හිම්යනි ඹබ සදා අමරණියයි. ජාතියේ අමරණිය මුර දෙව්වරුනි. මෙ සිංහල රට සදා ඹබට ණයගැතියි හිම්යනි...........
පුදන්නට පරසතු ිනාමැත මට පුදන්නෙම් වන පස මලින්....
හිම්යනි ඹබ සදා අමරණියයි. ජාතියේ අමරණිය මුර දෙව්වරුනි. මෙ සිංහල රට සදා ඹබට ණයගැතියි හිම්යනි...........
පුදන්නට පරසතු ිනාමැත මට පුදන්නෙම් වන පස මලින්....
Watch it :
http://www.buddhistculture.net/balangoda-ananda-maitreya-thero.html
බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දින සටහන්
බුද්ධගයාවෙන් සිංහල දාන වේලක්
කොටස - 07
1968 වසරේදී එවකට 71 වැනි වියේ පසුවූ ආනන්ද මෛත්රය මහ නාහිමියෝ බුද්ධගයාවේ වස් විසීම සඳහා වැඩම කළහ. ඉන්දියානු මහාබෝධි සමාගමේද, නෙළුවේ ජිනරතන හිමියන්ගේද ආරාධනය අනුව උන්වහන්සේ 1968 අගෝස්තු 7 වැනිදා කොටුව දුම්රියපෙළෙන් පිටත්ව තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරමින් සිටි මෛත්‍රී මූර්ති, හා කරුණා මූර්ති යන හිමිවරුද, බලන්ගොඩින් බිබිලේ සුමංගල නාහිමිද, පිරිවනේ බොහෝ වැඩිහිටි භික්ෂූන්ද දුම්රියපළට පැමිණ උන්වහන්සේට පිරිත් කියා ආශිර්වාදකොට තිබේ. නාහිමියෝ දුම්රියෙන් තලෙයිමන්නාරමටද එතැන් සිට නැවෙන් මදුරාසියටද වැඩම කළහ. මේ ගමනේ සම්පූර්ණ විස්තරයක් උන්වහන්සේගේ දිනපොතෙන් හමුවෙයි.
1978 අගෝස්තු 02
උදේ තලෙයිමන්නාරමට පැමිණියෙමි. මෙහිදී ස්ටේෂමේ බැංකුවෙන් රුපියල් 50 ක ලබාගතිමි. රුපියල් 75 ක් දුන් විට ලැබෙන්නේ රුපියල් 50 යි. මෙහිදී 10 ට පමණ නැවට නැංගෙමු. නැවේදී වැළඳීමි. නාලන්දාවේ උගන්වන මුස්ලිම් තරුණයෙක් ද හමුව එකට ගමන් ගතිමු. හේ අපට බොහෝ උපකාරී විය. රාමේශ්වරමේදී බෝට්ටුවලට නැග ගොඩට ආමු. එහිදී බඩු පිරික්සීම විය. ඉන්පසු දුම්රියට නැගුණෙමු. රාමේශ්වරමේ අය නොයෙක් දැය ඉදිරිපත් කොට මුදල් කඩති. එහිදී පමණක් රු. 30 ක් පමණ වියදම් විය.
1968 අගෝස්තු 03
මදුරාසියට ගොස් ඇග්මෝර් මහබෝධි මැඳුරට ගියෙමි. ගමනට කල්කටාවට ආසන වෙන්කරවා ගැන්මට එහි පොඩිනමට පැවරීමි. රෑම කෙනෙකු යවා ටිකැට් හා බර්ත් පිළියෙළ කැරවීය. හොඳට නාගෙන සැතපුණෙමි.
1968 අගෝස්තු 05
උදේ වරුවේ මුදල් මාරු කරගන්නට බැංකුවට ගියෙමි. එහි හෝටලයකදී දාවල වළදා ගෝවින්දප්පනායික වීදියේ නාඩිකාරයා වෙත ගොස් ධර්ම මූර්තිගේ පුනර්ජන්මය ගැන ප්රෙත්යයක කාණ්ඩ තුනක් ගතිමි. වෙහෙස නිසා රාත්‍රියේ තදින් වමනය විය. එයින් පසු නින්ද ගියේය.
1968 අගෝස්තු 06
දොළහට මේල් දුම්රියෙන් කල්කටාව බලා පිටත්වීමි. බඩුවල බර සඳහා ගෙවීම් ආදියට මදුරාසි මහාබෝධියෙන් රුපියල් 25 ක් ලබා ගතිමි. බොහෝ දුර යනතුරුත් දැඩි උෂ්ණය දැනිණ. රෑ වර්ෂාව ඇති විය. උෂ්ණය අඩු විය. රාත්‍රිය දුම්රියේමය.
අගෝස්තු 08
උදේ හවුරාවෙන් බැස්සෙමු. කුලී කාරයාට රු. 6 ක්ද, කාරයට රු. 10 ක්ද, දුනිමු. කල්කටාවේ ධර්මරාජික විහාරයට ගියෙමු. එහෙන් එවූ සමාගමේ වෑන් රිය අපට මඟහැරී ගොස් තිබිණි. ජිනරතන ආදී කීප නමක් උදේ ස්ටේෂමට ඇවිත් ගිය බව පසුව දැන ගතිමි. විහාරයේදී වළදා මියුසියම් එක බලන්නට ගියෙමු. සවස 6 ට පමණ දේවප්‍රිය වෙනුවෙන් කළ පුද උළෙලට සහභාගි වීමි. ඉංග්‍රීසියෙන් ටිකක් අවවාද කළෙමි. රෑ කෝච්චියෙන් පිටත් වීමු. බරණැසට යන සඟ පිරිසද අප හා එක්වූහ. ජිනරතන රු. 2.00 ක් වියදමට දුනි.
1968 අගෝස්තු 09
උදේ 7 ට ගයාවෙන් බැස්සෙමු. ධම්මාරාම තෙර අපට උදව් පිණිස බැස අවුත් බුද්ධගයා විහාරයටම අප පැමිණ වීය. දවල් දන සිංහල ක්‍රමයට පිළියෙල වී තිබුණි. සවස වස් එළඹීමි.
මෙලෙස බුද්ධගයාවේ වස් එළැඹුණු ආනන්ද මෛත්‍රෙය නාහිමියන් සිය වස් කාලය තුළ හින්දි ඉගෙනීමටත්, යෝග භාවනාවටත්, රටතොට සංචාරයටත් ගත කළ බව පෙනේ.
13 වැනිදා සවස් වරුවේ නිල්වක්කේ සෝමානන්ද තෙරුන් සමග ගයාවට වැඩමකොට කඩදාසි ආදිය රැගෙන ආ බවත්, හින්දි පාඩම් කළ බවත් රෑ බොහෝ වේලා විහාරය වටේ පිටත වේදිකාවේ භාවනාවෙන් ගත කළ බවත්, සටහන් කර තිබේ. 14 වැනිදා එළිවේගෙන එන යාමයේ පිබිද ආනාපාන සතිය වඩන්නට පටන් ගත් බවද සටහන් කර තිබේ. සිය හින්දි දැනුම තවදුරටත් දියුණු කර ගැනීමේ අරමුණින් සමූනීන්ද්ර නමැති හින්දුවකු සමඟ සම්බන්ධාග්රාමයේ සුරේන්ද්රජී හමුවීමට ගිය බවත්, ඉන්පසු සෑම දිනකම සවස 3.00 ට සුරේන්ද්රජී වෙත ගොස් ඔහුගෙන් හින්දි ඉගෙනගත් බවද කියා තිබේ. මේ දිනවල උන්වහන්සේගේ ජීවිතය ගෙවණු අයුරු පහත දින සටහන් වලින් හඳුනාගත හැකිය.
1968 අගෝස්තු 22
උදේ නිල්වක්කේ සෝමානන්ද තෙරුන් සමග රික්ෂෝවකින් ගයාවට ගොස් හින්දි පොතුත්, භූමිතෙල් ළිපකුත්, තවත් අවශ්‍ය දෑත් මිලයට ගතිමි. සියල්ලටම රුපියල් 50 ක් පමණ වියදම් විය. මැඩ්රාසයෙන් නාඩි ප්‍රෙත්‍යක කාණ්ඩ තුනද ලැබුණේය. හවස 3 ට සුරේන්ද්රජි වෙත ගොස් හින්දි පාඩම් උගතෙමි. සවස විහාරයට ගොස් භාවනාකොට බුදුරදුන් හා බෝධිය වැඳ දෙවියන්ට පින් දී ආමි. රෑ 8 ට පමණ මගධ විශ්වවිද්‍යාලයේ උපකුලපති අවුත් දෙපැයක් පමණ බෞද්ධ යෝග ක්‍රම ගැන සාකච්ඡා කොට ගියේය. රෑ හින්දි පාඩම් කළෙමි.
1968 අගෝස්තු 24 වැනිදා ආනන්ද මෛත්රය නාහිමියන් සාරානාථයේ කළමනාකාර අධ්යක්ෂ ධුරයට ද, මහාබෝධි සමාගමේ විධායක සාමාජිකයෙකු බවට ද පත්කර තිබේ. මේ කාලයේදී නාහිමියන් තදින් යෝග භාවනාවේ නිරතව සිටි බව පෙනේ. ඇතැම් දිනවල සටහන් කර ඇත්තේ "උදේ භාවනා කළෙමි. සවස භාවනා කළෙමි. රෑ 11 ට භාවනා කළෙමි" යන්න පමණකි. මෙසේ හින්දි උගනිමින්, භාවනා කරමින් ගයාවේ වස් වැස සිටි නාහිමියන් ඉසිපතනයේ ප්‍රධාන ලේකම් ධුරයට පත් කළ බව සඳහන් වේ.
1968 ඔක්තෝබර් 17
අද දාවලින් පසු සෝමානන්ද තෙරුන් සමඟ ගයාවට ගියෙමු. එහිදී ස්වේටර් ආදී ශීත සෘතුවට අවශ්‍ය දෑ මිලයට ගතිමු. හැන්දෑවේ බුද්ධගයාවට ආ විට විදුලි පණිවිඩයක් ලදිමි. කුඹල්ගමුවේ සිරිනිවාස තෙරුන් අපවත් වූ බවත්, වහාම සාරානාථයට එන්නටත් කියා ජිනරතන තෙරුන් එවූවකි. හෙට උදේ දුම්රියෙන් යැමට තීන්දු කර ගතිමි.
1968 ඔක්තෝබර් 18
උදේ දුම්රියෙන් ශාන්තමූර්ති, නිල්වක්කේ සොමානන්ද සහ මම පිටත් වූමු. දුම්රියේදී උදේ දාවල වැළඳීමු. ඉන්පසු බරණැස ඉසිපතනයට ගියෙමු. සවස විහාරයේ කොමිටි මීටිම විය. සිංහල තානාපති ද පැමිණ සිටියේය. ජිනරතන තෙර වජිර කුටිය පෙන්වා මට එහි වාසය සකස් කරදීම සංවිධාන කළේය.
මෙතැන් සිට ආනන්ද මෛත්රය නාහිමියන්ගේ වාසය සිද්ධ වී ඇත්තේ බරණැස මූලගන්ධ කුටි විහාරයේය. එහි වජ්රකුටියේ උන්වහන්සේ වාසය කර ඇති අතර එය පිළියෙල කෙරෙන තුරු ධර්මපාලතුමාගේ කුටියේ වාසය කර තිබේ. මේ කාලයේ ඉසිපතනයේදී ආන්ද්‍ර ප්‍රදේශයේ බැරිස්ටවරයෙකු ආර්ය මෛත්‍රෙය නමින් පැවිදි කළ බව සටහන්ව තිබේ.
1968 ඔක්තෝබර් 22
ඉසිපතනයේ පොත් බලමින් සිටියෙමි. රෑ බහාබෝධි වන්දනා පිරිසේ නායක සේන මහතා ආන්ද්‍ර ජාතික මහතෙකු සමග ආයේය. එංගලන්තයේ 15 වසරක් බැරිස්ටර්ව එංගලන්තයේම පුරවැසියෙකුව සිටියෙකි. සම්පූර්ණ සූත්‍ර පිටකයේ ඉංග්ලිශි පරිවර්තනය කියවා බුදු දහම ගැන හොඳ දැනුමක් ලැබූවෙකි. හේ මා වෙත අවුත් පැවිදි වීමට කැමති බව කීයේය. පසුදින මෙය කිරීමට තීන්දු විය.
1968 ඔක්තෝබර් 23
සවස 2.40 ට ආන්ද්‍ර බැරිස්ටර් මහතා ඉසිපතනයේ ධම්ම චක්ක ථූපය සෙවණේදී ආර්ය මෛත්රය නමින් පැවිදි කෙරිණි. ඔහුට ඉසිපතනයේ නැවතීමට සැලැස්වීමි. හේ ගුරු පූජා වශයෙන් මට ඉලැක්ටි්රක් රේසරයක් පිදීය.
ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් ඉන්දියාවේ ගත කළ යුගය ඉතා සුන්දර කාලඡේදයකි. ශාසනික කටයුතු හැරුණු කල උන්වහන්සේගේ සම්පූර්ණ කාලය ගත වී ඇත්තේ භාවනාවටය. කලක් සිය ජීවිතයේ ඉතිරි යුගය ඉන්දියාවේම ගත කිරීමට උන්වහන්සේ අදිටන් කරගෙන සිටියහ. එහෙත් වරින් වර එළඹුණු විවිධ ශාසනික වගකීම් නිසා නාහිමියෝ පෙරලා ලංකාවට වැඩම කළහ. උන්වහන්සේ සිය ජීවිත කාලය තුළ 35
වතාවටත් වැඩියෙන් ඉන්දියාවට වැඩම කර ඇති බව දිනපොතේ සටහන් වෙයි.
සමුද්‍ර වෙත්තසිංහ (
www.divaina.com)
ආනන්ද මෛත්‍රිය හිමියන් හෙළිකළ පූර්ව ජන්මයේ තොරතුරු
අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි.
උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ කීහ.
බළංගොඩ මහා නාහිමියෝ ස්වකීය පෙර භවය පිළිබඳ ප්‍රකාශ කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත.
මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය.
"වසවර්ති මාරයාය කියන්නේ කෙළෙස්වලටය කියා සමහරු කියනවා. ඒ මතය වැරදියි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා පුද්ගලයෙක්. දෙවියන් අතර සිටින, කාමයට අධිපති හිතුවක්කාර, තක්කඩි දෙවියෙක්. එයාගේ පිරිවරත් ඒ වගේම අය. චණ්ඩි ගති ඇති අය. මිනිසුන් අතර වගෙම තමයි. ඒ වගෙ අය එනවිට සාමකාමී යහපත් මිනිස්සු මගහැර යනවා. ඒ වගේම අනෙකුත් දෙවිවරුත් මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා හෝ ඔහුගේ පිරිස සමග ගැටෙන්නට කැමති නැහැ.
වසවර්ති මාරයා සමථ භාවනාව දියුණු කරන සෘර්ධි බල වඩන අයට බොහෝම විරුද්ධයි. ඒ කටයුතුවලට බාධා පමුණුවනවා. කඩාකප්පල් කරනවා. මේ ලෝකය කාමයෙන් තණ්හාවෙන් පැතිර යනවාටයි ඔහු කැමති. විපස්සනා භාවනාවට ඔහුගෙන් බාධාවක් නෑ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු පදවි ලබන විට වළක්වන්නත් ඔහු උත්සාහ කළා. පසුව පැරද පළා ගියා.
ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරී යනවිට එය වළක්වන්නටත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට වුවමනා වුණා. බුද්ධාගම කිළිටු කරන්න, හානි කරන්න ඔහුගෙ පිරිසෙන් කණ්ඩායමක් මේ ලෝකෙට එව්වා. නිර්මල බුද්ධ ධර්මය පැතිරයෑම වළක්වන්න බුද්ධාගමේ වේශයෙන්ම කටයුතු කරන පිරිසක් ඔවුන්. බුද්ධාගමේ ආකාරයෙන් මිත්‍යා අදහස් පැතිරවීමයි ඔවුන්ගේ පරමාර්ථය වුණේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාගේ මේ වැරදි වැඩපිළිවෙල දෙව් ලොව සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන ගත්තා.
මේ වැඩ පිළිවෙල වළක්වා බුද්ධ සාසනය ආරක්ෂා කර ගැනීමට මෛත්‍රී බෝධි සත්ත්ව දෙවියන්ට වුවමනා වුණා. එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා. ඒ සාකච්ජාවට එන්න කියා මටත් දැනුම් දුන්නා. ඒ වනවිට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක. මම ආවෙ නෑ. දෙවැනි වරටත් දැනුම් දුන්නා. මම ඒත් ආවෙ නෑ. තුන්වැනි වරටත් දැනුම් දුන්නාම මම ආවා. කැඳවීමට එක්වරම ආවේ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මට තරවටු කළා.
"වසවර්ති මාරයා එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය කර තියෙනවා. බුද්ධාගමේ හැටියටම ඒ ස්වරූපයෙන් වෙනත් එකක් පතුරුවන්න. අන්න ඒක මර්දනය කරන්න අපත් කණ්ඩායමක් යවන්න ඕනෑ කියා ඒ දේව සභාවේදී තීන්දු කළා. දිව්‍ය ලෝකයේ සිටින බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය වුණා. මේ කණ්ඩායම එක්ක මටත් එන්න කීවා. මම "බැහැ" කීවා.
"ඒ ඇයි?" කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මගෙන් ඇහුවා.
"මම ප්‍රබල නෑ. මට වඩා බලවත් කෙනෙක් යවන්න" කියා මම කීවා.
"මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?" කියා එවර එතුමා මගෙන් ඇහුවා.
"මට බුදු වෙන්න ඕනෑ" කියා මම කීවා.
"ඇයි? මම මනුස්ස ලෝකයට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න කියා එතුමා මගෙන් ඇහුවා.
"මට බැහැ. මටත් උවමනා ලොව්තුරා බුදු බවට පත්වෙන්න. ඔබත් කවදා හරි ලොව්තුරා බුදු බවට පත්වෙනවා." කියා මම කීවා.
"ලෝක සත්ත්වයාට පිහිට වෙන්න මටත් ඕනෑ" යි මම නැවතත් කීවා.
"ආ.... නුඹට ඔච්චර ධෛර්යයක් තියෙනවා නම් ඇයි නුඹ මේ කටයුත්තට නොයන්නේ?" කියා මගෙන් ඇහුවා. මට උත්තර නැති වුණා.
"එහෙනම් මම යන්නම්. හැබැයි ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන්න ඕනෑ" ය මම කීවා.
"ඕනෑ වෙලාවක මා සිහිපත් කරන්න. මම උදව් කරනවා" කියා එතුමා කීවා.
ඒ ලෝකෙ මිනිත්තුවක් මනුස්ස ලෝකෙ අවුරුදු සියයක් හමාරක් පමණ වෙනවා. මම තීරණය කරන කොටත් කලින් කණ්ඩායමක් පිටත් වෙලා. මම ඒ පිරිස අතරින් හුඟක්ම බාලයි.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, ඕල්කොට් තුමා වගේ අය මට කලින් මනුස්ස ලෝකෙට එන්න අධිෂ්ඨාන කළ ඇත්තෝ. ඒ අය මට කලින් එහෙන් පිටත් වී සිටියා. මට වඩා බාල අයත් හිටියා. ඔය නාරද ස්ථවිරයෝ ආදී අය කීප දෙනෙක්.
"ඉතින් නායක හාමුදුරුවනේ! අන්තිමටම ආපු එක්කෙනා කව්දැ"යි මීතිරිගල නාහිමියෝ හරස් ප්‍රශ්නයක් ඇසූහ.
"අන්තිමට ආපු එක්කෙනා පියදස්සි." මේ එව් පිරිස නිසා බුද්ධාගමට සිදුවෙන්න ගිය හානිය වැළකුණා. එංගලන්තය, ඇමෙරිකාව ආදී රටවලත් බුද්ධ ධර්මය පැතිරෙව්වා. එළඹෙන්න තිබූ බාධා වැළැක්වූවා. ඒ අයව එව්වේ ඒ ඒ අංශ පවරලා. සමහරු භාවනා අංශයට. තවත් සමහරු ආශිර්වාද අංශයට. සමහරුන් ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම දූත සේවයට. ඒ ඒ අය බාරගත් වැඩ කොටස් ඒ ඒ අයුරින්ම ඉටු කළා.
ඉතින්, මම බාරගත් වැඩ කොටස දැන් ඉටුකර හමාරයි. ආයෙත් දිව්‍ය ලෝකෙ යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ලෝකෙ ලංකාවෙම උපදින්නයි මට වුවමනා. මගෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න නම් වුවමනාව තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්. ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස් ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිණෙනවා.
ඉන්දියාවේ හිමාලයේ "ගෞරි බාබා" නමැති යෝගියෙක් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරයේත් අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝග භාවනා කළ කෙනෙක්. පසුව ගෞතම බුදු හාමුදුරුවන් දැක බෞද්ධ වෙලා. එයත් සමථ භාවනාව දියුණු කළ කෙනෙක්. විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළවෙනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිතෙන් ශරීරය පාලනය කරන්න, ඉන්ද්රියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීමේ ආශාව තියෙන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්වෙන්න පුළුවන්.
මටත් මැරෙන්න නියමිතව තිබුණේ 1983. භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප වෙන්න.
බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්නේ ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහියෙන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ එළැඹ සිටි සිහියෙන් සිටියා නම් ඒක සිදුවෙන්නේ නෑ. මාරයා බාධා කළා. වේලාව මගහැරුණා. බුදු හාමුදුරුවොත් ඒ ගැන ක්‍රියාකළේ නෑ.
බුදුවන වෙලාවේ වසවත් මරු ආරාධනා කළ විට "සාසනය පිහිටුවනතුරු" කියා මාරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළානෙ. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා.
ඉතින් අපට මාරයා කරදර කරන එක පුදුමයක්ද? මාරයාගේ ගෝලයොත් ඒ වගේමයි.
මමත් පහුගිය කාලෙ යෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිවෙන ගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න වෙනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවටම පොළොන් තෙලිස්සෙක් ඇවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතැනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයෙක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇඳේ දුක් වින්දා. මාස තුනක් එහෙම ඉන්නකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එහෙම වෙන්නෙ නෑ. මම සංඛාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියා නම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරිවුණේ මගේ ප්‍රාර්ථනයක්, අධිෂ්ඨානයක් තියෙන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්නේ. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්සේ පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් වෙලයි මම හිටියේ. බුදුහාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු දෙසීයකට පසු අසන්ධිමිත්රා ඒ බෝධිය කැපූ වෙලාවේ මමත් මැරුණා. මැරී අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී උපන්නා.
ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කළා. ඒ කාලේ සිටම මම බුදු බව පතමිනුයි හිටියේ යැයිද ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.
(බළංගොඩ හාමුදුරුවෝ ග්‍රන්ථයෙන් උපුටා ගැනුණි.)
http://www.dunhinda.com/ http://www.dhammikaweb.com/
Thank You everyone... May Triple Gem Bless You... ස්තූතියි... ඔබට තෙරුවන් සරණයි!..