පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළ&

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළ&

    මෙතෙක් කල් ෆේස්බුක් වෙබ් අඩවියේ පමණක් පල කරනලද ලිපි, එළකිරි වෙබ් අඩවියේද පල කිරීමට මා විසින් අදහස් කළා. දැනට එළකිරි වෙබ් අඩවිය තුල සිදු කිරීමට අපේක්ෂා කරන්නේ ලිපි පල කිරීම පමණයි. මෙහිදී ඔබට අන්තර්ගතය පිළිබද අදහස් දැක්විය හැකියි. නමුත් ඔබට මේවායේ අන්තර්ගතය ගැන සාකච්ඡා කිරීමට අවශ්‍යයි නම්, ෆේස්බුක් ගිණුමහා සම්බන්ධවිය හැකිය.

    Code:
    http://www.facebook.com/dilanpanchana.jayasinghe

    (c) පංචන ජයසිංහ.
    --------------------
    426655_330344980389556_1201246759_n.jpg




    අසපු නිසා වැනසුන හෙළ බොදු සසුන
    දිලාන් පංචන ජයසිංහ විසිනි.​

    තොදොල් වදනින් මුසපත් වූ කෙනෙකුට හැර සබුද්ධික පාඨකයාට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ අධ්‍යාත්මීය ප්‍රගතිය මෙන්ම ධර්ම ඥානයේ ස්වභාවයත් අවබෝධ කරගැනීමට එතරම් අපහසු නොවේ. උන්වහන්සේ විසින්ම චෝදනා කරන පරිදි අපගේ කතිකාව බුදු දහමින් බැහැරට ගිය හෝ නින්දා අපහාස කිරීමක් හෝ මඩ ප්‍රචාරයක් හෝ නොව &වනං ජින්දථ මා රැක්ඛං* යන බුද්ධ වචනය අනුවකරන පුරෝකථනයකි. හුදෙක් එයින් අපට පව් සිදු නොවන බවත් අවශ්‍යය නම් ඒ වගට ධර්මානුකූල විනිශ්චයක් ලබා දිය හැකි බවත් ප්‍රකාශ කරමු. මෑත භාගයේ සිට කිරිබත්ගොඩ හිමියන් ප්‍රමුඛ පාර්ශවයක් විසින් වසංගතයක් මෙන් පතුරැවනු ලබන ශාසන විලෝමක ක්‍රියා කලාප පිලිබඳව කලක සිට අප අවදියෙන් හා විමසිල්ලෙන් සිටිමු. එහෙයින් කිරිබත්ගොඩ හිමියන්ම කියන පරිදි උන්වහන්සේගේ පොඩි නමගේ හෙළිදරව් කිරීම්වලින් අප නොමඟ ගිය බවට කරන උන්වහන්සේගේම ප්‍රකාශන ප්‍රතික්ෂේප කරන්නේ සහේතුකවයි. මන්දයත් නිර්මල ථෙරවාදය වනසන බලවේග පිළිබඳ අප අවදියෙන් සිටින්නේ අද ඊයේ සිට නොවන බැවිනි. &මා පිළිගන්නේ මිහිඳු මා හිමියන් විසින් බෙදා දුන් නිර්මල සද්ධර්මය* යැයි කිරිබත්ගොඩ හිමියන් මාධ්‍ය ඔස්සේ රටට කියන්නේ තවමත් මේ රටේ ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේ ඇති බව නොදන්නෙකු සේය. කෙසේ වෙතත් පසුගිය කාලයේ සිදු වූ මේ ගුරැ හිමියන් හා ශිෂ්‍ය භික්ෂූන් අතර ගැටුම අපට අදාළ නොවූවත්, ප්‍රත්‍යවේක්ෂණයෙන් ස්වයං ශික්ෂණය පිණිස මහා සංඝයා වශයෙන් මැදිහත්ව මැදුම සඟියේ අනංගණ සූත්‍රයේ දහම් න්‍යායක් කාරැණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි. එනම්,

    &යම් භික්ෂුවකගේ ලාමක අකුසල් දුරැ නොවූ බවක් කියනු ලැබේද, අසනු ලැබේද, ඔහු ආරණ්‍යයක වූයේ, දුර බැහැරක සෙනසුන්වල වාසය කළත්, පිඬු සිඟා වැඩියත්, පාංශුකූලික වූවත්, රළු සිවුරැ පෙරෙව්වත්, එකට වාසය කරන අය(සබ්‍රම්සරැන් වහන්සේලා) ඒ භික්ෂුවට ගරැ බුහුමන් නොකරති. කුමක් නිසාද යත්, ආශා වශයෙන් පවතින ලාමක අකුසල් ඔහු විසින් ප්‍රහීණ නොකරන ලද බැවිනි. හාත්පසින් දිලිසන රන් තලියක නයි කුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ බහා එවැනිම රන් තලියකින් වසා, වීථියක ගෙන යන කල්හි එය දැක මහජනයා මිහිරි, මිහිරි සිත් අලවන වටිනා දෙයක් ගෙන යන්නේ යැයි සිතා වහුම් ඇර බලන විට පිළිකුලක්, අමනාපයක්, අප්‍රසන්නකමක් ඇතිවෙන්නෙක් මෙනි.* මේ නිසා ලෝකයාට කුමක් ප්‍රකාශ කළත්, සාධූ චරිත මවා පෑවත් ඔහුගේ සැබෑ ස්වරෑපය ළඟින්ම ඇසුරැ කරන්නන්ගෙන් වසන් කළ නොහැක්කේය. බුදු රජාණන් වහන්සේ විසින් වදාළ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ ඇතුළත් සත්ත ජටිල සූත්‍රය කියවා බලා එහි ඇති ධර්මය අවබෝධ කරගන්නේ නම් මේ ජනයා කොයිතරම් බුද්ධිමත් නොවන්නේද...?

    පෙළ දහම, අටුවා ටීකා හා තදානුබද්ධ සප්‍රමාණික කෘති ආශ්‍රිත මනා ශාස්ත්‍රීය ශික්ෂණයෙන් හෙබි, ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මානුධම්මප්‍රතිපන්න සම්භාවනීය මහා ථෙරපාදයන් වහන්සේලා 33නමක් විසින් සම්පාදිත බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ත මාලාවේ &අඩුපාඩු එමටය* යනුවෙන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි චෝදනා කරයි. &කොරා ඉදිරියේ නොන්ඩියා වීරයෙකි.* යන කියමන අනුව බුදු රජාණන් වහන්සේ වදාළ දහම පිළිබඳ පළල් දැනුමක් නැති ඇතැම් තරැණ - මහළු උවසු උවැසියන්ට හුදෙක් ඒවා සර්වනෝභද්‍ර කියමන් විය හැකිය. එහෙත් එම ප්‍රකාශය මහා සංඝරත්නයට කරනු ලබන බලවත් නිග්‍රහයෙකි. කලිකාල සාහිත්‍යය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජතුමන් විසින් රචිත කව් සිළුමිණෙහි,



    &තමා වරදස නොදිස්නේ වෙරමා දොස් දිස්නේ

    නුවන් බැහැර න හමත් තමා මුත් නොදක්නේ කිම්....*



    ඇස හැර පිටත බැලුවහොත් තමා හැර අන් සියලු දේ පෙනෙන්නා සේ තමන්ගේ වරදින් බිඳකුදු කෙනෙකුට නොපනේ. අනුන්ගේ වැරදි පෙනෙන්නේමය. එහෙයින්ම 2600 වැනි සම්බද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙන තැන ඓතිහාසික - ශාසනික හා ජාතික කාර්යයක් වශයෙන් සිදු කළ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව විෂයෙහි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි නඟන &චෝදනා පරිහාරය* සඳහා කරැණු විභාග පිණිස විශේෂ විද්වත් කමිටුවක් නොවළහා පත්කිරීම බලධාරීන්ගේ හා වගකිවයුත්තන්ගේ මන්දගාමීත්වය සසනිටුහන් කරයි.

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ධර්ම විරෝධී අශාස්ත්‍රීය පදනම පාඨකයාට පසක් කිරීමෙහි ලා උපයුක්ත කොටගත හැකි කරැණක් උන්වහන්සේ විසින්ම සිළුමිණ පුවත්පතට ලියන ලද ලිපියකින්ම පෙන්වා දීම වැදගත්ය. එහි මෙසේ සඳහන් කොට තිබේ. &ආශ්‍රමය යන වචනය මට යොදන්නට අවශ්‍යය වී තිබුණු මුත් එවිට %මහමෙව්නාව ආශ්‍රමය^ යන්න නොගැලපේ. එසේ නම් දැමිය යුත්තේ මහාමේඝව ආශ්‍රමය යැයි කියාය. මේ සංස්කෘත වචනය භාවිතයට වඩා හෙළ බසට මා දැක්වූ ඇල්ම නිසාවෙන් %මහමෙව්නාව අසපුව^ යන නම තැබුවෙමි* යි යනුවෙන් දුෂ්කරතා ජයගනිමින් &අසපු* නාම යෝජනාවට හේතු යුක්ති පවසයි. ත්‍රිපිටකයේ අන්තර්ගත &සේනාසන* ශබ්දයෙන් හෙළබසට බිඳෙන &සෙනසුන* යන කමනීය වදන යොදා ගත්තේ නම් &මහමෙව්නා සෙනසුන* නොවන්නේද...? භීක්ෂූන් වහන්සේලා වැඩ සිටින ස්ථාන එනමින් ව්‍යවහාරයට ගත්තේ නම් කෙතරම් උචිතද...? එනිසා අසපු සංස්කෘතිය පිළිබඳව කෙටියෙන් හෝ විවරණය කිරීම පාඨකයාට ඉතා වැදගත්ය. බෞද්ධ න්‍යාය විභාගයෙන් අන්තර්ගත &ස්වලක්ෂණ න්‍යාය* විනාශ කරන අසපු පදය බිඳෙන්නේ සංස්කෘත &ආශ්‍රම* පදයෙනි. එහි පාළි ස්ව‘රෑපය &අස්සම* යනුයි. ආ පූර්ව ශ්‍රම් ධාතුවෙන් නිපන් ආශ්‍රම ශබ්දයේ අර්ථ කිහිපයකි. එනම්, බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ, සන්‍යාසි යන ආශ්‍රමයන් කරා පැමිණියවුන් විසින් කළ යුතු ශාස්ත්‍රයෙන් නියමිත ව්‍යවස්ථා ආශ්‍රම ධර්මයි. නැතහොත් තපස්වීන්ගේ බ්‍රාහ්මණයන්ගේ වාසස්ථාන(කුටිය)ආශ්‍රමයයි. ආශ්‍රම ව්‍යවස්ථා පිළිබඳ පැරණිම මූලාශ්‍රය ඓර්ය බ්‍රාහ්මණයයි. අසපුවක ස්වරෑපය පැහැදිල කරන කාලිදාසගේ රඝු වංශයේදී වසිෂ්ඨ මුනිවරයාගේ අසපුවට වෙනත් වනයන්ගෙන් හෝම ගින්න සඳහා දර - කුසතණ - ඵල ගෙන එන තවුසන් විසින් අසපුව පුරවනු බව කියයි. (රඝු වංශය - 1 සර්ගය - 49 ශ්ලෝකය) මෙයින් පැහැදිලි වන්නේ අසපු සංස්කෘතියක් ගොඩනැඟී ඇත්තේ බුදුදහමින් පරිබාහිර අන්‍යාගමික ව්‍යවස්ථා අනුව බවයි. එම නිසා භික්ෂූ වහන්සේලා වැඩ සිටින ස්ථාන හැඳින්වීමට අස්සම - (ආශ්‍රම = අසපු) යන පාලි වචනය ත්‍රිපිටකයෙහි භාවිත කොට නැත. එසේ තිබෙන තැනක් පෙන්වන ලෙස කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට අභියෝග කරමු. &අස්සම* (අසපු) යන වචනය භාවිත කොට ඇත්තේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් වීමට පෙර අවස්ථා හැඟැවීම පිණිසය. ආරාම ශබ්දය ව්‍යවහාර වන අයුරැ ජේතවනාරාම, වේළුවවනාරාම, සංඝාරාම ආදී ප්‍රයෝග තුළින් පෙනේ. අරබ, අරබ්යි සෙල්ලිපිවල දක්නට ලැබෙන්නේ ආරාම ශබ්දයෙන් බිඳගත් රෑඪියකි. බුද්ධත්වයෙන් ටික කලක් ගතවන තුරැත් සංඝයා උදෙසා ආරාම තැනීම බුදුරදුන් විසින් අනුදැන වදාළේ නැත. &අනුජානාමි භික්ඛවේ ආරාමං...* වශයෙන් මහාවග්ග පාලියෙහි මහාක්ඛන්ධකයේත් පැහැදිලිව දැක්වේ. චුල්ලවවග්ගපාලි සේනාසනක්ඛන්ධකය අනුව මේ ආරාම, විහාර - අඩ්ඪයෝග - පාසාද - හම්මිය - ගුහා යනුවෙන් පස්වැදෑරැම් වනබව පෙනේ. මෙසේ කිසිම තැනක භික්ෂූන් වහන්සේ වැඩ සිටින ස්ථාන අස්සම හා අසපු වශයෙන් ව්‍යවහාර කර නැත.

