Wave-less Boat (Made in Sri Lanka)

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රළ නොනගින යාත්‍රාවක් අපේ හපනෙකු හදයි



    1018132445899.gif





    ජාත්‍යන්තර වෙළඳ පොළට යැවීමට තරම් සුදුසු රළ නොනගින යාත්‍රාවක් (Wave-less Boat) නිර්මාණය කිරීමට මෙරට නව නිපැයුම්කරුවෙකු සමත්ව තිබෙන අතර ලංකාව බිහිකළ අද්විතීය නව නිපැයුම්කරුවා වන රේ විජේවර්ධන මහතාගේ නාමයෙන් ඔහු සම්මානයට පාත්‍රවිය.

    රෝද දෙකේ ට්‍රැක්ටරය නව නිර්මාණයක් ලෙස ලොවට දායාද කළ අභාවප්‍රාප්ත රේ විජේවර්ධන මහතා සිහි කරමින් Ray Wijewardene Charitable Trust විසින් මෙරට නව නිපැයුම් කරුවන්ගේ කොමිසම සමග ඒකාබද්ධව මෙරට නව නිපැයුම් කරුවන් ඇගයීම සඳහා ‘The Ray’ award නමින් පළමු වරට මෙම සම්මාන ප්‍රදානය ඊයේ රාත්‍රියේදී කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණි.

    මෙහිදී 2012 වසර වෙනුවෙන් විශිෂ්ටතම නව නිර්මාණය ලෙසින් සම්මානයට පාත්‍රවූ මෙම රළ නොනගින යාත්‍රාව නිර්මාණය කළ කළුතර අයි.එස්.ඩබ්ලිව්. කරුණාතිලක මහතා සමඟ කල කෙටි පිළසඳරකි

    “මගේ සීයට මගී යාත්‍රා සේවයක් තිබුණා. ඒ කාලේ ලංකාවේ වඩාත් ජනප්‍රියව තිබුණේ මෙවැනි යාත්‍රා සේවා. පසුව ගොඩබිම ප්‍රවාහන සේවා දියුණු වුණාට පසුව මේවාට තිබුණු ජනප්‍රියත්වය අඩුවුණා.“

    “මම මෙවැනි යාත්‍රා සේවයක් ආරම්භ කිරීමට සූදානම් වෙද්දී නීතිමය බාධාවන් රැසක් ආවා. එකක් තමයි, මෙම යාත්‍රා වලින් නැගෙන රළ නිසා ගංගා ඉවුරු සේදී යාම, ජලජ ජීවීන් විනාශ වීම. මෙයට විසඳුමක් විදිහට තමයි මම මෙම රළ නොනගින යාත්‍රාව නිර්මාණය කළේ. රළ නැගීමට වැයවන බලයත් යාත්‍රාව ඉදිරියට ගමන් කරවීමට නව නිර්මාණයේදී යොදා තිබෙනවා. මේ නිසා, මෙයට අනිකුත් යාත්‍රා වලට වඩා වැයවන්නේ අඩු බලයක්.“

    යනුවෙන් කරුණාතිලක මහතා පැවසීය.

    ඉතාමත් තරගකාරී ලෙස පැවති 2012 ‘The Ray’ සම්මාන ප්‍රදානයේ විශිෂ්ටතම නිර්මාණය ලෙස මෙම නිර්මාණය තේරී පත්වීම පිළිබඳව කරුණාතිලක මහතා ඉමහත් සොම්නසකින් සිටිනු දැකගත හැකිවිය.

    “මගේ අරමුණ, මෙම යාත්‍රා නිර්මාණය කර අපනයන වෙළඳ පොළට යැවීමයි. මෙවැනි රළ නොනගින යාත්‍රාවක් ලෝකයේ ගොඩ නගපු පළමු වතාව මෙයයි. ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු වෙමින් තිබෙන නිසා යාත්‍රා ප්‍රවාහනය දියුණු කිරීමට මෙම යාත්‍රාව යොදාගත හැකියි. රජය විසින් මට නාගදීපයට මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට මේ වනවිට අවසර ලබාදී තිබෙනවා.“

    යනුවෙන් කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසූ අතර ඔහු වෙනුවෙන් මෙහිදී රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක්ද ප්‍රදානය කෙරුණි.

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය තිස්ස විතාරණ පැවසුවේ ලංකාව සිය අපනයන වලින් අධි තාක්ෂණික නිෂ්පාදන ලෙස යවන්නේ සියයට 02 ක් තරම් අඩු ප්‍රමාණයක් බවත් ජපානයේ එම ප්‍රමාණය සියයට 80 ඉක්මවන බවයි.

    ලංකාව අමු ද්‍රව්‍ය අපනයන කරන රටක් ලෙස ප්‍රචලිත වූ බවත් අවාසනාවකට මේ වනවිටත් තත්ත්වය එසේම බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.




    vimasuma
     

    jeromiz

    Member
    Jun 8, 2011
    151
    8
    0
    colombo
    this is not a new invention. catamaran boats were made early 60's and ofcourse it is very economic comparing to mono hull ships. please do not promote peaple unnecasarily if you do not know the factor. also you cannot define this as a wave - less boat since it will generating it's own wake when she is making her way over the water.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    this is not a new invention. catamaran boats were made early 60's and ofcourse it is very economic comparing to mono hull ships. please do not promote peaple unnecasarily if you do not know the factor. also you cannot define this as a wave - less boat since it will generating it's own wake when she is making her way over the water.

    :rolleyes: