සමනල වැව යෝධ නිදිකුම්බා උවදුරෙන් ගලවා ගන&#3538

mana0270

Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    සමනල වැව යෝධ නිදිකුම්බා උවදුරෙන් ගලවා ගන&#3538

    සමනල වැව යනු සබරගමුව සබරගමුව පළාතේ විශාලම ජලාශය වේ.
    එමෙන්ම දේශීය, විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගත් ස්ථානයකි.හිරිකටු ඔය,බෙලිහුල් ඔය,වලවේ ගඟ සහ තවත් ජලපෝෂක වලින් පෝෂණය වන සමනල වැව මේ වන විට යෝධ නිදිකුම්බා ශාකයේ තර්ජනයට ගොදුරුව ඇත.
    මේ ලිපිය පාදක වන්නේ දැනට සමනල වැව් තාවුල්ල,වැව රක්ෂිතය වසා පැතිර යමින් පවතින අලකේශ්වර යෝධ නිදිකුම්බා උවදුර පිළිබඳවයි.

    DSC02070.JPG

    සමනල වැව

    යෝධ නිදිකුම්බා ශාකය දැනට ලංකාව තුල ආක්‍රමණික ශාකයක් ලෙස පරිසර වේදීන් හදුනාගෙන ඇත.උඩවලව, කන්ද උඩරට ප්‍රදේශවල දැනට මෙම පැලෑටිය ශීඝ්‍රයෙන්පැතිර යයි.
    යෝධ නිදිකුම්බා ශාකය
    ඉතා තියුණු කටු සහිත,වසර දෙකක් පමණ වයසැති ශාකයක් වර්ග අඩි 30 ක පමණ වපසරියක විසිරි පවතී. වියලි බීජ සුළඟ හා ජලය මගින් පැතිරී යාම නිසා ගහනය දිනෙන් දින ඉතා පුළුල් වේ.
    ශාකය විනාශ කිරීමට ගත හැකි එකම පියවර වන්නේ ශාකය කපා ගිනිතබා විනාශ කිරීම පමණි.

    Untitled-1+copy_2.jpg

    DSC02026.JPG

    යෝධ නිදිකුම්බා බීජ

    DSC02059.JPG

    DSC02052.JPG

    සමනල වැව් තාවුල්ලේ යෝධ නිදිකුම්බා ගහනය

    අප විසින් 2012-07-04 දින සමනල වැව් තාවුල්ලේ සහ රක්ෂිතය අවට කරන ලද සංචාරය අනුව අපට පැහැදිලි වුයේ අක්කර 5 ක පමණ භුමි භාගයක් මෙම උවදුරට ගොදුරු වී ඇති බවයි.

    මෙම උවදුරෙන් සමනල වැවට හා එහි අවට ගම්වැසියන්ට ඇති අවදානම.
    ගහනය ජල පෝෂක කලාපය දක්වා පතිරුනහොත් ජල උල්පත් සිඳී යාමේ අවධානම.
    බීජ ජලය හා සුළඟ මගින් සමනල වැව අවට කුඹුරු සහ අනෙකුත් වගා භුමි වෙත පැතිරීමේ අවදානම්.එමෙන්ම එහිදී සිදු විය හැකි හානිය පුර්වොකල්පනය කල නොහැකි තරම්ය.
    රමණිය සමනල වැව් තාවුල්ලේ සුන්දරත්වය විනාශ වීම.
    විධිමත් විනාශ කිරීමකින් තොරව විනාශ කල නොහැකි නිසා ඉතාම සුළු ඉඩකඩක වුවද ඝනව,සරුසාර ලෙස වැඩි ගහනය වැඩි කිරීමේ හැකියාව

    මේ උවදුර ගැන අපිට කරන්න පුළුවන් මොනවද කියල ELAKIRI කට්ටිය අදහසක් දෙන්න.ඒක ගොඩක් වටිනවා.මේක රටේ සම්පතක්..

    මෙන්න මෙතනින් වැඩි විස්තර බලන්න..
    http://sabravoice.blogspot.com/2012/07/blog-post.html
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    gini thiyanawata wada wena widiyak nedda? :confused::confused::confused::confused:
    mokada eken anith gasuth merenawane.

    okaata wenama gahanna chemical nedda?

    kala wewath dan hidila..................:(:(:(:(:(:(:(:(:(
    BUMP
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචන් උබ මේ පොස්ට් එකේ සමනල වෑව ගෑන කියද්දී මේ සින්දුව මතක් උනා :):):)

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මේ වගේ දෙයක් දාපු එක ගොඩක් හොදයි.:yes::yes: කාලෙකට ඉස්සර නම් යෝධ නිදිකුම්බා ගැන ලංකාව පුරාම ඉතා හොද දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය වුණා. ඒත් දැන් ඒ කිසි දෙයක් වෙන්නෙ නැති ගානයි. හොද අවධානයකින් පාරෙ යනකොට ගියොත් ඔයාලට තේරෙයි මේ ශාකය කොච්චර දුරට රට පුරා ව්‍යාප්තවෙලා තියනවද කියද.:confused::confused::confused: මහියංගනෙන් සහ මනම්පිටියෙන් පටන් අරගෙන රට පුරා යන වැලි ලොරි වලින් මේ ගස් රට පුරාවටම පැතිරිලා ගිහින් තියනව. මේ කියන දේ හරිද කියල බලන්න පුළුවන් ළගදි වැලි ගෙනාව තැනකට (නිවසක් හරි වෙනත් ගොඩනැගිල්ලක් හරි හදන තැනක්) පොඩ්ඩක් ගියානම්. මේක මර්ධනයට විධිමත් වැඩපිළිවෙලක් වගේම හොද දැනුවත් කිරීමකුත් අවශ්‍යයි. විනාශ කරන්න තියන හොදම ක්‍රමය තමයි මල් පිපෙන්න කලින් ගලවල පුච්චල දාන එක. මහ ගහක් වෙලා කරල් හැදුනට පස්සෙ වෙන්න ඕනෙ ටික වෙලා ඉවරයි. :no::no::no::no:
     
    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    මචන් මට ආරංචි වුණා මධ්‍යම පරිසර අධිකාරිය ඉස්සරහත් යෝධ නිදිකුම්බා තියෙනව කියල..ඉතින් කවර කතාද??
     
    pasanherath

    Junior member
  • Feb 3, 2011
    54
    4
    8
    somewhere in SL
    Idea

    I m from the department of geology, UOP. I think you guys could work with us to get some kind of solution for this.

    Our guys would have better ideas.
    We have a society for doing extra activities(University Geological Society)

    Contact me on [email protected]

    I ll give you further information

    I already commented in your blog.

    Thank you..:D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ වගේ දෙයක් දාපු එක ගොඩක් හොදයි.:yes::yes: කාලෙකට ඉස්සර නම් යෝධ නිදිකුම්බා ගැන ලංකාව පුරාම ඉතා හොද දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය වුණා. ඒත් දැන් ඒ කිසි දෙයක් වෙන්නෙ නැති ගානයි. හොද අවධානයකින් පාරෙ යනකොට ගියොත් ඔයාලට තේරෙයි මේ ශාකය කොච්චර දුරට රට පුරා ව්‍යාප්තවෙලා තියනවද කියද.:confused::confused::confused: මහියංගනෙන් සහ මනම්පිටියෙන් පටන් අරගෙන රට පුරා යන වැලි ලොරි වලින් මේ ගස් රට පුරාවටම පැතිරිලා ගිහින් තියනව. මේ කියන දේ හරිද කියල බලන්න පුළුවන් ළගදි වැලි ගෙනාව තැනකට (නිවසක් හරි වෙනත් ගොඩනැගිල්ලක් හරි හදන තැනක්) පොඩ්ඩක් ගියානම්. මේක මර්ධනයට විධිමත් වැඩපිළිවෙලක් වගේම හොද දැනුවත් කිරීමකුත් අවශ්‍යයි. විනාශ කරන්න තියන හොදම ක්‍රමය තමයි මල් පිපෙන්න කලින් ගලවල පුච්චල දාන එක. මහ ගහක් වෙලා කරල් හැදුනට පස්සෙ වෙන්න ඕනෙ ටික වෙලා ඉවරයි. :no::no::no::no:

    :yes::yes::yes::yes::yes:
     
    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    I m from the department of geology, UOP. I think you guys could work with us to get some kind of solution for this.

    Our guys would have better ideas.
    We have a society for doing extra activities(University Geological Society)

    Contact me on [email protected]

    I ll give you further information

    I already commented in your blog.

    Thank you..:D

    thanx for your comment machan.we will send you all information about this disaster.we identified these areas by using only field visits.but we can extract area using RS images.what is the better solution for that???