    බෞද්ධ විඤ්ඤාණයෙන්ම දැනගත යුතු බෞද්ධ මූලධර්ම සමාජ දෘෂ්ටියෙන් හෝ අන්‍ය දෘෂ්ටියකින් එහි ස්වලක්ෂණ අවබෝධ කරලිය නොහැකිය. එනිසා අසපු වහරේ නිවැරදිකම ඔප්පු කිරීමට කිරිබත්ගොඩ හිමි දක්වන පහත සාධකයන් තවදුරටත් උන්වහන්සේගේ නොදන්නාකම තහවුරැ කරයි. එනම්, &හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් බටුවන්තුඩාවේ පඬිතුමා හා එක්ව පරිවර්තිත සිංහල මහාවංශයෙහි සංඝමිත්තා මහරහත් ස්ථවීරීන් ප්‍රමුඛ භික්ෂූන් සංඝයා වැඩ සිටි භික්ඛුනුපස්සය යන පාලි වදන හෙළ බසට හරවා තිබෙන්නේ මෙහෙණ අසපුව කියාය. එතකොට ඒ උතුමන්ගේ පරිවර්තනය වැරදිදැයි* ප්‍රශ්න කරයි. මේ පරිවර්තනය නිවැරදියි. එහෙත්, මහාවංශයේ %අසපුව^ යන පදය යොදා ඇති අවස්ථා සම්බන්ධය තේරැම් නොගන්නා ඇතැමෙක් කිරිබත්ගොඩ හිමියන් කියන්නේ සත්‍යයක් යැයි අදහති.

    ගාථා 68කින් පරිචිත මහාවංසයේ 18 වැනි පරිච්ඡේදයෙහි සංඝමිත්තා රහතන් වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම වීම ආදී ඓතිහාසික කරැණු අන්තර්ගත වෙයි. එහි 11වැනි ගාථාවේ සඳහන් %භික්ඛුනුපස්සයේ^ යන පාලි පදය හික්කඩුවේ සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමාගේ මහාවංස පරිවර්තනයේදී %අසපුවෙක්හි^යනුවෙන් සිංහල බසට නඟා ඇත. මෙහිදී මහාවංශ කර්තුභූත මහානාම හිමියෝ %භික්ඛුනුපස්සයේ^ යනුවෙන් යෙදීමෙන් එය %අසපුවෙක්හි^ යනුවෙන් සිංහලයට පෙරුළීමත් විමසා බැලිය යුතු කරැණකි. මෙම පද යෝජනාව භාෂාවේ අභිධාශක්තිය නොදන්නා කෙනෙක් මෙහිදී සාහසික අරැත් ගන්වති.

    මිහිඳු මහරහතන් වහන්සේ අප රටට වැඩම කළත් මේ වන තෙක් භික්ෂුණී ශාසනය ලක්දිව නොවූයේය. ආරම්භ නොවූයේය. එම නිසා මෙහි මෙහෙණි සසුන පිහිටුවීම පිණිස සඟමිත් තෙරණින් වහන්සේ වැඩම කරවීමට සියලු කටයුතු සංවිධානය කර තිබුණි. එහිලා ලංකාවේ අනුලා දේවිය ප්‍රධාන කාන්තාවෝ දහසක් පැවිදි වීමේ අපේක්ෂාවෙන් කහවත් හැඳ රජතුමා විසින් කරවන ලද සිත්කලු ස්ථානයක වාසය කළ බව පහත ගාථා පාඨයෙන් කියැවේ.

    &නගරස්සසෙක දෙසම්හි රම්මේ භක්ඛුනුපස්සයෙ

    කාරාපිතෙ නරින්දෙන වාසං කප්පෙසි සුබ්බතා*

    නුවර එක් පෙදෙසෙක්හි නරනිඳුනු විසින් කරවන ලද සිත්කලු වූ මෙහෙණ අසපුවෙක්හි යහපත් ව්‍රත ඇතිව වාසය කළාය යනුවෙන් මෙහි අර්ථය දැක්විය හැකිය. (මහාවංසය 18 පරි.11ගාථා)මහාවංසයේ කර්තෘ මහානාම හිමියන් මේ රටේ මෙතෙක් මෙහෙණි සස්න පිහිටුවා නොමැති බැවින් පැවිදි නොවූ එහෙත් කසාවත් හැඳ දසසිල් සමාදන් වූ අනුලා දේවිය ප්‍රධාන එම කාන්තා පිරිසේ වාසස්ථානය හැඳින්වීම පිණිස %භික්ඛුනුපස්සයේ^ (භික්ඛුනි + උපස්සය) යන පදය භාවිත කොට ඇත. %උපස්සය^ යන පාලි පදය පෙළෙහිත්, අටුවා ආදී ග්‍රන්ථයන්හිත් විහාරය, ගෘහය ආදී අර්ථයන්හි අවිශේෂයෙන් යොදා ඇති පදයකි. එනිසා මෙතෙක් පැවිදි වීමට නොලැබූ එහෙත්, බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන මෙම කාන්තාවන්ගේ විශේෂ නිවාසය හැඳින්වීමට %උපස්සය^ යන පාලි පදය මහානාම හිමියන් භාවිත කරයි.

    තවද පද්‍ය බන්ධනයෙහි ලා ඡන්දස් දෝස නොවීම පිණිස ඊට සුනිසි පද යොදා ගැනීමට පද්‍ය රචකයාට සිදු වේ. එසේම, වාර්තා කථන රීතිය අනුව, ඉහත යෙදුම කිසිසේම සුදුසු නොවේ.

    කෙසේ වුවත්, ඉහත එම වෙනස එනම්, පැවිද්ද අපේක්ෂාවෙන් බ්‍රහ්මචාරීව වසන එම කාන්තා නිවහන හැඳින්වීම පිණිස භාවිත %උපස්සය^ සිංහලයට පරිවර්තනය කිරීමේදී හික්කඩුවේ සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමා %අසපුව^ යනුවෙන් යොදා ඇත. ඒ බව 11 වැනි පරිච්ඡේදයේ 12 වැනි ගාථාවෙන් තදුරටත් තහවුරැ වේ. සඟමිත් තෙරණියද වැඩ සිටි එම භික්ඛුනුපස්සය නැතහොත් උපාසිකා විහාරය %හත්ථාල්හක මෙහෙණවර^ නමින්ද හැඳින්වේ. මේ අනුව මහමෙව්නාවට %අසපුව^ යනුවෙන් ව්‍යවහාරයට ගැනීම උක්ත මහාවංස පරිවර්තනයෙන් ඉදිරිපත් කරන සාධකය අර්ථ ශූන්‍ය වේ. කිරිබත්ගොඩ හිමිගේ ඌනතාව මනාව මෙයින් ප්‍රකට කෙරේ. මේ දුර්වලතාව ස්ඵුට කිරීම පිණිස තවත් නිදසුනක් මෙහි දැක්වේ.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළ&


    සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍රවල දක්නට ලැබෙන &ඒවං මේ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ* යන වගන්තිය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්ථනයන්හි හා ථෙරීය සම්ප්‍රදාය පිළිබඳ වැටහීම් ඇති උගත් පඬිවරයන් විසින් සංස්කෘත ග්‍රන්ථයන්හි &මා විසින් මෙසේ අසන ලදී; එක් සමයෙක්හි භාගයවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.* යනුවෙන් බොහෝ විට දක්නට ලැබේ. මෙම වගන්තිය පරිවර්තනයේදී නිවැරදි රෑඪිගත සිංහල පරිවර්තනය මෙයයි. එහෙත්, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ &ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය* නමින් හඳුන්වන ග්‍රන්ථ මාලාවේ උක්ත පාලි වගන්තිය ලියා ඇත්තේ මෙසේය. එනම්, &මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි; භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ අසපුවේ...* යනුවෙන් කටවහරට නඟා ඇත. බෞද්ධ අනන්‍යතාව ඉස්මතු වන %ආරාම^ යන්නට %අසපුව^ නුවෙන් යෙදීමට මුනවහන්සේ සාහසික වන්නේ කුමන පදනමක් නිසාද....? කලින් සඳහන් කල පරිදි %ආරාම^ යන පාලි ශබ්දය සෙසු ආගමිකයන් විසූ ස්ථානයන්ගෙන් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටි ස්ථාන වෙන් කොට හඳුනා ගැනීමට උපයුක්ත පදයකි. එම නිසා අසපු යනුවෙන් සිංහලයට පරිවර්තනය කිරීම ධර්මය විකෘති කිරීමකි. ආරාම - පන්සල - විහාරස්ථානය යන පදයන් සමඟ චිරාත් කාලයක් තිස්සේ ගොඩනැඟී ඇති සභ්‍යත්වය ඤාණානන්ද හිමිගේ හිතට නැඟුණු අසපු සංස්කෘතිය නිසා විනාශ කරන්නේ ඇයි...?

    තවත් නිදසුනක් &එදා භාග්‍යවතුන් වහන්සේ හවස්වරැවේ භාවනාවෙන් නැඟිටල ඉස්තෝප්පුවේ වැඩ සිටියා* (ආශ්චර්යවත් හ්‍රී සද්ධර්මය - කිරිබත්ගොඩ හිමි - 177 පිටුව) එසේම &ගල්ගෙඩි පෙරලීම ගැන වදාළ සූත්‍රය, ගල්පතුරැ මුල් කොට වදාළ සූත්‍රය, මුවාගේ කෙණ්ඩා මුල්කොට වදාළ සූත්‍රය* යනුවෙන් එම කෘතීන්හිම දක්වා ඇත්තේ අසාහසික අන්දමිනි. ධර්ම ගරැත්වය, අර්ථ ගරැත්වය, භාෂා සන්දර්භය හා ශ්‍රද්ධාව විනාශ කරන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ මේ &අමනෝඥ පරිවර්තනයෙන්* චිරාත් කාලයක් තිස්සේ පවත්නා බෞද්ධ ජන විඤ්ඤාණය දූෂ්‍ය නොකරන්නේද....? භාෂා පරිවර්තනයේදී අනුගත ශාස්ත්‍රීය ශික්ෂණය ඇති තැනැත්තෙකු මෙවැනි විනාශකාරී සංසිද්ධීන් කිසිවිටෙකත් සිදු නොකෙරේ.

    කිරිබත්ගොඩ ඤාණානන්ද ඉතා සැලසුම් සහගත අන්දමින් අසපුවෙන් ආරාමය දූෂ්‍ය කෙරෙන සැටි ධර්ම ශාස්ත්‍රීය වශයෙන් තර්කානුකූලව උන්වහන්සේගේ පොතපතින් ධර්ම දේශනයෙන්, ස්වකීය අමන ව්‍යවස්ථාවෙන්, අසපු ගොඩනැඟීමෙන් හා ජනතා කල්ලිවාදයෙන් සුපැහැදිලි ලෙස ඔප්පු වේ.

    පහත තොරතුර අනුව ඒ බව සුපහන් බෞද්ධ ජනතාවට මනාව වටහා ගත හැක්කේය.

    · මහමෙව්නාවේ බෝධිඥාන ව්‍යවස්ථාවෙන් කළ උපුටා ගැනීම්.... (96 පිටුව)

    “බෝධිඥාන සභාවේ උත්තරීතර නායකත්වය තුළ අන්තර්ගතව තිබෙන්නේ බුද් සමිඳුන් වදාළ ධර්ම විනය පමණි. ඒ පාරිශුද්ධ වූ ධර්ම කොටස මේ ආකාරයෙන් පෙන්වා දිය හැකිය. එම උතුම් ධර්ම කොටස අයත් වන්නේ මේ උතුම් ග්‍රන්ථවලය.

    පාරිශුද්ධ ධර්ම කොටස්

    · දීඝ නිකාය

    · මජ්ඣිම නිකාය

    · සංයුක්ත නිකාය

    · අංගුත්තර නිකාය

    · ඛුද්දක නිකායේ උද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, ථෙර - ථෙරී ගාථා, විමාන වත්ථු හා පේතවත්ථු යන කොටස් පමණි.



    පාරිශුද්ධ විනය කොටස්

    · පාරාජිකා පාලි

    · පාචිත්‍යය පාලි

    · චුල්ලවග්ග පාලි

    · මහාවග්ග පාලි

    · පරිවාර පාලි

    මෙම පාරිශුද්ධ ග්‍රන්ථවලින් පරිබාහිර වූ කිසිඳු ග්‍රන්ථයක් හෝ කිසිඳු මතවාදයක් හෝ කිසිඳු ආකල්පයක් හෝ කිසිඳු විග්‍රහයක් හෝ කිසිඳු ප්‍රාර්ථනයක් හෝ බෝධිඥාන සභාව පිළිනොගනී. එම නිසා මෙකී පාරිශුද්ධ ග්‍රන්ථවල සඳහන් සදූපදේශ පමණක් බෝධිඥාන සභාවේ අනගිභවනීය වූ, උත්තරීතර වූ, අසහාය වූ නායකත්වය වේ. (මෙම බෝධිඥාන ව්‍යවස්ථාව රුපියල් 100ක පමණ මුදලකට අලෙවි කරන අතර එහි නිල මුද්‍රාවක් මෙසේ තබා ඇත. “බෝධිඥාන සවිස්තර ග්‍රන්ථය කියවා බලා එකඟ වීමට නොහැකි අය හට එය ආපසු ලබා දීමෙන් තැන්පත් රු.100/=ක මුදල නිදහස් කෙරේ.”)

    ධර්ම - විනය නොදන්නා මෙය පිළිගෙන බෝධිඥාන සභාවේ අඥාන සාමාජිකත්වය ලබා ගෙන මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට පත්වන ආකාරය මේ තුළින්ම වටහාගත හැක්කේය.

    ඛුද්දක නිකායන්ට අයත් වන ධර්ම ග්‍රන්ථ මෙසේය.

