You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මිහිතලය මත ජීවත් වන ගැහැනියක විසින් ආශ්වාස ප්‍රශ්වාස කර සමාජ සන්දර්භය තුළ ප්රාණියෙකු ලෙස පෙනී සිටීමට අමතරව ඉන් ඔබ්බට විහිදුණු තවත් සොදුරු සමාජ අවශ්‍යතාවයන් රැසක්ද වෙසෙසින්ම අවැසිව පවතී.. ප්‍රේම කිරීම, විවාහ වීම, ලිංග ජීවිතයක් ගත කිරීම, දරු සම්පත් ලබා ගැනීම ආදී මේ සියල් අවශ්‍යතාවයක්ම ගැහැනියකගේ ජීවිතය නැමැති නෞකාව දියත් කොට ගමනාන්තයේ යෙදීමට උපස්ථම්භක වන ජීවන සැරසිලි ලෙසට ඇය හා එකට බැදී පවතී එනමුදු ප්‍රේමයේ අරුණැසිවාදි සිතුම් පැතුම් සමග මායාට තම පෙම්වතා හා එක්ව ජීවිතය විදීමට වරම් ලැබුණත් ගැහැනියකගේ ජීවිතයට අවැසි අනෙකුත් සියල් ආභරණයන් පැළද පිරිපුන් ගැහැණියක වශයෙන් අභිෂේක ලබන්නට ඇය වාසනාවක්, භාග්‍යයක්, පිනක් නොතිබුණි..
වෛද්‍යවරුන් විසින් සැත්කම සිදුකොට අවසන් වී මායා වාට්ටුවට රැගෙන යන විටද ඇයට සිහිය පැමිණ නොතිබුණි.. හෙදියන් තිදෙනෙකු විසින් ට්‍රොලියකින් රැගෙන ගිය මායාගේ මුහුණ මලානික වී තිබිණි.. දෙනෙත් පියවී යළි නොඇරෙන තරමට තද වී තිබිණි.. දෙඅත් ට්‍රොලිය මත පහතට විහිදී තිබිණි.. දෙතොල් වියැළි ගොස් තිබිණි..
එදා හිරු බැස ගොස් සද මෝදු වී එක දෙක ගානේ ගැණිය නොහැකි තරමට අහස් කුසෙහි බැබළුණු තාරකාවන් මධ්‍යම රාත්‍රිය ගෙවීයත්ම මුළු අහස් තලයම ඝණ අන්ධකාරයෙන් වැසී ගියේ ඒ සියල් තාරකාවන් මූසල වළාකුලකින් වැළලී යත්මය.. අහස් කුසේ පැතිරුණු දැඩි අන්ධකාරය මුළු පරිසරයම මූසල ස්වභාවයකින් පොරවාලන්නට සමත් විය.. පරිසරයෙන් නැගුණු මෙම ශෝකය ගුප්ත හුදෙකලාභාවයත් සමගම සනිරුගේ හදවතට නිමාවක් නොමැති කෙළවරක් නොමැති අනන්තය දක්වා විහිදී යන වේදනාවක්, දුකක් ගලා එන්නට විය.. දෑසට කදුළු උනා තෙරපෙමින් තිබෙන සන්තානගත වේදනාව දියාරු වී මහා සාගරය තරම් ගලා ගියත් නැවතත් ඊට වඩා දුක් දොම්නස් සප්ත සයුරක් තරම් පිරෙන්නට වූවේ මායාට සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකය කිසි සේත්ම ඇයට විඳදරා ගන්නට ඇයට නොහැකිව ළතැවෙන බව සනිරුට සිතෙන්නට පටන් ගත් නිසාය.. ඒ බව සිනරුට නැවත නැවතත් සිතෙන්නට පටන් ගත්තම යළිත් යළිත් ඔහුට හඩන්නට හැර වෙන කිසිවක් ශේෂ වූවේ නැත..
සනිරු.. ඔයාගෙ වේදනාව අපිට තේරෙනවා.. ඒත්.. අපිට කියලා මොකුත් කරන්න බෑනෙ සනිරු.. හඩමින් සිටි සනිරු සමීපයට පැමිණි තුෂාරි ඔහුගේ වේදනාව අඩු කිරීමට උත්සාහ ගත්තද එය නිෂ්ඵළ විය..
තුෂාරි, මායාට මේවා දරාගන්න පුළුවන් වෙයිද..? තවම එයා ජීවිතය පටන් ගත්තා විතරයි..
මචං.. උඹ මෙහෙම අඩන්න පටන් ගත්තොත් මායාට තවත් දුක වැඩි වෙනවා නේද..? ඒක නිසා ඉවසපන් සනිරු.. ඉවසපන්..
මම කොහොමද බං ඉවසගෙන ඉන්නෙ..?
ඇයි උඹට ඉවසන්න බැරි..?
මොකද.. මායා හැම තිස්සෙම මේ ගැන හිත හිතා දුකින් ඉන්නකොට මම කොහොමද ඒ අහිංසකී දිහා බලාගෙන ඉන්නෙ..?
උඹ කියන දේ ඇත්ත.. අපිටත් දුක, වේදනාව කියන එක දැනෙනවා.. මොකද අපිත් මිනිස්සුනෙ.. ඒත් උඹ මෙතනදි මීට වඩා ශක්තිමත් වෙන්න ඕන සනිරු..
ඒ වැටෙන කදුළු වල කොච්චර ගින්දරක් ඇත්ද..? වේදනාවක් ඇත්ද..? ඒ දේ කියා ගන්න බැරුව.. මායා.. කොච්චර දුක් විදියිද ප්‍රදීප්..
මේ වගේ වයසක දී කෙල්ලෙකුට මේ වගේ දෙයක් උනාම කොහොමටත් ඒක අමතක කරන්න බෑ.. ඒක මුළු ජීවිතේම රැදිලා තියෙනවා.. ඒත් අපිට පුලුවන් වෙන්න ඕනි.. ඒ දුක නැති කරලා දාන්න.. ඒ උඹගෙ ආදරයෙන් සනිරු.. ආදරයෙන්..
ඔව් ප්‍රදීප්.. මායාගේ ජීවිතය වෙනුවෙන් සතුට වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.. මගේ ජීවිතය එයා වගේම එයාගෙ ජීවිතයත් මම.. ඉතින් මම කොහොමද එයාට වේදනාවක් දැනෙන්න දේනනෙ..?
තවම මායාට සිහිය ඇවිත් නැද්ද තුෂාරි..? මායාගේ මුවින් එකම වචනයක් හෝ අසන්නට නොනිම් ආසාවකින් උන් සනිරු විමසුවේය..
නෑ සනිරු.. තවම නෑ.. තව ටික වෙලාවක් යයි..
පසුදා වන තුරුම මායාගේ දෙමාපියන් රෝහල්ගතව රැදී සිටියේ ත දියණියගේ තත්වය වෛද්‍යවරුන්ගෙන් අසා දැන ගැනීම උදෙසාය.. ඒ මොහොතේ ඉන්ද්‍රාණිට සනිරු පිළිබදව දැන ගැනීමට උනන්දුව තිබුණත් ඊට තරමක් පසුබට වූවේ තම සැමියා තමන් සමග සිටීම නිසාය.. කෙසේ නමුත් සනිරු මුණගැසීමට ඇයගේ සිත ඒ කෙරේ දැඩි විය.. එබැවින් ඇය තුෂාරි සහ අනෙකුත් යහළුවන් හමුවට ගියේ තම සිතැගි අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීම සදහාය..
තුෂාරි දුවේ.. මට ඔයාගෙන් පොඩි කාරණාවක් දැනගන්න පුළුවන්ද..? හැබැයි මම අහන දේට ඇත්තම කියන්න ඕන..
තුෂාරිත් සමග ඉන්ද්‍රාණි කතා කරමින් සිටියදී සනිරුද එතැන සිටියත් ඇය ඒ බන නොදැන උන්නේ මීට පෙර ඔහු නොදැක තිබූ නිසාවෙනි.. සනිරු තුළත් අනෙකුන් තුළත් දෙගිඩියාවක් ඇති වූවේ මායාගේ මව තුෂාරිගෙන් කුමක් දැන ගැන්මට උත්සාහ කරන්නේද යන්න පිළිබදවයි..
මොකක්ද ඇන්ටි මගෙන් දැනගන්න තියේනනෙ..? තුෂාරි ඇස් දෙක කරකවා තම යහළුවන් දෙස බැලීය..
ඇයි දුව.. මූණ නිකං අමුතු වුණේ..?
නෑ.. ඇන්ටි.. එහෙම මොකුත් නෑ..
මේකයි පුතේ.. සනිරු කියන්නෙ ඔයාගෙ යාළුවෙක්ද..? එයා ඉන්නෙ කොහෙද..? මට ඒ පුතත් එක්ක කතා කරන්න ඕනි.. ඉන්ද්‍රාණි එක දිගටම සිනිරු පිළිබද කතා කරන්නට පටන් ගත්තේය..
ඉන්ද්‍රාණි කාරුණික ලෙස සනිරු පිළිබදව විමසන්නට පෙළඹීම ඔවුන් තුළ පුදුමය ඇති කරන්නට විය.. මුදල්, නම්බුව, දේශපාලන මැරකම් හේතුවෙන් මායාගේ පියා තුළින් අමානුෂීය සබදකම්, මානුෂීය ගණුදෙනු පහව ගියද ඔහුගේ එම තාඩන පීඩන වලට යටත්ව මිනිස්කමේ පිවිතුරු බැදීම් අමතක නොකොට එය අගය එකම තැනැත්තිය වූවේ ඉන්ද්‍රාණිය..
ඇන්ටිට සනිරුට කතා කරන්නද ඕනි..? මේ ඉන්නෙ සනිරු.. තුෂාරි මායාගේ අම්මාට සනිරු පෙන්වමින් ඒ දෙසට හැරුණාය..
ඉන්ද්‍රාණි සමීපයට සනිරු පැමිණි විට ඔහු වැළදගෙන ඇය හඩන්නට විය.. ඇයගේ උරහිස මත හිස තබා ගත් සනිරුගේ දෙනෙත් වලටද කදුළු පිරුණේ ඇයගේ ආදරණීය මව් සෙනෙහස තමා හට හෘදයාංගමව දැනෙන්නට වූ නිසාත්මය.. මායාගේ දෙනෙත්හී ගැබ්ව තිබුණු කාර්ණික බව, නිරහංකාර බව නිහතමානීකම ඉන්ද්‍රාණි වෙතින්ද සනිරුට දැකගන්නට ලැබුණි..
අඩන්න එපා අම්මෙ.. මට අම්මගෙ දුක තේරෙනවා.. මොකද මටත් වේදනාව දැනෙන නිසා.. සනිරු මායාගේ මව සනසන්නට පෙරත්නයක් දැරුවේ තම වේදනාව ඇයට නොපෙනෙන්නට උත්සාහ කරමිනි..
පුදුම ළමයෙක් තමයි.. පුතා මගේ වේදනාව නැති කරන්න හදන්නෙ පුතාගෙ වේදනාව හංගගෙන නේද..?
ඔව් අම්මෙ.. මම උත්සාහ කරන්නෙ මේ වේදනාව මගේ හිතේ තියාගෙන ඉන්නයි.. ඒත්.. මායා විදින මේ දුක දැක්කාම මුළු ලෝකයටම ඇහෙන්න කෑ ගහලා මට ඒ වේදනාව කියන්න හිතෙනවා..
පුතේ!! මෙච්චර දවසකට මට අම්මා කියලා කතා කරන්න පුතෙක් හිටියෙ නෑ.. ඒත් දැන් ඉන්නවා.. ඒ ඔයයි සනිරු..
ඇයි අම්මෙ මාව පුතෙක් විදියට පිළිගන්නෙ..? ඒ තරම්ම ළගින් පිළිගන්න මගේ තියෙන විශේෂත්වය මොකක්ද..?
ඒ.. ආයෙ ඔයා වගේ කෙනෙකුට පුතා කියලා කතා කරන්න ලැබෙන්නෙ නැති නිසයි.. ආයෙ මායාට ඔයා වගේ කොල්ලෙක් ලැබෙන්නෙ නැති නිසයි.. ආයෙ රකිත වගේ දඩබ්බරයෙකුට පුතා කියලා කතා කරන්නෙ නැති නිසයි.. මගෙ පුතේ..
ඉන්ද්‍රාණි රකිතගේ චන්ඩිකම් දැනගෙන නොහිටියාම නොවේ.. ඔහුගේ අශිෂ්ට ගති පැවතුම් නොදැක්කාම නොවේ.. ඔහුගේ යටි සිතෙහි වූ අරමුණු කෙරේ තමඋපකල්පන සිත අවිශ්වාස නොකරාම නොවේ.. ඈ ඒ සියලු දේවල් දැනන් උන්නාය.. ඔහු හා සනිරු සංසන්දනය කරන විට සනිරු මැණිකක් මෙන් අගනේය.. ඉතින් ඇය ඔහුට පුතා කියා ආමන්ත්‍රණය කිරීම කිසිසේත්ම සර්වසාධාරණ නොවන බව නොසිතුවාය..
දුක් වෙන්න එපා පුතේ.. මේ හැම දෙයක්ම හොදට වුණා කියලා හිතාගන්න.. බයවෙන්න එපා.. මේ අම්මා ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා..
කතා කරමින් උන් ඉන්ද්‍රාණි සහ සනිරු දෙසට තුෂාරි ඉක්මනින් පැමිණියේ හදිසිය මුදු වූ යමක් පැවසීමටය..
ඇන්ටි.. ඇන්ටි.. අන්කල් මෙහාට එනවා.. ඉක්මණට ඇන්ටි මෙතනින් ය්නන.. නැත්නම් මොනවා වෙයිද දන්නෙ නෑ..
දූ කලබල නොවී ඉන්න.. වෙන දෙයක් වුණදෙන්.. දැන ගන්න දෙයක් දැනගත්ත දෙන්..
ඉන්ද්‍රාණි මෙතන මොකද කරන්නෙ..? මම ඔයාව අරහෙ හොයනවා.. ම්.. මේ කවුද..? මීට කලින් මම දැකලා නෑ.. ජයවර්ධන අත සනිරු දෙසට දිගු කර පෙන්විය..
මේ.. මේ.. මායාගෙ යාළුවෙක්.. ඉන්ද්‍රාණි සනිරු දෙස බලමින් පැවසීය..
හරි.. හරි.. යාලුවෙක් වෙන්න පුලුවන්.. ඒත් මම ඇහුවෙ කවුද කියලා.. ජයවර්ධනගේ ගොරහැඩි කටහඩ අවදි විය..
කිව්වනේ ජයේ.. මායාගෙ යාලුවෙක් කියලා.. කොහේද ඉන්නෙ නම මොකක්ද කියලා මම දන්නෙ නෑ.. ඒ දේවල් අනික අපිට මොකටද..?
මොකටද..? ඇයි අපේ දරුවන් ආශ්‍රය කරන්නෙ කවුද කියලා අපිට දැනගන්න අයිතියක් නැද්ද..?
තියෙනවා ජයේ.. ඒත්..
ඒත්.. ඉන්ද්‍රාණි.. මම අහපු දේට ගොත ගහන්නෙ නැතුව කෙළින් උත්තර දෙන්න.. ඉතින් මේ කවුද..? නැවත ජයවර්ධන සනිරු පෙන්වා ඇසීය..
මම දන්නෙ නෑ ජයේ.. මම දන්නෙ නෑ..
ඒ කියන්නෙ ඔයා දන්නෙ නෑ නේද..? හරි බලමු.. මම හෙයා ගන්නම්.. ජයවර්ධන තුල වූ කෝපය ටිකෙන් ටික බාහිරට නික්මිණ..
ඔය ළමයින්ට පුළුවන්ද මම අහපු එකට උත්තර දෙන්න.. ජයවර්ධන තුෂාරිගෙන් සහ අනෙකුත් අයගෙන් විමසුවේය..
සනිරුගේ නම ජයවර්ධන හට පැවසීම කිසිවෙකුටත් කළ නොහැකි දෙයක් විය.. මොහොතකට හෝ ඔවුනතින් සනිරුගේ නම කියවුණෝතින් එය විශාල ඛේදවාචකයකට හේතුවක් වන බැව් තරයේම ඔවුන් දැන සිටියාය.. එබැවින් ඔවුන් නිහඩව බිම බලා උන්නේ ජයවර්ධන ඇසූ ප්‍රශ්නයට කිසිත් පැවසීමට නොහැකි බැව් ඒත්තු ගැන්වීම සදහාය..
එහෙනම් ඔයාලටත් බෑ නේද..?
මේ මොහොතෙහි සනිරුගේ මනසට පැමිණියේ එකම දෙයකි.. ඒ තමා කවුරුන්ද යන්න ජයවර්ධන හට නොසගවා පැවසීමයි.. එය පැවසීමට තමාට ධෛර්යයක් ඇති බව සනිරු දැන සිටියේය.. එමෙන්ම ඉන් අත්වෙන ප්‍රතිඵලයද දැන සිටියේය..
කල්පනා කරමින් සිටි සනිරු දෙස බලා උන් ජයවර්ධන ක්ෂණ්යකින් කේසර හළා ගත් සිංහයකු විලසින් සනිරුගේ ඇගට කඩා පැන්නේය..
ආ.. තමුසෙ නේද සනිරු කියන්නෙ..? මට හිතුණා කපටි මූණ හංගගෙන බියගුල්ලෙක් වගේ ඉන්නකොට.. ඇයි කට නැද්ද උත්තර දෙන්න.. ජයවර්ධන තුළ වූ කෝපය නැවත මතු වූ බව ඔහුගේ විසල් රත් පැහැති වටකුරු ඇස් දෙකින් පෙනිණ..
ඔව්.. මම තමයි සනිරු.. මම තමයි මායාට ආදරේ කරන්නෙ.. ඕකනේ දැනගන්න ඕන වෙලා තිබුණෙ.. තව තවත් ජයවර්ධනට සැග වීමෙන් ඵලක් නැතැයි සිතූ සනිරු ඔහුගේ රත් වූ ඇස් දෙක දෙස බලා හිද ඒ බව පැවසුවේ නිර්භයවය..
මම බයවුණේ මායාට ආදරය කරන්න නෙමෙයි.. ඒ දේ ලෝකයට හංගන්න නෙමෙයි.. මම බය වුණේ මේ ලෝකෙ අපි දෙන්නට නිදහසේ ඉන්න බඩක් තියෙයිද ගැන හිතලා.. නැතුව කොන්ද පණ නැති පිරිමියෙක් වගේ බය වෙලා ජීවත් වෙන්න නෙමෙයි..
උඹගෙ ඔය විකාර වදන් උඹ ගාව තියාගනිං.. ඒවා මට වැඩක් නෑ.. උඹ මොකට බය වුණත් නැතත් මගෙත් එක්ක හැප්පෙන්න නම් හිතුවා මදි..
අනික උඹලා වගේ තුට්ටු දෙකේ එවුන් හින්දා තමයි අපේ දරුවො දුක් විදින්නෙ.. උඹ නිසයි මායාට අද මෙහෙම දෙයක් වුණේ.. ජයවර්ධන සනිරුට දොස් පැවරුවේ මායාට සිදු වූ දෙය ඔහු නිසා වූ බව සිතාගෙනය..
ජයේ.. මොනවද මේ ඔයා කියවන්නේ..? මේ ළමයගෙ වැරැද්ද මොකක්ද..? ජයවර්ධන සනිරුට දොස් කීම බලා හිදීමට නොහැකිව ඉන්ද්‍රාණි පැවසීය..
වැරැද්ද.. මගෙන්ද අහන්නෙ..? මේකා නිසයි අද මෙහෙම දෙයක් වුණේ.. කාලකන්ණි හැත්ත..
උඹ මේක හොදට අහපං.. මීට පස්සෙ උඹ මායා දිහා ඇහැක් ඇරලා බැලුවොත් මම උඹගෙ මාරයා වෙලයි එන්නෙ.. ජයවර්ධන රෝහල දෙවනත් වන තරමට මහා හඩින් සනිරුට තර්ජනය කළේය..
මම සැරින් සැරේ මායා දිහා ඇස් ඇර ඇර බලන්නෙ නෑ.. හැම තිස්සෙම මායා ඉන්නෙ මගේ ඇස් දෙකේ තමයි.. හදවත ඇතුළෙයි.. ගන්න හුස්ම ටිකෙයි.. ඉතින් හැම තත්පරයකම මායා ඉන්නෙ මගේ ළග තමයි.. ඒ දේ මගෙන් කාටවත් කවමදාකවත් උදුර ගන්න බෑ..
උඹ දන්නෙ නෑ මේ ජයවර්ධන කියන්නෙ කවුද කියලා.. මට හිතෙන්නෙ මම කවුද කියලා දැනගන්න උඹ ආසාවෙන් ඉන්නෙ කියලා..
ජයවර්ධනගේ තර්ජය, මැරකම්, බලපුලුවන්කාරකම් ඉදිරියේ සනිරු අසරණ වුවත් තමාගේත් මායාගේත් ආදරය නැති කර දමන්නට තරම් ඊට ශක්තියක් නොවුණේ තම ආදරය සයුරට රළ පෙළ තරම්ම, සිතුවමට වර්ණ කාරක තරම්ම, ගුවනට තරු කැට තර්මම, සංගීතයට ස්වර තරම්ම. පසළොසට පූර්ණ චන්ද්‍රයා තරම්ම වෙන් කළ නොහැකි තරමේ සබැදියාවක් පවතින බැවිණි..
කාරියවසම්ට වූ පොරොන්දුව ඉටු කිරීමට ජයවර්ධන තුළ වූවේ ඉමහත් උද්යෝගයකි.. නමුත් මායාට සිදු වූ දෙය ඔවුන්ට ආරංචි වුණහොත් කාරියවසම්ගේ පුතා තම දියණිය විවාහ කර ගැනීමට අකමැත්තක් දක්වතියි යන්න පිළිබදව ජයවර්ධන තුළ වූවේ තරමක බියකි.. කෙසේ නමුත් කාරියවසම්ට අවශ්‍යව ඇත්තේ මායා තම ලේලිය කර ගැනීමට වඩා ඇයගේ දේපළ ලබා ගැනීමට බව ජයවර්ධණ හට මොහතෙකටවත් නොහැගුණේ ඔහු ඒ තරම්ම ඔවුන් විශ්වාස කළ නිසාවෙනි..
තම පරපුර ඉදිරියට ගෙන යාමට නොහැකි ගැහැනියක් කෙලෙසින්වත් සියපවුලට සම්බන්ධ කර ගැනීමට කාරියවසම් කැමැත්තක් නොදරණ බව තරයේම ජයවර්ධන දැන සිටියේය.. එම නිසා මායාට සිදු වූ දෙය රහසක් ලෙසට තබා ගැනීමට ජයවර්ධනට සිත් විය..
ඉන්ද්‍රාණි.. අපි දැන් කාරියවසම්ට මොනවද කියන්නෙ..? එයාලා මේ ගැන දැන ගත්තොත් එහෙම.. සිය බිරිදත් සමග වාඩි වී සිටි ජයවර්ධන පැවසුවේය..
මොනවා වෙන්නද..? ආයෙ දෙකක් නෑ මායාට කැමති නෑ කියයි.. ඉන්ද්‍රාණි ජයවර්ධනගේ මුහුණ දෙස බලා නැවත ඉන් ඉවත බලමින් ප්‍රකාශ කළාය..
කාරියවසම් මායා ප්‍රතික්ෂේප කිරීම ඉන්ද්‍රාණි තුළ සතුටට කාරණයක් වූයේ සනිරුටත් සනිරු මායාටත් අවංකව ආදරය කරන බව හොදාකාරවම ඇය දන්නා නිසාය.. රකිත පිළිබදව ඉන්ද්‍රාණි තුළ ඇත්තේ පුතෙකුට වඩා දාමරික ගති ඇති කොසණ්ඩාලයෙකු පිළිබද හැගීමකි.. ඇය මුල සිටම ඔහුට අකමැති වුවත් ඒ බව නොහැග වූවේ තම සැමියාගේ ඒකාධිපති තීරණ නිසාවෙනි.. කෙසේ නමුත් ජයවර්ධන තව තවත් උත්සාහ කළේ මොන ක්‍රමයකින් හෝ රකිතට මායා බන්දා දීමටයි..
එහෙම එයාලා අකමැති වෙන්නෙ අපි එයාලට මේ ගැන කිව්වොත්නෙව.. මේක අපි ඒ අයට නොකියා ඉමු.. එතකොට ප්‍රශ්නයක් නෑනෙ..
ඔයාට පිස්සුද ජයේ.. ඔයාගෙ මේ මෝඩ වැඩ නිසා අපේ දුවටයි දුක් විදින්න වේනනෙ.. මම නම් ඔවාට පොඩ්ඩක්වත් කැමති නෑ.. ඉන්ද්‍රාණි ජයවර්ධන අසලින් නැගිට යන්නට වූවේ ඔහුගේ ආත්මර්ථකාමී අදහස් නිසාය..
මට නෙමෙයි පිස්සු ඉන්ද්‍රාණි.. ඔයාටයි පිස්සු.. දැන් මායාට වෙන කවුරුත් කසාද බදින්න පුළුවන් වෙයිද..? පොඩ්ඩක් මේ ගැන හිතනවා.. අර රකිත ළමයා මේ ගැන දැන ගත්තත් නොගත්තත් මායාට කැමති වෙනවා.. ඒක විශ්වාසයි..
ජයේ.. ඔයාට ඉතිං රකිත.. රකිත.. රකිත.. වෙන නමක් ඇත්තෙම නැද්ද..?
ඔව් තියෙනවා.. තමුසෙටත් දැන් ඕන වෙලා තියෙන්නෙ අර සනිරු කියන එකා බෑණා කරගන්නනෙ.. බලමුකො කර ගන්න හැටි.. අපේ එකී කසාද නොබැද ගෙදරට වෙලා හිටියත් ඕකට නම් දෙන්නෙ නෑ.. ජයවර්ධන කේන්තියෙන් මෙන් ඉන්ද්‍රාණිට එලෙස පැවසුවේ සනිරු තම පෙළපත විනාශ කිරීඹට පැමිණි හතුරෙකු යැයි සිතාය..
මායාට සිහිය ආවාය..
සැත්තමින් ඉක්බිතිව හොරා කිහිපයක් ගෙවීයත්ම සුදුපාට තිර වලින් ජනේල ආවරණය කර තිබූ කාමරයක ඇදක වැරති සිටි මායා හට තමන්ට සිදු වූවේ කුමක්ද යන්න පිළිබදව අදහාගත නොහැකි වූවේ තමන් ශල්‍යකර්මයකට භාජනය වූ බව නොදත් නිසාය.. එහෙත් සිදුකළ සැත්කම හේතුවෙන් උදරය අභ්‍යන්තරයෙන් දැනුණු වේදනාව නිසාත් තම දෑතට උදරය වටා වෙලුම් පටි වලින් වෙලා ඇති බව දැනුණු නිසාත් එහි තැනිත් තැන රතු පාට ලේ පැල්ලම් තැවරී ඇති බව දුටු නිසාත් මායාගේ සිත කලබලයට පත්විය..
නර්ස්.. නර්ස්.. නර්ස්.. පොඩ්ඩක් මෙහාට එන්නකො.. ඇදෙහි වැතිර සිටි මායා කෙදිරිගාමින් නැගිටීමට තම දෑතට වෙර දෙමින් හෙදියකට කතා කළාය..
ඇයි මිස් මට කතා කළේ..? ආ.. ඔයාගෙ ගෙදර අය එළියෙ ඉන්නවා.. පොඩ්ඩක් ඉන්න මම කතා කරන්නම්.. මායා සමීපයට පැමිණි හෙදිය නැවත මායා ඇදෙහි හාන්සි කරවමින් පැවසීය..
එපා.. එපා.. නර්ස් මම අහන දේට උත්තර දෙන්නකො.. මට මොකද වුණේ..? ඇයි මගේ මේ ලේ..? මායා හෙදියගේ අත අල්ලා ගනිමින් ප්‍රශ්න කළාය..
ඇයි මිස්.. ඔයා දන්නෙ නැද්ද..? ඔයාට ඔපරේෂන් එකක් කළා.. දැනුයි ඔයාට සිහිය ආවෙ..
ඔපරේෂන් එකක්..? මායා තම දෑත උදරය මත තබා ඒ දෙස බලාගෙන බිය සහ පුදුමය ඇති කර ගනිමින් ඇසීය..
මිස් ඔයාගෙත.. මායාට සැත්කමක් සිදු කළේ ඇයිද යන්න හෙදිය නොපැවසුවේ මායා කෑ ගැසුවෝත් නිතැතින් ලේ වහනය වන බව දත් නිසාය..
ඉතින්.. මොකක්ද නර්ස්..? මට කියන්න මොකද වුණේ කියලා.. මම ඔයාට වදින්නම්.. බැගෑපත් වූ මායාගේ කටහඩ වේගවත් විය..
කරුණාකරලා මිස්, හෙමීට කතා කරන්න.. හයියෙන් කතා කරන්න ඔයාට හොද නෑ.. මෙතන ඔයාගෙ හැම රිපෝට්ස් එකක්ම තියෙනවා.. ආ මෙන්න.. හොදිය මායාට සෑම වෛද්‍ය වාර්ථාවක්ම දුන්නේ ඇයට එය පැවසීමට තරම් ශක්තියක් නොතිබූ හෙයිනි..
ඇයි නර්ස් මෙච්චර රිපෝට්ස් ගොඩක්.. හෙදිය විසින් ලබා දුන් වෛද්‍ය වර්තාවන් කන්දරාව දුටු මායා විමතියට පත්විය..
ගොඩක් වුණාට මේ හැම එකක්ම ඔයාගෙ.. හෙදිය කාමරයෙන් එළියට එත්ම පැවසීය..
හෙදිය කාමරයේ දොර වසාගෙන එලියට ආවාය.. කාමරයේ විවෘත කර තිබූ එක් ජනෙල් පියනකින් සුළං පොදක් කාමරය තුළට එත්ම එහි තිබුණු සුදු පාට තිර රෙදි නොනවතින ආකාරයෙන් ඉහළට සහ පහළට ඇදෙමින් සෙලවෙන්නට වූවේ විසල් චණ්ඩ මාරුතයකට හසු වූවාක් මෙනි.. පැමිණි පවන මායාගේ ගත දැවටෙත්ම, හැපෙත්ම ඈ දෑතෙහි වූ වෛද්‍ය වර්ථාවන් වෙතට නෙත ගැටුණි.. ඉංශ්‍රීසි බසින් ලියැවී තිබුණු එම වෛද්‍ය වාර්ථාවේ වූ කියවන සෑම අකුරක් ගානමට මායාගේ දෙනෙත් තුළ ගිනි කදුළු බිංදුවෙන් බිංදුවට පිරෙන්නට විය..
වෛද්‍ය වාර්තාවේ සටහන්ව තිබුණු සෑම කරුණක්ම තම මුළු ජීවිතයම අපායක් කළාය යන සිතුවිල්ල මනසෙහි සටහන් වෙත්ම ඇයගේ දෑතෙහි සිරවී තිබුණු එකම කඩදාසි සියල්ල ඇයටත් නොදැනිම බිමට වැටුණි.. දෑසෙහි සිරවී තිබුණු කලුළු වේදනාවන් ගින්දරක් වී පිටවන්නට පටන් ගත්තාය.. දෑත දෙපය දරදඩු විය.. කෑ ගසන්නට සැරසුණත් එකදු වචනයක් පිට නොවිණ.. දෑතෙහි දෑගිලි වලින් ඇදෙහි එලා තිබුණ ඇද ඇතිරිල්ල අදිමින් ගුලි කර ගන්නට විය.. වෙව්ලන දෙපය ඇදෙහි යකඩ පොලු අතර සිරකර ගන්නට විය.. ඒ මොහොතෙහි බාහිර පරිසරයේ උත්තේජයක් නොදැනුණු මායා නිරායාසයෙන්ම නිසොල්මන් වී ඇදෙහි වැතිරුණි..
වචනයක් කතා කිරීමට නොහැකිව ගොළුව සිටින මායාගේ අසීමාන්තික වේදනාව කදුළු, දහඩිය බවට පරිවර්ථනය වී පිට වුණත් ඇයගේ දරදඩු ස්වභාවය හේතුවෙන් තව තවත් වේදනාව තීව්රර වන්නට විය.. මුළු ලෝකයම ඇයට හිස් බවක් නිෂ්ඵල දෙයක් බවට දැනෙන්නට විය.. පෙර දා ඈ සුන්දරයැයි කියා ආශ්වාදනය කළ ස්වාභාවික පරිසරය පවා මූසල දෙයක් බවට පෙනෙන්නට විය.. ගහකොළ, සතා සිව්පාවා, ඇළ දොල, ගංඟා, හිරු, සඳු, තරු කැට අප්‍රිය යුගුප්සහගත දේවල් බවට සන්තානගත විය.. අම්මා, තාත්තා, හිත මිතුරන් සිටියත් ඔවුන් සියල්ල තමාගෙන් ඈත්ව ගියපාර්ශදයන් බවට ඇයගේ හිතට දැනෙන්නට විය.. මේ ආකාරයෙන් බිඳුණු චිත්ත ස්වභාවයකින් පසු වූ මායා හම ලොව ඇති සියල් සැප සම්පත් ආසාවන් සහ මුලින්ම අප්‍රිය වූවේ තම බලාපොරොත්තුවන් ප්‍රාර්ථනාවන් සියල්ල අහිමිව ගිය බව අනිශ්චර්ය වූ නිසාය..
සත්ව ප්‍රජාව දම් වැලක් විලසින් එකිනෙකාට බන්ධනය කොට මුළු ලොවම ගොඩනංවන ආදරය, සෙනෙහස කෙරේ තිබුණු අති විශාල උතුම් මානුෂීය හැගීම් අර්ථ ශූන්‍ය සිතුවිල්ලක් බවට මායාට ග්‍රහණය වන්නට පටන් ගැණුනේ ස්වභාවධර්මයා විසින් විදීමට දායාද කර දුන් ආදරය තමාගේ කොට ගෙන විදීමට තම දෛවය පවා ඉඩවාඩයක් නොදුන් බැවිනි.. තම ජීවිතයටත් වඩා සනිරු හට පූජා කළ ආදරයත්දැන් දැන් ඇයට අප්‍රාණික අජීවි දෙයක් බවට හැගෙන්නට විය.. සොදුරු නවාතැන්පළක් තනන්නට දහසකුත් දහසකුත් දහසකුත් පාරමිතාවත් පුරමින් තැනූ සිහින මාළිගය භූ කම්පනයක් විත් බිද දමා ඇති බවක් ලෙසට දැන් දැන් සිතෙන්නට විය..
ප්‍රේමයේ සැමරුම් සටහන් තම දෑස් අභිමුඛ එකිනෙක සිත්තම් පෙළක් සේ චිත්රණයවී මැවී පෙනෙන්ට පටන් ගනිත්ම ඇය තමාටම ශාප කළේ තම අභාග්‍ය සම්පන්න කාලකණ්ණි ජීවිතය නිසා තවකෙකුගේ ජීවිතය අපායක් වේ දැයි කියා කලකිරීමෙනි..
සොදුරු පෙම් අතීතය මායාට ආවර්ජනය වන්නට පටන් ගැනුණි.. එය තමාට වේදනාවක්, දුකක්, සිත්තැවුලක්, කම්පනයක්, පීඩණයක් හැරෙන්නට වෙනත් කිසිදු චිත්ත සැනසුමක් ගෙන නොදුන්නාය..
ඉස්සෙල්ලාම සනිරු මාව දැක්ක දවස.. ඇත්තටම මට පුදුමයි.. මම හීනෙකින්වත් හිතුවද ඒ කෙනා මගේ ජීවිතේ කොටසක් වෙයි කියලා.. පස්සෙ පස්සෙ සනිරු මට ටික ටික කතා කරපු හැටි.. ඒ අහිංසක ඇස් දෙකින් මොන තරම් දේවල් කිව්වද..? මට හැම දෙයක්ම දැනුණා.. හදවතටම හදවතේ ගැඹුරටම තේරුණා.. එදා වැස්සෙ කුඩේ යටින් මාත් එක්ක ලැජ්ජාවෙන් ගියේ කොයි තරම් ආගන්තුකයෙක් විදියටද..? ඒ ආගන්තුකයා මගේ රත්තරන් මට අරුණාලෝකයක් වුණේ අනේ!! මටත් නොදැනිම.. සනිරුගේ ආදර වචන එත් එක්කම මට කියපු දේවල්.. තවමත් කැම්පස් එකේ අරලිය ගස් වල මල් පෙති අස්සෙ රොබරෝසියස් මල් පෙති අස්සෙ රැදිලා ඇති.. හැම ගහක් ගහක් ගානෙ හැම මලක් මලක් ගානේ ඒ කතා කරපු ඒ සිනාසුණු හැටි දොඩමළුවුණු හැටි තවමත් රැදිලා තියෙනවා ඇති.. ඒ ආදරයේ නොමැකෙන සුවදයි.. ඇදෙහි වැතිර මෙලෙසින් කල්පනා කරමින් සිටි මායාගේ නිසොල්මන් දෙනෙතින් නොනවතින කදුළු ගංගාවක් ගලන්නට විය..
අමාවක රැයක ඇති ඝන අන්ධකාරයෙන් නැගෙන හුදෙකලා පාළු ස්වභාවයත්, පුරන් වූ කෙතක ඇති මූසල අසුභ ස්වභාවයත්, මලක් නොපිපුණ ගසක තිබෙන මැළවුණු අසුන්දර ස්භාවයත්, සිදී ගිය දිය උල්පතක වේලුණු ස්වභාවයත්, වැසි පොදක්වත් නොවැටුණු ඉරි තාලා ගිය කතරක තිබෙන දැඩි කර්කෂ විලාසයත් තම ජීවිතය හා කිසිදු වෙනසක් දැන් නොමැති බව මායාගේ මනස තුළත් හදවත තුළත් නිරතුරුවම රැදෙන්නට විය..
පෙම්වතියකට පෙම්වතෙකු ලැබුණු පමණින්ම පෙම්වතෙකුට පෙම්වතියක ලැබුණු පමණින්ම ආදරයේ හැගුම් උල්පත අවිඡින්නව ගලා හැලෙන්නේ නම් මේ ප්‍රේමය මොන තරම් උත්තම සබැදියාවක් වේද..? එනමුත් එම සබැදියාව සදාකාලිකවම එකට යාව පවතින්නට නම් මහමෙරක් වුවද දරන්නට තරම් ශක්තියක් එකී ප්‍රේමයට තිබිය යුතුමය.. එහෙත් එවැනි විසල් ශක්තියක් ගන්නට තරම් මායා හට නොහැකි වුණේ තම ජීවිතය සිදී ගිය උල්පතක් මෙන් අක්‍රියවන්නට වූ බැවිනි..
කිසිදාක සුවපත්කර සහනයක් ලබා ගත නොහැකි මෙම වේදනාව ගෙවී යන මිනිත්තුවක් මිනිත්තුවක් පාසා දැනෙන්නට වූ මායාගේ ගොළුව තිබුණු කටහඩ එකපාරටම අවදිවන්නට වූවේ තම දෑතින් කොට්ටය තද කොටගෙන කෑ ගැසීමට වෙර දරමිනි..
නෑ.. නෑ.. නෑ.. එහෙම වෙන්න බෑ.. මගේ ජීවිතේට මොකද මේ වුණේ.. ඇයි දෙවියන්ටවත් පෙනුණෙ නැද්ද..? මායා මහ හඩින් කෑ ගසා හඩන්නට විය..
තුෂාරි.. තුෂාරි.. මායා නේද කෑගහන්නෙ..? මායාගේ කෑ ගැසීම එළියේ සිටි සනිරුගේ දෙසවනට සැණින් ඇසුණේය..
ඔව්.. ඔව්.. සනිරු. මායා තමයි.. අපි ඉක්මණට ඇතුළට යමු.. ප්‍රදිප් ඔයා ඉන්ද්‍රාණි ඇන්ටිට කතා කරන්න..
හරි.. හරි.. ඔයාලා ඇතුළට යන්න.. මම ගිහින් ඇන්ටිට කතා කරන් එන්නම්..
තුෂාරි සහ වසන්තිකා මායා සිටි කාමරය වෙතට ඉක්මන් ගමනින් දිව ගියද සනිරුට ද ඒ ගමනින්ම යාමට දෙපයට වාරු නොවුණේ මායාගේ ශෝකිය වේදනා විලාපයන් තම දෙසවනට අසන්නට තරම් ශක්තියක් නොතිබුණු නිසාත් ඇයගේ දෙනෙතින් කඩා හැළෙන කදුළු බිදු පිස දමන්නට තරම් තම දෑගිලි වලට ප්‍රාණයක් නොමැති නිසාත්ය..
ඇයි සනිරු නැවතුණේ..? ඇතුළට යන්නෙ නැද්ද..? මොකක්ද ප්‍රශ්නෙ..? කාමරයේ දොර විවෘත කිරීමට ප්‍රථමයෙන් වසන්තිකා ඇසීය..
ඔයාලා යන්න.. මම තව ටිකකින් එන්නම්.. සනිරු බිත්තියට හේත්තු වෙමින් වසන්තිකා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු බැන්දේය..
සනිරු එකපාරටම කාමරයට නොයාමට හේතුව තුෂාරිත් වසන්තිකාත් දැන උන්නාය.. ඒ කිසිවක් නොව ඔහුගේ සිතෙහි මායා කෙරෙහි තිබෙන වේදනාවම බව ඔවුන්ට ඒත්තු ගැන්විණි.. ගැහැනු සිතකට වඩා පිරිමි සිතකට වේදනාව දරා ගන්නට බොහෝ දුරට ශක්‍යතාවයක් තිබුණත් යම් යම් ජීවිත සංසිද්ධීන් අලලා එම පිරිමි ළතැවි ළතැවී තම ශරීරය තුළ තමාම මැරි මැරී හිදිමින් ජීවත් වන්නාක් මෙන් සනිරුද ඇතුළාන්තයෙන් ඇවිළෙන විසල් අග්නි ජලාවක් මෙන් දුක් විදින බව තුෂාරි දැන උන්නාය..
තුෂාරි දොර විවෘත කර වසන්තිකාත් සමග මායා සමීඵයට යන විට ඇය සිය දෑතින් මුහුණ වසාගෙන හඩමින් උන්නාය.. ගැහැනියක වශයෙන් තුෂාරිට සහ වසන්තිකාට මායා අත්විදින දුක් කන්දරාව, වේදනාව විදදරා ගන්නට නොහැකි වූවේ සිය දෑසට කදුළු පිරෙත්මය..
මායා.. මායා.. මායා.. මායා.. කිහිපවරක්ම තුෂාරි මායාගේ මුහුණ මත තිබුණු අත්දෙක අල්ලා ගෙන කතා කළද ඇය නිහඩව සිටියේය..
ප්ලීස්.. මායා අඩන්න එපා.. එක වචනයක් හරි කියන්නකො.. මායාගේ නිහඩ පැළපුම් වසන්තිකාට ඉවසුම් නැතිවිය..
අනේ..! මායා කතා කරන්නකො.. මම තුෂාරි.. ඇයි ඔයා කතා නොකර ඉන්නෙ..? ප්ලීස්.. මායා කතා කරන්න..
වතුර පොදක්, ගහක් කොළක් නොමැති කතරක ගමන් කරන්නෙකුට එහි කොතැනකදී හෝ ක්ෂේම භූමියක් හමු වීමෙන් ඇති වන සතුට යම් සේද ඒ අයුරින්ම තුෂාරිගේ සිතටත් වසන්තිකාගේ සිතටත් අප්‍රමාණ වූ සතුටක් ඇති වූවේ නිහඩව සිටි මායාගේ කටහඩ අවදි වීමෙන් පසුවය.. එහෙත් ඒ අවදි වූ කටහඩෙහි ගැබ්ව පැවතියේ වේදනාවම පමණි..
මම දැන් මොනවා කතා කරන්නද තුෂාරි අක්කෙ..? කිසිම දෙයක් ඉතිරි වෙලා නෑ දැන් මට.. මං මහා කාලකණ්ණි කෙල්ලෙක්.. තුෂාරි අක්කෙ.. මුහුණ වසාගෙන සිටි අත්දෙක ඉවතටගෙන වැළපෙමින් පැවසීය..
ඇයි මායා.. ඔයා එහෙම කියන්නෙ..? තව කොච්චර වටින දේවල් ඔයාගෙ ජීවිතේට ලබාගන්න තියෙනවද..? ඉතින් ඇයි එ්යා ඒ ගැන නොහිතන්නෙ..?
මොනවද තවත් මට ඉතිරි වෙලා තියෙන වටිනා දේවල්..? හැම දෙයක්ම මගෙන් උදුර ගත්තා.. හැම දෙයක්ම..
නෑ මායා.. හැම දෙයක්ම ඔයාගෙන් උදුර ගන්නට තරම් ඔයා අවාසනාවන්ත නෑ.. මේ අහන්න.. මොන දේ වුණත් සනිරු ඉන්නවා නේද ඔයත් එක්ක..? එයාගෙ ආදරය තියෙනවා නේද..?
ඇත්ත තුෂාරි අක්කෙ.. ඒත් මම මගේ සනිරුගෙ මුහුණ දිහා බලන්නෙ කොහොමද..? අපි කොච්චර නම් හීන මැව්වද..? ඒත්.. දැන් ඒ හැම හීනයක්ම නැති වෙලයි තියෙන්නෙ.. ඉතින් මම නිසා සනිරුගේ ජීවිතය අපායක් කරන්නෙ කොහොමද..?
හදවත දවන සුසුම් නන්වන දෙනෙතට කදුළු පුරවන මායාගේ වදන් දොර අභියස සිටි සනිරුගේ දෙසවන් සිසාර දැවටෙත්ම ඉවසාගත නොහැකිව හඩන්නට වූවේ ඇයගේ ජීවිතය ගැන නොසිතා තව තවත් තමන් පිළිබදව සිතමින් දුක් විදින නිසාය..
ඇයි මගේ රත්තරන් ඔයා ඔය විදියට හිතන්නෙ..? මගේ ජීවිතය අපායක් වෙන්නෙ ඔයා මගේ ජීවිතෙන් ඈත් වුණොත් විතරයි.. ඔයා මගේ ළග ඉද්දි මොන අපායක්ද මායා.. මගේ ජීවිතය අපායක් නොවී සුරවිමනක් වෙලා තියෙන්නෙ ඔයා නිසයි මායා.. මගේ හීන එක්ක හැමදාමත් ජීවත් වෙන්නෙ ඔයයි.. ඔයාම විතරයි.. ඉතින්.. ඒ හීන සැබෑ කරන්නට ඔයා මගේ ළගින් නැති වුණොත්.. ඇත්තටම මගේ ජීවිතේ නැතිවෙයි මායා.. අපි දැකපු හීන වලින් එක්ක නැති වුණාට අපේ ජීවිත අපායක් වෙන්නෙ නෑ මගෙ රත්තරනේ..
බිත්තියට හේත්තු වී සිටි සනිරු මායා ගැන සිතමින් දෙතොල් මුමුණන්නට වූයේ මායා නොමැති ජීවිතයක් තමාට මේ ආත්මභවයට පවා මතු ආත්මයන්හීදීද නොමැති බව යන්නයි..
තුෂාරි අක්කෙ.. තවම සනිරු ආවෙ නැද්ද..?
මායා තුෂාරිගෙන් එලෙස අසනවාත් සමගම දොර විවෘත කරමින් සනිරු කාමරය තුළට ආවේ තවත් මායාගේ වේදනාව වැඩි කරන්නට අකමැති වූ නිසාය..
ආ.. එන්න සනිරු.. මායා දැන් ඔයා ගැන ඇහුවා විතරයි.. තුෂාරි කාමරයට පැමිණි සනිරුට කතා කළේ ඇය සහ වසන්තිකා එළියට යාමට සැරසෙමිනි..
මායා.. අපි එළියට ගිහිල්ලා ඔයාගෙ අම්මා බලලා එන්නම්.. ප්රදිපුත් ගියා.. ඒත් තවම ආවෙ නෑ..
තුෂාරි සහ වසන්තිකා කාමරයෙන් එළියට ගිය පසු විනාඩියක් පමණ යනතුරු සනිරු මායා සමීපයට නොගොස් ඇය දෙස බලා සිටියේත් ඇයද නිහඩව සනිරු දෙස බලා සිටියේත් කුමකින් කතාව ආරම්භ කරන්නේද යන්න පිළිබද සිතමිනි.. මායාගේ උදරය වෙළා තිබුණු වෙලුම් පටි ලේ වලින් තැවරී ගොස් රතු පාටට වී තිබීම සනිරුගේ දෙනෙතට වාවා ගන්නට නොහැකි විය..
මායා තවමත් ලේ එනවා නේද..? ඉන්න.. මම ඉක්මනට ඩොක්ටර්ට කතා කරන්නම්.. මායා ළගින් වාඩි වූ සනිරු ලේ වලින් තෙත් වි තිබුණු වෙලුම් පටි මත අත තබා ඒ දෙස බලමින් ඇසුවේය..
එපා සනිරු.. ඒ කලින් ආපු ලේ.. දැන් ලේ එන්නෙ නෑ.. ඔයා මගේ ළගින් වාඩි වෙලා ඉන්න සනිරු.. මට ඒ ඇති.. මායා සනිරු දෙස බලා කීවේය..
ඇයි මායා ඔයා මගේ දිහා බලන්නෙ නැත්තෙ..? මාත් එක්ක තරහද..? සේලයින් දීමට මායාගේ දකුණු අතෙහි විද තිබූ තැන් සිප ගනිමින් සනිරු ඇසීය..
මට ඔයාගෙ ඇස් දෙක දිහා බලන් කතා කරන්න තරම් ශක්තියක් දැන් නෑ සනිරු.. මං මහා අවාසනාවන්ත කෙල්ලෙක්..
ඇයි ශක්තියක් නෑ කියන්නෙ..? හිතට ධෛර්යය ගන්න මායා.. අපිට අපේ ආදරය විශ්වාසයි නේද..? අපිට අපි විශ්වාසයි නේද..? ඉතින් තව වෙන මොනවද..?
අපි දැකපු හීන ඔයාට අමතක නෑ නේද මායා..? අපි ඒ හීනෙත් එක්ක ජීවත් වෙමු.. සනිරු මායාගේ මුහුණ තමා වෙතට හරවා ගනිමින් ඇයගේ දෙනෙත් දෙස බලා කීවේය..
මට කිසිම දෙයක් අමතක නෑ සනිරු.. මට හැම දෙයක්ම මතකයි.. ඒත් දැන් මගේ ජීවිතේ කිසිම තේරුමක් නෑ සනිරු.. ඇයි ඔයා ඒක තේරුම් නොගන්නෙ..? මායා සනිරුගේ උරහිස මත හිස තබා අඩමින් උන්නාය..
මායා.. ඔයාගෙත් මගෙත් ජීවිතේ තේරුමක් නැති වෙන්නෙ අපි දෙන්නට දෙන්නා නැති වුණොත් විතරයි.. ඒත් තවමත් අපි අපිට ඉන්නවා මායා.. තම උරහිස මත තබා ගත් මායාගේ හිස පිරිමදිමින් සනිරු පැවසුවේය..
ඒත්.. අපි හිතපු පුංචි කැදැල්ල සම්පූර්ණ වෙන්නෙ නෑ නේද සනිරු..? ඒ ගැන දුක නැද්ද..?
ඇත්තටම දුකයි මායා.. ඒත් ඒ පුංචි කැදැල්ලෙ අපි දෙන්නා විතරක් තනි වුණොත්.. අපි හිතුවටත් වැඩිය ලස්සන වෙයි.. නේද මායා..?
නෑ සනිරු.. ඔයා ඔය කියන්නෙ මගේ හිත හදන්නයි.. මෙච්චර දවසක් මම ඔයාට ආදරය කරලත් ඔයා හිතුවද මට ඔයාගෙ හිතේ තියෙන වේදනාව තේරුම් ගන්න බැරි වෙයි කියලා.. මට ඔයාගෙ දුක දැනෙනවා සනිරු.. මට දැනෙනවා.. ඇයි බොරු කරන්නෙ..?
ඒත්.. මායා අපි මොනවා කරන්නද..? මේ දේ අපේ දෛවයේ ලියවිලා තියෙන්න ඇති.. ඒකයි මෙහෙම සිද්ධ වුණේ..
ඇත්තටම මේ විදියට දෛවය අපිට සරදම් කරන්නෙ පෙර ආත්මයක අපි මොකක් හරි පාප කර්මයක් කරපු නිසා වෙන්න ඇති.. නැත්නම් අපිට මේ විදියට දඩුවමක් දෙන්නෙ නෑනෙ..
අපි ඒ ගැන හිතන්නැතුව ඉමු මායා.. අපි කොහොම හරි මේ ඇත්තට මූණ දීලා සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරමු..
ඇත්තටම සනිරු.. මම මොන තරම් අවාසනාවන්ත වුණත් ඔයා වගේ කෙනෙක් ලැබෙන්න ලොකුම ලොකු පිනක් කරලා තියෙනවා..
සනිරු මායාගේ හිත සනසාලන්නට පැවසූ දහසකුත් දේවල්හී ඔහුගේ දුක, වේදනාව, හීන ගැබ්ව තිබුණත් ඒ සියල්ලම යටපත් කොට ගැනුණේ මායාගේ ජීවිතය, ආදරය, අසරණකම නිසාය..
සනිරු.. මොනවද ඔය කරන්නෙ..? එපා.. ජරාවනේ.. උදරය වෙලා තිබුණු වෙලුම් පටි වලින් පහතට ගලා බැස තිබූ කුණු ලේ පාට රුධිරය සනිරුගේ දෑතින් පිස දැමුවේ මායාගේ අවිහිංසක විරුද්ධත්වයෙන් පිළිබිඹූ වූ යුගුප්සහගත හැගීමෙන් තොර වූ සිතකිනි..
ඇයි මායා.. ඔයාගෙ ලේ මගේ ඇගේ තියෙන්න හොද නම් ඒ ලේම මගේ අතින් ඇල්ලුවාම මොකද වෙන්නෙ.. සනිරු ඇසූ ප්‍රශ්නයට මායා නිරුත්තර විය..
එදින මායා බැලීමට ඇයගේ මව පැමිණිමට ප්‍රමාද වූවේ ජයවර්ධන සමග ඇති වූ වචන හුවමාරුවේදී ඔහුගේ කෝපය ඉක්මන් වී ඉන්ද්‍රාණි සමග බහින් බස් වී රෝහලෙන් පිටව ගිය විට ඇය ඔහු කැදවාගෙන ඒමට නැවත නිවසට ගිය හෙයිනි.. නමුත් ජයවර්ධන යළිත් රෝහලට නොපැමිණියේ සනිරු දැකීම තමාගේ ලේ කෝප කරවන්නාක් වූ නිසාය..
එදිනම රකිතගේ සිරදඩුවම් කාල සීමාව අවසන් විය.. සිය පියාගේ ආරක්ෂකයන් විසින් ඔවුන් මහනුවර බන්ධනාගාරයේ සිට රැගෙන ගියෙ හන්තානේ පිහිටි ඔවුන්ගේ නිවාඩු කාලය ගත කරන බංගලාව වෙතටය.. එදින සිටම රකිත සහ ඔහුගේ යහළුවන් සනිරුගෙන් සහ මායාගෙන් පළිගැනීමට සැලසුම් සම්පාදනය කළාය..
සතියක් පමණ රෝහල් ගතවී සිටි මායා රෝහලෙන් පිට ව ගියේ තම මවගේ යහළුවෙකු වූ මල්ලිකා පදිංචිව සිටි අම්පිටිය ප්‍රදේශයේ නිවසක් වෙතටය.. වෛද්‍යවරුන්ගේ උපදෙස් මත වරින් වර මායා රෝහලට ගෙන යාමේ පහසුව උදෙසා එලෙස ඉන්ද්‍රාණි තම යහළුවෙකුගේ නිවස තුළ මායා නතර කළත් ජයවර්ධන ඊට තරයේම විරුද්ධ වූයේ ඉන් සනිරුට මායා මුණගැසීමට උපරිම නිදහසක් හිමිවන බව වැටහුණු හෙයිනි.. කෙසේ වෙතත් සිය සැමියාගේ විරුද්ධත්වය මධ්‍යයේ ඉන්ද්‍රාණි ගත් තීරණයෙහි වෙනසක් වූවේ නැත..
මේ අහන්න ඉන්ද්‍රාණි.. මම නම් කොහෙත්ම කැමති නෑ මායා එක එක ගෙවල් වල නතර කරනවට..
ජයේ.. මේක අපිටත් ලේසිනේ.. අනික මායා ඉන්න තත්වයත් එක්ක සැරින් සැරේ හොස්පිට්ල් එකට ගෙනි යන්නත් ලේසිනේ.. ඇයි ඔයා ඒක තේරුම් නොගන්නෙ..?
ඇයි අපිට වාහන නැද්ද මායා හොස්පිට්ල් එකට ගෙනියන්න..? මම දන්නවා මෙතන මොකද වෙන්නෙ කියලා.. ජයවර්ධනගේ සුපුරුදු රැඩිකල් කටහඩ අවදි විය..
මොනවද ඔයා මේ කියවන්නෙ ජයේ..?
මොනවද..? මගෙන්ද අහන්නෙ..? ඇයි තමුසෙ හිතුවෙ මම කොණ්ඩෙ බැදපු චීනෙක් කියලද..? මායා කොහේ හරි තූත්තුකුඩියක නතර කරාම අර කාලකණ්ණියට හැම වෙලාවෙම හම්බවෙන්න පුළුවන්නෙ..
ජයේ.. ඔයාට පිස්සුද..?
ඔව්.. ඔව්.. මට පිස්සු.. තමුගෙසේ මේ වැඩ හින්දා.. ඉන්ද්‍රාණි.. මම මේ තිරණයට කොහෙත්ම කැමති නෑ..
ජයේ.. මට ඔයාගෙ කැමැත්ත අවශ්‍ය නෑ.. දැන් මම තීරණ ගන්න යන්නෙ මායා ගැන හිතලා.. අවුරුදු ගාණක් මම ඔයාගෙ කීමට වැඩ කළානේ.. දැන් අපි අපේ දරුවා ගැන හිතමු..
තමුසෙ ඕන මගුලක් කරගන්නවා.. හැබැයි.. මගේ කේන්තිය ඇවිස්සෙන විදියට වැඩ කලොත් එහෙම..
ඔයාගේ ඔය කේන්තිය ඔයා ළගම තියාගන්න.. මම මගේ දරුවා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.. ඕනම දෙයක්..
තම බිරිදගේ ස්වාධීන තීරණ කෙරෙහි කෝපයටප ත් ජයවර්ධණ නිතරම ඉන්ද්‍රාණිත් සමග දබර කරන්නට විය.. තම අණසකට විරුද්ධව කටයුතු කිරීම ජයවර්ධනට ඉවසා ගන්නට නොහැකි විය.. ඇතැම් අවස්ථාවන්හීදී ජයවර්ධනගේ ගිනි පුපුරක් මෙන් පුපුරුම් දෙන කෝපය කෙළවර වූයේ සනිරුගේ ජීවිතය නැති කරන බවට ඉන්ද්‍රාණි හට තර්ජනය කරමිනි..
හොදයි බලමු.. තමුසෙ ඔය මට විරුද්ධ වෙලා කරන වැඩ වලින් වේනනෙ මගේ අතින් අර හරකා මකබෑවෙන එක.. මේ හැම දේකටම වගකියන්න ඕන ඕකා.. මම ඔය පාහර බල්ලා ඉතුරු කරන්නෙ නෑ.. මකබාවනවා..
ඉන්ද්‍රාණි කිසිම වචනයක්වත් කතා නෙකාර නිහඩව සිටියේ ජයවර්ධනගේ උත්සන්න වී තිබෙන ආවේගශීළී කෝපය නිවා දමන්නට හැකි වෙතැයි යන අපේක්ෂාව හේතුවෙනි..
මායා නැවතී සිටි මල්ලිකාගේ නිවසට සනිරු නිතරම යන්නට වූවේ එහි මල්ලිකා සහ ඇයගේ ස්වාමිපුරුෂයා හැරෙන්නට වෙනත් සිකිවෙකු නොසිටි නිසාත් හුදෙකලා බව මායාගේ මානසික තත්වයට නුසුදුසු නිසාත්ය.. සනිරුගේ පැමිණීම මල්ලිකාගේ මනස කැළඹීමකට පත් කරන්නට වූයේ එය ජයවර්ධන හට ආරංචි වූහොත් තමාද එහි වරදකරුවෙකු බවට පත්වන බව දැනෙන්නට වූ හෙයිනි..
මායා.. මම ඔයාට මේක කිව්වට මොකුත් හිතන්න එපා.. ඒත්.. නොකියා බෑ.. මල්ලිකා සෘජුව නොකියා අදිමින් පැවසීය..
මොකක්ද ඇන්ටි..? ඕන දෙයක් කියන්න මම මොකුත් හිතන්නෙ නෑ.. මේ කරන උදව් වලට මම කොහොමද ඇන්ටි ගැන වැරදියට හිතන්නෙ..
මේකයි මායා.. සනිරු නිතරම මෙහාට එන බව තාත්තා දැන ගත්තොත් එහෙම ලොකු ප්රශන්යක් වෙයි නේද..?
ඔව් ඇන්ටි ඒක නම් ඇත්ත තමයි.. මම මෙහේ නතර වෙනවට තාත්තා අකමැති වුණෙත් මේ හින්දමයි.. ඒත් තාත්තා හොදටම දන්නවා සනිරු මෙහෙ එන බව.. ඉතින්.. එන ඕනම ප්රශණෙකට මම මූණ දෙනවා ඇන්ටි..
හරි.. ඔයාට ප්‍රශ්ණයක් නැත්නම් මටත් ප්‍රශ්ණයක් නෑ.. ඉන්ද්‍රාණි මගේ හොදම යාලුවා.. ඉතින් ඒ යාලුවගෙ දුව වෙනුවෙන් මම ඕනම දෙයක් කරන්නම්..
රෝහලෙන් පිටව ආ මුල් දින කිහිපය තුළ මායාට ඇවිද යන්නට තරම් හැකියාවක් නොවුණේ සිදුකළ සැත්කම නිසා උදරය මැහුම් වලින් මසා තිබූ හෙයිනි.. එහෙත් දින කිහිපයක් ඉක්ම ගිය පසු එම මැහුම් ඉවත් කිරීම නිසා මායාට තම දෙපයින් නැගිට ඇවිදින්නට ශක්තියක් ලැබුණේ සනිරුගේ කැපවීම නිසාවෙනි..
මායා ඔහොම බය වුණොත් කවමදාකවත් ඇවිදින්න බැරි වෙයිනෙ.. මම ඉන්නවනේ ඔයා ළග.. හරි.. දැන් මගෙ අත අල්ලාගෙන හෙමීට අඩිය තියන්න.. සනිරු මායාගේ ඉණ වටා තම අත දමා ඇය නොවැටෙන ලෙසට අල්ලා ගත්තේය..
අනේ..! සනිරු මාව හයියෙන් අල්ලගන්න හොදද..? එහෙනම් ඔන්න මම අඩිය තියනවා..
අන්න හරි මායා බය වෙන්නෙ නැතුව අඩිය තියන්න.. මම ඉන්නවනේ.. මායා සනිරුගේ අතේ එල්ලී අඩියක් දෙකක් ඉදිරියට තබව විට සනිරුට ඇති වූවේ පැවසිය නොහැකි සතුටකි..
මේ විදියට මගේ ජීවිතයට හැමදාමත් හෙවණැල්ලක් වෙලා මගේ ළගින් ඉන්න ඔයාට පුලුවන්ද සනිරු..?
මේ මොනවද අහන්නෙ මායා..? ඔයාගෙ ජීවිතයට මම හෙවණැල්ලක් වුණේ ඔයාගෙ ජීවිතය මගේ ජීවිතයත් එක්ක නොබිදෙන විදියට බැදුණු නිසයි.. ඉතින් අපි දෙන්නට දෙන්නා මේ සංසාරය පුරාවටම හෙවණැල්ලක් වෙලා ජීවත් වෙමු මායා..
මගේ හිත පිරෙනවා සනිරු ඔය වචන වලින්.. ඔය අහිංසකකමින්, ඔය කදුළු වලින්, නිමක් නැති ඔය සුසුම් වලින්, ඉතින් මගේ ජීවිතේ ඔයයි මගෙ රත්තරන්..
මටත් එහෙමයි මායා.. අපි දෙන්නා දැන් හරියට එකම කාසියක දෙපැත්ත වගෙයි.. ඒ අපේ ආදරේ හින්දයි.. හ්ම්.. තව ටිකක් ඇවිදිමු මායා..
අනේ! දැන් ඇති.. මට මහන්සියි සනිරු..
හරි කමක් නෑ අදට ඔය ඇති.. දැන් ගේ ඇතුළට හෙමීට යමු.. ඉතින් යමුකො..
බෑ මට යන්න භෑ.. මායා සනිරුගේ අත අදිමින් පැවසුවේ.. ඔහුගෙන් යමක් බලාපොරොත්තුවෙන් ඊට ඉගි කරමිනි..
ඇයි බැරි..? ඔයාට දැන් බඩගිනිත් ඇතිනෙ.. යමු ඇතුළට..
මොකක්ද සනිරු.. ඔයාට තේරෙන්නෙ නැද්ද..? මට දැන් පණ නෑ.. මාව.....
හා.. හා.. කියන්න ඕන නෑ මායා.. මට තේරුණා.. මායාගේ තොල්පෙති මත සනිරුගේ තොල්පෙති තැබුවේ ඇය පැවසීමට උත්සාහ ගත් දෙය තේරුම් ගත් නිසාය..
සනිරුගේ දෑතින් ඔසවා ගත් මායාට දෙපයින් ඇවිද යන්නට තරම් ශක්තියක් තිබුණත් සනිරුගේ දෑතේ සිරවී ඔහුගේ තුරුලෙහි යන්නට අවශ්‍ය වූවේ ගෙවී යන මිනිත්තුවක පවා ඔහුගේ උණුසුමේ සෙනෙහස විදින්නට අවැසි වූ හෙයිනි..
බිමට බහින්න හිතක් නැද්ද පැටියො..? ඇසිපිය නොහෙළා සනිරුගේ මුව දෙස බලා උන් මායාට සනිරුගෙන් ප්‍රශ්නයක් යොමු විය..
නෑ සනිරු.. මට මෙහෙම ඉන්න දෙන්න ප්ලීස්..
හරි කමක් නෑ.. මමත් මෙහෙම ඉන්නම්.. ඔයාගෙ කැමැත්තනෙ..
ඔයා නම් පුදුම කොල්ලෙක් තමයි.. හ්ම්.. මම ඔයාට බඩුවක් දෙන්නද..?
මොනවද..?
මෙන්න මේකක්..
උම්..මා..
පිස්සි..
කමක් නෑ..
ඇයි කමක් නැත්තෙ..?
මොකද.. ඔයා ආදරය කරන්නෙත් මේ පිස්සිටනේ.. ඒකයි..
ඔයාට නම් ඇත්තටම පිස්සු මායා..
ඒකට කමක් නෑ.. දැන් මාව මෙහෙමම බාත් රූම් එකට අරන් යන්න.. ඇග හොද ගන්න..
සනිරුගේ දෑතෙහි උන් මායා නාන කාමරය වෙත රැගෙන ගියේ ඇයගේ දගකාකරකම් මධ්‍යයේය..
හරි මායා ඔයා වොෂ් එකක් දාගෙන මට කතා කරන්න.. එතකන් මම එළියෙ ඉන්නම්..
ඇයි සනිරු ඔයා එළියට යන්නෙ..? මගේ ළගට වෙලා ඉන්න අකමැතිද..?
එහෙම දෙයක් නෙමේ පැටියො.. මල්ලිකා ඇන්ටි එහෙම ආවොත්..
ආපුදෙන්.. කමක් නෑ.. මම වොෂ් එකක් දාගන්නකම් ඔයා මෙතනම ඉන්න ඕනි..
මගේ හිතුවක්කාර පිස්සි.. හරි මම ඔයා ළගින් ඉන්නම්.. දැන් වොෂ් එකක් දාගන්නකො..
මෙහෙම..
නෑ නෑ.. ඇදුම් ග....
ඔව් ඔව් සනිරු එහෙම තමයි.. දැන් හොද බබා වගේ මගේ මේ බ්ලවුස් එක ගලවනවද..? අද මගේ අත් දෙකත් රිදෙනවා..
මමම ගලවන්න ඕනෙද..?
ඔව් ඔයාම තමා..
සනිරු තම දෑතින්ම මායා හැද සිටි බ්ලවුසය ඉවත් කළේ හැද සිටි තනපටය ඉතිරි වන්නට ඉඩ හරිමිනි.. මායාගේ සියුමැලි වතෙහි සනිරුගේ සෙනෙහස පිරුණු දෑත ස්පර්ශ වූවේ සබන් පෙණ වලින්ද සිසිලක් එක් කරමිනි.. ඉන්පසු නැවතත් මායා කාමරය වෙතට පැමිණියේ සනිරුගේ දෑතෙහිමය..
සනිරු.. අර කොලොන් එක අරන් මගේ ඇගේ ගානවද..? ඒකට දාඩිය දාන්නෙ නෑ.. කණ්නාඩිය අසල තිබූ කුඩා බෝතලයක් පෙන්වමින් මායා පැවසීය..
ඇයි මායා ගානවද කියලා අහන්නෙ..? ගාන්න කියලා කියන්න.. මේ හැම දෙයක්ම ඔයා මට කියන්නෙ ආදරේ හින්දනේ.. ඉතින් ඇයි මගෙන් ප්‍රශ්න අහන්නෙ..?
අනේ..! මට සමාවෙන්න සනිරු.. මට බයයි මම ඔයාට බරක් වෙයි කියලා.. කරදරයක් වෙයි කියලා.. ඒකයි මම එහෙම ඇහුවේ..
කරදරයක්.. මේ මට ඔයාව.. මීට පස්සෙ එහෙම ඔහොම හිතන්න එපා.. අපි ආදරය කරන්නෙ සතුට විතරක්ම බලාපොරොත්තුවෙන් නෙමෙයි.. දුක, වේදනාව, කරදර කියන දේවල් වලටත් අපි මූණ දෙන්න ඕන.. ඉතින් අපි එතනදීත් එකට ඉමු මායා..
හරි.. කෝ.. ඉන්න මම මේ කොලොන් ටික ගාන්නම්..
සනීපයි සනිරු..
කොතන්ටද..?
මගේ මුළු ඇගටම.. මගේ මුළු හදවතටම.. මගේ මුළු ආත්මයටම..
ඔය ඇත්තමද..?
ඔව් පැටියෝ..
පසුදා සනිරු මායාත් සමග කුලී රථයකින් මහනුවරට පැමිණියේ දළදා මාළිගාවට යාමේ බලාපොරොත්තුව ඇතිවය.. දුක්, දොම්නස්, කම්කටොලු වලින් පිරී තිබෙන මායාගේ සිතට අල්ප මාත්‍රයක තරම්වත් සහනයක් මෙමගින් ඇති වන බවට සනිරුත් ඇතැම් විට ඇයද සිතන්නට ඇත..
මායා හෙමීට යමු.. නැත්නම් මං ඔයාව වඩා ගන්නද..? සනිරු මායාට මද සිනාවක් පාමින් ප්‍රකාශ කළේ පෙරදිනය මතක් කරමිනි..
ඔයා ඔය කියපු දේ කලින්ම මම කියන්නයි ගියේ.. ඒත් සනිරු.. මිනිස්සු බලාගෙන ඉන්නවනේ.. ඒ නිසා කොහොම හරි පයින් යමු.. මායා සනිරුගේ දකුණත අල්ලාගෙන මාළිගාව දෙසට ඇදුණි..
මාළිගාවේ භූමියට ඇතුළු වන විට ප්‍රධාන දොරටුවේ සිට මාළිගාව තුළට පිවිසෙන දොරටුව වෙතට පැමිණීමට විනාඩි විස්සක පමණ කාලයක් ගතවිය..
අනේ! සනිරු අර නෙළුම් මල් ටික ගන්න.. ඒ මල් ටික හොදට පිපිලයි තියෙන්නෙ.. මාළිගාවට පිවිසෙන දොරටුව අසල මේසයක් මත තබා විකුණමින් තිබුණු නෙළුම් මල් දුටු මායා අත දිගු කර පෙන්විය..
හරි.. හරි.. මායා ගමු..
මායාගේ ආශාවන්ට ප්රගතිශීලි ප්‍රතිචාර දක්වන ඇයගේ කැමැත්තට තේරීමට පක්ෂග්රාහී වන එසේත් නැති නම් ඇයගේ ඇස, කන, නාසය, ශරීරය යන දේ දෙගිඩියාවකින් තොරව විදගන්නට ඉඩ හරින සනිරු මායා විසින් පෙන්වූ නෙළුම් මල් මිට රැගෙන මාළිගාව ඇතුළට ගියේය..
සනිරු.. මේ මල් තියලා ඔයා කැමති මොනා හරි තියෙනවාන ම් ප්‍රාර්ථනා කරන්න.. මමත් ප්‍රාර්ථනා කරන්නම් අපි ගැන..
දළදා සමිදුන් අභියස තිබෙන මලසුනෙහි සනිරු සහ මායා අතැති මල් තබමින් සිය ප්‍රාර්ථනාවන් හදවතින්ම පැවසුවේ දෙනෙත් වසාගනෙය.. සිත දැඩි කොටගෙනය.. ප්‍රතිවිරුද්ධ නොවූ සම අදිෂ්ඨානයෙනි..
මායා.. අපි අතනින් වාඩි වෙමු.. එතන කවුරුත් නෑ.. සනිරු මායා සමග ගොස් තමන් පෙන්වූ තැන වාඩි වූහ..
ඔයා මොනවද සනිරු ප්‍රාර්ථනා කළේ..? සනිරු සමීපයේ වාඩි වූ මායා ඔහුගේ මුහුණ දෙස බලමින් ඇසීය..
ම්.. ප්‍රාර්ථනා කළේද..?
ඔව්.. ඔව්.. ප්‍රාර්ථනා කළේ..? සනිරුගේ අගය කිරීම මායාට දැන ගන්නා තුරු ඉවසිල්ලක් නොවීය..
මම ආදරය කරන අහිංසකාවිය දකින හැම හීනයක්ම හැබෑ කරලා දෙන්න මට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා.. එයාගේ හිතේ තියෙන ආශාවන් කවදා හරි ඉටු වෙනතුරු හිතින් මැකී යන්න එපා කියලා ප්‍රාර්ථනා කළා.. එයාගෙ හිතේ තියෙන දුක, වේදනාව තැනි කරලා උපරිම සතුටක් ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කලා.. එයාගෙ ජීවිතයට මොහොතකට වත් ඝණ අන්ධකාරයක් එන්න එපා කියලා ප්‍රාර්ථනා කළා.. ඇත්තමයි මායා.. මම ප්‍රාර්ථනා කළේ ඔයාගෙ ජීවිතයට අල්ප මාත්‍රයක තරම්වත් වේදනාවක් ගෙන දෙන්න එපා කියලා..
ඇති සනිරු ඇති.. ඔයා ඔය කරපු ප්‍රාර්ථනාවන් අද මට අලුත් ජීවිතයක් ලබා දුන්නා.. සත්තයි.. මේ ලෝකය මම දැක්කෙ අදයි කියලා හිතෙනවා..
එහෙම හිතෙන්නෙ, දැනෙන්නෙ ඔයා මට මේ තරමටම ආදරය කරන නිසයි සනිරු.. මට නම් හිතෙන්නෙ අපි මේ ලෝකයට ඇවිල්ලා ඉන්නෙ අපි වෙනුවෙන්ම කියලා..
මායා අපි දැන් යමුද..?
හ්ම්..
ඇයි හ්ම්.. කියන්නෙ..?
නෑ.. යමු සනිරු..
මාළිගාව තුළින් පිට වී තමන් පැමිණි වාහනය සමීපයට කිට්ටු වෙත්ම වාහනයේ රියදුරා සමග කතා කරමින් සිටි පුද්ගලයා සනිරුටත් මායාටත් හදුනා ගැනීමට එතරම් අපහසුවක් නොවුණේ ඔහුගේ උස මහත පෙනුම සිය මතකයේ රැදී තිබුණු හෙයිනි..
සනිරු අර.. අර ඉන්නෙ රකිත නේද..? වාහනයේ රියදුරා සමග කතා කරමින් සිටි රකිත දෙසට අද දිගු කරමින් මායා බියෙන් මෙන් පැවසීය..
ඔව් මායා, රකිත තමයි.. ඔයා බයවෙන්න එපා.. බලමුකො මොකද වෙන්නෙ කියලා.. සනිරු තමාගේ කිට්ටුවට මායා ළං කර ගමිනින් වාහනයට සමීප විය..
ආ.. මහත්තයා.. මේ එන්නෙ ඒ නෝනයි මහත්තයයි.. රකිත සමග කතා කරමින් සිටි රියදුරා සනිරු සහ මායා දෙසට අත දිගු කර පෙන්නුවේය..
හලෝ මායා.. හලෝ සනිරු.. කොහොමද ඉතිං..? තම දෑසෙහි පැළද තිබූ අවුකණ්නාඩිය ගලවමින් රකිත පැවසුවේය..
රකිත ඔයාට මොනවද තවත් අපෙන් දැනගන්න අවශ්‍ය..? අනික ඔයා හැමදෙයක්ම දැන් දන්නවනේ.. ඉතින් තවත් මොකද අපේ පස්සෙන් එලවන්නෙ.. රකිතගේ මුහුණ දෙස බැලූ සනිරු කේන්තියෙන් මෙන් ප්‍රකාශ කළේය..
මේ අහන්න සනිරු.. මම මෙතනට ආවෙ රණ්ඩු කරන්න නෙමෙයි.. අනික මම හැම දෙයක්ම දන්නවා.. මට මොකුත් දැනගත්ත අවශ්‍ය නෑ.. ඒත්..
ඒත් කියන්නෙ මොනවද රකිත..? අපිට අපේ පාඩුවෙ ඉන්න දෙන්න.. අපිටකරදර කරන්න එපා.. මායා රකිතට බැගෑපත් වූවේ තම ජීවිත වලට නැවතත් කරදරයක් නොකරන ලෙසට ආයාචනා කරමිනි..
මේකයි මායා.. මම දන්නවා ඔයාලගෙ ජීවිත වලට මම ලොකු වරදක් කළේ කියලා.. අනික ආදරයක් බලෙන් ලබා ගන්නත් බෑනෙ.. මම පිස්සෙක් වගේ ඔයාලට කරපු වැරදි ගැන හිතලා දැන් පසුතැවිලි වෙනවා.. ඉතින්.. දැන් මට අවශ්‍ය මගේ වැරැද්ද නිවැරදි කරගෙන ඔයාලගෙන් සමාව ගන්නයි.. ප්ලීස් සනිරු මට සමාවෙයන් මචං.. මිනිස්සු ඉදිරියේ සනිරුගෙන් සහ මායාගේන් සමාව ගැනුණේ දෑසට ව්‍යාජ වූ කදුලක්ද එක් කරමිනි..
හරි.. රහි.. රකිත අපෙන් සමාව ගන්න ඕන නෑ.. ඒත් කරපු වැරදි ගැන පසුතැවිලි වී දුක් වෙනවා නම් ඒක තමයි මිනිස්සුන්ගෙ තියෙන ලොකුම හැදියාව.. මීට පස්සෙවත් හොදට ඉන්න බලන්න.. අපි යනවා.. යමු මායා.. සනිරුත් මායාත් සමග වාහනයට ගොඩවූවේ රකිතගේ පිටට සුහදත්වය සපිරි තට්ටුවක්ද දමමිනි..
හ්ම්.. හොදට ඉන්න.. බලපන් මීට පස්සෙ මම ඉන්න හැටි.. සනිරු සහ මායා තමන් අසලින් ගියප සු රකිත සිනාසෙමින් තමාටම කියාගත්තේය..
වාහනයේ යමින් උන් සනිරුගේත් මායාගේත් මාතෘකාව වූයේ රකිතගේ විශ්වාස කළ නොහැකි වෙනස් වීමයි..
ඇත්තටම සනිරු මට නම් මේක අදහාගන්නත් බෑ.. මේ තරම් චණ්ඩිකමක් කරපු කෙනෙක් මේ තරම් හැගීම්බර වුණේ කොහොමද මට නම් හීනයක් වගෙයි..
මටත් විශ්වාස කරන්න අමාරුයි.. ඒත් මනුෂ්‍ය හිත කියන්නෙ බොහොම ඉක්මණට වෙනස් වෙන දෙයක්.. ඉතින් රකිතත් ඇත්තටම වෙනස් වුණා වෙන් බැරිද මායා..
අනේ මන්දා.. ඔයා කියන කතාවත් ඇත්ත.. මොකද මිනීමරුවෙක් වුණු අංගුලිමාලගෙ හිතත් දැහැමි වුණානේ.. හැබැයි ඒ බුදුහාමුදුරුවො හිටපු නිසා.. ඒත් රකිතට කවුද එහෙම ගුරුවරයෙක් ඉන්නෙ..? එයාගෙ යාළුවොත් චණ්ඩියො.. තාත්තත් චණ්ඩියෙක්..
ඒක නම් ඇත්ත තමා මායා.. අපි කෝකටත් විමසිල්ලෙන් ඉමු..
සබෑවටම රකිත යහපත් අයෙකු වී ඇතැයි සිතුවිල්ලට සනිරු තුළත් මායා තුළත් තරයේම අධිනිශ්චල නොවුණේ එය ඔවුන් තුළ වික්ෂේපයට තුඩු දුන් කාරණාවක් බවට පත් වූ බැවිනි..
සනිරුගේත් මායාගේත් බැදීම රකිතගේ ආත්මාර්ථකාමී තෘෂ්ණාජනක බලාපෙරොත්තූන් ඔහුගෙන් ගිලිහී යන්නට හේතුවක් බව ඔහුගේ මනස තුළ අධිනිශ්චය මෙත්ම එය ඔහුට බලා හිදින්නට නොහැකි වූවේ ජයවර්ධණගේ පක්ෂපාතීත්වය තමා කෙරෙහි තුරුම්පුවක් ලෙසට නම්‍යශීලී කරගත හැකි බව ඔහු තරයේම දත් නිසාය..
රකිත ජයවර්ධණගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගන්නට වූවේ තම අපේක්ෂාවන් බොද වී යන්නට නොදී එය වළක්වා ගැනීම උදෙසාය..
හලෝ.. අංකල්, මම රකිත කතා කරන්නෙ.. තම නිවසෙහි හාන්සි පුටුවක දිගා වෙමින් රකිත ජයවර්ධනට කතා කරන්නට විය..
හලෝ පුතා.. ඉතින් කොහොමද..? ආ.. ඒක නෙමෙයි.. කවදද එළියට ආවෙ..?
පෙරේදා ආවෙ අංකල්.. මේ හැම දෙයක්ම වුණේ මායා නිසයි.. ඒත්.. මට ඒ හැම දෙයක්ම අමතක කරන්න පුලුවන්.. මොකද මම මායාට ආදරේ කරන නිසා.. ජයවර්ධනගේ අනුකම්පාව තව තවත් තමා කෙරෙහි ලබා ගැනීම සදහා රකිත රැවටිලි වදන් ගොතන්නට විය..
මම දන්නවා පුතා.. ඔයා මායාට ගොඩක් ආදරෙයි කියලා.. ඒකනේ මම මේ තරම් ඔයා වෙනුවෙන් කතා කරන්නෙ..
නොපෙනෙන දුරක සිට දුරකථනයෙන් කතා කරන ජයවර්ධණගේ වදන් රකිත තුළ හාස්‍යය ඇති කරවන්නට හේතුවක් විය.. ඔහු ජයවර්ධනට නොදැනෙන්නට සිනාසෙයි, නෙයෙකුත් ඉරියව් වලින් ජයවර්ධනගේ අඥාන මෝඩකම ගැන සිතමින් හැසිරෙයි.. සැබැවින්ම ජයවර්ධණ හට ළදරුවෙක්ගේ තරම්වත් මොළයක් නැද්ද යන හාස්‍යජනක පැනය රකිත තුල ඇතිවිය..
ඒත්.. වැඩක් නෑ අංකල්.. මගේ පැත්තට අංකල් කොච්චර කතා කරත් මායා නම් මට කැමති නෑ.. රකිත සුසුමක් හෙළමින් හැගීම්බරව ප්‍රකාශ කළේය..
ඇයි පුතා එහෙම කියන්නෙ..? තවම මොකුත් වුණේ නෑනෙ..
ඇයි නැත්තෙ අංකල්..? හැම දෙයක්ම මායාගේ කැමැත්තට වෙන්නෙ.. මායා තවමත් සනිරු හම්බවෙනවා.. අද මට ඒ දෙන්නා මාළිගාවෙදි හම්බවුණා..
මොකක්.. මොනවද පුතා මේ කියන්නෙ..? ජයවර්ධන පුදුමයෙන් මෙන් ඇසීය..
ඔව් අංකල්.. මම ඒ දෙන්නට කතා කළා.. දැන් ඉතිං.. අංකල් මට තීරණයක් ගන්න වෙනාව.. මායා ප්‍රතික්ෂේප කිරීමට මෙන් රකිත කීවේය..
රකිත පුතා.. ඔයා කලබල වෙන්න එපා.. එදා ඕකා ඉවරයක් කරන්නයි තිබුණෙ.. හරි.. කමක් නෑ.. මම ඔය පාහරයට පාඩමක් උගන්වන්නම්.. ජයවර්ධනගේ කෝපය රකිතගේ සතුටට හේතුවක් විය..
කරන දෙයක් පරිස්සමින් කරන්න අංකල්.. මොකද මම නිසා අංකල්ගෙ ජීවිතයට මොනා හරි වුනොත් එහෙම..
මට මොනවා වෙන්නද..? පුතා බය වෙන්න එපා..
එහනෙම් අංකල් මම තියන්නම්.. රකිත තම දුරකථනය විසන්ධි කරනවාත් සමගම මහා හඩින් සිනාසුණේ ජයවර්ධන මොන තරම් මෝඩයෙකුද යන්න පිළිබදව අපහාසයට ලක් කරමිනි..
හොදයි පුතා පරිස්සමින්..
තව ඉලක්කය වෙතට යාම සදහා ජයවර්ධනගෙන් ලැබෙන සහය ඉමහත් සේ වටිනා බැව් සිතූ රකිත ඒ පිළිබදව සිතමින් ස්වයං තෘප්තියක් ලැබුවේ විස්කි වීදුරුවක පහස ලබමිනි..
ඉන්ද්‍රාණි විසින් ගත් තීරණයට ජයවර්ධන මුල සිටම විරුද්ධ වුවත් ඇය එම විරුද්ධත්වය නොසලකා එය ක්‍රියාත්මක කිරීමෙන් අත්වන ප්‍රතිඵල කෙරේ ජයවර්ධන පසුවූයේ සිය බිරිදට සමාව දිය නොහැකි තරමේ කෝපයකිනි.. රකිත පැවසූ දේවල් වලට ජයවර්ධන එක එල්ලේම චෝදනා එල්ල කලේ තම බිරිදටය.. තම දියණියගේ ශාරීරික තත්වය, ආදරය පිළිබදව සිතා ඉන්ද්‍රාණි විසින් ගත් තීරණය ස්ථානෝචිත බවක් ජයවර්ධන හට කිසිසේත්ම නොසිතුණු තරම්ය..
ඔයාගෙ මේ මොඩ තීරණ නිසා අපිට අර රකිත ළමයවත් නැති වෙන්නයි යන්නෙ.. ඔයාගෙ මොලේ නරක් වෙලාද ඉන්ද්‍රාණි..? මේ.. මම කියන දේ අහලා අදම මායා ගෙදර අරන් එන්න..
රකිත වගේ අමනුෂ්‍යයෙක් අපේ දුවට නැති වෙන එක මොන තරම් වාසනාවක්ද..? අනික මායා මල්ලිකාගෙ ගෙදර හිටියා කියලා මොකද වෙන්නෙ..? අඩුම තරමෙ සතුටින්වත් ඉදියි..
ඔව්.. ඔව්.. ඉදියි සතුටින්.. අර නිකමත් එක්ක එවුන් ගගහා.. අදත් අපේ එකිත් එක්ක අරකා මාළිගාවට ගිහින් තියෙනවා.. මේ හැම දෙයක්ම වුණේ තමුසෙ නිසයි..
ඔව්.. මම නිසා තමයි මායා මෙහෙම හරි ජීවත් වෙන්නෙ.. ඔයාගෙ හිතුවක්කාර වැඩ වලින් දුක් විදින්නෙ මායා.. ප්ලීස් එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න ජයේ..
තමුසෙ මොනවා කිව්වත් මම ඕක වෙන්න දෙන්නෙ නෑ.. ඔය සම්බන්ධය කොහොම හරි නතර කරනවා.. හිගන ආදරයකට අපේ එකී ඔය තරමටම රැවටුණාද..?
ඔයා ඔය විදියට කතා කරන්නෙ ඔයාගෙම ලේ වලින් ජාතක වෙලා ඉපදුණු දුවගේ ආදරයට ද ජයේ..? මට නම් ඔයා ගැන ලැජ්ජත් හිතෙනවා.. ඒ ආදරය හිගන ආදරයක් නෙමෙයි ජයේ.. ඇත්තටම ඒ ආදරය සෙනෙහස පිරුණු දෙව් ලොවක් වගෙයි.. ඇයි ඔයාට මම දකින විදියට දකින්න බැරි ජයේ..
ඒ මොකද.. මම ඔයා තරම් මෝඩ නෑ ඉන්ද්‍රාණි.. ඒකයි මම ඒ විදියට දකින්න බැරි..
ඔයාට කවදහරි තේරෙයි ජයේ.. මේ මෝඩ බිරිද දකින විදිය කොයි තරම් නිවැරදිද කියලා.. ඒ දවසට ඔයා පසුතැවෙයි.. ඉවස ගන්න බැරි තරමටම..
ඒ කවදහරිනේ.. ඒක අපි ඒ දවසට බලමු.. දැන් මම කියන දේ අහලා මායා ගෙදර එක්කන් එන්න.. මම කැමති නෑ එක එක ගෙවල් වල ඉදගෙන මායා රස්තියාදු ගහනවට..
මට ඒක කරන්න බෑ ජයේ.. මොකද එයා එහෙ ඉන්නෙ කැමැත්තෙන්.. අනික හැමදාටම මායා එහෙ නතර වෙන්නෙ නෑනෙ..
හා.. ඒකත් එහෙමද..? එහෙනම් මේකත් මතක තියාගන්න.. මේ ජයවර්ධණ අකමැති කිසිම දෙයක් මේ ගෙදර සිද්ධ වෙන්නෙ නෑ.. යම් විදිහකින් හරි සිද්ධ වුණත් ඒ දේ පවතින්න මම ඉඩ තියන්නෙ නෑ.. තේරුණා නේද ඔයාට..?
තම නිවස තුළදී මායාගේ කෑ ගැසීම මේ තරම් දුරට ඇයගේ ජීවිතයට අභග්‍යසම්පන්න අසුන්දර ඛේදවාචකයක් වේයැයි.. නොසිතූ දර්ශනී තුෂාරිත් සමග මායා බැලීමට ආවේ ඉමහත් වේදනාවකිනි..
ආ.. එන්න එන්න.. මායා කාමරයෙ ඉන්නවා.. මල්ලිකා දර්ශනීට හා තුෂාරිට නිවස තුළට පැමිණීමට ඇරයුම් කළාය..
මායා.. මායා.. මෙන්න ඔයාගෙ යාළුවො ඇවිල්ලා..
දර්ශනී සහ තුෂාරි මායා සිටි කාමරය තුළට පිවිසියේ මල්ලිකා ඇයට කතා කිරීමෙන් අනතුරුවය.. දර්ශනී කාමරයට ඇතුළු වනවාත් සමග ඇය දැකීමෙන් මායා අඩන්නට වූවේ තම ජීවිතය කුණාටුවකට හසු වූ නෞකාවක් මෙන් කැළඹීමට පත් කර විනාශ වූ එම මූසල ඛේදවාචකය යළිත් මතකයට නැගෙන්නට වූ බැවිනි..
අඩන්න එපා මායා.. ඔයා මේ විදවන හැම මොහොතකටම ඔයාට ජීවිතය විදින්නත් ලැබෙයි මායා.. ඒ ගැන හිතලා ජීවත් වෙන්න උත්සාහ කරන්න.. දර්ශනී මායා වැළද ගනිමින් සනසන්නට විය..
මගේ ජීවිතයට ඒ සැනසීම කවදා ලැබෙයිද දර්ශනී..? මං මහා පව්කාර කෙල්ලෙක්.. නැත්නම් මට මේ වගේ දෙයක් වෙයිද..?
ඔයා පව්කාර නම් සනිරු වගේ හොද ගතිගුණ තියෙන කොල්ලෙක් ඔයාට ලැබෙයිද..? අනික මේ දේ ඔයාට වෙන්නම තිබ්බ දෙයක් වෙන්නැති මායා.. අපිට මොකක් හරි දෙයක් වෙන්න තියෙනවා නම් ඒක මේ ලෝකෙ කිසිම කෙනෙකුට වළක්වන්න බෑ නේද..?
ඇත්ත දර්ශනී ඔයා කියන කතාව.. ඒත්.. සනිරු මට කොච්චර ආදරේ කරනවද..? මං ගැන කොච්චර හොයලා බලනවද..? මං ගැන හිතලා මොන තරම් දුක් විදිනවද..? මොන තරම් කදුළු හලනවද..? ඒත්.. මට එයා වෙනුවෙන් මොනවද දැන් කරන්න පුළුවන්..? මගෙන් ලැබෙන ඕන හැම දයෙක්ම නැති වුනා දර්ශනී..
ජීවිතය කියන්නෙ සතුට විතරක්ම නෙමෙයි මායා.. දුක, වේදනාව කියන අමිහිරි දේවලුත් ඒ සතුටට කවදාහරි එකතු වෙනවා.. එතකොට අපි අඩනවා.. කදුළු ගලලා කදුළු නොගලන තරමටත් වඩා එහා අඩනවා.. ඒත් ඒ දුක අපේ හදවතේ කොණක හරි තැන්පත් වෙලා තියෙනවා.. ඉතින් අපි කොහොම හරි ඒ දේවල් අමතක කරන්න ඕන.. නැත්නම් අපි ඒ මත්තෙම ජීවිතය විදවන්න වෙනවා.. ඉතින් ඔයත් හැමදාටම ජීවිතය විදවන්නද හදන්නෙ මායා..? හැම අමිහිරි දෙයක්ම අමතක කරන්න මායා.. හැම දෙයක්ම..
සනිරුට ඔයාගෙන් නැති වුණේ එක දෙයක් විතරයි.. ඒත් ඔයාගෙන් තව කොච්චර දේවල් සනිරුට ලැබෙන්න තියෙනවද..? ඒ දේවල් ගැන හිතලා ජීවත් වෙන්න මායා.. අනික ඔයාගෙන් මොන දේ සනිරුට නොලැබුණත් ඔයාගෙ ආදරය තියෙනකම් සනිරුගේ හදවතේ ඔයා ගැන තියෙන ආදරය නැති වෙන්නෙ නෑ මායා..
දර්ශනී හෘදයාංගම වූ සැනසිලිදායක වදන් මායාගේ කලකිරුණු සිත යළිත් පිඹීදෙන්නට තරම් අස්වැසිල්ලක් විය.. ඇයගේ ජීවිතයෙන් දුරස් වූ බලාපොරොත්තූන් යළිත් ඇය හා එක්වන්නට දර්ශනීගේ හදවතින් නැගුණු වදන් ප්‍රබල විය..
මායා අද සනිරු ආවෙ නැද්ද..? කිසිත් නොකියා නිහඩව සිටි තුෂාරි මායාත් සමග කතා කරන්නට විය..
ආවා තුෂාරි අක්කෙ.. ඔයාලා එන්න පැයකට විතර කලිනුයි ගියේ.. දෑසෙහි වූ කදුළු පිසදමමින් මායා පැවසීය..
ආ.. ඒක නෙමෙයි තුෂාරි අක්කෙ.. අද අපි මාළිගාවට ගිය වෙලාවෙ රකිත හම්බ වුණානෙ..
ඉතින්.. මොකද වුණේ..? ඌ දැන් එළියට ඇවිල්ලද..?
කවදද ආවෙ කියලා නම් දන්නෙ නෑ.. ඒත් පුදුමෙ කියන්නෙ රකිත අපෙන් සමාව ගත්තනේ.. ඇත්තටම අපිට හිතාගන්නත් බැරිවුණා..
ඔයාලට විතරක් නෙමෙයි මායා අපිටත් විශ්වාස කරන්න බෑ.. ඌ පාට වෙනස් කරන බෝදිලියෙක් වගේ මිනිහෙක්.. මේ පාර මොන දෙයක් කරන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ.. ඔයාලා කල්පනාවෙන් ඉන්න..
ඔව්, තුෂාරි අක්කෙ.. රකිත කියන්නෙ හිතක් පපුවක් නැති මහ අමුතු ජාතියෙ මිනිහෙක්.. ඕනම දෙයක් කරන්නෙ කපටිකමින්.. එහෙම නැත්නම් චන්ඩිකමින්.. ඉතින් ඒ වගේ මිනිහෙක් කොහොමද අපි විශ්වාස කරන්නෙ..?
ඔව්.. ඔව්.. මායා ඕවට රැවටෙන්න එපා.. ඕකත් උගේ උගුලක් වෙන්න ඇති.. මායාගේ දෑත අල්ලා ගනිමින් කාමරයෙන් එළියට එත්ම දර්ශනී පැවසීය..
ආලින්දයට පැමිණි මායාත් දර්ශනීත් තුෂාරිත් වටරවුමට සකසා තිබූ වේවැල් පුටු වල වාඩි වූවේ මල්ලිකා විසින් ගෙන එන ලැබූ සිසිල් බීම සහිත වීදුරු කෝප්ප පිළිගනිමිනි..
බොහොම ස්තුතියි ඇන්ටි.. මල්ලිකාගේ සංග්‍රහයට තුෂාරිත් ස්තුති කළාය..
සිය මවගේ බෙහෙත් වට්ටෝරුවක් ගැනීම සදහා පසුදා සනිරු චතුරත් සමග මහනුවර ආයුර්වේදයට පැමිණියේ මායාද බැලීඹට යාමේ බලාපොරොත්තු ඇතිවය..
ආයුර්වේදයට මීටර් විස්සක පමණ දුරින් ඉදිරියට ඇදෙමින් සිටි සනිරු සහ චතුර සමීපයට අළු පාට වෑන් රථයක් පැමිණ නතර කළේ තිරිංග තද කර මහා හඩින් ශබ්දයක් ද නංවාගෙනය..
කවුද මචං මේ පිස්සා..? මිනිස්සු ඉන්නවා කියලා පේන්නෙ නැද්ද මුන්ට..? තමන් අසලට විත් නතර කළ වාහනයේ ගැටීමට අංශු මාත්‍රයෙන් බේරුණු චතුර ඒ දෙසට අත දිගු කරමින් පැවසුවේය..
චතුර කෑ නොගහ හිටපංකො.. බලමු අපි ඇතුලෙ ඉන්නෙ කවුද කියලා.. වාහනයේ රියදුරු ආසනයට විරුද්ධපසින් වූ දොරටුව ළගට පැමිණෙමින් සනිරු ප්‍රකාශ කළේය..
කෑ නොගහ කොහොමද බං..? හදිසියෙවත් මොනා හරි වුණා නම්.. අනික මුන්ගෙ අම්මා අප්පොච්චිගෙ බූදලයක්ද මේ පාර..
සනිරු දොරටුව අසලට පැමිණෙනවාත් සමගම එහි දොරටුව විවෘත කරමින් රකුසු වෙසින් යුතු රත් වූ දෙනෙතින් කෝපය, වෛරය දිලිහි දිලිහී එළියට පැමිණියේ ජයවර්ධන ඔහුගේ මානුෂීය හැගීමෙන් ඔබ්බට ගිය අමානුෂීය මැරකම් කළ තක්කඩිකම් කළ දූෂිත අන්තනෝමතික අයතාවන් කළ පාපතර දෑතින් කම්මුල් පාරවක් කිහිපයක් සනිරුගේ දෙකම්මුල් හී සටහන් කළේය..
උඹට යකෝ මම කිව්වා නේද මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කියලා.. කෝ.. ඉතින් උඹ ඒක ඇහුවද පර බල්ලා.. ජයවර්ධන සනිරුගේ කමීසයෙහි කොළරයක් අල්ලා ගනිමින් මහ හඩින් පැවසුවේය..
උඹ දන්නවා නේද ඒකි රකිතව බදින්න ඉන්නෙ කියලා..? ඒ තියෙද්දි උඹ මෙහෙම මගුල් නටනවද යකෝ..? උඹට ලැජ්ජා කියලා දෙයක් නැද්ද අනුන්ගෙ ගෑනුත් එක්ක පෙම් කෙලින්න..?
මහත්තයා.. මූට මෙහෙම කියලා හරියන්නෙ නෑ.. දෙක තුනක් ඇනලම කියන්න ඕන.. ජයවර්ධන සමග සිටි අතවැසි සගයෙක් පැවසුවේය..
නෑ.. මූට මේ අන්තිම චාන්ස් එකත් දෙනවා.. මේ පාරත් මූ හැදුණෙ නැත්නම් දෙක තුනක් නෙමෙයි අඩි හයක් ඇතුලෙ ඉන්න ඉවරයක් කරලා දාපල්ලා.. ජයවර්ධන සනිරුගේ කොළරය අත හැර පැත්තකට තල්ලු කරමින් ප්‍රකාශ කළේය..
ඒ.. මිස්ටර් ජයවර්ධන.. සනිරු ජයවර්ධනට කතා කළේ පහත් කර සිටි හිස ඉහළට ඔසවා මහ හඩිනි..
සනිරුගේ ප්‍රාණවත් එඩිතර කටහඩ ජයවර්ධනට ඇසෙනවාත් සමගම ඇස් ගෙඩි දෙක විශාල කර ගනිමින් සනිරු දෙසට හැරුණේ කිසිදිනක එවන් ආකාරයට කිසිවෙකු තමාට අමතා නොතිබූ බැවිණි..
මගේ හිතේ මායා ගැන තියෙන ආදරය නැති කරන්න ඔහේගෙ ඔය චන්ඩිකම් වලට, තර්ජන වලට පුලුවන් වෙයි කියලා හිතුවද..? මගෙයි මායාගෙයි ආදරය නැති කරන්න ඔහේට තියා ඔය වටේ ඉන්න කටු කන බල්ලොන්ටවත් බෑ.. ඒක හොදට මතක තියාගන්න..
අනික ඔහේගෙ ඔය මැරකම් සල්ලි බලය අපේ ආදරය ඉස්සරහා මහ මෙර පාමුල තියෙන පුංචි වැලි කැටයක් හා සමානයි.. ඒ තරම් අපේ ආදරේ බලවත්..
මම අනුන්ගෙ ගෑනුත් එක්ක පෙම් කෙළින එකෙක් නෙමෙයි.. මම ආදරය කරන්නෙ මගේ මායාට.. ඒ කියන්නෙ ඔහේගෙ දුවට.. ඔහේගෙ ඇබ්බැහිවීම් පුරුදු ගැන හිතලා මට නිකං චෝදනා කරන්න එපා මිස්ටර් ජයවර්ධන..
අනික රකිත වගේ අමුනුෂ්‍යයෙක් මායා බදියි කියලද හිතන්නෙ..? නෑ.. ඒකට කවමදාකවත් මායා කැමති වෙන්නෙ නෑ.. ඒ වගේ තක්කඩියෙකුට මායා දෙන්න තරම් ඔහේට තියෙන අඩුපාඩුව මොකක්ද..?
ඇත්තටම ඔහේගෙ පොහොසත්කමට වඩා මට මගේ දුප්පත්කම ගැන ආඩම්බරයි.. ඔහේ කරන ඔය අවලම් තක්කඩි වැඩ දිහා බලනකොට මායාගේ තාත්තා කියලා කියන්නත් මට ලැජ්ජයි..
මගෙන් මායා දුරස් කරන්න හදන තරමටම මම මායාට ආදරය කරනවා.. මගේ මනස මේ විදියට වෙහෙසන තරමටම මම මායාගේ ජීවිතය අභ්‍යන්තරයේ සැරිසරනවා.. මගේ ඇස් දෙක විඩාවට පත්කරන තරමටම මගේ ඡායාව මායාගේ ඇස් දෙකට නොපෙනී ඉන්න බැරි චරිතයක් බවට පත්වෙනවා.. මගේ ශරීරයට දෙන හැම වේදනාවක්ම මායාගේ දෑතේ ස්පර්ශයෙන් අමෘත ඔසුවක් ලබා ගන්නවා.. මේ හැම දෙයක්ම පුලුවන් නම් නතර කරන්න මිස්ටර් ජයවර්ධන..
සනිරුගේ සිතෙහි ජයවර්ධන කෙරෙහි කැකෑරෙමින් තිබුණු තෙරපෙමින් තිබුණු වචන පෙළ පිට කළේ ඉවසීම රදවාගෙනය.. එය ඔහු කතා කල විලාසයෙන්ම විද්‍යාමාන විය..
සනිරුගේ ඉවසීම කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කළ සෑම දෙයක්ම ජයවර්ධන තුළ තිබූ වෛරය තව තවත් වැඩි කරන්නට හේතුවක් විය.. එබැවින් ඔහු වාහනයට ගොඩවූවේ සනිරුට අනතුරු ඇගවීමක්ද කරමිනි..
කොල්ලා.. උඹ ආදරය හින්වා වියරු වැටිලයි ඉන්නෙ.. මම දන්නවා ඒ වියරුව නැති කරන බෙහෙත.. බලාගමු..
සනිරුගේ ජීවිතයට නිතර නිතර තර්ජනය කිරීම, පහර දීම සම්බන්ධයෙන් ජයවර්ධන කෙරෙහි මායා තුළ වූවේ වචනයෙන් පැවසිය නොහැකි තරමේ කළකිරීමකි.. තම ලෙයින් ජාතක වූ දරුවාගේ අනාගතය මේ තරම් උනන්දුවකින් යුතුව හිතා මතාම විනාශ කරන්නට උත්සාහ දරණ ජයවර්ධන කුමකට තමා වැන්නියකට මෙලොව දකින්නට වරම් දුන්නේද යන්න පිළිබදව මායා තුළ පසුතැවිල්ලක් උපන්නීය.. කෙසේ වෙතත් ජයවර්ධන විසින් සනිරු විනාශ කිරීමට දරණ සෑම තැනක් පාසාම මායා තව තවත් සනිරුට ළං විය..
රකිතගේ සමාව ඉල්ලීම ඔහු තුළ වූ පළිගැනීමේ චේතනාව ඉක්මන් කරන්නට විය..
සනිරුගේ ජීවිතයට ජයවර්ධන විසිනුත් තමා විසිනුත් නොයෙක් ආකාරයෙන් බලපෑම් කළද එය තම වියැකී යන අපේක්ෂාවන් වළකා ගැනීමට ඇති එක් විසදුමක් යැයි සිතූ රකිත හිතුවක්කාර සිය හිතුමතේට පමණක් තීරණ ගෙන කටයුතු කරන මායාගේ ජීවිතයට අමතක කළ නොහැකි තරමේ දඩුවමක් ළබා දීමට ඔහුට සිත් වූයේ එමගින් සනිරුගේ ජීවිතයෙන් මායා දුරස් කරන්නට හැකි වෙතැයි යන අරමුණ යටි සිතෙහි ධාරණය වූ බැවිණි..
ඉතින්.. උඹ දැන් මොනවද කරන්න යන්නෙ..?
රකිතත් සමග කතා කරමි්න සිටි සගයෙකු ඔහුගෙන් ප්‍රශ්න කළේ ඉදිරි සැලසුම් දැන ගැනීමේ අදහසිනි..
ඒක බරපතල දෙයක්.. කොච්චර බරපතල වුණත් මම ඒ දේ කරනවාමයි.. මොකද ඒක මගේ හිතේ තියෙන ඉවරයක් වේනනැති ආශාවක්.. ඔව්.. ඒක පුදුම ආශාවක්..
උමගේ ඔය ඉවරයක් වේනනැති ආශාව ඉටු කරන්න දැන් මොනවද කරන්න යන්නෙ..?
මං.. කරන්නෙද..? හරි.. මම මේ කියන දේ හොදට අහපල්ලා.. අද අපි කොහොම හරි මායා උස්සං අපේ හන්තානේ තියෙන බංගලෝ එකට යන්න ඕනි.. සිගෙරෙට්ටුවක් දල්වා ගනිමින් සිටි රකිත ඉන් දුම් රොදක් පිට කරමින් පැවසුවේය..
උඹට පිස්සුද රකිත..? උමට මතක නැද්ද අපි ඇතුළෙ ඉදන් ආපු බව..? ආයෙමත් යන්න ආසද..? මට නම් බෑ ඔය කේස් වලට එන්න..
ඒ කියන්නෙ උඹ කැමති නෑ මට උදව් කරන්න..? යකෝ.. මේක මතක තියාගනිං.. උඹලා අද ඔහොම ඉන්නෙ මං නිසයි.. මේ රකිත නිසයි.. මම කියන විදියට වැඩ කරන්න බැරි නම් උඹට යන්න පුලුවන්.. ඉතින් පලයංකො.. රකිතගේ කෝපය උත්සන්න වූවේ තම අණසකට සිය සගයන් විරුද්ධ වීම ගුණමකුකමක් යැයි සිතු නිසාවෙනි..
ඔව්.. මට මතකයි, ඇතුළෙ ඉදලාආවෙ කියලා.. උඹ මේක මතක තියාගනිං.. මට ඇතුළෙත් එකයි.. එළියෙත් එකයි.. මේ ලංකාවය ඇතුළෙ කාරියවසම්ලාට කරන්න බැරි දෙයක් නෑ.. මොකද කාරියවසම් කියන්නෙ ඉදිරිලා වැටෙන්නෙ නැති ගහක්..
රකිත රිලැක්ස් මචං.. අපි ඉන්නවනේ.. උඹ වෙනුවෙන් ඕනම දෙයක් අපි කරන්නම්.. ඉතින්.. අපි දැන් මොකද කරන්නෙ..? රකිතගේ මිල මුදල් වලට වහල් වී ඔහුගේ වාසි තකා කටයුතු කරන තවත් සගයෙකු රකිතගේ පක්ෂපාතීත්වය කතා කළේය..
රකිත මට සමාවෙයන්.. මම බය වුණේ මේ කේස් එකත් ලීක් වෙයි කියලා.. ඒකයි මම එහෙම කිව්වෙ.. නැතුව උඹට විරුද්ධ වෙන්න නෙමෙයි මචං..
තවම උඹ මම ගැන හරියටම දන්නෙ නෑ.. මගෙත් එක්ක අවංකව වැඩ කරන එවුන්ට මම කිසිම දෙයක් වෙන්න දෙන්නෙ නෑ.. ඒක හොදට තේරුම් ගනින්..
ඔව්, මචං මට තේරෙනවා.. දැන් උඹගේ ප්ලෑන කියපංකෝ..
අපි මොන විදිහෙ හරි බොරුවක් කියලා මායා ගෙදරින් එළියට අරන් අපේ බංගලෝ එකට අරන් එන්න ඕනෙ.. හැබැයි මායාට ඒ ගැන දැනෙන්න දෙන්න හොද නෑ.. එහෙම වුණොත් මොකක් හරි සැකයක් ඕකිට දැනුණොත් මගේ හැම දෙයක්ම ඉවරයි.. ඒ නිසා අපි හොද කල්පනාවෙන් මේක කරන්න ඕනි..
හරි.. ගෙනාවයි කියමු.. ඊට පස්සෙ උඹ මොකද කරන්නෙ..?
කරන්නෙද..? ඒක ඒ වෙලාවට උඹලට තේරෙයි.. රකිත තම හිස පිරිමදිමින් සිනා සී පැවසුවේය..
හරි.. හරි.. බං, අපිට මොකද නොතේරෙන්නෙ..? මෙච්චර දවසක් අපිත් හිටියෙ උඹත් එක්කනේ.. අනික මේ වගේ දේවල් කීයක් නම් මේ බංගලෝ එකේ වුණාද..? කවුද දන්නෙ..? අපි විතරනේ..
ඕන්.. ඕන්.. කට ඇරියොත් පරණ දේවල්මයි එළියට එන්නෙ.. මේ දේවල් මේ බිත්ති හතර ඇරෙන්න වෙන කවුරුවත් දැන ගන්න බෑ.. තේරුණාද..?
මිල මුදල් පසුපස හඹා යාම, මැර බලයෙන් තම අපේක්ෂාවන් ඉටු කර ගැනීමෙන් පමණක් මේ රකිතගේ ජීවිතය සම්පූර්ණ වූවේ නැත.. ඉන් ඔබ්බට ගිය අසරණ කෙල්ලන්ගේ ජීවිත විනාශ කර තම වියරු වැටුණු ශාරීරික අවශ්‍යතාවයන් සංසිදුවා ගැනීම ද තම ජීවිතයේ එක් පරිච්ඡේදයක් විය.. ඊට තම සගයන්ගේද සහය ලැබුණේ ඔවුන්ට ද ඉන් ගත සිත පිනවා ගැනීඹට අවස්ථාවන් ලැබුණු හෙයිනි..
උඹ බය වෙන්න එපා මේ හැම දෙයක්ම හැමදාමත් රහසක් විදියට තියෙයි.. මොකද අපිත් මේවයි කොටස් කරුවොනේ.. ඒත් මචං.. උම ඇත්තටම නෙමෙයි ද මායා කසාද බදින්න හදන්නෙ..? ආදරය කරන්නෙ..?
උඹලට පිස්සුද..? මායා කසාද බැදලා.. මට ඒකිත් එක්ක විතරක්ම ඉන්න පුලුවන් වෙයිද..? බෑනේ.. උඹලා දන්නවනේ.. මට දවසින් දවසට එක එක රහට තියෙන කෑම ඕනි කියලා.. ඉතින්.. මායා කසාද බදින්න හදන්නෙ එකම එක වාසියක් හින්දා විතරයි..
වාසියක්.. ඒ කිව්වෙ..?
ජයවර්ධන කියන්නෙ සල්ලි ගහක්.. ඉතින් ඒ සල්ලි ගහේ එකම හිමිකාරිය වෙන්නෙ මායා.. අන්න ඒ සල්ලි ගහ මගේ කර ගහන්නයි මායා කසාද බදින්න හදන්නෙ.. නැතුව ජීවිත කාලයටම ඒකිත් එක්ක දීග කන්න නෙමෙයි.. දැන් උඹලට තේරුණානේ..?
උඹ ඔය කියන විදියට හැම දෙයක්ම සිද්ධ වෙයිද රඛිත..?
මොකද නැත්තෙ..? අර මෝඩ ජයවර්ධන ඉන්නකම් මට මගේ අරමුණට ළගා වෙන්න ලේසියි..
එතකොට ඇයි උඹ මායාට.. මෙහෙම දෙයක්..?
ඒකත් අහපල්ලකෝ.. මායාගේ ජීවිතයට බලපෑමක් වුණාම අර කැම්පස්කාරයා කොහොමද ඒකිට ආදරය කරන්නෙ..? බදින්නෙ..? ඌට ඒකිව එපා කරවන්නයි මෙහෙම දෙයක් කරන්නෙ.. එතකොට ඒකිගේ ජීවිතේ අපායක්..
දැන් ඉතින් උඹ මායා ඉන්න තැන දන්නවද..?
ඔව්.. ඔව්.. මම දන්නවා.. අම්පිටිය පැත්තෙ ඉන්නෙ.. ඉක්මණට යමං.. රකිත සහ ඔහුගේ යහළුවන් වාහනයට ගොඩවූවේ මායාගේ ජීවිතයට තවත් ඛේදනීය වේදනාවක් එක් කිරීමේ අරමුණ ඇතිවය..
මායා නැවතී සිටින නිවස තිබුණේ කොතැනද යන වග රකිත දැනන් උන්නේ පෙරදා ඔහුවු මාළිගාවට පැමිණ ආපසු යන අතරතුරේ ඔවුන් ලුහුබැද හඹා ගිය නිසාය.. එබැවින් ඔහුට මායා නැවතී සිටි නිවස සොයා ගැනීමට එතරම් අපහසුවක් වූවේ නැත..
මචං.. අර තියෙන්නෙ ඒ තමයි ගේ.. උඹලා ඔහොම හිටපල්ලා.. මම තනියම ඇතුළට යන්නම්.. රකිත තම යහලුවන් සමග නිවස තුළට නොගියේ මායා තුළ සැකයක් ඇති වීම වැළැක්වීම සදහාය..
එදින මල්ලිකා තම සැමියාත් සමග සිය දෙමාපියන් බැලීමට මාවනැල්ලේ ගොස් තිබීම රකිතගේ සැලැස්ම සාර්ථක වීමට බෙහෙවින් ම බලපෑවේය.. වටපිට බලමින් රකිත විසින් නිවසේ සීනුව නාද කරන විට බාත් රූම් එකේ සිටි මායා උඩුකය සහ දණහිසින් ඉහළට පැළද සිටි රෝසපාට තුවාය තම ළමැදට තද කර සකසුරුවම් කර ගනිමින් එළියට ආවේ සනිරු පැමිණ ඇතැයි සිතාය..
හ්.. රකිත ඔයා මොකද මෙහේ..? දැන් ගෙදර කවුරුත් නෑ.. ප්ලීස්.. මෙහෙන් යන්න.. රකිත දකිනවාත් සමග බියට පත් වූ මායා වෙවුලමින් එලෙස ප්‍රකාශ කළේ නැවත නිවස තුළට යාමට හැරෙමිනි..
මායා නිවස තුළට ගියේ පැළද සිටි තුවායෙන් තමා ඉදිරියේ සිමීටම ලැජ්ජාවක් ඇති වෙන්නැතැයි යන බව රකිතට ඒත්තු ගැනුණේ නැවත ඇය ඇදුමකින් සැරසී ආ නිසාය..
මායා බය වෙන්න එපා.. මම ආවෙ සනිරුගෙ පණිවිඩයක් ඔයාට කියන්නයි.. රකිත මායා දෙස හොරැසින් බලමින් ප්‍රකාශ කළේය..
පණිවිඩයක්.. සනිරුගෙන්.. බොරු කියන්න එපා රකිත.. සනිරු හැමදාම මාව බලන්න මෙහෙ එනවා.. රකිතගේ බොරුව අවිශ්වාසයට ලක් කරමින් මායා පැවසීය..
මායා.. මේක බොරුවක් නෙමෙයි.. අද සනිරුගෙ අම්මා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කලා.. ඉතින්.. අද මෙහේ එන්න වේනනෙ නැති නිසා පුලුවන් නම් ඔයාව හොස්පිට්ල් එකට එක්කන් එන්න කිව්වා..
රකිත, ඔයා ඔය කියන කතාව ඇත්තක් නම් ඊයෙ සනිරු මට අනිවාර්යෙන්ම කියනවා.. මේක ඔයාගෙ මොකක් හරි බොරුවක්.. මායා තුළ රකිත කෙරෙහි වූ සැකය එන්න එන්නම වැඩි විය..
අනික සනිරුගෙ අම්මා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කලා නම් මෙහෙ එන්නෙ චතුර හරි ප්‍රදීප් හරි.. මොකද එයාලා සනිරුගෙ යාලුවො..
ප්ලීස් මායා.. මාව සැක කරන්න එපා.. ඊයෙ රෑ සනිරුගේ අම්මට හොදටම අමාරු වෙලා.. ඉතින්.. ඔයා දන්නෙ කොහොමද රෑ වුණ දේවල්..
රකිත පැවසූ දේවල් බොරුවක් වුවත් අවිශ්වාස කළ යුතු දෙයක් වුවත් මායාගේ සිතෙහි ඒ පිළිබදව වැලි කැටයක තරම් හෝ පුංචි විශ්වාසයක් ඇති වූවේ රකිත කළ ප්‍රකාශය නිසාය.. එබැවින් මයා හොස්පිට්ල් එකට යාමට තීරණය කළේ රකිත ගෙන ආ පණිවිඩය නිසාම නොව සනිරුත් ඔහුගේ අම්මාත් සමග ඇති සබැදියාව නිසාය..
හරි.. රකිත ඔයා යන්න.. මම බස් එකේ එන්නම්.. මායා රකිතත් සමග යාමට පවා අකමැති වූවේ ඒ තරමටම ඔහු විශ්වාස කළ හැකි පුද්ගලයෙකු නොවන බව දන්නා නිසාය..
මායා.. තවමත් ඔයාට මාව අවිශ්වාසද..? ඒ නිසානෙ මාත් එක්ක නොයන්නෙ.. ප්ලීස් මායා.. තවත් මාව ඔය විදියට සැක කරන්න එපා.. මම කරපු වැරදි වලට මෙහෙම හරි පුංචි උදව්වක් ඔයාලා දෙන්නට කරන්න බැරි ඇයි..? රකිතගේ යක්ෂ වේෂය යටපත් වී හැගීම්බර ආවේශයක් මුවට නැගුණේ මායාගේ අනුකම්පාව ඒ මොහොතට පමණක් ලබා ගැනීම උදෙසාය..
හරි.. රකිත, ඔයා ඔහොම ඉන්න.. මම ඉක්මණට ලෑස්ති වෙලා එන්නම්.. මායා රකිතගේ රැවටිලි වදනට හසු වූවේ ඔහු විශ්වාස නොකළ ඉන්නට බැරිම නිසාය..
රැවටුණා.. රැවටුණා.. මෝඩ මායා.. ඉක්මණට වරෙන් ලෑස්ති වෙලා.. මමත් ඉන්නෙ බොහොම අමාරුවෙන්.. මම මේචචර දවසක් හිටියෙ මේ දවස උදා වෙනකම්.. අද ඒ දවස උදාවුණා.. දැන් බලපන් මේ රකිතට පිටපාපු එකේ දඩුවමේ රහ කොහොමද කියලා.. රකිතගේ නොමිනිස් අසංයම සිතෙහි වූ හැගුමන් වියරුවෙන් මෙන් මිමිණුවේය..
නිවස තුළට යමින් සිටි මායා දෙස බැලු රකිතගේ දෙනෙතට ඇයගේ නිතඹ ලතාවට දෙපසට නැළවෙන විලාසයත් රෝස පාට තුවායෙන් වසාගෙන තිබුණ පිරිපුන් දෙතනෙහි සුන්දරත්වයත් මැවී පෙනෙන්නට පටන් ගත්ම ඔහුගේ ගත සිත වියරුවෙන් මෙන් නළියන්නට ගැනුණේ කෙසේ හෝ ඇයගේ පහස තම නිදි යහනේ දී විද ගැනීමේ නොනිම් ආහාව නොඉවසුම් වූ හෙයිනි.. තම ගතේ දැවෙන උණුසුම ඇයගේ සියුමැලි සුසිනිදු ගතෙහි සංස්පර්ශයෙන් කෙසේ හෝ සිසිලසක් ගෙන සැනහුමක් ලබන්නට රකිත තුළ වූවේ ද්වේශ සහගත ආශාවකි..
රකිත මිනිස් ඇසුරේ ජීවත් වුවත් ඔහු ගුණගරුකබවෙන්, සදාචාරයෙන්, සාරධර්ම පද්ධතියෙන් සංවර්ධනය නොවූ ගෝත්‍රිකයෙකු මෙන් හැසිරෙන අයෙකු බව ඔහුගේ නොදියුණු චර්යා රටාවෙන් මානව ගම්‍යමාන වේ.. ඔහුගේ මනසට ඇතුළු වන සියල් සිතිවිලි නිසම්මකාරී නොවන අයුරින් ක්‍රියාවට නංවන්නේ ඒ බව පසක් කරමින්.. මොහොතකට හෝ ඔහු මායාට කරන්නට යන අපාරාධය පිළිබදව මිනිසෙකු මෙන් සිතුවා නම් මෙවන් ක්‍රියාවක් ඇතැම් විට ඔහුගෙන් නොවෙන්නට මග පෑදෙනු ඇත.. එහෙත් ඔහුට දුරදර්ශී නුවණක් නැත්තේ හදවත බොර දිය මෙන් අපවිත්‍ර නිසාය.. ගෝත්‍රිකයෙකු මෙන් තක්කඩි නිසාය.. වනචර නිසාය.. අශිෂ්ට නිසාය.. ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන්නෙකු නිසාය..
විනාඩි පහළොවක් පමණ ගත වීමෙන් අනතුරුව මායා කාමරයෙන් එළියට ආවේ රෝහලට යාමේ හදිසිය සිතෙහි තබාගෙනය..
ආ.. මායා ආවද..? එහෙනම් අපි යමු.. පරක්කු වුණා..
රකිතත් සමග වාහනය ළගට පැමිණි මායා වෑන් රථයේ දොරටුව විවෘත කරනවාත් සමගම එහි තුළ වූ රකිතගේ සගයන් දැක බියට පත් වූවේ තමා තුළ යටපත් කර ගනිමින් තිබූ සැකය යළිත් උද්දීපනය කරමිනි..
රකිත.. ඇයි මේ අය මෙහාට ආවේ..? මායා ඔහුන්ගේ මුහුණු දෙස බලමින් ප්‍රශ්න කළේය..
අයියෝ.. මායා.. මෙයාලා ආවෙ මගෙත් එක්කයි.. අපි ඔක්කොම ගෙදරට යන එක හොද නැති නිසයි මෙයාලා වෑන් එකේ හිටියෙ.. අනික මෙයාලා පැය විසි හතරෙම ඉන්නෙ මගෙත් එක්කනේ.. හරි.. හරි.. දැන් ඉක්මණට වෑන් එකට නගින්න.. මේ.. බලන්න, වෙලා ගිහින් තියෙන්නෙ.. රකිත තම අත් ඔරලෝසුවේ සටහන්ව තිබුණු වෙලාව පෙන්වමින් මායා වෑන් රථයට බලෙන් මෙන් නැංවිය..
මායා තුළ වූ බිය අවිශ්වාසය ගෙවෙන හැම තත්පරයක් පාසාම එන්න එන්නම වැඩි වූයේ වෑන් රථයට ගොඩ වූ මොහොතේ සිට රකිත හෝ අන් කිසිවෙකුවත් තමා සමග එකදු වචනයක් කතා නොකළ බැවිනි..
රකිත මොකද ඔයාලා මේ කතා නැත්තෙ..? හරියට ගොලුවො වගේනේ..
ගොළුවො වගේ.. කවුද..? අපි.. රකිත වෑන් රථයේ සිටි සියලු දෙනා දෙස බලමින් සිනාසුණේය..
වෑන් රථයේ සිටි සියලු දෙනාම සිනාසෙන්නට පන් ගැනුණේ ව්‍යාජත්වයෙන් නැගුණු රකිතගේ ගොරහැඩි සිනහවට ප්‍රතිචාරයක් දැක්වීමක් වශයෙනි..
මොකද ඔයාලා මේ හිනාවෙන්නෙ..? පිස්සුද..? ව්‍යාඝ්‍රයන් රැළකට හසු වූ පුංචි මුවැත්තියක් මෙන් මායා වෑන් රථය තුළ අසරණ විය..
පිස්සු.. ඔව්, පිස්සු තමයි.. ඒ උඹ නිසා මායා.. උඹ නිසා.. රකිත මායාගේ බෙල්ල අල්ලාගෙන දත්මිටි කමින් ප්‍රකාශ කළේය..
ඔයාට මොකද වෙලා තියෙන්නෙ රකිත..? මගේ බෙල්ල අතාරින්න.. රිදෙනවා..
රිදෙනවා.. උඹට තාම රිදුනෙ නෑ.. උඹට වැඩිය මගේ රිදෙන්නෙ, නළියන්නෙ, මෙතනයි.. ඒ උඹට තියෙන ආදරයක් හින්දා නෙමෙයි.. උඹෙන් මට ලැබෙන්න ඕන දේවල් නැති වී ගෙන යනන ිසා.. රකිත තම පපුවට ගසා ගනිමින් පැවසුවේය..
මගෙන් මොනවද ඔයාට ලැබෙන්න තියෙන දේවල්..? ඇයි මට මේ විදියට වද දෙන්නෙ..?
උඹගෙ දේපළ මිසක් මට උඹගෙ ආදරයවත් උඹලත් එක්ක නෑදෑකම් පවත්වන්නටවත් උවමනාවක් නෑ.. මට ඕනි උඹගෙ නමට තියෙන හැම දේපළක්ම විතරයි.. ඒකයි මම උඹව කසාද බදින්න හදන්නෙ..
උඹ මහා බොරු කාරයෙක් මිනිහො.. මම හිතුවා උඹගෙ බලාපොරොත්තුවත් මේකම කියලා.. ඒත් මම උඹට රැවටුණේ නෑ.. මොකද උඹගෙ හිතේ තියෙන යටි කූට්ටු වැඩ ඔය මූණෙන් පේනවා..
ඒත්.. මායා, උඹ අද මට රැවටුණානේ.. ඇයි අද මගේ මූනෙ තියෙන යටි කූට්ටු වැඩ වල තේරුම පෙනුණෙ නැද්ද..? සිනාසෙමින්..
පෙනුණා මිනිහො.. ඒත් මම රැවටුණේ සනිරු ගැන කියපු නිසයි.. උඹළු විශ්වාස කරලා නෙමෙයි..
පුදුම විදිහටනේ සනිරු ගැන හිතන්නෙ..? බලමුකෝ.. අද උඹව බේරගන්නෙ කවුද කියලා..
ආං.. ආං.. ඔය කොහෙද යන්නෙ..? හොස්පිටල් එකට යන්නෙ අතනින්නේ.. රකිත, මාව මේ ගෙනියන්නෙ කොහාටද..? මායා කෑ ගසන්නට විය..
හොස්පිට්ල් එකට.. මොන හොස්පිට්ල්ද..? විකාද..? රකිත මායාගේ කෑ ගැසීම නතර කිරීමට ඇයගේ කට තද කරමින් පැවසුවේය..
මායා කතා කිරීමට උත්සාහ කළත් රකිත ඊට ඉඩ නොදුන්නේ තව තවත් තම අතින් ඇයගේ කට තද කර වසා ගැනීමෙනි.. කෙසේ නමුත් ඇයට කළ හැකි කිසිවක් නොතිබුණු හෙයින් අවසානයෙදී ඇය රකිතගේ අත හපා කෑවේ ඉවසීම පාලනය කරගත නොහැකිම වූ නිසාය..
ආහ්.. පරට්ටි.. තොගේ ඔය දැගලිල්ල නවත්තපිය.. නැත්නම් මෙතනදිම මං තෝව ඉවරයක් කරනවා බැල්ලි..
තමුසෙ මට කිව්වෙ සනිරු හොස්පිට්ල් එකේ ඉන්නවා කියලා නේද..? ඉතිං.. දැන් මේ කොහෙද යන්නෙ..? මාව මගේ සනිරු ළගට ගෙනියන්න රකිත.. ප්ලීස්.. ප්ලීස්.. මායාගේ දෑසෙහි සිර වී තිබුණු කදුළු බිංදු එකිනෙක ගලා හැලෙන්නට විය..
මම උඹට එවලෙත් කිව්වා නේද උඹ අද මට රැවටුණා කියලා..? ඇතත්ටම උඹ රැවටුණා මායා.. මම කිව්වෙ බොරුවක්.. සනිරු තියා උගෙ අම්මවත් මම අද දැක්කෙ නෑ.. මගෙත් එක්ක උඹ නොඑන නිසයි මේ බොරුව මම කළේ.. දැන් හැම දෙයක්ම දන්නවනේ.. ඉතින් දැන්වත් මාව විශ්වාස කරන්න මායා..
උඹ මහ වංචාකරයෙක් රකිත.. මට යන්න දීපන් මිනිහො.. මායා රකිතගේ කමීසයෙන් අල්ලාගෙන කෑ ගසන්නට විය..
යන්න දෙන්න.. හිටපං මම උමට යන්නම දෙන්නම්.. හ්ම්.. මේ රකිත කාරියවසම්ට අහුවුණු කෙල්ලෙකුට නිකම්ම යන්න දෙනවද..? පොඩ්ඩක් ඉවසපං මායා.. මට උඹට දෙන්න තියෙනවා පොඩි සංග්‍රහයක්.. ඒක භුක්ති විදලම පලයන්.. රකිත මහා හඩින් සිනාසෙන්නට විය..
දෙවියන්ගෙ නාමෙට මට යන්න දෙන්න රකිත.. මායා දිගු වැළපීමකට මුලපිරිය..
කමක් නෑ.. කමක් නෑ.. දැන් ඉතින් දෙවියන් බුදුන් සිහිකරගනිං.. නැත්නම් ආයෙ වෙලාවක් නැතිවෙයි..
වෑන් රථය ඉදිරියටම ධාවනය වෙයි.. ඒ මායාගේ ජීවිතයට තවත් අභාග්‍යසම්පන්න කැළලක් ඒක කිරීමටය.. ඒ බව ඇයගේ ශරීරයට අවටින් හමන සුළං පොද පවසන්නේය.. ඒ බව ඇයගේ දෙනෙතට රකුසු වෙසින් යුත් අමනුෂ්‍යය හැසිරීම පේනවන්නේය.. ඒ බව ඇයගේ හදවතේ ගැහෙන භයංකාර බද්ධ රාවයෙන් පවසන්නීය.. එහෙත් ඇයට කළ කිසිවක් නොමැත.. සැබැවින්ම ඇය අසරණය..
එදින ප්‍රදීප් සහ චතුර සනිරු එනතුරු හන්තානේට යන මාර්ගය අසල වූ වැඩිහිට නිවාසය ළග සිටියේ ප්‍රදීප්ගේ අසල්වාසී සීයා කෙනෙකු බැලීමට යාම සදහාය.. නමුත් සනිරු පැමිණිමට පැයක පමණ කාලයක් ප්‍රමාද වීඹ නිසා ඔවුන් තුළ තරහක්ද ඇති වූවේ නිරායාසයෙනි..
ඒ.. ප්‍රදීප්, අර යන අළුපාට වෑන් එකේ මායා නේද යන්නෙ..? තමන් අසලින් ඉදිරියට ගිය වෑන් රථය පෙන්වමින් චතුර ප්‍රකාශ කළේය..
ඔව් මචං.. මායා තමයි.. චතුර.. ඒකෙ රකිතත් ඉන්නවා.. අර බලපන්.. මැද සීට් එකේ.. මායාත් එතනමයි ඉන්නෙ.. කාරයක් පාර හරස් කරමින් තිබූ නිසාම වෑන් රථය විනාඩියක් පමණ නතර කරන්නට වූවෙන් එහි සිට අය හදුනා ගැනීමට ප්‍රදීප්ට හැකිවිය..
මචං.. ඒ වෑන් එක යනවා.. අපි පස්සෙන් යමු.. ඉදිරියට ඇදෙන වෑන් රථය දෙස බලමින් ප්‍රදීප් පැවසුවේය..
ඔව් ප්‍රදීප්.. මොනවා හරි කරමු.. ආ.. අන්න සනිරු එනවා.. තමන් වෙතට පැමිණෙන සනිරු දුටු චතුර ප්‍රකාශ කළේය..
ඇයි මචං.. මොකද මේ උඹලගෙ දාඩියදාලා..? බයත් වෙලා..
මේකයි සනිරු, කතා කර කර ඉන්න වෙලාවක් නෑ.. රකිත මායව අරන් ගියා.. අපි ඉක්මණට මොනා හරි කරමු.. නැත්නම් මොනවා වෙයිද දන්නෑ..
මොනවා.. මායා අරන් ගියා.. කොහාටද ගියේ..? සනිරු අතෙහි තිබුණු පාර්සලය ඉබේටම වාගේ බිමට වැටුණි..
හන්තානෙ පැත්තට ගියේ..
හරි මම දන්නවා.. මායව අරන් ගියේ උනගේ හන්තාගෙ තියෙන බංගලාවට.. මච, අපි ඉක්මණට එහාට යමු..
වෑන් රථය බංගලාවට පැමිණියේය.. හන්තාන කන්ද සිසාරා චන්ඩ මාරුතයක් හමන්නා සේ සුළං රැළි රැඩිකල් ස්වභාවයකින් යක්තය.. රූස්ස ලතාවන් ඉදිරී වැටෙන්නට තරම් සුළං රැළි ප්රාණවත්ය.. හැබෑවටම මේ ස්වභාවික පරිසරය පවා මේ තරම් ආකාරයෙන් හිතුවක්කාරකම් පාන්නේ අවිහිංසකාවියකට අත් වෙන්නට යන ඛේදවාචකයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීඹක් යැයි මොහොතකට සිතෙයි..
මචං.. ඕකිව ඇතුළට අරන් වරෙන් ඉක්මණට.. වෑන් රථයෙන් එළියට බසිමින් රකිත පැවසුවේය..
මාව අතෑරපන්.. මට යන්න දීපන්.. මායා කෑ ගසමින් ඔවුන්ගෙන් බේරීමට තෙපුල් පිට කළත් ඇයට සිදු වූවේ තව තවත් කෑ ගසන්නට පමණි..
අතාරින්න..? කොහේ දුවන්නද..? මෙහා ආපු එකියක් කවමදාකවත් ආපහු දුවලා නෑ.. දිව්වා නම් දිව්වේ අඬ අඬ.. උඹට තේරෙනවා නේද මම කියන එක..
මට යන්න දෙන්න.. ප්ලීස්..
අරන් වරෙන් ඕකිව ඇතුළට..
බංගලාව ඇතුළට රැගෙන ගිය මායා රකිත විසින් කාමරයකට ගෙන ගියේ ඇයගේ කෑ ගැසීම මධ්‍යයේය.. ඇයගේ කෑ ගැසීම එම බංගලාවට පමණක් සීමා වූවේ ඒ තරම්ම එය විශාල වූ බැවිණි.. එබැවින් මොර දී හඩා වැළපෙමින් කෑ ගසන මායාගේ වේදනාත්මක හඩ කිසිවෙකුටත් නොඇසුණු තරම්ය..
ඇත් තරම් කෑ ගහපන්.. ඔය කෑ ගැහිල්ල මේ කන්දෙන් එහාට ඇහෙයි කියලද උඹ හිතන්නෙ..? කෑ ගහපන්.. තව කෑ ගහපන්.. උඹ ඔය විදියට දඟල දඟලා කෑ ගහන කොට මට පුදුම සතුටක් දැනෙන්නෙ.. ඇත්තමයි මායෝ.. මගේ මුළු ඇගම නලියනවා..
අනේ රකිත! මට යන්න දෙන්න.. ප්ලීස්.. මට කරදර කරන්න එපා.. මම ඔයාට දණ ගහලා වදින්නම්.. රකිත.. මායා රකිතගේ කකුල් දෙක අල්ලා වදිමින් හඩන්නට විය..
හා.. හා.. ඇයි මට වදින්නෙ..? මම දෙවියෙක් කියාල හිතුවද..? මෙහාට වරනේ.. මායාගේ කෙස් වැටියෙන් අල්ලා ඇදට තල්ලු කළ රකිත කාමරයේ දොර වැසුවේ තම කමීසයේ බොත්තම් ගලවමිනි..
අනේ රකිත! ඔයා දන්නවනේ මම සනිරුට ආදරය කරනවා කියලා.. ඉතිං.. ඇයි මට මෙහෙම කරදර කරන්නෙ..? දෙවියන්ගෙ නාමෙට මට මොකුත් කරන්න එපා.. ඇදෙන් නැගිටිමින් මායා හඩන්නට විය..
සනිරු.. සනිරු.. සනිරු.. ඔය නම විතරද උඹේ හදවතේ තියෙන්නෙ..? ඇයි මටත් පොඩ්ඩක් හරි ඔය හදවතේ ඉඩ නැත්තෙ..? කියපන් මායා කියපන්..
මොකද මගේ දෛවයේ ලියැවිලා තියෙන්නෙ මගේ සනිරු විතරයි.. මගේ ආත්මය විදිවිද දකින්න පුලුව්න ඒ මගේ සනිරුට විතරයි.. මගේ ඇස් දෙක ඇතුළෙ හැම මොහොතකම සැරිසරන්නෙ මගේ ඒ රත්තරන් විතරයි.. වෙන කිසිම කෙනෙක් දිහා මට ඒ සෙනෙහසින් බලන්න බැ රකි... මගේ මුළු හදවතේම විතරක් නෙමෙයි.. මගේ මුළු ගත පුරාම රැදිලා ඉන්නෙ සනිරු විතරයි.. ඉතින්.. මම කොහොමද වෙන අයෙක් දිහා ඒ විදියට බලන්නෙ..? අනික ඔයා මගේ සනිරු වගේ නෙමෙයි.. ඔයා මහ කපටියෙක්.. බොරුකාරයෙක්..
නවත්තපන් පරට්ටි ඔය විකාර.. මම කපටියෙක් තමයි.. මම බොරුකාරයෙක් තමයි.. මම තක්කඩියෙක් තමයි.. ඒත්.. දැන් බලපං ඒ නොසණ්ඩාලයා උඹගෙ දෛවයේ ලියැවෙන හැටි.. උඹගෙ ඔය මහා ලොකු ආත්මය විනිවිද දකින හැටි.. උඹ අයිති මට විතරයි.. නැවතත් රකිත මායා ඔසවාගෙන ඇදට දැමුවේ සිහි විලක් වූ අයෙකු මෙන් සිනාසෙමිනි..
ශල්‍යකර්මයකට භාජනය වූ මායාගේ උදරය අභ්‍යන්තයට කිසිදු බලපෑමක් නොවන තරමට වග බලා ගත යුතු බව වෛද්‍යවරුන් පැවසුවේ ඇයගේ ජීවිතයට ඉන් අනතුරක් වන්නට ඉඩ ඇති බව පවසමිනි.. රකිතගෙන් තව දිවි ගලවා ගැනීමට මායාට ශේෂව පැවතියේ එම හේතුව පමණි.. එයද ඇය පවසන්නට වූවේ අල්ප මාත්‍රයක තරම්වත් අමානුෂීය හැගීමක් රකිත තුළ ඇතැයි යන අඩ විශ්වාසය තුළය..
අනේ රකිත! මාව විශ්වාස කරන්න.. මට ඔපරේෂන් එක්ක කරලයි තියෙන්නෙ.. ප්ලීස්.. ඒ ගැන හිතලවත් මට මොකුත් කරන්න එපා.. පිං සිද්ධ වෙයි..
ඔපරේෂන් එකක්..? උඹට..? මම මෝඩයෙක් කියලා හිතුවද..? අනික එහෙම වුණත් මට මොකද..? අද මාව නවත්තන්න කාටවත් බෑ.. උඹ තියා උඩ ඉන්න දෙවියන්ටවත් බෑ..
ඇයි මනුස්සයෙක් වගේ හිතන්න බැරි..? අනුකම්පාව කියලා දෙයක් නැද්ද..?
මනුස්සයෙක්.. අනුකම්පාව.. මට ඕවා තේරුමක් නැති විකෘති වචන.. ඔව්.. මම දන්න තරමින් මෙච්චර දවසක් මම උඹට අනුකම්පා කළා.. ඒකයි මම උඹට අද වෙනකම් මොකුත් නොකළෙ.. ඒත්.. අද.. මට මාවම පාලනය කරගන්න බැරි වෙයි..
මායාගේ දැගලිල්ල රකිතගේ කාමාශාව ඉටු කරගැනීමට බාධාවක් වූවේ ඇයගේ දෑතෙහි නියවලින් ඔහුගේ ශරීරයට ඉඹුල් කටු වලින් අන්නාක් මෙන් වේදනාවක් දැනෙන්නට වූ නිසාය.. ඉන් කුපිත වූ රකිත මායා හැද සිටි සුදු පාට බ්ලවසුය තම දෑතින් ඉරා ඇයගේ දෑත් ඉන් ඇදෙහි වියලට බැද දැමුවේ ඇයගේ පියයුරු ආවරනය කර තිබූ තනපට පමණක් ඉතිරි වන්නට ඉඩ හරිමිනි.. කළු පැහැති තනපටකින් ආවරණය කර තිබූ මායාගේ පියයුරු රකිතගේ අශිෂ්ට ගොරහැඩි දෑතින් ස්පර්ශ කරන්නට වූවේ ක්ෂණයකින් ඇයගේ තනපට ඉවත් කරමිනි.. සැබැවින්ම රකිත කාමාශාවෙන් මත්වුණු තිරිසනෙකි.. වලත්තයෙකි.. බල්ලෙකු කියා ඇමතීමට තරම්වත් නුසුදුසු සිහි විකල් වූ පිස්සෙකි.. ලැජ්ජා, බය ගති ඇති මායාගේ අසරණ විලාපයන් මධ්‍යයේ ඇයගේ පියයුරු ඔහුගේ මත්කුඩු භාවිතා කළ මත්පැන් දුම්වැටි පානය කළ ජරාජීර්ණ වූ දෙතොලින් සිප ගනිමින් තිරිසනෙකු මෙන් උරා බොන්නට වූවේ මාතෘත්වය සංකේතවත් කරන ඒ අමරණිය කරුණාව දයාව සෙනෙහස පිරි අමෘත ක්ෂීර උල්පත පිලිබදවත් නොසිතාය..
හදවතින් පමණක් නොව ගතින්ද සෙනෙහසින් බැදි සනිරුත් සමග ආත්ම ගණනාවක් සිට පැවත එන බැදීමක් විලසින් ආදරය කළ මායාට කාම රකුසෙකු අභියස තම නිරාවරණය වූ වත ආවරණය කර ගන්නට තරම් ශක්තියක් නොවුණේ ඇයගේ දෑත් බැද තිබූ හෙයිනි.. එබැවින් කිසිදු පිළිසරණක් නොමැතිව අසරණ වූ මායා මහ හඩින් වැළපෙමින් ඇදෙහි අනෙක් පැත්තට හැරුණේ අමානුෂික පිරිමි සිතක් අභියස අසරණ වූ ගැහැනියක මෙනි..
ඇයි එහා පැත්තට හැරුණෙ..? ලැජ්ජද..? අදට විතරක් මම සනිරු කියලා හිතපන් මායා.. අදට විතරක්..
උඹට කවමදාකවත් මගේ සනිරු වගේ කෙනෙක් වෙන්න බෑ.. උඹ මහා තිරිසනෙක්.. කුපාඩියෙක්.. අවලම් බල්ලෙක්.. උඹට හිතක් පපුවක් නැද්ද මෙහෙම අපරාධ කරන්න.. මායාගේ වේදනාත්මක වදන් කාමරය පුරාම දෝංකාර දෙන්නට විය..
හිතක් පපුවක්.. මේ මට.. එහමෙ දෙයක් මට තියෙනවද කියලා කවමදාකවත් දැනිලා නෑ.. හ්ම්.. හිතක් පපුවක්..
මායාගේ අවිහිංසක වැළපීම, කෙදිරිල්ල.. රකිතගේ මත් වී ඇවිලුණු ගත සිත අයදින ක්ෂණික ආශාවන් ඉටුකර ගැනීමට තව තවත් ඉක්මන් කරන්නට තරම් ප්‍රතිචාරයක් දැක්වූ බවක් ලෙසට ඔහුට දැනුණේ පිවිතුරු ගැහැනු සිතක මානුෂිය හැගුමන් තේරුම් ගන්නට තරම් සංවේදී වූ හදවතක් ඔහුට නොතිබුණු හෙයිනි..
මල් පෙත්තකටත් වඩා සුසිනිදු, පැහැපත් සෞම්‍ය වූ මායාගේ වත සනිරුගේ සෙනෙහසින් සංස්පර්ශය වූවේ අමරණීය පෙමක නොබිදෙන නොසිදෙන බැදීමක් දෙදෙනාගේ සිත්හී තැන්පත් කරමිනි.. නිදන්ගත කරමිනි.. එහෙත් එම සුසිනිදු වතෙහි පැහැපත්කම සූරා දමමින් සෞම්‍ය බව නැති කර දමමින් විදගන්නට සැරසෙන රකිතගේ ආශාවන් මායාට දරා ගන්නට, ඉවසාග න්නට නොහැකි වූවේ ඔහුගේ මිනිස් සිත යටපත් වී තිරිසන් සිතක ක්‍රියා කලාපයේ කාමුක ආශාවන් මායාගේ ශරීරයෙන් බලහත්කාරයෙන් විදීමට උත්සහ ගත් නිසාය..
හදවතක් ප්‍රාර්ථනා නොකරන, පෙරුම්දම් නොපුරන බලාපොරොත්තු නොවන, නොඅයදින.. සෙනෙහසක් අන් හදකින් බලහත්කාරයෙන් විදගන්නට සැරසෙන විට එහ හදවතට මොන තරම් වූ වේදනාවක්, ජීවිතය පිළිබදව කලකිරීමක් ඇති වන්නේද..? ස්තතකින්ම එම වේදනාව, කලකිරීම මායාටද උරුම කර දෙන්නට තරම් රකිතගේ වල් වැදුණු අකාරුණික හදවතට සිත් විය.. මායාගේ ශරීරය රකිතගේ ශරීරයෙන් ස්පර්ශ වෙත්ම ඇයගේ හදවත වලසුන්ගේ තියුණු නිය මලින් බූ ගසා ලේ උපද්දවා ලබා දෙන වේදනාවටත් වඩා අති මහත් වේදනාවක් දැනී දැවි දැවී පිච්චී යන තරමට ඇවිළ යන්නට මෙන් පටන් ගත්තාය..
සෙනෙහස උතුරා යන මායාගේ හදවතේ අභයන්තරික හැගුමන් කෙරේ අංශු මාත්‍රයක තරම්වත් සංවේදීකමක් නොමැති වූ රකිතගේ තිරිසන් සිතට ඇයගේ දෙළැමෙහි පහස නැවතත් විද ගන්නට තරම් ආශාවක් පශල වූවේ මවකගේ දෙතනෙහි උණුහුම නොවිදි තිරිසනෙකු බව සථාන කරමිනි..
ක්ෂණයකින් රකිතගේ දෑත් ක්‍රියාත්මක වූවේ මායා හැද සිටි අළු පාට කොට සාය වෙතටය.. රකිතගේ මුව මායාගේ උඩුකයෙහි හොවා සිටියදීම ඇයටත් නොදැනෙන්නටම ඇගේ සායෙහි පිටුපස වූ බොත්තම් කාසි යුගලය ගලවා එය විවර කර පහළට ඇද දැමුවේය.. මායා හැද සිටි එම සාය රකිත විසින් අසල තිබූ පුටුවක් වෙතට විසි කරනු ලැබුවේ ඇගේ වැළපුම් තෙපුල් මධ්‍යයේය..
අනේ දෙවියන්ගෙ නාමෙට මොකුත් කරන්න එපා.. මම ඔයාගෙ සහෝදරියක් විදියට හිතන්න..
දැන් ආයෙ එහෙම හිතන්න බෑනෙ.. මායා.. මායා.. මායා.. මායාගේ නිතඹ දෑතින් පිරිමදිමින් තාලයකට මෙන් පැවසුවේය..
මායාගේ සියල් සිරුර සහමුලින්ම නිරාවරණය වෙත්ම ඇයගේ ශරීරය දරදඩු වන්නට විය.. ඇය කෑ ගැසුවත් අල්පෙනිත්තක් වැටෙන තරම් ශබ්දයක්වත් ඇයගේ මුවින් පිටනොවුණි.. ඇයගේ දෑසින් අවිචිඡ්න්නව කදුළු බිදු කඩා හැලෙන්නට විය.. දෑසින් කදුළු ගලා හැලෙත්ම ඇයගේ දෙනෙත් උඩ අතට පෙරලී නිසොල්මන් වන්නට විය.. ඉහළට ගත් සුසුම් පොද පහළට හෙළන්නට තරම්වත් ශක්තියක් නොවූ මායාගේ සිහි කල්පනාව ඉබේටම වගේ නැති වී යන්නට වූවාය..
පළිගැනීමේ චේතනාවෙන් ඉහවහා ගිය රකිතගේ වෛරය කෙළවර වූතේ තම අර්මාර්ථකාමී සිතෙහි කැකෑරෙමින් හූල්ලමින් පැවති සියලු ආශාවන් මායාගේ ශරීර අභ්‍යන්තරයේ බලහත්කාරයෙන් තැන්පත් කරමිනි.. මනුෂ්‍ය ආත්මයක් ලබා සිටින මිනිසෙකු තුළ නොමැති නොකරන තරමේ අමනුෂ්‍ය ගති පැවතුම් වලින් හෙබි රකිත තම පසිදුරන් අසිහියෙන් සිටි මායාගෙන් පිනවා ගැනීමට තරම් තිරස්චිත වූවේ මනුසත්භාවය තමාගෙන් ඈත්ව ඇති බව පෙන්වමිනි..
වෙනදා හන්තාන කන්ද සිසාරා හමන ශාන්ත වූ සිසිල් වූ සුවදවත් වූ සුළං පොද අද චන්ඩ මාරුතයක් විලසින් හමන්නේය.. වෙනදා ලතාවකට නැළවුණු තුරු මුදුන් අද වැගිරී වැටෙන්නට තරම් වේගයෙන් සෙලවෙන්නේය.. වෙනදා තුරු ලතාවන්හී ලැගුම්ගෙන සිටි කුරුල්ලන්ද අද මහා හඩින් කෑ ගසා අහස් කුසෙහි සී සී කඩ පියාපත් සලමින් ඉගිල්ලෙති.. වෙනදා දළදා සමිදුන්ගේ මන්දිරයෙන් නැගී සුළගත් සමග පිස ආ බැතිබර කන්කලු වූ නාදය වෙනුවට අද හන්තාන කන්ද සිසාරා ඇත්තේ ඛේදනීය ශෝකයක විලාපයන්ය.. මෙලෙස ස්වභාවික පරිසරය පවා වෙනස් වී කැළඹීමට පත්ව තිබෙන්නේ ප්‍රේමය, සෙනෙහස, කරුණාව අප්‍රමාණව කැවරුණු පිවිතුරු අහිංසකාවියකට වූ අපරාධය නිසාමදෝ..?
මේ.. ඉක්මණට යමල්ලා.. බංගලාවෙන් එළියට පැමිණි රකිත තව විසිරී තිබුණු හිසකෙස් පිළිවෙලකට සකසා ගනිමින් ද කමීසයේ බොත්තම් දමමින් ද තම සගයන්ට පැවසුවේය..
මචං.. අරකි ඇතුළෙනේ.. සගයෙකු කීවේය..
හිටපුදෙන්.. ඒකිට දැන් සිහිය නෑ.. සිහිය ආපුවාම යයි.. අනික දැන් මට ඒකිගෙන් වැඩක් නෑ..
ඔව් ඉතිං.. උඹගෙ වැඩේ දැන් හරිනේ.. හරි.. හරි.. උඹට හොද නම් අපිට මොකද..? යමං.. යමං..
ඇයි උඹලගෙ පංගුව හම්බවුණේ නැති නිසාද මේ කෑගහන්නෙ..? උඹලටත් ඕනෙ නම් අන්න ඇතුලෙ ඉන්නවා.. හැබැයි මම යනවා..
නෑ.. නෑ.. උමගෙ හිත පිරුණනේ.. අපිට එපා.. දැන් යමං..
රකිත තම සගයන් සමග වෑන් රථයට නැග පැමිණි මාර්ගයෙන්ම නොගියේ එය තමන්ටකුමක් හෝ ප්‍රශ්නයක් වේයැයි සිතූ නිසාය..
මචං.. ඕකි දැන් මෙ හැම දෙයක්ම ගෙදරට හරි සනිරුට හරි කිව්වොත් එහෙම අපි ඉවරනේ.. ඒක නිසා ඒකිට මොනා හරි කරලා දාන්නයි උඹට තිබ්බෙ.. එතකොට මේ වැඩේ ඉවරටම ඉවරනේ..
උඹට පිස්සුද..? ඒකිට කාටවත්ම මොකුත් කියන්න බැරි තරමටම මම ඒකිගෙ ජීවිතේ ඇතුළට රිංගුවා.. උඹලට තෙරෙනවනේ.. ඉතින් එහෙම කිව්වොත් ඒකි සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද..? අනික ජීවිතේ එපා වුණොත් එහෙම මොනා හරි කරගයි.. අපිට තියෙන්නෙ දැන් බලාගෙන ඉන්නයි.. සිනාසෙමින් රකිත පැවසුවේය..
ප්‍රීතිය සපිරි වෑන් රථය හන්තාන කන්ද මුදුනේ සිට මහනුවර නගර වෙත ධාවනය වූයේ සනිරු සහ ඔහුන්ගේ යහළුවන් පැමිණිමට විනාඩි දහයකට පමණ පෙරාතුවය..
සනිරු, ප්‍රදීප් සහ චතුර පැමිණෙන විට මායාගේ ජීවිතයට සිදුවිය හැකි උපරිම කැළල සිදු වී හමාරය.. එහතේ එවැනි දෙයක් මායාට සිදුවේ යැයි කියා සනිරුට මොහොතකටවත් නොසිතුනේය..
චතුර.. මේ තියෙන්නෙ ඒ බංගලාව තමයි.. වරෙන් ඉක්මණට.. ඇතුළට යමු.. සනිරු ඉදිරියට දුවමින් පැවසුවේය..
සනිරු පොඩ්ඩක් හිටපන්.. අරුන් ආව වෑන් එක නෑනෙ.. වටපිට බැලූ චතුර කීවේය..
හරි.. කමක් නෑ.. අපි ඇතුළට යමු..
හරි.. යමු..
විශාල දෙමහල් නිවසක් වූ එම බංගලාව ඇතුළට ගිය සනිරු එක් පැත්තකටත් ප්‍රදීප් සහ චතුර එක් පැත්තකටත් විසිර ගියේ මායා සිටීදැයි සොයා බැලීම සදහාය.. උඩු මහලට ගිය සනිරු සෑම කාමරයක්ම සෝදිසි කරබලමින් යන අතරතුර වසා තිබුණු එක් කාමරයකින් ඇසුණු කෙදිරිලි හඩ ඔහුගේ සිත කලබලයට පත් කරවන්නට විය..
මායා.. මායා.. කියමින් සනිරු කතා කළේය..
දොස වසා තිබුණු කාමරය සමීපයට ගිය සනිරුට ඉන් නැගෙන කෙදිරිලිහඩ පැහැදිලිවම ඇසෙන්නට පටන් ගත්තේය.. දොර විවෘත කිරීඹට ඔහු උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූවෙන් පසුව තම දෑතේ වීර්යයෙන් දොර තල්ලු කළේය.. ඔහුගේ උත්සාහය සාර්ථක වූවේ දෑතේ ශක්තිය නිසාය.. දොර විවෘත විය..
කාමරයට ඇතුළු වීමත් සමගම සනිරුගේ දෑස කදුළින් තෙත් වී බොඳවී ගියේ කිසිදාක තම දෑස බලාපොරොත්තු නොවූ දසුනක් තම දෙනෙතෙහි පතිත වීමත් සමගය.. තම ජීවිතයට මෙන් ආදරය කළ, තම ජීවිතයේ සෙවනැල්ල මෙන් සැලකූ, තම මුළු ආත්මයම යැයි සිතූ මායාගේ නූල් පොටත්වත් නොමැතිව මැලවී ගිය සිරුර දෙනෙතට අකුණු සැරක් වැදුනාක් මෙන් දැවී පිච්චී යන්නට තරම් වේදනාවක් දැනෙන්නට විය.. ඔහුට වේදනාව දරා ගන්නට, පාලනය කරගන්නට තරම් ධෛර්යයක් නොතිබිණ.. ඔහුට හැකි වූවේ ඇයගේ ආදරණිය නම කියා මහ හඩීන් කෑ ගැසීමට පමණි..
මායා.. මායා.. මායා..
සනිරු මහ හඩින් කෑ ගසමින් අසල තීබූ රෙද්දකින් මායාගේ නිරුවත් වූ සිරුර පොරවා පුළුවන් තරම් තම තුරුළට ගෙන ඇය සිපගන්නට විය..
මායා ඔයාට මේ මොකද වුණේ මගේ රත්තරන්..? ඇයි මගේ මායාට මෙහෙම වුනේ..?
සනිරුගේ කෑ ගැසීම පහත මාලයේ සිටි ප්‍රදීප්ට සහ චතුරට ඇසෙනවාත් සමගම ඔවුහු උඩු මහළට දිව ආවේ පවනට බදු වේගයෙනි..
බලපන් ප්‍රදීප්.. අර තිරිසනා මගේ මායාට කරලා තියෙන අපරාදෙ.. ඌට මොනවා කරා කියලද මායාට මෙහෙම දෙයක් කරේ.. ඇයි ඔයාට මෙහෙම විනාසයක් වුණේ මගේ රත්තරන්.. සනිරුගේ වැළපීම නතර නොවන තරමට වැඩිවන්නට විය..
සනිරුගේ වැළපීමත් සමගම මායාගේ පියවී තිබුණු දෑස් හෙමීට ඇරෙන්නට විය.. වේදනාවෙන් දැවී දැවී ඇයගේ දෑසින් වැටුණු කදුළු සනිරුගේ දෑතෙහි එකතුවන්නට විය.. ඇය සනිරුගේ දෑස දෙස බලා නැවතත් ඉවත බැලුවේ තම ජීවිතයෙන් දැන් කිසිදු ඵලක් සනිරුගේ ජීවිතයට නොලැබෙන බව සිතා හඩමිනි..
සනිරු.. දැන් නම් කොහොමටවත් මගේ ජීවිතෙන් වැඩක් නෑ.. මම කොහොමද ඔයත් එක්ක ජීවත් වෙන්නෙ සනිරු..
මොන වැරැද්දක් කලාටද මට මෙහෙම දෙයක් වුණේ..? මම ගොඩක් කෑ ගැහුවා.. ඒත් උන් මට එන්න දුන්නෙ නෑ.. මං මහා පව්කාරියක් සනිරු.. ඇයගේ වැළපීම සනිරු තුළ වූ වේදනාව තව තවත් පාරන්නට විය..
අඩන්න එපා මායා.. මොන දේ වුණත් මම ඔයාව තනි කරන්නෙ නෑ.. හැමදාමත් ඔයා එක්ක තමයි ජීවත් වෙන්නෙ.. සනිරු මායාගේ කදුළු පිස දමමින් පැවසුවේය..
ඇයි සනිරු මම වගේ කාළකන්ණි කෙල්ලෙක් නිසා ඔයාගෙ ජීවිතේ නාස්ති කරගන්නෙ..? ප්ලීස්.. මාව අමතක කරන්න සනිරු.. ප්ලීස්..
අමතක කරන්න..? මායා අපි දෙන්නා ආදරේ කළේ වෙන් වේනන නෙමෙයි නේද..? එහෙනම් ඇයි ඔයා එහෙම කියන්නෙ..? අපිට මොන දේකට මූණ දෙන්න වුණත් එකට ඉමු මගේ රත්තරන්..
මම දන්නවා මායා.. ඔයාට වුණු මේ හැම දෙයක්ම ලෙහෙසියෙන් අමතක කරන්න බෑ කියලා.. ඒත් ආදරයට පුලුවන් නේද මේ හැමදෙයක්ම අමතක කරන්න..?
ඒත්.. මේ දේවල් සැරින් සැරේ මතක් වෙනකොට මම කොහොමද ඉවසන්නෙ සනිරු..? ඔයාම කියන්නකෝ.. මට බෑ සනිරු මේවා දරාගන්න.. මට බෑ..
මං දන්නවා මගේ රත්තරන්.. ඔයාට මේ දේ අමතක කරන්න ගොඩක් අමාරුයි කියලා.. ඒත්.. මේ දේවල් හිතේ තියාගෙන ඔයා දුක් විදිනකොට මම කොහොමද බලාගෙන ඉන්නෙ..? අනික අපේ ජීවිතයට හැමදාම මේ වගේ දුකම ලැබෙන්නෙ නෑ මායා.. කවදාහරි සතුටක් ලැබෙයි.. අපි ඒ සතුට ගැන හරි හිතලා කොහොම හරි ජීවත් වෙන්න උත්සාහ කරමු..
ඇයි සනිරු මේ වගේ අවාසනාවන්තියකට මේ තරම් ආදරය කරන්නෙ..? මායා තම හිස සනිරුගේ කකුල් දෙක මත තමා හඩන්නට විය..
මොකද මායා.. ඔයා මගේ ජීවිතේ වෙලා ඉන්න නිසයි.. මගේ හැම සුසුමකම ඔයා ජීවත් වෙන නිසයි.. මගේ හැම සතුටකදීම හැම දුකකදීම ඔයා නැතුව ඉන්න බැරි නිසයි.. මගේ මතකයේ ඔයාගෙ නම අමතක නොවී හැමදාමත් තියෙන නිසයි.. මගේ අතීතයත් වර්තමානයත් අනාගතයත් ඔයාගෙ නමින් ලියැවිලා තියෙන නිසයි.. මගේ හැම ලේ බිදුවකම ඔයාගෙ ආදරය තැවරිලා තියෙන නිසයි..
ඇති සනිරු ඇති.. තවත් මොකුත් කියන්න නම් මට එපා.. මොකද මට ඒවා දරාගන්න බෑ සනිරු..
මට මාවම අමතක කරන්න පුලුවන් වුණත් ඔයාව මගේ ජීවිතයෙන් අමතක කරන්න බෑ මගේ සනිරු.. මගේ මුළු ජීවිතයම ඔයයි සනිරු.. ඔයයි.. මායා සනිරුගේ තුරුලෙහි සැතපෙමින් හඩන්නට විය..
අඩන්න එපා මායා.. අඩන්න එපා.. ඔයාට මේ කරපු අපරාදෙට මම උගෙන් පළි ගන්නවාමයි..
එපා සනිරු, එපා.. ඔයා උන් එක්ක රණ්ඩුවට යන්න එපා.. මට ඔයාවත් නැතිකරගන්න බෑ සනිරු..
නෑ මායා.. උන්ට නිදහසේ ඉන්න දෙන්න බෑ.. දඩුවම් දෙන්නම ඕනි..
සනිරු මායාත් සමග ඇය නැවතී සිටි නිවසට ත්රීවිලරයකින් ගියේ දහසකුත් වේදනාවන් සිතෙහි සිරකර ගනිමිනි.. මායාද තම වේදනාව ඉවසා ගත්තේ සනිරුගේත් මායාගේත් ආදරය තවමත් ජීවමානව පවතින්නේ යැයි සිතා හදවතට ලැබුණ සැනසුම නිසාවෙනි..
ප්‍රදීප් සහ චතුර මායාගේ නිවසට ගියේ ඇයගේ මව කැදවාගෙන ඒම සදහාය.. ජයවර්ධන තුළ රකිත පිළිබදව තිබෙන අන්ධ අවිශ්වාසයද මායාට සිදු වූ අපරාධයට වගකිව වුතු බවට සිතූ චතුර රකිතගේ තක්කඩි තිරිසන් හැදියාව දිග හැරීමට අමතක නොකළේ එම අන්ධ විශ්වාසය සහමුලින්ම නැති කිරීම සදහාය..
චතුර පැවසූ දෙය ජයවර්ධන තුළත් ඉන්ද්‍රාණි තුළත් කම්පණයක් ඇති කරවන්නට තරම් ඔවුන්ගේ දෙසවන් බිහිරි වන්නට තරම් අසුභ අසුන්දර ආරංචියක් විය..
ප්‍රදීප්.. මොනවද මේ කියන්නෙ..? මේක බොරුවක් නේද..? අනේ ප්‍රදීප් මගේ දුවට මොකද වුණේ කියලා ඇත්ත කියන්න.. ප්‍රදීප්ගේ දෑත අල්ලා ගත් ඉන්ද්‍රාණි තම දියණියට එවැනි අපරාධයක් සිදුවී නැතැයි යන පිළිතුර අපේක්ෂාවෙන් ප්‍රශ්න කළාය..
ඔව් ඇන්ටි, මේක බොරුවක් නෙමෙයි.. ඇත්තක්.. රකිතගෙන් මායාට කරදරයක් වුණා..
නෑ.. නෑ.. එහෙම වෙන්න බෑ.. මගේ මායාට එහෙම වෙන්න බෑ.. වේදනාවෙන් පිරී තිබුණු ඉන්ද්‍රාණිගේ කම්පනය පුපුරා ගියේ දෑසින් කදුළු පිට වෙත්මය..
ඔයාගෙ හිතුවක්කාර මුරණ්ඩුකමේ ප්‍රතිඵලය දැන් දැක්කද ජයේ..? ඔයා මහ ලොකුවට විශ්වාස කළ ඒ තිරිසනා කොහොම එකෙක්ද කියලා ඔයාට දැන් තේරෙනවද..? මේ හැම දෙයක්ම ඔයා නිසයි ජයේ..
ඉන්ද්‍රාණිගේ දෝෂාරෝපණයට විරුද්ධ විමට ජයවර්ධන හට කිසිසේත්ම හේතුවක් නොවීය.. ඇයගේ වැළපුම් චෝදනා තමා කාරියවසම් කෙරෙහිත් රකිත කෙරෙහිත් දැක්වූ අන්ධ විශ්වාසය නිසා අසන්නට ලැබීමක් ලෙසට ජයවර්ධන හට සිතෙන්නට විය.. සිය බිරිදගේත් දියණියගේත් සිත්හි රකිත කෙරෙහි පැවත අපැහැදීම මොහොතකට හෝ විශ්වාස නොකිරීම කෙරේ ජයවර්ධන තමාටම වෛර කර ගන්නට විය..
මට සමාවෙන්න ඉන්ද්‍රාණි.. මම හිතුවෙ අපේ දුවට නරකක් කරන්න නෙමෙයි.. එයාගෙ අනාගතය ගැනයි හිතුවෙ.. මම හීනෙකින්වත් හිතුවෙ නෑ ඌ මෙච්චර පහත් එකෙක් කියලා..
මේ හැම දෙයකමට වගකියන්න ඕනි මමයි.. මං මහා කාලකණ්නි තාත්තෙක් ඉන්ද්‍රාණි.. මගේ දරුවා.. ජයවර්ධනගේ දෑසින් වේගයෙන් කදුළු වැටෙන්නට විය..
ඔයාට දැන්ද තේරෙන්නෙ ජයේ.. ඔයාගෙ වැරදි වල බරපතලකම..? ඒ දේවල් වලින් වන්දි ගෙවන්නෙ අපේම දූ නේද..? මම ඔයාට කොච්චර නම් කිව්වද ඔය කාරියවසම්ලා විශ්වාස කරන්න එපා කියලා.. කෝ.. ඔයා නිකමටවත් ඇහුවද..?
ප්‍රදීප් සහ චතුර, ජයවර්ධනට සහ ඉන්ද්‍රාණිට සමුදෙන්නට වූයේ නැවතත් මායා නැවතී සිටි නිවස බලා යෑමටය..
එහෙනම් ඇන්ටි අපි යන්නම්.. පුලුවන් ඉක්මණට එන්න..
පුතේ අපිත් එක්ක යන්න ඉන්න.. අපිත් දැන් යනවනේ..
කමක් නෑ ඇන්ටි.. අපි යන්නම්..
හොදයි පුතේ පරිස්සමින්..
ගැහැනියකගේ ජීවිතය අත් විදිය යුතු කිසිත් සැනසිල්ලක් මායාගේ ජීවිතයට නොලැබ ඒ සියලු දේ ඇයගේ ජීවිතයෙක් කුරිරු වූ දෛවය විසින් ද අමානුෂික සමාජය විසින්ද උදුරා ගැනීම පිළිබදව ඉන්ද්‍රාණි වූයේ බලවත් ශෝකයෙනි.. වේදනාවෙනි.. තම ජීවිතය අත්විදි දේ වලින් මායාට හිමි වූයේ හිමි වන්නේ කුමන දෙයක්දැයි සිතමින් අය කල්පනා ලොවක අතරමංව සිටියේය..
ඉන්ද්‍රාණි තුළ ජයවර්ධන කෙරෙහි වූවේ ඔහුට සමාව දිය නොහැකි තරමේ කෝපයකි.. ඇය ඔහුට සැරින් සැරේ කරුණු කාරණා පැහැදිලි කළත් ඒ කිසිත් නොපිළිගැනුණේ එහුගේ හිතුවක්කාර වූ ස්වාධීන තීරණ නිසාය.. එහතේ කළු ගලක් වාගේ තිබුණු ජයවර්ධණගේ සිත දැන් දැන් හිම කන්දක් විලසින් දියවී යන්නට පටන් ගැණුනේ තව සිතට වේදනාව දැනෙන්නට පටන් ගත් හෙයිනි.. ඔහුට මහ හඩින් කෑ ගසා තම සිතෙහි අංශුවෙන් අංශුව පිරෙන වේදනාව පිට කරන්නට සිතුණත් ඊට ශක්තියක් නොවීය.. තම ආත්මර්ථකාමී වාසි තකා තම එකම දරුවා විදින දුක ඔහුට පියෙකු වශයෙන් වාවා ගන්නට නොහැකි තරමිය..
මම ඔය තිරිසන් බල්ලට යහතින් ඉන්න දෙන්නෙ නෑ.. මගේ දරුවට කළ අපරාදෙට ඕකට ජීවිතේ එපා කරනවනවා.. ඕකා මේ පාර හිරේ යන්නෙ ආයෙ එළියට එන්න නෙමෙයි.. මගේ දරුවට කළ දේට මම උඩ බලාගෙන නම් ඉන්නෙ නෑ..
හිරේ යැව්වා කියලා අපේ දරුවට කරපු අපරාදෙ අපිට අමතක කරන්න පුලුවන්ද ජයේ..? බෑ නේද..?
එහෙනම් ඔයා කියන්නෙ ඉන්ද්‍රාණි මට ඌව ඉවරයක් කරන්න කියලද..? මට මිනී මරන්න බෑ ඉන්ද්‍රාණි.. මම මොන අපරාධයක් කළත් මිනියක් මරන්න තරම් මට ශක්තියක් නෑ ඉන්ද්‍රාණි.. ජයවර්ධන ඉන්ද්‍රාණි වැළද ගනිමින් හඩන්නට විය..
මම එහෙම දෙයක් හිතලා නෙමෙයි කිව්වෙ ජයේ.. අපිට මුලු ජීවිත කාලෙටම මේක අමතක කරන්න බැරිවෙයි කියලයි කිව්වෙ..
ඔව් ඉන්ද්‍රාණි.. අපිට තියා මායාටවත් මේක අමතක කරන්න බැරි වෙයි.. ඒත්.. කොහොම හරි අපේ දූට ජීවත් වෙන්න ආසාවක් ඇති කරන්න ඕනි.. කොහොම හරි..
ඔයා කිව්ව දේ හරි ජයේ.. ම්.. ඔයා තරහා ගන්නෙ නැත්නම් මම පොඩි කාරණාවක් කියන්නද..? ඉන්ද්‍රාණි ජයවර්ධණගෙන් ඉවත බලා ඇසීය..
මම දන්නවා ඉන්ද්‍රාණි.. ඔයා කියන්න යන දේ.. ඔයා කියන්නෙ සනිරු ගැන නේද..? ඇත්ත.. ඒ දරුවා තරම් මේ ලෝකෙ කිසිම කෙනෙක් මායාට ආදරය කරන්නෙ නැතුව ඇති.. අඩුම තරමෙ අපිවත් නැතුව ඇති..
ඉතින් ඇයි ඔයා මේ දේ මගේ මූණ දිහා බලන් කිව්වෙ නැත්තෙ..? ඒ තරම්ම මම අමුනුෂ්‍යයෙක් විදියටද පේන්නෙ ඉන්ද්‍රාණි..? මටත් හිතක් පපුවක් කියලා දෙයක් තියෙනවා.. මෙච්ච දවසක් කිසිම දෙයක් මගේ ඒ පපුවට දැනුණෙ නෑ.. ඒත්.. අද මට දැනෙනවා දුක, වේදනාව කියන්නෙ මොකක්ද කියලා..
ඇයි ජයේ ඔයා මේ දේ තේරුම් ගන්න මේ තරම් ප්‍රමාධ වුණේ..?
සමහර විට ඒ මං වගේ තාත්තා කෙනෙකුට මේ විදිහෙ දඩුවමක් දෙන්න ඕන නිසා වෙන්නැති ඉන්ද්‍රාණි.. ඉතිං.. මං මොන තරම් පව්කාර තාත්තා කෙනෙක්ද..?
අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා ජයේ.. අපි දැන් වර්ථමානයත් එක්ක ජීවත් වෙන්න උත්සහ කරමු..
ඔව් ඉන්ද්‍රාණි.. අපි දැන් අපේ මායා ගැන හිතලා වැඩ කරමු.. පුලුවන් තරම් මායාගේ ජීවිතයට සතුට විතරක්ම දෙන්න උත්සාහ කරමු..
ජයේ, අපි දැන් යමු නේද..?
ඔව් ඉන්ද්‍රාණි යමු..
සූරියවර්ශ කාරියවසම් මොන තරම් දේශපාලන බලයෙන් සද්දන්තයෙකු වුවද රකිතට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ගයන් ගැනීමට ජයවර්ධන පසුබට නොවුණේ තමාද ඒ තරම්ම බලසම්පන්න අයෙකු වූ බැවිනි.. සූරියවංශ තම මිත්‍රයෙකු වුවද තම ලෙයින් ජාතක වූ දරුවාගේ ජීවිතය අපායක් කළ අවජාතක තිරිසන්නුන්ට එරෙහිව කටයුතු කිරීම ඒ මිත්‍ර කමට වඩා වටින බව ජයවර්ධනට සිතුනේය..
ඉන්ද්‍රාණි.. අපි යමින් ගමන් නුවර පොලීසියට මේ හැම දෙයක්ම පැමිණිලි කරලා යමු.. අර පාහර බල්ලා ආපහු හිරේට යනකම් මට ඉවසුමක් නෑ.. වාහනයේ යන අතරතුර ජයවර්ධන ප්‍රකාශ කලේය..
හා.. හොදයි එහෙම කරමු.. ඉන්ද්‍රාණිද ඊට එකග විය..
පොලීසියට පැවසීමෙන් මායාට සිදු වූ කැළල සමාජගත වන බව ජයවර්ධනත් ඉන්ද්‍රාණිත් තරයේම දැන සිටියත් එය නොපවසා නීතියෙන් සගවා තැබීම රකිතගේ අමානුෂික කාමාශාවන්ට තවත් අසරණ ජීවිත බිලි වීම වැළැක්වීම සදහාත් තම දියණියට සිදු වූ අපරාධයට දඩුවම් ලබා දීම සදහාත් එය පොලීසියට පැවසීමට තීරණය කළහ..
මහනුවර පොලීසියට පැමිණ ජයවර්ධණ තම දියණියට රකිත කාරයවසම් විසින් සිදුකළ බලහත්කාරය පිළිබදව සියලු තතු ප්‍රකාශ කළේ කිසි දිනක පියෙකුගේ මුවින් පිට කරන්නට තරම් ශක්තියක් නොමැති ඛේදවාචකයක වේදනාවෙනි.. රකිත කාරියවසම්ට නිසි දඩුවමක් ලබා දීමට අවැසි වූ ජයවර්ධනගේ වේදනාත්මක සිත රැඩිකල් කර ගැනුනේ තමාද ඔහු විසින් රවටාගෙන අයුතු ප්‍රයෝජන බලා ගැනීමට උත්සාහ ගත් නිසාය..
කාරියවසම් කියන්නේ මිස්ටර්ගෙ අතිජාත මිත්‍රයා නේද..? ඉතින් දැන් මේ මොකද..? පෑන කරකවමින් සිටි පොලින් නිළධාරියා ඇසුවේය..
ඔව්, ඉන්ස්පෙක්ටර් යාළුවා තමයි.. ඒත්.. යාලුවා නිසා එයාගෙ පුතා කරපු අවලම් වැඩ තාත්තා කෙනෙකුට ඉවසන්න පුලුවන්ද..? මේ ලෝකෙ කිසිම තාත්තා කෙනෙකුට බෑ ඉන්ස්පෙක්ටර්..
මට තේරෙනවා මිස්ටර්.. ඔයාගෙ හිතේ තියෙන වේදනාව.. ඒත්.. දැන් අපිට නීතියෙ පිහිට විතරයි තියෙන්නෙ.. ඔය මිනිහට විරුද්ධව පැමිණිලි එකක් නෙමෙයි, ගොඩක් තියෙනවා.. විශේෂයෙන්ම මේ වගේ රේප් කේස් හත අටක්ම තියෙනවා.. ඒත් තවම නිදහසේ ඉන්නෙ තාත්තගෙ හයියෙන්.. ඒත් මේ පාර නම් ගැලවීමක් නෑ..
ඉන්ස්පෙක්ටර්.. ඉක්මනට මොනවා හරි කරන්න.. නැත්නම් තවත් අසරණ ගෑනු ළමයි කී දෙනෙකුට දුක් විදින්න වෙයිද දන්නෑ..
අනික කාරියවසම් දේශපාලඥයෙක් වුණාට ඒ බලය පුතාට දෙන්න බෑනෙ.. අපේ නීතිය කියන්නෙ හැමෝටම පොදු දෙයක්.. ඉතින් ඒ නීතියේ පිහිට අපිට දෙන්න ඉන්ස්පෙක්ටර්.. තව දෙයක් ඉන්ස්පෙක්ටර්.. මේ ගැන කරන හැම පරික්ෂණයක්ම පුලුවන් තරම් රහසිගතව කරන්න.. ඒක මගේ ඉල්ලීමක්.. මොකද මායාගේ ජීවිතයට තවත් අපහාස විදින්න දෙන්න බෑ ඉන්ස්පෙක්ටර්..
ඒ ගැන බයවෙන්න එපා මිස්ටර්.. අපි දැන්ම මේ මිනිහව ඇරෙස්ට් කරන්න කටයුතු කරනවා..
එහෙනම් ඉන්ස්පෙක්ටර් අපි යන්නම්.. තැන්ක්යූ වෙරි මච්..
මේක අපේ රාජකාරියනේ.. ඉතින් ස්තුතියක් මොකටද..?
ජයවර්ධන සහ ඉන්ද්‍රාණි මල්ලිකාගේ නිවසට යන විට තුෂාරි සහ දර්ශනීද පැමිණ සිටියේ මායාගේ සිතට දැනෙන තනිකම හුදෙකලා බව පාළුව මග හරවා දැමීමට වෙසෙසින්ම අවැසි වූ හෙයිනි..
ආ.. එන්න ඉන්ද්‍රාණි.. මායා ඇතුළෙ.. මල්ලිකා ඉන්ද්‍රාණි සහ ජයවර්ධණ මායා සිටි කාමරයට කැදවාගෙන ගියහ..
අනේ අම්මේ..! මායා තම මව වැළදගෙන මහ හඩින් අඩන්නට විය..
අඩන්න එපා මගේ රත්තරන් දුවේ.. ඉන්ද්‍රාණිද තව තවත් මයා තමා සමීපයට සමීප කර ගනිමින් හඩන්නට විය..
කෙදිනක හෝ මවක් වීම සම්බන්ධයෙන් පෙරුම් පුරන, සිහිනදකින ගැහැනියකගේ සිත සංතෘප්තියෙන් ඉපිලෙන්නේ ගැහැනියෙකු වීමෙන් ලැබිය යුතු සොදුරුතම වරම නැතිනම් සතුට තමාට උදාවන්නේ යැයි සිතාය.. එහෙත් ගැහැනියකගේ ජීවිතය සුරලොවක් කරන ඒ විජයග්‍රාහී අපේක්ෂාව මායාගේ දැහැ ගැණුනේ ඇයගේම දෛවය විසිනි..
බිරිදක් නොවුණ ද පෙම්වතියක් වශවෙන් මායා සනිරුට ආදරය කළේ තම පතිවත් ආරක්ෂා කර ගනිමිනි.. පතිනිවත නොසුරකින සමාජයේ ඇය තව පතිවත ආරක්ෂා කර ගැනුනේ තම ජීවිතය සනිරුට හැරෙන්නට වෙනත් කිසිවෙකුට පූජා කරන්නට ඉඩ නොදෙන යන ඒකායන බලාපොරොත්තුව ඇතිවය.. එහෙත් ඇය තම පෙම්වතා වෙනුවෙන් ම දිවි ගෙවන්නට පාරමී දම් මෙනෙහි කළත් කුරිරු වූ අමානුෂික සමාජය ඊට ආශිර්වාදයක් වූවේ නැත..
අම්මේ.. මට දැන් කවමදාකවත් සනිරුට හොද බිරිදක් වෙන්න බෑ.. අම්මා මගේ අම්මා කෙනෙක් වෙන්නත් බෑ.. ඇයි අම්මෙ, මේ වගේ පව්කාර දරුවෙක් මේ වගේ පව්කාර දරුවෙක් මේ ලෝකෙට බිහි කළේ..?
මොනවද දුවේ මේ කියවන්නෙ..? කවමදාකවත් සනිරු ඔයාව තනි කරන්නෙ නෑ.. දාලා යන්නෙ නෑ.. මොන දේ අහිමි වුණත් සනිරු ඉන්නෙ ඔයත් එක්ක.. ඔයා පව් කාර නෑ මගෙ දුවේ.. ඔයා අපිට නොලැබුණා නම් තමයි අපි පව්කාර දෙමව්පියො වෙන්නෙ..
අම්මේ..
ජයවර්ධනට සනිරුගේ මුහුණ දෙස බැලීමට තරම් ධෛර්යක් නොවුණේ තමා විසින් ඔහුට නිතර නිතර කළ අසාධාරණකම් සිහි වෙන්නට පටන් ගත් නිසාය.. තමා වැනි පහත් පුද්ගලයෙකු සනිරු වැනි ගුණ යහපත් හදවතක් තිබෙන අයෙකුගෙන් සමාව ගන්නට පවා ජයවර්ධනට සිතක් නොවුණේ එය ඔහුට කරන අවනම්බුවක් යැයි හැගුණු නිසාය.. කෙසේ වෙතත් නිරහංකාර සංවේදී වූ හදවතකින් හෙබි සනිරු වැනි පුතෙකු තම බෑණා කර ගන්නට ජයවර්ධනගේ සිත ඔහුටම ඇරයුම් කළේය..
පුතේ! මට සමාවෙයන්.. මම උඹට කරපු වැරදි වලට මට සමාව දීපන් මගේ පුතේ.. ජයවර්ධන තමා වෙතට සනිරු ගෙන වැළද ගනිමින් සමාව ඇයැදුවේය..
ඇයි මට උඹව තේරුම් ගන්න බැරි වුණේ..? මම අරුන්ගෙ කීම අහලා උඹට මොන තරම් දුකක්ද දුන්නෙ..? මං මහා පව්කාරයෙක් පුතේ..
රකිත වගේ තිරිසන් බල්ලෙක් හින්දා දෙවියෙක් වගේ ඉන්න උඹට මම මොනත රම් අපරාධ කළාද..? මම උන්ගෙ කීමටයි රැවටිලා හිටියෙ පුතේ.. ඒකයි මම අමනුෂ්‍යයෙක් වගේ හැසිරුණේ..
සනිරු පුතා කිව්වා හරි.. මම මායාගේත ාත්තා වුණ එක පුතාට විතරක් නෙමෙයි මටත් දැන් ලැජ්ජයි.. මම හිතුවෙ සල්ලි තිබුණු පලියට විතරයි මිනිහෙක් පොහොසත් වෙන්නෙ කියලා.. ඒත්.. උඹයි මට ඉගැන්නුවෙ හදවතින් මිනිහෙක් පොහොසත් වෙන්න ඕන කියලා.. මට උඹ ගැන ආඩම්බරයි පුතේ..!
දැන් ඕවා කතා කරලා වැඩක් නෑ.. ඒවා දැන් අතීතයට එකතු වෙලා ඉවරයි.. සිද්ධ වුණු හැම දෙයක්ම අපේ හොදට වුනා කියලා හිතමු තාත්තෙ.. සනිරුගේ දෑසින් වැටුණු කදුළු ජයවර්ධනගේ උරහිස් මත පතිත විය..
ඔව් පුතේ.. ඔයා කිව්වා හරි.. පොඩ්ඩක් හිතන්න.. අර වගේ තිරිසන් එකෙකුගෙ ලෙයින් ජාතක වෙලා දරුවෙක් මේ ලෝකෙට බිහිකරන්න තරම් අපේ මායා අවාසනාවන්තියක් වුණේ නෑ.. ඒ ගැන මට පුංචි සතුටක් හරි තියෙනවා සනිරු පුතේ..
තාත්තා කිව්ව කතාව හරි.. අපේ ජීවිත වලට එන මේ දුක, සතුට, වාසනාව, අවාසනාව මෙහෙමයි කියලා හරියටමකියන්න බෑ.. ඒත්.. ඒ හැමදේකටම අපිට මූණ දෙන්න වෙනවා.. ඒවයින් මග හරියන්න බෑ තාත්තේ..
හැබැයි.. මම රකිතට නම් පාඩමක් උගන්වනවා.. ඌ නිසයි මේචචර වියසනයක් අපිට වුණේ..
පුතේ කලබල වෙන්න එපා.. ඒ හැමදෙයක්ම පොලීසිය බලා ගනීවි.. සමහර විට දැනටමත් ඌ අලුත් කූඩුවක කූරු ගනිනවා ඇති..
පොලීසිය බලාගනීවි.. ඒ කියන්නෙ මේ හැමදෙයක්ම පොලීසියට කිව්වද..? ඇයි පොලීසියට කිව්වෙ..? දැන් පත්තර වලටත් යයි.. එතකොට මායාට මොකද වේනනෙ..? සනිරුගේ සිත කලබලයට පත් විය..
කිසිම දෙයක් පත්තර වල යන්නෙ නෑ.. හැම පරීක්ෂණයක්ම වෙන්නෙ රහසිගතව.. මොකද මම පොලීසියෙන් ඉල්ලීමක් කලා.. අනික පුතේ! නීතිය අපිට අතට ගන්න බෑනෙ.. නීතියෙන් ඌට දඩුවම් කරයි..
ඔව් තාත්තා කියන දේ හරි.. හැබැයි ඌට නීතියෙන් විතරක් නෙමෙයි.. උඩ ඉන්න දෙවියොත් සමාව දෙන එක්ක නෑ..
ජයවර්ධන මායා වැළද ගත්තේ පිය සෙනෙහස උතුරා යන හදපිරි හැගීමකිනි.. මායා තම පියාගේ තුරුළෙහි ඉකි ගසමින් හඩන්නට වූවෙන් ජයවර්ධනට එය දරාගත නොහැකි විය..
මට සමාවෙන්න දුවේ.. මම නිසයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ.. අන්ධයෙක් වෙලයි මම උඹගෙ අනාගතේ ගැන හිතුවෙ.. මට සමාව දීපන් මගෙ දුවේ..
තාත්තා මොනව කරන්නදතාත්තෙ..? තාත්තා මට නරකක් කරන්න හිතුවෙ නෑනෙ.. මේ හැම දෙයක්ම අපි කොහොම හරි විදගමු තාත්තෙ.. මායා ජයවර්ධනගේ පපුව මත මුව හොවා ගනිමින් හඩන්නට වූවාය..
සනිරු මායාත් සමග හුදෙකලා වූයේ සියලු දෙනා කාමරයෙන් පිට වීමෙන් ඉක්බිතිවය.. සම සිතින් පාරමී පුරන සිහින දකින ප්‍රාර්ථනා කරන සනිරුත් මායාත් තම ආදරය ආත්මයක් ආත්මයක් පාසා සදාකාලිකවම මේ මිහිතලය මත ජීවමානව වැජඹෙන්නට කියා මෙනෙහි කළේ නොලැබෙන දහසකුත් දේ පිළිබදව නොසිතා ලැබෙන අංශු මාත්‍රයකින් හෝ උපරිම සතුටක් විද ගැනීමේ ඒකායන අපේක්ෂාවෙන් යුතු පැතුමෙන් යහන මත වැතිරෙමිනි..
ලෝක ප්‍රකට ප්‍රේම වෘතාන්තයන් ලෙසට ප්‍රචලිත රාධා - ක්‍රිෂ්ණා ප්‍රේම කතාව, රෝමියෝ ජුලියට ප්‍රේම කතාව, දස්කොන් ප්‍රමිලා ප්‍රේම කතාව, සාජහන් මුන්ටාස් ප්‍රේම කතාව සේම සනිරුගේ සහ මායාගේ ප්‍රේම කතාවද ඔවුන්ට අමරණියත්වයකින් යුතුව අංජලීකරණය කොට වැද පවසන්නට තරම් ආත්ම ශක්තියක් ලැබෙනුවේ දෙදෙනා තුළ වූ නොබිදෙන උත්තුංග බැදියාව හේතුවෙනි..
මෙය සත්‍ය කාතවක් විය හැකිය
patta macho. dan godak dawasaka idan rep Denna ba machan
diga wedi passe kiyawanna ekka bump
patta dan thamai kiyala iwara une
patta macho. dan godak dawasaka idan rep Denna ba machan
අවුලක් නෑ මචං.. ප්‍රතිචාරය වටිනවා..
තෑන්ක්ස් මචං..
diga wedi passe kiyawanna ekka bump
තෑන්ක්ස් මචං.. ටිකක් දිගයි.. නමුත් කතාව ලස්සනයි.. ආදර්ශමත් කතාවක්..
patta dan thamai kiyala iwara une
එල එල මචං..
තෑන්ක්ස් මචං..
mara duka hithena kathawak machan

කියවලා ගොඩක් කල් උනාට කමෙන්ට් එකක් දන්න හම්බ වුනේ අද...වෙනස්ම විදිහක ලස්සන කතාවක්....

nice cute story... al da best
කියෙව්වේ නෑ. පස්සේ කියවන්නම්.

මෙය සත්‍ය කාතවක් විය හැකිය
එක නම් කොහොමත් වෙන්න විදිහක් නැහැ මචාන්
කෙල්ලෝ කවදාවත් දුප්පත් කොල්ලෙක්ට අදරේ කරන්නේ නැහැ
