංගීතය - කසුන් කල්හාර
    පද - විදර්ශණ කන්නංගර

    (පිස්සු වගේද...? සමාවන්න සාපේක්ෂතාවාදය මීට සරලව පහදන්න අමාරුයි... මුණගැසුනු දිනක පහදා දෙන්නම්..)
     
    • Like
    Reactions: Yastysan

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    භෞතික විද්‍යා පාඩමක්...!

    ඔයා මම වෙන්නෙ නැතිනම්, මම ඔයා වෙන්නෙත් නැතිනම් අන්න එතන අපි අපිම වෙනවා... කවදහරි දවසක ඔයා මම වෙන්න තැනුවොතින්, මම ඔයා වෙන්න තැනුවොතින්... ආරම්භවෙයි... මොනවද...? ප්‍රශ්ණ.

    සරළව පැහැදිලි කරනවනම් මෙහෙමයි... අපි අව්‍යාජව ඉමු.. අපිට එක එක දේවල් ඕනෙ නෑ.. මම ඔයා කවුද කියල තේරුම් ගන්නම්, ඔයත් මාව තේරුම් ගන්න.. ඒ හොදටම ඇති.. අපි ඒ තේරුම් ගත්ත දේ වෙනස් නොකර ඉමු.. අපිට අපි තේරුම් ගන්න බැරිඋනදාට ප්‍රශ්ණ ඇතිවෙයි.. එදාට ඔයා බලන්න මේ ඉන්නෙ මමම ද කියලා... මමත් බලන්නම් ඔය ඉන්නෙ ඔයාමද කියලා..

    ඇති යන්තං දැම්මා ඕක........කෙකර ගාල, කෙකර ගාල............:dull::dull:
    හැබැයි මම කලිනුත් කිව්ව ව‍ගේ, අයේ නෑ උඹේ අති විශිෂ්ටතම විචාරය තමා මම දැකපු මේක..............

    මම ඉතිරි කලා මම ගන්න දේ........
    සමහර විට අපි අපි ආදරේ කරන අය ව අපි කැමති විදියට වෙනස් කරගන්න බලනවා......
    ඒ අයව තවත් "මම" කෙනෙක් කර ගන්න බලනවා.......
    එතකොට එන්නේ ගැටීමක් තමා.........

    ඊට වඩා හොදයි......

    සද සද වගේ.....
    තරු තරු වගේ......
    මල් මල් වගේ - අපි අපි වගේ......
    දකින එක.............!!!!!! පිළිගන්න එක.......

    බුදන් වහන්සේ වුණත් වදාලේ - "නානත්ථ කායා -නානත්ථ සංඥා"
    එක් එක් පුද්ගලයා එක් එක් විදියයි කියලා.........
    උන් වහන්සේට වරදින්න විදියක් නෑනේ............!!!!
     
    • Like
    Reactions: sasliit

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    ඔයා මම වෙන්නෙ නැතිනම්, මම ඔයා වෙන්නෙත් නැතිනම් අන්න එතන අපි අපිම වෙනවා... කවදහරි දවසක ඔයා මම වෙන්න තැනුවොතින්, මම ඔයා වෙන්න තැනුවොතින්... ආරම්භවෙයි... මොනවද...? ප්‍රශ්ණ.
    ලවෑලි තලාවක හිටපු කොල්ලෙක් අවුරුදු දෙකක් විතර සදලු තලේ ඉන්න කෙල්ලෙක්ට පෙම් බෑන්දා. ගෙවල් වලින් කෑමති උනෙත් කරන්න දෙයක් නෑති හින්දාම වෙන්න ඈති... මුල් අවුරුද්ද හරිම සතුටින් ගෙවුනා.. ඊලග අවුරුද්දේ මගුලට දින එහෙම නියම උනා.. මෙහෙම ටිකක් කල් යද්දී දෙන්නාට දෑනෙන්න ගත්තා දෙන්නාගේම නොගෑලපීම් ගොඩායි කියලා.. කොල්ලා පුලුවන් තරම් උත්සාහ කරා කෙල්ලව තමන්ගේ විදියට වෙනස් කරන්න.. ඒත් හෑමදාම ප්‍රශ්න. සමහර විට දෙන්නගේ අදහස් අහසයි පොලොවයි වගේ උනා.. අන්තිමට කොල්ලාට තෙරුනා.. සද සදම තමයි, තරු තරුම තමයි කියලා.. කසාදයට මාස කිහිපයක් තියෙද්දී කොල්ලා කෙල්ලට සමුදුන්නේ කෙල්ලගේ හිතේ සතුට ගෑන හිතලා...

    වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දේ වෙනස් වීම කියලා කිව්වාට, අපේ ජීවිත එක තෑනකින් එහාට වෙනස් කරන්න අමාරුයි. එසේ වෙනස් කරන්නට ගියොත් සමතුලිතටාවය බිදෙන්න පුලුවන්. එවිට ජීවිත අවුලින් අවුලට යනවා වලක්වන්නට බෑරිවෙයි.
    ..

    -සත්‍ය කතාවකි-
     
    • Like
    Reactions: dath kimbula

    මගේ අවංක හැගීම නම් සහෝදරයාත් මේකට යමක් එකතු කරන්න ගත්තොත් හොදා කියන එක.......
    ලියන ටිකෙන් පේන්නේ, කියා ගන්න බැරි සිතිවිලි සමුදායක් හදවත තුළ පවතින බව.........
    අප ගැන අනුකම්පාවෙන් ඔය සිතිවිලි ටික මේ කැටපත් පවුරේ ලියමු.......
    එහෙම නේද හොද........???

    ".............................
    බහු ජන හිතාය - බහු ජන සුඛාය
    ලෝකානු කම්පාය
    අත්ථාය හිතාය........................."
     
    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    මගේ අවංක හැගීම නම් සහෝදරයාත් මේකට යමක් එකතු කරන්න ගත්තොත් හොදා කියන එක.......
    ලියන ටිකෙන් පේන්නේ, කියා ගන්න බැරි සිතිවිලි සමුදායක් හදවත තුළ පවතින බව.........
    අප ගැන අනුකම්පාවෙන් ඔය සිතිවිලි ටික මේ කැටපත් පවුරේ ලියමු.......
    එහෙම නේද හොද........???

    ".............................
    බහු ජන හිතාය - බහු ජන සුඛාය
    ලෝකානු කම්පාය
    අත්ථාය හිතාය........................."
    උබලා ලියලා තියෙන දේවල් දෑක්කාම අපිට ලියන්න දේයක් තියෙනවාද කියලත් හිතෙනවා කිබුලා මහත්තයෝ.

    අපි හෑමෝම කියාගන්න, ලියාගන්න බෑරි සමහර දේවල් හිත් වල හන්ගන් ඉන්නේ ඒ හිතේ තියේන දේ ඒ විදියටම ලියාගන්න, කියන්න බෑරි හින්දා වෙන්න ඈති... නෑත්තම් ඒ හිත අකුරු කලදාට මෙච්චර කාලයක් හන්ගන් හිටපු දුක්ඛ දෝමනස්ස ඈයෙත් හොල්මන් කරන්න පටන් ගනීවි කියලා බයෙන් වෙන්න ඈති..

    බහුජන හිතසුව සේම.. මේ වගේ දේවල් බෙදා ගෑනීම තමන්ගේ නිවීමට හේතු වෙනවා කියලයි මගේ විශ්වාශය...

    ඉඩ්ක් ඈති වේලාවට අපිත් සෙට් වෙන්නම්.. අරින්නේපා!