නිවන් දුටු හිමිගේ රුවන් පිළිරුව...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    නිවන් දුටු හිමිගේ රුවන් පිළිරුව...

    නිවන් දුටු හිමිගේ රුවන් පිළිරුව...

    මට කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැති ගීතයක් තියනවා...
    මට එ ගීතය නැවත මතක් උනා Ironwingz සහෝදරයා දලා තියන ත්‍රෙඩ් එක දැක්කාම...
    මේ බුදු පිළිමය මම මැතක දැකපු එවාගෙන් බොහොම ලස්සන එකක්,හරි ශාන්ත බාවයක් තියනවා...මේ රූපය දිහා ඔබගේ නෙත් යොමාගන මේ ගීතයට සවන් දෙන්න ඔබට යම් ශාන්තියක් ලැබෙයි...

    මෙන්න මේක
    ...

    Buddha statue at katunayaka Air Port

    422184_319329218163439_561156081_n.jpg

    578847_319329514830076_26084356_n.jpg

    නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
    හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
    අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
    දෙසා වදහල මැනවි බුදු බණ

    මහා කරුණාවෙන්
    මහා කරුණාවෙන්

    ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
    ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා
    එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා

    මහා කරුණාවෙන්
    මහා කරුණාවෙන්

    මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට
    මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට
    මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ

    නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
    හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
    අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
    දෙසා වදහල මැනවි බුදු බණ

    මහා කරුණාවෙන්
    මහා කරුණාවෙන්

    ගායනය - වික්ටර් රත්නායක
    පදරචනය - ප්‍රේමකිර්ති ද අල්විස්

    Mediafire Link

    තෙරුවන් සරණයි!!!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    නියම සින්දුව මචන් ... රේමකිර්ති ද අල්විස් වැනි ගීත රචකයො තව තවත් බිහි වේවා

    මට ප්‍රෙමකීර්ති මහත්තයාගේ ගීතයක් අහනකොට හරිම දුකක් එනවා සහෝ එත් එක්කම කෙන්තියක් යනවා අර ජප්පොත් එක්ක,බලන්න කොච්චර සොඳුරු මිනිසෙක් ද අපිට අහිමි කලේ, ප්‍රෙමකීර්ති කියන්නෙ රස ගඟුලක්,බස් ටිකට් වලත් සින්දු ලියනවාලු නේ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට ප්‍රෙමකීර්ති මහත්තයාගේ ගීතයක් අහනකොට හරිම දුකක් එනවා සහෝ එත් එක්කම කෙන්තියක් යනවා අර ජප්පොත් එක්ක,බලන්න කොච්චර සොඳුරු මිනිසෙක් ද අපිට අහිමි කලේ, ප්‍රෙමකීර්ති කියන්නෙ රස ගඟුලක්,බස් ටිකට් වලත් සින්දු ලියනවාලු නේ...

    :yes::yes::dull:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ සින්දුව තමා මටනම් වික්ටර් රත්නායක ශුරීන් කියන ලස්සනම සින්දුව
    පද රචනය නම් ඇත්තටම උසස්
    තව සින්දුවක් තියෙනවා වික්ටර් රත්නායක කියන " දෙව්රම් වෙහෙරේ ඔබ වැඩ හිටි සමයේ"
    එකේ පද රචනයනම් කවුද කියල දන්නේ නම් නැහැ
    එත් මේ වගේ සින්දු නම් ආයේ කවදාවත් නම් නිර්මාණය වෙන එකක් නම් නැහැ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මේ සින්දුව තමා මටනම් වික්ටර් රත්නායක ශුරීන් කියන ලස්සනම සින්දුව
    පද රචනය නම් ඇත්තටම උසස්
    තව සින්දුවක් තියෙනවා වික්ටර් රත්නායක කියන " දෙව්රම් වෙහෙරේ ඔබ වැඩ හිටි සමයේ"
    එකේ පද රචනයනම් කවුද කියල දන්නේ නම් නැහැ
    එත් මේ වගේ සින්දු නම් ආයේ කවදාවත් නම් නිර්මාණය වෙන එකක් නම් නැහැ

    දෙව්රම් වෙහෙරේ කියන සිංදුව ලිව්වෙත් ප්‍රෙමකීර්ති මහත්තයා සහෝ,ඔව් අයෙත් මෙවාගේ එවා නම් කොහොමත් බිහි වෙන්නෙ නැ සහෝ,අපිට හිටපු හොඳ ගීත රචකයෝ තමා මහගම සේකර,මඩවල එස් රත්නායක,කරුණාරත්න අබේසේකර,ප්‍රෙමකීර්ති ද අල්විස්,ක්ලැරන්ස් විජේවර්ධන වගේ අය තවත් එ අය නැ...අයෙත් එ අය වගේ අය මේ සමාජයෙන් බිහි වෙයි කියලා හිතන්නත් බැ...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දෙව්රම් වෙහෙරේ කියන සිංදුව ලිව්වෙත් ප්‍රෙමකීර්ති මහත්තයා සහෝ,ඔව් අයෙත් මෙවාගේ එවා නම් කොහොමත් බිහි වෙන්නෙ නැ සහෝ,අපිට හිටපු හොඳ ගීත රචකයෝ තමා මහගම සේකර,මඩවල එස් රත්නායක,කරුණාරත්න අබේසේකර,ප්‍රෙමකීර්ති ද අල්විස්,ක්ලැරන්ස් විජේවර්ධන වගේ අය තවත් එ අය නැ...අයෙත් එ අය වගේ අය මේ සමාජයෙන් බිහි වෙයි කියලා හිතන්නත් බැ...

    බොහොම ස්තතියි සහෝ
    ඇත්තටම අද කලේ හොද ගායකයොත් නැහැ
    හොද ගීත රචකයොත් නැහැ