මෙහෙමයි සම්ප්‍රදායක් වශයෙන් පන්සල් වල හිස් වැසුම් දාන්න දෙන්නේ නෑ, බුදු පිළීම වලට පිටුපාලා ඉදගන්නේ නෑ එහෙම සම්ප්‍රදායක් තියෙන පරිසරයක තමයි ඒක වෙලා තියෙන්නේ ඉතින් ඒක ඇත්තටම වැරදියි එහෙම බලනකොට. නමුත් පන්සලේ නෝම්බි අරින එක ප්‍රශ්ණයක් නෑ මොකද පන්සල කියන්නේ ඕනෙ කෙනෙක්ට පන්සලේ සම්ප්‍රදාය රැකෙන අයුරින් බෞද්ධ ධර්මයේ ඉගැන්වීම් රැකෙන අයුරින් ඇවිත් ඉන්න පුලුවන් තැනකටයි. නෝම්බි අරින එකේ කිසිම ප්‍රශ්ණයක් නෑ එක දවසක් දෙකක් වගේ නම්. මස් කන එක ගැන කිව්වොත් ඒක වැරදි නෑ මොකද චතුශ්කෝටික මාංශය කෑවට කමක් නෑ කියලයි කියලා බුදුන් කියලා තියෙන්නේ දැන් මෙතන කන්නේ ඒ මාංශය නම් ප්‍රශ්ණයක් නෑ නමුත් පන්සලට එළුවෝ ගෙනල්ලා මරලා කනවා නම් ඒක පන්සලේ සම්ප්‍රදායට එරෙහී වීමක් වෙනවා. පන්සලේ සම්ප්‍රදායට එරෙහි වෙනවා නම් ඒ දෙය පන්සලෙන් එළියට ගිහින් කරනවා නම් වැඩියේ හොදයි. මේයා කරපු එක වැරදිද හරිද කියන්න මට මෙයාගේ චේතනාව ගැන හරියටම කියන්න බෑ. නමුත් වැරදි චේතනාවකින් යම් දෙයක් කරනවා නම් ඒක වැරදියි. කොහොම වුනත් මම විශ්වාස කරන්නේ යම් ආගමක චාරිත්‍රයක් කීරිමට ඒ ආගමේ ස්ථානයක් තෝරාගන්නවා නම් වැඩියේ හොදයි කියලයි.