♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ලිව්වෙ මොනාද කියලා ඇහුවම මතක් උනෙ තව ලියුම් සින් එකක්.
පන්තියට ආපු අලුත් බුවෙකුට රැග් එකක් හැටියට දුන්නා පන්තියෙ ඉන්න කෙල්ලො ටිකට ලියුම් ලියලා දෙන්න කියලා. අපි කියන එක ඌ ලියලා කෙල්ලට දෙන්න ඕනෙ.
ඒදා පන්තියෙ හිටිය කෙල්ලො සීන් එක දන්න හින්ද දෙන ලියුම අරගන්නවා කිසිම අවුලක් එකක් නැතුව.
අනිත් දවසෙ උදෙම සර් නම් මාර්ක් කල ගමන් අරූව අරන් ගියා පිනාගෙ ඔෆිස් එකට. අපි ඔක්කොම ෆුල් හොල්මන්. මු ඉස්කොලෙට ඇවිල්ලා දවසයි, මෙන්න පිනා ගාව!! :shocked:
ටික කින් ප්රිෆෙක්ට් ඩබලක් ආවා පන්තියට. කොලයක් ගත්තා එලියට.
"මෙ නම් කියන උන් ටික බහිනවා එලියට" උන් සද්දෙ දැම්මා.
ඔන්න කට්ටියගෙම නම් ටික කියනවා, උන් එකා එකා පන්තියෙන් එලියට යනවා.
"මොකද අයියෙ කෙස් එක ?" එකෙක් හිමින් ඇහුවා.
"ප්රින්සිපල් කිව්වා උඹලව ඔෆිස් එකට අරන් එන්න කියලා. ගිහාම කියයි සීන් එක" උන් කියපි.
අපිට දෑං චු යන ගානට. පිනා ගාවට මෙහෙම යනවා කියන්නෙ පස්ස රත් කරගන්න කියන එක දන්නවා.
"අයියෙ මට උන අයියෙ... " එකෙක් පටන් ගත්තා.
"තොට ගිහාම බෙහෙත් දෙයි. දැං යමං"
කට්ටියම දක්කගෙන ගියා ඔෆිස් එකට. පන්ති බාර සර්, සෙක්ශන් එක බාර මිස්, අනු පිනා සහ පිනා ඉන්නවා රවාගෙන. නිකන් නෙමෙයි, කන්න වගෙ රවාගෙන.
අලුත් බුවා ඉන්නවා මුන අල කරගෙන, කඳුලු පුරොගෙන. පිනාගෙ මෙසෙ උඩ පත වේවලක්. අනු පිනාගෙ අතෙ කොලයක් තියනවා.
අරුගෙ මුනයි, වේවැලයි, කොලෙයි දැක්ක ගමන් අපිට වැඩේ තෙරුනා.
අනු පිනා ලියුම කියවපි ඔක්කොටම ඇහෙන්න.
"මගෙ නම **** (අලුත් බුවාගෙ නම). මම මෙ පාසලට ආවෙ *** (බුවාගෙ පරන ඉස්කෝලෙ) ඉඳන්. ඒකෙ කෙල්ලො ඔයා තරම් ලස්සන නෑ.
ඔයා හරිම ලස්සනයි. ඔයාගෙ ගල හරිම සුදුයි"
අපෙ සෙට් එකම ඔන්න බිම බලන් ඇඹරෙනවා..
"මම ආසයි මගෙ **** ඔයාගෙ ගලෙතියන් ඉන්න"
සෙක්ශන් එක බාර ටිචර් අපිට රවාගෙන මුන රතු කරන් "මුන්ව හමගහලත් මදි" කියලා යන්න ගියා.
"මගෙ **** අඟල් 8ක් දිගයි"
"ඔය කියෙව්වා ඇති" පිනා කිව්වා.
