හයියෝ මනුස්සයෝ සුද්දා මෙහේ ගියේ වයිරස් දාල (වයිරස් කියන්නෙ ප්‍රශ්ණ හදලා),මම අර මුලින් කිව්වා ඩිවයිඩ් ඇන්ඩ් රුල් කන්සෙප්ට් එකෙන් මෙක විනාශ කරලා අලු යට ගිණි ගොඩක් ගහලා ගියේ,එ හදලා ගිය වයිරස් මකන්න පුළුවන් වෙන්නෙ නැ ලෙසියකට එකේ ප්‍රථිපල තම අපි තවත් විඳවන්නෙ,එ වයිරස් හැම තැනම ගිහින් ඔලුත් දැන් කුරුවල් වෙලා,සුද්දා යටතේ තිබ්බ රටවල් බොහොමයක තවම ප්‍රශ්ණ එකයි....තව කාලයකට ඔය වයිරස් පැතිරි පැතිරි තියෙයි...
සුද්දා හදපු ප්‍රශ්ණ ඇමරිකාවෙන් ජපානයට දමපු බොම්බ වලට වඩා දරුණුයි,අන්න දැනගන්න...
දැන් මම නවතිනවා...නිදියන්නත් එපැ...
"අධීරාජ්‍යය වාදය" මිසක් සමස්ථ බටහිරම නෙවෙයි නැවතත්,
ඔව් මේ අධීරාජ්‍යය වාදය විසින් යටත් විජිත වල ප්‍රශ්ණ ඇති කරා තමයි ඒ වගේම විවිධ ආකල්ප ජනතාවට දැම්මා. අද මේ පවතින ජතිවාදී ආකල්පයත් එයින් එකත්, විශේෂයෙන්ම ඉංග්‍රීසි පාලකයන් තමයි දෙමළ , සිංහල ගැටුම් ඇති කරේ (සාමාන්‍යය ජනතාව ගැන මම කියන්නේ)
අතීතයේ ලංකාවේ මිනිස්සු ජාතිවාදී වුනේ නෑ (දැනට සාපේක්ෂ ලෙස). අනෙක් එක බටහිරට දැන් බැන්නට වැඩක් නෑ අතීතය වෙලා ඉවරයි දැන් හැම දෙනාම තමන්ගේ ආකල්ප වල වෙනසක් ඇති කරගන්නවා නම්,හැම ජාතියේම ඉන්න අන්තවාදීන්ගේ මත ප්‍රතික්ෂේපකරලා බුද්ධිමත් විදියට හිතනවා නම් රට ඉදිරියට ගෙනියන එක අමාරු වැඩක් නෙවෙයි.. ඒ වගේම නිසි පාලකයෝ පත් කරගැනීමත් වටිනවා..
දැන් මෙතන තියෙන ප්‍රශ්ණය තමයි මුස්ලිම් මිනිසෙක් අන්තවාදි වෙනකොට අනෙක් මුස්ලිම් අය ඔහුට සහයෝගය දෙන එකයි තමන්ගේ ජාතිය කියලා, සිංහල මිනිසෙක් ජාතිවාදි වෙනකොට ඔහුට අනෙක් සිංහලුන් සහයෝගය දෙන එකයි තමන්ගේ ජාතියේ කියලා. නමුත් ඇත්තටම වෙන්න ඕනේ තමන්ගේ ජාතියේ කියලා මේ කියන අන්තවාදී පුද්ගලයන්ව ශුද්ධ කිරිම නොවේ මොවුන්ට කරුණු අවබෝධ කරලා අන්තවාදයට එරෙහිව පෙළගැහෙන්න පුලුවන් මානසිකත්වය ගොඩනගා ගැනීමට උදව් කිරිමයි, එහෙම බැරිනම් අතහැර දැමීමයි වෙන්න ඕනේ..