    · ඛුද්දක පාඨ

    · ධම්ම පද

    · උදාන

    · ඉතිවුත්තක

    · සුත්ත නිපාත

    · විමාන වත්ථු

    · පේත වත්ථු

    · ථෙර ගාථා

    · ථෙරී ගාථා

    · ජාතක

    · නිද්දේස

    · පටිසම්පදා

    · අපදාන

    · බුද්ධවංස

    · චරියාපිටක

    එහෙත් ඉහත බෝධිඥාන ව්‍යවස්ථා නීතියට අනුව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මේවායින් කොටස් කීයක්නම් ප්‍රතික්ෂේප කොට ඇත්තේද....? මෙය නිර්මල සද්ධර්මය බැහැර කිරීමකි. එසේම,

    · ධම්මසංගනී

    · විභංග

    · ධාතු කථා

    · පුද්ගල පඤ්ඤත්ති

    · කථාවත්ථු

    · යමක

    · පට්ඨාන


    42,000ක් වූ නිර්මල සද්ධර්මය ප්‍රතික්ෂේප කොට ඇත. එනම්, බුදුදහමෙහි මූලික හරය වන අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කොට ඇත. එවිට දහම ඉබේටම වැනසී යයි.

    තතු එසේ වුවත් කිරිබත්ගොඩ හිමියන් තම බෝධිඥාන ව්‍යවස්ථාවේම 39, 40, 41,42 යන පිටුවලදී සංගීතිකාරක තෙරවරැන් විසින් ධර්ම විනය මැනැවින් සංග්‍රහ කොට ඇති බව පිළිගනී. එහෙත්, පිරිසිඳු බුද්ධ ධර්මය යන්න තුළ යට දක්වන ලද කොටස් අබුද්ධ දේශිතයකැයි කියා ප්‍රතික්ෂේප කොට ඇත්තේ කාගේ වුමනාවක් පිටද.....? ඇරත් එහි 42වැනි පිටුවේ,

    “ තුන්වන ධර්ම සංගායනාවේදී එහි මූලිකත්වය ගෙන කටයුතු කළ මොග්ගලීපුත්තතිස්ස හිමියන් විසින් බුද්ධ වචනයට එරෙහි වුණු සියලු මතවාදයන් ඛණ්ඩනය කර දමනු ලදුව යළිත් වරක් ‘ගෞතම බුදු සසුන’ නඟා සිටුවන්නට සමත් වූ බව” දක්වා තිබේ. පරවාද මත 500ක් ඛණ්ඩනය කරමින් හා ථෙරවාදය සාධනය කරමින් මොග්ගලීපුත්තතිස්ස හිමියන් විසින් රචනා කළේ අභිධර්ම පිටකයට අයත් කථාවත්ථූපකරණයයි. අභිධර්ම පිටකය සම්පූර්ණ වූයේ එසේය.

    එහෙත් කිරිබත්ගොඩ හිමියන් අවිචාරශීලිව සිදු කර ඇති මේ මහා ධර්ම විනාශය කවර දෙවියෝ නම් උහුලත්ද....? දෙතැනක පරස්පර විරෝධී අදහස් දැක්වීමෙන් කිරිබත්ගොඩ හිමිගේ අඥාන බවේ තරම විදහා පාන්නේ නොවේද...? තමා අභිධර්ම නොදන්නේ යැයි කියා එය ප්‍රතික්ෂේප කිරීම නොවටී. තත්ත්වය මෙය නම් පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන් තමා පිළිගන්නේ මිහිඳු මා හිමියන් රුගෙන ආ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය යැයි පවසන්නේ කවර පදමනක් මතද...?



    වර්තමානය තුළ බුදුරජාණන් වහන්සේ වදාළ, පිරිසිඳු ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ තමා පමණක් යැයි වහසි බස් දොඩමින් සාසනභාරධාරී මහනා හිමිවරැන් ඇතුළු රටේ අනෙකුත් ධර්මධර - විනයධර භික්ෂූන් හට ඉතා අකාරැණික ලෙස නින්දා අපහාස කරමින් සිටින කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා පිළිබඳ පොත්පත්වල ලියා පළකර ඇත්තේ මෙවැනි අදහස්ය.

    “විශේෂයෙන්ම අද භික්ෂුව ධර්ම ඥානයෙන් දුර්වලයි. අද භික්ෂූන් වහන්සේලා මූලික ධර්ම ඥානය පිළිබඳව පැහැදිලි ශ්‍රද්ධාවකටවත් පැමිණෙන්න අසමත් වෙලා තිබෙනවා.” (අඳුර විනිවිද එළිය දකින්න 27 පිටුව)

    ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා එසේ ශ්‍රද්ධාවකටවත් පැමිණීමට අසමත් වී ඇත්නම් මහත් දුෂ්කරතා බාධක මධ්‍යයේ, ඇතැම්විට දානය පවා නොලබමින් භික්ෂූත්වයට පිවිස, භික්ෂූත්වයේ රැඳී සිටින්නේ කවර හේතුවක් නිසාද....?

    “මේ රටේ භික්ෂු ජීවිතය ගෙන බැලුවොත් එය ගිහි ජීවිතයේ ම එක්තරා පැතිකඩක් වැන්න. සමහර භික්ෂූන් වහන්සේලා නැකැත්කරැවෝ මිස භික්ෂූන් නොවෙති. සමහරැ ගොවියෝ මිස භික්ෂුන් නොවෙති. සමහරැ ඉස්කෝලෙ මහත්තුරැ මිස භික්ෂූන් නොවෙති. සමහරැ කට්ටඩි රාළලාය. සමහරැ වාහන වෙන්දේසි කරන්නේය. සමහරැ දේශපාලකයෝය. ගෞතම බුදු සසුන තුළ තිසරණය පිහිටුවා ගත් භික්ෂූන් වහන්සේලා සොයා ගැනීමට වඩා කලුනික සොයා ගැනීම පහසු විය හැකිය.” (කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි - බෝධිඥාන පුවත්පත - 2003 දුරැතු)

    කිරිබත්ගොඩ හිමියන් ඉහත දක්වන පරිදි මේ රටේ සියලුම භික්ෂූන් වහන්සේලා නැකැත්කරැවෝද? ඉස්කෝලේ මහත්තුරැද? කට්ටඩිරාළලාද? වාහන වෙන්දේසිකරැවෝද? දේශපාලකයෝද? භික්ෂු වේෂයෙන් පෙනී සිටින ඇතැම් චීවරධාරීන් භික්ෂූත්වයට නිගා දී ජනතාව තුළ කලකිරවීමක් කිරීම සඳහා එසේ ක්‍රියාකරනවා විය හැකිය. එහෙත්, ගුරැ සේවයේ යෙදී සිටින භික්ෂූන් වහන්සේලාට ඉස්කෝලේ මහත්තුරැ යැයි කීම සාධාරණද? ගමේ ගොඩේ සිදු කෙරෙන සෑම අවස්ථාවකදීම ශුභ නැකැත්හෝරාවන් තෝරා දෙමින් හා රෝග - අමනුෂ්‍ය - දුර්භික්ෂ බිය දුරලන භික්ෂුව කට්ටඩිරාළ කෙනෙක් විය හැකිද? එසේ නම් කිරිබත්ගොඩ හිමියන් විසින්ම තමන්වහන්සේගේ පෙර භවයේ ගුරැවරයා යැයි කියනු ලබන ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ විශාලා මහනුවර තුන්බිය දුරැ කිරීමට දායක වූ හෙයින් කට්ටඩි රාළ කෙනෙක් යැයි කිරිබත්ගොඩ හිමියෝ කියහුද? එසේම, බුදු රජාණන් වහන්සේ මාර දමනය කරමින් හා විශාලා මහනුවර තුන් බිය දුරැ කිරීම සඳහා රතන සූත්‍රය දේශනා කරමින්ද, සිව්වණක් පිරිසේ ආරක්ෂාව උදෙසා ආටානාටිය දෙසීමෙන්ද සිදු කළේ කට්ටඩියෙකුගේ කාර්ය භාර්යය යැයි කිරිබත්ගොඩ හිමියන් කියන්නේද...? පුරාණ රාජමහා විහාරස්ථානවලට නඩත්තුව සඳහා පෙර රජ දවස පවරා ඇති නින්දගම්වල දායක සභා භාරයේ වගා කෙරෙන කුඹුරැ ඉඩම් ඇති නිසා එම විහාරස්ථානවල වෙසෙන භික්ෂූන් වහන්සේලා ගොවියෝ විය හැකිද? භික්ෂූන් වහන්සේලා අමුඩ ගසා මඩට බසිනු කිරිබත්ගොඩ හිමියන් දැක තිබේද? තවද පුරාණයේ සිට ගුරැවරයෙකු, වෙදෙකු හා අන් සෑම අංශයකින්ම රජුටත් ඉහළින් සිටිමින් ගමේ මෙන්ම මුළු රටේම නායකත්වයට පත් භික්ෂුන් වහන්සේටත් කිරිබත්ගොඩ හිමිගේ මෙකී නින්දාව අයත් නොවන්නේද? ආවා වූද, නොආවා වූද මහා සංඝයාට කිරිබත්ගොඩ හිමි සිදු කර ඇත්තේ අසාහසික නින්දාවක්මැයි. උන්වහන්සේ මේ නොකියා කියා ඇත්තේ මේ රටේ උත්තරීතර මහා සංඝ බලය යටපත් කොට අධිරාජ්‍යවාදීන්ගේ සපත්තුවට හා පල්ලියේ ලෝගුවට යටවන ඊනියා ධර්ම රාජ්‍යයක් බවට මේ හෙළදිව ධර්ම ද්වීපය පත්කළ යුතු බව නොවේද...?

    ඇරත් ගෞතම බුදු සසුන තුළ උපසම්පදාව ස්ථවීර තත්ත්වයට පත් ගෞරවනීය මහා සංඝරත්නයක් වැඩ සිටිද්දී, තිසරණයෙහි පිහිටියා වූ එකම භික්ෂුවක් හෝ සොයා ගැනීම කලුනික හොයනවාට වඩා අපහසු යැයි කිරිබත්ගොඩ හිමියන් ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ මෙරට මහා සංඝරත්නය විෂයෙහි උන්වහන්සේගේ සිත තුළ කිසියම් වෛරයක් තිබෙන බව නොවේද?



    “වර්තමානයේ භික්ෂු සංඝයා ලෙස පෙනී සිටින ලාංකීය භික්ෂූන් වහන්සේලා ධර්ම ඥානයෙන් ඉතා දුර්වල බව රහසක් නොවේ. සද්ධර්මය හැදෑරීම වෙනුවට වෙනත් ලාභ ප්‍රයෝජන ඉලක්ක කරගත් ලෞකික විෂයන් ලෞකික විෂයන් හැදෑරීමට බලවත් ලෙස උනන්දු වෙති. තමතමන් ගේ වෙහෙර විහාර පවා ආදායම් උපදවන ව්‍යාපාරික ස්ථාන බවට පත්කරගෙන සිටිත්. මේ නිසාම මේ රමණීය ධර්මද්වීපය තුළ කෙතරම් මිත්‍යා දෘෂ්ටික මතිමතාන්තර පැතිරී ගියද උන්වහන්සේලාට එහි අනතුරක් නොපෙනේ. දුර දැකීමේ හැකියාවක් නැත. අධර්මය බලවත්ව නැඟී සිටින විටද ඒවා යටපත් වන පරිදි ගෞතම බුදු සසුන ඉස්මතු කොට පෙන්වා දීමේ ශක්තියක් ඔවුනට නැත. එනිසා බෞද්ධ ජනතාව ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටිති. පෙරහැරවල් කිරීමත්, පිංකම් නාමයෙන් නොයෙකුත් විකාර කිරීමත් මිස තථාගත ධර්මය තුළට බුද්ධිමත් ජනතාවක් කැඳවා ගෙන යන්නට උන්වහන්සේලාට හැකියාවක් නැත. කොටින්ම ශ්‍රී ලාංකික භික්ෂුව ව්‍යක්ත නැත. විශාරද නැත. බහුශ්‍රැත නැත. ධර්මධර නැත. ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් දුරස්ව සිටී. දේශපාලනික ආරවුල්වලදී පමණක් ඒවාට මැදිහත්ව සමාජ ආධිපත්‍යය ඇති කරගැනීම පිණිස ජාතියේ මුර දේවතාවුන් ලෙසත්, ශාසන භාරධාරීන් ලෙසත් තමන්ව හුවා දක්වා ගනිති.” (මහමෙව්නාවේ බෝධිඥාන සභාව ග්‍රන්ථය 77, 78 පිටු)

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පිළිනොගත්තාට මෙරට භික්ෂූන් වහන්සේලා ජාතියේ මුර දේවතාවුන් වහන්සේලාමය. උන්වහන්සේලා විසින් දරනු ලබන අපරිමිත මෙහෙය නොවන්නට මේ සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් මේ වනවිට මේ පුංචි දිවයිනෙන් අතුගා දමා හමාරය. එහෙත් සඟ සසුන වැනසීම සඳහා එය හැඳි ගෑවී යේවා යි යන අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන සංඝ භේදය කළ දේවදත්ත පරපුරේ ඇතැම් භික්ෂූහු කිසිවිටෙකත් සිංහල ජාතියේත් සම්බුදු සසුනේත් උන්නතිය උදෙසා පෙනී නොසිටියෝය. කළ එකම දෙය නම් එසේ පෙනී සිටින බව පෙන්වමින් මිෂනාරීන්ගේත්, ජාතිවාදී ෆැසිස්ට් හා නාසිවාදීන්ගේත් ඕනෑ එපාකම් ඉෂ්ඨ කිරීමය. සිංහල බෞද්ධ බලවේගය දුර්මුඛ කරන කිරිබත්ගොඩ හිමියන් වැනි භික්ෂූනට සෝම හිමියන් වැනි ජාතියේ මහා මුර දේවතාවුන් වහන්සේලාගෙන් උගත හැකි දෑ බොහෝය.

