ඔන්න මම නෙවේ ලිව්වෙ!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔන්න මම නෙවේ ලිව්වෙ!

    මම මේ ලිපිය උපුටා ගත්තෙ මම follow කරන බ්ලොග් එකකින්..මුලින්ම කියන්න ඔනෙ මම නෙවේ අයේශා..ඒ කියන්නෙ මේ ලිපියේ කතෲ..එයා මම දන්න අඳුරන කෙනෙක්..ඔබගේ තරහ මරහ mata -rep දීමෙන් හෝ නරක වචනයෙන් බැනීමෙන් පිටකරගත හැක..මේ ලිපිය සැර වැඩියි..ඒවගේම මම මෙම ලිපියේ සමහර කරුණු වලට සම්පූර්ණයෙන්ම එකඟ නොවේ..

    මේ ලිපිය පළ කිරිමේ මූලික අදහස වන්නේ මිනිසුන් අතර පවතින පුහු සංස්කෘතික මාන්නයේ සැබෑ නිරුවත පෙන්වාදීමයි,නමුත් මතක තබා ගන්න,මම මෙතන ඒකාකෘතිකරණය කරන්න යනවා නෙවෙයි මොකද සිංහල බෞද්ධ ජනසමාජයේ මේ මිත්‍ය මතවල ගිලි නැතුව බුද්ධිමත් ලෙස සිතන මිනිස්සු පවා සිටින නිසා.

    සිංහල බෞද්ධ ජනසමාජයේ වර්තමානයේ දක්නට ඇත්තේ ඉතා අමුතුම ආකාරයේ සංස්කෘතියක් මේ සංස්කෘතිය සමහර විට ස්ලාමීය මුල්ලා මානසිකත්වයත් ඉක්මවා යනවා. බහුතර සිංහල යැයි තමන්ව හදුන්වා ගනු ලබන පිරිස් පවසන්නේ තමන් බෞද්ධ දහමින් පෝෂණය වූ කොටසක් ලෙසත් තමන්ගේ සංස්කෘතියද එසේ බෞද්ධ දහමින් පෝෂණය වී ඇති බවයි නමුත් මේ අද වර්තමානයේ සමාජය දිහා බලනකොට අපිට පෙනී යන්නේ සිංහලයගේ (මමත් සිංහල තමයි) සංස්කෘතිය බෞද්ධ දහමින් නොව අතීතයේ හින්දු සමාජයේ පැවති මිත්‍යා මත වලින් ගහන බවයි, මේ බමුණු මත බුදුන්ගේ කාලයේ ඔහු විසින් තරයේම ප්‍රතික්ශේප කරන ලද ඒවා නමුත් එය එසේ වුවත් අද බෞද්ධ කියාගන්නා මිනිස්සු තවමත් කරපින්නා ගෙන සිටින්නේ ඒ බුදුන් විසින් ප්‍රතික්ශේප කරන ලද ඒ මතයි.

    සංස්කෘතිය ගැන හදුන්වාදීමට ප්‍රථම අප දැන ගත යුත්තේ සංස්කෘතිය යනු කුමක්ද යන්නයි, සංස්කෘතිය කියන්නේ ඇත්තටම ඉතා පුළුල් මාතෘකාවක් මේ පුළුල් මාතෘකාවේ විවිධ දෑ අන්තර්ගත වෙන්න පුලුවන්, සංස්කෘතිය යන්නෙහි නිර්වචනය තමයි. සංස්කෘතිය කියන්නේ යම් මිනිසුන් කණ්ඩායමක පවතින ලක්ෂණයි , මේ ලක්ෂණ භාෂාව මගින්ද, ආගම මගින්ද, ගන්නා අහාර පාන මගින්ද, සමාජ පුරුදු මගින්ද, චිත්‍ර සහා සංගීතය මගින්ද විස්තර කර පවතිනවා. මේ නිර්වචනය අනුව සංස්කෘතිය කියන්නේ ආගමක් නෙවෙයි ඒක එතනින් එහාට ගිය මාතෘකාවක්, ඉතින් මේ අනුව බලනකල අපිට පැහැදිලි වෙන්නේ සිංහල සංස්කෘතිය කියන්නේ හුදෙක්ම බෞද්ධ දහමින් විතරක් නෙවෙයි අනෙක් සංස්කෘතීන් වලින්ද පෝෂණය වී ඇති බවයි, මොකද බෞද්ධ දහම කොතනකවත් රසාස්වද සපයන එකක් නෙවෙයි මොකද බෞද්ධ කමේ මූළික හරය තමයි අතහැරීම, ඉතින් චිත්‍ර සහා සංගීතය අද සිංහල ජනසමාජයට ලැබිලා තියෙන්නේ බෞද්ධ දහමින් වෙන්න බෑ,




    අනෙක් එක තමයි ගන්නා අහාර පාන, අද සිංහල බෞද්ධ කියාගන්නා පිරිස් විශාල වශයෙන් මස් අනුභව කරනවා ,බෞද්ධ දහමේ විස්තර වෙන්නේ චතුශ්කෝටික මාංශය අනුභව කිරිම පමණක් කැපබවයි නමුත් අපිට සමාජය දිහා බලන කළ පැහැදිලි වෙන්නේ චතුශ්කෝටික කෙසේ වෙතත් රිසි සේ සත්තු මරමින් මිනිස්සු ඒවා ආහාරයට ගන්නා බවයි, ගොඩක් බෞද්ධ කියාගන්නා පිරිස් මුස්ලිම් මිනිස්සුන්ට චෝදනා කරනවා හරක් මරනවා කියලා ,හරක් මස් කනවා කියලා නමුත් ඒ චෝදනාව කරන මිනිස්සු ගෙදර ඇවිත් කරන්නේ තමන්ගේ අම්මා හෝ බිරිද පිළියෙල කරලා දෙන කුකුළ් මස් එක එක කටට ගිල දැමීමයි, අනෙක් එක රට පුරා අද විශාල වශයෙන් සිංහල මිනිස්සුන්ගේ ඌරු, කුකුළ් ඝාතකා ගාර තිබෙනවා ඉතින් මුස්ලිම් මිනිස්සුන්ට හරක් මරන එකට චෝදනා කිරිම කුහක කමක් තමන් වැරද්දක් කරන එක නවත්වලා ඕනේ අනුන්ට උපදෙස් දෙන්න නමුත් තමන් වැරදි කර කර අනුන්ට උපදෙස් දීම විකාර සහගතයි.. තමන් අඩුම තරම නිර්මාංශකයෙක් වී හරක් මස් කන එකට විරුද්ධ වෙනවා නම් ඒක සාධාරණ වෙන්න තිබුනා නමුත් තමන් කන්න පුලුවන් හැම මසක්ම කාලා හරකට එනකොට විතරක් සත්ව කරුණාව පහළවීම මගින් පෙනෙන්නේ මේ අමුතුම විකාර සහගත සංස්කෘතියේ පවතින කුහකත්වය නෙවේද? මේ ගැන පවසන කොට මේ ලේබල් ගහගෙන ඉන්න මිනිසුන් කරන්නේ ,”හරකා කියන්නේ කිරි දෙන සතෙක් ඉතින් අපි ඒ සතාට කිරි දෙන එකේ කෙළෙහිගුණය වත් තියෙන්න ඕනේ” නමුත් මම දන්නා පරිදි කිරි ලබාදෙන්නේ එළදෙනුන් පමණයි පිරිමි සතුන් කිරි දෙන්නේ නෑ, ඉතින් කෙළෙහිගුණය එසේ නම් තමන් දැක්විය යුත්තේ එළදෙනුන්ට මිසක් පිරිමි සත්තුන්ට නෙවෙයි..
    සමහරෙක්ට දැන් තර්ක කරන්න පුලුවන් ගවයා කිරි දෙන නිසා එළදෙනුන්ටත් නිදහස දෙන්න ඕනේ කියලා. මොකද ලිංග භේදය නොසලකා දෙගොල්ලොම හරක් කුලකයේ නිසා. හරි දැන් අපි එහෙම හිතමුකෝ එතකොට කිකිළී බිත්තර දෙනවා කියලා ඔය කියන කවුරුත් කුකුළට අභය දානය දෙනවද? කවුරුත් අඩුම ගානේ හිතනවද බිත්තර වල කෙළෙහි ගුණය වත් තියන්න? කුකුළ් පැටවුන්ගේ හොට පොඩි කාලේම අද කපලා දාන්නේ කවුද? ලංකාවේ ප්‍රතිශතය අනුව ගත්තම පැහැදිලි ලෙස සිංහල-බෞද්ධ කියාගන්නා මිනිස්සු තමයි මේක කරන්නේ.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    තවද අද ගම් වලට යන ධනවත් මිනිස්සු අතර ප්‍රචලිත දෙයක් තමයි දඩමස් මේ දඩමස් කෑම පවා බහුතර වශයෙන්ම කරන්නේ බෞද්ධයන්, මේ මිනිස්සු අනුරාධපුරයේ වන්දනා කරන්න යනවා කියලා යන්නේ දඩමස් වල රසවීදිමටයි, මේක හැම දෙනාම කරන්නේ නෑ නමුත් කොටසක් මේ කුලකයේ සිටිනවා. මස් කන එක සාධාරණීය කරන්න හදනවා නෙවෙයි මම. කිසිම මසක් නොකන කෙනෙක් වශයෙන් මට මස් කන එක වැරදියි කියන්න අයිතියක් තියෙනවා නමුත් තියෙන හැම මසක්ම කකා අනෙක් මිනිස්සුන්ට බණ කියන මිනිස්සුන්ට එසේ අයිතියක් නෑ අනුන්ට තර්ජන කරලාවත්, හිංසාව පීඩනය භාවිතා කරලා වත් මස් කන එක වැරදි කියන්න.ඇත්තටම මිනිස්සු වන අපි මස් නොකා/නොමර සිටිය යුත්තේ සත්ව කරුණාව නිසා මිසක් ආගමික මාතවාද වලින් තියෙන බලපෑම නිසා නෙවෙයි අද බෞද්ධ ජන සමාජයට මේ බලපෑම ඇවිත් තිබෙන්නේ හින්දු ආගමෙන් මොකද හින්දු වරුන් ගව මස් කෑම තරයේම ප්‍රතික්ෂේප කරන නිසා. සත්තුන්ට දැනෙන වේදනාව, ඒ සතා ජීවිතය අයදින හැටි සානුකම්පිත වූ දෑසින් බලලයි සත්ව හිංසාව නැවැත්වීමට අදිටන් කරගත යුත්තේ. නමුත් මේ සංස්කෘතියේ බෞද්ධයන් කියාගන්නා මිනිස්සුන් කරන්නේ ගවයාට සත්ව කරුණාව දක්වා අනෙක් සත්තුන්ගේ මස් රිසිසේ අනුභව කිරිමයි. මෙතන තියෙන්නේ පැහැදිලිවම කුහකම. ඇත්තටම මේ බෞද්ධ ලේබල් ගහගෙන සිටිනා අන්තවාදීන් ගවයා ගැන කිසිම තැකීමක් කරන්නේ නෑ මොවුන් පැහැදිලි ලෙසම කරන්නේ තමන්ගේ තියෙන හින්දු අභාෂය ලද සංස්කෘතිය අනුගමනය කිරිම පමණයි, ඒ සංස්කෘතිය නිසයි ගවයාට අභය දානය හම්බ වෙන්නේ නැතුව මේ මිනිස්සු ළග සැබෑ ලෙස සත්ව කරුණාව කියලා දෙයක් ඇත්තටම නෑ. මොවුන් බෞද්ධ දර්ශනය පිළිපදිනවා නම් සෑම සතෙකුටම එසේ අභය දානය දෙන්න පෙළ ගැහෙන්න ඕනා නමුත් අද එය එසේ වෙන්නේ බොහොම අඩුවෙන් මේ තත්වය සරළ උදාහරණයකින් කිව්වොත් අද ගොඩක් මිනිස්සු දන් දෙනවා දුප්පත් මිනිස්සුන්ට නමුත් ඇයි මේ මිනිස්සු දන් දෙන්නේ? දන් දෙන්නේ පින් ලබාගෙන තමන්ගේ මඩිය සරි කරගන්න මිසක් ඒ දුප්පත් මිනිස්සු ගැන තියෙන කරුණාව නිසා වත්, ඔවුන්ගේ දුක වේදනාවට පිහිට වෙන්න උවමනා නිසාවත් නෙවෙයි. තමන් දන් දෙන්න ඕනේ අනුන්ට පිහිට වෙන්න බලාගෙන මිසක් , කුසල කර්ම රැස් කරගන ඕන නිසා නෙවෙයි. තමන්ට කුසල කර්ම රැස් වෙනවා තමන් නිසි ලෙස ඒ කාර්යය කරනවා නම් ,නමුත් අද මිනිස්සු කරන්නේ කුසල කර්ම වලට වැඩි තැනක් දී දන් දීම සදහා යොමු වෙන එකයි. හැම දෙනාම මම එකම ගොඩකට දාන්න හදනවා නෙවෙයි නමුත් අද මේ සංස්කෘතිය පිළීපදින බහුතර දෙනාගේ මානසිකත්වය මෙයයි.

    අනෙක් එහ හිංසාව සහා පරුශ වචනය කියන එක බෞද්ධ දහමින් අකැප කරලා තියෙන දේවල් නමුත් අද බෞද්ධයන් කියාගන්නා පිරිස් කරන්නෙම මේ දේවල් භාවිතා කරලා අනෙක් සංස්කෘතීන් දරණ මිනිස්සුන්ට රිදවීමයි, එක් තරා අඩවියක මේක පැහැදිලි ලෙසම කැපී පෙනෙන දෙයක් එම අඩවියට එන බෞද්ධ ලේබල් ගහගත්ත මිනිස්සු කරන්නේ මුස්ලිම් ජාතිකයන්ට, කිතුණුවන්ටද විශාල වශයෙන් අසැබි වචනයෙන් බණ වැදීමයි නමුත් මේ මිනිස්සු හිතන්නේ නෑ බෞද්ධ දහම පරුෂ වචන තරයේම ප්‍රතික්ෂේප කරන බව ඉතින් එසේ සිතන්නේ නැතුව මේ මිනිස්සු කරන්නේ බෞද්ධ දහමටත් අගෞරව කරන එකයි..,

    අනෙක් එක සමාජ පුරුදු දැන් සමාජ පුරුදු කිව්වම මේක විශාල ලැයිස්තුවක් හදන්න වෙන වැඩක් නමුත් අපි ප්‍රධාන කාරණා ගැන සලකලා බැලුවොත් අපිට පෙනෙවී මේ බෞද්ධ කියාගන්නා මිනිස්සුන්ගේ පවතින කුහකත්වය, අපි අදින පළදින විදිය ගත්තම, අද ගොඩක් පිරිමින් බටහිරින් එන හැම විලාසිතාවම උත්සහා කරලා බලනවා මොවුන් දිග කලිසමද, කොට කලිසමද,ඩෙනිමද, යන හැම දේම උත්සහා කරනවා මේකේ කිසිම වැරද්දක් නෑ මොකද බෞද්ධ දහමින් කිසිම තැනක සරම විතරක් අදින්න කියලා නැති නිසා ඉතින් ඒක ප්‍රශ්ණයක් නැති දෙයක් නමුත් දැන් මේක ප්‍රශ්ණයක් වෙන්නේ කාන්තාවට එන කොටයි මොවුන්ට අනුව කාන්තාව කිසිම අකාරයකින් කොට කලිසමක් නොඇදිය යුතුයි , හිරවෙන විදියට ඩෙනිම් කලිසම් නොඇදිය යුතුයි මොකද මේවා සිංහල බෞද්ධ සංස්කෘතියේ අංග නොවන නිසා මෙසේ අදින කාන්තාවන් මොවුන්ට අනුව “බඩුය” “ගණිකාවන්ය” ඉතින් කරන්නේ මේ අසරණ කාන්තාවන්ට අනේක විදියෙන් පරුශවචනයෙන් බනින එකයි, තමන්ගේ සහෝදරියක් නම් ඇයට නිකරුනේ තලන එකයි. මේ ගැන අප විරෝධය පළකරාම මේ අන්තවාදීන් කියන්නේ “මේ ඇදුම් අපේ සංස්කෘතිය කනවා”, “අපි මොකද ඇමෙරිකාවේ දේවල් අපේ සංස්කෘතියට ගන්නේ”, “මේක ඇමරිකාව නෙවෙයි ලංකාව නැමැති” වදන්, කොළඹට කිරි ගමට කැකිරි වගේ මේ හැම දේම කාන්තා වස්ත්‍රයට එනකොට පමණයි පිරිමින් තමන්ට ඕන


    දේවල් හැම දේම කරනවා,


    මොවුන් කරන්න පුලුවන් හැම දේම කරලා කාන්තාවට එනකොට පමණක් මේ සංස්කෘතිය ඉදිරියට දමා කරන්නේ හුදෙක්ම තමන්ගේ කුහකත්වය ප්‍රදර්ශනය කිරිම නොවේද? පිරිමින් කාන්තාවට බළකරනවා නම් බටහිර විලාසිතා වලින් වැළකෙන්න පිරිමියද ඒක අනුගමනය කර යුතුයි නමුත් අද එය එසේ වෙන්නේ නෑ.
    මෙසේ කියන විට මේ නාමික බෞද්ධයන් කියන්නේ “ගෑණු වගේ නෙවෙයිනේ පිරිමි , ගෑණු කොටට ඇදගෙන යනකොට ඒක කැතයි හැමෝම ඇයව ‘බඩුවක්’ විදියට සලකන්නේ”.”පිරිමින්ගේ හැගීම් අවුස්සන එකයි මේ ගෑණු කරන්නේ මේ ඇදුම් වලින් ඊට පස්සේ පැමිණීලි කරනවා ස්ත්‍රී දූෂණය අරක මේක ගැන” මේ වගේ කිසිම පදනමක් නැති මතයක් මේ මිනිස්සු ළග තියෙන්නේ දැන් කාන්තාවව “බඩු” ලෙස සලකන්නේ කවුද? මේ වචනයම හැදුවේ කවුද? මේ ඔක්කොම පිරිමින් කරන්නේ බහුතර වශයෙන්. අනෙක් එක කාන්තාවක් ඇදුමක් ඇන්ද පළියට පිරිමියෙක්ගේ හැගීම් ඇවිස්සුනාට ඒක ඇයගේ වරදක් නෙවෙයි, ඒක පිරිමියගේ පැත්තේ වරදක්, ඔහු දැගන්න ඕනේ කාන්තාවක් දිහා රාගික ඇසින් නොබලා ඉන්නා,පිරිමි දැන ගන්න ඕනේ කාන්තාව මොන විදියට ඇන්දත් ඇයට ගරු කරන්න, ඇයට යහපත් විදියට සලකන්න, කාන්තාවනුත් පිරිමින් වගේ තමයි ඇයටත් නිදහස කියලා දෙයක් තියෙන්න ඕනේ ඉතින් ඇයට කැමති ඇදුමක් ඇදිමේ නිදහස තිබිය යුතුයි ,පිරිමින්ට බෑ තමන්ගේ හැගීම් ඇවිස්සෙනවා කියලා අහක යන කාන්තාවන්ට පහර දෙන්න වත් , නින්දා අපහාස කරන්නවත්, තමන්ගේ හැගීම් ඇවිස්සෙන එකට අහක යන ගෑණූ පළිද? තමන් දැන ගන්න ඕනේ තමන්ගේ තියෙන අශිලාචාර කම යටපත් කරගෙන ඉන්න එහෙම නැතුව ඒක ශුද්ධ කරන්න ගෑණුන්ට බැනලා හරියන්නේ නෑ.නමුත් ඒ වෙනුවට වෙන්නේ මේ මිනිස්සුන් කාන්තාවව යම් රාමුවකට කොටු කරලා තබලා මේ පිරිමින් රිසිසේ බාදක නැතුව තමන්ගේ නිදහස භුක්තිවිදින එකයි, සංස්කෘතියක් නම් ඒක හැම දෙනාටම අදාළ වෙන්න ඕනේ නමුත් වර්තමානයේ ලංකීය සමාජයේ පවතින මේ “සිංහල-බෞද්ධ” සංස්කෘතිය හුදෙක්ම තියෙන්නේ පිරිමින්ගේ වාසියට සහා ඔහුට එමගින් කාන්තාවව සාර්ථක ලෙස මෙල්ල කරගැනිමේ මෙවලමක් විදියටයි.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    බෞද්ධ දහමේ කිසිම තැනක විස්තර වෙන්නේ නෑ තමන් මේ ඇදුම අදින්න ඕනේ, මේ ඇදුම් වලින් වැලකෙන්න ඕන කියලා බෞද්ධ දහමින් මූලික වශයෙන්ම කියන්නේ ඓන්ද්‍රිය සංවරය ගැනයි, හික්මීම ගැනයි මේ හික්මීම තියෙන්න ඕන තමන්ගේ හිතේ සහා තමන් කරනු ලබන ක්‍රියාවන්හි තමන් අදින ඇදුමේ කිසිම සම්බන්ධයක් මේකට නෑ, නිරුවතින් කෙනෙක් ගියත් ඔහු හෝ ඇය සිතෙන් සහා ක්‍රියාවෙන් හික්මිලා නම් වස්තූන් වෙත ඇලෙන්නේ නැත්නම් ඇය/ඔහු සැබෑ ලෙස බෞද්ධ දහම ප්‍රගුණ කරන්නෙක් මේකයි සැබෑ බෞද්ධ දහම කියන්නේ නමුත් අද වෙනකොට මේ බෞද්ධ කියාගන්නා පිරිස් කරන්නේ බෞද්ධ දහම විකෘති කරලා තමන්ගේ බමුණු මතයන් ඒ තුළට රිංගවා තමන්ට වාසි වෙන සංස්කෘතික රාමු තැනීමට උත්සුක වීමයි,

    අනෙක් එක තමයි බෞද්ධ සමාජයේ පවතින කන්‍යා පටලය බැලිමේ චාරිත්‍රය මෙහෙම චාරිත්‍රයක් කරන්න කියලා ත්‍රිපිටකයේ කිසිම තැනක නෑ, මේ චාරිත්‍රය මගින් අදහස් කරන්නේ කාන්තාවගේ පිරිසිදු කම මැනීමයි (මේ බෞද්ධ පිරිමින්ට අනුව) ඉතින් මේක නැත්නම් මොවුන්ට අනුව ඇය ගණිකාවක් ඔන්න ඉතින් මොවුන් කරන්නේ අර අසරණ කාන්තාවට පහර දෙන එකයි නැත්නම් රණ්ඩුවක් ඇවිලෙච්ච වෙලාවට මේක ඇදලා අරගෙන එය භාවිතා කරලා ඇයට රිදවන්න උත්සහා කරන එකයි. නමුත් මෙසේ කරන බෞද්ධ පිරිමින් කරන්නේ විවාහ වීම ප්‍රථම හැකිතරම් කාන්තාවන් සමග විවිධ කාමර තුලට ගිහින් විනෝදවෙන එකයි, එක්තරා අඩවියක මේ කියන බෞද්ධ පිරිමින් ඇවිත් කරන්නේ අනෙක් අයගෙන් “rooms” ගැන අහන එකයි , ඉතින් මේ සල්ලාල කමේ තැන තැන ඇවිදින බෞද්ධ කියාගන්නා පිරිමින් විවාහ වෙච්ච දවසට තමන්ගේ බිරිදගේ කන්‍යාපටලය බැලීම කොතරම් සාධාරණද? මොවුන් අඩුම තරමේ බෞද්ධ දහමේ කාමයේ වරදවා හැසිරිම කියන එකවත් සමාදන් වෙනවද? කොහොමවත්ම නෑ මොවුන් මේ සංස්කෘතිය බයිලාව ඉදිරියට දමා කරන්නේ තමන්ගේ සැගවී තිබෙන න්‍යාය පත්‍රයන් සාක්ෂාත් කරගැනීමට හුදෙක්ම වෙරදැරීමයි , තමන් කිසිම දවසක කිසිම කෙනෙක් සමග ලිංගික ලෙස හැසිරිලා නැත්නම් කන්‍යාවක්ව පැතිම වැරදි නෑ නමුත් තමන් සල්ලාල කමේ ඇවිදලා විවාහ රාත්‍රියේදි තමන්ගේ බිරිද කන්‍යාවක් වීමට බලාපොරොත්තු වීම ඇත්තටම කුහක කමක්.


    මෑතකදි මම දැක්කා එක ප්‍රවෘත්තියකින් කියවිලා තිබුනා රජය විසින් අසැබි අඩවි තහනම් කරලා තියෙනවා මේ ගැන සොයන කොට මට දැනගනන් ලැබුනේ විශාල වශයෙන් මිනිස්සු මේ වෙතයන එක වැළැක්වීම සදහා රජය මේ පියවර ගෙන තියෙන බවයි. දැන් මේ වලට යන්නේ කවුද? මේ වලට ගොඩක්ම යන්නේ පිරිමින් මේ පිරිමින්ගෙන් ගොඩක්ම දෙනා බෞද්ධයන්(රටේ ප්‍රතිශතය අනුව බලන කල) ඉතින් මොවුන් බෞද්ධ දහමේ තියෙන ඉගැන්වීම අමු අමුවේම බිද දමන (ඓන්ද්‍රියන් පිනවීමෙන් හැක්තරම් ඈත්වීම, සහා වස්තූන් වෙත නොඇළිම සිටිම) බවට කියන්න මේ සාධක හොදටම ප්‍රමාණවත්. කාන්තාවට මේ අකාරයෙන් දෙබිඩි විදියට සලකන නාමික බෞද්ධ පිරිමින් ඇත්තටම බැලුවම සෞවුදි වලට සිටිනා ස්ලාමීය රාමූවේ සිරවී සිටිනා ගොළුබෙල්ලන් වගේ.


    වර්තමානයේ අපිට දැක්නට ලැබෙන දෙයක් තමයි මේ සමාජයේ බටහිර වීරෝධි ආකල්පය, මේක කොයිතරම් දුරට ගිහින්ද කියනවා නම් මේ මිනිස්සුට බටහිර පේන්න බෑ, කවුරු හරි බටහිර සංස්කෘතිය අනුගමනය කරනවා ,බටහිර දේවල් භාවිතා කරනවා (දුප්පත් මිනිස්සු භාවිතා නොකරන)නම් මොවුන් ඔහුට /ඇයට කියන්නේ “කළු සුද්දෙක්” කියලයි නමුත් මේ කියන මිනිස්සු අමතක කරලා අද මේ විවෘත ආර්ථිකයේ සමාජය විශාල වශයෙන් බටහිර කරණයට ලක්වී ඇති බව. අද සබන් කැටේ ඉදලා, ගුවන් යානේ දක්වා බටහිර දේවල් මිනිස්සු කඩයකට ගියත් ගන්නේ බටහිර දේවල් , ඇදුම් කඩයටකට ගියත්, ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ ගත්තත්, මේ ඔක්කොම බටහිර දේවල් අද ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයත් එංගලන්තේ පැවතිච්ච දෙයක්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදලා, පාර්ලිමේන්තුව, කුඹුරේ සීසාන කාර්මික උපකරන හැම දෙයක්ම බටහිර ඉතින් මේ තත්වේ යටතේ බටහිර විරෝධී ආකල්ප ඇති කරගෙන බටහිරයන්ට ගැරහීම කුහක කමක්, මොකද මිනිස්සු තමන්ගේ හැම දෙයක් සදහාම භාවිතා කරන්නේ බටහිර දේවල්, බටහිර තක්ෂණය.


    මේ ආදියේ විශාල වශයෙන් අද වෙනකොට මිත්‍යා මතවලින් මේ “සිංහල-බෞද්ධ” ජනසමාජය වැසී පවතිනවා , මේ මිනිස්සු ඇත්තටම කරන්නේ බෞද්ධ දහම විකෘති කිරිමක් මේක අද ගොඩක් පන්සල වල ස්වාමීන් වහන්සේලා ඉදලා සාමාන්‍යය ජනයා දක්වා පවතින දෙයක්, බෞද්ධ දහම මේ අකාරයෙන් අන්තවාදී වත්, විකාරසහගතවත්, ස්ත්‍රී විරෝධි වත් නෑ, බෞද්ධ දහම සැමට එකසේ සලකන බුද්ධිමතුන් සදහා දේශනා කරන ලද ඉතා වටිනා දර්මයක් මේ දහම හරියට අවබෝධ කර ගන්නේ නැතුව තමන්ගේ මිත්‍යා මත ඒ තුළට රිංගවා ගැනීමට උත්සුම වීමෙන් අපිට පැහැදිලි වෙන්නේ වර්තමානයේ “සිංහල-බෞද්ධ” සමාජය බෞද්ධ දහමට කරන නින්දාවයි. බෞද්ධ දහමට අද වෙනකොට අපහාස කරන්නේ මුස්ලිම් මිනිස්සු වත්, කතෝලික මිනිස්සු වත් නෙවෙයි මේ නාමික බෞද්ධයන් විසින්මයි. මේක වෙනස් නොවුනොත් ලංකාවේ පරිහාණිය වැඩි ඈතක නොවේ.


    සටහන අයේෂා ඇලෙක්ෂැන්ඩර්
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම හිතන්නේ මට ටිකක් මතකයි මතකයි වගේ මේ ලියපු කෙනා. තව ඔය වගේ ලියපු දෙයක් මම මීට කාලෙකට කලින් දැක්කා වගේ මතකයි.
    අන්තිමට ඉතින් අර "බල්ලා ගැන රචනය පටන්ගෙන මැක්කා ගෙන් ඉවරකරනවා වගේ" ගවමස් කෑම හා මුස්ලිම්වරුන්ගෙන් ලිපිය ඉවරකරලා තියෙනවා.
    පිළිගැනීමට හැකි කරුනු කිහිපයකින් (සංස්කෘතික, සංගීතමය හා ආගමික) sugarcoat කරලා ආයෙමත් පරන කතන්දරේ කියලා. ගවමස් කන අය ගවයින් මරන අය නිදොස් කොට නිදහස් කරලා දාන එක තමයි

    මෙයා කරලා තියෙන්නේ. මේ ලිපියත් තවත් එවැනිම ලිපි මාලාවක එකක් කියලා හිතලා බැහැර කරන එක තමයි කළ යුත්තේ.
    අපිත් එක්ක මේ ලිපිය බෙදාගත්ත එකට මම ඔබට ස්තූතිවන්ත වෙනවා
     

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    මම හිතන්නේ මට ටිකක් මතකයි මතකයි වගේ මේ ලියපු කෙනා. තව ඔය වගේ ලියපු දෙයක් මම මීට කාලෙකට කලින් දැක්කා වගේ මතකයි.
    අන්තිමට ඉතින් අර "බල්ලා ගැන රචනය පටන්ගෙන මැක්කා ගෙන් ඉවරකරනවා වගේ" ගවමස් කෑම හා මුස්ලිම්වරුන්ගෙන් ලිපිය ඉවරකරලා තියෙනවා.
    පිළිගැනීමට හැකි කරුනු කිහිපයකින් (සංස්කෘතික, සංගීතමය හා ආගමික) sugarcoat කරලා ආයෙමත් පරන කතන්දරේ කියලා. ගවමස් කන අය ගවයින් මරන අය නිදොස් කොට නිදහස් කරලා දාන එක තමයි

    මෙයා කරලා තියෙන්නේ. මේ ලිපියත් තවත් එවැනිම ලිපි මාලාවක එකක් කියලා හිතලා බැහැර කරන එක තමයි කළ යුත්තේ.
    අපිත් එක්ක මේ ලිපිය බෙදාගත්ත එකට මම ඔබට ස්තූතිවන්ත වෙනවා

    :yes::yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මම හිතන්නේ මට ටිකක් මතකයි මතකයි වගේ මේ ලියපු කෙනා. තව ඔය වගේ ලියපු දෙයක් මම මීට කාලෙකට කලින් දැක්කා වගේ මතකයි.
    අන්තිමට ඉතින් අර "බල්ලා ගැන රචනය පටන්ගෙන මැක්කා ගෙන් ඉවරකරනවා වගේ" ගවමස් කෑම හා මුස්ලිම්වරුන්ගෙන් ලිපිය ඉවරකරලා තියෙනවා.
    පිළිගැනීමට හැකි කරුනු කිහිපයකින් (සංස්කෘතික, සංගීතමය හා ආගමික) sugarcoat කරලා ආයෙමත් පරන කතන්දරේ කියලා. ගවමස් කන අය ගවයින් මරන අය නිදොස් කොට නිදහස් කරලා දාන එක තමයි

    මෙයා කරලා තියෙන්නේ. මේ ලිපියත් තවත් එවැනිම ලිපි මාලාවක එකක් කියලා හිතලා බැහැර කරන එක තමයි කළ යුත්තේ.
    අපිත් එක්ක මේ ලිපිය බෙදාගත්ත එකට මම ඔබට ස්තූතිවන්ත වෙනවා
    ඔබේ අදහසට ස්තුතියි:yes: