උගුඩුවා

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මේ ඉන්නේ අපේ ගෙදර tv එකක් ඉවරම වෙන්න හුජ්ජ කරපු පට්ට හොර උගුඩු පවුලේ පොඩි එකෙක් .දැන්නම් මුන් කොහේ ගිහින්ද මන්දා?.. ඉස්සර නම් සිවිලිම අස්සේ හතර පස් දෙනෙක්ම හිටිය.
අල්ලලා දෙන්නම් කියල කීපදෙනෙක්ම ආවත් අපේ අම්මගෙන් බැනුම් අහලා ගියා.කොච්චර ගද ගහන්න ගේ ඇතුලට හුජ්ජ කලත්, සිවිලිම පිරෙන්න කිතුල් ඇට ගෙනත් දැම්මත් අපේ අම්මට මුන් පෙන්නේ අහිංසක සත්තු හැටියටනේ, ..
කොහොමහරි දවසක් මහා එකට පැටියෙක් මග ඇරිලා. මේක මේ ඉන්නේ එළිවෙන්න කලින් වහලේ අස්සට රිංග ගන්න බැරි උන නිසා... කොච්චර වද දුන්නත් මුගේ නම් හරි හුරතල් පෙනුමක් තියෙන්නේ. මටත් වරුවක්ම ඉන්න උන මුගේ තනියට, නැත්නම් ඉතින් කාක්කෝ මෙයට වැඩේ දෙන්න හැදුවේ.
dsc009641.jpg

dsc009651.jpg

dsc009691.jpg

dsc009701.jpg

පොටෝත් මගේ,(sony ericcson C-902)
උගුඩුවත් මගේ.
 
Last edited:

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ලෝකේ ඉන්න කාලකන්නිම සතා තමයි මූ..හැමදාම හවසට සිවිලිමේ ඉදන් දානවා චූ..පලාතම ඉවරයි..ගද ඊට හපන්...බැරිම තැන ගැහුව සිවිලිමට යටින් පොලිතින් එකක් ගිය සතියේ... මේකෙක් අහු උනොත් නම් ගහලා මරන්නේ..කාලකණ්නිය:angry::angry::angry::angry::angry::angry::angry:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ලෝකේ ඉන්න කාලකන්නිම සතා තමයි මූ..හැමදාම හවසට සිවිලිමේ ඉදන් දානවා චූ..පලාතම ඉවරයි..ගද ඊට හපන්...බැරිම තැන ගැහුව සිවිලිමට යටින් පොලිතින් එකක් ගිය සතියේ... මේකෙක් අහු උනොත් නම් ගහලා මරන්නේ..කාලකණ්නිය:angry::angry::angry::angry::angry::angry::angry:
    ඔව් බන් , ඉස්සර අපේ ගෙදරත් පුටු සෙටිය වහලා තියෙන්නේ පොලිතින් එකකින්,,කවුරු හරි එනවා නම් ඉක්මනට කොලේ අයින් කරනවා. නැත්නම් හිතන්නේ වාඩි වෙනවට පොලිතින් දාලා කියලනේ.පොඩ්ඩකුත් නෙමෙයි, දාන්න ගත්තම ලීටරයක් විතර දානවා. ගද නම් කියල වැඩක් නෑ,,
    ඉවසන් ඉන්නම බැරි මුන් එළිවෙන ජාමෙට දාන කින්ඩි හිනාව බන්,හොදට නින්ද ගියාම තමයි මුන් බලු සද්දයක් දාගෙන වහලට රිංගන්නේ....
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    සිරාවට බන් මෙලෝකෙ රහක් නැති සත්තු ජාතියක්. අපේ ගෙදරත් ඉන්නව බන්
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අඩේ මම මෙකෙක් හුරතලේට හැදුවා:yes::yes::yes:. කුඩු කරලා නම් නෙවෙයි. හිලෑ උනාම මරු ඩයල් එක. පස්සෙන්ම එනවා. ඔය කියපු ප්‍රශ්න නම් තිබ්බේ නෑ.:confused::confused::confused: රංචුවක් හිටියේ නැති හින්දා වෙන්න ඇති. කොහොමහරි ඌ අතුරුදහන් උනා.. කැලෙටම යන්න ඇති :(:(:( පස්සේ හදන්න එකෙක් හෙව්වා හම්බ උනේ නෑ. මූ ඉන්නකොට කිසිම මකුළුවෙක්, කුරුමිණියෙක් තියන්නේ නෑ. වහලේ පුරාම ගිහින් උන්ව ඉවර කරනවා...:yes::yes::yes::yes::yes: