ටාබු මළේය!

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටාබු මළේය!
    එය සුවිශේෂ මරණයකි
    d3-1.jpg


    ටාබු මිය ගිහින්. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 55 යි. නීනා මෝගන් නමැති 89 හැවිරිදි කාන්තාව සෝ සයුරේ ගිල්වාලමින් සිදුවූ ටාබුගේ මරණයට ලොව පුරා ජනමාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක්‌ ලැබූණා.

    කවුද මේ ටාබු? ඔහුගේ මරණය මෙපමණ වැදගත් වන්නේ ඇයි?

    ටාබු කියන්නේ ගිරවෙක්‌. ඔහු හිටියේ ලන්ඩනයේ ගෙදරක. සමහරවිට ලොව වැඩිම කලක්‌ ජීවත් වූ ගිරවා වෙන්නත් පුළුවන්. ටාබු කෑවේ චොක්‌ලට්‌ හා බිස්‌කට්‌ විතරයි. හැම රැයකම කූඩුවේ සිටම Emarald සහ Coronation St යන රූපවාහිනි මාලා නාටක නැරඹීම ඔහුගේ පුරුද්ද. නීනා මෝගන් ගේ මතයට අනුව ටාබු මෙපමණ කලක්‌ ජීවත් වුණේ චොක්‌ලට්‌ නිසයි. රූපවාහිනිය නිසා ටාබුගේ ජීවිතය විවිධත්වයට පත් වුණාලු·
    ඉතිහාසයක්‌a ඇති ගිරවෙකු ලෙස ටාබු හඳුන්වන්නට පුළුවන්. ඔහු උපදින්නේ ටැක්‌සානියාවේ. මුලින්ම ඔහු ජිවත්වෙන්නේ සතුන් වෙළෙ¹ම් කරන මිනිසකු ළඟ. ඒ 1957 දී ඊළඟට ඔහු එංගලන්තයට එනවා, මෝගන් මහත්මිය සහ ඇගේ සැමියා සමග. මේ අතර දිනක්‌ ඔහු පැන යනවා. පොලිස්‌ අත්අඩංගුවටත් පත් වෙනවා.

    මේ ගිරවා කතා කරන කුරුල්ලෙක්‌. "චෙරියෝ, බායි, See you Soon (නැවත හමුවෙමු) යනුවෙන් ඇය මෝගන් මහත්මිය නිවසින් පිටව යන විට කියනවා. බල්ලන් දකින විට "බුෆ් - බුෆ්" ගෑමත් පූසන් දකින විට "මියාව් - මියාව්" කීමටත් ටාබු පුරුදුව සිටියා.

    මෝගන් මහත්මිය වියපත් වන විට කන් නෑසී ගියා. පිටස්‌තරයෙක්‌ ගෙදරට ආ විට විදුලි සීනුව නාදකළත් ඇයට එය ඇසෙන්නේ නැහැ. එවිට ටාබු ඇයට ඇසෙන ලෙස කන් කීරි ගැසෙන හඬින් කෑ ගසනවා.

    අවුරුදු පනස්‌ හයක්‌ තිස්‌සේ තම දරුවකු මෙන් තමා ළඟ සිටියාවුත් 1985 දී සිය සැමියා මළ පසු තම එකම හිතවතා ලෙසත් තමා සමඟ සිටියාවුත් මේ අපූරු ගිරවාගේ මරණයද දැරීමට මෝගන් මහත්මියට ඉතා දුෂ්කර වූහ. ඇය දෙදිනක්‌ ආහාරත් නැතිව හැඬුවා.
    d3.jpg

    මෙයට වසර 55 කට පෙර ටාබු මිලට ගන්නා විට මෝගන් යුවළ පදිංචිව සිටියේ ටැක්‌සානියාවේ ඩර් එස්‌ සලාම් නගරයේ. ඒ 1955 දී. ටාබු ගත්තේ මෝගන් යුවළගේ පුතා වන 8 හැවිරිදි ක්‍රිස්‌ටෝපර්ට තෑග්ගක්‌ ලෙසයි. ඒ කාලයේදී මෝගන් මහත්මිය ගුවන් යානා ඉංජිනේරුවරියක්‌. ඇගේ සැමියා ටැන්සානියාවේ ජනාධිපති ජූලියස්‌ නියරෙ රේ මහතාගේ පෞද්ගලික ගුවන් නියමුවා.

    1970 දී ක්‍රිස්‌ටෝපර් ටැනිසානියාවේදී රිය අනතුරකින් මියයනවා. 1985 දී මෝගන් යුවල ටාබුත් රැගෙන මව් බිම වූ එංගලන්තයේ පදිංචියට එනවා.

    "අප කවදාවත් ටාබුට කතා කරන්නට ඉගැන්වූයේ නැහැ. එයා නිකම්ම කතා කරන්න ඉගෙන ගත්තා. අප එයාව මිලට ගන්න විට හරියට පිහාටු හැදිලත් නැහැ..........." මෝගන් මහත්මිය කියනවා.

    ටාබු මිය ගිය මූසල දවසට පෙරදින රැයේ මෝගන් මහත්මිය නින්දට යනවිට පුරුදු පරිදි "චෙරියෝ" කියමින් ටාබු සුබ පැතුවා. "ඒ තමයි ඔහුගේ අවසන් වචන......" මෝගන් මහත්මිය හඬමින් කියනවා.

    පසු දින ඇය ටාබු බලන්නට එනවිට ඔහු වෙනදා කියන Good Morning වෙනුවට සිහින් හඬින් කෙඳිරි ගෑවා. ටාබුට සනීප නැහැ වගේ යෑයි සිතමින් මෝගන් මහත්මිය මුළුතැන්ගෙට යන්නේ ටාබුගේ වයසට සුදුසු ජීරණය වීමට පහසු විශේෂ බිස්‌කට්‌ අඩංගු අසුරණයෙන් බිස්‌කට්‌ එකක්‌ ගෙන එන්නයි. ඇය එන විට ටාබු කූඩුව තුළම මිය ගිහින්.

    "එයා මට හරිම ආදරෙයි. මට හැම උදේ වරුවකම Hello my Darling - good Morning කියා කියනවා. එහෙත් එදා ඒ කිසිවක්‌ කියා ගන්න ටාබුට බැරිවුණා." ඇය යළිත් හඬා වැටුණා.

    වඩා හොඳ සතුන්ද නැත්නම් මිනිසුන්ද? මේ කතාවේ හැටියට පෙනෙන්නේ සතුන් හොඳ බවයි. ටාබු වියපත්ව රෝගීව පසුදා එළිවනතුරු පණ අල්ලාගෙන සිටියේ තම ආදරණීය ස්‌වාමි දුව වූ නීනා මෝගන්ට කුඩා කෙඳිරීමක්‌ වුව කරන්නටයි.

    http://www.divaina.com/2012/09/30/diyaga02.html
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොහොමත් මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි. උන් කලගුන දන්නවා, උන් කපටි නෑ. හැබැයි මිනිස්සු කන්න දුන්න අතත් හපාකනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :(:(:(
    එක ත්‍රේඩ් එකක් දාලා සතියනකින් අනික දාපන් නෑත්තම් රෙප් දෙන්න බැ බන්:(:(:(.
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    කොහොමත් මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි. උන් කලගුන දන්නවා, උන් කපටි නෑ. හැබැයි මිනිස්සු කන්න දුන්න අතත් හපාකනවා