Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ලංකා හි ලංකා ලංකාවේ කොටස් වෙළදපොල ආයෝජකයින් කා දැමූ තවත් ලාංකිකයෙක්ද ?


    කොටස් වෙළඳ පොලෙහි සිදුවන ජිල්මාට් අතර කාලයක් තුල සිදුවූ නමුත් තමන්ට විරුද්ධව කටයුතු කල හොත් අදාල බලධාරීන් විසින් සිදුකරන ලද වංචා හෙලිකරන බව පවසා තමන්ට විරුද්ධව කටයුතු කරන නිළධාරීන් බිය ගන්වූ අපූරු පුද්ගලයෙකු පිළිබඳ හෙළිකිරීමට කැමැත්තෙමු.

    එනම් කොටස් වෙළඳ පොලෙහි සාමාජික සමාඟමක් වන ලංකා සෙකුරිටීස් ආයතනලේ ලලේන්ද්‍ර ලංකා නැමැති පුද්ගලයා පිළිබඳවයි. ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් සමාඟමේ, රෙග්නීස් සමාඟමේ කොටස් ඇතුළු තවත් සමාඟම් කිහිපයකම කොටස් බොරු ප්‍රචාර යවා කෘතිමව මිල ඉහල නංවා ආයෝජකයන් අමාරුවේ දැමූ පල් හොරෙක් ලෙස සුළු පරිමාණ කොටස් ආයෝජකයින් ඔහුව හඳුන්වයි.

    ස්වර්ණමහල් ෆයිනෑන්ස් සමාඟමේ කොටස් වෙළඳ පොලට පැමිණි මිල රු.11.40 වන අතර මෙය පළමු දවසේදීම රුපියල් 100 පන්නවා හුවමාරු වෙන ලදී. එහෙත් පසුකාලීනව කොටසක් කොටස් 20 ඛෙදන බවට පෙර ලැබුණු ඔත්තුවක් ලලේන්ද්‍ර ලංකා තමන් පාලනය කරන කොටස් වෙළඳ පොලෙහි ගිණුම් වෙත ස්වර්ණමහල් ෆයිනෑන්ශල් සේර්විසෙස් (SFS ) සමාගමේ කොටස් මිලදී අරගන කෘතිමව රුපියල් 200 කටත් වඩා මිල ඉහල යවා තවත් බොරු රාවයක් යවා අනෙක් ආයෝජකයන් අමාරුවේ දැමීමට කටයුතු කරන ලදි.

    එහෙත් අද වෙන විට කොටස් තිබුන මිලටත් වැඩ අඩුවී කෙක කොටසක් කොටස් 20 කට බෙදිමන් පසුව වටිනාකම රුපියල් 8.70 නොහොත් මුල් වටිනාකම රුපියල් 174 දක්වා අඩුවී ඇත.

    මේ ලංකා තනියෙන්ද කලේ ?
    නෑත..........තවත් තැරුව්කාර සමාඟම් කිහිපයකගේ උදව්වෙන් සිදුකරන ලද අතර එයට ඉහල ප්‍රභූ පවුලක උපකාරද ලැබී ඇති බවට තොරතුරු හෙලීවී ඇත. එහෙත් අද වෙනවිට හෝ කොටස් වෙළදපොල බලධාරී විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාව ලංකාව එක පාරක් හෝ තම කොමිසමට ගෙන්වා හඬවා ඇතිව මිසක් ලංකා ගේ වැරදි වැඩ වලට පියවර ගෙන නැත.

    - ජනක ආටිගල


    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/04/blog-post_6337.html#more
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    AGM yanna shres kocchara tiyenne onada?? galadari,nestle,alli, ??? shres 1 tibunath yanna pulwuanda


    AGM ගිහින් ගත්තු ආතල්

    ලංකාවෙ තියෙනවනේ කොටස් වෙලඳ පළ කියල එකක්.. අද ලිපිය ඒකත් එක්ක ගෑවුන ලිපියක්.. කොටස් වෙළඳ පල අයෝජනයට මම මුලින්ම යොමු උනේ 2005 දි.. යාළුවෙක්ගෙ මාර්ගෙන් තමයි කතන්දරේ දැන ගත්තෙ...

    කොටස් වෙළඳ පළ ආයෝජනය කරන්න නම් CDS එකේ ගිණුමක් තියෙන්න ඕනි... ඔය ගිණුම අපිට තැරව්කාර ආයතනයක් ( Broker firm ) හරහා ආරම්භ කරලා අපේ ගණුදෙනු කරන් යන්න පුළුවන්.. ඉතින් මාත් ඔය යාළුවා මාර්ගෙන් වැඩේට සෙට් උනා.. කිසිම මූලික දැනුමක් නොතිබුනාට වැඩේ මට අල්ලල ගියේ ඒ තැරව්කාර ආයතනය හරහා එදිනෙදා ගණුදෙණු කරන්න ආපු සෙට් එකට එකතු වීම නිසා... වයස 20 ඉදන් 75 විතර වයස් පරාසයක පිරිසක් දිනපතා රස්සවට යන්න වගේ ඔතනට සෙට් උනා..

    සුළු පරිමාන ආයෝජකයො තමයි ඉතින් හැමදාම ඔතනට එන්නේ.. මමත් බොහොම සුළු මුදලක් තමයි දාල තිබ්බේ ඒ වෙද්දි.. ( 40,000 ක් වගේ මතක ).. මෙලො බෝලයක් දන්නෙ නෑ ගන්නව විකුනනව.. අවුරුදු 2 ක අවසානෙ රුපියල් 4000 යි හොයන් තිබ්බෙ හික් හික්.... ඒත් සෑහෙන දැනුමක් ලබා ගත්ත ඒ කාලය තුල කොටස් වෙලඳ පළ ගැන... ඒ ගැන ලියන්නෙ නෑ.. අර මාධව මලයා බ්ලොග් එකක්ම ලියනවනේ ඒ ගැන ඒ හින්ද කැමති කෙනෙක්ට එතනින් ඒ විස්තර බලන්න පුළුවන්...

    ඔතනදි දැන ගත්තු දෙයක් තමයි කම්පැනි වල AGM ( Annual General Meeting ) එහෙමත් නැත්තම් වාර්ශික හමුවන් ( හරිද මන්දා ) වලට ඒ සමාගම් වල කොටස් හිමියන්ට සහභාගි වෙන්න පුළුවන් කියන එක.

    ගිහිල්ල හම්බුන කෑම... තෑගී... වචන පෙරලි... සිදුවීම්.. ආදිය ගැන කස්ටිය කියද්දි මටත් යන්න හෙන ආසාවක් ආව AGM එකකට.. ඒත් ඉතින් හෙන බයයි.. කොටස් 100 - 200 ක් තියාගෙන ගිහින් නෝන්ඩි වෙයිද එහෙම කියල..

    ඔහොම ඉද්දි Asia Capita එකේ AGM එක තියෙනව කියල ඒකෙ පොත ( Annual report ) එක ආව. තියෙන්නේ කොන්ටිනෙන්ටල් එකේ.. ගිහිල්ලම නැති නිසා යන්නත් ආසයි.. මම හිමීට පොරකට කිට්ටු කලා..

    " අන්කල්.. අර ACAP එකේ AGM එකට පොත ඇවිල්ල..මගේ shares 100 යි තියෙනේ ප්‍රශ්නයක් නෑනේ.. "

    " අයියෝ සන්.. යන්න යන්න.. මේ කට්ටිය 1 share එක අරන් යන්නේ.. යන්න යන්න.. "

    හරි... කොල්ල බයෙන් බයෙන් ගියා.. කිසි අවුලක් නෑ.. නම අහල ලිස්ට් එක බලනවා.. අත්සන් කරන්න කියල යන්න දෙනවා... මොනාදෝ විකාර වගයක් කිව්වා මට නම් තේරුනේ රුපියල් 2 ක Dividend එකක් දෙනව කියපු එක විතරයි... ස්ටා හොටෙල් එහෙකින් දීපු කෑම ටික කාල මම ආව... ආතල් වැඩේ...


    ඔහොම ඉද්දි තමයි මගේ යාළුව කිව්වෙ

    " මචන් උබ ට Nestle තියෙද.. ගනින් මීටින් යන්න පුළුවන් උන් හෙන ගිෆ්ට් පාර්සල් එකක් දෙනවා... " කියල...

    " බලමු රුපියල් 80 ( අද 902.00 ) යි.. 100 ක් ගන්න 8000ක් ඕනිනේ බන්... "

    " නෑ නෑ උබ odd lot එකෙන් shares 10 ක් ගනින්.. මීටින් ගිහින් ඇවිත් විකුනපන්... "

    " හා.. උබ යනවනේ.. "

    " ගනින් යකෝ.. මුන් ඔක්කොම යනවා.. "

    මම ත් ශෙයාර්ස් 10 ක් ගත්තා...

    AGM එක තිබ්බේ BMICH එකේ... එතන එක කෙලියයි... මීටින් එකට 50 ක් වත් නෑ... එලියෙ ගිෆ්ට් පාර්සල් දෙන තැන සූ ගාල මිනිස්සු... පොරකනවා... සමහර එවුන්ගෙ නම් නෑ කියල වලි එහෙන්... එහෙන් එකම එකා 2 - 3 පාර අරන්... හයියෝ...

    මාත් අමාරුවෙන් පාර්සල් එක ගත්තා මගේ නමට අත්සන් කරලා.. මෙන්න අරූ.. පාර්සල් 3ක් උස්සන්..

    " මේ මගේ කෙල්ලගෙයි අපේ මල්ලිගෙයි අකවුන්ට් වල ඒව බන්.. හික් හික්... "

    හුඟක් උන් එහෙම පාර්සල් 2 -3 අරන් ගියා... මතක විදියට රුපියල් 1000 ක් විතර වටින අයිටම් තිබුනා.. උන්ගෙ ප්‍රොඩක්ට්ස් ( 2005 දි )...

    මමත් ඊට පස්සෙ ඔය වගේ වටිනා කියන AGM හොය හොය යන්න ගත්තා...

    කොතලාවල මහත්තයගෙ Ceylinco කම්පැනි බර ගානක් තිබ්බා CSE එකේ... ඒ හැම එකකදිම වගේ කට්ටිය උන්දැට බටර් ගාල ලන්ච් වවුචර්ස් ඉල්ලනවා... උන්දැත් දෙනවා...
    රජ බොජුන් එකේ ලන්ච් එකකට සතියෙ දවසක... මම අපේ ගයානුත් ඇදගෙන 4 - 5 පාරක්ම රජ බොජුන් එකෙන් කෑව නිකන්.. හික් හික්...

    තේ කොළ කම්පැනි හැම එහෙකම වගේ තේ කොළ 500g ක් විතර අනිවාර්යෙන් හම්බු වෙනවා... රිචඩ් පීරිස් ගෲප් එකේ... එතකොට ඩිල්මා එකේ වගේ නම් කොලිටිම තේ කොළ පැකට් තමයි දුන්නේ...

    ටුබැකො එකේ මතකයි Gold leaf පැකට් එකක් දුන්නා... සීන් එක Ceylon tobacco AGM එකට යන උන්ට කැම්පස් ද මන්දා සෙට් එකක් හැමදාම Company ඉස්සරහ වෙලා ඉදන් හූ කියනවා... මම බිම බලන් මාරු උනා.. හික් හික්...

    හොඳම වාසිය උනේ Lion and ceylon brewery AGM එක.. ගයාන් ගෙයි මගෙයි දෙන්නගෙම කොටස් 10 ක් ද ගානේ කොහෙද තිබ්බ ඔය කම්පැනි දෙකේම.. ලයන් lager 6 පැක් එක ගානේ 4 ක් හම්බුනා දෙන්නටම.. හම්බුනා වගේද.. බස් එකේ අරන් යන්නත් බෑ... ඒ අස්සෙ ඩයල් එකක් අපි වගේ ගෙනියන්න බැරි උන්ගෙන් අඩු ගානට සල්ලි වලට බියර් ගන්නව... හයියො පිස්සු මතක් වෙද්දිත්... ඌට දීල පුළුවනෙයි.. පිට කොටුවට වෙනකල් උස්සන් ඇවිත් ටියුලිප් බෑග් 4ක් සල්ලි දීල අරන් ඒවයෙ දාගෙන අපි ගෙදර ආව. ගයානුත් ඒ දවස් වල නොබොන නිසා සති 2 - 3 ක් ම ශේප් උනා ඒකෙන්..

    මහවැලි රීච් එකේ AGM එක තියෙන්නේ නුවර. කොළඹ ඉදන් ඒ සී බස් එහෙක යන්න එන්න ට්‍රාන්ස්පෝර්ට් ලන්ච් එක ඔක්කොම හොටෙල් එකෙන්... ඒකත් ආතල් ගමන...

    ගලදාරි එකේනම් ලන්ච් වවුචර් එකක් එවනවා දෙන්නෙක්ට.. මට නම් කවදාවත් යන්න උනේ නෑ.. අපේ පවන් ට මම දුන්න එක පාරක් ගෑණි එක්ක පල කියල.. මූ ගිහින් ඇවිත් අම්ම මෝ නැතිව බනිනවා ගැණිට..

    " බලපන් බන්.. නිකන් කන එක කන්න එපැයි.. හිච්චක් කාල ඉන්නවා.. " හයියෝ

    ඊට අමතර හොටෙල් කීපයකම ලන්ච් සෙට් උනා.. අහ් මර්කන්ටයිල් ශිපිං එකේ තමයි උපරිම රස.. උන් ලන්ච් විතරක් නෙමෙයි බොන්නත් දුන්නා.. හිතා ගන්න පුළුවන්නේ...

    සුපිරි වලි එහෙමත් හිටපු ගමන් ඇදෙනවා... 2006 දි ද කොහෙද තිබ්බ Vanik EGM එකේ පට්ට වලියක් ඇදුනා... අමුතු චරිතත් වඩිනවා... එක ඩයල් එකක් හිටියා හැම AGM එකටම ඇවිල්ල සිංහලෙන් එකම විදියෙ කතාවක් කරනවා.. Director Board එකේ ඉන්න හැම එකාටම සුදු හුණු ගානවා ආපු එවුන් හූ කියනකම්ම...

    ඔය කාලේ Shares 10 - 100 අතරේ අරගෙන ( AGM යන පරමාර්ථෙන්ම ) කම්පැනි 100 කට වඩා ගානක් මගේ portfolio එකේ තිබ්බා... shares 1 ක් තිබ්බත් කම්පැනි එකේ quarterly reports, Annual reports අනන් මනන් ලියුම් ඔක්කොම ගෙදරට තැපල් කරනවනේ.. ඒ දවස් වල දවසකට ලියුම් පොත් 2 - 3 ක් වරදින්නෙ නෑ... අපේ ගෙදර මිනිස්සුත් අහනව
    " මොනවද මනුස්සයෝ මේ එන්නේ " කියලා...

    දවසක් තැපල් පියුන් අම්මගෙන් අහල තිබ්බා
    " මේ මෙහේ පුතා මොකක්ද මිස් කරන රස්සාව ? " කියලත්... හික් හික්... අහල පහල එකෙක්ටවත් නොයෙන ලියුම් කන්දරාවක් එද්දි...

    හුඟක් AGM වලට එන්නේ එකම සෙට් එක.. රස්සාවක් විදියට යන වද මන්දා.. අන්තිමට AGM එකකට ගියේ 2006 දි... ඊට පස්සෙ නම් ගියේ නෑ.. ලංකාවෙ ආවට පස්සෙ කොටස් ගණුදෙනු අතෑරල දැම්මත් ජංජාලෙන් ගණුදෙනු කරන්න පුළුව්න් උනාට පස්සෙ ( Online trading ) 2009 දි ආයෙම ගේමට බැස්සා...පරිස්සමෙන්.. දැනුවත් භාවයකින්.. කරගෙන යනවනම් ඒක හොඳ තැනක් ආයෝජනයට.

    ලංකාවට ගියහම තාමත් මම තැරව්කාර ආයතනයට ඔලුව දානවා.. පරණ ඩයල් එක්ක චැටක් දාල එන්න... හික් හික්...

    හැබයි දැන් නම් මම හිතන් නෑ කිසිම Company එකක ඉස්සර වගේ Lunch , Gift එහෙම දෙනව කියලා.. මොකද දැන් එහෙම කරන්න ගියොත් ඔව්වො බංකොලොත් වෙනවා... හික් හික්..



    http://palaamalla.blogspot.com/2012/03/agm.html
     
    • Like
    Reactions: -Petsha-

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ලැබුවා වූ නව වසර ලක්වාසී සියලුම දෙනාට සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා !
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් පොළේ price band වහාම ඉවතට‍

    වැඩිපුර මිල උච්චාවචනය වන කොටස් සඳහා සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවා තිබූ සියයට දහයක මිල සීමාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කර තිබේ.


    කෙසේවෙතත්, විනිමය කොමිසම පවසා තිබෙන්නේ එවැනි මිල සීමාවක් යළිත් පැනවීමට අවශ්‍ය වන්නේදැයි තීරණය කිරීම සඳහා වෙළඳ පොළ ක්‍රියාකාරීත්වය දෙස සැලකිල්ලෙන් නිරීක්ෂණය කරන බවයි.

    වෙළඳ පොළ සිද්ධාන්ත වලට පටහැනිව සමහර සමාගම්වල කොටස් මිල පසුගිය කාලයේදී විශාල ලෙස ඉහළ යන අවස්ථාවේදී විනිමය කොමිසම මෙම මිල සීමාව පැනවීය.

    එයින් අවධාරණය කෙරුණේ කොටස් මිල එක් දිනක් තුළදී සියයට දහයකට වඩා පහළ වැටීමට හෝ ඉහළ යාමට නොහැකි බවයි.

    මේ වනවිට, පොලී අනුපාත ඉහළ නැගීම ඇතුළු පවතින ආර්ථික තත්ත්වය හමුවේ කොටස් වෙළඳ පොළේ වර්ධනයද පසුබා ඇත.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මිල සීමාව ලිහීමෙන් පසුව කොටස් පොළ වඩාත් ඉහළට


    වඩාත් උච්චාවචනය වන කොටස් මත පනවා තිබූ මිල සීමාව නියාමකයා විසින් ඉවත් කිරීමත් සමග කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද ඉහළ ගියේය.


    මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 2.06 කින් ඉහළ ගොස් ඒකක 5,518.72 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.89 කින් ඉහළ ගොස් ඒකක 4,950.94 ක් විය.

    දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 359 කි.

    මිල වැඩිපුර වෙනස් වන කොටස්වල මිල දිනයක් තුළ ඉහළ පහළ යා හැක්කේ සියයට දහයක් පමණකැයි සුරැකුම්පත් හා විනිමය කොමිසම පනවා තිබූ මිල සීමා අද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළේය.

    නමුත්, යළිත් අවශ්‍ය වන්නේ නම් එවැනි මිල සීමාවක් පැනවීමට සූදානම් බවද නියාමකයා පැවසීය.

    අද දිනයේදී කොමර්ෂල් බැංකුවේ කොටස් වඩාත් සක්‍රීය ලෙස ගනුදෙනු වූ අතර කොටසක් රුපියල් 3.30 කින් ඉහළ ගොස් රුපියල් 105.10 ක් වෙද්දී බැංකුවේ ඡන්ද රහිත කොටසක් රුපියල් 4.10 කින් ඉහළ ගොස් රුපියල් 84.10 ක් විය.

    ජෝන් කීල්ස් කොටසක් රුපියල් 3.50 කින් පහළ ගොස් රුපියල් 205 ක් වෙද්දී ලංකා සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගම පැවසුවේ දිනයේ වෙළඳ පොළ ක්‍රියාකාරීත්වයෙන් සියයට 30 ක් විදේශීය ගැනුම් කරුවන් කළ මිලදී ගැනීම් බවයි.

    මේ අනුව, දිනය තුළ රුපියල් මිලියන 49.2 ක ශුද්ධ විදේශීය අරමුදල් කොටස් වෙළඳ පොළට පැමිණ තිබේ.

    අද දිනයේ වඩාත් මිල ඉහළ ගිය කොටස බවට SMB Leasing ඡන්ද රහිත කොටස පත්වූ අතර කොටසක් ශත 10 කින් ඉහළ ගොස් ශත 50 ක් බවට පත් වෙද්දී එම කොටස් මිලියන 1.2 ක් ගනුදෙනු විය.

    ඉන්පසුව වඩාත් ඉහළ ගිය කොටස බවට පත්වූයේ Kuruwita Textile Mills කොටස්ය.

    එම කොටසක් රුපියල් 4.70 කින් ඉහළ ගොස් රුපියල් 26.90 ක්වූ අතර Ceylon Tea Brokers කොටසක් ශත 90 කින් ඉහළ ගොස් රුපියල් 5.80 ක් විය.
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Freelanka newei ban kisima stock ekak gana mata nam sure ekak naha fundamentals kale .ikmanatama ayeth last yr eke thibuna wage bull market ekak dakinna labenna kiyala prarthana karanawa
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මොකෝ බං දැන් මේක වහලද??? ආයේ සැහෙන කාලයක් බලන ඉන්න වෙයි වගේ නේද....
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    තිලක් ගෙදර යාම ගැන දිලිත් කතා කරයි

    ආයෝජකයින් හා තැරැව්කාර කණ්ඩායමක පීඩනය හමුවේ තමා විනිමය හා සුරැකුම් පත් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත්වූයේ යැයි තිලක් කරුණාරත්න මහතා කර තිබෙන ප්‍රකාශයට ආයෝජකයෙකු වූ දිලිත් ජයවීර මහතා අද පිළිතුරු ලබා දුන්නේය.


    අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කොටස් වෙළඳ පොළේ එවැනි මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ නම් පරීක්ෂණ පවත්වා ඔවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් තිලක් කරුණාරත්න මහතා කළ යුතුව තිබුණේ තනතුරෙන් ඉවත්වීම වෙනුවට අඛණ්ඩව තනතුරේ රැඳී සිටිමින් අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන ගොස් වැරදිකරුවන්ට දඬුවම් කිරීම බවයි.

    වැරදිකරුවන්ට දඬුවම් කිරීම වෙනුවට ආයෝජකයින් 17 දෙනෙකුට එරෙහිව පරීක්ෂණ කටයුතු සිදුකරනවා වැනි ප්‍රකාශ මාධ්‍ය හමුවේ කිරීම තුළින් කොටස් වෙළඳ පොළ කෙරෙහි තිබෙන විශ්වාසය බිඳීයන බවත් එය වෙළඳ පොළේ මුදල් ආයෝජනය කර තිබෙන ආයෝජකයින්ට ගැටලු මතුකරන්නක් බවත් හෙතෙම කීය.

    තිලක් කරුණාරත්න මහතා ඉවත්වීම පිටුපස දිලිත් ජයවීර මහතා සිටීදැයි මෙහිදී නැගුණු පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ කොටස් වෙළඳ පොළට සම්බන්ධ පාර්ශව සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවකදී තමන් කොළඹ කොටස් වෙළඳ පොළ පිළිබඳව දරන මතය සම්බන්ධයෙන් ඉතා කෙටි දේශනයක් පැවැත්වූ බවත් එම අවස්ථාවේ තිලක් කරුණාරත්න මහතාද එහි සිටි බවයි.

    තමාගේ දේශනයෙන් ජනමාධ්‍ය තුළින් කොළඹ කොටස් වෙළඳ පොළ පිළිබඳව මතුකර තිබෙන සෘණාත්මක ආකල්ප මෙන්ම නියාමකයා සිදුකරන නියාමන කටයුතු පිළිබඳව අදහස් දැක්වූ බව ජයවීර මහතා සඳහන් කළේය.

    මෙහිදී, මාධ්‍යවේදීන් වරින් වර ඔහුට බාධා කරමින් ප්‍රශ්න නැගූ අතර හෙතෙම පැවසුවේ තමා කොළඹ කොටස් වෙළඳ පොළේ සියළු ආයෝජන කර තිබෙන්නේ තනිවම නොව දිවස සමාගම හරහා බවයි.

    මේ වනවිට, අදාළ සමාගම හරහා රුපියල් බිලියන 1.2 ක පමණ මුදල් කොළඹ කොටස් වෙළඳ පොළේ ආයෝජනය කර තිබෙන බව හෙතෙම කීය.

    කොළඹ කොටස් වෙළඳ පොළේ මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ යැයි කියමින් තමාගේ නම එයට ගාව තිබීම පිළිබඳව කණගාටු වන බවත් තමා නියෝජනය කරන්නේ සාධාරණව මුදල් ඉපයූ ආයෝජන කණ්ඩායම බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    කලම්බෝ ලෑන්ඩ් සමාගමේ පුළුල් කිරීමේ කටයුතු සඳහා තමා පසුගියදා ඉන්දියාවේ ආයෝජකයෙකු සමග සාකච්ඡා කිරීමට සූදානම් වූ බවත් එහිදී ඔවුන් තමාගේ නම ගූගල් වෙබ් අඩවියට ගොස් සෙවීමේදී කොටස් වෙළඳ පොළ මාෆියා යන අංශය යටතේ පැමිණීම නිසා අදාළ සාකච්ඡා අවලංගු වූ බවත් ජයවීර මහතා සඳහන් කළේය.

    මේ නිසා, තමා ප්‍රාර්ථනා කරන්නේ මෙවැනි මාෆියාවක් තිබේ නම් එයට සෘජුවම එරෙහි වී දඬුවම් ලබාදෙන සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානියෙකු මිස පරීක්ෂණ සිදුවන්නේ යැයි සඳහන් කරමින් ආයෝජකයින් තුළ යම් අවිනිශ්චිත අදහසක් ඇති කරන ප්‍රධානියෙකු නොවන බව හෙතෙම කීය.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=43325239
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් වෙළඳපලේ "තැරැව් මාෆියාව" මෙහෙයවන්නේ කවුද?

    එදා කොළඹ සරසවියේ නීති පීඨයේ සිසුවෙකු සිටි අවදියේ කෑම වේලක් සඳහා රුපියල් පහක් වියදම් කිරීමට නොහැකිව සිටි පුද්ගලයකුවන හා සාමන්‍යය ගුරුවරු දෙපලකගේ පුතුවන දිලිත් ජයවීර මෙතරම් කෙටි කලක් තුල මේසා විශාල ධනස්කන්දයක් සොයාගත් ආකාරය ඔහු විසින් හෙලිකල යුතුයි යන්න සඳහන්කරමින් ශාන් වික්‍රමසිංහ විසින් කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පැමිණිල්ලක් ගොනුකල බව මීට පෙර ලිපියකින් අප හෙළි කළා.


    ඔවුන් පිළිබඳව ටි.එන්.එල් ඉසිර ගුවන් විදුලිය ඔස්සේ උදෑසන පුවත් සමාලෝචන වැඩසටහනේ ශාන් වික්‍රමසිංහ මහතා හෙලිකල එසේ හෙළිකිරීමෙන් පසුව ඔහුට මරණ තර්ජන ලැබුණු අතර පසුව දිලිත් ජයවීර විසින් තමන්ගේ ප්‍රතිරූපයට සිදුකරන ලද හානිය වෙනුවෙන් 'ටී.එන්.එල්.' සහ 'ඉසිර' ගුවන් විදුලියට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥවරු මාර්ගයෙන් එන්තරවාසියක්ද යවා තිබුණා.


    ජෝර්ජ් ස්ටුවට් සමාගමේ බිලියන දෙකක කොටස් දිලිත් ජයවීර සතුව තිබෙ බවත්, රුපියල් මිලියන 500 කට ඔහු ලිබර්ටි ප්ලාසාහි යට තට්ටුව මිලදීගත් ගැනීමත්, හික්කඩුවේ රිෆ්කොම්බ් හෝටලය හා කල්පිටියේ සිට්‍රස් සමාගමේ කොටස් මිලදීගත් බවත් ඔහු එහිදී හෙළිකර තිබුණා

    කුඩු බිස්බන්ස් වලින් හොයාගන්න කලු සල්ලි සුදු කිරීම සඳහා ව්‍යාපාරිකයන් විසින් කොටස් වෙළඳපල යොදාගන්නා බව සත්‍යයක්. පසුගිය කාලයේ දුමින්ද සිල්වා රෝහල් ගතකීර්මත් සමඟ කොටස් වෙළඳපල කඩාවැටීමටද හේතුවූයේද එයයි. ඒ සියල්ල මීට පෙර ලිපි වලින් අප හෙළි කර ඇත.

    පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ගෙනදුන් ජාතික ඉතිරි කිරීමේ දූෂිත ගණුදෙනුවේදී "ද ෆිනෑන්ස්" සමාගමේ 32 ට විකිණෙමින් තිබූ එක් කොටසක් රු.50/- බැගින් මිලදී ගත් විකුණුම්කරුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් වූයේ සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සහෝදරයා වන ABC රේඩියෝ ආයතනයේ ප‍්‍රධානියා වන රෙනෝ සිල්වාය.

    දිලික් ජයවීර නැවතත් කරලියට පැමිණෙන්නේ පසුගියදා පසුගිය අගෝස්‌තු 17 වැනිදා රාජ්‍ය ආයතනය සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති හිටපු තිලක්‌ කරුණාරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්‌වීමත් සමඟයි.

    ඇත්තටම සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති හිටපු තිලක්‌ කරුණාරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ ඇයි? ඊට පෙර එම තනතුරම දැරූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ වූ හිටපු සභාපතිනි ඉන්ද්‍රාණි සුගතදාස මහත්මියද ඉල්ලා අස්වූයේ එකම හේතුවක් නිසාය. මොකක්ද මේ හේතුව?



    ඉල්ලා අස්වීමෙන් පසු එදිනම තිලක්‌ කරුණාරත්න මහතා මාධ්‍යට කරුණු දැක්වූයේ මෙසේය

    "අපි දැක්කා පහුගිය අවුරුදු දෙකහමාර තුන තුළ වංචනික ලෙස ඉතාම කූඨ ලෙස සමහර ආයෝජකයෝ අහිංසක සිල්ලර ආයෝජකයන්ව නොමඟ යවමින් ඔවුන්ගේ මුදල් ආයෝජනය කරගන කූඨ ආයෝජකයන් කෝටි ගනන් උපයන හැටි.

    මේවා ගැන නොයෙක් විමර්ශන පටන්ගන තිබුනත් ඒවා හමස් පෙට්ටියට දාලයි තිබුණේ. මම ආවට පස්සේ නැවතත් ඒවා විවෘත කරලා විමර්ශන පටන් ගත්තා. එදා ඉඳන් මට පීඩනේ එන්න ගත්තා. නමුත් මම ඒවා ඉවසගන ටිකෙන් ටික හිටියා නමුත් අවසානයේ ඒ පීඩනය දරාගන්න බැරි තත්ත්වයකට ආවා. ඒ නිසා මම තීරණය කලා මෙතනින් යා යුතුයි කියලා."


    නමුත් ඉන්පසුව ඔහු විසින් පුවත්පත් කීපයකට ඔහු පවසා සිටි කරුණු වලින් අප විසින් උපුටාගන්නා ලද කරුණු මෙසේය.

    කොටස් වෙළඳපලේ පවතින මෙම අර්බුධය මොන විදිහටද ආරම්භ වුණේ

    2009 යුද්ධය ජයග්‍රහණය කලාට පස්සේ කොටස් වෙළඳපල සුබවාදී නැඟීමක් පෙන්නුවා. එසේ ඉහල යනවිට මේ කූඨ ව්‍යාපාරිකයන් සමහර ද්‍රවශීලතාව අඩු කොටස්, ඒ කියන්නේ තුට්ටුවක් වටින්නේ නැති සමාගම් වල රු.2/- කොටස රු. 70/- ට වගේ වැඩි කළා. ඒ වෙනුවට අහිංසකයන්ගේ මුදල් තමයි ඔවුන් පාවිච්චි කළේ. මේකට ඉංග්‍රීසියෙන් කියනවා "Herd Instinct" කියළා. ඒ කියන්නේ හරක් පට්ටියෙ ගොඩක් යනකොට ඉස්සරහා යන එකාගේ පස්සෙන් තමයි ඔක්කොම යන්නේ.

    ඒ ආකාරයක මෙවැනි සමාගමක කොටස් නඟිනවා දැක්කම තැරැව්කාරයා කියනවා "මෙන්න හොඳ කොටසක්, ගිය සුමානේ 20/-යි, දැන් 30/-යි ලබන සුමානේ වෙනකොට 50/-ට නඟී දැන් ගන්න, දැන් ගන්න කියළා.

    එහෙම මිනිස්සු අමාරුවේ දාලා තමන්ගේ කොටස් ටික ලොකුවට නග්ගලා ඉක්මනින් කෝටි ගනන් හම්බ කරගන එළියට එනවා. ඒකෙන් තමයි මේක ආරම්භ වුණේ.

    ඒ අර්බුධය නිසාම තමයි කොටස් වෙළඳපල නැවත කඩාගන වැටෙන්නේ. ලංකාවේ කොටස් වෙළඳපලට වුනේ ඒකයි.

    ඔබ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ඉතාම කෙටි කාලයක්‌. ඒ කාලය තුළ ඔබේ සභාපතිත්වය යටතේ කොමිසමෙන් කළ කාර්යභාරය කුමක්‌ද?

    ජනාධිපතිතුමා මේ තනතුර භාරගන්න කිව්වමත් මුලදි මම අකැමැති වුණා. එතන තියන අර්බුද මම දන්න නිසා. මමත් දිගු කලක්‌ තිස්‌සේ කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජකයෙක්‌. කොටස්‌ වෙළෙඳපොළ තුළ සිදුවන දේවල් මම දන්නවා. ඒ නිසා මම හිතුව අවසානයේදී මේ අභියෝගය භාරගන්න අවශ්‍යයි කියලා. ඒ වගේම මම ජනාධිපතිතුමාගෙන් පූර්ණ නිදහස ඉල්ලුව ඒ කටයුත්ත කරගෙන යන්න හරි තිලක්‌ ඔයා කරගෙන යන්න කිව්ව. ඒ අනුවයි මම පසුගිය දෙසැම්බර් 07 වැනිදා වැඩ භාරගත්තෙ.



    කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අමතරව කොමිසම කළ තවත් දේවල් මොනවාද?

    ඔව්. කොටස්‌ වෙළෙඳපොළ තුළ තියන මේ නොයෙකුත් ප්‍රශ්නවලට මූලිකම හේතුවක්‌ තමයි එහි අයිතිකාරයන් මුලින්ම කොටස්‌ වෙළෙඳපොළේ හිටපු තැරැව්කාරයො 15 ස්‌ දෙනා වීම. දැන් තැරැව්කාර ආයතන ප්‍රමාණය 28 ක්‌ දක්‌වා වර්ධනය වෙලා තියනව. මේ තැරැව්කරුවන් කොටස්‌ වෙළෙඳපොළේ අයිතිකාරයන් වීම නිසා කොටස්‌ වෙළෙඳපොළේ නියාමනය නිසි පරිදි ගෙන යැමට බලපෑම් ඇති වෙනවා.

    කොටස්‌ වෙළෙඳපොළේ කටයුතු කරනකොට තැරැව්කරුවන්ටත් තියනවා නොයෙකුත් නීති රීති. ඒ අය එම නීති රීතිවලට හරිම අකමැතියි. ඒව පනවන්නෙත් අපි නොවෙයි. ඒව පනවන්නෙ කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයමයි. ඒව අනුගමනය නොකරන්න, ඒවට බාධා කරන්න හෝ අලුත් නීති රීති ගෙන ඒම වැළැක්‌වීමටයි ඔවුන් නිතරම බලන්නෙ.

    හිටපු සභාපතිනි ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය ඉල්ලා අස්‌වෙමින් කීවේ තවදුරටත් හෘදය සාක්‍ෂියට එකඟව කටයුතු කරන්න බැරි නිසා ඉල්ලා අස්‌වන බවයි. එතුමිය බලවත් නිලධාරිනියක්‌. ඒ නිසා ජනාධිපතිතුමා ඔබට මේ තනතුර භාරගන්න ආරාධනා කළ විට ඔබ හිතුවෙ නැද්ද ඔබටත් ස්‌වාධීනව කටයුතු කරන්න ඉඩක්‌ නොලැබෙයි කියලා?

    එතුමිය ඉතාම දක්‍ෂ, ඉතාම අවංක කෙනෙක්‌. ඒ වගේම කැපවීමෙන් වැඩ කරල උපරිම උත්සාහයක්‌ දැරුව මේ ස්‌ථානය හදන්න. ඒක මම දන්නව. එතුමියට රජයේ සම්බන්ධකම් මට නැහැ. නමුත් අනිත් අතට එතුමියට ඒකත් එක්‌තරා බාධාවක්‌ වුණා. එතුමිය නිසි තීන්දු ගැනීමේදී ඇතැම් විට ජනාධිපති ලේකම්තුමාවත් අපහසුතාවට පත් වෙන්න පුළුවන්. එය ප්‍රධාන හේතුවක්‌ වුණා. ඒ නිසා ජනාධිපති ලේකම්තුමාව (එතුමියගෙ සැමියාව) අපහසුතාවට පත් නොකර අයින් වෙන එක හොඳයි කියල එතුමිය හිතන්න ඇති.


    නමුත් මට එහෙම කාවවත් අපහසුතාවට පත් වීමේ ප්‍රශ්නයක්‌ තිබුණෙ නැහැ. ඒ එක්‌කම ජනාධිපතිතුමාගෙයි මගෙයි සම්බන්ධය බොහොම ඈතට දිවයන එකක්‌. දැන් වසර 30 ක්‌ පමණ. එවැනි කලක්‌ හඳුනන ජනාධිපතිතුමා මා ගැන හොඳට දන්නව. කවදත් කෙළින් කතා කරන, කාටවත් යට නොවන පුද්ගලයෙක්‌ බව ජනාධිපතිතුමා මා සම්බන්ධයෙන් හොඳටම දන්නව. ඒ නිසා මේ කටයුත්ත කරගෙන යන්න මට පූර්ණ නිදහස දෙයි කියල මම හිතුව. මම වැටුප්, දීමනා කිසිවක්‌ නොගෙන ගරු සේවයක්‌ ඉටු කළේ. මුලින්ම වැටුප දුන්නෙ අපේ කොමිසමෙන්ම කළ සමාජ සේවා කටයුත්තකට. ඉන් පසු වැටුප ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සංවර්ධන අරමුදලටයි.

    ඔබට ඉල්ලා අස්‌වෙන්න බලපෑම් කළ කොටස්‌ වෙළෙඳපොළේ මාෆියාව කුමක්‌ද?

    මම දැඩි කම්පනයකට පත් කළ යමක්‌ ඊට පෙර කිව යුතුයි. අර අරලියගහ මන්දිරයේ සාකච්ඡාවකට අපිව කැඳෙව්වනෙ. තැරැව්කාරයනුයි, අපියි, කොටස්‌ වෙළෙඳපොළේ සභාපතිතුමා සහ අධ්‍යක්‍ෂවරුන් සහ තෝරා ගත්ත ආයෝජකයන් මෙයට කැඳවා තිබුණා. මම දැනුවත්ව නම් එයට ජනාධිපතිතුමාගේ කිසිම සම්බන්ධයක්‌ තිබුණෙ නෑ. ඒ රැස්‌වීමෙ අසුන් පැනවීම පවා සම්පූර්ණයෙන්ම වැරදියි. මුලින්ම එන්න කිව්වෙත් තැරැව්කරුවන්ට. අපිට නෙවෙයි.


    මට පුටුවක්‌ තියල තිබුණ එක ඇත්ත. නමුත් තැරැව්කරුවන් සියලු දෙනා ඇවිත් ප්‍රධාන මේසෙ වාඩි වුණා. මගේ කොමසාරිස්‌වරු, කොටස්‌ වෙළෙඳපොළේ අධ්‍යක්‍ෂවරු, සමහර වැදගත් ආයෝජකයන් තැන් තැන්වල විසිරිල වාඩිවෙලා හිටියෙ.

    තැරැව්කාරයො ටිකක්‌ සහ ඔවුන් සමගම කටයුතු කරන ව්‍යාපාරිකයන් පිරිසක්‌ තමයි ප්‍රධාන මේසෙ වාඩි කෙරෙව්වෙ. මම බලන් හිටිය මොකක්‌ද වෙන්නෙ කියල. ජනාධිපතිතුමා පැමිණි පසු තෝරාගත් එක්‌ ආයෝජකයෙකුට පරිගණක තිර ඇසුරින් (පවර්පොයින් මාර්ගයෙන්) ඉදිරිපත් කිරීමක්‌ කරන්න අවස්‌ථාව සලසල තිබුණ. මම උඩ ගිහින් හිටියෙ සිදු වෙමින් තිබුණු දේ ගැන.

    අප එහි අසුන් ගත් විට දිලි දිලිත් ජයවීර මහත්තයට ඔහුගේ අදහස ඉදිරිපත් කිරීමට ආරාධනය කළා. ජනාධිපතිතුමාට සම්පූර්ණ වැරදි ආකල්පයක් දුන්නා. නමුත් අපිට පවර්පොයිට් මඟින් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් දීලා තිබුණෙ නැහැ. මොකක්ද මේ ඒකපාරශවීය වැඩේ කියලා මම කලකිරුණා.

    දිලිත් ජයවීර ඒ ඉදිරිපත් කිරීම් වල අපිට පහර ගැසීමක් තමයි සිද්ධ වුණේ. ඒකට තවත් තැරැව්කාර සමාගම් කිහිපයක් සහයෝගය දැක්වුවා.

    හැබැයි ඒ වගේ ඉදිරිපත් කිරීමකට ලෑස්ති වෙලා එන්න කියලා අපිට කවදාවත් කවුරුවත් දන්වලා තිබුනේ නැහැ,.එහෙම ඉඩ දුන්න නම් අපිට ඊට වඩා ලස්‌සනට ඉදිරිපත් කිරීමක්‌ කරන්න තිබුණ. සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් කරගෙන යන සියලුම වැඩකටයුතු ගැන හොඳ පැහැදිලි කිරීමක්‌ කරන්න තිබුණා අපටත් ඉඩ දුන්නා නම්.

    ඒ අය පෙර සූදානමකින් පැමිණ තිබුණ බව ද ඔබ කියන්නෙ?


    පැහැදිලිවම. මම දන්නෙ නෑ ජනාධිපතිතුමා ඒ ගැන දැනගෙන හිටියද නැද්ද කියල. මම හිතන්නෙ දැනුවත්ව නම් වෙන්න බෑ. නමුත් මට ඒ වෙලාවෙ පෙනුනා මේ කොටස්‌ වෙළෙඳපොළ මාෆියාව කෙතරම් බලවත් ද කියල. ඒ කියන්නෙ ඔවුන් තමයි එදා රැස්‌වීමේ කටයුතු මූලිකව හැසිරෙව්වෙ. මාත් හිතනව ජනාධිපතිතුමා ඒ වෙලාවෙ අසරණ වුණා කියල. හේතුව එතුමා මේ ගැන විශාල අධ්‍යයනයක්‌ කරල ඇවිල්ල නෙවෙයි එතන වාඩි වුණේ.

    තව අපේ විමර්ශන කටයුතු සඳහා ලියුම් යෑවීම ගැනත් ප්‍රශ්නයක්‌ මතු වුණා. ඒ ලියුම් යෑවීමේ කිසිම වරදක්‌ මට පේන්නෙ නැහැ. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලියුම් යවන්නෙ නැද්ද? ඒක අපේ නියාමන කාර්යයේ කොටසක්‌. අපිත් එහෙම තොරතුරු විමසන්න ස්‌වාධීන බලයක්‌ තියන කොමිසමක්‌. ඒ අය කිව්වෙ ඒ ලියුම් යෑවීමෙන් කුඩා අහිංසක ආයෝජකයින් බය වෙනවා කියලයි.

    තවත් එක්‌ තැරැව්කාරයෙක්‌ එතනදි මහින්ද චින්තනය ඉස්‌සරහට දාල කතා කළා. මම ඒකට හොඳ උත්තරයක්‌ දුන්න. තමන් කරපු හොර වැඩ වහගන්න මහින්ද චින්තනය පලිහක්‌ කරගන්නව. ඒ අය මහින්ද චින්තන කාරයො නෙවෙයි. මහින්ද චින්තනය යොදාගෙන අහිංසක සුළු පරිමාණ ආයෝජකයො ගැන කිඹුල් කඳුළු හෙළන මේ පුද්ගලයො ඒ රැස්‌වීමට ආවෙත්, ගියෙත් ජගුවර් කාර්වල, මර්සිඩීස්‌ බෙන්ස්‌වල සහ බී.එම්.ඩබ්ලිව්වල නැගල පිටිපස්‌සෙ ෂීට්‌ එකේ වාඩිවෙලා. නම් වශයෙන් මම කියන්නෙ නෑ කවුද කියල. මේ වන විට හැමෝම දන්නව ඒ අය කවුද කියල. කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා හැම රටකම තියෙනව. ඒව මුළුමණින්ම නැති කරන්න බෑ. නමුත් වෙන රටවල නීති තදින් ක්‍රියාත්මක වෙනවා.

    කොටස්‌ වෙළෙඳපොළ ගැන ප්‍රශ්නය සාකච්ඡා කරනවා නම් ඉදිරිපත් කිරීමක්‌ කරන්න ප්‍රමුඛත්වය දෙන්න ඕන සුරැකුම්පත් හා විනිමය කොමිසමට හෝ කොටස්‌ වෙළෙඳපොළට නේද?

    ඔව්. ඒත් ජනාධිපතිතුමාව අපහසුතාවට පත් කරන්න මම එතන ඒ ගැන මුකුත් කියන්න ගියේ නෑ. නමුත් අපෙනුත් මේ ගැන අහල රැස්‌වීම කැඳවන්න තිබුණා. මේ ගැන එක්‌ පුවත්පතක තිබුණේ පොලිස්‌කාරයොයි, හොරුයි එකට තියල හොරුන්ගෙ දුක්‌ගැනවිලි කතා කරනව කියලයි. කතාව ඒක තමයි. විනිසුරුවරු සෙල්ලම් කළේ හොරුන්ගෙ පැත්තට. අපි දාන බෝලවලට ඉඩක්‌ ලබාදුන්නෙම නෑ.

    ඔබේ ඉල්ලා අස්වීමට ඉහළ නිලයන්ගෙන් ඇතිවූ බලපෑම් හේතුවෙන බව කියනවෙනවා නේද?

    ඔව් අපට බලපෑම් ආවා. බොහෝම බලගතු පුද්ගලයන්ගෙන් දුරකථන ඇමතුම් ආවා. "තිලක් මෙයා මගේ අහවලා. මගේ යාලුවෙක් කියළා. ඊයේ පෙරේදා ආපු පිරිසක් බොහෝම බලගතු වෙලා තියනවා. ඊට පස්සේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා එක්ක සාකච්ජාවක් තිබුණා. එතනදී නොයෙක් දේ කතා කළා. නමුත් අවසානයේ ඉල්ලා අස්වෙන්න මම තීරණය කළා.

    මේ පිළිබඳව දිලික් ජයවීර මහතා මාධ්‍යට කරුණු දක්වා තිබුනේ මෙලෙසින්



    "විශේෂයෙන්ම ස්ටොක් මාර්කට් එකක් වගේ තැනක ඉන්ෆොර්මේෂන් වල සෙන්සිටිවිටි එක ආයෝජනයකට බලපාන තැනකදී එය භාවිතා කිරීමේදී වගකීමෙන් කළයුතුයි කියන මතය තමයි කියන්නේ. නියාමනයේ තිබිය යුතු රහස්‍යභාවය ඉතාම වැදගත්

    මම දන්න විශාල පිරිසකට මේ ලියුම් ලැබිලා තියනවා. මේ අතරින් මේ ලියුම් නොලැබුන කෙනෙක් සොයාගන්න මාරුයි. මම නීතීඥ වරයෙක්. මම අපේක්ෂා කරන්නේ නැහැ කොමිසමේ යටතේ මේ ලියුම් විමර්ශන වලට පරිවර්තනය වෙයි කියළා."

    කොටස් වෙළඳපල අනිසි ලෙස මෙහෙයවන අය ඉන්න බව ඔබ විශ්වාස කරනවද?

    "මේ මාකට් එකෙත්, යූ.එස් මාකට් එකෙත්, ජපානේ මාකට් එකෙත්, මැනිං මාකට් එකෙත්, ෆිෂ් මාකට් එකෙත්, පාර්ලිමේන්තුව ඇතුලෙත්, රටෙත් ඉන්නවා."

    "දිවැස ආයතනයත් අපිට අයත් එකක් තමයි. එහි සභාපතිවරයා නාලක ගොඩගේවා මහතා. ඔහු ශ්‍රී ලංකා සංචාරක අධිකාරියෙත් සභාපතිවරයායි. දිවැස ෆිනෑන්ස් යනු වසර 9ක් තිස්සේ පවත්වාගන යන ආයතනයක්. එහි මුල් නම "ඒෂියා කොමර්ස්""

    මෙම මාෆියාවට සම්බන්ධ දිලිත් ජයවීර මහතා හිමිකාරත්වය හා කොටස් අයිතිය ඇති සමාගම් ලැයිස්තුව මෙසේය.

    1 Triad (Pvt) Ltd 11/03/1993
    2 Adpack Productions (Pvt) Ltd 13/12/1996
    3 Printage (Pvt) Ltd 02/01/1998
    4 Capital Law Chambers & Corporate Consultants28/09/1998
    5 Imageline (Pvt) Ltd 01/07/1999
    6 Emagewise (Pvt) Ltd 27/03/2003
    7 Third World Operations (Pvt) Ltd 25/01/2004
    8 Hammer BTL (Pvt) Ltd 16/03/2004
    9 Sarva Integrated Pvt Ltd 24/03/2005
    10 Divasa Finance Ltd18/05/2005
    11 Taprobane Street30/06/2005
    12 Asia Commerce Exports (Pvt) Ltd 12/01/2006
    13 Power House Ltd 11/08/2006
    14 Thirty five km (Pvt) Ltd01/11/2007
    15 Spaacs (Pvt) Ltd 06/10/2008
    16 Derana Macroentertainment (Pvt) Ltd 18/12/2008
    17 Hardtalk (Pvt) Ltd 07/07/2009
    18 Triadhot.com (Pvt) Ltd 17/06/2010
    19 Mantram (Pvt) Ltd 05/07/2010
    20 Asia Commerce Holdings Ltd 04/11/2010
    21 Citrus Leisure PlC23/12/2010
    22 Waskaduwa Beach Resort Ltd 07/01/2011
    23 Divasa Equity Ltd 20/01/2011
    24 Kalpitiya Beach Resort Ltd 31/01/2011
    25 Hikkaduwa Beach Resort Ltd 23/02/2011
    26 Hammer Engineering Ltd 18/04/2011
    27 Colombo Land PLC01/06/2011
    28 Panasian Power PLC 10/06/2011
    29 Citrus Aqua Ltd16/06/2011
    30 Liberty Publishers (Pvt) Ltd15/07/2001
    31 Citrus Silver Limited 25/07/2011
    32 Pasikuda Beach Resort Ltd 29/07/2011
    33 Citrus Vacation Ltd 02/08/2011
    34 Citrus Villas Kalpitiya Limited17/08/2011
    35 George Steuart & Company Ltd 27/09/2011

    තත්ත්වය එසේ පවතිද්දී කොළඹ කොටස්‌ වෙළෙඳපොළ මේ වසර 2012 මුල සිට මේ දක්‌වා ගෙවී ගිය කාලයේදී 17.2% කින් පහත වැටී ඇත.

    වසර මුලදී වාර්තා වූ ඒකක 6074.4 ක්‌ සමස්‌ත මිල දර්ශක අගය පසුගිය 22 වැනිදා වන විට ඒකක 5027.4 දක්‌වා පහත වැටී ඇති අතර ඒකක 5229.2 ක්‌වූ මිලංකා මිල දර්ශකය ඒකක 4693.9 දක්‌වා පහත වැටී තිබේ.
     
    Last edited:
    • Like
    Reactions: chami_84

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සුරැකුම්පත් කොමිසමේ විමර්ශනවල ඉරණම

    ලෝකයේ සෑම කොටස්‌ වෙළෙඳපොළකම පවා අක්‍රමිකතා සිදුවෙයි. ඒ අනුව අපේ කොළඹ කොටස්‌ වෙළෙඳ පොළ තුළද අක්‍රමිකතා සිදුවන බවට කිසිම සැකයක්‌ නැත. "අපේ කොටස්‌ වෙළෙඳපොළ දෙතුන් දෙනෙකුගේ සුදුවක්‌" ලෙස ඇතැමුන් හඳුන්වන අවස්‌ථාද අපට අසන්නට ලැබී ඇත. පසුගිය දිනවල කොටස්‌ වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දිනපතාම පාහේ අපට අසන්නට ලැබුණු අපූරු දේවල්වලට අනුව පොදු මහජනතාව තුළද එවැනි ආකල්පයක්‌ ඇතිවීම පුදුමයක්‌ නොවේ. කොටස්‌ වෙළෙඳ පොළ අක්‍රමිකතා මුළුමණින්ම නොමැති තත්ත්වයක්‌ අපේක්‍ෂා කළ නොහැකි වුවත් සමස්‌ත කොටස්‌ වෙළෙඳපොළ ආයෝජකයාගේ රැකවරණය වෙනුවෙන් එම අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව අනිවාර්ය දෙයකි. අපට වඩා දියුණු කොටස්‌ වෙළෙඳපොළ ඇති රටවල පවා කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතාවලට එරෙහිව දැඩි නීති රීති පවති. එහෙත් අපේ රටේ කොටස්‌ වෙළෙඳපොළ නියාමනය කරන සුරැකුම්පත් හා විනිමය කොමිසමට ආයෝජක රැකවරණය ඇති කරනවා තබා තමාගේ රැකවරණයවත් සලසා ගත නොහැකි තත්ත්වයක්‌ ඇති බව පසුගිය සිදුවීම් වලින් රටටම පැහැදිලි විය. ඉන්ද්‍රානී සුගතදාස මෙන්ම තිලක්‌ කරුණාරත්නද ඉල්ලා අස්‌ වූයේ මේ නිසාය.

    තිලක්‌ කරුණාරත්නගේ ඉල්ලා අස්‌වීමෙන් පසු පුරප්පාඩු වූ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්ව සිටින්නේ ආචාර්ය නාලක ගොඩහේවා මහතාය. ඉකුත් අගෝස්‌තු 28 වැනිදා මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ආචාර්ය ගොඩහේවා මහතාව මේ තනතුරට පත් කළ අතර, ඒ සමගම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපති සුජීව මුදලිගේ යන මහත්වරුද කොමිෂන් සභාවේ සාමාජිකයන් වශයෙන් අලුතින් පත්කර ඇත. තිලක්‌ කරුණාරත්න මහතා සමඟම කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්‌වූ සංජීව කුලතුංග මහතා වෙනුවට ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාද කොමිෂන් සභාවේ තවත් පුරප්පාඩු වී තිබූ සාමාජික ධුරයකට සුජීව මුදලිගේ මහතාද පත් කරනු ලැබ ඇත.

    ආචාර්ය නාලක ගොඩහේවා මහතා නව සභාපතිවරයා ලෙස පත් කළ අගෝස්‌තු 28 දිනම සවස 3.30 ට පමණ ඒ මහතා නව තනතුරේ වැඩ භාරගත් අතර ඒ අවස්‌ථාවට කොමිසමේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය හරීන්ද්‍ර දිසා බණ්‌ඩාර මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයද සහභාගි වූහ.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම යනු මහජනයාට එතරම් සමීප ආයතනයක්‌ නොවුණත් පසුගිය දිනවල සිදුවූ සිදුවීම් හා මාධ්‍ය තුළ ඇතිවූ පුළුල් කතිකාව නිසා අද ගමේ ගොඩේ ජනතාවට පවා මේ ගැන යම් අවබෝධයක්‌ ලැබී තිබේ. කොටස්‌ වෙළෙඳ පොළ කටයුතු අධීක්‍ෂණය සහ විධිමත් කිරීම සඳහා ව්‍යවස්‌ථාදායක පනතක්‌ මගින් මුදල් අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති මේ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයක්‌ වන්නේ කොටස්‌ වෙළෙඳපොළ ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමයි. මේ සඳහා කොමිසම විසින් කොටස්‌ වෙළෙඳපොළ සම්බන්ධ නීති රීති සහ විධිවිධාන පැනවීමත් ඒවා ක්‍රියාත්මක කිරීමත් සහ ඒවා කඩකරන්නන් සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් කරයි. එම නීති රීති හෝ විධිවිධාන කඩකිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොමිසමේ විමර්ශන අංශයක්‌ද තිබේ. ඒ අනුව විමර්ශන පවත්වා කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතාවලට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාවද මේ කොමිසමට ඇත.

    මේ අනුව තිලක්‌ කරුණාරත්න මහතා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්‌වන අවස්‌ථාව වන විටත් කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන 17 ක්‌ විභාග වෙමින් පැවතී ඇත. දැන් ප්‍රශ්නය වී තිබෙන්නේ මේවාට කුමක්‌ සිදුවනු ඇතිද යන්නයි. තිලක්‌ කරණාරත්න මහතා මේ ලියුම්කරුට කීවේ අවංක හොඳ සභාපතිවරයෙක්‌ පත්වුවහොත් එම විමර්ශන දිගටම ගෙන යනු ඇති බවත් එසේ නැතහොත් ඒවා යළි "හමස්‌ පෙට්‌ටියට" යනු ඇති බවත්ය. කරුණාරත්න මහතා පත්වන විටත් කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු එම අංශයට ලැබී තිබුණු යම් යම් උපදෙස්‌ අනුව නැවතී තිබුණු අතර ඒවා යළි ආරම්භ කිරීමට කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන්ගේ සහායද ඇතිව ඒ මහතා නායකත්වය ගෙන තිබුණි. ඒ ගැන ඇතැම් අය නොසතුටට පත්වූ බවත් තිලක්‌ කරුණාරත්න මහතාට පමණක්‌ නොව ඊට පෙර සිටි ඉන්ද්‍රdනි සුගතදාස මහත්මියටත් ඉල්ලා අස්‌වන තැනට බලපෑම් ඇති කළේ මේ නොසතුටට පත්වූ පිරිස්‌ විසින් බවත් දැන් පැහැදිලි වී ඇති කරුණකි.

    මෙවන් පසුබිමක්‌ තුළ දිලිත් ජයවීරලාට හිමිකම් ඇති සමාගමක සභාපති ධුරයක්‌ද දැරූ ආචාර්ය ගොඩහේවාට සුරැකුම්පත් හා විනිමය කොමිසමේ විමර්ශන ඉදිරියට ගෙනියන්න පුළුවන්ද? නැතහොත් එම විමර්ශන, යට යයිද? මෙවැනි ඉතා සාධාරණ ප්‍රශ්න අද කා තුළත් ඇතිවී තිබේ. කෙසේ වෙතත් "දි අයිලන්ඩ්" පුවත්පතට කළ විමසුමකට පිළිතුරු දෙමින් නාලක ගොඩහේවා ප්‍රකාශ කර තිබුණේ කොමිෂන් සභාවේ විමර්ශන එලෙසෙම ඉදිරියට ගෙන යන බවයි. ඔය කියන පරිදිම වැඩ සිදු වෙනවා නම් එය බොහෝම හොඳය. මේ මොහොතේ සුරැකුම්පත් හා විනිමය කොමිසමෙන් රටට ලබාදිය යුතු සහතිකයද එයයි. එහෙත් ආචාර්ය ගොඩහේවා මතුපිටින් කියන දේට පටහැනි දෙයක්‌ තිරය පිටුපස සිදුවෙනවා නම් එය කොටස්‌ වෙළෙඳපොළේ හෙට දවසට යහපත් වන්නේනැත. ඒ තුළින් කොටස්‌ වෙළෙඳපොළ අතට ගැනීමට උත්සාහ කරන ඉතා සුළු පිරිසකගේ අරමුණු ඉටුවිය හැකි වුවත් කොටස්‌ වෙළෙඳපොළේ සමස්‌ත ආයෝජක ප්‍රජාවට සැලසෙන රැකවරණයක්‌ නැත. එහෙත් එවන් තත්ත්වයක්‌ උදා නොවී ආචාර්ය ගොඩහේවා "දි අයිලන්ඩ්" පත්‍රයට පවසා තිබූ පරිදිම කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සිදු කරමින් පැවැති සියලු විමර්ශන ඉදිරියට ගෙන ගොස්‌ අපේ කොටස්‌ වෙළෙඳ පොළ තුළ ලොකු පොඩි සියලු ආයෝජකයන්ට ආරක්‍ෂිත වාතාවරණයක්‌ ඇති කරන්නට සුරැකුම්පත් හා විනිමය කොමිසමට හැකි වේවායි යන්න අපගේ ප්‍රාර්ථනයයි.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    http://www.divaina.com/2012/09/02/feature17.html