පලවෙනි ලව් ලෙටර් එක ලිව්වෙ 9 වසරෙදි. දම් පාට පෑනකුත් ගත්තා ඒක ලියන්න.

ගෙදර පාඩම් කරන අස්සෙ හොරෙන් තමයි ලිව්වෙ. අනිත් දවසෙ අරන් ගියා ඉස්කෝලෙට ඒක දෙන්න (පංතියෙම හිටිය කෙල්ලෙක්ටමයි). වල බහින යාලුවො සෙට් එක සීන් එක දන්නවා, මොකද උන් තමයි සප් එක දෙන්නෙ. ඒ හින්ඳා ගිය වෙලේ ඉඳන් මුන් ගෙන් මල වදේ ලියුම පෙන්නන්න කියලා. පස්සෙ ඉනටර්වල් වෙලාවෙ ඔන්න ලියුම පෙන්නුවා. සුපුරුදු පරිදි සෙට් එක කින්ඩි පටන්ගත්තාට ඉක්මනටම ඒක නැවතුනා (තර්ජන, ගර්ජන, ප්රහාර මැද්දෙ). මේන්න ඒපාර උන් ලියුම වර්නනා කරනවා!

කොහොමහරි හවස ලියුම දුන්නා සෙට් එකේ සහය ඇතුව ඔපරේෂන් ලච්ලෙටර් දියත් කරලා!
දවස් කීපෙකට පස්සෙ අපේ සෙට් එකත් එක්ක යාලු කෙල්ලො කීපදෙනෙක් සෙට් එකේ දෙන්නෙකුට ඉන්තවල් වෙලාවෙ කින්ඩි දානවා මෙන්න මගෙ ලියුමෙ තිබ්බ ඒවා කියලා !!

මට අම්බානට මල! මගෙ හොඳම ෆිට් එකට ප්රශනෙ ඇයි කෙල්ලො ටික මට නැතුව මේ වෙන උන්ට කින්ඩි දාන්නෙ කියල!

ඇදන් ගියා උන්ව පැත්තකට
"මොකද **** තොපි කලෙ ? තොපි ඒ කෙල්ලො ටිකට කිව්වා නෙද මම ****ට දුන්න ලියුම ගැන ?" මම සද්දෙ දානවා.

"උන් මොකොද මූට නැතුව තොපිට කින්ඩි දාන්නෙ ?" ෆිට් එක කෑගහනවා.
"අඩො ඇත්ත කියපං නැත්තං තොපිගෙ කාඩ් කුඩු කරනවා. ****ටයි,****ටයි කියනවා තොපිලගෙ ජාතකෙ 5වසරෙ ඉඳන්ම" අපෙ මර්සි ෆිට් එක තර්ජනය කරනවා.
"නෑ බං එහෙම එකක් නෑ! අපි කිව්වෙ නෑ!!" ඩබල අඬනවා.
මුකුත් කරන්න කලින් ඉන්ටවල් එක ඉවර උනා. ඉන්ටවල් එකෙන් පස්සෙ එදා තිබුනෙ සෞන්දර්ය (කොහොමද ඕක හරියට ගහන්නෙ ??

)හින්ඳා කට්ටිය ගියා වෙන ඒ ඒ පන්ති වලට. ඔය කාලෙ මමයි මර්සි ෆිට් එකයි කලෙ සංගීතෙ. අර කිනඩි දාපු එක කෙල්ලෙකුත් කලෙ සංගිතෙ. සංගිත සර් එන්න කලින් ඒකිව අල්ලගෙන විස්තරෙ ඔන්න අහගත්තා.
"****යි ****යි (අපෙ බුවාල දෙනම) ලියුම් දිලා එකම දවසෙ ***ටයි ***ටයි (උන්ගෙ ලව් දෙක). දෙන්නම ලියුම බැලුවම එකමයි තියෙන්නෙ. නම් විතරයි වෙනස්" කෙල්ල හිනාව අස්සෙන් කියනව. "අපිට ලියුම් දෙක පෙන්නුවා අද උදෙ"
අපිට තිබුන මල ඔක්කොම පහවෙලා ගියා! වෙලා තියන දේ තේරුනෙ එතකොටයි !!

දැං අපිට ෆුල් ආතල්. සෞන්දර්ය ඉවර වෙනකං ඉවසන් හිටියා. ආයෙත් පන්තියට ගියා විතරයි ටීචර් එන්න කලින් අරුන් දෙන්නව වට කරගත්තා.
"පංතියම මේ අහපල්ලා!!" මර්සි ෆිට් එක කෑ ගැහුවා අපෙ පංතිය විතරක් නෙමෙයි අල්ලපු පංති වලටත් ඇහෙන්න. කට්ටියම කතා නවත්තලා අහන් ඉන්නවා දැං.
"දැනගනිල්ලා, *** සහ **** (බුවාලා දෙනම) අතර තියෙන්නෙ එසේ මෙසේ ලව් නෙමෙයි, කොප්ප ලව්!!"
පංතිය කටවල් ඇද කරගෙන ඉන්නවා.
"මොකද්ද යකෝ ඒ කිව්වෙ" කට්ටියක් අහනවා.
"අඩෝ කට වහපං ඩෝ!" ඩබල වලියට එන්න හදනවා. මම එකෙක්ව අල්ල ගත්තා, මගෙ ෆිට් එක අනිකව අල්ලගත්තා.
මර්සි ෆිට් එක මෙන්න ඉස්සරහ පේලියෙ ඩෙස්ක් එකක් උඩ හිටගෙන ඒ පාර.
"උඹලා දැනගනිල්ලා, මුන් දෙන්නා එකම ලව් ලෙටර් එක එකම දවසෙ කොපි ගහලා, එකම දවසෙ මුන්ගෙ හිලව් දෙකට දීලා!!"
මුලු පංතියම බක බක ගාලා හිනා වෙනවා, අත්පුඩි ගහනවා. එහෙන් මෙහෙන් විසිල් වදිනවා. ඩබල අඬනවා මෙන්න!!
"තොපිට මොකද වෙලා තියෙන්නෙ බොල!!!" එක පාරට ගොරවන්න වගෙ සද්දෙ අවා. අත්පුඩියි විසිල් සද්දෙයි පිනාට අහිලා!!

"තෝ මොකද මේසෙ උඩ ? බහිනවා බිමට! එනවා එලියට ඔකකොම පෝලිමට!" අකුණු ගහනවා.
පංතිය හුම් සද්දක් නෑ. අපෙ සෙට් එක පෝලිමට පන්තියෙන් එලියට එනවා හොර පූසො ටික වගෙ. දොර ගාව පිනා ඉන්නවා ආවෙස වෙලා වගෙ බලාගෙන.
"කෝ අර ඩෙස්ක් එක උඩ හිටි එකා ? එනවා එලියට!"
මර්සි ෆිට් එක දොරෙන එලිට අඩිය තිබ්බා. චටාස්!!
කන අල්ලං මර්සි ෆිට් එක ඉන්නවා.
"තවත් මොනවද යකෝ බලන් ඉන්නෙ ? පල අරෙහෙට!!" පිනා කෑ ගහනවා.
"ඊලඟ එකා!"
මම අල්ලං හිටිය බුවා ගියා.
"සර් මෙ මම.." පටාස්!!
"කට වහන් පල අහකට!"
"ඊලඟ"
මමත් ගියා එලියට.
"ගලවපං කන්නාඩිය!"
ගැලෙව්වා විතරයි : චටාස්!!!
කන කුං ගාන්න ගත්තා. ඊට පස්සෙ රත් වෙන්න ගත්තා. එදා තමයි හාහාපුරා කියලා කනේ පාරක් කෑවෙ.
"ඊලඟ!"
ඔහොම සෙට් එකේම කන් රත් උනා.
"ගහපිය දන!!" ඔන්න කට්ටියම දන ගහගෙන.
"එකෙක් හෙලවෙන්නෙ නෑ පීරියඩ් එක ඉවර වෙනකං!!"
පිනා ගියා. ටිචර් ආවා. අපි හිටියා දන ගහගෙන.
ඔන්න ඕකයි පලවෙනි ලව් ලෙටර් එකට උනෙ.