    “මේ අවසන් ඉල්ලීම වශයෙන් අපි කීප දෙනෙක් අපවත් වෙමු. අපිව අපවත් කරන්න නම් ලෑස්ති වෙන්නේ ශාසනයේ නාමයෙන් අපි කීප දෙනෙක් අපවත් වෙමු. එහෙමනම් ඉතිං ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන එක්කෝ පැනලා දුවයි ඔක්කොම, නැත්නම් අපේ මල මිනී උඩින් ඒ ගොල්ලන් ඉදිරියට ඒවි. ඔය දෙකෙන් එකක් වේවි. ඒ ටික හොඳට සිහියේ දරා ගෙන මේ පූජා භූමියේ, මේ දළදා වහන්සේගේ නාමයෙන් අධිෂ්ඨාන කරගෙන යන්න ලබන සැරේ මෙතන්ට එනකොට , මේ ස්ථානයට වඩිනකොට අඩුම ගානේ අපෙන් එක්කෙනෙක්වත්, නැත්නම් පස්හය නමක්වත් වැඩම කරගෙන ඇවිල්ලා අපේ සංඝ බලය පෙන්වන්න. හැම දෙනාටම තෙරැවන් සරණ, ශක්තිය ලැබේවා......!!!” (පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි)

    ඉහත කාරණාවලට අමතරව, ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා හට “ශ්‍රමණ පෙරේතයන්”,”ශ්‍රමණ භ්‍රෂ්ටයන්” ආදී නින්දනීය යෙදුම් භාවිත කරමින් නොයෙක් උපහැරණ ගෙන හැර දක්වමින් කිරිබත්ගොඩ හිමියන් තම පොත්පත් හා ලිපි ලේඛන මඟින් භික්ෂූන් හට නින්දා අපහාස කොට ඇති අවස්ථා එමටය. ඒවා සඳහන් කිරීම පවා නුසුදුසු යැයි සඳහන් කරමි. එහෙත්, යම් කිසිවෙකුට අවශ්‍යය නම් කිරිබත්ගොඩ හිමියන් විසින් රචිත “ගිහිගෙයි ඔබ ඇයි?” ග්‍රන්ථයේ 28, 29 පිටු බලන්න. බෝධිඥාන පුවත්පතේ 2005 බිනර කලාපයට කිරිබත්ගොඩ හිමියන් සපයා ඇති ලිපිය බලන්න.

    ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාට ගෞතම බුදු සසුන නඟා සිටුවිය නොහැකි යැයි කියනා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මහා කාරැණික බුදුරාණන් වහන්සේ දේශනා කොට වදාළ අසූහාර දහසක් ධර්මස්කන්ධයන්ගෙන් ධර්මස්කන්ධ හතලිස් දෙදහසක්ම ඇතුළත් අභිධර්ම පිටකය වැනි පරම ගාම්භීර දේශනාවන් බැහැර කරන්නේ ගෞතම බුදු සසුන නඟා සිටුවීමට දැයි පිළිතුරැ දිය යුතුය. කිරිබත්ගොඩ හිමියන් ඉහත සඳහන් පරිදි ගෞරවනීය මහා සංඝරත්නයට අපහාස නොකළේ යැයි දැන් කියන්නේද....? එම ප්‍රකාශ නිසා මෙරට ගෞරවනීය මහා සංඝයාට සිදු වූ බලවත් අපහාසය හා අසාධාරණයට උන්වහන්සේ මහා සංඝයාගෙන් සමාව ගත යුතු නොවේද....? ඉදිරි අවශ්‍ය්‍ය පියවර ගැනීම මහා සංඝයාටම භාරය.

    මීළඟට අප අවධානය යොමු කරන්නේ බෞද්ධ ක්‍රමවේදයෙන් බැහැරව සම්බුද්ධ රාජ මාළිගා තනන කිරිබත්ගොඩ හිමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා සම්බන්ධයෙන් දක්වන ආකල්පය පැහැදිලි කිරීමටයි. මේ කෙරෙහි අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ ඇෆ්ගනිස්ථානයේ අන්තවාදීන් විසින් බාමියන් බුදු පිළිම වනසද්දී පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන් පහත දැක්වෙන මතය සමාජය තුළට රුගෙන ඒම නිසාය.

    මහා කාරැණික බුදු රජාණන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කොට පෙහෙවස් සමාදන් වී සිටි කාලය තුළ දී බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධා භක්තියෙන් සිටි උදේනි රජතුමා තථාගතයන් වහන්සේව නොදැක සිටීමට නොහැකි ව මුගලන් මහ මුගලන් මහරහතන් වහන්සේගේ උදව් උපකාර ඇතිව දිව්‍ය ලෝකයට දක්ෂ කැටයම් ශිල්පියෙකු යවා බුද්ධ ශරීරයේ ලක්ෂණයන් අනුව සඳුන් හරයකින් ඔහු ලවා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කොට වන්දනා මාන කළ බව ඉතිහාස ග්‍රන්ථයන්හි සඳහන් ව තිබේ.

    එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් මහා කාරැණික බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කිරීම එතරම් අවශ්‍යතාවක් නොවීය. චෛත්‍යය සහ බෝධීන් වහන්සේලා රෝපණය කොට වන්දනා මාන කිරීමත්, සිරිපා සලකුණට වන්දනා මාන කිරීමත් බොහෝ සෙයින් එකල පැවතුනි. ඕනෑම උතුම් පුද්ගලයෙකු වෙනුවෙන් පිළිරැවක් තැනැවීමට උත්සාහ ගන්නේ, ඒ පුද්ගලයාගේ අභාවයෙන් පසුව ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමත් සමඟ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තනවා වන්දනා මාන කිරීමට සැදැහැවතුන් පෙළැඹුණු බවත්, ප්‍රතිමා ශිල්පය කලක් ගතවන විට දියුණුවෙන් දියුණුවට පත්වී මේ වනවිට ඉතාමත්ම දක්ෂ ලෙස වර්ධනය වී ඇත.

    බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිළිබඳ ව මජ්ඣිම නිකායේ දක්ෂිණ විභංග සූත්‍රයේ මෙසේ සඳහන් වී තිබේ.

    “තථාගතෙ පන පරිනිබ්බුතෙ උභතො සංඝස්ස පමුඛෙ සධාතුකං බුද්ධපටිමං ආසනෙ ඨපෙත්වා පත්තං ආධරකෙ ඨපෙත්වා දක්ඛිණොදකමාදිං කත්වා සබ්බං සත්ථු පඨමං දත්වා උභතො සංඝස්ස දතබ්බං”



    ‘”තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි උභතො සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කොට පළමු වන සාංඝික දානය දිය යුතුය.”

    එමෙන්ම මනෝරථ පූරණී අටුවාවෙහි ද සධාතුක බුද්ධ ප්‍රතිමා ගැන සඳහන් කොට තිබේ.

    “සධාතුක බුද්ධ ප්‍රතිමා වහන්සේට බාධා පැමිණෙන බෝධියේ ශාඛා සිඳ දැමීමට සුදුසු යැයි සඳහන් වී තිබේ.”

    මහා කාරැණික බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන් අටුවාවන් තිබූ හෙයින් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට ගෙනැවිත් බුද්ධ වර්ෂ පස්වන සියවසේදී එම හෙළ අටුවාව පාළියට පරිවර්තනය කිරීම නිසා ආරක්ෂා විය. මනෝරථපූරණී අටුවාව, සම්මෝහ විනෝදනී නම් විභංග අටුවාව, මජ්ඣිම නිකාය දක්ෂිණ විභංග සූත්‍ර අටුවාව ආදී අටුවා ග්‍රන්ථයන්හි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ගැන සඳහන් වී තිබීමෙන් පිළිඹිබු වන්නේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන්ම හෝ ඊට ආසන්න කාලයේ පටන්ම බුද්ධ ප්‍රතිමා වහන්සේලා තිබුණු බවත් සැදැහැවත් බෞද්ධයන් වෙතින් ඒවාට වැඳුම් පිදුම් කළ බවත්ය.

    බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වෙත ගොස් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුතුව මල් පහන් පූජා කරමින්, ගිලන්පස ආදී බුද්ධ පූජාවන් පවත්වමින් සැදැහැවත් බෞද්ධයන් වැඳුම් පිදුම් කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හට ගෞරව කරනවා යන අපරිමිත ශ්‍රද්ධාවෙන් යුතුවය.

    බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිළිබඳ කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් දරන්නේ මෙබඳු අදහසකි.



    “බුදු පිළිම කැඩුවාට බුදුරජාණන් වහන්සේට හානියක් නෑ...

    අපි ධර්මය දකින තාක් කල් හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම තිබුණත්, උන්වහන්සේට පහර වදිනවා...

    ගල් ගෙඩි අස්සෙන් බුදුරජාණන් වහන්සේව දකින්න යාමේ මෝඩකම නිසා ඔල මොට්ටල බුද්ධාගම්කාරයෝ ඇති වුණා...

    පුංචි ළමයින්ට ශ්‍රද්ධාව ඇතිකරවන්න බුදු පිළිම ඕනෑ නෑ...”


    යනුවෙන් මෙවැනි කෙටි මාතෘකා රැසක් කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන් විසින් රචිත “බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” යන ග්‍රන්ථයේ පිටකවරයේ පසුපිටේ සඳහන්ව ඇත. එහි එන තවත් කාරණා කිහිපයක් පහත දැක්වේ.

    “පිළිම තුළින් බුදු රජාණන් වහන්සේව දකින්න බැහැ.

    නමුත්, අද අපේ රටේ බෞද්ධයින් ඒ දේ කරනවාද...? මැටිවලින් හදපු බුදුරජාණන් වහන්සේව දකින්න ලෑස්ති වෙලා ඉන්නවා කොටසක්. ලී වලින් හදාපු බුදු රජාණන් වහන්සේව බලන්න ලෑස්තිවෙලා ඉන්නවා තවත් කොටසක්. ගල්වලින් හදාපු බුදු රජාණන් වහන්සේව දකින්න ලෑස්ති වෙලා ඉන්නවා තවත් කොටසක්. බුදු රජාණන් වහන්සේව දකින්න පුළුවන් වේවිද ඒ විදිහට....? කවදාවත් බෑ. ඒක අපට සිද්ධ වුණු ලොකු වැරැද්දක්. (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 1 වැනි පිටුව - දෙවැනි ඡේදය)”

    යමෙක් ධර්මය දකින්නේ ද හෙතෙම මා දකින්නේ ය; යමෙක් මා දකින්නේ ද හෙතෙම ධර්මය දකින්නේ ය යනුවෙන් පටිච්ඡ සමුප්පාද විවරණයෙහි දක්වා ඇති සංකල්පය වරදවා අර්ථ විවරණය කරමින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මීළඟට සිංහල බෞද්ධ ජන විඤ්ඤාණය දූෂ්‍ය කරන ආකාරය කටයුතු කරන්න.

    “පිළිම තුළින් බුදුරජාණන් වහන්සේව දකින්න උත්සාහ කළ වැරැද්ද අද අත්විඳිනවා...

    අපට අතීතයේ සිද්ධ වුණු වැරැද්ද නිසා, අපෙන් වෙන් වුණු වැරදි නිසා, බුදුරජාණන් වහන්සේව ධර්මය තුළින් දකින්න පුළුවන්කම තියෙද්දී, ඒක දකින්නේ නැතිව, විශාල ගල්වල බුදුරජාණන් වහන්සේව නෙලන්න ලෑස්ති වෙලා අත්විඳින සාපයට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා. දැන් ඔන්න ඇෆ්ගනිස්ථානෙ ඒ ප්‍රශ්නේ මතුවෙනවා. තලේබාන් බුදු පිළිම ගැන අප තදින් කථා කරනවා. ඒත් අප ඉගෙන ගන්නවාද....? ධර්මය දකින්න කියලා අපට කිව්වහම, ඒ ධර්මය දකින්නේ නැතුව, අපේ පැරණි අය විසින් බුදුරජාණන් වහන්සේව පිළිමවලින් දකින්න ගල්වල කෙටූ නිසා අද අප ඒ වැරැද්ද අත්විඳිනවා...”

    (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 1 වැනි පිටුව - 4 වැනි ඡේදය)



    “ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම කැඩුණේ අපට සිදු වුණු ඓතිහාසික වැරදීම නිසයි.

    අපට සිදු වුණු ඓතිහාසික වැරැද්ද තමයි මේ බුදු පිළිම හැදිල්ල. දැන් බලන්න කුරාන් ආගමේ තහනම් දෙයක්, ප්‍රතිමා සෑදීම. ඒ නිසයි බුදු පිළිම කඩා දැමුවේ. නමුත්, ඔය ගෙවල්වල ධම්මපදය කොටලා තිබුණා නම් කඩන්නේ නෑ. ඒක ඒ අයට තහනම් දෙයක් නොවන නිසයි. එහෙම වුණා නම් පුරාවිද්‍යාඥයෝ ගිහිං ඒවා කියවාවි. විනාශයට පත්වන්නේ නෑ...”

    (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 15 වැනි පිටුව - දෙවැනි ඡේදය)

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පවසන අන්දමට ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දමනු ලැබුවේ පැරැන්නන් විසින් විශාල ගල්වල බුද්ධ ප්‍රතිමා නෙලා තිබූ නිසාය. බුද්ධිමත් ඕනෑම අයෙකුට පොළොන්නරුව ගල් විහාරය, අවුකන ආදී පැරැන්නන් විසින් වසර ගණනක් වෙහෙස මහන්සි වී ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව විශ්මයජනක ලෙස නෙළා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා දකින විට ශ්‍රද්ධාවක් මෙන්ම ඉතිහාසයේ සිටි බෞද්ධ ජනතාව පිළිබඳ අභිමානයක් ඇතිවේ...

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අදහස විශාල ගල්වල බුද්ධ ප්‍රතිමා නෙළීම සාපයක් බවයි. ඒ බව “විශාල ගල්වල බුදුරජාණන් වහන්සේව නෙළන්න ලෑස්ති වෙලා අත්විඳින සාපයට අද මුහුණ දෙන්න සිදු වෙලා....” යන ප්‍රකාශයෙන් මනාව උධෘත වේ.

    සිවුරැ පොරොවා ගත් බෞද්ධ භික්ෂුවක් තබා බෞද්ධ නාමයෙන් පෙනී සිටින ශිෂ්ට සම්පන්න කිසිඳු ගිහියෙකුවත් නොකරන මෙවැනි ප්‍රකාශයන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පොත්පත්වල ලියා පළ කොට ඇත්තේ උන්වහන්සේ උපතින්ම බෞද්ධයෙකු නොවන නිසා විය හැකිද...?

    නොයෙක් නාමයන්ගෙන් පෙනී සිටින අන්‍ය ආගමික මූලධර්මවාදී සංවිධාන විසින් බුදු සසුන වැනසීමේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක කරයි. තිසරණය හඳුනා නොගත් බෞද්ධයන්ව තෑගි බෝග දී රවටා ගන්නා එම මිනිසුන් ලවා බුදු පිළිම විනාශ කරවති; බුදු පිළිම පොළොවේ ගස්වති. ඕනෑම අයෙක් බුදු පිළිම වහන්සේ නමක් කඩා බිඳ දමන්නේ හා ඒ සඳහා අනුබල දෙන්නේ බුදු දහම කෙරෙහි වෛරයකින් හා ද්වේශයකින් පසුවන නිසා නොවේද....?

    නමුත්, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අදහස;

    “බුදු පිළිම කැඩුවාට හානියක් වෙනවාද...?

    බුදු පිළිම ටික කඩලා බිම දැම්මා කියමු. නමුත්, බුදු රජාණන් වහන්සේට වැදුනද...? වැදුනේ නෑ.... උන්වහන්සේ අසමසමයි.”

    (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 17 වැනි පිටුව)



    කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් මෙවැනි අදහස් පොත්පත්වල ලියා ජනතාව අතර පතුරැවා තිබීම බුදු සසුන වනසන අන්‍ය ආගමික කුමන්ත්‍රණකාරීන්ට මෙන්ම බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දමනා නිධන් හොරැන්ට දොරගුළු විවර කරදීමක් බඳුය.

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නමින් පරිවර්තනය කොට ඇති මජ්ඣිම නිකාය පළමු ග්‍රන්ථයේ පෙරවදන තුළ දී පරිපාලන ක්‍රමයක් ලෙස වර්තමානයේ භක්ෂූන් වහන්සේලා යොදාගෙන තිබෙන “නිකාය” යන වචනය දැඩි ද්වේශයෙන් ගර්හාවට ලක්කර ඇත.

    “පුද්ගල කණ්ඩායම් වලටත් ‘%නිකාය’ යන වචනය යොදනවාද...?

    පසුකාලයකදී පුද්ගල කණ්ඩායම් සඳහාත් %නිකාය’ යන වචනය යොදා තිබෙනවා. ලංකාවේ පවා සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය ආදී වශයෙන් පුද්ගල කණ්ඩායම්වලටත් %නිකාය’ යන වචනය යොදා තිබෙනවා. ඒ භික්ෂූන්ට තමන්ගේ අර්ථ ශූන්‍ය, අධාර්මික, අශාසනික කණ්ඩායම් වාදයට ඉතා පහසුවෙන්ම %සභාව’ යන වචනය යොදන්නට තිබුණා. කොහොම වුණත් ථෙරවාදී සම්ප්‍රදාය තුළ කණ්ඩායම යන අර්ථය පිණිස, ශ්‍රී සද්ධර්මය කොටස උදෙසා ගෞරවයෙන් භාවිත කළ %නිකාය’ යන වචනය යොදා ගැනීම අතිශය බරතල ඓතිහාසික වරදක්. දැන්වත් ඔවුන් ඒ වරදින් නිදහස් විය යුතුයි.” යනුවෙන් දක්වා තිබේ.

     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    මෙරට නිකාය භේදයක් පවතින බව සැබවි. සීහළ සංඝ සමාජය යළිත් ප්‍රතිසංවිධානය කල යුතුය. ඒ ධර්ම විනයෙහි ශාස්තෘත්වය ආරක්ෂා වන පරිදිය. එහෙත් මෙතෙක් පැවැති නිකාය සම්ප්‍රදාය නිසා නිර්මල ථෙරවාදී බුදු දහම හෝ බුදු සසුනට කිසිඳු හානියක් සිද්ධ නොවුණේය. සරලව කියන්නේ නම් නිකාය බෙදී යම නිසා කිසිඳු ආකාරයක ධර්ම පරිහානිකර තත්ත්වයක් උද්ගත නොවුණේය. ත්‍රෛනිකායක මහා සංඝරත්නයම සෑම අවස්ථාවකදීම නිර්මල ථෙරවාදය වෙනුවෙන් දිවිහිමියෙන් පෙළ ගැසුණෝ ය. මෙවන් වාතාවරණයක් යටතේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් %නිකාය භේදයක්’ යන්න හුවා දක්වමින් සැරසෙන්නේ කුමකටදැයි අප විමසිය යුතුය.

    “බුදු රජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම හා දහම තුළින් දැකීම” යන ග්‍රන්ථයේ 16 වැනි පිටුවේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් දක්වනුයේ මෙබඳු අදහසකි.



    “අමරපුර නිකායේ බුදු හාමුදුරැවෝ හා සියම් නිකායේ බුදු හාමුදුරැවෝ...

    අපි දන්නවා වැව්රැකන්නල විශාල බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඒකේ බුද්ධ පින්තූරේ දෙවුර වහලා නිර්මාණය කරලා තියෙන්නේ. ඒක අමරපුර නිකායෙන් හදපු පන්සලක් නිසා ඒකේ වැඩ ඉන්නේ අමරපුර නිකායේ බුදු හාමුදුරැවොයි...

    ඊළඟ පන්සලෙන් මොකද කළේ...? ඒ පන්සලෙත් පටන් ගත්තා, අපටත් සියම් නිකායෙන් එක්කෙනෙක් ඕන කියලා. තනි පැත්ත වහපු බුදු පිළිමයක් හැදුවා. වෙරෙහේන පන්සලේ වැඩ ඉන්නේ සියම් නිකායේ බුදු හාමුදුරැවෝයි....”



    මෑත යුගයේ ලක්දිව සිටි සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ ධර්ම විනයධර මහතෙරැන් වහන්සේ නමක් වන අතිපූජනීය රේරැකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ බුදු පිළිම වහන්සේලා හට වන්දනා මාන කිරීම පිළිබඳව “ධර්ම විනිශ්චය” නම් ග්‍රන්ථයේ 27 වැනි පිටුවේ දක්වා ඇත්තේ මෙවන් අදහසකි.

    “දැනට ලෝකයෙහි නොයෙක් ශිල්පීන් විසින් තනා ඇති ප්‍රතිමාවලින් එකක්වත් ඒ ඒ පුද්ගලයා හා සර්වාකාරයෙන් සමවේ යැයි නොසිතිය හැකිය. එහෙත්, යම් ප්‍රතිමාවක් හෝ චිත්‍රයක් දකිනා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්‍රතිමාව ඒ චිත්‍රය ඒ පුද්ගලයාගේ ප්‍රතිමාව ලෙසත්, චිත්‍රය ලෙසත් පිළිගනු ලැබේ. යම් ප්‍රතිමාවක් හෝ චිත්‍රයක් දක්නා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්‍රතිමාව , ඒ චිත්‍රය බුද්ධ රෑපයක් යැයි සලකනු ලැබේ. පිළිගනු ලැබේ. දැනට තනා ඇති කවර බුද්ධ ප්‍රතිමාවක් වුවද දක්නා කල්හී එයින් ඇතිවන්නේ බුදුන් වහන්සේ පිළිබඳ හැඟීමකි. එබැවින් දැනට ඇති සෑම බුද්ධ ප්‍රතිමාවක්ම බුද්ධ ප්‍රතිමාවක් හැටියටම පිළිගත යුතුය. බුද්ධ ප්‍රතිමා වන බැවින් ඒවාට ගරැ කළ යුතුය. බුද්ධ ප්‍රතිමාවක් ලෙස පිළිගන්නා රෑපයට ගරැ කිරීම තථාගතයන් වහන්සේට ගරැ කිරීමකි. ඒවාට අගෞරව කිරීම තථාගතයන් වහන්සෙට අගෞරව කිරීමකි. ”



    නුවණැති බෞද්ධයෝ පිළිගනුයේ රේරැකානේ මහ නාහිමිගේ අර්ථ දැක්වීමද...? නැතහොත් කිසියම් පෞද්ගලික හේතුවක් වසා ගැනීමේ අරමුණ මත මත ශාසන සම්ප්‍රදායට ගරහමින් දෙවරක් උපසම්පදා වූ භික්ෂුවක් කරන අර්ථ දැක්වීමද....?



    වර්තමානයෙහි ධර්මය විකෘති කරමින් මිනිසුන් මුළා කරනා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් හට බුදු පිළිම වහන්සේලා දැකීම තුළ තම සිතේ ඇතිවන අදහස උන්වහන්සේ මෙසේ ලියා පළ කොට ඇත.

    “ප්‍රතිමා වහන්සේ නමක් දැක්කහම පැහැදෙනවාය කීම බොරැවක්...

    කෙනෙකු කියනවා නම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දැක්කහම ශ්‍රද්ධාවක් ඇති වෙනවාය, ඒ වගේ පැහැදීමක් මුල් කරගෙන නොතේරෙන ළමයෙකුට වුණත් ශ්‍රද්ධාවක් ඇතිකරවන්න පුළුවන්ය..... කියලා ඒක තනිකරම අප විසින් හදා ගත්තු කතාවක් විතරයි. ඒක සත්‍යයක් නොවෙයි.”

    (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 2 වැනි පිටුව)

    අන්‍ය ආගමික පරිසරයක් තුළ හැදී වැඩුණු කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් හට කුඩා වයසේදී බුදු පිළිම වහන්සේලා දුටු විට ශ්‍රද්ධාවක් ඇති නොවුණාය යන කාරණය සත්‍යය විය හැකිය. එයට හේතුව උන්වහන්සේ “ජූඩ් කබ්රාල්” නමින් ක්‍රිස්තියානි පවුලක උපත ලැබූ දළුගම පල්ලියේදී බෞතීස්ම කළ අයෙක් වීමයි. පවුලේ සියලු දෙනාම කිතුනු භක්තිකයන් වූ අතර එම ඤාතීන් සමඟ කොච්චිකඩේ පල්ලියටත්, රාගම පල්ලියටත්, වත්තල පල්ලියටත්, දළුගම පල්ලියටත්, කඩවත පල්ලියටත් වරින්වර යමින් කිතුනු ආගම අදහන්නට යෙදුණු බව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින්ම රචිත ස්වයං චරිතාපදානයේ “සත්‍ය සොයා යෑම” නම් ග්‍රන්ථයේ 15 වැනි හා 22 වැනි පිටුව තුළ දක්වා ඇත්තේය. කෙසේ වෙතත් තමන් වහන්සේගේ සත්‍ය සොයා යෑම පිළිබඳව කිරිබත්ගොඩ හිමියන් වරෙක සඳහන් කරන්නේ මෙබු අදහසකි.

    “මේ පිංවතුන් දන්න ප්‍රකට කාරණයක් තිබෙනවා... ඒ තමයි මම උපතින් බෞද්ධාගමේ නොවේ කියන එක; පින්වත් මහණෙනි; ඒ ශාස්තෘන් වහන්සේගේම ශ්‍රාවක භික්ෂුවක් ඉන්නවා ඒ භික්ෂුව නිවන් මඟ පුහුණු වෙන ප්‍රතිපදාවෙන් යුක්තයි. බහුශ්‍රැතයි. උතුම් සිල්වත් බවට පැමිණිලා ඉන්නේ... ඉතිං උන්වහන්සේත් මේ ධර්ය දේශනා කරනවා. එහි ආරම්භයත් කල්‍යාණයි. මැදත් කල්‍යාණයි. අගත් කල්‍යාණයි. අර්ථ සහිතයි. නිවැරදි වචන ගැලපීමෙනුත් යුක්තයි. සියලු ආකාරයෙන්ම සම්පූර්ණ වූ පිරිසිඳු අමාමහ නිවන් මග ගැනයි දේශනා කරන්නේ. පින්වත් මහණෙනි. මේ තමයි බොහෝ දෙනාගේ සැපය පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, දෙව් මිනිසුන්ගේ සැපය පිණිස මේ ලොව පහළ වන තුන්වන පුද්ගලයා...


