Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ඔන්න ගොඩක් කාලෙකට පස්සේ අලුත් සින්දුවක් අරගෙන මම ආවා.කැමති නම් comment එකක් දාන්න.අඩු ගානේ BUMP එකක්වත් දීල යන්න. :D :D

‍ලස්සන සිංදුවක්

keep it up!
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මමත් මේ දවස්වල කරන්නේ ගිටාර් ගෑන පාඩම් එකතු කරන එක...

මම යමහා ගිටර් එකක් බෑලුව...11300ක් වෙනව...:P

සාදාරනයි ද?
:nerd:

සමාන්‍යය පිලි‍ගැනිමෙ හැටියට යමහා ගිටාර් නිෂ්පාදන හොදයි. ඒත් ගන්න හදන ගිටාර් එකේ ස‍ද්දේ හොදද? කෙහෙ හදපු එකක්ද? යතුරැ පුවරැව විශේ‍ෂයෙන්ම බලන්න (ගිටාර් ගැන දන්න කෙනෙක් එක්ක යන්න පුළුවන් නම් හොදයි) ගන්න ඉස්සරවෙලා

පින්තුර ටිකක් පුළුවන්නම් දාන්න.

ප.ස. - දැන්නම් මේක අරගෙනත් ඇතිනේද! :rolleyes::oo::baffled:
 

sha2009

Member
Oct 11, 2009
1,224
147
0
මචන්ලා...අපිටත් සින්දුව වලට chords දාන හැටි කියලා දෙන්න කො..ලොකු උදවුවක්
 

HMNimal

Member
May 9, 2012
50
0
0
Sri Lanka
Box Guitar?....

Steel string තියෙන Box Guitar එකක ඇගිලි වලින් (fingering) play කරන්න පුළුවන්ද?
nylon string Box Guitar තියෙනවද?
 

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඔන්න තවත් සින්දුවක්,කාලෙකට පස්සේ.කසුන් කල්හාරගේ සංගීතයෙන් අමල් පෙරේරාගේ කටහඬින් ;)




    Pransha+Yuwathiyan+Chords.png
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මෙන්න මා දෑසෙ වේදනා සින්දුවේ Guitar Chords.මම නම් ආස original සින්දුවට ශිහාන්ගේ එකටවත් Sunflower එකටවත් මං ආස නෑ


    Ma+Dese+Wedana+Chords.png
     
    Last edited:

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Guitar-Shop.jpg

    ගිටාර් ගන්න හොඳ තැන් මොනවද කියල හැමෝම අහනවා.ලංකාවේ එවැනි ස්ථාන කීපයක ලිපිනයන් සහ දුරකථන අංක සටහනක තබන්න හිතුවා. එක එක ස්ථාන පිලිබඳව දීර්ඝ විස්තරයක් කරන්න තිබ්බ නම් හොඳයි, ඒත් හදිසි අයට ඕනේ නිසා කෙටි විස්තරයක් එක්ක ලිපිනයන් දාන්නම්.

    Sai Sangeetha
    L G 180/123 Gasworks Street, Peoples Park, Colombo 11
    (011)2445102


    මේක තියෙන්නේ කොටුවේ.ගණන් ගොඩක් අඩුයි.හොඳ ගිටාර් තියෙනවා.


    Yamaha Music Centre
    No 296,Bauddhaloka Mw, Colombo 7

    (011) 2595608


    ටිකක් ගාණ සැරයි.හැබයි හොඳ ගිටාර් තියෙනවා. Yamaha ගිටාර් වලට අමතරව Takamine ගිටාරුත් තියෙනවා. ලංකාවේ මං දැකපු හොඳම guitar shop එක තමයි මේක.Showroom එකේ ගිටාර් ඔක්කොම tune කරලා තියෙන්නේ. ගිටාර් දෙක තුනක් වුනත් මුල ඉඳන් ටියුන් කරන්න ගියාම එපා වෙනවනේ.හොඳට ඉඩකඩත් තියෙනවා.අපිට නිදහසේ වාදනය කරලා බලල ගන්න පුලුවන්.

    Bombay Harmonium
    122 Sea Street,, Colombo 11
    ( 011) 2325817

    පරණ තැනක්.හොඳ ගිටාර් තියෙනවා.ලඟදී නම් ගියෙ නෑ.ඔබ ආධුනිකයෙක් නම් එහි අයිතිකරු ඔබට උදව් කරාවි හොඳ ගිටාරයක් තෝරගන්න.

    Sarasi Musical Centre
    206 Sarasavipaya, Colombo 10
    ( 011) 2438811

    මේක තියෙන්නේ එල්ෆින්ස්ටන් එකේ.

    Melodyland
    52 2nd Flr Welikada Plaza, Rajagiriya
    ( 011) 2862075



    මතකයට ආපු සහ ලිපිනයන් තියෙන තැන් විතරයි දැම්මේ.මීට අමතරව ඔයාල දන්න තැන් කියන්න.
    second hand ගිටාර් ගන්න වනම් ක්‍රවුන් මධ්‍යස්ථාන වලින් මිලදී ගන්න පුලුවන්.හොඳ ගිටාර් තියෙනවා.නමුත් second hand ගිටාරයක් ගැනීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න.


    උපුටා ගැනීම -
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    guitarshop.jpg


    ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
    බොහෝ දෙනෙක් ගිටාර් ඉගෙන ගන්න කැමති වුනාට තමන් ගාව ගිටාර් එකක් නෑ.ගිටාර් ඉගෙන ගන්න නම් මුලින් ගිටාරයක් තියෙන්න ඕනනේ.ඒ වගේම තමයි මේ සඳහා විශාල කැප කිරීමක් සහ උනන්දුවක් තියෙන්න ඕනෙ.

    ඔබ කෙතරම් මහන්සියක් දැරුවත් ආධුනිකයෙක් විදියට ඔබ හරි ගිටාරයක් තෝරා නොගත්තොත් ඔබගේ මහන්සියේ ප්‍රතිඵල ගැන ඔබ සෑහීමකට පත් වෙන්නෙ නෑ.අන්තිමට ගිටාර් වාදනය වාදනයත් අත ඇරලා දානවා.අන්න ඒක නිසා අද අපි බලන්න යන්නේ ගිටාරයක් මිලදී ගැනීමේදි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන.දැනට ගිටාරයක් තියෙන අය මේ ලිපිය කියවල හැම වැරැද්දම ගිටාරයට දාල අලුත් ගිටාරයක් ගන්න හදන්න එපා.නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියනවනේ.ප්‍රතිඵල ගොඩාක් රඳා පවතින්නේ තමන්ගේ නිසි පුහුණුව මත.ඒක නිසා මුලින් හොඳට ප්‍රැක්ටිස් කරන්න.ගිටාරය ගැන සෑහීමකට පත් වෙන්නෙ නැති නම් විතරක් අලුත් ගිටාරයක් ගන්න.

    හොඳයි දැන් අපි බලමු මොනව ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕනේ කියලා.ගිටාරයක් මිලදී ගන්න ඉස්සෙල්ල පහත සඳහන් ප්‍රශ්ණ තුන තමන්ගෙන්ම අහන්න.



    [*]මගේ අවශ්‍යතාව කුමක්ද?

    [*]මිලදී ගන්න ඕනෙ කොහෙන්ද?

    [*]ගිටාරයේ බැලිය යුතු දේවල් මොනවාද?


    මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගත්ත නම් ගැටලුව ඉවරයි නේද? ගිටාරයක් නෙවෙයි වෙන ඕන දෙයක් මිලදී ගන්න ඉස්සෙල්ල මේ විදියට හිතනවනම් හොඳයි.

    දැන් අපි එකින් එක ප්‍රශ්ණ විසඳ ගමු.


