සසලිට් සහෝදරය වැඩසටහන නියමෙට කළා අද. කිඹුල් අයියගෙ වැඩසටහන නැතිවීම අඩුවක් වුණත් අපේ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් ඒ වැඩසටහනේ කාලයත් යොදාගනිමින් අපූරු වැඩසටහනක් කළාට බොහොමත් ම ස්තූතියි. හැමෝ ම සංවේදීව හා දැනුමෙන් පෝෂිතව ගීත වින්දනය කළා කියල හිතනව. මං හිතන්නෙ ඒක පසුව අපේ ත්‍රේඩ් එකේ හිටපු අය ඉල්ලපු ගීත තුළින් ම පැහැදිලි වෙනව. ජීටී අයිය ඇතුළු සියලුම සයිට් එක වෙනුවෙන් මහන්සිවෙන අයටත් ස්තූතියි. ඒ වගේ ම එළකිරි රේඩියෝ ටීම් එකේ මහන්සිය අගය කළ යුතුම දෙයක් හැමදාම වගේ. ත්‍රේඩ් එකේ හිටපු අයත් හරබර කතා, විහිලු තහලු මතින් ඉතාම වේගයෙන් පෝස්ට් දමමින් මේ වැඩසටහන එළිය කරන්න මහඟු දායකත්වයක් සැපයුව. ත්‍රේඩ් එකේ රැඳී නොසිටියත් රේඩියෝ අහන අයත් ඉන්න එක වටින දෙයක්. එයාලත් මේ වැඩසටහනින් අපි වගේ ම දැනුමක්, විනෝදයක්, වින්දනයක් ලබන්න ඇති. අවසානයේ ඉතින් හැමෝගෙ ම එකමුතුව අලංකාර වැඩසටහනකට මඟ හසර පෑදුව කියල කියන්න පුළුවන්.