    අප්‍රකට කාරණයක් තිබෙනවා... ඒ තමයි මම කොහොම ද බෞද්ධ වුණේ කියන එක....
    මම බෞද්ධ වෙනකොට මට වයස මාස හයයි. මම මාස හයේ දී තමයි තිසරණයෙහි පිහිටියේ.... (සාධුකාර) ඒ සිදුවීම මෙහෙමයි වුණේ....
    අපේ දෙමව්පියන්ට ඕන වුණා පුතෙක් ලබා ගන්න. ඔන්න ඊට පස්සේ මම ඉපැදුණා. ඒ අපේ තාත්තා මාව කතරගම කිරිවෙහෙරට එක්කන් ගිය වෙලාවෙදී අපේ තාත්තාට දේව ආකර්ශනයක් වගේ එකක් ආවා. ඇවිල්ලා කිව්වා මේ ළමයා ඉපැදුණේ මේ පවුලට බෞද්ධ වීම පිණිස යි. (සාධුකාර) ඉතිං ඒ අනුව මාවත් වඩා ගෙන මට මාස හයයි අපේ දෙමව්පියෝ තිසරණයෙහි පිහිටුවන කොට.
    මම ඉන්දියාවේ කාලයක හිටියා ශින්දි ඉගෙන ගැනීම පිණිස. ඒ උන්නු කාලේ මට හදිස්සියේම වන්දනා ගමනක් යන්න ලැබිලා බරණැස වන්දනා කරන්න ගියා. මට ඉතිං කිසි අමුත්තක් නෑ... වන්දනා කළා. බුද්ධගයාව වන්දනා කළා කිසි අමුත්තක් නෑ... රජගහ නුවරට ගියා... රජගහ නුවරට ගිහිං ගමන පටන් ගන්න කොට කිසි අමුත්තක් නෑ. මට අමුත්තක් ඇති වෙන්න පටන් ගත්තා ගිජ්ඣකූඨ පර්වතයට පඩිපෙළේ නැඟගෙන යනකොට. කවදාවත් නැති විදිහට මට මගේ අතීත ජන්මයක් මතක් වෙන්න පටන් ගත්තා. (සාධුකාර) ගිජ්ඣකූඨ පර්වතයේ මුදුනට නඟිනකොට මට සම්පූර්ණයෙන්ම මතක් වුණා බුදුරජාණන් වහන්සේගේ අග්ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ ළඟ මම මහණ වෙලා ඉඳලා තියෙනවා. මට මහා සංවේගයක් හට ගත්තා එබඳු ආකාරයේ ජීවිතයක් ගෙවූ මම තවමත් සංසාරේ නේද....? එබඳු රහතන් වහන්සේලා ආශ්රේය කරගෙන ඉඳලා, ඇසුරු කරගෙන ඉඳලා මට තවමත් සසර දුකින් මිදෙන්න බැරි වුණා නේද කියලා. මම එදා ගිජ්ඣකූඨ මහවනය ඇතුළට ගිහිල්ලා මගේ හිතේ වේදනාව නැති වෙනකල් ඇඬුවා. (හසරක් නොදන්නා අසරණ මිනිසුන් ඔහේ වැඳගෙන බලා ගෙන සිටී) ඊට පස්සේ ආයෙමත් මම හිමාලයේ ගියා එක්කෝ මම ධර්මය උරාගෙන ජීවත් වෙනවා, එක්කෝ මම මරණයට පත්වෙනවා කියන අදහසින්.

    මම ඒ විදිහට ජීවිත පරිත්යාගයෙන් කටයුතු කරලා පස්සෙ පස්සේ මට තේරැණා.... නෑ... කවුරැවත් තමන්ට විමුක්තියක් දෙන්නේ නෑ. මේ ලෝකේ කවුරැවත් තමන්ව බේර ගන්නේ නෑ. මේ හිතේ ඇතිවන අකුසල්වලින් වුවත් තමන්ව නිදහස් කරන්නේ නෑ. තමන්ව නිදහස් කරන්නේ ධර්මය විසින්. නමුත් මා තුළ තිබුණා නොසන්සිඳෙන උනන්දුවක්. ඒ ඉවරයක් නැති උනන්දුව තමයි මම පිරිනිවන් පාලා මිසක් අවසන් වෙන්නේ නෑ කියල කියපු එක.

    ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට එක්කෙනාට එක්කෙනා නිහතමානී වෙන්න. ඒක තමයි මං විශේෂයෙන් ඉල්ලීමක් කරන්නේ. ඒ නිසා මේක ඔගොල්ලන්ට ලැබිච්ච පැන් පොකුණ. මේක කඩාකප්පල් වෙන්න දෙන්න එපා.

    හැමදෙනාටම තුනුරැවන්ගේ සරණයි....!
    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි...!”


    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් නොදන්නා බෞද්ධයන් මුළා කරමින්, ශාසන සම්ප්‍රදාය විකෘති කරමින්, සිංහල බෞද්ධ ජන විඤ්ඤාණය හා ඓතිහාසික අභිමානය දූෂ්‍ය කෙරෙමින් ගෙන යන මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් නුවණැති බෞද්ධයෝ දරනුයේ කවර නම් අදහසක්ද....? බුදු පිළිම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ දරනුයේ මෙබඳු අදහසක් නම් 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සම්බුද්ධ රාජ මාළිගාවක් තනවා කරන ලද ක්‍රියාවෙහි අර්ථය කුමක්දැයි විමසිය යුතුය. එය තම වරදි නිසා ඉදිරියේදී තමන්ට පැමිණෙන අභියෝග හමුවේ අනුගාමික පිරිස ආරක්ෂා කරගැනීමට දරන ලද ප්‍රදර්ශනකාමී ප්‍රයත්නයක් නොවේද...?

    සම්බුද්ධ රාජ මාළිගාව තැනැවීමේදී මට සියලු උපදෙස් ලබා දුන්නේ ඝටීකාර මහා බ්‍රහ්මයා විසින් යැයි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඉකුත් දා ප්‍රකාශ කොට ඇත්තේ ය.


    සියලු රාජකීය සැප සම්පත් ද, රම්ය - සුරම්ය - ශුභ යන ශ්‍රී සම්පත්තීන්ගෙන් ආඪ්ය වූ මාළිගා ද අතැර දමා , කිං සච්ච ගවේසී ව, කිං කුසල ගවේසී ව, එනම්, සත්යය යනු කුමක් ද....? කුසලය යනු කුමක් දැ...? යි සොයමින් පැවිදි වූ සිද්ධාර්ථ බෝධිසත්වයන් වවහන්සේට නිවන් සැපත සොයා යාම පිණිස උපකාරී වශයෙන් සිවුරැ පිරිකර පූජා කරන ලද්දේ ඝටීකාර මහා බ්‍රහ්මයා විසිනි. ඒ සියල් සත්වග නිවනින් සනසවන්නට ය. පරම සත්යය ලෝකයාට හෙළිදරව් කිරීමට ය. එවන් වාතාවරණයක් මත නිවනින් සැනහුණු අප මහා භාග්යවත් අංගීරසයන් වහන්සේ උදෙසා සම්බුද්ධ රාජ මාළිගා තැනීමට ඝටීකාර මහා බ්රාහ්මයා උපදෙස් දුන්නා ය යන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ උක්ත ප්‍රකාශය කෙසේ නම් නුවණැති බෞද්ධයෝ පිළිගනිත් ද....?

    ඝටීකාර මහා බ්‍රහ්මයා සිවැ පිරිකර පූජා කරද්දී යළිත් වරක් ගිහි සැපතට පැමිණෙනු වස් බෝසතුන්ට ආරාධනා කළේ වසවර්තී මාර දිව්යළ පුත්රයා විසිනි. බුදු වීමෙන් ද වසර ගණනාවක් වසවත් මරැ එසේ නොයෙක් බල කෙරෙමින් බුදුන් හඹා ආයේය. නමුත්, එදා මාරයාගේ එකී පටු අභිලාශය මුදුන්පත් කිරීමට බුදුන් වහන්සේ ඉඩ නොදුන් සේක. එහෙත් මෙදා බුදුන් නැති හෙයින් සම්බුද්ධ රාජ මාළිගා තනමින් යළිත් වරක් බුදු දහමට කම් සුවය හුරැ කරවනු වස් සම්බුද්ධ රාජ මාළිගා තැනීමට උපදෙස් දුන්නේ මාරයා නොවේ ද...? එකී මාර බලවේගය වසන් කරමින්, දහම විනය දත් ඝටීකාර මහා බ්‍රහ්මයා තම පටු අභිලාශයන් වෙනුවෙන් ඈඳා ගෙන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් අසරණ බෞද්ධයා මුළා කොට ඇති අන්දම ශෝචනීය ය... මේවාට පිළිතැ දීම ඝටීකාර මහා බ්‍රහ්මයාටම භාර ය.

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් නික්ලේෂී උතුමෙක් යැයි අපේ බෞද්ධයන් අදහන හෙයින් උන්වහන්සේගේ ආරාධනය පිට නොබෝ දිනකින්ම ඝටීකාර මහා බ්‍රහ්මයා මිනිස් ලොවට වැඩම කරනු ඇත. සම්බුද්ධ රාජ මාළිගාව තැනීමට තමා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට උපදෙස් දුන් ආකාරය ජනයාට කියනු ඇත. අප එතෙක් බලා සිටිමු.
    එසඳ අපගේ සැකය ද දුරැ වනු ඇත. තම සැබෑ ඍද්ධි බලය පෙන්වීමට කිරිබත්ගොඩ ඤාණානන්ද පිංවත් ස්වාමීන් වහන්සේට දැන් අනඟි අවස්ථාවක් ලැබී ඇත්තේ ය.

    මේවායින්ද නොනැවතී කිර්බත්ගොඩ හිමියන් ශාසන උතුම් ශාසන ඉතිහාසය තම පෞද්ගලික චරිතය තුළ හුවා දක්වන ආකාරය සංශය දනවන්නකි. උන්වහන්සේ පවසන්නේ ආනන්ද මා හිමියන් තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වන බවත්, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වන බවත්ය. මෙසේ ප්‍රකාශ කිරීම තුළින් කිරිබත්ගොඩ හිමියන් ව්‍යංගයෙන් අර්ථ දක්වා ඇත්තේ කුමක්ද...? අග්‍ර උපස්ථායක ආනන්ද මහ තෙරැන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික වෙයි. උන්වහන්සේ තම ආචාර්යයන් වහන්සේ බව පැවැසීමෙන් කිරිබත්ගොඩ හිමියන්ගේ ධර්ම ඥානය සම්බන්ධයෙන් සැදැහැවතුන් සැක නොසිතන්නේමය. ප්‍රථම සංගීතියේ මුලසුන හෙබැවූ ශාසනභාරධාරී සංගීතිකාරක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ධූතංගධාරීන් අතර අගතැන්පත් මහරහතන් වහන්සේය. එවන් මහ තෙර නමක් තම උපාධ්‍යාය යැයි පැවැසීමෙන් මෙම යුගයේ ධූතංග පුරන්නවුන් අතර තමන් වහන්සේ(කිරිබත්ගොඩ හිමියන්) අගතැන්පත් යැයි සැදැහැවතුන් සිතනු ඇත. එහෙත්, අප නම් දන්නා තරමින් ධූතංගධාරීන් සම්බුද්ධරාජ මාළිගා හෝ ගොඩ නැඟිලි අසපු තුළ වසන්නේ නැත. එසේම, වහා සිදු කළ යුතු සංගායනාවක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ හිමියන් බෝධිඥාන ව්‍යවස්ථාවේ අදහස් දක්වා ඇති අතර සංගීතිකාරක මහකසුප් හිමි උපාධ්‍යාය වන හෙයින් මෙකල සිදු කෙරෙන ධර්ම සංගායනාවකදී තමාගේ නායකත්වය හා මුලසුන හෙබැවීම සම්බන්ධයෙන් වන අදහස ව්‍යංගයෙන් ජනතාව වෙත පළ කොට ඇත. සූත්‍ර පිටකයත් කප්පාදු කරමින් හා අභිධර්ම පිටකයත් ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන කිරිබත්ගොඩ හිමියන් තමන්වහන්සේ විසින්ම, තමන් වහන්සේගේ ක්‍රමවේදයටම හැඩගස්වාගත් ශිෂ්‍ය භික්ෂූන් පිරිවරා යම් හෙයකින් තමාට අවැසි විදිහට සංගායනාවක් සිදු කළහොත් මහරහතන් වහන්සේලා විසින් චිරාත් කාලයක් තිස්සේ දිවිහිමියෙන් රුකගෙන ආ නිර්මල ථෙරවාදී ශ්‍රී සද්ධර්මයට අත්වන්නේ මහත් විපත්තියක්මය.

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් නිර්මල ථෙරවාදය වැනසීම සඳහා කළා වූ විනාසය මෙතකින් විස්තර කොට නිමා කළ නොහැකිය. හිතුවක්කාර ලෙස ත්‍රිපිටක පිරිවර්තනයේ යෙදෙමින් සිදු කළ විනාශය එවැන්නකි.
    වළගම්බා රජු දවස මාතලේ ආලෝක විහාරයේදී ත්‍රිපිටකය පළමුවරට ග්‍රන්ථාරෑඪ කරන ලද අතර 2550 වැනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් එම බුද්ධ දේශනා සියල්ල යළිත් පොත්වලට ගැනීම සඳහා බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සම්පාදනය කෙරිණි. භාෂා විශාරද, ත්‍රිපිටකධාරී මහතෙරැන් වහන්සේලා විසිපස් නමකගෙන් පමණ සමන්විත ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයක් පත්කොට මෙරට ත්‍රිපිටකයත්, තායි හා බුරැම ත්‍රිපිටකයත් සංසන්දනය කොට බුද්ධ වචනයට අල්ප මාත්‍රයක හෝ හානියක් සිදු නොවන පරිද්දෙන් වසර ගණනාවක් වෙහෙස දරා මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සම්පාදනය කරන ලද්දේය. එහෙත්, කිසිවෙකුගේ අධීක්ෂණයකින් තොරව අවුල් වී ගිය ධර්මඥානයෙන් යුතුව, බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට පවා නිග්‍රහ කරමින් කඩිමුඩියේ මාසයෙන් මාසයට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථ තමාට හිතුමතයේ පරිවර්තනය කොට එළි දැක්වීම සඳහා කිරිබත්ගොඩ හිමියන් කටයුතු කරනු ලබයි. උන්වහන්සේගේ අදහස වනුයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සිටි මහ තෙරැන් වහන්සේලා සියළු දෙනාම ධර්මය නොදන්නා බවයි.
    &ලංකාවේ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ තියෙන්නේ ව්‍යක්ත වූ සිංහල භාෂාවෙන් පරිවර්තනය කරන ලද ග්‍රන්ථයන්ය. ඒවා කොයිතරම් ව්‍යක්තදැයි කීවොත් ඒවා පරිවර්තනය කළ උතුමන්ටවත් තේරැණාදැයි සැක සහිතය. (ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නමින් කිරිබත්ගොඩ හිමියන් විසින් පරිවර්තනය කළ මජ්ඣිම නිකායේ පෙරවදන තුළ දැක්වෙන ප්‍රකාශයකි.)*
    එසේම, ලක්දිව මහරහතන් වහන්සේලා විසින් සූත්‍ර දේශනාවන්හි අර්ථ විස්තර කරමින් ලියන ලද අටුවා ග්‍රන්ථ හා ඒවා තවත් විස්තර කරමින් ලියන ලද ටීකා, ටිප්පනී ග්‍රන්ථද කිරිබත්ගොඩ හිමියන් පිළිනොගනී. ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නමින් කිරිබත්ගොඩ හිමියන් විසින් පරිවර්තනය කළ මජ්ඣිම නිකායේ පෙරවදන තුළ 18 වැනි පැනයට දී ඇති පිළිතුර ඒ සඳහා සාක්ෂි වේ. එහෙත් වරෙක මහාචාර්ය රේරැකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ දක්වනුයේ බුදු රජාණන් වහන්සේගේ කාලයේ පටන්ම පැවැත ආ අටුවාවන් වර්තමානය දක්වාම පවතින බවයි. &අටුවාද බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ පටන්ම පැවතෙන්නේය. මිහිඳු මා හිමියන් විසින් මේ දිවයිනට ගෙනා අටුවා සිංහලයට නඟා තිබුණේය. කල් යාමේදී දඹදිව තිබූ අටුවා අභාවප්‍රාප්ත විය. එබැවින් බුදුගොස් මාහිමියෝ මේ දිවයිනට පැමිණ සකල ලෝකයාගේම ප්‍රයෝජනය සලකා නැවත ඒ හෙළ අටුවා පාළි භාෂාවට පරිවර්තනය කළහ. ඒවා විදේශවලටද ගිය බැවින් අද දක්වා නොනැසී පවතී. විදේශවලට නොගිය බැවින් හෙළටුවා මෙහිම අභාවප්‍රාප්ත විය. දැනට පවතින පාළි අටුවා පසු කලෙකදී බුදුගොස් හිමියන් විසින් ලියන ලද ඒවා වුවත් බුද්ධ කාලයේ පටන්ම පැරණි අටුවා තිබුණු බව කිව යුතුය.* (රේරැකානේ චන්දවිමල මා හිමියන් විසින් රචිත ධර්ම විනිශ්චය නම් ග්‍රන්ථයේ 29, 30 පිටු)

     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    මීට අමතරව මහා විහාරීය භික්ෂූන් විසින් අනුමත කළ විශුද්ධි මාර්ගය නමැති ධර්ම ග්‍රන්ථය වර්තමානයේ මහමෙව්නාව විසින් ප්‍රතික්ෂේප කරමින් විශුද්ධි මාර්ගයේ සඳහන් භාවනා ක්‍රමයන්ට සහ බුද්ධඝෝෂ මහා ස්ථවීරයන් වහන්සේට නින්දා අපහාස කරයි. ලක්දිව බොහෝ කලක පටන් ධ්‍යාන අභිඥා මාර්ගඵලලාභීන් බිහිකළ විශුද්ධි මාර්ගය සහ එහි සඳහන් ධර්ම කරැණුද, භාවනා ක්‍රමයන්ද කිරිබත්ගොඩ හිමියන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ධර්ම පිපාසයෙන් පෙළෙන සුවහසක් බෞද්ධ, අබෞද්ධ ජනතාවට සමස්ත ත්‍රිපිටක ධර්මයේම සාරාංශයක් බඳු වූ විශුද්ධි මාර්ගය අහිමි වී යයි. එසේම සපරියාප්තික නව ලොකෝත්තර ශ්‍රී සද්ධර්මය නම් වූ ධර්ම රත්නයේ ආර්ය ගුණ සය වරදවා වටහා ගනිමින්, විස්තර කරමින් හා, වටහා දෙමින් කෙළසා දැමීමටද කටයුතු කොට ඇති අන්දම දහම දන්නා ජන හදවත් තුළ සාතිශය ධර්ම සංවේගයක් උපදවයි. එමතුද නොව, බෝධීන් වහන්සේලාට අතිශය නින්දනීය ලෙස අපහාස කරමින් හා පිරැවානා පොත් වහන්සේගේ උත්තරීතර ගෞරවය කෙළෙසමින් සිදු වපුරා ඇති ද්වේශ සහගත අදහස් ශෝචනීයය.

    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචනා කොට තිබෙන &මෙන්න නියම දේවදූතයා* නම් ග්‍රන්ථයේ කළුතර බෝ සමිඳු උදෙසා කරනු ලබන පූජාවක් නිර්දය ලෙස විවේචනය කොට ඇත්තේ &කළුතරට ඇලඩින් ඇවිල්ලා* යන නින්දනීය මාතාකාවක් ඔස්සේය. එසේම, උන්වහන්සේ විසින්ම රචිත &මරණය ඉදිරියේ අසරණ නොවීමට නම්...* ග්‍රන්ථයේ එම බෝධි පූජාව මෙසේ විවේචනයට ලක්කොට ඇත්තේය.
    &ඇලඩින්ගේ පහන වටේ මෝඩ රුළක් එකතු වෙලා...* යනුවෙන් මාතෘකා කොට ඇති එම පොතෙහි කළුතර බෝ සමිඳුන්ට පූජා කිරීම පිණිස පීරිසියක තබන ලද පහන හඳුන්වා ඇත්තේ &ඇලඩින්ගේ පහන* ලෙසය. බෝධි පූජාව සඳහා සහභාගී වූ සැදැහැතියන් හඳුන්වා ඇත්තේ &මෝඩ රුළ* ලෙසය. ඔවුන් බෝධීන් වහන්සේ ඉදිරියේ තම දුක් ගැනවිලි ප්‍රකාශ කරන ආකාරය දක්වා ඇත්තේ &යාචකයො ටික හිඟා කනවා...* යනුවෙනි. අදාළ පූජාව පවත්වන ආකාරයේ කිසියම් වරදක් ඇතැයි අපි කියමු. එසේනම්, කිරිබත්ගොඩ හිමියන්ට තිබුණේ භික්ෂුවක් වශයෙන් එහි ඇති වරද නිවැරදි ආකාරයෙන් පෙන්වා දීමය. එසේ නොකොට නින්දනීය ආකාරයෙන් අපහාස කිරීම කෙතරම් උචිතද....? එහෙත්, සම්පූර්ණයෙන්ම බෞද්ධ ක්‍රමවේදයෙන් බැහැර වූ පල්ලියේ පූජා විධි හා යාඥා ස්වරෑපයන් ඈඳා ගනිමින් අඩුම තරමේ බෙර පදයක්වත් නැතිව කිරිබත්ගොඩ හිමියන් විසින් පවත්වනු ලබන පූජාවන් සාධාරණීකරණය කළ හැකිද....? දළදා මාළිගාවේ ආකෘතියට අනුකූලව ඉදිකරනු ලැබූ සම්බුද්ධ රාජ මාළිගාවේ යථාර්ථය බටහිරයන්ගේ හා පල්ලියේ ගෘහනිර්මාණ ශිල්පයන්ට අනුගත බව දකින කෙනෙකුට වටහා ගත හැක. මඳකට සිතන්න. ගමේ පන්සලේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුළින් අත්විඳිය හැකි ශ්‍රද්ධාව සම්බුද්ද රාජ මාළිගාවේ රත්තරං බුද්ධ ප්‍රතිමා හා දේව ප්‍රතිමා තුළින් දැකිය නොහැක්කේ ඇයි...? පන්සල් ආකෘතිය මේ අන්‍යාගමික(මුලින් දක්වන ලද අසපු පිළිබඳ අර්ථ විවරණයේ දැක්වෙන පරිදි) අසපුවල දක්නට නොමැත්තේ ඇයි....? ඒවා දකින ජනතාවගේ සිත් තුළ ප්‍රදර්ශනකාමය ඇවිලී යනු විනා කිසිවිටෙකත් සුපහන් ආකාරවතී ශ්‍රද්ධාවක්නම් නූපදින්නේමය. ඇරත් දේශීය සම්ප්‍රදාය ගරැ කරමින් පසඟතුරැ ගොස නද දෙවමින් හා දේශීය නර්තන සම්ප්‍රදායන් ඇතුළු සිරිත් විරිත් බැහැර කරමින් පල්ලියේ පැවැත්වෙන නාට්‍යානුසාරයන් උකහාගෙන විවෘත කළ සම්බුද්ධ රාජ මාළිගාවේ යටි අරමුණ කුමක්දැයි දැනි බොහෝ දෙනෙකු තුළ කුකුසක් ඇත්තේය.
    පිරැවානා පොත් වහන්සේට අත්කොට දී ඇති විකෘතිය දෙස අපි දැන් අවධානය යොමු කරමු. රෝග - අමනුෂ්‍ය - දුර්භික්ෂ බිය දුරැ කොට සැදැහැවතුන්ට හාත්පස රුකවරණය සැපැයීම සඳහා බණවාර හතරකින් යුතුව අතීතයේ වැඩ සිටි ත්‍රිපිටධාරී මහතෙරැන් වහන්සේලා විසින් පිරැවානා පොත් වහන්සේ සකස් කරන ලද්දේ ධර්ම ගෞරවය තවතවත් වැඩි කරමිනි. මහ පිරිත් පොත නමින් ද හඳුන්වනු ලබන මෙහි එක් බණ වරකට අකුරැ 8000 බැගින්, බණවාර හතර තුළ අකුරැ 32000ක් ඇතුළත් වන සේ සකස් කොට තිබේ. පස්වන කාශ්‍යප රජතුමා පවා ජේතවනාරාමයේ සෙල් ලිපියක දක්වා තිබෙනුයේ, &මහණ කරත් පිරිත් සතර් බණ්වර් වුවන් මහණ කරනු ඉසා* කුල දරැවන් පැවිදි කිරීමට පෙර පිරැවානා පොත්වහන්සේ ඇතුළත් බණවර හතර පුරැදු පුහුණු කළ යුතු බවයි. එහෙත් මෙම මහ පිරිත් පොත සම්පූර්ණයෙන්ම විකෘති කොට කිර්බත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් &අභිනවයෙන් සකස් කරන ලද මහමෙව්නාවේ පාළි - සිංහල පිරිවානා පොත් වහන්සේ* නමින් අලුත් පිරිත් පොතක් නිර්මාණය කළේය. ඒ තුළ මෙතෙක් පිරිත් පේ කිරීම යටතේ ඇතුළත්ව තිබූ දස ශික්ෂා පද, සාමණේර ප්‍රශ්නය, දෙතිස් කුණුප කොටස්, සිව්පස ප්‍රත්‍යවේක්ෂා, දසධර්ම සූත්‍රය ආදිය බැහැර කොට තම අභිමතය පරිදි, සත්බුදු වන්දනාව, ලෝකාවබෝධ සූත්‍රය, ජයමංගල ගාථා ආදිය එක්කොට තිබේ. කිරිබත්ගොඩ හිමියන් තම අභිමත පරිදි සකස් කරන ලද මෙම පිරිත් පොතේ අඩකටත් වඩා සූත්‍ර සිංහල ගීත ස්වරෑපයෙන් ගායනා කරනු ලබයි. ඇත්තටම මෙහි ඇත්තේ පල්ලියේ යාඥා ස්වරෑපය බව කුඩා දරැවෙකුට වුව වැටහෙනු ඇත. ඛන්ධ පිරිත, මෙත්තානිසංස සුත්‍රය, ධජග්ග සූත්‍රය, මහාකස්සපථෙර බොජ්ඣංග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, සච්චවිභංග සූත්‍රය, කසී භාරද්වාජ සූත්‍රය, වසල සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, ධම්මචේතිය සූත්‍රය ආදී දේශනාවන් සිංහලෙන් පමණක් සජ්ඣායනා කරනු ලබයි. (අභිනවයෙන් සකස් කරන ලද මහමෙව්නාවේ සිංහල - පාළි පිරිවානා පොත් වහන්සේ බලන්න) නොදන්නා පාළියට වඩා දන්න සිංහලෙන් පිරිත් ශ්‍රවණය කිරීම හොඳ යැයි යමෙකුට පැවැසිය හැකිය. ඒ ඒ තැන්තාගේ නොදන්නාකමය. පාළියෙන් පිරිත් ධර්මයන් ශ්‍රවණය කිරීම තුළ අර්ථ - ධර්ම - නිරැක්ති - පටිභාන යන සතරාකාරයෙන්ම සැදැහැවතුන්ට පින් රුස්කරගත හැකිය. එහෙත්, සිංහලෙන් පිරිත් ඇසීමෙන් අර්ථයෙන් පමණක් පින් රුස්වන අතර, ධර්ම - නිරැක්ති - පටිභාන යන ත්‍රිවාධාකාරයේ පින් අහිමි වී යයි. මේ නිසා අවාසිය සැලසෙන්නේ සිංහලෙන් පිරිත් ශ්‍රවණය කරන නුවණැතියාටය.


    &ගමේ පන්සල - අපේ පන්සල

    අපේකම රුක්කා....

