18+ ලයිව් ඇට් එයිට්...

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    18+ ලයිව් ඇට් එයිට්...

    අදත් ඇත්ත දැන ගන්න නිවුස් වලින් ෆ්රස්ට් ලයිව් ඇට් එයිට් තුලින්... :frown::frown::frown:

    පුවත් විමසීම ආරම්භ විය :nerd:

    පවුලේ ඔක්කොමලා ටීවී එක ඉස්සරහ ඉඳගත්තෙ රටේ තොටේ විස්තර ටිකක් දැනගන්ඩ. ඇදල පැදල කට්ටිය ප්‍රවුර්ති කියාගෙන කියාගෙන යනවා. එකටම ජනධිපති තුමාගෙයි තව ටිකක් වැදගත් වෙන තොරතුරු ටිකකුයි ගියා. තාම විනාඩි පහයි.:oo::oo:

    ආපහු පටන් ගත්තා. අකමැති මතක. අකමැති නම් මොකටද මතක් කරන්නෙ? ඊ ලඟට දවසේ වැරැද්ද. වෙසක් දවසක සීන් එකක්. කොල්ලො වගයක් වෙස් මූනු වගයක් දාගෙන නටනවා. වාහනයක නැගල හිටපු කෙල්ලෙක් උන් නටනව දැකල නටනවා. ලොකු බරපතල වැරැද්දක්.
    :no::no::no:

    ඊලඟට ලයිව් ඇට් එයිට් ශෝකාලාපය. පොඩි ලමයෙක් මැරුනු නිවුස් එක අඬ අඬ කියනවා. රඟපාලත් පෙන්නනවා. :dull::dull:

    තවත් ටිකකින් ඇක්සිඩන්ට් වෝඩ්. අම්ම ගියා කකා හිටපු බත් එක අරගෙන කුස්සියට. ඕව බල බල කන්න බෑනෙ
    . hiihii:angry::angry::angry:

    ආයෙත් පටන්ගත්තා කියන කතා... දයා සිරි ජයසේකර- අරුට මේක තිබ්බට මේක නෑ. මට මේකයි මේකයි තුනම තියනවා.. :lol::lol::lol:
    මර්වින් සිල්වා- මේ මර්වින් සිල්වගෙ කට කාටවත් වහන්නත් බෑ වැහෙන්නෙත් නෑ. :no::no:
    විමල් වීරවන්ශ- අපේ රටට කොකා කෝලා එපා... මැක් ඩොනල්ඩ්ස් එපා.. .:baffled::baffled:
    ඒකත් ඉවරයි.

    විදෙස් පුවත් විනාඩියයි. දැන් විනාඩි 25ක් ඉවරයි. :shocked:

    ස්පෝර්ට්ස් නිවුස් නම් සිරාවටම ෆට්ට. හරි නිවුස් ඉවරයි. :growl::growl:

    අපි මොනවද බලපු දේ? මොනවද ගත්තෙ හිතට? දේශපාලුවොන්ගෙ හිස් කතා. එක වැදගත් කතාවක් දාපන්. සාර්ව ආර්ථික අරමුණු ඉටු කරගන්න විදියක්, අලුත් නීති සම්මතයක් වගේ දෙයක්? නෑ. එහෙම ඒවා නෙවෙයිනෙ අපිට ඕනෙ. අපිට ඕනේ අල්ලපු ගෙදර එකා පොල් ගහෙන් වැටිල බෙහෙත් දාගත්ත විදිය බලන්න. හිරේ ගියපු එවුන් මොන වැරැද්ද කරලද හිරේ ගියෙ බලන්න. අද ලන්කාවෙ එවුන් කරල තියන වැරදි ටික බලාගන්න විතරයි. මම ඒවා වැරදි කියන්නෙ නෑ. ඒවා පෙන්නන්න ඕනි. ඒ වැරදි වලින් වැළකෙන විදිය, අනතුරු වළක්ව ගන්න විදිය. නමුත් ඒවට පුළුවන් වෙනම වැඩ සටහනක් ඉදිරිපත් කරන්න. මේක මහ අච්චාරුවක්නෙ. කිසිම ප්‍රවුර්තියක වටිනාකමක් නෑ. හරියට ලිඳ ලඟ සංගමය වගේ... මම නම් හිතන්නෙ රටේ ඉන්න ප්‍රමුඛ මාධ්‍යයකට මීට වඩා වගකීමක් තියනවා. එයාල තමයි මිනිස්සුන්ගෙ අදහස් සංකල්ප වෙනස් කරන්න පුලුවන් ප්‍රබලම කණ්ඩායම. මිනිස්සු අතරට යවන්න ඕන් හොඳ අදහස්, දැනුම බෙදන්න ඕන. ලෝක සිතියම මුල් පිටුව වගේ වැඩ සටහන් ඉතාම හොඳයි. ඒත් ඇයි ප්‍රවුර්ති සපයනකොට ඒවා මගින් රටට වැදගත් වෙන දෙයක් ඉදිරිපත් කරන්න බැරි. රටේ මිනිස්සුන්ගෙ සංකල්ප තමයි වෙනස් කරන්න ඕනේ. මම කැපුවත් යූඑන්පී ජේවීපී බුලත් කොලේ.. ඒ සම්ප්‍රදාය නැති කරන්න ඕනි. බුද්ධිමත් මිනිස්සු පිරිසක් හදන්න ඕනි. ප්‍රතිපත්ති වලට, දැනුමට ගරු කරන. එහෙම කරන්න නම් මේ වගේ ප්‍රවුර්ති සපයලා ඒවා ඉටු කරන්න බෑ. මෙහෙම කලාම වෙන්නෙ මිනිස්සුන්ගෙ අදහස් සිතුවිලි බොලඳ වෙන එක කියලයි මම හිතන්නෙ.

    අදහසක් විතරයි. විවාදයට විවුර්තයි. මම නම් හැබැයි දෙරණට මාරු උනා. ඒකෙත් සත්‍ය ප්‍රථමයෙන්. දෙවනියට බොරුද මන්දා. :P
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කතාව ඈත්ත මචන්...
    ස්වර්ණවාහිනි නම් දෑන් බොක තමා. අනිත් දේ ගොඩක් වෙලාවට අර
    පහලින් තඩිවට ලයින් එකේ පාවිච්චි කරන වචන බලපන්කෝ , මහ රස්ති වචන බන්. ඒව කොහොමටවත් ප්‍රවෘත්ති ප්‍රකාශයකට ගෑලපෙන ඒව නෙවෙයි..
    ස්වර්ණවාහිනියට ඔය වින්නෑහිය උනේ බුද්දික කුලසේකර වෑඩසටහන් අධ‍‍ය්‍යාක්ෂ උනාට පස්සේ මට නම් හිතෙන්නේ. :( හේම නලින් හිටපු කාලේ ස්වර්ණවාහිනිය සුපිරි චෑනල් එක..
    .
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කතාව ඈත්ත මචන්...
    ස්වර්ණවාහිනි නම් දෑන් බොක තමා. අනිත් දේ ගොඩක් වෙලාවට අර
    පහලින් තඩිවට ලයින් එකේ පාවිච්චි කරන වචන බලපන්කෝ , මහ රස්ති වචන බන්. ඒව කොහොමටවත් ප්‍රවෘත්ති ප්‍රකාශයකට ගෑලපෙන ඒව නෙවෙයි..
    ස්වර්ණවාහිනියට ඔය වින්නෑහිය උනේ බුද්දික කුලසේකර වෑඩසටහන් අධ‍‍ය්‍යාක්ෂ උනාට පස්සේ මට නම් හිතෙන්නේ. :( හේම නලින් හිටපු කාලේ ස්වර්ණවාහිනිය සුපිරි චෑනල් එක..
    .
    Hema nalin supiri machan, mathakada thuna paha kiyala programme ekak kara...
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    කතාව ඈත්ත මචන්...
    ස්වර්ණවාහිනි නම් දෑන් බොක තමා. අනිත් දේ ගොඩක් වෙලාවට අර
    පහලින් තඩිවට ලයින් එකේ පාවිච්චි කරන වචන බලපන්කෝ , මහ රස්ති වචන බන්. ඒව කොහොමටවත් ප්‍රවෘත්ති ප්‍රකාශයකට ගෑලපෙන ඒව නෙවෙයි..
    ස්වර්ණවාහිනියට ඔය වින්නෑහිය උනේ බුද්දික කුලසේකර වෑඩසටහන් අධ‍‍ය්‍යාක්ෂ උනාට පස්සේ මට නම් හිතෙන්නේ. :( හේම නලින් හිටපු කාලේ ස්වර්ණවාහිනිය සුපිරි චෑනල් එක..
    .[/සිරා මචෝ මට ඒක වැඩිය මීටර් උනේ නෑ. ස්වර්ණවාහිනී ගූවාහිණී වෙලා :lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    swarnawahini news nam ajuthai..:(
    mama dan tv eke news balanawa adu karala tiyenne..