....►►►► නිල බලා පහර දීම හෙවත් ◄◄◄◄....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ....►►►► නිල බලා පහර දීම හෙවත් ◄◄◄◄....

    w3YY.jpeg


    හෙල ලක අපේ ශාස්ත්‍රය - අOගම්පොර



    w40a.jpeg





    වසර මිලියන 2.5 ක්‌ පමණ වූ මනුෂ්‍ය ඉතිහාසය තුළ අනේක විධ සංග්‍රාම ඇති වූ බවට සාධක අපමණ ය. දේශපාලනික, සංස්‌කෘතික, ආර්ථීක සහ සමාජීය හේතු පදනම් කොටගෙන එකී සංග්‍රාම පැන නැගුණි. එය තවදුරටත් විග්‍රහ කළහොත් පහත දැක්‌වෙන සාධක ගෝලීය සංග්‍රාම වලට මූලිකවම පදනම් වී ඇත. එනම්,

    ධනය - ආගම
    බලය - භාෂාව
    කීර්තිය - ශරීර වර්ණය
    භූමිය - කුලය
    ශ්‍රමය - ස්‌වාභාවික සම්පත්

    උක්‌ත සාධක පදනම් කරගත් පැරණි සංග්‍රාම වල දී විවිධ ජාතීහු අනේකවිධ යුධෝපක්‍රම අත්හදා බැලූහ. ඒවයේ පවතින සාර්ථකත්වය එහි කාර්යක්‌ෂමතාව හේතු කොටගෙන ප්‍රහාරක ජෙට්‌ යානා, මිසයිල, යුද්ධ ටැංකි, ස්‌වයංක්‍රීය ගිනි අවි, සබ්මැරීන, කාල තුවක්‌කු, බෝම්බ වැනි නවීන යුධෝපකරණ භාවිත කරන වර්තමාන සෙබළුන් පවා පැරණි යුද්ධ ශිල්ප ප්‍රගුණ කරති. වැඩිදියුණු කරති.


    angampora.jpg



    ඉපැරණි
    සිංහලයන් සතුව යුද්ධ ශිල්පයක්‌ පැවත බව අප අමතක නොකරමු. එය නම් ශාරීක පොර හෙවත් අංගම් පොරය. ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව ලක්‌දිව අංගම්පොර සටන් කලාවට වසර 2500 ඉතිහාසයක්‌ ඇත. ඒ සඳහා ලබාගත හැකි පැරණිතම ඓතිහාසික සාධකය වනුයේ ක්‍රි. ව 08 අනුරාධපුර යුගයේ රචිත සීහලවත්ථූපකරණයෙනි. එහි ගෝඨයිම්බර කථා වස්‌තුවෙහි ඇතුළත් ගෝඨයිම්බර සහ රිටිගල ජයසේන නමැති යක්‌ෂ ප්‍රධානියා අතර පැන නැගුණු ද්වන්ද සටනක දී ගෝඨයිම්බර එල්ල කළ ප්‍රහාරාත්මක පා පහරකින් ජයසේනයන්ගේ හිස කඳින් වෙන් වී මිය ගිය බව සඳහන් වේ. තවද චූලවංශය අනුව මහා පරාක්‍රමබාහු රජතුමාගේ ආරක්‌ෂකයින් කඩුපලස්‌ සටන් කරමින් ප්‍රීති වුණු බවත් සඳහන් වේ. එසේම රාජාවලියට අනුව ක්‍රි.ව 15 උඩරට රාජධානිය පාලනය කළ සෝජන සිටුතුමා අංගම්පොර සන්දර්ශනයක්‌ පැවැත් වූ බවත් කොනප්පු බණ්‌ඩාර කුමාරයා ක්‍රි.ව 16 ගෝවේ දී ඉන්දියානු ජාතික සටන්කරුවෙකු සමඟ පොර බදා පරාජය කළ බවද සඳහන් වේ. මීට අමතරව මිහින්තලය සිංහ පොකුණු, ඇම්බැක්‌ක දේවාලය, රිදී විහාරය, හඟුරන්කෙත විහාරය, ගඩලාදෙණිය විහාරය, යනාදී පෞරාණික ස්‌ථානවලින් හමු වී ඇති කැටයම්, මූර්ති, බිතුසිතුවම් අනුසාරයෙන් ද මෙරට අංගම්පොර සටන් කලාව පිළිබඳව තොරතුරු ලබාගත හැක. එහෙත් මහනුවර යුගය වන විට සිංහල අංගම්පොර කලාව ප්‍රධාන ගුරුකුල දෙකක්‌ යටතේ වර්ධනය විය. ඒවා නම්,

    01) සුදලිය ගුරු කුලය
    02) මරුවල්ලිය ගුරු කුලය

    උඩරට යුද්ධ සෙබළුන්ට අවශ්‍ය යුද්ධ අභ්‍යාස ප්‍රගුණ කරන ආයතන හෙවත් හරඹ ශාලා, යුද්ධ පෙළපාලි විජයග්‍රාහී මහෝත්සව, පෙරහැර සඳහා අවශ්‍ය නළුවන්, සරඹකරුවන් පුහුණු කරන ඉලංගම් ශාලා, රාජවාසල කුමාරවරුන් සඳහා වෙන් වූ වාසල සරඹ ශාලා යනාදිය උක්‌ත ගුරුකුල දෙක යටතේ පාලනය විය. එහෙත් කල්ගත වන විට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යනාදී අපරදිග ජාතීන් සමඟ අඛණ්‌ඩව යුද වැදීම හේතුකොටගෙන සුදලිය, මරුව්ලලිය ගුරු කුළ දෙක උඩරට රජුගේ පූර්ණ අධීක්‌ෂණය යටතේ සංවිධානය විය. ඒ සඳහා රජුගේ නියමයෙන් නිල තනතුරු රැසක්‌ බිහිවිය. ඒවානම් සුදලිය මුහන්දිරම්, මරුවල්ලිය මුහන්දිරම්, මොහොට්‌ටාල, කංකානම්, ආරච්චි යන තනතුරු වේ. හරඹ ශාලා සහ ගුරුකුල නඩත්තු කිරීම සඳහා උඩරට රජු විසින් නින්දගම්, බල ප්‍රදේශ ප්‍රදානය කරන ලදී. එකී ප්‍රදේශ පහත දැක්‌වේ.

    මරුවල්ලි ගුරු කුලය හේවාහැට

    උඩපළාත
    දෙල්තොට
    රත්මලේ

    සුදලිය ගුරු කුලය මාතලේ

    හාරිස්‌පත්තුව
    සිදුරුවාන
    උඩුනුවර
    යටිනුවර

    ඇතැම් විට ගුරුකුල අතර තරගකාරිත්වය ඇති කිරීම සඳහාත් රජුගෙන් තාන්න මාන්න ලබා ගැනීම සඳහාත් උක්‌ත ගුරුකුල අතර සිටි දක්‌ෂ සටන්කරුවන් ඌරු ළිඳ නම් ස්‌ථානවල දිගු කාලයක්‌ මාරාන්තික සටන්වල නිරත වූහ. මූලිකවම කඩු සටන් කලාවට සුවිශේෂි ස්‌ථානයක්‌ හිමි වූ අතර කඩුපත දරන ලද්දේ වමතිනි. පැරණි සිංහල කඩු පලිස්‌ කලාවේ ප්‍රමුඛතම පහරවල් පහත දැක්‌වේ.

    ඕම්මට්‌ටිය - පහළට කැපුම
    උම්මට්‌ටිය - ඉහළට කැපුම
    වෙම්මට්‌ටිය - ඇනීම
    විම්මට්‌ටිය - ඉහත කොටස්‌ තුනේ එකතුවකි


    උක්‌ත යුධෝපක්‍රම වලට අමතරව සතුරු ප්‍රහාර පලිහෙන් වැළැක්‌වීම ගරිල්ලා ප්‍රහාරයකදී අහසට පිනුම් ගසමින් සතුරු හිස්‌ දෙපළු කිරීම අත් දෙකටම අසිපත් දෙකක්‌ යොදාගෙන සටන් වැදීම වැනි යුධෝපක්‍රම ද පුහුණු කරවන ලදී. ආධුනිකයන්ට බොරු කඩු භාවිත කරමින් පැද්දෙන කුරුම්බා, පැළ පොල් කඳින්, කෙසෙල් කඳින් සහ පඹයන්ට පහරදෙමින් පුහුණු විය. ආධුනිකයන් සහ වෙඩික්‌කරුවන් වෘත්ත අඳින ලද ලෑලි පුවරු, පිදුරු පඹයන්, පැද්දෙන කුරුම්බා, මැටි කලස්‌ පියඹන පක්‌ෂීන් යොදාගෙන සටන් පුහුණු වූ බව පෙනේ.

    අංගම්පොර සටන් කලාවේ දී අතෙන් සහ පාදයෙන් ප්‍රබල ගුටි (මුෂ්ටි) ප්‍රහාර එල්ල කිරීමේ විවිධ ක්‍රමවේද 4000 පැවැති බවට ජන සාහිත්‍යයේ සඳහන්ව ඇතත් වර්තමානයෙන් ඒවායෙන් ඉතිරි වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. විශේෂයෙන්ම මෙම සටන් කලාවේ අතිශය ගුප්ත මරුනිල ශාස්‌ත්‍රයක්‌ තිබී ඇත. මහනුවර යුගයේ විසූ මීගස්‌තැන්නේ සහ ලෙව්කේ දිසාවරුන් විසින් මරුනිල ශාස්‌ත්‍රය පිළිබඳව පුස්‌කොළ පොත් දෙකක්‌ රචනා කර ඇත. එහි අතේ සුළඟිල්ල කෙළවරින්, දණ හිසෙන් දෙකක්‌ රචනාකර ඇත. එහි අතේ කෙළවරින් දණ හිසෙන් හෝ වැලමිටෙන් හෝ ඇඟිsලිවලින් ඇන මරණයට පත් කළ හැකි මර්මස්‌ථානයන් පිළිබඳව විස්‌තර දක්‌වා ඇත. විශේෂයෙන්ම ඇස, කන, නාසය, නාස්‌පුඩු, නළල නාභි මණ්‌ඩලය, හෘදය, අක්‌මාපථය, උගුරු ඇටය යන ස්‌ථාන බිඳෙන පරිදි තද කළ යුතු ප්‍රමාණය, මාසයකින් අවුරුද්දකින් අවුරුදු කීපයකින් මිය යැමට සැලැස්‌වීම, නැවත සුවකිරීමට පහර දිය යුතු ආකාරය යනාදී වටිනා විස්‌තර අඩංගු ය. පාරම්පරික අංගම්පොර ශිල්පී රන්ජිත් අතලේ මහතාට අනුව අංගම් සටන් කලාවේ මරු නිල 31 කි. ඒවා නම්,

    01) නාසය මුල, 02) ඇස්‌ , 03) නාසය පාමුල,
    04) පහළතොල් අද්දර, 05) බොරු ඇස, 06) කම්මුල මුදුන් ඇටය,
    07) මැණික්‌කටු සන්ධිය, 08) හක්‌ක, 09) අග බාහුව, 10) උර ඇටය,
    11) වැලමිට සන්ධිය, 12) උගුරු දණ්‌ඩ, 13) පපුවේ දකුණු පෙදෙස,
    14) ඉල ඇටය, 15) උර කුහරය, 16) උදරය, 17) අණ්‌ඩ කෝෂය,
    18) කලවේ ඇතුල් පැත්ත, 19) දණහිස්‌ ඇටය, 20) කෙණ්‌ඩාව,
    21) උඩ පතුල, 22) කන පිටුපස, 23) බෙල්ල පිටුපස,
    24) බෙල්ල පැත්ත, 25) කොඳු ඇට සන්ධිය, 26) කොඳු ඇට පාමුල, 27) අනුක්‍රිස්‌කාස්‌ථීය, 28) දණහිස්‌ පිටුපස, 29) කෙණ්‌ඩා පිටුපස,
    30) වළලුකර, 31) විලුඹ

    පැරණි අංගම් ශිල්පයේ අතින් අත පහර දීමේ ක්‍රමවේදය වෙත් අත් පොර වර්ග ඇත. අතින් පහරදීමේ දී බාහුවෙන් පහළ හෝ දඹරැගිල්ල භාවිතයට ගන්නා ලදී. මෙවැනි මුෂ්ටි නුපුරුදු අයවලුන් සිදු කළහොත් ඔවුන්ගේ අත් තුවාල වීමට ඉඩ ඇත. අතින් පහරදෙන ගුටි වර්ග කීපයක්‌ පහත දැක්‌වේ.

    01) දිග් ගුටිය - උරේ සිට අත දිගහැර ගසන ක්‌ෂණික පහර
    02) ඉස්‌ ගුටිය - යමක්‌ විසිකරන්නාසේ සතුරාගේ හිසට උඩින් අත වේගයෙන් කරකවා සතුරාගේ හක්‌කට බෙල්ලේ පිටුපසට හෝ කන් ඇටයට ගැසීම.
    03) හරස්‌ ගුටිය- සතුරා පහරදෙන විට ඔහු අත වටා කතිර කොකු බැලුමක්‌ සේ පිහිටවා පහරදීම
    04) වොල්ලේ හෙවත් චොක්‌කෙ - පහර දීමට සූදානම් වන අත පිහිටන ප්‍රදේශයෙන්ම දණහිස අවුලුවා සතුරාගේ දණහිස පසුපසින් ගෙන පිටුපසට පයින් ගසන ක්‌ෂණයෙන් සතුරාගේ නාභි මණ්‌ඩලයට වැලමිටින් ගසමින් ඔහු පසුපස වැට්‌ටවීම.


    පාදයෙන් ප්‍රහාර එල්ල කිරීමේ දී මාපට ඇඟිල්ල, විලුඹ, පතුල, ඇලය, දණහිස යන සථාන ප්‍රයෝජනයට ගැනේ. මූලිකවම පාදයෙන් පහරදෙන විට ඉතා පරීක්‌ෂාකාරීව කළයුතුය. අංගම් ශිල්පයේ පාදයෙන් ප්‍රහාර එල්ල කරන විධික්‍රම කීපයක්‌ පහත දැක්‌වේ.

    01) පසුපසට ප්‍රහාර එල්ල කරන විලුඹ පහර.
    02) පාදය හැකිතරම් ඉහළට ඔසවා උගුරු දණ්‌ඩට ගසන ඇඟිලි තුඩු පහර.
    03) ශරීරයේ ඉල ඇලපතට ප්‍රහාර එල්ල කරන හරස්‌ පා පහර.
    04) ශරීරයේ උදරයට සහ අණ්‌ඩකෝෂයට ගසන සම්පූර්ණ පා පහර.
    05) දණහිස නවා සතුරාගේ යටි බඩට ප්‍රහාර එල්ල කිරීම.


    අත් සහ පා පහරවලට අමතරව ක්‌ෂණික සතුරා බිම පෙරලා දැමීම සඳහා භාවිත කරන සටන් ක්‍රම කීපයක්‌ පහත දැක්‌වේ.


    01) එක්‌වරම සතුරාගේ දණහිසට හෝ විලුඹ ප්‍රදේaශයට වේගවත් පා පහරක්‌ එල්ල කර ඔහු වැටීමට සැලැස්‌වීම.
    02) එකවරම ඉදිරියට පැන සතුරාගේ එක්‌ පාදයක්‌ හෝ පාද දෙකක්‌ වැරෙන් අල්ලා බිම වැටීමට සැලැස්‌වීම.
    03) සතුරා තමන්ගේ ඇලපතට හෝ කුමන ස්‌ථානයකට පහර දීමට සූදානම් වන විට ඔහුගේ පාදය වැරෙන් අල්ලා ඉදිරියට ඇද බිම වැට්‌ටවීමට සැලැස්‌වීම.
    04) සතුරා වැරෙන් ඔසවා පොළොවේ ගැසීම.


    මෙවැනි අනේකවිධි ක්‍රමවේද සහිත අංගම්පොර පුහුණු කිරීම සඳහා ආධුනිකයන් තෝරා පත් කර ගැනීමේ දී ඔහු දැඩි පරීක්‌ෂාවකට භාජන කෙරිණි. ආධුනිකයාගේ හඳහන් හා හස්‌ත රේඛා අනුසාරයෙන් ඔහුගේ චරිතවත්භාවය අධ්‍යයනය කෙරිණි. ඇතැම් විට අංජනම් හෝ නාඩි පරීක්‍ෂාවක්‌ අනුසාරයෙන් ද ආධුනිකයා තියුණු පරීක්‌ෂාවකට බඳුන් කෙරිණි. තවද ආධුනිකයා පිරිසිදු බෞද්ධයෙකු විය යුතු විය. කුමනාකාරයෙන් හෝ වේවා කිසියම් ගුරුකුලයකට සම්බන්ධ වූ ආධුනිකයා උදේ සිට සවස දක්‌වා කාලය තුළ අවි පුහුණුව, ව්‍යායාම,

    බෞද්ධ භාවනා ක්‍රම, අංගම්පොර යන්ත්‍ර මන්ත්‍ර, ප්‍රථමාධාර සහ අවි නිෂ්පාදනය ප්‍රගුණ කළ යුතු විය. එහෙත් ක්‍රි( ව( 1815 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට යටත් වීමෙන් පසුව මෙරට අංගම්පොර කලාව පරිහානියට පත්විය. මෙහි ඇති කාර්යක්‍ෂමතාව සහ භයානකකම වටහාගත් ඉංග්‍රීසීහු ඉපැරණි අංගම්පොර ගුරු කුලයන් සහ පාරම්පරික අංගම් ශීල්පීහු සමූල ඝාතනය කිරීමට කටයුතු කළහ. ඉතිරිව සිටි අංගම් ශිල්පීහු ස්‌වකීය ශිල්ප ක්‍රම කිsහිපයක්‌ බෞද්ධ පෙරහැර හා මුසු කොට ආරක්‌ෂා කිරීමට උත්සාහ කළහ. වර්තමානයේ එවැනි වීරෝදාර අංගම්පොර ගුරුකුල කිහිපයක්‌ කරතොට, අවිස්‌සාවේල්ල, රිටිගල යන ප්‍රදේශවලින් හඳුනාගත හැක. ලාංකේය අනන්‍යතාව රැකදෙන සිංහල අංගම්පොර කලාව රැකගැනීම සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙළක්‌ අනුගමනය කළ යුතුව ඇත.



    ඉසුරු හේරත්

    Source : Divaina 2011/07/13


    ...අතිරේක කියවීමට...



    fu1e9h.jpg

    2gvn81v.jpg

    zmbg3n.jpg

    1039awy.jpg

    t9cisw.jpg





    mmwfig.jpg

    eqxqua.jpg

    qyx2rl.jpg

    nga52t.jpg

    1zc3f4h.jpg



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම් ස්තූතියි මේ වගේ වැඩිය කට්ටිය නොදන්න දේවල් පිළිබඳ පළවෙන ලිපි හොයල අපිත් සමඟ බෙදා ගන්නවට. ඒ වගේ ම මෙහි මුල් කතුවරුන්ට ද ස්තූති වන්ත වෙනව. උපුටාගත්/අමුණාගත් තැන් දාල තියෙන එකත් අගය කරනව.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වටිනා ලිපි පෙලක්..
    හැබැයි මේවා කොහොමද ආරක්ෂා කරන්නෙ කුලභේද තියාගෙන ?
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    බොහොමත් ම් ස්තූතියි මේ වගේ වැඩිය කට්ටිය නොදන්න දේවල් පිළිබඳ පළවෙන ලිපි හොයල අපිත් සමඟ බෙදා ගන්නවට. ඒ වගේ ම මෙහි මුල් කතුවරුන්ට ද ස්තූති වන්ත වෙනව. උපුටාගත්/අමුණාගත් තැන් දාල තියෙන එකත් අගය කරනව.
    තෑන්ක්ස් මාලියා....:D
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඉතා වටිනා ලිපියක්. තව දෙයක් මචන්. අද ලංකාවේ ගොඩක් හොරු බිහිවෙලා ඉන්නවා මේ ශිල්පය විකුණගෙන කන. ඒ ගැනත් කල්පනාවෙන් ඉන්න ඕන අපි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතා වටිනා ලිපියක්. තව දෙයක් මචන්. අද ලංකාවේ ගොඩක් හොරු බිහිවෙලා ඉන්නවා මේ ශිල්පය විකුණගෙන කන. ඒ ගැනත් කල්පනාවෙන් ඉන්න ඕන අපි.
    :yes::(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    වටිනා ලිපි පෙලක්..
    හැබැයි මේවා කොහොමද ආරක්ෂා කරන්නෙ කුලභේද තියාගෙන ?
    ඒකත් ඇත්ත, අනිත් අතට කුලයන් අතර තරඟය නිසා නිර්මානයේ උසස් බවත් වැඩිවෙනවා එක අතකට...:D
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඒකත් ඇත්ත, අනිත් අතට කුලයන් අතර තරඟය නිසා නිර්මානයේ උසස් බවත් වැඩිවෙනවා එක අතකට...:D
    ජපානයේ සමුරායි සහ නින්ජා වරු වගේ, විරුද්ධ නිසා අනිකා පරාජය කරන්න තමන්ගේ සටන් ක්‍රමය දියුණු කරනවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~