    මගේ අවශ්‍යතාව කුමක්ද?
    මුලින්ම දැනගන්න ඕනෙ කරුණ තමයි තමන්ට අවශ්‍යය මොන වර්ගයේ ගිටාරයක්ද කියන එක.මේ සඳහා හොඳම දේ තමයි ගුරුවරයෙක්ගෙන් අසා දැනගන්න එක.එහෙමත් නැත්නම් ගිටාර් ගැන ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් කියවන්න.ඊට පසුව තීරණය කරන්න තමන්ට අවශ්‍යය අකෝස්ටික් ගිටාරයක්ද ඉලෙක්ට්‍රික් ගිටාරයක්ද?අකෝස්ටික් එකක් නම් ස්ටීල් ස්ට්‍රින්ග්ස් තියෙන එකක්ද නැත්නම් නයිලෝන් ස්ට්‍රින්ග්ස් තිබෙන ක්ලැසිකල් ගිටාර් එකක්ද?ගිටාරය සෙමි අකෝස්ටික් එකක් විය යුතුද නැත්ද?කියලා .මේව ඔක්කොම අණ්ඩර දෙමල වගේ නම් බය වෙන්න එපා.මම ඉස්සරහට ගිටාර් වර්ග ගැන පැහැදිලි සවිස්තරාත්මක ලිපියක් ලියන්නම්.ඒ වෙනකන් ගැටලුවක් තියෙනවනම් මෙතන කමෙන්ටුවක් දාන්න.ඔයාලගේ අවශ්‍යයතාවය කිව්වම මම උදව් කරන්නම් ඔයාලට ඕන ගිටාරය මොකද්ද කියල තීරණය කරන්න.

    ඒ වගේම තමයි ඔයාලගේ budget එක කීයක් විතර වෙනවද කියල හිතන්න.මොකද ඒ අනුවත් ඔයාල මිලට ගන්න ගිටාරය තීරණය වෙනවා.


    මිලදී ගන්න ඕනෙ කොහෙන්ද?

    කොච්චර බයිලා ගැහුවත් ලංකාවේ ගිටාරයක් මිලදී ගන්න තියෙන තැන්නම් ඉතා සීමිතයි.ගිටාරයක් මිලට ගන්න ලංකාවේ ඇති ස්ථාන දැනගන්න මේ ලිපිය කියවන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=950591&page=68

    ගිටාරයේ බැලිය යුතු දේවල් මොනවාද?

    Action
    action02.jpg
    ගිටාරයේ තත් ෆ්‍රෙට් බෝර්ඩ් එකට තද කරන්න පහසුද අමාරුද බලන්න.Action එක කියල කියන්නේ ගිටාරයේ තත් සහ ෆ්‍රෙට් බෝර්ඩ් එක අතර තිබෙන දුර ප්‍රමානයයි.සාමන්‍යයෙන් මේක මනින්නේ දොලොස් වෙනි ෆ්‍රෙට් එකේ ඉඳන්.Action එක අඩු වෙන තරමට වාදනය කරන්න පහසුයි.ඒත් ඒක අඩු වෙන්න අඩු වෙන්න අනවශ්‍යය ශබ්ද (buzz) එකක් එන්න බලනවා.ඒක නිසා සාමාන්‍යය ප්‍රමාණයක action එකක් ඇති ගිටාරයක් තෝර ගන්න.

    Action එක පිලිබඳව සවිස්තරාත්මක විස්තරයක් මම පස්සෙ ලියන්නම්.දැනට ඔය කරුණු ටික හිතේ තියාගන්න.

    Intonation
    මුලින්ම ගිටාරය ටියුන්ද කියල බලන්න.කණට ටියුන් කරගන්න බැරි නම් ටියුනරයක් ආධාරයෙන් හරි ටියුන් කරගන්න.ඊට පස්සේ එක එක ෆ්‍රෙට් එක ගානේ තද කරල බලන්න ෆ්‍රෙට් බෝර්ඩ් එකේ අව්ලක් තියෙනවද කියලා.මේ සඳහා ක්‍රොමැටික් ටියුනරයක් තියෙනවනම් හොඳයි.මේක විශේෂයෙන් බලන්න ඕනෙ පරණ ගිටාරයක් ගන්නව නම් තමයි.ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකක අලුත් ගිටාරයක් ගන්නවනම් මේ දේවල් නොබැලුවට කමක් නෑ.බැලුවොත් වඩා හොඳයි.

    Guitar Neck
    Neck එක කෙලින්ද බලන්න.අනිත් එක Neck එක ඕනවට වඩා මහතද බලන්න.එහෙම වුනොත් වාදනය කරන්න අපහසු වෙනවා.


    Guitar Tone ,Resonance and Projection

    වැදගත්ම දෙය තමයි ගිටාරයේ හඬ (Tone) බලන්න.බලන්න නෙවෙයි අහන්න.අනිත් කරුණ ,ස්වරයක් වාදනය කරලා ඒක කොච්චර වෙලා රැදී තියෙනවද බලන්න.(Resonance) හොඳ ගිටාර් වල සාමන්‍යයෙන් වැඩි වෙලාවක් හඬ රැඳී තියෙනවා.හොඳ ගිටාරයක ශබ්දය වැඩියි.ඒ වගේම පැහැදිලියි.ඉදිරියට විහිදෙනවා.(Good Projection)

    ඉලෙක්ට්‍රික් ගිටාරයක නම් බලන්න දේවල් ගොඩාක් තියෙනවා.ඒ දේවල් අපි වෙනත් දවසක ඉගෙන ගමු.

    ගිටාරයක් ගත්තා.තව මොනවද?
    $(KGrHqN,!jME+t4DcuF+BQFf-QmY1g~~60_35.JPG
    gr0769y.jpg
    ac11df101e0b1cf326052f7693a54a15.jpg
    guitar-strap-8.jpg

    වැඩේ අංග සම්පූර්ණ වෙන්නනම් ඔබගේ අවශ්‍යයතාවය අනුව තව දේවල් කීපයකුත් ගන්න ඕනෙ.ගිටාරයට බෑග් එකක්,පික් එකක් ස්ට්‍රින්ග් සෙට් එකක් ගිටාරය එල්ලගෙන වාදනය කරන්න ස්ට්‍රැප් එකක් මේ අතරින් කීපයක්.මේ දේවල් එක පාරටම ගන්න එක හොඳයි නැත්නම් පස්සෙ ගැනෙන්නෙ නෑ.ගොඩක් වෙලාවට ගිටාරයක් මිලදී ගත්තාම බෑග් එකක් සහ පික් එකක් නොමිලේ දෙනවා.
    බෑග් එකක් නම් හොඳට පෑඩඩ් (padded) කරපු බෑග් එකක් ගන්න බලන්න.පෑඩඩ් කිව්වෙ බෑග් එක ඇතුලේ හොඳට ස්පොන්ජ් දාල තියෙන එකට.ඒක ගිටාරයේ ආරක්ෂාවට හොඳයි.ඔබ ගන්නේ පරණ ගිටාර් එකක් නම් අනිවාර්යෙන්ම හොඳ ස්ට්‍රින්ග් සෙට් එකක් ගන්න.හොඳ ස්ට්‍රින්ග් සෙට් එකක් දැම්මම ගිටාරයේ හඬ ගොඩක් වෙනස් වෙනවා.

    මේ ලිපියේ අරමුණ ඔබ මිලදී ගන්න ගිටාරයේ බැලිය යුතු කරුණු ගැන මූලික දැනුමක් දීම පමණයි.ඉහත කරුණු සමහර ඒව ප්‍රායෝගිකව ශ්‍රීලංකාවේ යොදාගන්න අමාරුයි.මොකද ගිටාර් මිලට ගන්න ලංකාවේ තියෙන්නේ සීමිත තැන් කීපයක්.
    ලිපිය වැදගත් කියල හිතෙනවනම් කමෙන්ටුවක් දාල යන්න. ඔයාලට තියෙන ගැටලුත් කමෙන්ටුවක් මඟින් ඉදිරිපත් කරන්න.මම හැකි ඉක්මනට ඒවට පිලිතුරු දෙන්නම්.

     
    Last edited:
    • Like
    Reactions: Champ HB and Kadaya