Android 4.0

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    විනාඩි කීපයකින් Android 4 Ice Cream Sandwich ඔබේ පරිගණකයට දාගමු









    android-ics.jpg









    ඔබ Android දුරකතනයක් මිලදී ගන්න හිතන කෙනෙක් නම්, එහෙම නැතිනම් ඔබේ Android දුරකථනය Ice Cream Sandwich (ICS) වලට upgrade කරන්න හිතන කෙනෙක් නම් ඊට කලින් ICS ඔබේ පරිගණකයට install කරලා එය අත්හදා බලන්න පුළුවන්. එයට ගතවෙන්නේ පුංචි විනාඩි කිහිපයක් පමණයි. ආ.. විනාඩි කීපයකින් කොහොමද ඒ වැඩේ කරන්නේ…? ඔව් පුළුවන්. මොකද ICS, virtual machine image එකක් විදියට කෙලින්ම ඔබට ඔබේ පරිගණකයට download කරගන්න පුළුවන්.

    මුලින්ම අපි බලමු අවශ්‍ය දේවල් මොනවද කියලා.



    1.www.vmlite.com/vmlite/Android-v4.7z


    2.https://www.virtualbox.org/


    ඔබ දැනටමත් VM බාවිතා කරන කෙනෙක්නම්, ඔබේ පරිගණකයේ Oracle Virtual Box නැති වෙන්න විදියක් නැහැ. එහෙමනම් ඔබ download කරගත යුත්තේ Android V4 VM Image එක විතරයි.
    ඔබේ පරිගණකයේ Virtual Box නැතිනම්, අනිවාර්යෙන්ම Android V4 VM Image එක සහ Virtual Box software එකයි දෙකම ඉහත දී ඇති ලින්ක් හරහා ගොස් download කරගන්න වෙනවා.
    සාමාන්‍ය මෘදුකාංගයක් ස්ථාපිත කරගන්නා ආකරයටම virtual box මෘදුකාංගය ඔබට ඔබේ පරිගණකයට ස්ථාපිත කරගන්න පුළුවන්. එහෙනම් දැන් ඔබ විනාඩි කීපයේ වැඩේට සුදානම්.
    icon_razz.gif
    මුලින්ම ඔබ download කරගත් Android-v4 file එක extract කරගන්න. ඊට පස්සේ Android-v4 folder එක ඇතුලේ නිල් පාටින් තියෙන Android v4 VM එක double ක්ලික් කරන්න.


    Android-4-Ice-Cream-Sandwich.png



    එවිට VirtualBox මෘදුකාංගය ක්‍රියාත්මක වී ඔබේ Android VM එක VirtualBox හි virtual machine list එකට add වී ඇති බන පහත රූපයේ මෙන් ඔබට දැක ගන්න පුළුවන්.


    Android-4-Ice-Cream-Sandwich-on-virtual-machine.png






    VirtualBox හි virtual machine list එකෙන් Android v4 VM එක තෝරා “Start” යන්න ක්ලික් කරන්න. එවිට virtual machine එක ක්‍රියාත්මකවී පහත රූපයේ පරිදි login screen එකක් ඔබට දැකගන්නට පුළුවන්. එහි “Android Startup from /dev/sda” යන්න තෝරන්න.



    Android-Startup-Log.jpg






    අනතුරුව Boot උනාට පසුව පහත රූපයේ පරිදි home lock screen එක ඔබට දැකගන්න පුළුවන්.




    Android-4-Ice-Cream-Sandwich-on-virtual-machine-1.png






    එහි ඇති lock button එක හා රවුම drag කරලා ලේසියෙන්ම පහත රූපයේ ඇති home screen එකට එන්න පුලුවන්.






    Android-4-Ice-Cream-Sandwich-on-virtual-machine-2.png




    ඉතින් ඔච්චරයි. ඔන්න ඔහොම තමයි විනාඩි කීපයකින් Android 4 Ice Cream Sandwich ඔබේ පරිගණකයට ස්ථාපිත කරගන්නේ. මේ පහතින් දී තිබෙන්නේ Android 4 Ice Cream Sandwich හි screen shot කිහිපයක්.


    Android-4-Ice-Cream-Sandwich-on-virtual-machine-4.png









    මේ සම්බන්දයෙන් ඔබේ අදහස්, එහෙම නැතිනම් මීට අමතරව ලේසියෙන් Android 4 Ice Cream Sandwich පරිගණකයේ ස්ථාපිත කරගන්න පුලුවන් ක්‍රම ඔබ දන්නවා නම් කමෙන්ට් කරන්න.






    උපුටා ගැනීම
    Code:
    trickslanka.com





    මට සලකන අයට මමත් සලකනවා Rep+5 බැගින්













     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    මචන් ඕකෙන් අන්ද්රොයිඩ් ඇප්ස් එහෙම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න පුලුවන්ද ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ පීසී එකේ ඩුවල් බූට් විදියට රන් කරන්න පුළුවන් වර්ෂන් එකකුත් තියෙනව. හැබැයි ඒකට වඩා ඕක හොඳයි මොකද ඕකෙ ‍නෙට් කනෙක්ෂන් එක ගන්නව. අරකෙ වයර්ලස් ‍කනෙක්ෂන් එකක් තිබුණොත් විතරයි ගන්නෙ. බොහොමත් ම ස්තූතියි අපේ කට්ටියව දැනුවත් කළාට.
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මචන් ඕකෙන් අන්ද්රොයිඩ් ඇප්ස් එහෙම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න පුලුවන්ද ?


    Ekanam karanna baa kollo

    poddak try 1k daala balamu
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචන් ඕකෙන් අන්ද්රොයිඩ් ඇප්ස් එහෙම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න පුලුවන්ද ?

    ookenum bae ehema karanna. ehema karanavanum oya virtualbox image eka edit karala Google Store app eka ha thava oona karana apps vagayak daanna oona.

    http://www.buildroid.org/blog/

    ooke google store eka thiyenava. eeka nisaa download karala install karanna puluvan.