යුද්ධෙට මැදිවෙලා හිටපු කෙනෙක් විදිහටත්, හැම ජාතියකම මිනිස්සු එක්ක එකට වැඩ කරපු කෙනෙක් විදිහටත් මටනම් හිතෙන්නේ මේවගේ දර්ශණ ආයෙමත් පලකරන එක තවදුරටත් අනවශ්‍යයි කියලා. ඒ දවස්වල මේ වගේ දේවල් දෙපැත්තටම වුණා. මම නම් ඒවා දැක්කා. ඒකයි කියන්නේ. මිනිහා සිංහල වුණත් දෙමළ වුණත් කඳුළු කඳුළුමයි. ලේ ලේමයි. මිනිස්සු ඇත්ත දැනගන්න ඕන. ඒක මිනිස්සුන්ගේ අයිතියක්. ඒක මං පිළිගන්නවා. ඒත් මේ වගේ දර්ශණ දාන එකෙන් වෙන්නේ ඒ දේ විතරක් නෙවෙයි. සාමාන්‍ය ද්‍රවිඩ ජනයා කෙරෙහි සිංහල ජනයාගේ හිතේ වෛරයකුත් ඇතිවෙනවා. ශ්‍රී ලංකා යුධ හමුදාව විදිහට මේ යුද්ධය අවසන් කරන්න වින්ද දුක දන්නේ අපි විතරයි. ලංකාවේ හැමෝම ඊට උදව් කළා තමයි. අපි තරම්ම නොවුණත් මේ දේවල් ඒ දවස්වල කවුරුත් ටික ටික හරි දැක්කානේ. ආයෙත් පෙන්නන්න අවශ්‍ය නෑ. මිනිස්සුන්ට ප්‍රයෝජනයක් ඇති දෙයක් පළකරන්න. දැන් කරන්න ඕන හැමෝම එකතු වෙලා රට ගොඩනගන එක. එතකොට සාමය වෙනුවෙන් එදා කැපවුණු හැමෝගෙම ජිවිත අර්ථවත් වේවි.