මෝඩ බෞද්ධයන් දේව ඇදහිල්ලට සහ යාඥා වලට යොමු වීම ගැන මගේ ත්‍රෙඩ් කියවා ඇත්දැයි නොදනිමි. මෙන්න මගෙන් තවත් ත්‍රෙඩ් එකක්. කොටු කොළ සහ සාත්තර කාරයන් ගෙන් අනාගතය ගැන අසා, බලි තොවිල්, තඹ තහඩු, අත්පා බහුල කොන්ක්‍රීට් බලි රුප, යාඥා, මන්තර, ආදියෙන් පිහිට පතන ජනප්‍රිය වර්ගයේ මෝඩ බෞද්ධයා නිසා අද සිදුව ඇත්තේ කුමක්දැයි ඔබට පෙන්වමි. ඉහත ආකාරයේ සියලු මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවන් නිසා දෙවියන් ඇදහීම ගැන නිවසින් ලැබුන මූලික අධ්‍යාපනය නිසා අද සිදුව ඇත්තේ මෙයයි. හොඳට බලන්න. පළමුව ඇස් දෙකෙනුත් ඉන් පසු මොලයෙනුත්.


