S12 ICE to nanuoya

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ලංකාවට S12 ආව කියල ගොඩ දෙනෙක් දන්නවනෙ.නැවෙන් ගෙනත් බාන කොටම අපේ සජී ත්‍රෙඩ් එකකුත් දැම්මනෙ.:):)
    තවත් අය දාන්න ඇති.මම දැක්කෙ නෑ.කෝච්චි ගැන වැඩි උනන්දුවක් නැති අය නම් ඉතිං S12 කිව්වට දන්නෙ නෑ.ඒත් ප්‍රවෘත්ති වලට එහෙම දකින්න ඇතිනෙ අලුතෙන් නිල්පාට කෝච්චි වගයක් ගේනවා.:rofl::rofl:
    මුලින්ම ගෙනාවෙ S12 කට්ටල යොදා ගත්තෙ කැළණිවැලි මාර්ගයට.ඊට පස්සෙ තමයි උඩරට මාර්ගයට විශේෂයෙන්ම සැකසූ S12 කට්ටල ලංකාවට ආවෙ.උඩරට මාර්ගයේ සාර්ථක පරීක්ෂණ චාරිකාවකින් පස්සෙ ඔන්න ප්‍රථම වරට S12 බලවේග කට්ටල දුම්රියක් මගී දුම්රියක් විදිහට නානුඔය දක්වා ධාවනය කරන්න පටන් ගත්තා.ඒ පසුගිය 19 වෙනි සිකුරාද.:cool::cool:

    ඔන්න අහම්බෙන් වගේ ඒ ගමනට එක් වෙන්න අපිටත් අවස්ථාව ලැබුනා.අපි කිව්වෙ මායි කඩියයි.
    අපි වෙන ගමණක් ගිහින් අහම්බෙන් තමයි නානුඔයෙන් මේකට සෙට් වුනේ.;)
    එලකිරියෙ කෝච්චි කිව්වොත් ඉතිං පෙරේරනෙ.මේකත් එහෙමයි.මේ ත්‍රෙඩ් එකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕනෙ මිස්ට පෙරේරට.මෙහෙම එකක් එන බව එන වෙලාව හැම දෙයක්ම හොයල දීල හැමතිස්සෙම කෝල් කර කර අපිව මේකෙම එවන්න අපිට වඩා උනන්දු වුනේ පෙරා.:):)



    img3994h.jpg



    කෝච්චිය කොළඹින් 8.50 ට පිටත් වුණා කියල පෙරා කිව්ව.ආපහු නානුඔයෙන් පිටත් වෙන්න තිබුනෙ හවස 2.50 ට.අපි හවස 1 ඉඳන් බලා ඉන්නවා මූ එනකම් :rofl::rofl:

    නානුඔය ඔය වෙලාවෙ ඕක එනකම් බලං හිටියෙ අපි දෙන්න විතරමයි.:rofl::rofl:
    අලුත් එකක් හින්ද කවුරුත් දන්නෙත් නෑ.අනික හැමෝටම අපිට තරම් අමාරුවකුත් නෑ :lol::lol:


    img4003kw.jpg



    ඔය ඉන්න අතරෙ කඩියා උඩුපුස්සැල්ලා පාරෙ මාර්ක් එක හොයන්න පෙරාට කෝල් ගගහ මුලු ස්ටේසම වටේම ඇවිද්දා :rofl::rofl:

    img3999x.jpg



    ස්ටේසමකට වෙලා රේල්පාර දිහා බලං ඉන්න එකත් කොච්චර සැපක්ද :cool::cool:

    img3998i.jpg



    කෝච්චියෙ නිකං එක්ක යන්නෙ නෑනෙ.අපි ටිකට් ගත්තා :rofl::rofl:
    ආසාවට සහ ආයෙ කවද යන්නද කියල පලවෙනි පන්තියෙන්ම ගත්තා ඉතිං ;)


    img3993qk.jpg



    ඇස් නිල්වෙනකම් බලං ඉන්නවා බුවා නෑ.මෙතනින් මතු වෙන්න එපැයි කොයි වෙලේ හරි.:eek::eek:

    img4004mj.jpg



    ඔතනින් එහෙ මෙහෙ ගිය නිල්පාට ලොරි වලටත් දෙතුන් පාරක්ම රැවටුනා :lol::lol:

    ඔන්න අලුත් හෝන් සද්දයක් එක්ක මතු වුනා බඩු.:cool::cool:

    img4006wj.jpg



    විකාරෙන් වගේ ගත්තට මේව ඓතිහාසික පින්තූර.S12 දුම්රියක් මගී දුම්රියක් හැටියට නානුඔයට සේන්දු වෙන පලවෙනි අවස්ථාව.:cool::cool:

    img4008.jpg



    කොහොමද නිල :dull::dull:

    img4009p.jpg



    img4011q.jpg



    img4013y.jpg



    නානුඔයට කෝච්චි එන එක මැජික් එකක් නෙමෙයි.ඒත් එදා එතන හිටිය හැමෝටම මේක නම් මැජික් :):)

    img4014ua.jpg

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    කට්ටිය විකාරෙන් බලන් ඉන්නවා අපි විකාරෙන් ෆොටෝ ගහනවා :lol::lol:

    මොනව වුනත් මේකෙ මූලික අඩුපාඩුව තමයි පාපුවරුව.
    එනකොට එක්කෙනෙක් වැටුනත්ලු :(:(


    img4017m.jpg



    img4018b.jpg



    නැගල බලමුකෝ හැඩ ;)


    තාම පැකිං පිටිං :rofl::rofl:

    img4025ar.jpg



    මෙන්න තුන්වෙනි පංතියෙ ආසන.:)

    img4030c.jpg



    මේ තියෙන්නෙ දෙවෙනි පංතිය :):)

    img4031z.jpg



    img4032au.jpg



    මේකෙ විශේෂම මැදිරිය තමයි පලවෙනි පංතියේ මැදිරිය.ඒක වායුසමණය කරපු එකක් :cool::cool:

    img4038d.jpg



    img4037e.jpg



    ටීවීත් තියෙනවා

    img4078q.jpg



    කොහොමද මේව.ලංකාවෙ නෙමෙයි කියල හිතෙනවද :):)
    ඒත් ඉතිං මේව වැඩි කල් මෙහෙම තියෙයිද :sorry::sorry:


    img4034xz.jpg



    මේක උඩරට මාර්ගයට විශේෂයෙන් සකසපු හින්දා ඉදිරියට සහ පසුපසට එංජින් දෙකකින් යුක්තයි.
    img4023a.jpg



    ඔන්න දැං යන්න හදන්නෙ අපි වාඩිවෙලා :rofl::rofl:

    img4053y.jpg



    ඔන්න අපි S12 එක්ක ගමනේ :cool::cool:

    img4042nc.jpg



    පලවෙනි පන්තියේ තියා කොහේ ගියත් අපි ආස ෆුට්බෝඩ් යන්නනෙ.අනික ෆොටෝ ගහන්න පලවෙනි පංතියෙ ඉඳන් බෑ වීදුරු අරින්න බෑනෙ :rofl::rofl:

    img4057pd.jpg



    img4058zj.jpg



    අපි එනකම් උඩරට මැණිකෙ බලං ඉන්නවා.

    img4060e.jpg



    මේ දුම්රිය නගරාන්තර දුම්රියක්. එදා නම් නැවැත්තුවෙ තලවකැලේ,හැටන්,නාවලපිටිය,ගම්පොල,පේරාදෙණීය,නුවර,ගම්පහ,කොළඹ.
    ඕව පස්සෙ වෙනස් වෙන්නත් පුලුවන්.:):)


    මහා වැස්ස හින්ද ඔතනින් පස්සෙ පින්තූර ගත්තෙ නම් නෑ.
    කොහොම වුනත් මේ දුම්රිය දිනපතාම ධාවනය වෙනවා.:yes::yes:
    නුවරඑළියන්න නම් කියාපු භාණ්ඩේ.:cool::cool:
    ඔයගොල්ලොත් ගිහින් බලන්න.
    පලමු පංතියේ සහ දෙවෙනි පංතියේ එක මැදිරියක ආසන කලින් වෙන් කරන්න පුලුවන්. :yes::yes:
    එහෙනම් අදට නැවතුනා ජය වේවා :):):)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අෆ්ෆටසිරි කිව්වලු මෙය එහෙනම් වැඩේට බැහැලා..... මරු මරු උඹලා දෙන්නට නියම චාන්ස් එකක්නේ ලැබිලා තියෙන්නේ...... (පෙරාට පිං දීපල්ලා මේ කරගත්තු පින්බල මහිමයෙන් ලබන ආත්මෙත් පෙරා කොච්චියක්ම වෙයං කියලා..... :lol::lol::lol:)

    මටත් පොඩි ආඩම්බරයක් ආවා ලාවට වගේ මොකද මෙයා ලංකාවට ගොඩබහිනවා මුලින්ම මමනේ හතරවටේ ප්‍රසිද්ධ කලේ.... :cool: