මචන්.. මේක අහපන්... පිස්සෙක් නොවී ටිකක් හිත හදාගන්න බලහන්. මමත් මේ දවස්වල හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ. උඹට වගේ නෙමෙයි. මාව දෙපාරක්ම රස්සා වලින් අස් කලා. උන් ඔක්කොම කිව්වේ මට වැඩ බැහැ, මහා මෝඩ ඔලමොට්ටලයෙක් කියලා.
හොදට රස්සාවක් කරගෙන හිටපු මම, දැන් නිකම්ම නිකම් නිකමෙක් වෙලා. ඉස්සර මගේ ලගින් හිටපු යාලුවෝ, නැදැයෝ වැඩිදෙනෙක් මාව ඉන්නවද මැරිලද කියලවත් හොයන්නේ නැහැ. ඒත් ඒ ඔක්කොම දුක උහුලගෙන මමත් ජීවත් වෙනවා බන්. මටත් මගේ ජීවිතය නැතිකරගන්න ගොඩාක් සැරයක් හිතුනා. ඒත් එහෙම කලොත් මගෙන් මේ ලෝකේ අසරන මිනිස්සු, සත්තු වෙනුවෙන් මම කලයුතු කිසිම දෙයක් ඉටුකරන්න බැරිවෙනවා නේද මචන්?
හරි, උඹ උඹේ ජීවිතයට ආදරේ නැත්තම්, මම වගේ දුප්පත් අසරණ ලන්කාවේ මිනිස්සු වෙනුවෙන් උදව්වක් කරන්න විදිහක් හිතපන්.
මේ එලකිරි එකේම එකෙක් දවසක් දාලා තිබ්බා, කොළඹ මහ රෝහලේ හර්ද සැත්කමක කරගන්න සල්ලි නැතිව අමාරුවෙන් දුක් විද විද ඉන්න අසරන අම්මලා තාත්තලා. උඹට පුලුවන් නම් සල්ලි ටිකක් හොයලා දීපන් අන්න ඒ වගේ අම්මා කෙන්ක්ට. උඹට ඒ පිනම ඇතිවෙයි මේ ආත්මෙදීම හොද කර්ම පල ලබාගන්ට.
ඔයා මෝඩ කෙල්ලෝ ගැන දුක් වෙන්න එපා බන්. මමත් තවම තනිකඩයෙක්. මොනවා කරන්නද? ඒත් මමත් උත්සාහය අතහරින්නේ නැහැ. ආස හිතෙන කෙල්ලෙක් හිටියොත් ගිහින් නිකමට වගේ කථා කරලා බලනවා. 99%ක්ම බොහෝවිට ප්රතික්ශේප කරයි. ඒත් 1%වත් ඉතින් අපි ගැන ආදරේන් බලයිනේ බන්.
ඔන්න ඔව්ව අතහරලා ගිහින් චිත්රපටියක් බලලා, හොද කැමක් කාලා වරෙන් එලියෙන්.
මට පී.එම්. කරහන් ඕන වෙලාවක. මම කැමතියි උඹට උදවු කරන්න.