මට නොලැබුනත් ඔයාගෙ ආදරේ මගේ හදවතේ හැමදාමත් රැදිලා තියෙයි...
ඔයාට මං හදවතින්ම සුභ පතනවා![]()
රන්මසු රන් කිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා . . . ආවා සොයා . . . ආවා සොයා ආදරේ
දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද
ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ
හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ
ආවා සොයා . . . ආවා සොයා . . . ආවා සොයා ආදරේ
ලස්සන මල් දහසක් අතරින්
ඔබගේ දසුන පෙනේ
කුංකුම චන්දන සුවඳ මැදින්- ඔබගේ සුවඳ දැනේ
මා ළයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවේ
කල්ප ගණන් එකතුව උන්සේ
නිරතුරු මට වැටහෙයි
අල්පයකුදු ඔබ ළග නැතිනම් කල්පය
ලෙස තේරෙයි
ජීවිතේ මිහිරි බැව් හැෙඟන්නෙ ඔබෙන් තමා


සෙබලානනේ ඔබ මැරුණා නොවේ...
කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