මචන් උඹ ඔය විදියට ආදරේගැන කතා කරද්දි මතක් උනා ගීතයක්...
ඇත්තටම මේ පදවල කොච්චරනම් දුකක් ආදරයක් තියෙනවද..
අනේ හැමෝම මේ වගේ ආදරේ දිහා බලනවනම් කියල වෙලාවකට හිතෙනවා...
දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි...
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි...
බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ වුන්
ලබැදි සිත් මල් පරව යනවිට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා...
බැදුනු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පන නල සමඟ රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ නියත නික්මන සියළු බැමි සිදිනා...