    අපේ දානෙදි - අපේ මරණෙදි

    අපේ ළඟ හිටියා....*

    විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසින් ගායනා කරනු ලබන ඒ අතිශය සංවේදී වූ ගීතය මුල සිට අගටම ශ්‍රවණය කරන්නෙකුට ගමයි පන්සලයි අතර යටගියාවේ සිට පැවැත එන යටගියාව ඉතා හොඳින් වටහා ගත හැක්කේය. එහෙත්, පාංශුකූල - මතකවස්ත්‍ර නැති කිරිබත්ගොඩ හිමියන්ගේ අසපු සංස්කෘතිය විසින් ක්‍රියාවේ යොදවනු ලබන කතෝලික මොඩලයේ පිංකම් නිසා ගමයි - පන්සලයි අතර සබැඳියාවට එල්ල වන්නේ බලවත් මරැ පහරකි. ප්‍රාග් බෞද්ධ යුගය තුළ පැවැති මළවුන් ඇදහීම යථානුයෝජනශීලී වෙනසකට හසු කරමින් මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මළවුන්ට පිංපෙත් අනුමෝදන් කිරීම හඳුන්වාදෙනු ලැබූ අතර මේ නිසා බුදු දහම කෙරෙහි බලවත් විශ්වාසයක් ජනතාව තුළ ඇතිවිය. මෙය එකී සබැඳියාව බිඳ දැමීමේ අරමුණින් හිතාමතාම සිදුකරනු ලබන ක්‍රියාවක් මිස නොසිතා සිදු වෙන සිදුවීමක් නොවේ. මුලින් සඳහන් කළ පරිදි ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේලාට නිර්දය ලෙස අපහාස කර ඇති ආකාරයෙන්ද ඒ වග සනාථ වේ. ඇරත් තමා පිළිගන්නේ මිහිඳු මා හිමියන් විසින් රුගෙන ආ ගෞතම බුදුන්ගේ නිර්මල සද්ධර්මය යැයි කියන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ම, මිහිඳු හිමි විසින් හඳුන්වා දුන් ප්‍රතිපත්ති විවේචනය කරමින් බැහැර කරන්නේ කාගේ නම් අවසරයක් පිටද....?


    බෞද්ධ ප්‍රතිපත්ති අතර සෑම විටම මුල් තැනට පැමිණෙන දැනය පිළිබඳව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් දක්වනුයේ මෙබඳු අදහසකි.

    “දානය යනු ජීවිතයේ පළමු තැනට තබා ගත යුතු දෙයක් නොවේ. පළමු තැනට තබා ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය මනාකොට ඉගෙන ගැනීමය. දෙවෙනි තැනට තබාගත යුත්තේ ඒ ඉගෙන ගත් ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය සකස් කරගැනීමය. තුන්වන තැන තබාගත යුත්තේ තමා දරාගෙන පුහුණු කරමින් සිටින ශ්‍රී සද්ධර්මය පැතිරවීම පිණිසය. දානය තබාගත යුත්තේ හතරවන තැනටය.
    දානය ප්‍රථම අංකයට ගැනීමෙන් අද සකස් වී තිබෙන බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර විධි අන්‍යයන්ට සිනහ උපදවන මාතෘකා සපයන වේදිකාවක් බවට පත්ව තිබේ. එම නිසා දානය හතරවන තැනට දැමීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ.”



    දානයට පළමු තැනයි හිමිවිය යුත්තේ. පාරමිතාවන් අතර පවා දානයයි මුල් තැනට පැමිණෙන්නේ. දස පුණ්ය ක්‍රියා අතරත් එසේමය. සතර සංග්‍රහ වස්තුව තුළත් එසේමය. බෞද්ධ දේශපාලන දර්ශනය තුළ පැනෙන දසරාජ ධර්මයන්හිත් එසේමය.කිරිබත්ගොඩ හිමියන් මේ පහර ගසන්නේ බෞද්ධයාගේ මූලික පදනමට නොවේද...? දානය හතරවන තැන තිබිය යුතුයි කියා බුදුරදුන් දෙසා ඇත්තේ කොහිද....? වෙසක් පොසොන් ආදී පොහෝ දින හා අනෙකුත් විශේෂ අවස්ථාවන් අළලා බෞද්ධයා දන් දෙන්නේ, මහා දන්සැල් පවත්වන්නේ අන්යොයන්ට සිනහ ඉපැදවීම සඳහාද.....? නැතහොත් දෙලෝ ශුභ සිද්ධිය සඳහාද...? මහමෙව්නාව ගැන ඇත්ත නොදත් අහිංසක සිංහල බෞද්ධයෝ එහි භික්ෂූන්ට සිව්පසය සපයන්නේ දාන චේතනාව සිව්වැනි තැන තබාගෙනද.....? සම්බුද්ධ රාජ මාළිගාවට මිලියන ගණනින් ආධාර දුන්නේ, තමන්ගේ කණකර ආයිත්තම් ටිකපවා දෙවරක් නොසිතා ගෙනැවිත් දුන්නේ ඔවුහු දාන චේතනාව හතරවැනි තැන තබාගෙනද....? එසේම, කිරිබත්ගොඩ හිමියන් විසින්ම රචනා කොට ඇති &ඒ අමා ගීතය* නම් බුද්ධ චරිතය විස්තර කරන නවකථාව තුළ මහාභිනිෂ්ක්‍රමණය පහත් කරමින්, එහි උත්තරීතර බවට හානි කරමින්, බුද්ධ චරිතය අමු අමුවේ විකෘති කොට ඇති අන්දම ශෝචනීයය.

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මේ කරන්නේ පැහැදිලිවම සිංහල බෞද්ධ පදනම දෙදරා යවන ශාසන විලෝමක ක්‍රියාදාමයකි. බුද්ධිමත් බෞද්ධයෝ නුවණින් අවබෝධ කට යුතුය. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ උපසම්පදාව සම්බන්ධයෙන්ද විශාල විවාදයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් අප කරැණු නොදක්වන්නේ ඒ තුළින් උන්වහන්සේගේ චරිතය ඍජුවම ඝාතනය වන නිසාවෙනි. කිරිබත්ගොඩ හිමියන්ගේ භික්ෂු ප්‍රතිරෑපය සම්බන්ධයෙන්ද විශාල අර්බුදයක්ද පැනනඟිනු ඇත. ඒවා එළිදරව් කොට සැදැහැවත් ජනතාවගේ සිත් බිඳවීමට අපි නොකැමැත්තෙමු. මේ හා සබැඳි යටගියාවේ තවත් තොරතුරැ රාශියක්ම තිබේ. ඒවා අවශ්‍යය නම් කාලානුරෑපීව එළිදරව් කළ හැකිය. එහෙත්, චිරාත් කාලයක් තිස්සේ පැවත ආ මෙරට උපසම්පදාව බැහැර කරමින්, ගෞරවනීය ස්ථවීර මහා සංඝ රත්නයට තාත්තලා යැයි නිග්‍රහ කරමින්, එංගලන්තයෙන් තමා උපසම්පදා වූවා යැයි පවසා ශාසන පිළිවෙත නොදන්නා ජනතාව මුළා කරමින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සිදු කොට ඇත්තේ අප දන්නා තරමින් සංඝ භේදය නම් වූ මහා ආනන්තරීය පාප කර්මයයි. එහි විපාකය උන්වහන්සේ විසින්ම ආනන්තරීය වශයෙන් විඳිනු ඇත. අප විසින් මෙසේ ප්‍රකාහ කරද්දී අප සංඝ භේදය කරනවා යැයි යමෙකු පවසනු ඇත. එහෙත් අප විසින් මේවා එළිදරව් කිරිමෙන් කිසිඳු ආකාරයක සංඝ භේදයක් සිදු කරන්නේ නැත. ඊට සාක්ෂි වශයෙන් පහත නිදර්ශනය ගෙන හැර දක්වමු.

    &ස්වාමීනි; ඒ මහණව උපසම්පන්න වූදේවදත්තයන් වහන්සේ විසින් සංඝයා වහන්සේ භේද කරන ලද්දේ නොවේද...?

    එසේය මහරජා‍ණෙනි; මහණව උපසම්පන්න වූ දේවදත්තයන් විසින් සංඝභේදය කරන ලද්දේමය.ගෘහස්ත තෙම සංඝ භේදය කරන්නේ නොවෙයි. ශිෂ්‍යමානතොමෝ සංඝ භේදය කරන්නේ නොවෙයි. සාමණේර තෙම සංඝභේදය කරන්නේ නොවෙයි. සාමණෙරීද සංඝභේදය කරන්නේ නොවෙයි. සීලාදී ඒකාකාර ගුණයෙන් ප්‍රකෘති වූ සුශීල සංඝයා හා සමඟ කරන පොහෝ පවාරණාදී සමාන සංවාසය ඇත්තා වූ එක සීමාවෙහි සිටියා වූ උපසම්පන්න භික්ෂු තෙම සංඝභේදය කරන්නේමය.* (මිලින්ද ප්‍රශ්නය - දේවදත්ත ප්‍රවෘජ්‍යා ප්‍රශ්නය)

    බුද්ධාගම නැති දාට සිංහලයත් නෑ යැයි කීවේ පොන්නම්බලම් රාමනාදන්ය. ඒ අනුව බුද්ධාගම නැති කිරීමේ කූඨ යාන්ත්‍රණය අප විසින් හඳුනා ගත යුතුය. බුදු රජාණන් වහන්සේ විසින්ම දේශනා කළ පරිදි සසුන වනසන්නට නම් සසුන තුළට පැමිණිය යුත්තේමය. පිටතින් සිට සසුන විනාස කළ නොහැකිය. අධිරාජ්‍යවාදීන් විසින් තුවක්කුව භාවිත කොට භික්ෂූන් අමුඅමුවේ ඝාතනය කරන ලද්දේ මුත්, සද්ධර්මය හා සසුන නොනැසී පැවතියේ එය පිටතින් සිට කළ පහරදීමක් නිසාවෙනි. එහෙත් දැන් මිෂනාරීන් විසින් දහමත්, සසුනත් වැනසීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාදාමය නම් සසුන තුළට තම සාමාජිකයන් යවා පවතින වාතාවරණයේ පවතින දුර්වලකම් ප්‍රයෝජයට ගනිමින් සසුන හා දහම වැනසීමය. ඒ අනුව, බුදුදහමේ මූලය වන අභිධර්මය ප්‍රතික්ෂේප කරමින් හා ශාසන සම්ප්‍රදායත්, දේශීය සම්ප්‍රදායත් බැහැර කරමින් ක්‍රියා කරන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියනුත් එබඳු ආකාරයේ පල්ලියේ පිල්ලියක්දැයි සබුද්ධික බෞද්ධ ජනතාව ප්‍රශ්න කරති. තවත් කිව යුතු දෑ නම් බොහෝය. එසේ සියල්ල විස්තර කරත් නම් දින ගණනාවක් මුත් නොනිඳා රුය පහන් කළ හැකිය. එහෙයින් අවසාන වශයෙන් මේ ලිපිය සකස් කිරීම පිණිස දින ගණනාවක් තිස්සේ %අද^ කළ ගවේෂණයට නොනිමි සහායක් දුන්, ගෞරවනීය මහා සංඝරත්නයටත්, උගත් බුද්ධිමත් බෞද්ධ ගිහි වියතුන්ටත් %අද^ ප්‍රණාමය පුද කරමින් සුපහන් බෞද්ධ ජනතාවගේ සරග අබෝධය පිණිස මෙසේ දක්වමු.

    &පක්ෂ හෝ විපක්ෂ වශයෙන් වේවා දැන් මේ රට පාලනය කරන්නේ කළු සුද්දෝ...

    උන් මේ රටේ ජාතියට - ආගමට - භාෂාවට - සංස්කෘතියට - සිරිත් විරිත්වලට වෛර කරනවා...

    උන් පන්සල් වටේ “පල්ලි - කෝවිල් - අසපු” තනාවි....

    මේ තුන් කට්ටුව එකතු වෙලා අපේ හාමුදුරැගොල්ලන්ට ඉනා බේත් දෙනවා....

    අන්තිමේදී උඹලෑ කෙල්ලන්ට කොල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි.*

    පල්ලි - කෝවිල් ඉදි කරන්නට බෞද්ධයෝ ආධාර දෙන්නේ නැත. එහෙත් බෞද්ධ වේෂයෙන් සිටින අසපුවලට බෞද්ධයෝ ආධාර දෙති. ඒ නොදන්නාකමටය. එහෙත්, සසුන වැනසීමටය. අනාගතයේදී අපේ දරැවෝ මහමෙව්නාව, මහා ථූපය යැයි හඳුනාගනුයේ අමුතුම මාදිලියේ උරැමයෝය. නනිර්මල ථෙරවාදය වැනසීම සඳහා ක්‍රියාත්මක වන බලවේගයන්ට රැකුල් දෙන පාලකයන්ටත්, ජනතාවටත් අප දන්නා තරමින් සම්‍යක් දෘෂ්ටික දේවතාවුන්ගේ ආශිර්වාදය හා රුකවරණය නොලැබෙන්නේමය.
     

    dsanjewa5

    Member
    Aug 22, 2008
    5
    0
    0
    අනේ යකො උබ දන්න බන පල ටොයියො යන්න.උබේ වැඩක බලපිය අනුන්ගේ වැරදි හොයනෙ නැතුව.උබේ වැරදි ටික හදාගනින්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අනේ යකො උබ දන්න බන පල ටොයියො යන්න.උබේ වැඩක බලපිය අනුන්ගේ වැරදි හොයනෙ නැතුව.උබේ වැරදි ටික හදාගනින්
    :rofl: මගේ වැරදි මොනවද කියන්නකෝ... :confused:
    ෆොන්ට් සයිස් එක ටිකක් ලොකු කරපිය:frown::angry:

    ඔයිටවඩා ලොකු කරාම මොබයිල්ස්වල කියවන්න බැහැ නේද ? :confused:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සාදුලා පංසල් වලින් අයින් වෙලා අසපුවල තනිවම ඉන්නේ සංසාර්ගයේ යෙදෙන්නයි.මම කීවේ කොලඹ තියෙන දහම් අසපු වල ඉන්න අය ගැනයි.එහෙම නැතිව වනගතව තියෙන ගල්ගුහාව භාවනා කරන අය ගැන නෙවෙයි.මේ අසපු තුල හුඟක් අපචාර වෙනවා.