ලොව පැදවීමට අනතුරුදායම වාහන

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලොව පැදවීමට අනතුරුදායම වාහන

ඇත්තටම වාහන වර්ග ගොඩක් වෙලඳ පලේ තියෙනවා. ඉතින් ඒවාගෙන් වඩාත්ම අනතුරු දායක වාහන වර්ග 20 දකින්න පුලුවන්.. හුඟක් වෙලාවට වාහන ප්‍රමිතිකරනය කරන ආදායම් නොලබන ආයතන (IIHS,NHTSA)මගින් විවිදාකාරයේ ආරක්ෂාව සම්බන්ධ පරික්ෂන මගින් අසමත් වූ වාහන මෙලෙස අවදානම් වාහන ලෙස ගනන් ගන්නවා .නැත්නම් මරණ අනුපාතයෙන් හොයාගන්නත් පුලුවන්.. වැඩේ කියන්නෙ අපි දන්න කියන වාහන හුඟක් තියෙනවා. සමහරවිට ඔයාලගෙ වාහනෙත් මෙතන තියෙනවා වෙන්න පුලුවන්,, ඔන්න එහෙනම් 20 වැනි තැන ඉඳලා පටන්ගන්නවා.


කියන්න තියෙන්න පුලුවන් තරම් ශෙයාර කරන්න කියන එක විතරයි.. මොකද ආරක්ෂාව ගැන අනිත් අය දැනුවත් කිරීම හුඟක් වැදගත් වෙන්න පුලුවන්.. ඉන්දියන් වාහන ගැන එහෙම අහන්න එපා ඔන්න කලින්ම කිවුවා,,මේක බම්ප් එකේ තියාගනිල්ලා..


20.Mazda3

car_20.jpg


Four-Door Hatchback
SCORE: 113​
Consumer Reports' accident avoidance: Much better than average


අනිත් ඒවත් එක්ක බලනකොට මේකනම් ටිකාක් විතර ශේප් වගේ. හුඟක් අයට මේ වාහනේට මාර ලව්. ඒවගේම හඳුන්නවා දීමෙන් පසුව තවමත් මෙම රථය නිෂ්පාදනය වෙනවා. ඒවගේම පට්ටෙටම කැපෙන වාහනයක්.. සුපිරි... දැන් බලමු. අවුල මොකක්ද කියලා, මේ වාහනේ තියෙන ප්‍රෂ්නෙ මේකෙ දෙපැත්තෙන් හැප්පුවම ලොකු ඩැමේජ් එකක් වෙනවා.. ඒවගේම දෙපැත්තෙ එයාබැග්ස් ප්‍රමිතියෙන් තොරයි.. සෙඩාන් හැච්බැච් කියන වර්ෂන් දෙකේම මෙහම තමයි... IIHS,NHTSA රේටින්ග්ස් වලින් යාන්තම් ජාමේ බේරගෙන තියෙනවා..:shocked::shocked:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
19.Toyota Scion tC

car_19.jpg


Two-Door
SCORE: 113
Consumer Reports' accident avoidance: Better than average


අනිත් කූප් වර්ගයේ ස්පෝට් වාහන වගේම මේ වාහනයත් හොඳටම කැපෙන ගතියක් තියෙනවා. මේකෙත් අවුල තියෙන්නෙ දෙපැත්තෙ එයාර් බෑග්ස් වල. ඒවාගෙම මේකෙ එයා බෑග් හයි කරලා තියෙන්නෙ වැඩකට නැති තැන්වල හුඟක් වෙලාවට හැප්පුනාම බෑග්ස් ජම්ප් වෙන්නෙ නෑ.. කොහොමවුනත් මේකෙත් අනිත් ඒවාට සාපේක්ෂව අවදානම අඩුයි..:baffled:

 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
18.Honda S2000

car_18.jpg


Convertible
SCORE: 114
Consumer Reports' accident avoidance: Much better than average


මේ කාර් එකේ ටිකක් පවර්ෆුල් වාහනයක් හැබැයි ඉතින් කැපෙන ගතිය හුඟක්ම අඩුයි. දෙපැත්තෙ එයාබෑග්ස් නෑ. ඒවගෙම මේකෙ තියෙන්නෙ රෙදි ටෙන්ට් එකක්.. ඉතින් පෙරලුනොත් එහෙම ඉක්මනට බබා හම්බවෙනවා :baffled::baffled::baffled:


 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
17. Chrysler PT Cruiser
car_17.jpg


Van
SCORE: 114
Consumer Reports' accident avoidance: Average


ඇත්තටම මේ වාහනේ නම් කිසිම කමකට නෑ. ඒ වගේම අවුරුදු කීපයකින් කිසිම වෙනසක් වෙලත් නෑ. අප්ඩේට් ඇවිල්ලත් නෑ, මේ වාහනේ ඉස්සරහින් තියෙන එයා බෑග් සමහර වෙලාවට ජම්ප් වෙන්නෙ නෑ, ගානත් සැරයි. කැපෙන්නෙත් නෑ.. කතා කරලා වැඩක්ම නෑ ඉතින්. :growl::growl::growl::growl:


 
  • Like
Reactions: Chootiya92

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
16. Saturn ION

car_16.jpg



Four-Door
SCORE: 115
Consumer Reports' accident avoidance: Better than average


ගත්තම ඒ කාර් එක cobalt සහ pontiac G5කියන කාර් දෙකේ මික්ස් එකක්.. ඒවුනාට සෑහෙන ලොකු වෙනස්කම් තියෙනවා. මේකෙත් රෝල් ඕවර් ඉන්ඩෙක්ස් එක ලාවට වගේ හොඳයි. මේ කාර් එකත් අනිත් ඒවා වගේම දෙපැත්ත තමයි අවුල ඔලුව බේරගන්න තියෙන දෙපැත්තෙ තියෙන එයා බෑග්ස් තමන්ට ඕන විදියට වෙනස කරන්න බෑ.. කැපිල්ලත් අන්තිමයි :baffled::baffled:


 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
15. Nissan Xterra

car_15.jpg


two-Door SUV SCORE: 115
Consumer Reports' accident avoidance: Average


මේක ගත්තම ස්පෝට් මොඩල් එකේ එකක් . ඒ වගෙම මේකෙ ඉස්සරහ ග්ලාස් එක තියෙන ශේප් එක හින්දා ඉර එලිය ඇහැටම වැටෙනවා.. ඒවගේම මේකෙ හැරෙන් ගතිය අඩුයි. යාන්තම් හොඳයි වගේ :dull:


 
  • Like
Reactions: prageeth119lk