"අට වසරෙ ඉඳන් තොපි කරන්නෙ මේකයි එහෙනං!!" ඔන්න අකුනු ගහන්න පටන් ගත්තා. විනාඩි 5ක් වගෙ ගියා.
"අල්ලපිය අත්" අපෙ සර් සද්දෙ දැම්මා. ඔන්න පොලිමට කට්ටිය දකුනු අත දිග ඇරන් ඉන්නව. එකාට 10 ගානෙ වැදුනා හම පැලෙන්නම. කට්ටියගෙම මුනු අල වෙලා ඉන්නෙ දැං.
"ඔය ගැහුවෙ තොපි මගෙ පන්තියට කරපු මෙ නින්දාවට"
කට්ටිය අතට පිඹගන්නවා දැන්.
"තොපි හිතුවද ඔතනින් ඉවරයි කියලා ?" අනු පිනා පටන් ගත්තා.
"මෙවා ලියලා මගෙ කකුල ගාවට දැම්මහම හිතුවද මම නොබලා ඉඳියි කියලා ?"
ඒ කතාවට අපි ඔක්කොම හොල්මන්.
"අපි සර්ට ඕවා එව්වෙ නෑනෙ" මට කියවුනා. මගෙ ෆිට් එක මාව කොනිත්තන ගමන් බිම බලාගත්තා.
"අල්ලපිය අත!" හම පැලිච්ච අතට දව 10ක්ම ලැබුනා මට. :(
"මම 10 පන්තියට යනකොට මගෙ කකුල ගාවටම විසි කරෙ මොකො එහෙනං‌ ?"
10 පන්නි තිබ්බෙ අපෙ පන්ති වලට පහලින්. අපෙ පන්තියෙ ඉඳන් මොකක් හරි විසි කලොත් වැටෙන්නෙ 10 පන්ති ගාව.
"අනික අලුතෙන් එන ලමයිට රැග් දෙන්න තොපි කවුද ?" තව විනාඩි 5ක් විතර අකුනු ගැහුවා.
"අල්ලපිය අනිත් අත"
අනු පිනා සෙට් එකටම අනිත් අතටත් 10ක් දැම්මා. ඔන්න දැං සෙට් එකම අත් දෙකටම පිඹිනවා, අත් දෙකම වනනවා,‌ ඒ අස්සෙ කඳුලුත් පිහිනවා.
"තොපි මේ කල සක්කිලි වැඩෙට තොපිව ඉස්කොලෙන් පන්නන් ඕනෙ ආයෙ වෙන මොන ඉස්කොලෙකට වත් යන්න බැරි වෙන්න!!" පිනා ආයත් ගොරවන්න පටන් ගත්තා.
"මුන්ගෙ දෙමව්පියන්ට පෙන්නන් ඕනෙ මේවා. පුතන්ඩියා මොනවද කරන්නෙ කියල"
ඒක කිව්ව ගමන් සෙට් එකම අඬන්න ගත්තා. හම ගහනව කිව්වත් බය නෑ, හැබැයි ගෙවල් වලට කියනවා කිව්වොත් ගූ බයයි.
"අනෙ සර්!! ගෙදරට නං කියන්න එපා!"
"ඕව් සර් කියන ඕනෙ දෙයක් කරන්නං, ගෙදරට නං කියන්න එපා!"
"තාත්තා පපුවෙ අමාරු කාරයා සර්. වඳින්නං, ගෙවල් වලට නං කියන්න එපා!"
කට්ටිය හොටු පෙරාගෙන අඬනවා දැං.
"එහෙමද ? හම් එහෙනං යමන් පන්තියට!" එකෙන්ම ඇඩුම් නැවතුනා.
ඔන්න සෙට් එක පෝලිමට පන්තියට යනවා. පිටිපස්සෙන් සර්, අනු පිනා සහ පිනා එනවා අර පත වේවැලත් අරන්.
පන්තිය ගාවට ගිය ගමන්:
"ඔහොම ඉන්නවා!" අපි පන්තිය ඉස්සරහ හිටගෙන. පිනා වේවැල තියාගෙන ඉන්නවා, අනු පිනායි සරුයි අනිත් 8ටෙ පන්ති වලට ගිහින් ඒවගෙ ඉන්න ලමයි ඔක්කොම එලියට බැස්සුවා ඉන්න ටීවර්ලත් එක්කම.
"මේ ලමයි ඔක්කොම හොඳින් මතක තියාගන්න තමුන් පාසලට එන්නෙ ඉගෙන ගන්න මිසක් නොසන්ඩාල වැඩ කරන්න නෙමෙයි!.." පිනා පටන් ගත්තා.
"කිසිම ලමයෙකුට මෙ පාසලට එන අලුති ලමයිට නවක වදය දෙන්න බෑ! එහෙම කලොත් වෙන්නෙ මේකයි" අපෙ පැත්තට වේවෑල දික් කලා.
"හැරෙනවා අනිත් පෑත්තට!" අනු පිනා අපිට කෑ ගහනවා.
"නැමෙනවා ඉස්සරහට!"
දැං වෙනකොට 8 විතරක් නෙමෙයි වටේම ඉන්න ඔක්කොම පන්ති වල ලමයි, වටාපිටාවෙ ඉන්න ටිචර්ල ඔක්කොම අපි දිහා බලන් ඉන්නෙ.
චටාස්!!! පටාස්!!
එකාට 10 ගානෙ වැදුනා දුකෙන් පුං වෙන්න. 10 වදිනකොට නිකන්ම දන ගැහිලා. කඳුලු පෙරෙනවා.
"හොඳට මතක තියාගන්න. නවක වදය තහනම්!!"
"දැන් තම තමන්ගෙ පන්ති වලට යන්න පුලුවන්!" අනිත් ලමයි පන්ති වලට යන අතරෙ අපිත් නැගිට්ටා.
"උඹලට කවුද යන්න ඉඩ දුන්නෙ ?. ඉන්නව ඔහොම්ම පීරියඩ් එක ඉවර වෙනකං!!"
පිනා සහ අනු පිනා යන්න ගියා. සර් පන්තියට ගියා. අපි පස්ස අතගගා, අත් වලට පිඹ පිඹ දන ගහගෙන හිටියා.
අඩේ මාර කැත සීන් එක ඒ කියන්නේ අර හුයන්නා ඒ විදිහට ලියලා ඒක පිනා ගාවට ගිහිල්ල කියන එකද....:angry:දැකෙක් ඒ අස්සේ අයියේ මට උණලුද:P
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උබ ඕක කියනකොට මට මරු සීන් එකක් මතක් උනා බං.. මම දැන් වැඩ කරකර ඉන්නවා.. ඒ දවස්වල බවුත් වල පොඩි කරන්ට් ලීක් තියනවා සමහර ඒවයේ විතරයි.. මගේ එකෙනුත් එහෙමයි.. මම ඕක දන්න නිසා සෙරෙප්පු දෙක දාගෙනමයි ඉන්නේ.. කොහොමහරි යාලුවෙක් හිටියා වසන්ත කියලා.. ඌත් අර ඇත තියාන ඉන්න බැරි එකෙක්..(දන්නවනේ කූංඤ්ඤේ ගලවපු වදුරට උන දේ) ඇවිල්ලා දැන් මම වැඩ කරන දිහා යාලුවෝ පොඩි කොල්ලෝ කුරුට්ටෝ බලං ඉන්නවා.. අරූ මේ මොකද්ද කියලා බවුත් එකේ හීට් සින්ක් එකට අත් තිබ්බා.. තිබ්බ ගම හොදට වදින්න ඇති.. මූට තේරුණේ නෑ කරන්ට් වැදුනා කියලා.. මූ හිතුවේ පිටිපස්සෙන් එකෙක් කොන්දට ගැහුවා කියලා.. මූ දැන් අපෙන් ගේමම ඉල්ලනවා ගහපු එකා කියපියව් කියකියා.. බඩවැල් එලියට එනකං අපි හිනාවෙනවා....

    :lol::lol::lol:
    පට්ට සීන් එක

    යස් මචං බුකියේ මම කවදාවත් ඔය චැට් වැඩේට සෙට් වෙන්නේ නෑ.. මෙලෝරහක් නෑ..අනික අපේ එවුන් කරනතරමක් කරන්නේ කට්ටිය ගහේ යවලා බලං ඉන්න එකනේ:angry:

    අනිවා :angry::angry:
    මන් මුල් දවස් ටිකේ නම් සෙට් උනා
    ඒත් දැන් නම් නෑ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔන්න උබලට මගේ කතාව. එතකොට 1998 අවුරුද්දේ . ඒකියන්න මම 11 වසරේ. මම ගියේ මිශ්‍ර පාසලකට. 11 වසර කියන්න ලවු කරන්න පටන් ගන්න කාලෙනේ . ඉතින් මටත් හිතුන හොද කෙල්ලෙක් සෙට් කරගත්තනම් හොදයි කියල. එදවස් වල කෙලෙක් සෙට් කරගතහොත් ඉතින් අවන්කවම ලවු කරනවා. දැන් වගේ නොවෙයි. :D:D
    එයාගේ නම දර්ශි . ඉතින් අපි කොල්ලෝ හැමදාම ඉන්ටෙර්වෙල් එකේ වතුර බොන්න ටැප් එක ලගට යනකොට එකී හැමදාම මගේ දිහා බලගන ඉන්නවා .:love::love: ඉතින් මටත් අනන්ගයගේ මල්හීසර වදින්න වගේ යන්නේ කියල හන්ගීමක් අව. ඉතින් අපේ පන්තියේ කොල්ලෝ සෙට් එකම මට ෆුල් සපෝර්ට් .

    ඉතින් මමත් හිතුව ලියුමක් ලියන්න ඕන කියල. ඉතින් ගිය බුක් ෂොප් එකකට . ගිහින් ගත්ත ලවු ලෙටර් ලියන කොලයක්. මම හිතන්නේ ඒ කොලේම උන රුපියල් 15 විතර. කඩේ ඉඳපු අක්ක මට හිනාවෙනවා. එත් ගානක් නැහැ. ඉතින් එකත් අරගන ගෙදර ගිහින් මගේ හොදම යාළුවා වන දිනේෂ් වත් හවුල් කරගන ලියන්න පටන්ගත්ත ලියුම. අරුත් මට හෙනම සප් එක දෙනවා . දිනේෂ් ළඟ තිබ්බ මල් පත්තර ( මට හොදට මතකයි ඒ පත්තරේ නම "හිම රෝස " ) ඉතින් ඔකේ තියන කෑලිත් දල කවිත් දල අනන් මනං දල ලිවුවා හොද රොමැන්ටික් ලියුමක්.

    ඉතින් පස්සෙන්ද හවස දර්ශි ට ස්පෝර්ට්ස් ප්‍රක්ටිස් . ඉති එවෙලාව අල්ලලා හවස 4 ට විතර ගිය ලියුම දෙන්න. අම්බෝ පපුව ගිඩි ගිඩි ගලා ගැහෙනවා. පස්සේ මම හිතුව මට ලියුම දෙන්න ශක්තියක් නැහැ. වැඩේ අතඅරිනවා කියල. එත් කොල්ලෝ කියනවා දීපන් දීපන් කියල. පස්සේ දෙන්න ශක්තියක් ඇත්තේම නැහැ. ඉතින් මොකද කරන්නේ අපේ කොල්ලෙක් එක මගේ උදුරාගෙන ඒකිට ගිහින් දුන්න . එකී ලියුම ගන්න නැතුව ඉන්නවා. ඉතින් අපේ එක අහනවා ඔයාට එපාද කියල. එට පසේ එකී කියනවා කෝ දෙන්න කියල. එකී අන්තිමට ගත්ත.

    එත් අවාසනාවට ද වසනවටද කොහෙද එකී මට කැමති උනේ නැහැ. :baffled::baffled: ඒකිට ඒවෙනකොට A/L පන්තියක කොල්ලෙක් ඉන්නවා. ඉතින් ඒකිට මාස ගානක් හිතින් ලවු කර කර ඉඳල වැඩේ අත ඇරලා දැම්ම. ඔන්න ඕකයි මගේ කතන්දරේ. වැඩේ කියන්න මම අපේ කොලොන්ට Party එකකුත් දුන්න ලියුම ගත්තම . Party එක තමයි මාළුපාන්, කිඹුලා බනිස් සහ ප්ලේන්ටි .:P:P. මම හිතුවේ වැඩේ හරි කියල එකී ලියුම ගත්හම. :) :angry: :D:D:D:D:D
    ඔව් ඉතින් අපේ බඩජාරියන්ට පාටියක් දෙනවා කියන්නේ කැන්ටිමේ තියන දේවල්නේ කිබුලාබනිස්..මාලුපාන්... වඩේ... ඉබුල් කිරිබත්(කටට කෙලත් උනනවා ඕයි!:sorry:) ඕවා තමා ඉතින් රජ කෑම....... කැන්ටිමෙන් හොරෙන් කන ඒවා කොහොමද්.. ඒවා කතාකරන්න ගියොත් ත්‍රෙඩ් එක ලොවෙත් නැතිවෙනවා........ඉතින් බං උබ ඊට පස්සේ වෙන එකකටවත් බහින්න එපායැ.. අනික ඒකි ඇයි උබට එහෙනම් ඇහැදුන්නේ...:growl:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අනිවා :angry::angry:
    මන් මුල් දවස් ටිකේ නම් සෙට් උනා
    ඒත් දැන් නම් නෑ

    මමත් කොල්ලෝ එක්ක ටිකක් කතා කරනවා.. උවමනාවක් උනොත් කා එක්කත් කතා කරනවා. .සහ නෑදෑයෝ එක්ක කතා කරනවා එච්චරයි;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩේ මාර කැත සීන් එක ඒ කියන්නේ අර හුයන්නා ඒ විදිහට ලියලා ඒක පිනා ගාවට ගිහිල්ල කියන එකද....:angry:දැකෙක් ඒ අස්සේ අයියේ මට උණලුද:P
    නැ, ඌ නෙමෙයි වැඩේ කෙල කරලා තියෙන්නෙ. ලියුම දුන්න කෙල්ලෙක් ඒක විසි කරලා බිත්තියෙන් එලියට (බාගෙ බිත්ති තියන බිල්ඩිමක්). කරුමෙට ඒ වෙලාවෙමයි එතනින් වයිස් පිනා ගිහින් තියෙන්නෙ.
    අලුත් බුවා ඇත්තටම ෆිට් බුවෙක්. ඌ මුලින් කියලා තියෙන්නෙ ඌම තමයි ලියුම ලිව්වෙ කියලා. පිනා ඌටත් දහයක් පහලවක් දීලා ඌව අස් කරනවා කියලා. ඊට පස්සෙ තමයි ඌ ඇත්ත කියලා තියෙන්නෙ.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එක ලව් ලෙටර් එකයි ලිව්වේ.. උදේ කෙල්ල රිටන් ලෙටර් එකක් දුන්න කැමැති කියල.. හවස එකක් දුන්න කැමැති නෑ කියල. :P
    පොඩි වෙලාවද උබට දුන්නේ.. මාර කෙල්ලක්නේ ඉතින් තෝ සද්ද නොකර හිටියද?:rolleyes:
    :lol:
    දවස ඇතුලෙ මොකද කලෙ වැඩේ කෙල කරගන්න ?
    :yes:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    :lol:
    දවස ඇතුලෙ මොකද කලෙ වැඩේ කෙල කරගන්න ?

    වැඩිය මොකුත් නෑ බන්.. ඉස්කෝලෙ කටා පාරක් දාල beach ගියා ලව් පාටිය සමරන්න, හවස සක්‍යා එනකොට බූට් එක මහල ඉවරයි. :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැඩිය මොකුත් නෑ බන්.. ඉස්කෝලෙ කටා පාරක් දාල beach ගියා ලව් පාටිය සමරන්න, හවස සක්‍යා එනකොට බූට් එක මහල ඉවරයි. :rofl:
    :lol: :lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නැ, ඌ නෙමෙයි වැඩේ කෙල කරලා තියෙන්නෙ. ලියුම දුන්න කෙල්ලෙක් ඒක විසි කරලා බිත්තියෙන් එලියට (බාගෙ බිත්ති තියන බිල්ඩිමක්). කරුමෙට ඒ වෙලාවෙමයි එතනින් වයිස් පිනා ගිහින් තියෙන්නෙ.
    අලුත් බුවා ඇත්තටම ෆිට් බුවෙක්. ඌ මුලින් කියලා තියෙන්නෙ ඌම තමයි ලියුම ලිව්වෙ කියලා. පිනා ඌටත් දහයක් පහලවක් දීලා ඌව අස් කරනවා කියලා. ඊට පස්සෙ තමයි ඌ ඇත්ත කියලා තියෙන්නෙ.

