මේක මම ෆේස් බුක් එකේ වෑන් ක්ලබ් එකට ලියුව එකක්......
වාහනයක් හයර් කරන විදිය A-Z මුල්ම කොටස.මුලින්ම කියන්න ඕනේ හැම දෙයක්ම පොදුවේ කියන්නෙ. ගලපා ගන්න පුලුවන් අය ගලපා ගන්න. පොදු අදහසක් විතරයි දෙන්නේ. මේ සියල්ල මගේ පලපුරුද්දෙන්ම හදා ගත්ත දේවල් මම විතර පරිප්පු කාලා නැතිව ඇති වෙන කවුරුවත්.
- ගිවිසුම : මේක අනිවාරයෙන් කරනවානම් හොදයි. මම කරනවා. කුලී කරු සහ අප අතර ගිවිසුමක් අත්සන් කර ගැනීම. මේක ගොඩක් වෙලවට දින ගනන යන හයර් සදහා වැදගත් වෙනවා හේතුව වාහනයට වෙන අලබ අලාබ කියන්නේ වාහනය අතුල කන ඒවා සීට් ඩැමේජ් කරන ඒවා අතුලේ සිග්‍රැට් ගහන ඒවා අඩිපුඩු ගහන ඒවා තව වාහනේ හූරන ඒවා වාහනේ Upholstery එක චාකරන ඒවා, පොඩි අය යනවා නම් යකා නටන ඒවා ම. මෙන්න මේ කතාන්දර නිසා ගමන් ගිහින් එන කොට කාටත් අවුල් එක නිසා තම මම කියන්නේ ගිවිසුමක් ගහන්න කියලා. ගිවිසුමට අදාල මිල ගනන්( මම අය කරන ගනන් ක්ලීනින් ඉන්ටිරියෝ - 700, Upholstery කලීනින් - 900, සීට් වොශ් කරන්න උනොත් 3000, වහනේ හූරන ඒවා 3500 යි අනිත් ඒවා පොඩ්ඩක් බලලා ගන්නවා. ගිවිසුම ගැහුවම යන අයත් දන්නවා වාහනේ කන්නේ නැතිව යන්න. දෙගොල්ලන්ගෙම හිත හොදයි. ඩිපොසිට් එකක් විදියට 5000 ගන්න රිටන් කරනවා කියලා.
- ලියාපදිංචිය : වහන කුලියට දුවනවානම් තමන්ගේ නමට ව්‍යාපාර නාම පදිංචියක් අනිවාරයෙන් ගන්න මොකද නීතිමය අවස්තාවක තනි පුද්ගලයකුට වඩා ආයතනය ලෙස පෙනීසිටීම පට්ට වාසියි. (තනි පුදගලයකුට වාඩා වාසි තියෙන අවශ්තා මම ඉස්සරහට කියන්නම්) ව්‍යාපාර නාමය සෝල් පොප්‍රයිටර් ගන්න ඒක ඇති. නාම ලියා පදිංචිය ප්‍රාලේ එකෙන් කරන්න පුලුවන්. අවශ්‍ය ලිපි . මුලින්ම ලියපදිංචියක් ඔනේ කියලා ප්‍රාලේ තුමාට ලිපියකින් ඉල්ලන්න ඔනේ. ඒ එක්කම ව්‍යපාර නම ත්මන්ගෙ විස්තර ඉන්න තැන විස්තර දෙන්න ඔනේ (ගෙදරට ගන්න) ව්‍යාපාර නමය ගන්න කොට මාස දෙකක ඉදලා ව්‍යාපරය කරනවා කියන්න මාස තුන්කට වඩා පරන නම් ලියාපදින්චි කරන්නෙ නෑ. ඊට පස්සේ ප්‍රාලේ එකෙන් පොඩි ඇප්ලිකේශන් එකක් දෙනවා ග්‍රාම නිලධාරි මහතාට කියලා අත්සන් කර ගන්න( ඒක උබලා පුරවගෙන යන්න එපා
ඒක ග්‍රාමයට කර ගන්න දෙන්න.) එතකොට එයා ඒක අත්සන් කරලා දෙනවා. කුලියට ඉන්න තැනක් නම් බදු ගිවිසුමක් ගහගෙන යන්න ඒකට ලොයර් මහතා රු 2000 යි ගන්නේ. ගිවිසුම අවුරුදු 2ක් නම් ගොඩක් හොදයි . කලයක් කුලියට ඉන්න තනක් නම් කලින් ගිවිසුම දීර්ග කලා කියලා ලොයර්ගෙන් ලිපියක් ගන්න. ප්‍රාදනම දේ පොලිස් වාර්තාව පොලිස් වාර්තා දෙකක් ගන්න ඕනේ ස්තානිය වර්තාව සහ තමන්ගේ කැරක්ටර් එක ගැන වර්තාවක්. ස්තානීය වර්තාව පොලිසිය ඇවිත් වටෙන් පිටෙන් අහලා ගන්න එකක් නිත් එක පොලිසියෙන් ගෙදරට ඇවිත් ගන්න එක. මේකේ වැදගත් කම වෙන්නේ හයර් එකක් යද්දී ගන්ජා හෝ කුඩු සීන් වලදී උබලා ඇතුලට ගන්නේ නෑ තව ඇක්සිඩෙන්ට් එකක් උනත් අපේ පැත්තට චාන් වැඩියි ( ඉදිරියේ දී විස්තර) ඔන්න ඔඅය විදියට ඔක්කොම කරම තනි පුද්ගල ව්‍යාපාර නාමය ලැබෙනවා. පොටෝ කොපි එකක් ගහලා වාහනේ ආදයම් බලපත්‍රය එක්ක තියා ගන්න. පොලිසියට ආදයම් බලප්ත්‍රය එක්ක මෙකත් දෙන්න. උබලට පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා. (මගේ ඇක්ස්පීරියන්ස්) කොම්පැනියට පොඩි සීල් එකක් තිය ගන්න බිල් පොතක් තිය ගන්න සීල් එක ගහලා බිල් දෙන්න ඒක පට්ට. ඒ එක්කම බිස්නස් එකේ නමට බැංකු අකවුන්ට් එකක් ඕපන් කර ගන්න. ඔක්කොම සති දෙකකින් කර ගන්න පුලුවන් .
- මිල : එක එක්කෙනා ගන්න ගනන වෙනස්වෙන්න පුලුවන් මම් කිලෝමීටරයට වයු සමනයත් එක්ක දුවන්නේ 46 යි. නමුත් දැනට වහනවල නඩත්තුවත් එක්ක 50 කරන්න ඉන්නේ. ගොඩක් සුද්දො එක්ක හයර් යන එකත් කරනවා දැනට ටුවරිස්ට් බෝඩ් එකට කිලෝ මීටරයට 50 කරන්න කියලා ඉල්ලලා තියෙන්වා 50 කරයි සමහර මම දුවන සමහර ආයතන 50 ගෙවනවා. ඉස්සරහට ඩීසල් සහ සුපර්ඩීසල් ගනන් යන නිසා 50 තමා දෙසැම්බර් 01 ඉදලා දුවන්නේ. කිලෝ මීටරයට ගානක් තියා ගත්තම අප් අන්ඩ් ඩවුන් ප්‍රශ්නයක් නෑ තනි පැත්තට ඩ්‍රොප් එකක් උනොත් 73 ක් ගන්නවා. යන මිනිස්සුන්ට කියන්න එන්න යන ඩීසල් නිකන් ගහන්නේ නෑ කියලා. මෙකත් ගිවිසුමට දාලා තියන්න ඕනේ.
- මුදල් අයකර ගැනීම: අපි ස්මාර්ට් වෙන්න ඕනේ තාක්ශ්නයත් එක්ක. ඇත්තටම මේකතමා මගේ බිස්නස් එක දෙගුන තෙගුන උනේ. මුලින්ම මම් කිව්වනේ උඩම අකවුන්ට් එකක් ඇරගන්න කියලා. අපි ස්මාර්ට් වෙනවා කියන්නේ මෙහෙමයි. දැන් හැමෝම ඩෙබිට් ක්‍රෙඩිට් වගේ කාර් පවිච්චි කරන්නේ. අපි උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ විඩියට කෙනෙක් එකසැරේට සල්ලි දෙන්න බැරි වෙන්න පුලුවන් එක්කෝ ලොකු ගානක් එක සැරේට දෙන කොට අඩලා දෙන්නේ අඩු කරන්න පුලුවන්ද අහනවා, නැත්නම් හයර් එකට මෙච්චර යනවද අරූ ගත්තේ අපෙන් මේ ගාන ලෝකේ නති ස්ටෝරි ගොඩයි. මේ මගුල් නිසා අපිත් අවුල්.
අන්න ඒක නිසා තමා අපි ස්මාර්ට් වෙන්න ඕනේ කියන්නේ. මෙන්න මෙකයි මම කරේ සියලුම බැංකුවලින්න් පොඩි කාර්ඩ් මැශින් ඒ කියන්නේ Smart POS machine දෙනවා. එයින් එකක් ගන්න ඒකට ගානක් යන්නේ නෑ. අපි ගන්න පේමන්ට් ඔක්කොම කාර්ඩ් වලින් කරන්න පුලුවන් කියන්න එතකොට කස්ටා ෆුල් සැටිස්. ඇගට දැනෙන්නෙත් නෑ ගෙවනකොට. මගේ සම්න්‍යෙන් බිල් එකක් 50,000-100,000 අතරේ. මම කරන තව වැඩක් නම් ගාන ලොකු නම් මගෙ මැශින් එකේ ගහලා මම කියනවා ඔයා ඔයගේ කාර්ඩ් සෙන්ටර් එකට කතා කරලා පේමන්ට් එක ඉන්ස්ටෝල් මන්ට් වලට හදා ගන්න කියලා. මොකද කාර්ඩ් පවිච්චිකරන අය දන්නේ නෑ එහෙම ෆැසිලිටියක් ගන්න පුලුවන් කියලා. සමහර විට අවුරුද්දකට සැරයක් යන ට්‍රිප් එකක් නම් ගාන අවුරුද්දකින් ගෙවෙන්න දාන්න පුලුවන්. කස්ටොමර්ට එක වටිනවා. අපිටත් හොදයි කස්ටොමර් අපිට රෙස්පෙක්ට් කරනවා අඩන්නෙ නෑ . හැබැයි පුතී හැම කාර්ඩ් පේමන්ට් එකකට 2.5%-3.0% බැංකුව කපනවා. ඒක ඉතින් කස්ටට කියන්න ඔනේ නැත්නම් හයර් එකට ඇඩ්කරලා කියන්න ඕනේ . ඒක උබලාගේ වැඩක් මග පෙන්වීම මගේ වැඩක්. මැශිමට මාසේ ටර්ගට් එක රු 35000 යි අනිවා 35000 එහා කරන්න ඔනේ නැත්නම් මසෙකට රු 500 කපනවා එගත් මතක තියා ගන්න. කාඩ් මචිම එක්ක ස්මර්ට් ෆෝන් එකක් තියෙන්න ඕනේ ඒක ඇප් එකක් හරහා වැඩකරන්නෙ. බ්ලුටූත් වලින්. සල්ලි දවසින් අපේ අකවුන්ට් එකට වැටෙනවා.
අදට ඇතිවගේ ආයෙත් ටිප්ස් ටිකක් දෙන්නම් ඉඩක් ලැබුනම. මේ විස්තර ඉතින් මගෙන් විතරයි. මොකද කවුරුත් හැදෙනවට කවුරුත් කැමති නෑනෙ. හැබයි මේ කේ උන් එහෙම නති නිසයි මම කාටත් කියලා දෙන්නේ.
අවසන් මොහොතේ ඉතිරි වුණ...
කළ හොඳ නොහොඳයි...
මට උරුම.......
ජයවේවා! බුදුසරනයි! . වර්නවත් දවසක් වේවා !හැමෝටම.
මම ඉතින් ක්‍රීඩ් අයියා මේක මගේ පේජ් එක Eastern luxury Rent -A- car Service (පුලුවන්නම් ලයික් එකක් දාගෙන යන්න)
Last edited:
