සුපිරිම නැව්

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ලෝකයේ සුපිරිම රුවල් නැව් 10.



    1. ගිණි කන්දකින් යුක්ත දිවයින.

    Ujkbk.jpg


    මේක හදල තියෙන්නේ සුද්දෝන්ගේ කොම්පැනියක්. ඒ කිව්වේ එංගලන්ත කාරයෝ.උඹල අපි වගේ VIP අමුත්තන්ටයි අයිතිකරයටයි මේකේ ගිනිකන්ද ඇතුලේ රූම් සෙට් එකක් තියෙනවා. දැනට තියෙන සුඛෝපභෝගීම පහසුකම් එක්ක තමා මේ භාණ්ඩේ හදල තියෙන්නේ. සිනමා ශාලා, පුස්තකාල, ක්‍රීඩා කාමර, ජිම්, උණුසුම් කාමර, වගේ අපිටම හරියන පොෂ් ෆැසිලිටි එක්ක තමා හදල තියෙන්නේ. පිටින් පිහිනුම් තටාකය, සංචාරක කබානා හා බාර් එක සහිත කෑම කාමර තියෙනවා. ගිණි කන්ද මුදුනේ ඉඳල පිහිනුම් තටාකයට වතුර ගලා එන විදිහට තමා හදල තියෙන්නේ. පට්ට නේ.
    වැඩි විස්තර ඕනේ නම් මෙතනින් බලාගන්ට ඇහැකි.
    http://www.designswan.com/archives/tropical-island-paradise-an-incredible-yacht-concept.html

    2. විශාලතම සූර්ය බල නෞකාව.

    jFO6C.jpg

    Planet Sola කියන සමගම තමා මේ භාණ්ඩේ හදල තියෙන්නේ. කියන්නේ Turanor කියල. හරිය. වැඩේ කියන්නේකියන්නේ මේක තමා දැනට ලෝකේ හදල තියෙන සූර්ය බලයෙන් වැඩ කරන ලොකුම නැව. එක පාර ටොන් 8.5 ක් දාගෙන දවස් 3 ක් දුවන්න පුළුවන්ලු මුට. ලිතියම් බැටරිලුනේ දාල තියෙන්නේ රැටත් දුවන්න ඇහැකි වෙන්ට.
    වැඩි විස්තර ඔක්කොම මෙතන.
    http://www.triplepundit.com/2012/01/future-solar-boats-planetsolar-turanor/

    3. අයි පෑඩ් එකකින් වැඩකරන “අභ්‍යවකාශ නෞකාව”.

    ZTS8n.jpg

    මේකාගේ නම Adastra . ස්පෙෂලි පැසිෆික් අවට දුර ගමන් වලටමලු හැදුවේ. ගාලු පොලෙත් නැති ෆීචර්ස් එක්ක සියලු දේවල් කොන්ට්‍රෝල් කරන්න අයි පෑඩ් එකෙන් ඇහැකි. ඔව් බං එකට ඇප් එකක් හදල තියෙනවලු. හදල ඉවර කරන්න අවුරුදු 5 කට වඩා ගිහින් තියෙනවා. කෝස්ට් එක ඩොලාර් මිලියන 15 කට වැඩි. කොහොමද වැඩේ.
    විස්තර මෙතනෝ.
    http://www.businessinsider.com/this...hip--and-is-controlled-by-an-ipad-2012-4?op=1

    4. දිගම ප්‍රයිවට් නැව ලෝකෙන්ම.

    hDn5D.jpg

    යකෝ මේක තමයි දැනට ලෝකේ තියෙන වැඩිම වියදම ගිහින් තියෙන නැව් භාණ්ඩේ. ගාන ඩොලර් මිලියන 800. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. අරන් තියෙන්නේ මගේ හොඳ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. නම රොමාන් අබ්‍රමොයිෂ් (Roman Abramovich) නමෙන් තේරෙනවනේ රුසියන් කාරයෙක් කියල. මේකේ හෙලිකොප්ටර් පෑඩ් 2 ක්, සංචාරක කැබින් 24 ක්, ස්විමින්ග් පූල් 2 ක්, හොට් ටබ්ස් කීපයක් වගේම ඩිස්කෝ හෝල් එකකුත් තියෙනවා බොලව්.තව මේකටම කියල මිනි සබ්මැරින් එකකුත් තියේ. මේකේ වැඩ ටික කරන්න කැබින් කෘ ල 70 වත් ඕනෙයි කියනවා. ආ තව ටිකෙන් අමතක වෙනවා. මේකේ දිග මීටර් 164. හරිනේ.
    මෙන්න ලින්කුව
    http://www.worldoffemale.com/ten-of-the-most-amazing-millionaire-yachts/

    5. පුදුමාකාර පාවෙන නිවස.

    3iAEw.jpg

    X-Architects කියල කොම්පැනියක් තමා මේක හදල තියෙන්නේ. මේකේ සයිස් එක මීටර් 20*6 ලු. මේකේ උඩ කොටහේ සැඟවුණු කිචන් එකක්, ලිවින්ග් රූම් හා කෑම කන කොටසක් තියෙනවා. යට කෑල්ලේ නිදන කාමර, නාන කාමර සහ ඩයිවර් ගේ සුක්කානම තියෙන කැබින් එක තියෙනවා. මේ නැවේ ගෙදරක වගේ ඇවිදින්න පොඩි ටෙරස් තියෙනවා, පඩිපෙළවල් එහෙමත් තියෙනවා. ඇතුලට ශේප් සුදු පාටක් ගලා තියෙන්නේ. ෆර්නිචර්ස් බාත් රූම් ෆිටින්ග්ස් වලට එහෙම මොඩර්න් ලුක් එකක් දීල තියෙනවා.
    මේකේ නම් වැඩි විස්තර හොයාගන්න බෑ බං.​

    6.දිය ගොඩ දෙකේ නැව.

    s54m9.jpg

    ඉගුඅනා 29 කියල තමයි මේකට නම තියල තියෙන්නේ. center console speed යුනිට් එකකින් වැඩකරන මේකට වතුරේ වගේම ගොඩත් එකෙන්ම ගොඩ. ඔචරයි ඒ ගැන
    ඕනෙනම් මෙතනට ගිහින් බලහල්ල.
    http://www.thecoolist.com/iguana-29-amphibious-yacht/

    7. Impressive "Superyacht"

    y8rdN.jpg

    Alloy Yachts' Vertigo 220 කියන මේ නැව හදල තියෙන්නේ Naval architect Philippe කියල රට කොම්පැනියක්. ඉස්සරහ ඉඳල පස්සට වෙනකම්ම සුපර් ලක්ෂරි විදිහට හදල තියෙනවා, කැප්ටන් කාරයට සහ අනිත් සෙට් එකට ලෝකේ වටේ කාරක ගහන්න පුළුවන් විදිහට.
    මෙන්න ලින්කුව.
    http://www.thecoolist.com/alloy-yachts-vertigo-220-superyacht/

    8. The Eye of Luxury

    HIQh8.jpg

    මේකේ නම Oculus කියල තමා දාල තියෙන්නේ. හදල තියෙන්නේ Kevin Schopfer of Schopfer Yachts LLC කියල කොම්පැනියක්. රට එකක් හොඳේ. අඩි 250 ක් දිග මේ භාණ්ඩේ නම් සුපිරි නැවක් කියල තමයි ගියපු අය නම් කිව්වේ. මේකේ සුපිරියට 12 දෙනෙක්ට තමා යන්න පුළුවන් වෙන්නේ. ඉන්න අයට සුපිරිම පහසුකම් දීල තියෙනවා 2 වෙනි තට්ටුවේ.
    ඕනේ අය රවුමක් දාල වරෙල්ල මෙතනට ගිහින්.
    http://www.yankodesign.com/2008/12/03/see-and-behold-gods-skull-of-the-ocean/

    9. මිලියන 4.6 දුපත් නෞකාව.

    bNLoK.jpg

    ORSOS Islands කියන ජර්මන් කොම්පැනියක් තමයි මේක හැදුවේ. පාවෙන නිවසක ආකෘතියක් විදිහට තමා හදල තියෙන්නේ. හතරැස් අඩි 10,000 තියෙනවා ඔක්කොම ඉඩ. පොෂ් ලිවින්ග් ස්පේස් හෝම් තියෙටර් අරව මේවා ඔක්කොම තියෙනවා.
    මෙන්න ලින්කුව.
    http://www.tecca.com/news/2012/06/22/orsos-island-luxury-yacht-home-hybrid/

    10. පාවෙන නගරය.

    LQBIg.jpg

    පේ පැල් හොයාගත්තු අයගෙන් කෙනෙක් වන Peter Thiel මහතා තමයි මේකට ආයෝජනය කරේ. මිනිහට ඕන උනේ පත සල්ලියක් වියදම් කරලා සුපිරි පාවෙන නගරයක් හදන්න. තාම මේක හදල ඉවර නම් නෑ. මේ වැඩේට තරුණ උඹල අපි වගේ උන්ට වැඩ කරන්න පුළුවන්. ඉස්සෙල්ල ඇප්ලයි කරලා උන් උඹලව තෝරාගන්න ඕනේ. තෝරාගත්තොත් මාසෙට ඩොලර් 1600 කුත් දීල එකේම ඉන්න හිටින්නත් දෙනවා. මේක ඉතින් තව ටික දවසකින් එලියට දානවා ලියල තමා පොර කිව්වේ නම්. ඒ කියන්නේ 2013.
    වැඩි තොරතුරුත් බලලම පලයල්ලා.
    http://www.tecca.com/news/2012/05/14/blueseed-silicon-valley-ship/


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එහෙනම් අපි කැපුනා. ජය වේවා!;)
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63

    4. දිගම ප්‍රයිවට් නැව ලෝකෙන්ම.


    hDn5D.jpg

    යකෝ මේක තමයි දැනට ලෝකේ තියෙන වැඩිම වියදම ගිහින් තියෙන නැව් භාණ්ඩේ. ගාන ඩොලර් මිලියන 800. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. අරන් තියෙන්නේ මගේ හොඳ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. නම රොමාන් අබ්‍රමොයිෂ් (Roman Abramovich) නමෙන් තේරෙනවනේ රුසියන් කාරයෙක් කියල. මේකේ හෙලිකොප්ටර් පෑඩ් 2 ක්, සංචාරක කැබින් 24 ක්, ස්විමින්ග් පූල් 2 ක්, හොට් ටබ්ස් කීපයක් වගේම ඩිස්කෝ හෝල් එකකුත් තියෙනවා බොලව්.තව මේකටම කියල මිනි සබ්මැරින් එකකුත් තියේ. මේකේ වැඩ ටික කරන්න කැබින් කෘ ල 70 වත් ඕනෙයි කියනවා. ආ තව ටිකෙන් අමතක වෙනවා. මේකේ දිග මීටර් 164. හරිනේ.
    මෙන්න ලින්කුව
    http://www.worldoffemale.com/ten-of-the-most-amazing-millionaire-yachts/

    mama hithana oya kiyana Roman Abramovich thama chealse football club eka owner..! elaz rep +
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif

    පට්ට ට්‍රේඩ් එක නිශා,,,,,,,,,,,
    නියමෙට ලියලා තියනවා
    ඉදිරියටත් මෙවැනි පලක් ඇතිදේ කිරීමට ශක්තිය ලැබේවා...........................
    (රේප් දෙන්ඩ බැරිලු මචෝ,,,පුළුවන් උන ගමන් දෙනවා)