එලකිරි කොල්ලාගේ Ducatis ගැන thread දක්කම මටත් හිතුනා Ducati Technology එක ගැන කියන්න...
Ducati බයික් ප්‍රසිද්ධ වෙන්න හේතුව තම බයික් Cornering වලදි හැසිරෙන ආකාරය... මම මුල ඉන්දන්ම පට්ට්ටාන් ගන්නම් කෝ...
බයික් එකක් ගන්නකොට සුද්දෝ බයික් එකේ බලන දෙයක් තමා ව්‍යාවර්තය (Torque) සහ බලය (Power) කියන දෙක.. (අපේ කොල්ලොන්ට නම් ඕව ඕන නෑ... ලීටරයක් ගහලා ලංකාව වටේ ගිහින් එන්ට තිබ්බා නම් ඇති

...) ඔන්න මන් මට පුලුවන් සරලම විදියට Physics උගන්නන්න යන්නෙ...
ව්‍යාවර්තය:
අපෙ කොල්ලෝ දොර වල් එහෙම ඇරල ඇති නේ කලින්...( දොරේ හිලෙන් බලපුවා මතක් වෙනව නේ..මං කියන්නෙ ඒ ගන නෙමේ.....
)දොරේ ලොක් එක අරින්න අපි ලොක් එකට ලබා දෙන්නේ ඔය කියන ව්‍යාවර්තයක් තමා...
එහෙමත් නැත්තම් කොහේ හරි වාහනේක ගමනක් ගිහින් පැච් ගිය වෙලාවක ටයර් මාරු කරලා අති නේ..( ඔව් ඔව්.. වල් ගමන් ගිහිනුත් වෙලා ඇති ) කොහොමහරි ටයරේ මරු කරන්ට වීල් බ්‍රෂ් එක දාලා නට් එකට වීල් බ්‍රෂ් එක හරහා දෙන්නෙත් වයාවර්තයක් තමා...
ඔය කියන ව්‍යාවර්තය අපි ලබා දෙන්නෙ මොකක් හරි ලක්ෂ්‍යයකට...ටයර් මරු කරන වෙලා වෙදි නට් එකට.. දොර අරිනකොට ලොක් එක සෙට් වෙන තැනට..
මේ පොටෝ එක බලපල්ලාකෝ.. අර නට් එකට spanner එක හරහා කෙලවරින් රාත්තල් 200ක බලයක් දෙනව... Spanner එක අඩි2 ක් දිගයි. එතකොට නට් එකට හම්බෙන ව්‍යාවර්තය කීයද? ඒක හොයන්නේ මෙහෙම..
ව්‍යාවර්තය = බලය x නට් එකට තියෙන දුර (ඇත්තටම මේක ලම්ඹ දුර වෙන්ට ඕන..)
එතකොට,
ව්‍යවර්තය = 200 රාත්තල් x 2 අඩි = 400 රාත්තල් අඩි...
මේවා නිව්ටන් වලිනුයි මීටර් වලිනුයි මැන්නොත් උත්තරේ නිව්ටන් මීටර් වලින් එනව...
මන් හිතනවා දැන් ව්‍යාවර්තය එක ගැන පොඩි අදහසක් ඇති කියලා... දැන් අපි බලමු මේක කොහොමද එන්ජිමට මූට්ටු කරන්නෙ කියලා.. මේ පොටෝ එක බලාපල්ලාකෝ..
හැමෝම දන්නවනේ එන්ජිමට බලය හම්බෙන්නේ පෙට්‍රොල් සහ වායු මිශ්‍රණය දහනය කරලා කියලා.. (ඒක දන්නෙ නැත්තම් අම්මගෙන් සූප්පුවක් ඉල්ලගෙන ආපහු මොට්ටසෝරි ගියොත් හොදා..)ඔය මිශ්‍රණය දහනය කරාම ඇති වෙන පීඩනය හින්ද තම පිස්ටන් එක පහල යන්නෙ...
රත්තරං අය්යගෙ මේ නූල බැලුවොත් හොදා..
http://www.elakiri.com/forum/showthread.php?t=1364223
ඔය කිව්ව පීඩනය මගින් තමා පිස්ටන් එකට බලය හම්බෙන්නෙ..
පිස්ටන් එක මත බලය (F) = පීඩනය (P) x පිස්ටන් එකේ වර්ග ඵලය (A)
ඔන්න මන් ලේසියෙන් මතක තියා ගන්න අකුරු ටිකක් දැම්මා..
දැන් තමා අමාරු ටික.. කට්ටියටම පොටෝ එක බලුවාම පේනවා ඇති STROKE කියලා එකක් පෙන්නලා තියෙනවා.. ඒ කියන්නෙ සිලින්ඩරේ අතුලෙ පිස්ටන් එක එහෙට මෙහෙට යන දුර..
දැන් බලපල්ලා මන් ඉස්සර වෙලා කිව්ව ව්‍යාවර්තය ගනන් කරපු විදියට මේකෙත් ව්‍යාවර්තය ගනන් කරන්න පුලුවන් කමක් තියෙනවා.. ඒ මෙහෙම,
ව්‍යාවර්තය = බලය x STROKE එක
ඒ කියන්නෙ එන්ජිමේ ඔය කියන ව්‍යාවර්තය රදා පවතින්නෙ බලය සහ STROKE එක මත..(තව තව දේවල් තියෙනව ඕක තීරනය වෙන..දැනට ඔය ඇති..) එතකොට,
1. ව්‍යාවර්තය වැඩි කර ගන්න නම් බලය හෝ STROKE එක වැඩි කරන්ට ඕන..
2. බලය වැඩි කරනව නම් පීඩනය හෝ පිස්ටන් එකේ වර්ග ඵලය වැඩි කරන්න ඕන..
3. පීඩනය වැඩි කරනවා නම් දහනය කරන පෙට්‍රෝල් ප්‍රමානය වැඩි කරන්ට ඕන.. (අනේ... අපිට ඕකනේ කරන්ට බරිම වැඩේ...)
එහෙනම් ඉතින් කොරන්ට තියෙන එකම දේ Stroke එක වැඩි කරන එක..
ඔන්න දැන් එනව Ducati වලට... Ducatis වල වඩිපුරම පාවිච්චි කරන්නේ සිලින්ඩර් දෙකේ වී (V) හැඩේට ටියෙන එන්ජින්..
ඒ උනාට ජපන්කාරයා රේස් පදින ඒවට පාවිච්චි කරන්නෙ එක පෙලට ටියෙන (Inline) සිලින්ඩර් 4 එන්ජින්...
දැන්...
අපි ගමු 1000cc ජපන් සහ ඩුකාටි බයික් දෙකක්...(Yamaha R1 and Ducati 999R)
ඩුකාටි එකේ තියෙන්නේ සිලින්ඩර් දෙකක් නිසා එයාගේ Stroke එක යමහා එකේ එන්ජින් එකේ Stroke එකට වඩා වැඩිවෙන්න ඕනනේ... එතකොට අපි කලින් බලපු විදියට බැලුවම වැඩි ව්‍යාවර්තයක් හම්බෙන්නෙ ඩුකාටි එකට..
ඉතින් ඒකේ ව්‍යාවර්තය වැඩි උනාම අපිට අලද???
අල නෑ... අල නෑ... දැන් තමා සෙල්ලම් පෙන්නන්නේ...
ඔන්න අපි වංගුවක් ගන්නවා...අපි වංගුවක් ගන්නකොට slow කරනවනේ... එතකොට එන්ජින් එකේ rpm බහිනවා... දැන් වන්ගුව ඉවරයි... ආපහු ඇක්ස්ලේටරේ මිරිකනවා කෙලවරටම... එන්ජිම slow උන වෙලවේ පෙට්‍රොල් සහ වායු මිශ්‍රනය සිලින්ඩරය අතුලට පිරෙන්න වෙලාව තිබ්බට වැඩි වෙනකොට වෑල් ඇරිලා තියෙන වෙලාව අඩු වෙන හින්දා පිරෙන්නෙ ටිකයි...
