හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Machang me thread eke 1st Post ekata , Sindu wala wicharayan thiyena pages wala links sinduwath ekkama list ekak dammoth hondai nayda? ethakota siduwak hoya gannath lesy
ඔව් ඔව් මමත් දතාට කියන්න හිටියේ.. ගීත ලිස්ට් එකයි - පේජ් නම්බර්ස් ටිකයි පළමු පිටුවට ඇඩ් කරන්න කියලා සතියකට වරක්.. :yes::yes::yes:
 

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔව් ඔව් මමත් දතාට කියන්න හිටියේ.. ගීත ලිස්ට් එකයි - පේජ් නම්බර්ස් ටිකයි පළමු පිටුවට ඇඩ් කරන්න කියලා සතියකට වරක්.. :yes::yes::yes:

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    10z69g8.jpg


    ඇහ්....:P බොලගෙ කොම්පියුටරේ තියෙන්නෙ කුස්සියේ නේ:rolleyes::rolleyes: .අනිවා මූ පොල් ගාන ගමන් අහන්නේ :yes:.මම දන්න තරමින් උබට ගෙදර ගියාම කාමරෙට යන්න පුලුවන් නිදාගන්න විතරයි :baffled::baffled:

    :lol::lol: තරි මාමිට බඩුම තමා....... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලොකු දෙයක් !! :rofl: නැද්ද රිසල්ට් එකක් ? :P

    :frown::angry: හිටුකෝ උඹට හොද පාඩමක් උගන්වන්න...... :angry: ආයේ ඉතින් උඹ උන්නද මලාද කියලා මම නම් හොයන්නේ නෑ....... :angry:

    රිසල්ට් එන්න තව කල් තියෙනවා ..... :yes: ;) :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් මමත් දතාට කියන්න හිටියේ.. ගීත ලිස්ට් එකයි - පේජ් නම්බර්ස් ටිකයි පළමු පිටුවට ඇඩ් කරන්න කියලා සතියකට වරක්.. :yes::yes::yes:

    :shocked: First Page එක හැමදාම එඩිට් කරන්න පුලුවන් නම් තව මොකෝ.....:rofl::P
     

    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara

    සමාවෙන්න යාලුවා ඉස්සෙල්ලාම, මොකද මම මේ නූල කිහිප වතාවක්ම දැක්කත් අදහසක් දක්වන්න ලැබුනේ නැ,
    එක නිසා ඔන්න අද ඉදන් වැඩේ පටන් ගන්නම්, ලැබෙන විදියට ඔයාලට මගේ අදහසුත් එකතු කරන්නම්,

    දන මේ ගීතයේ අරුත සුන් සොභාවයක් තියන බව සසිලිට් සහෝදරය විසින් කියා තිබෙනවා, වැඩි වශයෙන් මොකුත් කියන්න අවශ්‍ය නැ, මම අහන්න කැමතියි සසිලිට් සහෝදරයා අවාසනාවට එකම වරක් හෝ අදරෙයේ වේදනාව විඳල තියනවද කියල? මොකද එහෙම ආදරයේ වේදනාවක් වින්ද කෙනෙක්නම් දන්නවා අවන්කවම ආදරය කරලා වෙන උන මොහොතක කොඉම විදියකින්වත් ඒ ආදරය කල කෙනා වෙත වයිර කරන්න බැ කියල, ඔබ නම කල පද දෙකේ කියන විදියටම හැගීමක් දැනෙනවා,
    තමන් මෙතුවක් කල් ආදරය කල කෙනා සතුටෙන් ඉන්නව දකින්දනේ අපිට ඕනේ, ඉතින් තමන්ගෙන් වෙන වෙලා හෝ ඔහු හෝ ඇය සතුටින් ඉන්නවනම් ඒ පිළිබධ අපිට සතුටු වෙන්න පුළුවන්,
    ඒත් ඔහු හෝ ඇය අපේ ලඟින් නැති එක අපිට ආදරේ නොකරන එක, අපේ දුක සතුට බෙදාගන්න ඔහුගේ හෝ ඇයගේ දුක සතුට අපිත් එක්ක බෙදා නොගැනීම අපිට දුකක්,

    මම හිතනවා ගී පද රචකයා මෙන්න මේ අවස්තාව තමයි මෙම පද පේලි දෙකෙන් රසිකයාට දන්වන්න උත්සහ කලේ කියල.

    i agree!!!!
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    කුමරියක පා සලඹ සෑලුණා
    වසා සිටි නෙතු පියන් ඈරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සම සෑදී උන් දෑහෑන් මිදුනා..

    සමහර පද වෑරදි අති.. ඒ වුණාට මට තේරුන විදියට මන් මේක ගෑන කියන්නම්

    පළවෙනි verse එකෙන් අපිට තෙරෙනවනේ කියන දේ..
    අපි ඔය තවුස් දම් පුරන අය කියන්නේ..අන්න එයාලා..එහෙම කෙනෙක් දෑහෑන් ගත වෙලා ඉද්දී පා සලඹක සද්දයක් ඈහෙනවා..එයා ඈස් අරිනවා කවුද කියලා බලන්න.. ඉතින් එතකොට එයාගේ දෑහෑන බිදෙනවනේ..

    උකුල ලෑම හස මලවි කරළිය
    මුවා කල ඈගෙ දුහුල් සළු තිර..
    විවර කෙරුවා මනත් සලෙළු
    උමතු වූ දෙනුවන් රෑහෑන් ඈද..
    මා අභියස මෑවුණු තුසිතය..
    සුරන් නෑලවු සුවයාමය..

    උකුල කියන්නේ ඉන පෙදෙස..ලෑම හස කියන්නේ හන්සයින් වගේ පපුව පෙදෙස.. මලවි කරළිය කියන්නේ නම් ඉතින් ස්ත්‍රියක්ගේ අහවල් තෑන,,
    ඒවා දුහුල් sළුවකින් වෑහිල තිබ්බේ.. ඒ සළුව ඒ කුමරිය අරිනවා.. අයින් කරනවා.. ඉවත් කරනවා..එහෙම කලාම මේ තවුසාගේ මනස කෑළබෙනවා..ඒ දර්ශනය දෑකලා මනස උමතු තත්වයකට පත් වෙලා....හරියට තුසිත දෙව් ලොවට ගියා වගේලු තවුසා..

    නිසල ජීවන තපෝ වන මෑද..
    හෑගුම් ගජසෙන් යදම් බිද වෑද..
    තලා සිද කම්භනය කරවයි..
    ලපළු තුරු වෑල් කෑකුළු මල් පෙති..
    මා හඩවයි බිදුනු තුසිතය
    සුරන් නෑළවූ සුවයාමය..

    මේ තවුසා හිටියේ නිස්කල0ක පරිසරයක..
    මෙහෙම ඉද්දි තමා අර කුමාරිය අවිත් එයාගේ දෑහෑන බින්දේ..
    එයාගේ හෑගීම් නෑමති ඈතා එයා යකඩ දම් වෑල් දාල බෑදලයි තිබ්බේ.ඒවා අර කුමාරිය වුණ සිද්දිය නසා බිදුනා..මේ හෑගීම් නෑමති ඈතා ලපටි තුරු වග ි තත්වයකට පත් කරලා තිබ්බ සිත පොඩි කරලා දාලා..තවුසාට තේරෙනවා එයා කරපු දේ වෑරදියි කියලා..එයා දුක් වෙනවා එයා බලාපොරොත්තු වුණ තුසිතයට නෙමේ එයට යන්න වුනේ අර කුමාරිය නිසා වෙන තුසිතයකට..

    අපි අපේ අරමුණු වලින් ඈත් කරන්න පුලුවන් ස්ත්‍රියකට..මේ මට මේ සින්දුව තේරුන විදිය...

    සමා වෙන්න.. ,මට අකුරු size වෙනස් කරන්න බෑනේ..:oo::oo::oo::no::(
     
    • Like
    Reactions: Kavinda.online

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කුමරියක පා සලඹ සෑලුණා
    වසා සිටි නෙතු පියන් ඈරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සම සෑදී උන් දෑහෑන් මිදුනා..


    සමහර පද වෑරදි අති.. ඒ වුණාට මට තේරුන විදියට මන් මේක ගෑන කියන්නම්


    පළවෙනි verse එකෙන් අපිට තෙරෙනවනේ කියන දේ..

    අපි ඔය තවුස් දම් පුරන අය කියන්නේ..අන්න එයාලා..එහෙම කෙනෙක් දෑහෑන් ගත වෙලා ඉද්දී පා සලඹක සද්දයක් ඈහෙනවා..එයා ඈස් අරිනවා කවුද කියලා බලන්න.. ඉතින් එතකොට එයාගේ දෑහෑන බිදෙනවනේ..

    උකුල ලෑම හස මලවි කරළිය

    මුවා කල ඈගෙ දුහුල් සළු තිර..
    විවර කෙරුවා මනත් සලෙළු
    උමතු වූ දෙනුවන් රෑහෑන් ඈද..
    මා අභියස මෑවුණු තුසිතය..
    සුරන් නෑලවු සුවයාමය..


    උකුල කියන්නේ ඉන පෙදෙස..ලෑම හස කියන්නේ හන්සයින් වගේ පපුව පෙදෙස.. මලවි කරළිය කියන්නේ නම් ඉතින් ස්ත්‍රියක්ගේ අහවල් තෑන,,

    ඒවා දුහුල් sළුවකින් වෑහිල තිබ්බේ.. ඒ සළුව ඒ කුමරිය අරිනවා.. අයින් කරනවා.. ඉවත් කරනවා..එහෙම කලාම මේ තවුසාගේ මනස කෑළබෙනවා..ඒ දර්ශනය දෑකලා මනස උමතු තත්වයකට පත් වෙලා....හරියට තුසිත දෙව් ලොවට ගියා වගේලු තවුසා..

    නිසල ජීවන තපෝ වන මෑද..

    හෑගුම් ගජසෙන් යදම් බිද වෑද..
    තලා සිද කම්භනය කරවයි..
    ලපළු තුරු වෑල් කෑකුළු මල් පෙති..
    මා හඩවයි බිදුනු තුසිතය
    සුරන් නෑළවූ සුවයාමය..


    මේ තවුසා හිටියේ නිස්කල0ක පරිසරයක..

    මෙහෙම ඉද්දි තමා අර කුමාරිය අවිත් එයාගේ දෑහෑන බින්දේ..
    එයාගේ හෑගීම් නෑමති ඈතා එයා යකඩ දම් වෑල් දාල බෑදලයි තිබ්බේ.ඒවා අර කුමාරිය වුණ සිද්දිය නසා බිදුනා..මේ හෑගීම් නෑමති ඈතා ලපටි තුරු වග ි තත්වයකට පත් කරලා තිබ්බ සිත පොඩි කරලා දාලා..තවුසාට තේරෙනවා එයා කරපු දේ වෑරදියි කියලා..එයා දුක් වෙනවා එයා බලාපොරොත්තු වුණ තුසිතයට නෙමේ එයට යන්න වුනේ අර කුමාරිය නිසා වෙන තුසිතයකට..

    අපි අපේ අරමුණු වලින් ඈත් කරන්න පුලුවන් ස්ත්‍රියකට..මේ මට මේ සින්දුව තේරුන විදිය...


    සමා වෙන්න.. ,මට අකුරු size වෙනස් කරන්න බෑනේ..
    :oo::oo::oo::no::(
    11.gif
    11.gif
    11.gif
     
    Mar 9, 2012
    19
    3
    0
    ප.ලි.
    සේනානායක වේරලියද්ද ගැයූ මේ ගීයෙන් කියවෙන්නේ දුම් රියකට පැන සිය දිවි නසාගත් යුවතියක් පිලිබඳව බව ඔබ දන්නවද ???

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුණු විසුණුව වැ‍ටුනේ
    කවුරුද හැඬුවේ ? කාටද රිදුනේ ?
    දුම්රිය මොහොතක් නතර වුනේ...

    මලක් වගේ රොන් සුවඳ වගේ
    ජීවිතයේ සුව අපමණ වේ
    දොලක් වගේ දිය දෝත වගේ
    ජීවිතයේ අම සිසිල දැනේ

    වරක් නෙතග කඳුලැලි පිරුනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ
    දිවිය මොන තරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක්දෝ..
     
    Mar 9, 2012
    19
    3
    0
    ප.ලි.
    සේනානායක වේරලියද්ද ගැයූ මේ ගීයෙන් කියවෙන්නේ දුම් රියකට පැන සිය දිවි නසාගත් යුවතියක් පිලිබඳව බව ඔබ දන්නවද ???

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුණු විසුණුව වැ‍ටුනේ
    කවුරුද හැඬුවේ ? කාටද රිදුනේ ?
    දුම්රිය මොහොතක් නතර වුනේ...

    මලක් වගේ රොන් සුවඳ වගේ
    ජීවිතයේ සුව අපමණ වේ
    දොලක් වගේ දිය දෝත වගේ
    ජීවිතයේ අම සිසිල දැනේ

    වරක් නෙතග කඳුලැලි පිරුනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ
    දිවිය මොන තරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක්දෝ.. මේක මම දැක්කේ ‍ලොවෙත් නෑ කියනfb පේජ් එකේ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සහෝ තරහගන්න එපා.. මේ ප්‍රශ්ණය විචාරයකට මට මං පාදන නිසා උපුටාගන්නෙ.. එහෙම නැතිව තරහකටනම් නෙමෙයි ඔන්න හොදේ....
    දශමයක් හෝ හිත රිදුනානම් සමාවෙන්න සිය දහස් වාරයක්.


    මම අහන්න කැමතියි සසිලිට් සහෝදරයා අවාසනාවට එකම වරක් හෝ අදරෙයේ වේදනාව විඳල තියනවද කියල? මොකද එහෙම ආදරයේ වේදනාවක් වින්ද කෙනෙක්නම් දන්නවා අවන්කවම ආදරය කරලා වෙන උන මොහොතක කොඉම විදියකින්වත් ඒ ආදරය කල කෙනා වෙත වයිර කරන්න බැ කියල,

    ආදරණීය සුදු නංගියාට...

    පේනවද ඔයා නිසා මිනිස්සු මට චෝදනා කරන හැටි... බලන්න මම ආදරේ දන්නවද අහනව.. ඒකත් එක අතකට ඇත්ත වෙන්න ඇති... මම ආදරේ දන්නෙ නැතිව වෙන්න ඇති. නැතිනම් ඔයා මාව දාල යන්නෙ නෑනේ...

    ආදරේ කියන්නෙ ලබා ගැනීමද සුදූ...? එතකොට ඔයා ගියත් ඔයාගෙ සුවදට , ඔයාගෙ මතකයට ආදරය කරමින් ඉන්න මට පිස්සුද සුදූ... ඔයාට මම ආදරේ පිදුවෙ ගෙදර තියෙන බුදු පහනටත් උඩින් ඔයාව තියාගෙන.. මට ඔයාව ආගමක් වගේ.. ඒ නිසාවටම මට ඔයාව නෑ කියල දැනෙන්නෙ නෑ.. මට ඔයා පන්සලක් සුදූ.. පන්සලක්...

    එහෙම ආදරේකල මාව දාල ගිය ඔයා මට අමතක කරන්න බෑ... මොකද මම ආදරේ කලේ ඔයාව මගේ හදවතේ තියාගෙන.. ඒ හදවතේ තියාගත් ආදරයම අද මගේ ජීවිතය පිළිකාවක් වගේ හැම තැනම උඩු දුවල සුදූ... මේ පිළිකාව නවත්ත ගන්න දරන්න පුළුවන් හැම උත්සාහයක්මත්, කරන්න පුළුවන් හැම බෙහෙතක්මත් මම ගත්ත... ඒත් හොදවෙන්නෙ නෑනෙ දෙවියනේ...?

    ඔබෙන් තොරවූ ලෝකයක් වත් සිතා ගන්නට බෑ.. කියල චන්ද්‍රෙල්කා එහෙන් කෑ ගහනව, මේ ගග මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනේ, මේ හැටි දුර පියමන් කරලා ඇයි මම ඔබ ලග නතර වුනේ.. ඒ පාර නිරංජරත් කෑගහනව.. කුඩු කරලදාන්න හිතෙනවා මේ රේඩියෝව වෙලාවකට... ඒත් ඉතින් ඔය මම උඩින් සදහන් කරපු මගේ යාළුව දන්නෙ නැති දේ ගායිකාවො කොහොම දැනගන්නද නේද....?

    පියවි සිහියෙදි ඔයා නැති යථාර්ථය මට වැටහෙනව.. ඒත් මේ යටි හිත එක්ක මොනවත් කරන්න බෑනේ.. නිදියගත්ත ගමන් යටිහිත යනවා දුවගෙන.. ගිහින් කොහෙන් හෝ ඔයාව එක්කරගෙන එනවා... හැමදාම හීනවලනම් අපි ලස්සන ලොකෙක... ඒත් අවදි උනගමන් ඇස් දෙකේ කදුලු කාටවත් පේන්නෙ නැත්තෙ මම ටැප් එක ලගට දුවන නිසා...

    රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා

    ඔයාට බින්දුවක්වත් මම ගැන ගානක් නැද්ද සුදූ... මාව මතක් වෙන්නෙ නැද්ද..? අනේ ඔයාව ලගට කරගෙන මගේ දුක හිතේ හැටියට කියන්න පුළුවන්නම්.. ඔයා ගිහිල්ලත් මගේ ජීවිතේ ඔයාවෙනුවෙන්ම කැප කරල ගතවෙන විදිය දශමයක්වත් මට ඔයාට කියන්න පුළුවන්නම්.. අනේ මගේ දුක අහන්න ආයෙත් ඔයා ඉස්සරවගේ දුවගෙන එනවනම්... අර ඉස්සර හිටපු දගකාරි වගේ මම බත් කවනකම් බඩගින්නෙ හිටපු පුංචි දගමල්ල ආයෙත් මට ලැබෙනවනම්...

    මේ බැඳුනු සෙනේ
    කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අපි තනිවෙන්නේ....

    කමක් නෑ.. මගේ ජීවිතේ ඉන්න පුංචි කුමාරියට කියනවා කියල සිතාගෙන මම තනියම කියවන්නම්.. මේ කියවන කතාන්තර, ලියන ලිපි, ගයන ගායනා කෙදිනක හෝ ඔයාට ඇසේවි... අනේ එදාට කලබල වෙන්න එපා.. මාව හොයාගෙන එන්න එපා.. පිංසිද්දවෙයි මම ගැන හොයන්න එපා.. ඒ තරහකටත් අහිතකටත් නෙමෙයි කෙල්ලෙ.. මේ ආදරේ විදවීමේ සීමාවක් තියෙන්න ඕනනේ.. ඒ නිසා මම කවදහරි දිනයක මේ ආදරේ අවසන් කරනවා.. ඉවසගන්න බැරි දවසක මම මේක අවසන් කරනවා.. මොකද පිළිකාවක් උනත් උඩු දුවල දවසක උපරිමයට ඇවිත් ගිල ගන්නවනේ... ඒ නිසා මම ගැන එදාට හොයන්න එපා.. මොකද මේ ලෝකෙ පීරල හෙවුවත් ඔයාට මාව සොයාගන්න බැරි වෙන නිසා.. මම කැමතිනෑ ඔයා ඊට පස්සෙ දුක්වෙනව අඩනව හිතන්නවත්.. ඒ නිසා මට දශමයක්වත් ආදරේනම් මාව සොයන්න එපා...

    ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා
    මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
    කුමරියනේ...
    කිමදමා ගැන නොසිතන්නේ




    හැමදාම වගේ පතනව අදත් සුභම සුභ අනාගතයක් ආදරණීය ඔයාට..!!

     
    Last edited: