කපුටෙක් හා 18ට වැඩි දෙන්නෙක් ..

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    කපුටෙක් හා 18ට වැඩි දෙන්නෙක් ..

    අවුරුදු 80 ක් පමණ වයසැති පියෙක් තමන්ගේ 45 වියැති බෙහෙවින් උගත් පුතාත් සමඟ ඉස්තෝප්පුවේ වාඩිවී සිටියා . පියඹා ආ කපුටෙක් ජනේලයේ වැහුවා .
    " පුතා ඒ මොකෙක් ද ? " පියා පුතාගෙන් විමසුවා .
    " කාක්කෙක් " පුතා පියාට පිළිතුරු දුන්නා .
    මිනිත්තු කීපයකින් පිය යලිත් පෙර ප්‍රශ්නයම ඇහුවා
    " පුතා ඒ මොකෙක් ද ? "
    " ඇයි මම එක පාරක් කිව්වේ , ඒ කාක්කෙක් " පුතා මදක් කෝපයෙන් පිළිතුරු දුන්නා
    තවත් විනාඩි ගානකින් පියා යලිත් පුතාට කතා කළා .
    " පුතා ඒ මොකෙක් ද ? "

    " මොකක්ද මේ විකාරේ ඇයි එකම ප්‍රශ්නේ ආයි ආයි අහන්නේ ? ඒ කාක්කෙක් කියල කී පාරක් කියන්නද ? ඒ කාක්කෙක් . අයිත් නම් මගෙන් ඔය ප්‍රශ්නේ අහන්න එපා "
    පුතා තාත්තාට ගෝරනාඩු කළා .

    මඳ වෙලාවක් ඉස්තෝප්පුවේ වාඩිවී සිටි පියා . අමාරුවෙන් නැගිට ඉස්තෝප්පුවට යාබද ඔහුගේ කාමරයට ගියා . ටික වෙලාවකින් බෙහෙවින් අබලන්ව තිබුන මදක් විශාල පොතක් අරන් පැමිණියා .පුතා ඉපදුන දා සිට සිදුවූ වැදගත් සිදුවීම් ඔහු එහි ලියා තිබුනා . ඒ පොතේ පිටුවක් පෙරලා එහි ඇති දේ කියවන ලෙස පිය තම පුතුට කිව්වා


    ' අද මගේ අවරුදු 3ක් වයසැති පුතා සමග ඉස්තෝප්පුවේ ඇති සොපාවේ ඉදගෙන හිටියා කොහේදෝ සිට ආ කපුටෙක් ජනේලේ වැසුවා . පුංචි පුතා මගෙන් ඒ මොකෙක් දැයි විමසුවා . මම ඔහුට පිළිතුරු දුන්නා නමුත් එම එකම ප්‍රශ්නය ඔහු මගෙන් 23 වතාවක් විමසුවා . ඒ සෑම අවස්ථාවකදීම මම ඔහුට ඒ කපුටෙක් බව පැවසුවා . ඒ කිසිදු අවස්ථාවක මම ඔහු සමග කෝප උණේ නෑ . ඔහු එම ප්‍රශ්නය අහන හැම වෙලාවකදීම මම ඔහුව මගේ තුරුලට අරන් සිප සැනසුවා'

    කියා එම පොතේ ලියා තිබුනා .

    ආදරය විදින්න විතරක් නෙමේ , ආදරය කරන්නත් පුරුදු වෙන්න . ආදරය කියන්නේ පරිත්‍යාගයක් . වචන වල නගන්න බැරි කැප කිරීම ආදරය බව වටහා ගන්න

    ඔබ වෙනුවෙන් අම්මා තාත්තා කල කැප කිරීම් , පරිත්‍යාග වෙනුවෙන් කොයිතරම් ආදරණීය වචන ප්‍රමාණයක් ඔයා එයාලට දෙන්න සුදානම් ද ??

    හිතන්න ......



    උපුටා ගත්තේ රන්දිව U Magazine එකෙන්
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මං කලින් වීඩියෝ එක දැකල තිබුනා. එත් හොඳ අදහසක්.
    රේප් 4 +


    :D:D:D:D
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    I agree with you :P
    6szbksffjeh.png
    582kju0d754.png
    flags_0
    flags_0
    flags_0
    flags_0
    flags_0
    flags_0
    flags_0
    flags_0
    :yes::yes::yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙ වීඩියෝ එක මම බලලා තියෙනවා.. බලනකොට ඇස් දෙකට කඳුළු ආවත් ඒ වීඩියෝ එක ගොඩක් එවුන්ට හොඳ ආදර්ශයක්..:yes:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    lol ow itin podi ekage oluwa thama vedila nethi hinda ohoma kerama itin molen vadichch thaththa therum aragena veda keranna one.. eth itin thaththa anith peththata oka kerama putha tharaha ganna eka saadaranai :P moko vayasata giya kiala thaththa mandabuddikayek vath modayek vath venne nene... hebei ehema monava hari vela nam itin meh kathava aththa...
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    lol ow itin podi ekage oluwa thama vedila nethi hinda ohoma kerama itin molen vadichch thaththa therum aragena veda keranna one.. eth itin thaththa anith peththata oka kerama putha tharaha ganna eka saadaranai :P moko vayasata giya kiala thaththa mandabuddikayek vath modayek vath venne nene... hebei ehema monava hari vela nam itin meh kathava aththa...

    මේකෙන් කියන්න අදහස් කරන්නේ මතුපිටින් පේන දේ විතරක් නෙමෙයි . අපේ දෙමව්පියෝ අපිට දක්වපු ආදරේ කරුණාව වෙනුවෙන් අපෙනුත් දෙයක් වෙන්න ඕනි කියලා . වයසට ගියාම අපේ ආදරය සැලකිල්ල එයාලට ඕනි .