    එහෙනම් අවුලක් නෑ.. ඔයවගේ සීන් අපිටත් වෙලා තියනවා බං මටනම් පිනා ලගටයි විනය ලගටයි ගිය වාර ගානවත් මතක නෑ.. මොකද මම ආශ්‍රය කලේ පංතියේ ඉන්න නරකම එකා.. ඌ සතියකට සැරයක් කොහෙන් හරි එකෙක් හොයා ගන්නවා "මේකගේ ඔලුව වැඩී දෙමු ගේම කියලා.. ඉතින් අපි ඉස්කෝලේ ඇරෙනකං ඉදලා අරූට අල්ලගෙන දෙනවා කියන්නේ අපිටත් වදින වෙලාවල් තියනවා.. කොහොමටත් මගේ යාලුවටත් හොදට ගහගන්න පුලුවන් ඉතින් අරූ පහුවෙදාට ඇවිත් කියනවා.. අපේ ඉස්කෝලේ හිටියා හාමුදුරු කෙනෙක් පොර අපි දෙන්නට සපෝට් මොනා කලත් පොර අපිව ශේප් කරනවා.. ඒ හාමුදුරුවෝ මැදිහත් උනේ නැති දවසට අපි කනවා.. අපිටනං ඉතින් ඕක පිනාගේ ඔෆිස් එකේ ඉදලා එනකං විතරයි.. ඊස්සර කොහොම හරි A,B,C,D ඔක්කොම බය කරං හිටියේ...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    වැඩිය මොකුත් නෑ බන්.. ඉස්කෝලෙ කටා පාරක් දාල beach ගියා ලව් පාටිය සමරන්න, හවස සක්‍යා එනකොට බූට් එක මහල ඉවරයි. :rofl:

    :rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් අවුලක් නෑ.. ඔයවගේ සීන් අපිටත් වෙලා තියනවා බං මටනම් පිනා ලගටයි විනය ලගටයි ගිය වාර ගානවත් මතක නෑ.. මොකද මම ආශ්‍රය කලේ පංතියේ ඉන්න නරකම එකා.. ඌ සතියකට සැරයක් කොහෙන් හරි එකෙක් හොයා ගන්නවා "මේකගේ ඔලුව වැඩී දෙමු ගේම කියලා.. ඉතින් අපි ඉස්කෝලේ ඇරෙනකං ඉදලා අරූට අල්ලගෙන දෙනවා කියන්නේ අපිටත් වදින වෙලාවල් තියනවා.. කොහොමටත් මගේ යාලුවටත් හොදට ගහගන්න පුලුවන් ඉතින් අරූ පහුවෙදාට ඇවිත් කියනවා.. අපේ ඉස්කෝලේ හිටියා හාමුදුරු කෙනෙක් පොර අපි දෙන්නට සපෝට් මොනා කලත් පොර අපිව ශේප් කරනවා.. ඒ හාමුදුරුවෝ මැදිහත් උනේ නැති දවසට අපි කනවා.. අපිටනං ඉතින් ඕක පිනාගේ ඔෆිස් එකේ ඉදලා එනකං විතරයි.. ඊස්සර කොහොම හරි A,B,C,D ඔක්කොම බය කරං හිටියේ...
    චන්ඩි එලියට එන්නෙ දැං නෙ‌..
    :D
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,139
    2,380
    113
    එක ලව් ලෙටර් එකයි ලිව්වේ.. උදේ කෙල්ල රිටන් ලෙටර් එකක් දුන්න කැමැති කියල.. හවස එකක් දුන්න කැමැති නෑ කියල. :P

    මොකක්ද බන් අ love එක
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ආයෙත් අහලා බං.. මම මේ ත්‍රෙඩ් එකෙන් මාරම ෆන් එකක් ගත්තේ සිරාවටම.. කොල්ලන්ට උන සීන් අපිටත් ඒවම වෙලා තියනවනේ

    අපි එලකිරි කොල්ලො ටිකක්නේ :rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දැනට අවුරුදු ගානකට කලින් ගෙවල් ළඟ කෙල්ලෙක්ට දෙන්න හින්ද letter pad එකක් අරන් එකේ කොලෙකට සෙන්ට් ගහල වේලෙන්න තියල ලියපු හැටි අද වගේ මතකයි .... මොන වුනත් ලියුම එකෙන්ම වැඩ ... කෙල්ල සෙට් වුනා .....:)

    :yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පලවෙනි ලව් ලෙටර් එක ලිව්වෙ 9 වසරෙදි. දම් පාට පෑනකුත් ගත්තා ඒක ලියන්න. ;)
    ගෙදර පාඩම් කරන අස්සෙ හොරෙන් තමයි ලිව්වෙ. අනිත් දවසෙ අරන් ගියා ඉස්කෝලෙට ඒක දෙන්න (පංතියෙම හිටිය කෙල්ලෙක්ටමයි). වල බහින යාලුවො සෙට් එක සීන් එක දන්නවා, මොකද උන් තමයි සප් එක දෙන්නෙ. ඒ හින්ඳා ගිය වෙලේ ඉඳන් මුන් ගෙන් මල වදේ ලියුම පෙන්නන්න කියලා. පස්සෙ ඉනටර්වල් වෙලාවෙ ඔන්න ලියුම පෙන්නුවා. සුපුරුදු පරිදි සෙට් එක කින්ඩි පටන්ගත්තාට ඉක්මනටම‌ ඒක නැවතුනා (තර්ජන, ගර්ජන, ප්රහාර මැද්දෙ). මේන්න ඒපාර උන් ලියුම වර්නනා කරනවා! :baffled:
    කොහොමහරි හවස ලියුම දුන්නා සෙට් එකේ සහය ඇතුව ඔපරේෂන් ලච්ලෙටර් දියත් කරලා!
    දවස් කීපෙකට පස්සෙ අපේ සෙට් එකත් එක්ක යාලු කෙල්ලො කීපදෙනෙක් සෙට් එකේ දෙන්නෙකුට‌ ඉන්තවල් වෙලාවෙ කින්ඩි දානවා මෙන්න මගෙ ලියුමෙ තිබ්බ ඒවා කියලා !! :shocked: :shocked:
    මට අම්බානට මල! මගෙ හොඳම ෆිට් එකට ප්රශනෙ ඇයි කෙල්ලො ටික මට නැතුව මේ වෙන උන්ට කින්ඩි දාන්නෙ කියල! :confused:
    ඇදන් ගියා උන්ව පැත්තකට
    "මොකද **** තොපි කලෙ ? තොපි ඒ කෙල්ලො ටිකට කිව්වා නෙද මම ****ට දුන්න ලියුම ගැන ?" මම සද්දෙ දානවා. :growl:
    "උන් මොකොද මූට නැතුව තොපිට කින්ඩි දාන්නෙ‌ ?" ෆිට් එක කෑගහනවා.
    "අඩො ඇත්ත කියපං නැත්තං තොපිගෙ කාඩ් කුඩු කරනවා. ****ටයි,****ටයි කියනවා තොපිලගෙ ජාතකෙ 5වසරෙ ඉඳන්ම" අපෙ මර්සි ෆිට් එක තර්ජනය කරනවා.
    "නෑ බං එහෙම එකක් නෑ! අපි කිව්වෙ නෑ!!" ඩබල අඬනවා.
    මුකුත් කරන්න කලින් ඉන්ටවල් එක ඉවර උනා. ඉන්ටවල් එකෙන් පස්සෙ එදා තිබුනෙ සෞන්දර්ය (කොහොමද ඕක හරියට ගහන්නෙ ?? :baffled: )හින්ඳා කට්ටිය ගියා වෙන ඒ ඒ පන්ති වලට. ඔය කාලෙ මමයි මර්සි ෆිට් එකයි කලෙ සංගීතෙ. අර කිනඩි දාපු එක කෙල්ලෙකුත් කලෙ සංගිතෙ. සංගිත සර් එන්න කලින් ඒකිව අල්ලගෙන විස්තරෙ ඔන්න අහගත්තා.
    "****යි ****යි (අපෙ බුවාල දෙනම) ලියුම් දිලා එකම දවසෙ ***ටයි ***ටයි (උන්ගෙ ලව් දෙක). දෙන්නම ලියුම බැලුවම එකමයි තියෙන්නෙ. නම් විතරයි වෙනස්" කෙල්ල හිනාව අස්සෙන් කියනව. "අපිට ලියුම් දෙක පෙන්නුවා අද උදෙ"
    අපිට තිබුන මල ඔක්කොම පහවෙලා ගියා! වෙලා තියන දේ තේරුනෙ එතකොටයි !! :lol:
    දැං අපිට ෆුල් ආතල්. සෞන්දර්ය ඉවර වෙනකං ඉවසන් හිටියා. ආයෙත් පන්තියට ගියා විතරයි ටීචර් එන්න කලින් අරුන් දෙන්නව වට කරගත්තා.
    "පංතියම මේ අහපල්ලා!!" මර්සි ෆිට් එක කෑ ගැහුවා අපෙ පංතිය විතරක් නෙමෙයි අල්ලපු පංති වලටත් ඇහෙන්න. කට්ටියම කතා නවත්තලා අහන් ඉන්නවා දැං.
    "දැනගනිල්ලා, *** සහ **** (බුවාලා දෙනම) අතර තියෙන්නෙ එසේ මෙසේ ලව් නෙමෙයි, කොප්ප ලව්!!"
    පංතිය කටවල් ඇද කරගෙන ඉන්නවා.
    "මොකද්ද යකෝ ඒ කිව්වෙ" කට්ටියක් අහනවා.
    "අඩෝ කට වහපං ඩෝ!" ඩබල වලියට එන්න හදනවා. මම එකෙක්ව අල්ල ගත්තා, මගෙ ෆිට් එක අනිකව අල්ලගත්තා.
    මර්සි ෆිට් එක මෙන්න ඉස්සරහ පේලියෙ ඩෙස්ක් එකක් උඩ හිටගෙන ඒ පාර.
    "උඹලා දැනගනිල්ලා, මුන් දෙන්නා එකම ලව් ලෙටර් එක එකම දවසෙ කොපි ගහලා, එකම දවසෙ මුන්ගෙ හිලව් දෙකට දීලා!!"
    මුලු පංතියම බක බක ගාලා හිනා වෙනවා, අත්පුඩි ගහනවා. එහෙන් මෙහෙන් විසිල් වදිනවා. ඩබල අඬනවා මෙන්න!!
    "තොපිට මොකද වෙලා තියෙන්නෙ බොල!!!" එක පාරට ගොරවන්න වගෙ සද්දෙ අවා. අත්පුඩියි විසිල් සද්දෙයි පිනාට අහිලා!! :shocked: :shocked:
    "තෝ මොකද මේසෙ උඩ ? බහිනවා බිමට! එනවා එලියට ඔකකොම පෝලිමට!" අකුණු ගහනවා.
    පංතිය හුම් සද්දක් නෑ. අපෙ සෙට් එක පෝලිමට පන්තියෙන් එලියට එනවා හොර පූසො ටික වගෙ. දොර ගාව පිනා ඉන්නවා ආවෙස වෙලා වගෙ බලාගෙන.
    "කෝ අර ඩෙස්ක් එක උඩ හිටි එකා ? එනවා එලියට!"
    මර්සි ෆිට් එක දොරෙන එලිට අඩිය තිබ්බා. චටාස්!!
    කන අල්ලං මර්සි ෆිට් එක ඉන්නවා.
    "තවත් මොනවද යකෝ බලන් ඉන්නෙ ? පල අරෙහෙට!!" පිනා කෑ ගහනවා.
    "ඊලඟ එකා!"
    මම අල්ලං හිටිය බුවා ගියා.
    "සර් මෙ මම.." පටාස්!!
    "කට වහන් පල අහකට!"
    "ඊලඟ"
    මමත් ගියා එලියට.
    "ගලවපං කන්නාඩිය!"
    ගැලෙව්වා විතරයි‌ : චටාස්!!!
    කන කුං ගාන්න ගත්තා. ඊට පස්සෙ රත් වෙන්න ගත්තා. එදා තමයි හාහාපුරා කියලා කනේ පාරක් කෑවෙ.
    "ඊලඟ!"
    ඔහොම සෙට් එකේම කන් රත් උනා.
    "ගහපිය දන!!" ඔන්න කට්ටියම දන ගහගෙන.
    "එකෙක් හෙලවෙන්නෙ නෑ පීරියඩ් එක ඉවර වෙනකං!!"
    පිනා ගියා. ටිචර් ආවා. අපි හිටියා දන ගහගෙන.

    ඔන්න ඕකයි පලවෙනි ලව් ලෙටර් එකට උනෙ.
    අම්මට සිරි. මාර සීන් නේ උඹලටත් වෙන්නේ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හරි බන් :yes:
    ඉතින් ඕකට දැනට කියන්නෙ ඇයි :confused:
    කසාද බදින්නෙ ජීවිත කාලෙම එකට ඉන්නනේ ;)

    නෑ මචං මම ඒ දැනට කියල කීවේ දැන් කියන එක....:sorry: