ආදරණීය සහෝදරවරුණි,
මෙම ගැටළුවේදී නික් සහ ජීටී සහෝදරයන් දෙදෙනා... අප වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කලා.. මෙතනදී විශේෂයෙන්ම ජීටී සහෝ ගැන කතාකල යුතුමයි.. මටත් වඩා මට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ඔහු මට අවවාද දෙනු ලැබුවා.. මගපෙන්වීම් කරනු ලැබුවා...
අද දිනයේදී අදාල කතෘතුමා නැවතත් මා වෙත අමතනු ලැබූ අතර ඊලග කලාපයෙන් ඔහුට සිදුවූ මේ වැරැද්ද නිවැරදිකිරීමටත්... ඉන් අනතුරුව අපවෙත දැන්වීමටත් පොරොන්දු වූවා...
එබැවින් දැන් අපි අපි තර්ක කරනඑක නවත්වන්න... ඔබ හැම මේ තර්ක කරන්නේ මා වෙනුවෙන් හෝ අපේ එළකිරිය වෙනුවෙන්... ගොඩාක් සතුටුයි මෙන්ම මින් මා ලැබූ පන්නරය මියෙන තුරාවටම එළකිරිය වෙත මගේ දායක්තවය ලබාදෙන්නට මා පෙළඹවූ බව කිවයුතුමයි...
කරුණාකර නික් සහ ජීටී දෙදෙනාට ඇගිල්ල දික්කරන්න එපා... මන්ද යත් නික් ඔහුට කලහැකි උපරිමය එළකිරිය වෙනුවෙන් කලා.. මෙය ඔහුට අදාල නැතත් ඔහු අපි වෙනුවෙන් දායක උනා... අනිත් කාරණය ජීටී සහෝ කලදේ මේ ෆෝරම් එකේ නොපෙනෙන්න පුළුවන්.. ඒත් ජීටී සහෝ නොමැතිනම් මේ නිවැරදි කිරීම සිදුනොවන්න ඉඩතිබුනා... මා සංවේදී කම ඔස්සේ වැරදිතීරණයකට පෙළබෙන මොහොතේදී පියෙකුමෙන් මාලග හිදිමින් ඔහු මාව ශක්තිමත් කරනු ලැබුවා.. ඒ නිසාවෙන් ලබන කලාපයේ මේ සිදුවූ වැරැද්ද නිවැරදි වෙනවා...
ඒ විතරක් නොවෙයි අදාල කතෘතුමන් ඉතා හොද හදවත් ඇත්තෙක්.. ඔහු මෙය අරගෙන තිබෙන්නෙ එළකිරියෙන් නොවෙයි.. ඊමේල් එකකින්.. ඒත් කිසිම තර්කයක් නැතිව ඔහු ඒ නිවැරදි කිරීම සිදුකිරීමට අද දිනයේදී පොරොන්දු උනා...
මෙයින් අපි පාඩම් දෙකක් ඉගෙනගමු...
පළමුවැන්න අපේ එකමුතුකම... දෙවැන්න අපේ අදහස් දැමියයුතු නිවැරදි ක්රමයගැන..
කෙසේවෙතත් අදාල නිවැරදි කිරීම කිල විගස මා අලුත් ත්‍රෙඩ් එකකින් ඔබ හැමට දන්වන්නම්.. එතෙක් අනවශ්‍ය හිත්රිදීම් ඇති නොකරගෙ අපි ඉමු.. මේ සම්බන්ධව ඔබට අවැසි ඕනෑම ප්‍රශ්ණයක අසන්න මා පිළිතුරු දෙන්නම්. -ස්තූතියි-