කාගිල්ස් ෆුඩ්සිටි බිල දෙවරක් බලන්න
දිවයින පුරා ඇති කාර්ගිල්ස් ෆුඩ්සිටි වෙළදසැල් වලන් භාණ්ඩ මිලට ගන්නා පාරිභෝගිකයන් කිහිප දෙනෙකු විසින් මුහුණපෑමට සිදුවූ සිදුවීමක් පිළිබඳව අපට වාර්තා වනවා. එනම් මෙම වෙළදසැල් වලට ගොස් භාණ්ඩ ගෙන ඒවාට අදාල බිල්පත් ලකුණු කිරීමේදී පාරිභෝගිකයා මිලට ගත් භාණ්ඩ වලට අදාල මිලට වඩා වැඩි මිලක් බිල්පත් වල සලකුණු කිරීමයි.
එසේම ඇතැම් පාරිභෝගිකයන් මිලට නොගත් භාණ්ඩ වල නම්ද බිල්පත් වල සදහන් වන බවද දැනගන්නට ලැබෙනවා. එසේම එකම භාණ්ඩයට කිහිපවරක් මුදල් අයකර ගැනීමේ සිද්ධිත් වාර්තා වී තිබුනා.
මේ පිලිබඳ අපට කාගිල්ස් ෆුඩ්සිටි පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි ලැබී ඇති අතර එවන් අත්දැකීමකට ටෙලිෂාන් නෙට්වර්ක් හි අධිපති ශාන් වික්රමසිංහ මහතාද මුහුණ දී තිබෙන අතර මේ බව ඔහු TNL ඉසිර උදැසන වැඩසටහනටද ප්රකාශ කළා.
එමනිසා කාර්ගිල්ස් ෆුඩ්සිටි වෙතින් මිලට ගන්නා භාණ්ඩ වලට මුදල් ගෙවීමට පෙර එහි බිල්පතෙහි සදහන් වන්නේ තමුන් මිලට ගැනීමට අදහස් කරන සැබෑ භාණ්ඩ වලට අදාල මිලගණන් හා එම භාණ්ඩ ප්රමාණයමද බව දෙවතාවක් පරික්ෂා කිරීම පාරිභෝගිකයන් සැලකිලිමත් විය යුතුය.