කපුටෙක් හා 18ට වැඩි දෙන්නෙක් ..
අවුරුදු 80 ක් පමණ වයසැති පියෙක් තමන්ගේ 45 වියැති බෙහෙවින් උගත් පුතාත් සමඟ ඉස්තෝප්පුවේ වාඩිවී සිටියා . පියඹා ආ කපුටෙක් ජනේලයේ වැහුවා .
" පුතා ඒ මොකෙක් ද ? " පියා පුතාගෙන් විමසුවා .
" කාක්කෙක් " පුතා පියාට පිළිතුරු දුන්නා .
මිනිත්තු කීපයකින් පිය යලිත් පෙර ප්‍රශ්නයම ඇහුවා
" පුතා ඒ මොකෙක් ද ? "
" ඇයි මම එක පාරක් කිව්වේ , ඒ කාක්කෙක් " පුතා මදක් කෝපයෙන් පිළිතුරු දුන්නා
තවත් විනාඩි ගානකින් පියා යලිත් පුතාට කතා කළා .
" පුතා ඒ මොකෙක් ද ? "
" මොකක්ද මේ විකාරේ ඇයි එකම ප්‍රශ්නේ ආයි ආයි අහන්නේ ? ඒ කාක්කෙක් කියල කී පාරක් කියන්නද ? ඒ කාක්කෙක් . අයිත් නම් මගෙන් ඔය ප්‍රශ්නේ අහන්න එපා "
පුතා තාත්තාට ගෝරනාඩු කළා .
මඳ වෙලාවක් ඉස්තෝප්පුවේ වාඩිවී සිටි පියා . අමාරුවෙන් නැගිට ඉස්තෝප්පුවට යාබද ඔහුගේ කාමරයට ගියා . ටික වෙලාවකින් බෙහෙවින් අබලන්ව තිබුන මදක් විශාල පොතක් අරන් පැමිණියා .පුතා ඉපදුන දා සිට සිදුවූ වැදගත් සිදුවීම් ඔහු එහි ලියා තිබුනා . ඒ පොතේ පිටුවක් පෙරලා එහි ඇති දේ කියවන ලෙස පිය තම පුතුට කිව්වා
' අද මගේ අවරුදු 3ක් වයසැති පුතා සමග ඉස්තෝප්පුවේ ඇති සොපාවේ ඉදගෙන හිටියා කොහේදෝ සිට ආ කපුටෙක් ජනේලේ වැසුවා . පුංචි පුතා මගෙන් ඒ මොකෙක් දැයි විමසුවා . මම ඔහුට පිළිතුරු දුන්නා නමුත් එම එකම ප්රශ්නය ඔහු මගෙන් 23 වතාවක් විමසුවා . ඒ සෑම අවස්ථාවකදීම මම ඔහුට ඒ කපුටෙක් බව පැවසුවා . ඒ කිසිදු අවස්ථාවක මම ඔහු සමග කෝප උණේ නෑ . ඔහු එම ප්රශ්නය අහන හැම වෙලාවකදීම මම ඔහුව මගේ තුරුලට අරන් සිප සැනසුවා'
කියා එම පොතේ ලියා තිබුනා .
ආදරය විදින්න විතරක් නෙමේ , ආදරය කරන්නත් පුරුදු වෙන්න . ආදරය කියන්නේ පරිත්‍යාගයක් . වචන වල නගන්න බැරි කැප කිරීම ආදරය බව වටහා ගන්න
ඔබ වෙනුවෙන් අම්මා තාත්තා කල කැප කිරීම් , පරිත්‍යාග වෙනුවෙන් කොයිතරම් ආදරණීය වචන ප්‍රමාණයක් ඔයා එයාලට දෙන්න සුදානම් ද ??

හිතන්න ......
උපුටා ගත්තේ රන්දිව U Magazine එකෙන්
උපුටා ගත්තේ රන්දිව U Magazine එකෙන්