මදෑ කොරා...
මන් කලින් කිව්ව විදියට පිස්ටන් එකට හම්බෙන පීඩනය පෙට්‍රොල් ප්‍රමානය අඩු උනාම අඩු වෙනවනේ... ඔන්න බලය ටික ටික අඩු වෙනවා...(දුක තමා ..
)
ඔන්න දන් තමා ඩුකාටි අය්යා වැඩ පෙන්නන්නේ.. මුගේ ස්ට්‍රොක් එක යමහා එකට වඩා වැඩියිනේ... දෙන්නටම පෙට්‍රොල් දහනයෙන් හම්බෙන පීඩනය අඩු උනාට ඩුකාටි යෙ Stroke එක වැඩි නිසා අනිකට වඩා මුගේ ව්‍යාවර්තය වැඩියි.. ව්‍යාවර්තය වැඩියි කියන්නෙ ඉතින් මුගෙ Acceleration වැඩියි... මූ වන්ගුව ගත්ත ගමන් විදිනවා යමහා එක බලන් ඉන්දැද්දිම...
(වෙච්ච දේ තේරුනේ නැත්තම් ආයෙම හෙමීට කියවහන්කෝ....)
ඔන්න ඕකයි ඩුකාටි වලට සුද්ද ලව් කොරන්ට හේතුව... එතකොට යමහා, කවසාකි, සුසුකි වලට මොකද වෙන්නෙ?? උනුත් අතාරින්නෙ නෑ වැඩේ.. උන්ගෙ ස්ට්‍රොක් එක කොට හින්දා උන්ගෙ පිස්ටන් එක පට පට ගලා උඩට පහලට යනවා... ඒ කියන්නෙ ඉතින් rpm එක වැඩියි කියන එකනේ... ඔය අශ්ව බල කියලා මනින එක මනින්නෙ මෙහෙම...
අශ්ව බලය = ව්‍යාවර්තය x rpm ÷ 5252
දැන් පේනවනේ මුගෙ ව්‍යාවර්තය අඩු උනාට වැඩි නිසා (ස්ට්‍රොක් එක කොට නිසා) අශ්ව බලය වැඩියි කියල.. අශ්වබලය වැඩියි කියන එකෙ තේරුම තමා Top Speed වඩියි කියන එක... අන්න ඩුකාටි එකට කෙල වෙන තැන... කෙලින් පාරක් අහු උනම ඩුකාටි එකට දෙයියන්ගෙම පිහිටඉ... අරූ යනව ජෙට් එක වගේ...
ඔන්න ඕකයි කතාව... ටයිප් කරලා මහන්සියි මචන්ස්ලා....ඇනුම්, බැනුම්, ගල්, ප්‍රශ්න මුල් සියල්ල බාර ගනු ලැබේ.
එහෙනම් අපි ගියා...
ජය වේවා!!!!
Ducati බයික් ප්‍රසිද්ධ වෙන්න හේතුව තම බයික් Cornering වලදි හැසිරෙන ආකාරය... මම මුල ඉන්දන්ම පට්ට්ටාන් ගන්නම් කෝ...
බයික් එකක් ගන්නකොට සුද්දෝ බයික් එකේ බලන දෙයක් තමා ව්‍යාවර්තය (Torque) සහ බලය (Power) කියන දෙක.. (අපේ කොල්ලොන්ට නම් ඕව ඕන නෑ... ලීටරයක් ගහලා ලංකාව වටේ ගිහින් එන්ට තිබ්බා නම් ඇති

...) ඔන්න මන් මට පුලුවන් සරලම විදියට Physics උගන්නන්න යන්නෙ...ව්‍යාවර්තය:
අපෙ කොල්ලෝ දොර වල් එහෙම ඇරල ඇති නේ කලින්...( දොරේ හිලෙන් බලපුවා මතක් වෙනව නේ..මං කියන්නෙ ඒ ගන නෙමේ.....
)දොරේ ලොක් එක අරින්න අපි ලොක් එකට ලබා දෙන්නේ ඔය කියන ව්‍යාවර්තයක් තමා... එහෙමත් නැත්තම් කොහේ හරි වාහනේක ගමනක් ගිහින් පැච් ගිය වෙලාවක ටයර් මාරු කරලා අති නේ..( ඔව් ඔව්.. වල් ගමන් ගිහිනුත් වෙලා ඇති ) කොහොමහරි ටයරේ මරු කරන්ට වීල් බ්‍රෂ් එක දාලා නට් එකට වීල් බ්‍රෂ් එක හරහා දෙන්නෙත් වයාවර්තයක් තමා...
ඔය කියන ව්‍යාවර්තය අපි ලබා දෙන්නෙ මොකක් හරි ලක්ෂ්‍යයකට...ටයර් මරු කරන වෙලා වෙදි නට් එකට.. දොර අරිනකොට ලොක් එක සෙට් වෙන තැනට..
මේ පොටෝ එක බලපල්ලාකෝ.. අර නට් එකට spanner එක හරහා කෙලවරින් රාත්තල් 200ක බලයක් දෙනව... Spanner එක අඩි2 ක් දිගයි. එතකොට නට් එකට හම්බෙන ව්‍යාවර්තය කීයද? ඒක හොයන්නේ මෙහෙම..
ව්‍යාවර්තය = බලය x නට් එකට තියෙන දුර (ඇත්තටම මේක ලම්ඹ දුර වෙන්ට ඕන..)
එතකොට,
ව්‍යවර්තය = 200 රාත්තල් x 2 අඩි = 400 රාත්තල් අඩි...
මේවා නිව්ටන් වලිනුයි මීටර් වලිනුයි මැන්නොත් උත්තරේ නිව්ටන් මීටර් වලින් එනව...
මන් හිතනවා දැන් ව්‍යාවර්තය එක ගැන පොඩි අදහසක් ඇති කියලා... දැන් අපි බලමු මේක කොහොමද එන්ජිමට මූට්ටු කරන්නෙ කියලා.. මේ පොටෝ එක බලාපල්ලාකෝ..
හැමෝම දන්නවනේ එන්ජිමට බලය හම්බෙන්නේ පෙට්‍රොල් සහ වායු මිශ්‍රණය දහනය කරලා කියලා.. (ඒක දන්නෙ නැත්තම් අම්මගෙන් සූප්පුවක් ඉල්ලගෙන ආපහු මොට්ටසෝරි ගියොත් හොදා..)ඔය මිශ්‍රණය දහනය කරාම ඇති වෙන පීඩනය හින්ද තම පිස්ටන් එක පහල යන්නෙ...
රත්තරං අය්යගෙ මේ නූල බැලුවොත් හොදා..
http://www.elakiri.com/forum/showthread.php?t=1364223
ඔය කිව්ව පීඩනය මගින් තමා පිස්ටන් එකට බලය හම්බෙන්නෙ..
පිස්ටන් එක මත බලය (F) = පීඩනය (P) x පිස්ටන් එකේ වර්ග ඵලය (A)
ඔන්න මන් ලේසියෙන් මතක තියා ගන්න අකුරු ටිකක් දැම්මා..
දැන් තමා අමාරු ටික.. කට්ටියටම පොටෝ එක බලුවාම පේනවා ඇති STROKE කියලා එකක් පෙන්නලා තියෙනවා.. ඒ කියන්නෙ සිලින්ඩරේ අතුලෙ පිස්ටන් එක එහෙට මෙහෙට යන දුර..
දැන් බලපල්ලා මන් ඉස්සර වෙලා කිව්ව ව්‍යාවර්තය ගනන් කරපු විදියට මේකෙත් ව්‍යාවර්තය ගනන් කරන්න පුලුවන් කමක් තියෙනවා.. ඒ මෙහෙම,
ව්‍යාවර්තය = බලය x STROKE එක
ඒ කියන්නෙ එන්ජිමේ ඔය කියන ව්‍යාවර්තය රදා පවතින්නෙ බලය සහ STROKE එක මත..(තව තව දේවල් තියෙනව ඕක තීරනය වෙන..දැනට ඔය ඇති..) එතකොට,
1. ව්‍යාවර්තය වැඩි කර ගන්න නම් බලය හෝ STROKE එක වැඩි කරන්ට ඕන..
2. බලය වැඩි කරනව නම් පීඩනය හෝ පිස්ටන් එකේ වර්ග ඵලය වැඩි කරන්න ඕන..
3. පීඩනය වැඩි කරනවා නම් දහනය කරන පෙට්‍රෝල් ප්‍රමානය වැඩි කරන්ට ඕන.. (අනේ... අපිට ඕකනේ කරන්ට බරිම වැඩේ...)
එහෙනම් ඉතින් කොරන්ට තියෙන එකම දේ Stroke එක වැඩි කරන එක..
ඔන්න දැන් එනව Ducati වලට... Ducatis වල වඩිපුරම පාවිච්චි කරන්නේ සිලින්ඩර් දෙකේ වී (V) හැඩේට ටියෙන එන්ජින්..
ඒ උනාට ජපන්කාරයා රේස් පදින ඒවට පාවිච්චි කරන්නෙ එක පෙලට ටියෙන (Inline) සිලින්ඩර් 4 එන්ජින්...
දැන්...
අපි ගමු 1000cc ජපන් සහ ඩුකාටි බයික් දෙකක්...(Yamaha R1 and Ducati 999R)
ඩුකාටි එකේ තියෙන්නේ සිලින්ඩර් දෙකක් නිසා එයාගේ Stroke එක යමහා එකේ එන්ජින් එකේ Stroke එකට වඩා වැඩිවෙන්න ඕනනේ... එතකොට අපි කලින් බලපු විදියට බැලුවම වැඩි ව්‍යාවර්තයක් හම්බෙන්නෙ ඩුකාටි එකට..
ඉතින් ඒකේ ව්‍යාවර්තය වැඩි උනාම අපිට අලද???
අල නෑ... අල නෑ... දැන් තමා සෙල්ලම් පෙන්නන්නේ...
ඔන්න අපි වංගුවක් ගන්නවා...අපි වංගුවක් ගන්නකොට slow කරනවනේ... එතකොට එන්ජින් එකේ rpm බහිනවා... දැන් වන්ගුව ඉවරයි... ආපහු ඇක්ස්ලේටරේ මිරිකනවා කෙලවරටම... එන්ජිම slow උන වෙලවේ පෙට්‍රොල් සහ වායු මිශ්‍රනය සිලින්ඩරය අතුලට පිරෙන්න වෙලාව තිබ්බට වැඩි වෙනකොට වෑල් ඇරිලා තියෙන වෙලාව අඩු වෙන හින්දා පිරෙන්නෙ ටිකයි...
මදෑ කොරා...

මන් කලින් කිව්ව විදියට පිස්ටන් එකට හම්බෙන පීඩනය පෙට්‍රොල් ප්‍රමානය අඩු උනාම අඩු වෙනවනේ... ඔන්න බලය ටික ටික අඩු වෙනවා...(දුක තමා ..
)ඔන්න දන් තමා ඩුකාටි අය්යා වැඩ පෙන්නන්නේ.. මුගේ ස්ට්‍රොක් එක යමහා එකට වඩා වැඩියිනේ... දෙන්නටම පෙට්‍රොල් දහනයෙන් හම්බෙන පීඩනය අඩු උනාට ඩුකාටි යෙ Stroke එක වැඩි නිසා අනිකට වඩා මුගේ ව්‍යාවර්තය වැඩියි.. ව්‍යාවර්තය වැඩියි කියන්නෙ ඉතින් මුගෙ Acceleration වැඩියි... මූ වන්ගුව ගත්ත ගමන් විදිනවා යමහා එක බලන් ඉන්දැද්දිම...

Last edited: