හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ පැත්ත පලාතෙ එන්න බැරි වුණා රේඩියෝ කරුමාන්තෙ නිසා................:dull:
    මේ මාසෙත් ගෙවිල ගිය දෙන්................ඔන්න ඔහොම..................
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    විරහවේත් පුදුම රහක් නොවෑ තියෙන්නේ!

    අමරණීයම රිදුම ජීවිතයේ
    මා ඔබෙන් ලද..
    ආදරේ..

    මතකයේ කටු තුඩ ඈනී ලය පාරවයි හෑගුමන්
    වේදනාවේ ගෑහෙන හදවත පෙන්වන්න හෑකිනම්..

    නොරිදෙනා ආදරේ ආයුශ නෝරෑදේවි හෑමකල්
    කුමටදෝ ජීවිතය මට මේ රිදුම නෑතිනම්..
     
    • Like
    Reactions: don03

    hrukmal

    Member
    May 5, 2011
    55
    0
    0
    Colombo
    "ස්වර" ප්‍රසංගය - SWARA PRASANGAYA

    296447_508178002542834_958375439_n.jpg


    "සප්ත ස්වර සාගරය පාරු පාලමෙන් තරණය කර, වැටෙන මල් වරුසාවට මුතු කුඩ ඉහලමින්, තනිතරුවට ගයන මියුරු ගී ඔබේ ලොවේ පුරුදු පාළුවට තනිවී අසන්නට, එන්න සැප්තැම්බර් 26, මහරගම යොවුන් රංග භූමියට හරියටම 6.30 කණිසමට"..... !!

    අදම ඔබේ ටිකට් පත වෙන්කරගන්න...!!

    ප්‍රවේශපත්‍ර: සරසවි-( මහරගම, නුගේගොඩ), සලකා (යූනියන් පෙදෙස), සදීප පොත්හල (බොරැල්ල) , කීල්ස් සුපර් (කොහුවල, පිළියන්දල, කොට්ටාව) සහ එදින දොරටුවෙන්.
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මේක පළවෙනි උත්සාහය මචං........ඊළග පාර මම ඉමේජ් එක ලොකුවට දාන්නම්.......

    එහෙම තමා බං...(මේව හොද දේවල් කියල උම හිතනව නම්) හොද දේවල් ගන්න ටිකක් අමාරුයි තමා:P..............අනිත මේව කොටන්න අපි කන කට්ට උඹ දන්නව ඇති නේ.උඹත් මේකට ටිකක් දිග ලිපි දානවනේ..........
    aka tamay macan mata terenawa
    ubala mewa hoyala lyanna hana mahansi wenawa
    hoda wadak machane
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මචංල මම ගීත විචාරකයෙක් නම් නෙමෙයි මේ සිංදුව ගැන මුලින්ම තිබුන අදහස දැකලයි මේක ලියන්නේ. මේක මම අහපු ලස්සනම විරහ ගීයක්

    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං


    ඔබ මට සරදම් කලද එය සිනහවෙන් ඉවසමි, ඔබෙන් ලද සියල්ල මහා මේඝයක් වී නමුත් ඔබ මාහැර ගිය දින නොහඩා ඉන්නෙමි. ආදරය මා හදුනා ගත්තේ ඔබෙනි....

    බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
    පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
    නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

    දහසක් මල් කිළිටි කොට තලා පෙලා දමන ලොවක ඔබ මා කිලිටි නොකලා පමණක් නොව මා රැකබලා ආරක්ෂා කලේ ඔබය ඔබ බොසත් කෙනෙකි. ඔබ මට ආදරය නොකලද මාහැර ගියද මම තවමත් ඔබට ආදරය කරමි.

    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
    ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
    මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී


    මා හැර ගිය ඔබ සතුටින් සිටී නම් මම ද සතුටු වෙමි. මගේ සිත මට හඩ ගා කියන්නේ අනේ මට ඔබ ලග ඉන්න තිබුණානම කියායි. සම්මත අසම්මත ලෙස මේ ලෝකයේ බැදීම් ඇත්තේ ඇයි දැයි මට නොතේර්. එනිසා මේ ලොව අප හමුවුනේ ඇයි?

    මේ මම මෙ සිංදුව රස විදින විදිය වෙන කෙනෙකුට මේක වෙනස් වෙන්න පුළුවන්
    මම සුන්දර ගීයක ඇරඹුම 1 බැළුවා මරු මේකත් මේ දැං දැක්කේ. මේකත් හොදට කරමු මචං

    මේ සිංදුව නිරොෂට දීල තියෙන්නේ එකෙන් නිරෝෂ දවසක් රූපවාහිනියේ කිවුවා ඒක අහපු මුල් වතාවේදිම ඇඩුන කියලා
     

    kasun wije

    Member
    Apr 22, 2008
    10
    0
    0
    මචං මට මේ ගීතය අහන දකින හැම වෙලාවකම කිසිම අදාලත්වයක් නැති උනත් පුදුම දුකක් හිතට දැනෙනව.. මම දැනට අහල තියන සංවේදීම ගීතය කිව්වත් වැරුද්දක් නෑ වගේ..
     

    kasun wije

    Member
    Apr 22, 2008
    10
    0
    0
    මචංල මම ගීත විචාරකයෙක් නම් නෙමෙයි මේ සිංදුව ගැන මුලින්ම තිබුන අදහස දැකලයි මේක ලියන්නේ. මේක මම අහපු ලස්සනම විරහ ගීයක්

    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං


    ඔබ මට සරදම් කලද එය සිනහවෙන් ඉවසමි, ඔබෙන් ලද සියල්ල මහා මේඝයක් වී නමුත් ඔබ මාහැර ගිය දින නොහඩා ඉන්නෙමි. ආදරය මා හදුනා ගත්තේ ඔබෙනි....

    බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
    පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
    නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

    දහසක් මල් කිළිටි කොට තලා පෙලා දමන ලොවක ඔබ මා කිලිටි නොකලා පමණක් නොව මා රැකබලා ආරක්ෂා කලේ ඔබය ඔබ බොසත් කෙනෙකි. ඔබ මට ආදරය නොකලද මාහැර ගියද මම තවමත් ඔබට ආදරය කරමි.

    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
    ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
    මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී


    මා හැර ගිය ඔබ සතුටින් සිටී නම් මම ද සතුටු වෙමි. මගේ සිත මට හඩ ගා කියන්නේ අනේ මට ඔබ ලග ඉන්න තිබුණානම කියායි. සම්මත අසම්මත ලෙස මේ ලෝකයේ බැදීම් ඇත්තේ ඇයි දැයි මට නොතේර්. එනිසා මේ ලොව අප හමුවුනේ ඇයි?

    මේ මම මෙ සිංදුව රස විදින විදිය වෙන කෙනෙකුට මේක වෙනස් වෙන්න පුළුවන්
    මම සුන්දර ගීයක ඇරඹුම 1 බැළුවා මරු මේකත් මේ දැං දැක්කේ. මේකත් හොදට කරමු මචං

    මේ සිංදුව නිරොෂට දීල තියෙන්නේ එකෙන් නිරෝෂ දවසක් රූපවාහිනියේ කිවුවා ඒක අහපු මුල් වතාවේදිම ඇඩුන කියලා

    මචං මට මේ ගීතය අහන දකින හැම වෙලාවකම කිසිම අදාලත්වයක් නැති උනත් පුදුම දුකක් හිතට දැනෙනව.. මම දැනට අහල තියන සංවේදීම ගීතය කිව්වත් වැරුද්දක් නෑ වගේ..
     
    Last edited:

    Nohim Ys

    Well-known member
  • තාත්තා උනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...
    .

    මම නම් තාම බෑදලා නෑ.. ඒත් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මේ ගීතය අපි කාගෙත් හදවත් වල ඈතිකරන හෑගීම විස්තර කරන්න අමුතුවෙන් වචන ඕන නෑ..

    බදින්න කලින් ජීවිතය බලන්න.. පෙම්වතිය තමන්ගේ පෙම්වතාට තියන ආදරය අසීමිතයි.. මගෙ පණ.. මගේ රත්තරන් කියලා ඔලුව අතගාන විදිය...කොච්චර සුන්දර කාලයක්ද මේ ගෙවන්නේ...මේහෙම ටික කලයක් යද්දි දෙන්නම පුxචි කෑදෑල්ලක් හදාගන්නවා// ටික දවසකින් මේ කෑදෑල්ලට පුxචි අමුත්තෙක් එනවා..දෑන් තමන්ගේ ආදරිය තමන්ගේ බිරිද වෙලා.. එයා මහන්සි වෙල ලමයින්ව ලොකුමහත් කරනවා.. සමිය ගෑන හිතෙ ආදරය පුරගන වෙලවකට..ඒත් ඒ අදරය එළියට පෙන්නන්න වෙලාවක් නෑ දෑන් ඉස්සර වගේ.. ළමයින්ගේ වගකීම්..
    මේව ද්කින සෑමියාගේ හිතෙ බිරිද කෙරෙහි ආදරය දෑන් ගරුත්වය මිශ්‍ර වෙලා හරිම ලස්සනයි.. ඒ ආඅදරය ඈහෑට කදුලක් ගේන්න පුළුවන් විදියේ එකක්...


    මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
    රෑ දාවල් දෙකේ වෙහෙසන විටදි නොමින්
    ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්....


    "ඔයාගේ තනපුඩු වල එල්ලිලා කිරි බොන පුතගේ කටින් හමන්නේ කිරි සුවද විතරක් නේමෙ.. ඔයගේ ඒ ගුණ සුවදත් මිස්‍ර වෙලා..ඔයා ඉස්සර වගේ මගේ ඔළුව අතගාද්දි මට ඔයාව මගෙ බිරිද කියලා මොහොතකට අමතක වෙනවා.. ඔයා මගෙත් අම්මා වගේ..ඈත්තමයි.. වෙනදාට වඩා ආදරයක් මගේ හිතේ ඈති වෙනවා..ඒ ආදරය ඔයාව දෑක්ක මුල්ම දවසේ ඈති වුණ ආදරයට වඩා ගොඩක් වෙනස් එකක්.. ඒ ආදරය ගරුත්වයෙන් පිරිලා.."

    බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
    අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබද
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
    නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිඹින සද..


    තුජමේ රබ දික්තා හේ යාරා මේ ක්යා කරූ

    පට්ට මචං :)
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    තුජමේ රබ දික්තා හේ යාරා මේ ක්යා කරූ

    පට්ට මචං :)

    thanx kollo... me dawas wala 1st yr end exam... exam iwara wela daanna songs 3k withara thiyanwa...kamak na neda kimbula aiye danmata parakku wela?
     

    Nohim Ys

    Well-known member
  • කාලෙකට පස්සේ ආපහු නිතරම වහින්න පටන් අරගෙන. අමුතු මන්දාරමකුයි සීතලකුයි මාව මේ මුලු ලොකෙන්ම වෙන් කරගෙන තනි කරගෙන ඉන්නව වගේ. ගස් වැල් වලට නම් අමුතු පණක් ඇවිල්ල හිනාවෙනවා වගේ දැනෙනවා. අනේ මන්දා ඒ හිනාවෙනුත් මට ඔච්චම් කරනවා වෙගේ දැනෙනවා. මොකද ඉස්සර ඔයත් එක්ක අත් අල්ලගෙන ඔහේ ඇවිදිනකොට, ඒවා මාත් එක්ක හිනාවුනේ මේ විදිහට නෙවෙයි... ඒත්.... ආපහු ඒ දේවල් විදින්න, ඒ සතුට ලබන්න ඔයා මගේ ලග අදත් හිටිය නම්..... මේ වැටෙන පොද වැස්ස ඔයාටත් විදින්න පුලුවන් නම්.... ඔයාටත් ඒ කතාව මතක් කරාවි... සමහරවිට ඒ වැහිපොද අතර සුලගට පාවෙලා ආපු මගේ කදුළු බින්දුත් තියේවි.... සොදුරු අතීතය, ඔයාට ආපහු මතක් වේවිද........

    මන්දාරම් අදුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට...........
    ඔබ සිටියානම්......... ඔබ සිටියානම්........


    ඔයාට මතකද........ ඉස්සර ඔයා මට විහිලු කරනවා "කොලු කමට කුඩයක් ගේන්නෙ නෑ හැබැයි වහින වෙලාවට තමයි බලාගන්න ඔන කොලු කම" කියල. ඇත්ත....... මම කුඩයක් ගේන්නේ නැති උනාට වහින වෙලාවට ඔයාගෙ පොඩි කුඩේ යටින් යන්තම් ඔලුව විතරක් නොතෙමි අපි තුරුල්වෙලා ගියහැටි ඔයාට මතකද......... අන්තිමේදි දෙන්නම් හොදටම තෙමිලා... ඒත් ඒ සීතල පොඩ්ඩක් වත් නොදැනෙන තරමට අපිට අපේ උනුසුම තිබුනා..... අපි ඒ තරමටම ලං වෙලා හිටියා.. ඔයාට මතකද......
    ඔයාට මම දැන් කියන්නම්, වහින බව දැන දැනම තමයි මම කවදාවත් කුඩයක් ගේන්නෙ නැත්තේ.......

    තනියම වත් යන්නට මදි
    කුඩේ යටින් ඔබේ ලගින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්.........
    යන්නට තිබුනා....... යන්නට තිබුනා......


    ඔයා මට තුරුල්වෙලා කුඩේ යටින් යනකොට මම ඔයාගේ කම්මුල් ඉබිද්දි මගේ කන මිරිකලා "පාරෙ මිනිස්සු දකියි, මෝඩ කොල්ලා" කියල හිනාවෙවී පොඩි ළමයෙක් වගේ ඉස්සරහට දුවගෙන යන හැටි........ ඊට පස්සෙ ආපහු කුඩේ අරගෙන මගේ ලගට ඔයාම ඇවිල්ල තෙමුනද කියල අහල ඔයාගේම පුංචි ලේන්සුවෙන් මගේ ඔලුව පිහිදාපු හැටි......... ඒවා ගොඩක් සුන්දර මතක විතරයි.. මොකද ඔයා අද මගේ ලග නෑ....... යන්නම ගිහිල්ල, ආයෙ මගේ ලගට නො එන්නම......

    මග යන එන අයට හොරෙන්
    ඔබෙ දෑසට එබී බලා..
    කොපුලේ වැසි බිදුවක රස.........
    බලන්න තිබුනා........... බලන්න තිබුනා.....


    පිස්සු කොරයි:yes:
    Rep++ :)
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේ පැත්ත පලාතෙ එන්න බැරි වුණා රේඩියෝ කරුමාන්තෙ නිසා................:dull:
    මේ මාසෙත් ගෙවිල ගිය දෙන්................ඔන්න ඔහොම..................
    koo wichaara :dull: