කොල්ලෙක් විසින් නොකල යුතු දේවල් 20ක

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
කොල්ලෙක් විසින් නොකල යුතු දේවල් 20ක

1. කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා

2. එයාව අපහාසයට පත්වෙන කතා කියන්න එපා. මේ කියන්නේ විහිළු කරන එක ගැන නෙවෙයි, විහිළු අවුලක් නෑ.

3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. මෙහෙම කළාම කෙල්ලට ඔයාව වැඩිපුර ඕනේ වෙයි කියල හිතන්න එපා, ඒකෙන් වෙන්නේ එයාට ඔයව හොඳටම එපා වෙන එකයි.

4. කවදාවත් කෙල්ලට වංචා කරන්න එපා. කවදාවත් බේරෙන්න හම්බවෙන්නේ නෑ.

5. ඉටු කරන බැරි පොරොන්දු වෙන්න එපා. කරන්න බැරි නම් නොකියා ඉන්න එක වඩා හොඳයි.

6. ආදරෙයි කියනකොට අවංකවම කියන්න. ඔයා ආදරෙයි කියන්නේ ඇත්තටමද කියන එක එයාට හොඳට තේරෙනවා.

7. බොරු කියන්න එපා. කෙල්ලෙක්ට කවදාවත් අහුනොවෙන බොරුවක් කියන්න බෑ. ඔයාගේ මූණට නොකිව්වත් ඔයා කියන්නේ බොරුවක් කියල එයා දන්නව, ඒ නිසා බොරු කියන්න නම් හිතන්නවත් එපා.

8. වැරැද්දක් වුනොත් ඒක පිළිගන්න ලැජ්ජවෙන්නවත් ඒ වැරැද්ද ප්‍රතික්ශේප කරන්නවත් එපා.

9. එයාට බලකරන්න එපා. එයා එක්ක කරන්න ඕනේ දෙයක් එයා කැමති නම් කරාවි, ඒ දේ කරන්න කියල බලකරන්න එපා.

10. වෙන කෙල්ලෝ ගැන එයා එක්ක කියවන්න යන්න එපා. අනික් කෙල්ලෝ ගැන කිසිම වර්ණනාවක් තමන්ගේ කෙල්ල එක්ක කියන්න යන්න එපා.

11. පරණ පෙම්වතියෝ ගැන කියවන්න යන්න එපා. ඔයා එයාලගේ හොඳ කිව්වොත් කෙල්ල හිතන්නේ ඔය එයාලට තාම කැමතියි කියල, එයාලගේ නරක කිව්වොත් කෙල්ල හිතන්නේ එයාටත් කවදහරි අහන්න වෙන්නේ ඔය ටිකම තමයි කියලා.

12. කිසි දෙයක් එයාගෙන් හංගන්න හදන්න එපා. එයා අනිවා එක ගැන හොයගන්නව, ඒ නිසා එයත් එක්ක රහස් තියගන්න එපා.

13. එයාගේ යාළුවෝ ඉස්සරහදි නරක විදියට හැසිරෙන්න එපා. කෙල්ලෙක් කවදාවත් තමුන්ගේ කොල්ල නරක කෙනෙක් කියල යාළුවන්ට හිතෙනවට කැමති නෑ

14. ඔයාගේ අතින් වුන වැරද්දක් එයාගේ පිටට දාල ගැලවෙන්න හදන්න එපා. ඒක ප්‍රශ්න දෙගුණ කරාවි.

15. එයාට කේන්ති ගිහිල්ල ඉන්නව නම් ඇයි කියල හොයල බලන්න. ඔයාගෙන් වැරැද්දක් වෙල නම් වැරැද්ද පිලිගන්න.

16. එයාව අතහැරල දානව කියල විහිළු කරන්න එපා. ඒක විහිළුවක් කියල එයාට කියන්නත් කලින් එයා ඔයාව අතහැරල දමාවි

17. එයා සාධාරණ හේතුවකට තරහ ගත්තම එයාට දොස් කියන්න එපා.

18. එයා නැති තැන්වලදි වෙන වෙන කෙල්ලන්ව ඕනවට වඩ ඇසුරු කරන්න යන්න එපා. එයා ඔයාව කොච්චර විශ්වාස කලත් එයාට දුක හිතේවි

19. නිදහසට බොරු හේතු කියන්න එපා. වැරැද්දක් වුනා නම් කෙලින්ම වැරැද්ද පිළිගන්න, බොරු නිදහසට හේතු කියන්න යන්න එපා

20. ඔයාට කේන්ති ගියා කියල එයාට කැත විදියට බනින්න එපා.


මේවා විහිලු නෙවේ....... සැබෑවටම නොකල යුතු දේවල්,
ගොඩක් තේරුම් මේ තුල ගැබ් වෙලා තියෙනවා....
අපෙ ආදරය කරන යාලුවන්ට සහ ආදරය කරන්න හිතන් ඉන්න යාලුවන්
හැමෝටම වැදගත් වෙයි
සාර්ථකව ආදරය හැමදාම ආදරයක් විදියට පවත්වාගන්න
 

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    21. කෙල්ලන්ව වැඩ්ය ව්ශ්වාස කරන්න එපා
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    කොල්ලෙක් විසින් නොකල යුතු දේවල් 20 ???


    මීට වඩා පස් පව්, දස අකුසල් තියෙනවා නෙ නොකර ඉන්න
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    23. කෙල්ලන් යනු වහා ඇවිලෙන සුලු භාණ්ඩයකි.. හැකි පමනින් ඈත්ව සිටින්න

    mama kiuwe me 20 pilipadinna misak aluthin ewa add karanna nemei:angry::angry::angry:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    mama kiuwe me 20 pilipadinna misak aluthin ewa add karanna nemei:angry::angry::angry:


    sorry.gif

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,893
    1
    9,691
    113
    Gampaha
    මේකිට මොන්ගල්ද බන්?
    9. එයාට බලකරන්න එපා. එයා එක්ක කරන්න ඕනේ දෙයක් එයා කැමති නම් කරාවි, ඒ දේ කරන්න කියල බලකරන්න එපා.
    මුලින් බලෙන් කර ගත්තත් පස්සෙ එයාම කැමති වෙලා අපිට එපා වෙලාවටත් එයා බලෙන්ම කරෝ ගන්න හදනව. :lol::lol:
    12. කිසි දෙයක් එයාගෙන් හංගන්න හදන්න එපා. එයා අනිවා එක ගැන හොයගන්නව, ඒ නිසා එයත් එක්ක රහස් තියගන්න එපා.
    පිස්සු කතා. සමහර දේවල් හන්ගන තරමට කාටත් හොදයි.
    Topic එක Edit කරන්න "කොල්ලෙක් angel_hansi ට නොකල යුතු දේවල් කියල":lol::lol:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    Topic එක Edit කරන්න "කොල්ලෙක් angel_hansi ට නොකල යුතු දේවල් කියල":lol::lol:

    කියලා වැඩක් නෑ බන්. ටොපික් එක නම් අමු මොන්ගල්