2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සසලිට් සහෝදරය වැඩසටහන නියමෙට කළා අද. කිඹුල් අයියගෙ වැඩසටහන නැතිවීම අඩුවක් වුණත් අපේ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් ඒ වැඩසටහනේ කාලයත් ‍යොදාගනිමින් අපූරු වැඩසටහනක් කළාට බොහොමත් ම ස්තූතියි. හැමෝ ම සංවේදීව හා දැනුමෙන් පෝෂිතව ගීත වින්දනය කළා කියල හිතනව. මං හිතන්නෙ ඒක පසුව අපේ ත්‍රේඩ් එකේ හිටපු අය ඉල්ලපු ගීත තුළින් ම පැහැදිලි වෙනව. ජීටී අයිය ඇතුළු සියලුම සයිට් එක වෙනුවෙන් මහන්සිවෙන අයටත් ස්තූතියි. ඒ වගේ ම එළකිරි රේඩියෝ ටීම් එකේ මහන්සිය අගය කළ යුතුම දෙයක් හැමදාම වගේ. ත්‍රේඩ් එකේ හිටපු අයත් හරබර කතා, විහිලු තහලු මතින් ඉතාම වේගයෙන් පෝස්ට් දමමින් මේ වැඩසටහන එළිය කරන්න මහඟු දායකත්වයක් සැපයුව. ‍ත්‍රේඩ් එකේ රැඳී නොසිටියත් රේඩියෝ අහන අයත් ඉන්න එක වටින දෙයක්. එයාලත් මේ වැඩසටහනින් අපි වගේ ම දැනුමක්, විනෝදයක්, වින්දනයක් ලබන්න ඇති. අවසානයේ ඉතින් හැමෝගෙ ම එකමුතුව අලංකාර වැඩසටහනකට මඟ හසර පෑදුව කියල කියන්න පුළුවන්.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    මමත් යනවා මචංලා...ලබන සතියෙ සෙට් වෙමු...good night..:cool::):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිරුගේ ලොවේදී

    හිරුගේ ලොවේදී
    අපි වෙන්වෙමු
    සඳුගේ රැයේදී
    යළි හමුවෙමූ
    යළි වෙන්වෙමූ//

    සැකයේ වෙලීලා
    උදයේ හවා
    රැකවල් නැගේ
    අප වටා
    ගොලුවී මුවා ගී මිනූ

    අඳුරේ වෙලීලා
    ළය සීතලේ
    සිහිනේ උනදෝ ලොවේ
    මුමුණා හිනා සීරුවෙන්....

    ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    දැන් නම් හරි අමාරුයි
    එහෙනම් මාත් යනවා යාලුවනේ
    සස්ලිට් අයියා නියමයි අද ෂෝ එක
    නියමටම කරා
    ඒ වගේම ජීටී අයියා,බ්ලැකා අයියා,දිලා,රුෂාන් මෙකි නොකී රේඩියෝ ටීම් එකේ හැමෝටමත් ජයෙන් ජය
    සුබ රැයක්
    බුදු සරණයි
     
    Status
    Not open for further replies.