එළකිරියේ '' පොලිස් '' කතා

D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    එළකිරියේ '' පොලිස් '' කතා

    ඔන්න පොඩි Thread එකක් පටන් ගන්න හිතුනා අපේ පොලිසිය ගැන​...

    පොලිසිය කිව්වාම ඒ කාලෙනම් පොඩි බයක් එක්ක ලොකු ගරුත්වයකුත් මිනිස්සු ගාව තිබුණා. ඒකට අද කාලේ.......... :lol::lol::lol::lol::lol::lol::lol:

    හරි හරි මොනව උනත් අපි පිලිගන්න ඕනෙ එක දෙයයී..
    පොලිසිය අත්තටම මොනදේ කලත් අපේ රටේ නිතිය හා සාමය සුරකින්න උත්සහ කරන දේම අපි අගයන්න ඕනේ...
    :nerd::nerd::nerd::nerd::nerd:

    අපිත් වැරදි තියේනේ
    අපිත් ඒ අහිංසක නිළදාරින්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැනේ.. :angry::angry::angry::angry::angry::angry:
    එහෙම අපේ අය කරපු දග වැඩ දාන්න තමයී මේ Thread එක හදන්නේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න​... :rofl::lol::shocked::):oo::frown::no::dull::P
     

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    මේ කතාව උනේ මීට අවුරුදු 30 කට වගේ උඩදී....
    කතාවේ නායකයා වෙන්නේ
    අපේ මාමා...

    මාමා කොල්ලා කාලේ , අපිට වගේම රථ ගායක් හැදිල තියෙනවා. ලෙඩේ හොද වෙලා තියෙන්නේ Honda CD 125 බයික් එකක් ගත්තට පස්සෙලු.
    CD20040519055249148honda_cd125t_01.jpg

    ඉතින් ඉබ්බා දියට දැම්ම වගේ බයික් එකෙන් රවුම් ගහනවලු ''හෝ'' ගාලා. හැබැයි පොඩි අව්ලක් තිබුණලු. අලියා ගත්තට හෙන්ඩුවක් අරන් නෑ. මාමා License නෑ..... :(:(:(:(:(:(:(:(

    ඔන්න ඉතින් මේ භාදක මැද මාමා පොඩි ගමනක් යනවලු එයගේ බයික් එකෙන්. පොඩි ගමනක් කිව්වට 25KM ක වගේ පොඩි දුරක්. ගමන ගිහින් ආපහු එන කොට ටිකක් වයසක , කලු , බඩ උඩින් කලිසම ඇදින රාළ හාමි කෙනෙක් අත දාලා තියෙනවා. කතාවෙ හැටියට මාමා බයික් එක නවත්තලා. :growl::growl::growl::growl::growl::growl:

    ( පිටපතේ ඇති දෙබස් )

    රාළ : කොහෙද මේ යන්නේ?
    මාමා : ගෙදර යන්නේ රාළ හාමී.
    රාළ : ගෙවල් කොහෙද​?
    මාමා: [][][][][][][][] ඉන්නේ රාළ හාමී.
    රාළ : ටිකක් දුරයි නේද ? හා කමක් නැ ගමු බලන්න එහෙම​ License.

    ඔන්න ඉතින් කොල්ලනේ රාළ හාමි ඇහුවේ අනවශ‍‍‍ම ප්‍රශනයක් නේ.
    මාමා එවලේ පොඩ්ඩක් මෙව්වා වෙලා තියෙනවා. රාළ හාමිට එක තේරිලා.


    ( පිටපතේ ඇති ඉතිරි දෙබස් )

    රාළ : අහා , මුකුත්ම නෑනේද​?
    (මාමා ට උත්තර නැත​. රාළ හාමි සුපුරුදු පරිදි මෙවනි කොල්ලන් බය ගැන්වීමේ ක්‍රියාව ආරම්භ කලේය​. දඩ කොලයක් අතින් ගෙන හරඹ කිරිමට ඔහු කටයුතු කලේය​. මාමා දැන් ගොදුරට අසුවී අවසන් බව වටහා ගත්තත් ඉන් රිංගා පැන දිවීමට නිහඩව සැලසුම් කලේය​.)


    රාළ : මොකද කියන්නේ , දඩ කොලේකට නම දානවද? නැත්නම්......
    මාමා : එහෙම කරන්න එපා රාළ හාමි , අපි වෙන විදිහක් බලමු.. :(:(:(:(:(:(:(:(:(
    අන්න point එක කියල හිතපු අපේ රාළ හාමී ලියුම් කවරයක් දීල කිව්වලු.
    මේකට රු.100ක් දානවා. කියලා. මාමා එවලෙම රු 100ක් දාලා ඒ ලියුම් කවරේ අතටම දීලා.


    රාළ : නෑ නෑ නෑ , අතට දෙන්න එපා, අන්න අර බුලත් විට කඩේට දෙන්න මම ගන්නම්.
    (මාමාගේ කනට මී පැණි වැටුනා හා සමාන සුවයක් දැනෙන්න පටන් ගත්තේය​. මාමා ඒ කඩේ ලගට යන ගමන් සාක්කුවට අත දමා රු.10ක් ගෙන , එය එම කවරයට දමා රු.100 නැවත සාක්කුවට ඔබා ගත්තේය​. කවරය කඩයට දී , නැවත රාළ හාමී ළගට පැමිණ)


    මාමා : හරි රාළ හාමි
    රාළ : එහෙනම් ගිහින් එන්න​.
    කියා මාමාගේ පිටට තට්ටුවක් දැම්මේය​. මාමා එතනින ඉතා වේගයෙන් වාෂ්ප වු බව සදහන් වේ.
    :lol::lol::lol::lol::lol::lol:

    කතාව හොදනම් සලකලා යන්න​...
    ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න​...
     

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    මේ කතාවට දැන් වයස අවුරුදු 15ක් වගේ වෙනවා. මේ කතාවෙත් නායකතුමා '' මාමා කෙනෙක්.''
    ඇත්තටම කියනවනම් මෙයා පොඩී ගමනක් ගිහින් තියෙන්නේ town එකට , ඒත් බයික් එකක​. license and insurance මුකුත්ම අර ගිහිනුත් නෑ. ගෙදර ඉන්න ගමන් set උන හදිස්සී ගමනක්.


    කොහොම හරි මේ මාමා ගමන ගිහින් එන කොටම , රාළ හාමි කෙනෙක්ගේ නෙත ගැටිලා. ඇදගෙන ඉන්න විදිහට සාමාන්‍ය පුද්ගලයෙක් නිසාමද කොහෙද අත දාලා නවත්තලා.

    දැන් මේ මාමාට කර කියා ගන්න දෙයක් නෑලු. මොකද තමන් ගේ අතේනේ වැරැද්ද​.
    අන්තිමට අන්තිමට දඩ කොළයක් ලියන්නමලු යන්නේ.


    මේ මාමා : අනේ රාළ හාමී , අපි මේ පලාතේ මනුස්සයෝනේ , අදට විතරක් යන්න දෙන්න , අනික මම අවේ පොඩී හදිස්සියකට , මා ගාව වැඩී ගානකුත් අතේ දැන් නැ.
    රාළ : හා හා එහෙම යන්න දෙන්නත් බෑ.... ම්.... ඔන්න අදට විතරක් සමාව දෙනවා , අතන තියෙන හෝටලේට ගිහින් මාලු බනිස් ගෙඩියකටයී , plan tea එකකටයී , goldleaf දෙකකටයී සල්ලි දීල යනවා. මම තව පොඩ්ඩකින් ඇවිත් කාලා බීලා යන්නම්.


    මේ මාමා හිස නමලා '' හරි රාළ හාමී '' කියලා , ඒ හෝටලේට ගිහින් ,
    goldleaf දෙකක් දෙන්න කියලා එකක් සාක්කුවේ දාගෙන , එකක් පත්තු කරගෙන කඩේ මුදලාලිට කියලා

    " අර රාළ හාමි ඇවිත් , මේකේ බිල ගෙවලා යයී '' කියලා එතන ඉදන් අර රාළ හාමිට අත වනලා , රාළ හාමිත් අත වනලා.. :D:D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ''හරි මල්ලි'' කියලා මුදලාලි කියලා....
    මේ මාමත් එතනින් වෂ්ප වෙලා ටිං ටිං ගාලා......


    කතාව හොදනම් සලකලා යන්න​...
    ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න​...
    ;););););););););););)
     
    • Like
    Reactions: rcccc

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    මේ සිදුවීම ගැන ඇත්තටම මට දුකයී. මොකද මමත් මේ සිද්දිය උන තැන හිටියා. සිද්දිය උනේ bike parts and paints තියෙන කඩේක​, මීට මාස තුනකට උඩදී.

    මගේ යාලුවෙක් එක්ක මම ඒ කඩේට ගියා , මිනිහගේ bike එකට අමුතු light set එකක් ගන්න​. මිනිහ කඩේ හිටපු අයිය එක්ක කතා කර කර , කඩේ ඉන්න අක්කත් ඉක්ක පොඩි හිනාවක් එහෙම දාගෙන හිටියා.
    :D:yes::D:yes::D:yes:
    ටික වෙලාවක් ඉන්න කොට, රාළ හාමි කෙනෙක් හදිස්සියෙන් බයික් එකකින් අවිත් බැහැලා. කඩේ ඇතුලට අවිත් bike helmet තියෙන රාක්කේ දිහා බලාගෙන කලබලෙන් , දාඩිය පිහ දාන ගමන් helmet එකක් තෝරනවා. helmet තෝරලා එතන හිටිය අක්කට කිව්වා , ''අන්න අර එක දෙන්නකෝ , ඒක තමයී හරියන්නේ කියලා..'' :eek::eek::eek::eek::confused::confused::confused:

    එ අක්කා එක අතට අරන් , කින්ඩීයට වගේ අහුවා '' රාළ හාමී මේක කවරෙකට දාලම දෙන්නද කියලා'' :P:P:P:P
    රාළ හාමි කියනවා '' එපා එපා ඕනෙ නැ මට දැන් දාගෙන යන්න ඕනේ කියලා ''

    එවලේ කඩේ අයියා නිකමට වගේ ඇහුවා , ඇයි රාළ හාමී මොකක් හරි අව්ලක්ද කියලා"

    රාළ : අනේ බලන්නකෝ මොකෙක්ද මගේ helmet එක උස්සලානේ
    අයියා : රාළ හාමි එතන හිටියේ නැද්ද​?
    රාළ : හිටියා , මාත් එක්ක කරන රාළ හාමිලා තව තුන් දෙනෙකුත් හිටියා , මොකෙක් හරි එකෙක් මේක උස්සලානේ අපිට කොලේ වහලා.


    දුක අහිංසක කම දෙකම තිබ්බා ඒ වෙලේ ඒ රාළ හාමිගේ මූණේ. ඒත් අර අක්කා ට මේ කතාව අහපු ගමන්ම හිනා ගියා. අපිනම් හිනා උනේ රාළ හාමි ගියාම​.

    කතාව හොදනම් සලකලා යන්න​...
    ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න​...
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    :rolleyes::rolleyes: මටත් තියෙනව පොලිස් කතා ගොඩක්. හැබැයි ඉස්සර වගේ නෙමෙයි දැන් පොලිසිය. ඒ නිසා දැන් මට හොරෙක් අහු උනත් පොලිසියට දෙන්නේ නෑ. දෙකක් තුනක් ඇනලා අත අරිනවා..

    මේ මගේ කතාව.



    මේ කතාවට අවුරුදු 5ක් විතර ඇති.මගේ යාලුවෙක්ගෙ හිටියා ප්‍රධාන පාරක් කිට්ටුව. එයාගේ ගෙදර තිබුනේ ලොකු වංගුවක් ලඟ. එතන නිතරම පොලිසිය ඉන්නවා.ඒ මොකද එතන ඉදන් high speed අල්ලන්න ලෙසියි.


    දවසක් මමයි, යාලුවයි පාරෙ ඉදන් කයියක් ගගහා ඉන්නකොට රාළහාමිලා දෙන්නෙක් අපි ලගට ඇවිත් අපිත් එක්කත් හිනා වෙලා එතුමන්ලගේ රාජකාරිය පටන් ගත්තා. හොදට බලන් ඉදලා වාහන දෙක තුනක් නැවත්තුවා. එක පාරටම ට්‍රේල් බයික් එකක් අපිව පහු කරගෙන හුලඟ වගේ ගියා. මං හිතන්නේ 150ට විතර ගියේ. වංගුව නිසා රාළහාමිලා දෙන්නාත් දැක්කේ නෑ ලඟට එනකන්ම. විනාඩි 15ට විතර පස්සේ ආපහු අර බයික් 1 ආවා අනිත් පැත්තෙන්. ඒත් ඒ වේගෙමයි. මේ පාර කලින්ම දැක්ක නිසා අත දාලා නැවැත්තුවා.

    වෙච්ච වැඩේ නම් පවු හැබැයි. ඒත් හිනා යනවා. බයික් 1 ආපු වේගෙ නිසා ටිකක් දුර ගිහින් නැවැත්තුවා. මිනිහා බයික් එකෙන් බැහැලා ඇවිත්,

    "මොකද **** අත දැම්මේ? මම මගේ ටයිමින්ග් චෙක් කරනවා. මං පොලිසියට ඉන්ෆෝම් කරලා තියෙන්නේ."


    කියලා ඇහුවා. මචං මූ විශේෂ බළකායේ ලොක්කෙක්. අයිඩින්ටිය පෙන්නුවා එවෙලෙම
    මිනිහා පොලිසියට කලින් කියල තිබුනේ මේ පාරෙ මෙ වෙලාවට ට්‍රේනින්ග්. රාළහාමිලාට මාර නෝන්ඩිය. මොනවා කරන්නද? වැරැද්ද කාගෙද කියලා කතා
    කර කර අපිත් එතනින් මාරු උනා...

    ;);););)
     
    • Like
    Reactions: D2020

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    :rolleyes::rolleyes: මටත් තියෙනව පොලිස් කතා ගොඩක්. හැබැයි ඉස්සර වගේ නෙමෙයි දැන් පොලිසිය. ඒ නිසා දැන් මට හොරෙක් අහු උනත් පොලිසියට දෙන්නේ නෑ. දෙකක් තුනක් ඇනලා අත අරිනවා..

    මේ මගේ කතාව.



    මේ කතාවට අවුරුදු 5ක් විතර ඇති.මගේ යාලුවෙක්ගෙ හිටියා ප්‍රධාන පාරක් කිට්ටුව. එයාගේ ගෙදර තිබුනේ ලොකු වංගුවක් ලඟ. එතන නිතරම පොලිසිය ඉන්නවා.ඒ මොකද එතන ඉදන් high speed අල්ලන්න ලෙසියි.


    දවසක් මමයි, යාලුවයි පාරෙ ඉදන් කයියක් ගගහා ඉන්නකොට රාළහාමිලා දෙන්නෙක් අපි ලගට ඇවිත් අපිත් එක්කත් හිනා වෙලා එතුමන්ලගේ රාජකාරිය පටන් ගත්තා. හොදට බලන් ඉදලා වාහන දෙක තුනක් නැවත්තුවා. එක පාරටම ට්‍රේල් බයික් එකක් අපිව පහු කරගෙන හුලඟ වගේ ගියා. මං හිතන්නේ 150ට විතර ගියේ. වංගුව නිසා රාළහාමිලා දෙන්නාත් දැක්කේ නෑ ලඟට එනකන්ම. විනාඩි 15ට විතර පස්සේ ආපහු අර බයික් 1 ආවා අනිත් පැත්තෙන්. ඒත් ඒ වේගෙමයි. මේ පාර කලින්ම දැක්ක නිසා අත දාලා නැවැත්තුවා.

    වෙච්ච වැඩේ නම් පවු හැබැයි. ඒත් හිනා යනවා. බයික් 1 ආපු වේගෙ නිසා ටිකක් දුර ගිහින් නැවැත්තුවා. මිනිහා බයික් එකෙන් බැහැලා ඇවිත්,

    "මොකද **** අත දැම්මේ? මම මගේ ටයිමින්ග් චෙක් කරනවා. මං පොලිසියට ඉන්ෆෝම් කරලා තියෙන්නේ."


    කියලා ඇහුවා. මචං මූ විශේෂ බළකායේ ලොක්කෙක්. අයිඩින්ටිය පෙන්නුවා එවෙලෙම
    මිනිහා පොලිසියට කලින් කියල තිබුනේ මේ පාරෙ මෙ වෙලාවට ට්‍රේනින්ග්. රාළහාමිලාට මාර නෝන්ඩිය. මොනවා කරන්නද? වැරැද්ද කාගෙද කියලා කතා
    කර කර අපිත් එතනින් මාරු උනා...

    ;);););)



    eka maru kathava saho :) :) :)
    ape paththe police mamekuth army lorry 1kakata atha allala hodi nathi vennama kaava... :D :D :D :D :D :D :D

    anith kathath damu himihita
    :yes::yes::yes::yes: