෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    jaya kiyala hariyanne nahe mata udaw karapan hodada :rofl::baffled::P
    අනිවා හෙල්ප් කරනවා මචං.. :yes:

    machan man gedara idan exsersice karanawanam monada man gawa tiyanna oni gym accessories
    හරියට ව්‍යායාම කරනවා නම් ඉතින් හැම උපකරණයක් වගේම තියෙන්න ඕන.. හොඳම වැඩේ ජිම් එකකට යන එක.. උපදේශකයෙකුත් ඉන්න නිසා හරියට සෙල්ලම් කරන්න පුළුවන්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ABDOMINALS-COVER.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    CRUNCHES.jpg


    [FONT=&quot]ප්‍රධාන වශයෙන් උදරයේ ඉහළ මාංශ පේශින් සඳහායි.[/FONT]


    [FONT=&quot]පළමු රූපයේ ආකාරයට බිම දිගාවී. දෙපා දණහිසින් නවා තබාගෙන, දෙඅත් පපුව මත හෝ හිස දෙපැත්තේ තබාගෙන උදර මාංශ පේශින් තද කරමින් ඉහළට එසවීමත්, පහළට යෑමත් සිදුකල යුතුය. මෙම ව්‍යායාමයෙදී මතක තබාගත යුතු වැදගත් කරුණක් වනුයේ හිස පමණක් ඉහළට සහ පහළට ක්‍රියා නොකොට උරහිස් මගින් ඉහළට එසවීමත්, පහළට ඒමත් සිදුකල යුතු බවය. ඉහළට එසවීමේදී දෙවන රූපයේ තරමට ඉහළට එසවීම ප්‍රමාණවත්ය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහළට යෑමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]


     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    SIT-UPS.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් උදරයේ ඉහළ මාංශ පේශීන් සඳහාය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයද පෙර ව්‍යායාමයට සමාන වන අතර, මෙහිදීද පළමු රූපයේ ආකාරයට දෙපා නවා දෙඅත් පපුව හෝ හිස දෙපැත්තේ තබාගෙන, දණහිස තෙක් ඉහළට එසවීමත්, නැවත පහළට යෑමත් සිදුකළ යුතුය. ආධුනික ක්‍රීඩකයෙකුට හෝ පිටකොන්දේ අමාරුවක් ඇති අයෙකු මෙම ව්‍යායාමයෙන් වැළකී සිටිම වඩාත් සුදුසුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහළට යෑමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]


     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LEG-UP-CRUNCHES.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් උදරයේ ඉහළ මාංශ පේශින් සඳහාය.[/FONT]


    [FONT=&quot]පළමු රූපයේ ආකාරයට බිම දිගාවී, දෙපා එකිනෙකා පටලවා ඉහළට ඔසවා හෝ ආධාරකයක් මත දෙපා රඳවා, දෙඅත් පපුව මත හෝ හිස දෙපැත්තේ තබා ගනිමින්, දෙවන රූපයේ ප්‍රමාණයට උදරය තද කරමින් ඉහළට එසවීමත් පහළට ඒමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී ද ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහළට ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    TWISTING.jpg


    [FONT=&quot]මෙම වයායාමයද ප්‍රධාන වශයෙන් උදරයේ දෙපැත්තේ මාංශ පේශින් සඳහාය.[/FONT]


    [FONT=&quot]පළමු රූපයේ ආකාරයට වාඩි වී හෝ සෘජුව සිටගනිමින් දෙපා අතර උරහිස් ප්‍රමාණයට මදක් වැඩි පරතරයක් තබා ගනිමින්, බාර් එකක් හෝ බටයක් වැනි දෙයක් උරහිස් මත තබා ගනිමින් දෙඅත් දිගහැර දෙපැත්තෙන් අල්ලා ගනිමින්. වම් පසටත්, දකුණු පසටත් ශරීරය හැරවීම කල යුතුය. මෙම ව්‍යායාමයෙදී ශරීරයේ පහළ කොටස ස්ථාවරව තබා ගැනීමට උත්සහ කළ යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී පැත්තට හැරීමේදී හුස්ම පිට කිරීමත්, ඉදිරිපසට හැරීමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    DUMBBELL-SIDE-BENT-1.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් උදරයේ දෙපැත්තේ මාංශ පේශින් සඳහාය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමය සඳහා ඩම්බෙල් උපකරණයක් භාවිතා කළ යුතු අතර, පළමු රූපයේ ආකාරයට එක් අතකින් ඩම්බෙල් උපකරණය අල්ලාගෙන, සෘජුව හිටගෙන, දෙපා අතර පරතරය උරහිස් ප්‍රමාණයට තබා ගනිමින් ඩම්බෙල් උපකරණය අල්ලාගෙන සිටින පැත්තට සෙමින් නැවීමත්, ඉහළට එසවීමත් සිදුකළ යුතුය. එක් පසකට නියමිත වාර ගණන අවසන් වූ පසු අනෙක් පසට කළ යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී පහළට යෑමේදී හුස්ම පිට ගැනීමත්, ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    BARBELL-SIDE-BENT-1.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් උදරය දෙපැත්තේ මාංශ පේශින් සඳහාය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමය සඳහා බාර් එකක් හෝ ඒ හා සමාන බටයක් උපයෝගී කරගත යුතු අතර, බාර් එක උරහිස මත තබා ගනිමින් වම් පසෙටත්, දකුණු පසෙටත් නැවීම සිදුකළ යුතුය. මෙම ව්‍යායාමයෙදී ද ඉණට පහළ කොටස නොසෙල්වී තබා ගැනීමට උත්සාහ කළ යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී පහළට යෑමේදී හුස්ම ගැනීමත්, ඉහළට එසවීමේදී හුස්ම පිටකිරීමත් සිදුකළ යුතුය.[/FONT]
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LEG-RAISES.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමය ප්‍රධාන වශයෙන් උදරයේ පහළ මාංශ පේශින් සඳහාය.[/FONT]


    [FONT=&quot]පළමු රූපයේ ආකාරයට දෙපා දිගහැර, දෙඅත් ශරීරයට යටින් තබා ගනිමින් ව්‍යායාමය ආරම්භ කලයුතු අතර, දෙවන රූපයේ ආකාරයට දෙපා සෘජුව තබා ගනිමින් ඉහළට එසවීමත් පහළට ඒමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී දෙපා ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ALTERNATE-LEG-RAISES.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් උදරයේ පහළ මාංශ පේශින් සඳහාය.[/FONT]


    [FONT=&quot]පළමු රූපයේ ආකාරයට දෙපා දිගු කර, දෙඅත් තට්ටම් වලට යටින් තබාගනිමින්, දෙපා පොළවට සමාන්තර ලෙස අඟල් 6ක් පමණ ඉහළට ඔසවා ව්‍යායාමය ආරම්භ කර යුතු අතර, දෙවන රූපයේ ආකාරයට එක් පාදයක් ඉහළට එසවීමත් නැවත එම පාදය පහළට ගෙන ඒමෙන් පසු අනෙක් පාදය ඉහළට එසවීමත් සිදුකළ යුතුය. දෙපා ඉහළ තබාගෙන මෙම ව්‍යායාමය කළ නොහැකි නම් දෙපා පොළොව මත තබාගෙන ව්‍යායාමය ආරම්භ කර එක් පාදයක් බැගින් ඉහළට එසවීම සිදුකළ හැකිය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී පාදය ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    INCLINE-LEG-RAISES.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් උදරයේ පහළ මාංශ පේශින් සඳහාය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමය සඳහා කලින් ව්‍යායාමයෙදී භාවිතා කරන ලද ඉන්ක්ලයින් සිටප් බෙන්ච් නම් උපකරණය භාවිතා කළ යුතු අතර,එම උපකරණයේ ආධාරකය මගින් අල්ලාගෙන, දෙපා දිගුකර ව්‍යායාමය ආරම්භ කර, දෙපා ඉහළට එසවීමත්, සෙමින් පහතට ගෙන ඒමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී දෙපා ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, දෙපා පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    googd work bro....i'm join
    නියමයි නියමයි මචං.. උඹ කායවර්ධන කරනවා නේද.. :D

    ඒ බලපංකො බං දාන පිංතූර සමහර ඒවා පෙන්නන්නෙ නෑනේ.. පොටෝබකට් එකට අප්ලෝඩ් කරන්නෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]ඒක සන්ධි සහ බහු සන්ධි ව්‍යායාම[/FONT]
    Single Joint & Multi Joint Exercises


    [FONT=&quot]එක් එක් මාංශ පේශින් සහ ඒවාට කල යුතු ව්‍යායාම වර්ග පිලිබඳව ඉහත පර්ච්ඡේදයෙදී රූප සටහන් ආශ්‍රයෙන් කරන ලද පැහැදිලි කිරීම් අනුව එම ව්‍යායාමයන් පිළිබඳව ඔබට මනා අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. එලෙසම ශරීරයේ සන්ධීන් පිළිබඳවද, ඔබට අවබෝධයක් ඇතැයි සිතමි. එසේ නැතහොත් නැවත එම පෙර පරිච්ඡේද කියවා ඒ පිළිබඳව අවබෝධය වැඩිකර ගැනීම මෙම ඒක සන්ධි සහ බහු සන්ධි ව්‍යායාම පිළිබඳව අවබෝධ කරගැනීමට ඔබට පහසුවක් වනු ඇත.[/FONT]

    [FONT=&quot]ඒක සන්ධි ව්‍යායාම - [/FONT] Single Joint Exercises

    [FONT=&quot]යම්කිසි ව්‍යායාමයක් කිරීමේදී එක් සන්ධියක් පමණක් ක්‍රියාකරන ව්‍යායාම මෙලෙස හඳුන්වයි. ව්‍යායාම කිරීම ආරම්භ කරන ආධුනිකයෙකුට වඩාත් සුදුසු ව්‍යායාම වර්ගය මෙය වන අතර, මෙම ව්‍යායාමය අඩු තීව්‍රතාවයකින් යුක්තවන අතර, අනතුරුදායක බවින්ද අඩුය.[/FONT]

    [FONT=&quot]උදා -

    (1) ලෙග් එක්ස්ටෙන්ෂන්
    [/FONT]
    [FONT=&quot]ව්‍යායාමය කිරීමේදී දණහිස් සන්ධිය [/FONT][FONT=&quot]පමණක් ක්‍රියාත්මක වේ.[/FONT]


    [FONT=&quot](2) පෙක් ඩෙක් [/FONT][FONT=&quot]ව්‍යායාමය කරන විට උරහිස් සන්ධිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පමණක් ක්‍රියාත්මක වේ.[/FONT]

    [FONT=&quot]මෙවැනි තවත් වයායාම වර්ග සහ එම ව්‍යායාම කිරීමේදී ක්‍රියාකාරී වන සන්ධින් පහත දැක්වේ.[/FONT]

    [FONT=&quot]ලෙග් කර්ල් - දණහිස් සන්ධිය[/FONT]
    [FONT=&quot]ඩම්බෙල් ෆ්ලයිස් - උරහිස් සන්ධිය[/FONT]
    [FONT=&quot]ඩම්බෙල් කර්ල් - වැලමිට සන්ධිය[/FONT]

    [FONT=&quot]ඉහත උදාහරණ අනුව ඒක සන්ධි ව්‍යායාම බොහෝමයක් ඩම්බෙල් සහ ව්‍යායාම උපකරණ උපයෝගි කරගනු ලබන ව්‍යායාම බව ඔබට පෙනී යනු ඇත. මෙලෙස ඔබ හට තව තවත් ඒක සන්ධි වයායාම පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.[/FONT]

    [FONT=&quot]බහු සන්ධි ව්‍යායාම - [/FONT] Multi Joint Exercises

    [FONT=&quot]යම්කිසි ව්‍යායාමයක් කිරීමේදී සන්ධින් එකකට වඩා වැඩි ගණනක් ක්‍රියාත්මක වේ නම් එම ව්‍යායාම බහු සන්ධි ව්‍යායාම නම් වේ. මෙම ව්‍යායම කිරීම මගින් වැඩිපුර මාංශ පේශින් ප්‍රමාණයක් ක්‍රියාත්මක වන අතර, මාංශ පේශින් වර්ධනය සඳහා වඩාත් උදව් වනුයේ මෙම බහු සන්ධි ව්‍යායාමයන්ය. මෙය උදාහරණයක් මගින් පැහැදිලි කරනවා නම්.[/FONT]

    [FONT=&quot]උදා :- ([/FONT] i[FONT=&quot]) බෙන්ච් ප්‍රෙස් ව්‍යායාමය කිරීමේදී වැලමිට සන්ධිය සහ උරහිස් සන්ධිය මෙන්ම මැණික් කටුව සන්ධියද ක්‍රියාතමක වන බව ඔබට වැටහෙනු ඇත. එලෙසම :-[/FONT]
    [FONT=&quot]
    ෆුල් ස්කොට්
    - දණහිස සන්ධිය, උකුල් සන්ධිය, විලුඹ සන්ධිය
    [/FONT]


    [FONT=&quot]බැක් ප්‍රෙස් - උරහිස් සන්ධිය, වැලමිට සන්ධිය, මැණික් කටුව සන්ධිය.[/FONT]

    [FONT=&quot]ඉහත දැක්වූ ඒක සන්ධි සහ බහුසන්ධි ව්‍යායාම පිළිබඳව ඔබට මනා වැටහීමක් ලැබී ඇතැයි සිතන අතර, ඉහත කරුණු සිහි තබාගනිමින් ඕනෑම ව්‍යායාමයක් අයත් වනුයේ කුමන අංශයටද යන්න වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව ඔබට ඇතැයි සිතමි.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]බර එසවීමේ ව්‍යායාම සෘජුව භාවිතා වන ක්‍රීඩා[/FONT]
    Strength Training For Sport


    [FONT=&quot]කාය වර්ධන - [/FONT]Body Building

    [FONT=&quot]කාය වර්ධනය යනු වර්තමාන සමාජයේ බොහෝ දෙනා ප්‍රියකරන ක්‍රීඩාවක් බවට පත් වී තිබේ. මෙයට හේතුව තරුණයින් කැපී පෙනෙන ශරීරයක් සහ හොඳ පෞරුෂයක් ගොඩ නඟා ගැනීම උදෙසා මෙම ක්‍රීඩාවට යොමු වීමත්, බටහිර චිත්‍රපටවල මෙන්ම ඉන්දියානු චිතපට නළුවන් අනුකරණය කිරීමට පෙළඹීමත්, යන කරුණු ප්‍රධාන වශයෙන් දැක්විය හැක. එලසෙම තරඟකාරී ලෙස කායවර්ධන ක්‍රීඩාවේ යෙදෙන පිරිසද මේ වන විට වැවිවෙමින් පවතී. ක්‍රමාණුකූලව ව්‍යායාම මාලාවක් අනුගමනය කිරීම සහ ප්‍රමාණවත් නින්දක් ලැබීමත් යන කරුණු තුනම කාය වර්ධන ශූරයකු වීම හෝ මස්පිඩු වර්ධනය කර ගැනීම කෙරෙහි බලපායි. මෙම ව්‍යායාම මාලාවන් සහ පෝෂ්‍ය පදාර්ත පි[/FONT]
    [FONT=&quot]ළිබඳව පසු පරිච්ඡේදයකදී සාකච්ඡා කරනු ලබන අතර, මෙම පරිච්ඡේදයේදී කායවර්ධන ක්‍රීඩාවට අදාල කරුණු පමණක් සාකච්ඡා කරණු ලැබේ.[/FONT]

    [FONT=&quot]කායවර්ධන ක්‍රීඩකයකු වීම කෙරෙහි ජානමය කරුණු බොහෝසෙයින් බලපායි. මන්දයත් අප කලින් පාඩමේ උගත් මෙසෝමරිස් ශරීර වර්ගය ඇත්තන් හට අනෙක් ශරීර වර්ග ඇති පුද්ගලයන්ට වඩා මාංශ පේශි වර්ධනය පහසු වන නිසා මෙවැනි ශරීරයක් ඇති පුද්ගලයන් හට කායවර්ධන ශූරයකු වීමේ වැඩි ඉඩකඩක් පවතී. නමුත් එක්ටෝමර්ප් ශරීර වර්ගයට අයත් වූ ෆ්‍රෑන්ක් සේන් නම් පුද්ගලයා කායවර්ධන ක්‍රීඩාවේ නියැලී ලෝක කායවර්ධන ශූරයා ලෙස දෙවරක් අභිෂේක ලැබීමට සමත්විය. එලෙසම එන්ඩෝමර්ප් ශරීර වර්ගයට අයත් වූ ෆෙරිග්නෝද ලෝක කායවර්ධන ශූරයා තරඟ මාලාවලදී සැලකිය යුතු මට්ටමේ දක්ෂතා පෙන්වා තිබේ.[/FONT]


    [FONT=&quot]මේ නිසා තමන්ගේ ශරීර වර්ගය හෝ පෙනුප පිළිබඳව දුක්වනවාට වඩා ක්‍රමාණුකූලව ව්‍යායාම කිරීම සහ හොඳ පොෂ්‍ය පදාර්ත සහිත ආහාර වේලක් අනුගමනය කිරීම සහ ප්‍රමාණවත් විවේකයක් ලැබීම මඟින් ඔබ හටද කායවර්ධණ ශූරයකු වීමට අවස්ථාවක් උදාකරගත හැක.[/FONT]


    [FONT=&quot]කායවර්ධන ක්‍රීඩකයෙකු වීමට බලාපොරොත්තුවෙන් ව්‍යායාමයේ යෙදෙන පුද්ගලයෙකු ප්‍රධාන වශයෙන් අවධානයට යොමු කළ යුත්තේ අප කලින් පාඩමකදී උගත් මාංශ පේශි පද්ධතිය පිළිබඳවය. එම මාංශ පේශි පද්ධතියේදී උගත් මාංශ පේශීන් තම උසට සරිලන ලෙස ක්‍රමාණුකූලව වර්ධනය කර ගැනීම කායවර්ධන ක්‍රීඩකයෙකු විසින් කළ යුතුය. එක් එක මාංශ පෙශීය සඳහා කලහැකි ව්‍යායාම පිළිබඳව පසුගිය පරිච්ඡේදයකදී සාකච්ඡා කරන ලද අතර, ඒ ඇසුරෙන් තමන්ට සරිලන ව්‍යායාම මාලාවන් ගොඩනඟාගැනීම පිළිබඳව මීලඟ පරිච්ඡේදයේදී සාකච්ඡා කරනු ලැබේ.[/FONT]


    [FONT=&quot]කායවර්ධන ක්‍රීඩකයින් විසින් තම උසට සරිලන ලෙස මාංශ පේශීන් වර්ධනය කරගතයුතු අතර, තරඟකාරී මට්ටමට පිවිසීමේදී තම ශරීරයේ මේද ප්‍රමාණයද අඩුකරගනිමින්, මාංශ පේශීන්ගේ කැපී පෙනෙන සුළු බව වර්ධනය කරගතයුතුය. මෙවැනි තරඟකාරී ක්‍රීඩකයෙකුගේ මේද ප්‍රතිශතය 5% ත් 10% ත්අතර ප්‍රමාණයට පවත්වා ගැනීම වඩාත් සුදුසුය. මේද ප්‍රතිශතය සහ මේද දහන ව්‍යායාම පිළිබඳව පසු පරිච්ඡේදයකදී සාකච්ඡා කරනු ලැබේ.[/FONT]


    [FONT=&quot]තරඟකාරී මට්ටමින් කායවර්ධන ක්‍රීඩාවට යොමුවීමට සූදානම් වන ක්‍රීඩකයින් විශේෂයෙන්ම අප රට තුළ ප්‍රධාන වශයෙන් පැවැත්වෙන කායවර්ධන තරඟාවලීන් පිළිබඳව මනා අවබෝධයක් ලබා සිටීම වඩා වැදගත්ය. මන්ද ආධුනික ක්‍රීඩකයෙකු ලෙස පළමුවෙන්ම ඉහළ පෙලේ කායවර්ධන තරඟාවලීන් සඳහා සහභාගීවී එම ක්‍රීඩකයින් හා ඔබගේ ශරීරය සංසන්දනය කරන්නට යෑම ආරම්භයෙදීම ඔබව අධෛර්යයට පත්කරවන සිදුවීමක් විය හැකි නිසාය. මේ නිසා ප්‍රථමයෙන් ඔබ අවබෝධ කරගත යුතුවන්නේ ඔබ කරඟ කිරීමට සූදානම්වනුයේ කුමන බර පංතියේද යන්නය. මක්නිසාද අප රට තුළ පැවැත්වෙන තරඟාවලි බොහෝ විට පැවැත්වෙනුයේ බර පංති අනුවය.[/FONT]


    [FONT=&quot]එලෙසම ආධුනික ක්‍රීඩකයින් සඳහා විශේෂිත වූ [/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot]ශ්‍රී ලංකා ආධුනික කායවර්ධන තරඟාවලිය[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]Novice Body Building Contest[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]වැනි තරඟ සඳහා ප්‍රථමයෙන්ම සහභාගීවීම වඩාත් සුදුසුය. මීට අමතරව දිස්ත්‍රික් තරඟ, මුළු දිවයිනටම විවෘත වූ තරඟාවලීන් මෙන්ම ජාත්‍යයන්තර තරඟාවලි පිළිබඳව ඔබට වැඩි විස්තර කායවර්ධන සම්මේලනය මගින් ලබාගත හැකිය.[/FONT]

    [FONT=&quot]කායවර්ධන තරඟ සඳහා ඉදිරිපත් වීමට සූදානම් ඔබ තරඟ ආසන්නයෙදී ශරීරයේ මේදය හැකිතරම් අඩුකර ගත යුතු අතර, එමගින් මාංශ පේශින්ගේ කැපී පෙනෙන බව වැඩි වේ. මෙයට අමතරව මාශ පෙශීන් ඉදිරිපත් කිරීමේ විලාශය [/FONT]
    [FONT=&quot](Posing)[/FONT][FONT=&quot] හොඳින් පුහුණුවිය යුතු අතර, සාමාණ්‍යයෙන් කායවර්ධණ තරඟවලදී ප්‍රධාන මාංශ පේශීන් විදහා පෙන්විය යුතු අවස්ථා[/FONT][FONT=&quot] (Basic Poses)[/FONT][FONT=&quot] හතක් වන අතර, එයට පසු විනාඩියක් පමණ කාලයක් තුළ තමන්ට ආවේණික වූ නිදහස් මාංශ පේශී විදහා පෑම් [/FONT][FONT=&quot](Free Poses) [/FONT][FONT=&quot]කළ හැකිය. මෙම නිදහස් මාංශ පේශී විදහා පෑම යම් කිසි ගීතයකට හෝ තනුවකට රංගනයක් ආකාරයෙන් පුහුණු වීම වඩාත් වාසිදායක වේ.[/FONT]

    [FONT=&quot]කායවර්ධන ක්‍රීඩාවක් වුවද මෙම මාංශ පේශී විදහා පෑම කලාවකි. එම නිසා මෙම මාංශ පේශී විදහාපෑම රිද්මයානුකූලව නර්තනයක් ආකාරයෙන් ගොඩනගා ගැනීම මගින් විනිශ්චයකරුවන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානය දිනාගැනීමට හැකිවේ. මෙලෙස හොඳින් පුරුදු පුහුණුවීම මගින් තමන්ගේ දුර්වල මාංශ පේශින් සඟවා ප්‍රදර්ශනය කිරීමටත්, හොදින් ඇති මාංශ පේශින් වඩාත් හොදින් ප්‍රදර්ශණය කිරීමටත් මනා පුහුණුවක් ලැබේ. මෙම මාංශ පේශී විදහා පෑමපුරුදු පුහුණු වීමේදී කණ්නාඩියක් ඉදිරිපස සිට පුරුද පුහුණු වීම මඟින් තම අඩුපාඩු තමාටම සකසා ගතහැකි වේ. කායවර්ධන තරඟවලදී අනිවර්ය වූ ප්‍රධාන මාංශ පේශී විදහා පෑමේ අවස්ථා හතකි.. ඒවා නම් :-[/FONT]


    [FONT=&quot]01 ෆ්රන්ට් ඩබල් බයිසෙප් පෝස් ([/FONT]
    [FONT=&quot]Front Double Bicep Pose[/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]ඉදිරිපසට බාහු විදහා පෙන්වීම මෙම අවස්ථාවේ සිදු කළ යුතුය.[/FONT]


    [FONT=&quot]02 ෆ්රන්ට් ලැට් ස්ප්‍රෙඩ් පෝස් ([/FONT]
    [FONT=&quot]Front Lat Spread Pose[/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]ඉදිරිපසට පිට ප්‍රදේශයේ මාංශ පේශීන් විදහා පෙන්වීම මෙම ඉරියව්වයි.[/FONT]


    [FONT=&quot]03 සයිඩ් වෙස්ට් පෝස්[/FONT]
    [FONT=&quot] (Side Chest Pose)[/FONT]
    [FONT=&quot]පැත්තට පපු ප්‍රදේශයේ මාංශ පේශීන් විදහා පෙන්වීමේ ඉරියව්ව මෙයවේ[/FONT]


    [FONT=&quot]04 සයිඩ් ට්‍රයිසෙප් පෝස්[/FONT]
    [FONT=&quot] (Side Tricep Pose)[/FONT]
    [FONT=&quot]පැත්තට ට්‍රයිසෙප් මාංශ පේශිය විදහා පෑමේ ඉරියව්ව මෙය වේ.[/FONT]


    [FONT=&quot]05 බැක් ඩබල් බයිසෙප් පෝස්[/FONT]
    [FONT=&quot] (Back Dumbbell Bicep Pose)[/FONT]
    [FONT=&quot]පිටුපසට බාහු විදහා දැක්වීමේ ඉරියව්ව මෙයවේ. මෙම ඉරියව්වේදී එක් පාදයක් පිටුපසට තබා බත්කෙණ්ඩ ප්‍රදේශයේ මංශ පේශීයද විදහා දැක්විය යුතුය.[/FONT]


    [FONT=&quot]06 බැක් ලැට් ස්ප්‍රෙඩ් පෝස්[/FONT]
    [FONT=&quot] (Back Lat Spread Pose)[/FONT]
    [FONT=&quot]පිටුපසට පිට ප්‍රදේශයේ මාංශ පේශින් විදහා පෙන්වයීම මෙම ඉරියව්වයි. මේ අවස්ථාවේදී ද එක් පාදයක් පිටුපසට තබා බත්කෙණ්ඩ ප්‍රදේශයේ මාංශ පේශියද විදහා පෙන්විය යුතුය.[/FONT]


    [FONT=&quot]07 ඇබ්ඩෝමිනල් විත් තයි ඇන්ඩ් කාෆ් පෝස්[/FONT]
    [FONT=&quot] (Abdominal With Thigh And Calf Pose)[/FONT]
    [FONT=&quot]ඉදිරිපසට හැරී උදර ප්‍රදේශයේ මාංශ පේශීන් සහ එක් පාදයක් ඉදිරියට තබා කළවා ප්‍රදේශයේ මාංශ පේශීන් මෙන්ම බත්කෙණ්ඩ මාංශ පේශීයද විදහා පෙන්වීමේ ඉරියව්ව මෙයයි.[/FONT]


    [FONT=&quot]ඉහත සඳහන් කළ ප්‍රධාන මංශ පේශී විදහා පෙන්වීමේ අවස්ථාවන්ට අමතරව මිනිත්තුවක් තුළදී තමන්ට ආවේණික ලෙස නිදහස්ව මාංශ පේශී විදහා පෙන්විය හැක. මෙය නර්තනයක් ආකාරයෙන් ඉදිරිපත් කිරීම වඩා සුදුසු වන අතර, මේ පිළිබදව අවබෝධය අන් ප්‍රවීන කායවර්ධන ක්‍රීඩකයෙකු හෝ පුහුණුකරුවකුගේ උදව් ලබා ගැනීම වඩා සුදුසුය.[/FONT]


    [FONT=&quot]කායවර්ධන තරගයක් සඳහා ඉදිපත් වන අයෙක් රේසරයක් හෝ වෙනත් රෝම ඉවත් කිරීමේ ක්‍රමයකින් තම ශරීරයේ රෝම ඉවත් කරගත යුතුය. මෙයට අමතරව තරඟය සඳහා ඉදිරිපත් වන අවස්ථාවේදී බේබි ඔයිල් හෝ ඔලිව් ඔයිල් වැනි තෙල් වර්ගයක් ශරීරය පුරා ආලේප කරගත යුතු අතර, මෙමගින් මාංශ පේශීන්ගේ කැපී පෙනෙන සුළු බව වර්ධණය කරගත හැක. ශරීර වර්ණය පැහැපත් අයෙකුට වඩා කළු අයෙකුගේ මාංශ පෙශීන්ගේ කැපී පෙනෙන සුළු බව වැඩිය. මේ නිසා ශරීර වර්ණය පැහැපත් අයෙකු ඔලිව් ඔයිල් හෝ ශරීර වර්ණය දුඹුරු පැහැයට හැරෙන ටෑනින් ක්‍රීම් ([/FONT]
    [FONT=&quot]Taning Cream[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]එකක් භාවිතා කර හිරු එළියට නිරවරණය වී සිටීම මගින් තම සමේ වර්ණය දුඹුරු පැහැයට හුරු පැහැයක් බවට පත්කර ගතහැක. මෙම ක්‍රමවලට අමතරව වර්තමාන වෙළඳපොලේ කායවර්ධන ක්‍රීඩකයින් සඳහාම නිපදවූ විවිධාකාර පැහැයෙන් යුත් අලේපන වර්ග දැකිය හැකි අතර, කායවර්ධන තරගයක් සඳහා සහභාගීවීමේදී මෙම ආලේප මගින් ශරීර වර්ණය වෙනස් කර ගැනීම පැහැපත් අයෙකුට භාවිතා කළ හැකි උපක්‍රමයකි. මෙම නවීන ආලේප වර්ග භාවිතයේ ඇති වාසිදායක තත්වයක් නම් මෙමගින් ශරීරයේ මාංශපේශින් උලුප්පා පෙන්වීමයි. කායවර්ධන ක්‍රීඩකයෙකුට මෙය තම මාංශ පෙශීන් විඳහා දැක්වීමේදී ඉතා වාසිදායක වේ. ඉහත සඳහන් කළ ප්‍රධාන මාංශ පේශී විදහා පෑමේ අවස්ථා පහළ රූප සටහන් වලින් දක්වා ඇත.[/FONT]

     
    Last edited: